Posts

Showing posts with the label සරත් එන්. සිල්වා

මහජන දේපල පරිස්සම් කර ගනියෝ‍! ජයසුන්දර එනෝ!

Image
(සැප්තැම්බර් 25, 2009 - W3Lanka) වරාය අධිකාරියට හිමි ඉඩමක් ජෝන් කීල්ස් සමාගමට පැවරීමේදී රජයට පාඩු සිදු කිරීමේ චෝදනාවට වරදකරු වී ලක්ෂ පහක වන්දියක් ගෙවූ මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර ළඟදීම යළි එම තනතුරට පත් වනු ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.  හිටපු අග විනිසුරු සරත් එන්. සිල්වාගේ ඇණවුම පරිදි ඉදිරියේදී කිසිදු රජයේ තනතුරක් භාර නොගන්නා බවට ජයසුන්දර විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද දිවුරුම් පෙත්සම ඉල්ලා අස් කර ගැනීමට ඉඩ දීමට ඊයේ ඔහුගේ ඉල්ලීමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණයේ සත් පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් බහුතර කැමැත්ත මත එකඟත්වය පළ කරන ලදී. අග්‍ර විනිශ්චයකාර අසෝක ද සිල්වා විසින් සභාපතිත්වය හොබවන ලද මෙම විනිසුරු මඬුල්ලේ ආචාර්ය ශිරානි තිලකවර්ධන විනිසුරුවරිය පමණක් මෙම තීන්දුවට එකඟ නොවූවාය.  යළිත් මුදල් අමාත්‍යංශ ලේකම් ධුරය භාර ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ තමන්ගෙන් ඉල්ලා ඇති බව ජයසුන්දර ශ්‍රේෂ්ථාධිකරණයට ඉදිරිපත් කරන ලද මෝසමේ සඳහන් කරයි.  ජයසුන්දර ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සමීප හිතවතකු වන අතර ඔහු වරදකරු වූ මානව හිමිකම් නඩුව ගොනු...

හිටපු අගවිනිසුරුට එරෙහිව අල්ලස් විමර්ශන කොමිසමට පැමිණිල්ලක්

Image
(2009 සැප්තැම්බර් 20 - W3Lanka) යුක්තිය හා සාධාරණත්වය සඳහා ව්‍යාපාරය ඇතුළු සංවිධාන ගණනාවක සාමාජිකයන් වන පුරවැසියන් පිරිසක් විසින් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. බලපත්‍ර ප්‍රශ්නයක් මත තහනම් කර තිබූ CBN SAT නම් චන්ද්‍රිකා රූපවාහිනී විකාශන ආයතනය සම්බන්ධ නඩුවක් 2006දී විභාග කළ හිටපු අගවිනිසුරුවරයා තමන් අධ්‍යක්ෂ ධුරයක් හෙබවූ බෞද්ධයා රූපවාහිනී නාලිකාව වෙනුවෙන් CBN SAT සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි වූ මුහුන්දන් කානගීගෙන් රු. මිලියන 65ක ප්‍රදානයක් ලබාගැනීමපිළිබඳ මෙම පැමිණිල්ලෙහි විශේෂයෙන් සඳහන් කර ඇති බව වාර්තා වේ. CBN SAT තහනම් කළ අවධියේ රජයේ ජනමාධ්‍ය පැවසුවේ මෙම සමාගම එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ බවයි. පසුව මෙම සමාගමේ උපකරණ ඩයලොග් සමාගමට විකිණීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර දෙනු ලැබූ අතර බෞද්ධයා නාලිකාව ආරම්භ වූයේ ඩයලොග් චන්ද්‍රිකා රූපවාහිනී සේවාව හරහා විකාශනය කිරීමටයි. මේ අතර, අලුත්ම වාර්තා පවසන්නේ ඩයලොග් සමාගම ද චන්ත්‍රිකා රූපවාහිනී සේවාවන් විකාශනය සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂමෙන් අදාළ අවසර ලබාගෙන නැ...

පශ්චාත් සරත් නන්ද සිල්වා යුගය: පී. බී. ජයසුන්දර රජයේ තනතුරු භාර නොගන්නා බවට කළ ප්‍රකාශය ඉල්ලා අස් කරගන්න යයි

Image
(2009 ජුලි 10) හිටපු අග විනිසුරු සරත් එන්. සිල්වා විශ්‍රාම ගොස් මසක් ගත වනවාත් සමගම බොහෝ පුද්ගලයෝ ඔහු විසින් දෙන ලද නඩු තීන්දු සංශෝධනය කරගැනීම සඳහා ක්‍රියාමාර්ගවලට එළඹෙමින් සිටිති.  අලුත්ම සිද්ධියේදී රජයේ කිසිදු තනතුරක් භාර නොගන්නා බවට පොරොන්දු වෙමින් තමන් ඉදිරිපත් කළ දිවුරුම් ප‍්‍රකාශය බලරහිත කරන ලෙස ඉල්ලා මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර ඉදිරිපත් කළ මෝසම ජූලි මස 14 වැනි අඟහරුවාදා අගවිනිසුරු අශෝක ද සිල්වා ප‍්‍රමුඛ ති‍්‍රපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කැර ඇත.  මැරයින් සර්විසස් නඩු තීන්දුවෙන් අනතුරුව දුන් අධිකරණ නියෝගයක් මත රජයේ තනතුරු භාරනොගන්නා බවට පී. බී. ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දු වෙමින් දිවුරුම් ප‍්‍රකාශයක් ඉදිරිපත් කළේය.  මුදල් අමාත්‍යංශයේ සහ භාණ්ඩාගාරයේ ලේකම් ධූර භාරගන්නා ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීම පිළිගැනීමට බාධාවක් වන බැවින් එම දිවුරුම් ප‍්‍රකාශය ඉවත් කරන ලෙස ඉල්ලා ජයසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම මෝසම ඉදිරිපත් කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය 2008 ජුලි 21දා තීන්දු කළේ ලංකා මැරයින් සර්විසස් සමාගම...