රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අභියෝගයක් | A challenge to Government Medical Officers' Association of Sri Lanka

(2010 ඔක්තෝබර් 13, W3Lankaරජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අපි අභියෝගයක් කරන්නට කැමැත්තෙමු. එය ඉතා සරළ එකකි. අහඹු ලෙස තෝරා ගත් සාමාන්‍ය වෛද්‍යවරයකුගේ හෝ විශේෂඥ වෛද්‍යවරයකුගේ හෝ වැටුප් පතක් හෙවත් pay slip එකක් ප්‍රසිද්ධ කරන්න. එවිට අපට ඔවුන් සත්‍ය වශයෙන් ම මසකට මහජන මුදලින් කීයක් වැටුප් හා දීමනා ලෙස ලබා ගන්නවා ද යන්න හරියට දැන ගත හැකි වනු ඇත. 

මන්ද, ලබන අයවැයෙන් රජයේ වෛද්‍යවරයකුගේ මාසික වැටුප රුපියල් ලක්‌ෂ දෙකක්‌ කිරීමට පියවර ගන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජාතික වැටුප් කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ. මෙය වෛද්‍යවරයකුගේ අවම ආරම්භක වැටුප විය යුතු යයි සිතමු. මෙම වැටුප් වැඩි කිරීම පිළිබඳ අපගේ කිසිදු විරෝධයක් නැත. විරෝධය ඇත්තේ වැටුප් විෂමතා වැඩි කරන්නැයි කරන ඉල්ලීමට ය. 

මෙරට රාජ්‍ය සේවයේ සනීපාරක්‌ෂක කම්කරුවකුගේ මාසික වැටුප රුපියල් 11,700 ක්‌ වන විට සාමාන්‍ය වෛද්‍යවරයෙකුගේ වැටුප රුපියල් 26,000 ක්‌ හා විශේෂඥ වෛද්‍යවරයකුගේ වැටුප රුපියල් 42,000 ක්‌ වන බව පෙන්වා දෙන වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම තත්ත්වය මත සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළම විධායක නිලධාරිවරයා වන සෞඛ්‍ය ලේකම්වරයාගේ මාසික වැටුප පවා රුපියල් 47,515 ඉක්‌මවීමට නොහැකි වී ඇතැයිද වෛද්‍ය නිලධාන්ගේ සංගමය පවසයි.


මේ කතා කරන්නේ මූලික වැටුප ගැන පමණි. සේවයට පැමිණීම හා පිටවීම තමන්ගේ ම පොතක පමණක් වාර්තා කරන වෛද්‍යවරු මසකට වැඩ කරන බව කියන අතිකාල පැය ගණන හා ඔවුන් උපයන වෙනත් දීමනා ආදිය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට වෛද්‍යවරයකුගේ වැටුප් පතක් ප්‍රසිද්ධ කිරීමෙන් හැකියාව ලැබේ. 


බොහෝ වෛද්‍යවරුන් රජයේ රෝහල්වල වැඩ කරන බව කියන අතිකාල පැය ගණන අනුව ඔවුන්ට පෞද්ගලික ප්‍රතිකාරවල යෙදීම සඳහා කිසිදු කාලයක් සොයා ගත නො හැකි ය. වෛද්‍යවරුන් රෝහල්වල ‍කෙතරම් කාලයක් සේවයේ යෙදෙන්නේ ද යන්න වාට්ටුවක නැවතී ප්‍රතිකාර ලබා තිබෙන ඕනෑ ම රෝගියෙක් දනී. 



රජයේ සේවයේ ඉහළ ම හා පහළ ම වැටුප අතර අනුපාතය 1 : 4 ක්‌ වශයෙන් පැවැතීම නිසා රජයේ සේවය තුළ වෛද්‍යවරුන් රඳවා ගැනීම අපහසු වී ඇතැයි අවධාරණය කරන වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෞද්ගලික අංශයේ ඉහළ හා පහළ වැටුප් අතර අනුපාතය 1 : 1000 කට වඩා වැඩි වන බව ද, අවම වැටුප රුපියල් 7000 ක්‌ වන විට ඉහළම වැටුප මසකට රුපියල් ලක්‌ෂ 50 ත් ලක්‌ෂ 100 ත් අතර බව පෙන්වා දෙයි. 

සමාජ විෂමතා වැඩි කිරීම සඳහා තර්ක ඉදිරිපත් කරන කිසිදු සමාජ බලවේගයක් ප්‍රගතිශීලී වන්නේ නැත. අධ්‍යාපන සුදුසුකම්වලට හා වෘත්තිකභාවයට විශේෂ සැලකිල්ලක් අවශ්‍ය බව අපි පිළි ගනිමු. වෛද්‍යවරුන්ට රු. ලක්ෂ දෙකක් දක්වා වැටුප් වැඩි කිරීම පිළිබඳව කිසිවකු විරුද්ධ විය යුතු නැත. එහෙත්, එසේ කරන්නේ නම් සනීපාරක්ෂක කම්කරුවාගේ පටන් රජයේ සේවයේ සිටින සියලු දෙනාගේ වැටුප් ද ඒ හා සාපේක්ෂව වැඩි කළ යුතු ය. 

රජයේ වෛද්‍යවරුන්ට ඇත්තේ සල්ලි ප්‍රශ්නයක් නො වේ. ඔවුන්ට අවශ්‍ය තමන්ට පඩි වැඩි කර ගැනීමට වඩා රජයේ සේවයේ සෙසු වෘත්තීන්ගේ වැටුප තම වැටුපට වඩා පහළ මට්ටමක තබා ගන්නට බව ඔවුන් අගය කරන එකට දාහක් වැනි වැටුප් විෂමතාවෙන් පෙනේ. 

සමාජයක පැවැත්මට අවශ්‍ය වන්නේ වෛද්‍යවරුන් පමණක් නො වේ. සනීපාරක්ෂක කම්කරුවා වැසිකිළිය පිරිසිදු කිරීමෙන් කරන්නේ ද අත්‍යවශ්‍ය සේවාවකි. උසස් පෙළට ජීව විද්‍යාව හදාරා වෛද්‍ය විද්‍යාලයට යන්නට ලකුණු කීපයක් අඩු වී ජීව විද්‍යා සාමාන්‍ය උපාධියක් හදාරා ගුරු වෘත්තියට ඇතුළත් වන ගුරුවරයා ද, විශ්ව විද්‍යාලයට ඇතුළත් වන්නට අවශ්‍ය ලකුණු මට්ටමට ලකුණු කීපයක් අඩු අය අතරින් බඳවා ගන්නා හෙද නිලධාරියා ද කරන්නේ අත්‍යවශ්‍ය සේවා ය. 

වෘත්තිකයා යන හැඳින්වීම නිරවුල් අන්දමින් කරන ලද අර්ථකථනයක් මත පදනම් වන්නක් නො වේ.  



මසකට රු. ලක්ෂ දෙකක් දක්වා වැටුප් වැඩිවීමක්‌ රජයේ වෛද්‍යවරුන් සඳහා සිදු නො කරන්නේ නම් දුෂ්කර ප්‍රදේශවල සේවය කරන වෛද්‍යවරුන් රජයේ සේවයෙන් ඉවත් වී කොළඹ අලුතින් බිහි වන පෞද්ගලික රෝහල් වෙත ඇදී යැම හා විදේශගත වීම නො වැළැක්‌විය හැකි වනු ඇතැයි වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වැඩිදුරටත් පවසයි.


මේ පට්ටපල් බොරුවක් බව පෞද්ගලික රෝහල් ගැන දන්නා අය හා විදේශගත ලාංකිකයෝ දනිති. ලංකාවේ සාමාන්‍ය වෛද්‍යවරුන්ට බටහිර රටවල වෛද්‍ය රැකියා සොයා ගන්නට අපහසු ය. එසේ ම ලැබෙන රැකියාවලින් ලංකාවේදී පෞද්ගලික සේවාවන්හි යෙදීමෙන් උපයන තරම් මුදල් උපයන්නට ද බැරි ය. 


අනෙක් පැත්තෙන්, වෛද්‍යවරුන්ට රජයේ සේවයෙන් ලබා ගත හැකි පෞද්ගලික වෛද්‍ය සේවාවන්හි යෙදීමේ නිදහස පෞද්ගලික රෝහලක සේවයේ යෙදීමෙන් ලබා ගත නො හැකි ය. ලංකාවේ පෞද්ගලික රෝහල් යනු වෛද්‍යවරුන්ට ස්ථිර සේවය සඳහා ආකර්ශනීය ස්ථාන නො වේ. ඇත්ත වශයෙන් ම, ලංකාවේ පෞද්ගලික රෝහල්වලට ස්ථිර වෛද්‍යවරුන් අවශ්‍ය ද නැත. ඒවා පවත්වාගෙන යන්නේ රජයෙන් වැටුප් ලබන වෛද්‍යවරුන්ගේ ශ්‍රමයෙනි. ඒවායේ වැඩ කරන වෛද්‍යවරුන් පාට් ටයිම් කරන්නේ පෞද්ගලික රෝහලේ ද නැතිනම් රජයේ රෝහලේ ද යන්න පැහැදිලි නැත. ඒවායේ සිටින ස්ථිර වෛද්‍යවරු බොහෝ විට එක්කෝ විශ්‍රාමිකයෝ ය. නැතිනම්, රජයේ වෛද්‍ය පත්වීම් බලාපොරොත්තුවෙන් සිටින්නෝ ය. 


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙසේ අල්ලේ පැළ වෙන පච කෙළීමෙන් ප්‍රදර්ශනය කරන එක් මානසික තත්වයක් තිබේ. එය සියලු වෛද්‍යවරුන්ට පොදු නො වන හීනමානයකි. පසුගිය කාලයේ වෛද්‍ය සංගමය ඉදිරිපත් කළ තර්කයක් වන්නේ අද පත්වීම් ගත් වෛද්‍යවරයා පවා විශ්‍රාම යන්නට ඔන්න, මෙන්න සිටින වසර තිහකට වඩා සේවයේ යෙදුණු පවුල් සෞඛ්‍ය සේවිකාවට වඩා ඉහළ වැටුප් තලයක පිහිටුවිය යුතු බවයි. 


යටත් විජිත ඉංග්‍රීසියෙන් මේට්‍රන් ලෙස තවමත් ව්‍යවහාරයේ ඇති, රෝහලක ප්‍රධාන හෙද නිලධාරිනියගේ තනතුරු නාමය හෙද අධිකාරි කියා වෙනස් කරන්නැයි හෙද වෘත්තීය සමිති කරන ඉල්ලීමට ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බය ය. 


විදේශ රටවලින් වෛද්‍ය උපාධි ලබාගෙන එන අයට ද, පෞද්ගලික විශ්ව විද්‍යාලවලට ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බය ය. 


සනීපාරක්ෂක කම්කරුවා රුපියල් 11,700 ක්‌ පඩි ගන්නවාටත් බය ය. 


බියට හේතුව අනාරක්ෂිතකමයි. ලංකාවේ වෛද්‍යවරුන් අනාරක්ෂිත මානසික තත්වයක ඉන්නේ ඇයි ද යන්න මතු ලිපියකින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු. මෙහි ඇත්තේ සමාජ, දේශපාලනික ප්‍රශ්නයකි. 


(ප.ලි: මෙම ලිපිය ලියන ලේඛකයා කිසිදු කලෙක වෛද්‍යවරයකු වීමේ අභිලාෂයකින් සිටි අයෙකු නො වේ. ඔහු උසස් පෙළ හැදෑරුවේ ගණිත විෂයන් ය. එසේ ම, ඔහු වනාහි ගමේ පාසලකින් ඉගෙන ගත්ත ද ලෝකයේ තිබෙන හොඳ ම රස්සාව දොස්තරකම ය කියා නො සිතූ අයකු බව ද සඳහන් කරන්නේ මෙවැනි ලිපි ලියූ විට වේදනාවෙන් හඬා වැටෙමින් අපට බැන වදින දොස්තරලාගේ දැන ගැනීම පිණිස ය. ලංකාවේ අනෙකුත් රැකියා කරන සියලු දෙනා දොස්තරලා වන්නට බැරි වූ නිසා ඒ දේ කරන අය යයි සමහර දොස්තරවරු සිතති. ) 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. "....එය සියලු වෛද්‍යවරුන්ට පොදු නො වන හීනමානයකි..."
    මෙය කීමෙන් අදහස් කරන්නේ මෙම හීනමානය වනාහි ඇතැම් වෛද්‍යවරුනට පමනක් ඇති බහුතර වෛද්‍යවරුනට නැති හීනමානයක් බවද? එනම් සමහරක් වෛද්‍යවරුන්ගේ පෞද්ගලික හීනමානයක් පමනක් බවද? එය "පොදු බහුතර සිංහල ජනතාව ජාතිවාදීන් නොවේ" යන ජනප්‍රිය යෙදුම වැනිය!
    ඒ හැරුනු කොට ඔබගේ ලිපියේ සියලුම කරුනු ගැන එකඟ විය හැක. ලංකාවේ වෛද්‍යවරුන් අනාරක්ෂිත මානසික තත්වයක ඉන්නේ ඇයි ද යන්න සාකච්ඡා කෙරෙන ඔබගේ මීලඟ ලිපිය කියවීමට පුල පුලා බලා සිටිමු.
    - බුද

    ReplyDelete
  2. ඔන්න ඉතින් දොස්තර මහත්තුරු කේන්ති ගස්සනවා...

    ReplyDelete
  3. W3lanka, is a person with antisocial mentality. So his writing should not be taken seriously.
    This is the truth about foreign graduates,
    http://www.vidusara.com/2010/10/06/feature4.html

    DO you know how many local general doctors work in Australia, UK and USA?

    GMOA is a trade union, they talk about their members, other trade unions also talk about their members, why do you bothered so much about GMOA??

    Mind you, you might not be a well educated person, but people who have done engineering, accounts and other fields of study earning well beyond 200000.- per month. Are you jealous of them as well? or didnt you know that there are people who earn more than 200k in SL?

    you better research about facts and figures and write an unbiased article, than wasting your time writing crap..

    ReplyDelete
  4. සහතික ඇත්ත කතාව......

    ReplyDelete
  5. All this is due to the extremes of corruption in SL. If there is no corruption we all would have got better salaries.
    Its not nice to blame one group, we all should try and get our salaries up..
    Why dont you talk about MPs and ministers who are entitled to a salary of something like, 50k without any qualification, yet earn millions per month by hook or crook, isnt that grossly unfair by any means??

    ReplyDelete
  6. Go to http://www.payscale.com/ compare salaries of all professions, doctors rank top positions in anywhere in the world.

    But there are some managers, CEOs and very high skilled persons who earn more than doctors.

    This is the world situation.

    w3lanka you better read and understand before writing on blogs.

    However it is true that all professions need a salary hike. Otherwise how can we survive with sky high living cost.

    Its the time for the government to seriously look into this, if doctors get 200k, do you think others will keep quiet?

    They will also fight for high salaries.
    Eventually everyone will get better remunerations.

    SO dont discourage the doctors, let them get it, we also should follow though our trade unions.

    Everyone should get together, both government and private sector, shout for your salaries.

    If millions of our money wasted for various fiestas could saved, we all can get good salaries.

    Please think wise, dont act impulsively

    ReplyDelete
  7. @Anonymous

    I am an engineer. Do you really think our basic salary is well above Rs. 200k???
    You must be living in a dream land.
    I assume you are a doctor. Do you account the income you earn from doing private practice?
    Be reasonable.

    ReplyDelete
  8. I am from Toronto, I totally agree with you and for Sri Lankan qualified doctors it is very difficult to enter into the medical profession as a doctor here in Canada and I personally know that few people who is qualified in Sri Lanka as doctors with Sri Lankan MBBS, work here as dishwashers and security guards.

    ReplyDelete
  9. >>DO you know how many local general doctors work in Australia, UK and USA?

    කවුදෝ වෙදෙක් අදෝ මුඛයෙන් අඳෝනාවක් කරන බැව් පෙනේ. අනේ රාළහාමි, ඔව් මම හොඳටම දන්නවා අපේ කට්ටිය කොහොමද වැඩ කරන්නේ කියලා. ඔබේ දැනගැනීම සඳහා මම මෙහි සඳහන් කරන්නම් , සමහරුන් ලබා ගන්නේ එම රටවල කම්කරුවන් ලබා ගන්නවාට වඩා මඳක් වැඩි මුදල් ප්‍රමාණයක්.

    මේකට මූලිකවම හේතු කිහිපයක් තිබෙනවා.

    1. බොහෝ බටහිර රටවල් සැක සිතනවා ලංකාව අඩු පහසුකම් සහිත රටක් නිසා ඔවුන් ලබස තිබෙන වෛද්‍ය උපාධිය සම්බන්දව.

    (වෛද්‍ය උපාදියට පමණක් නොව මොරටුව/පේරාදෙනිය ඉංජිනේරු පීඨයන්හී සිවිල් ඉංජිනේරු උපාධි ලාභීන්ටද මෙය බලපානවා. උදාහරණයක් ලෙස ඔවුන් බ්‍රිතාන්‍යයේ සේවය කරන්නේ නම් එහි charted engineering සහතිකය ලබාගැනීම අවශ්‍යය වෙනවා)


    2. ඔවුන්ගේ රටේ අදාල වෛද්‍ය උපාධිය ලබා නොගෙන තිබේ නම්, ලංකාවේ/දකුණු ආසියානු වෛද්‍යවරුන්ට ලබාදෙන්නේ එම රටවල වෛද්‍යවරුන්ට ගෙවන මුදලින් 3/5 ත් 3/4 ත් අතර වැනි ප්‍රමාණයක්. අදාල වෛද්‍යවරයා ලබා තිබෙන අත්දැකීම් ප්‍රමාණය අඩු නම්, මෙය මීට වඩා වෙනස් වන බව පවසන්න.

    හැකි නම්, එම රටක එකම මට්ටමේ වෛද්‍යවරයකු ලබාගන්නා වැටුපත් , එම මට්ටමේම ලංකාවේ වෛද්‍යවරයකු ලබාගන්නා වැටුපත් පුළුවන්නම් සංසන්දනය කර ඔබේ නොදැනුවත්කම වටහා ගන්න.

    3. ඉනදියානු, චීන සහ පිලිපීන වෛද්‍යවරුන්දේ ශ්‍රමය ඉතා අඩු මුදලකට ලබාගත හැකි වන හෙයින් first preference goes to them. Hope you're well aware of this.

    දැනට මේ ඇතියි කියා සිතමි. ඔබ තුමන් තවත් උම්බෑ ගසන්නේ නම්, තවත් විස්තර ලබාදීමට නොපැකිලෙන්නෙමි.

    අදාල දත්ත ලබාගනු ලැබූවේ : ඇමරිකාවේ නිව්යෝක් හී රෝහල් අධිකාරී වරයෙකු ලෙස වසර 12 ක් සහ බ්‍රිතාන්‍යයේ වසර 10ක් එම තනතුරේම සේවය කර දැනට ඕස්ට්‍රේලියාවේ විශ්‍රාමික සුවයෙන් සිටින බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍ය වරයෙකුගෙනි.

    ReplyDelete
  10. ඔබගේ ලිපියේ සියලුම කරුනු ගැන එකඟ විය හැක. ලංකාවේ වෛද්‍යවරුන් අනාරක්ෂිත මානසික තත්වයක ඉන්නේ ඇයි ද යන්න සාකච්ඡා කෙරෙන ඔබගේ මීලඟ ලිපිය කියවීමට පුල පුලා බලා සිටිමු.

    ReplyDelete
  11. සාමාන්‍යයෙන් අළුතෙන් පත්වෙන දොස්තර කෙනෙක්ට තියෙන ඒවා.
    1. basic - 26,160.00
    2. station all - 10,000.00
    3. pen.all - 1,700.00
    4. non pen.all - 2,125.00
    5. COL - 5,250.00
    6. overtime - 25,200.00
    7. off pay - 4,179.00

    8. total - 74,614.00

    මේවායින් 6 හා 7 වෙනස් වෙනවා‍...

    ReplyDelete
  12. this is no challenge, come to karapitiya and ask for a basic doctors pay slip, they will give it to you. there is nothing to hide. you maybe al so dont know that doctors doesnt have working hours as per oter proffessions as you mentioned.
    because people can get sick anytime of the day. there are days that we spent from 6pm to 2am in the theatre so we could save apersons life.just because we worked that much there is no additional payment. and of course even if you pathetic morons dont appreciate that, it doesnt matter to me, coz that patient lived to see the next morning. to me thats my payment.
    you assholes might go thru the same oneday

    ReplyDelete
  13. රජයේ සේවයේ අවම වැටුප ඊට සාපේක්ෂව රුපියල් එක් ලක්ෂ පනස්දාහක් කරන්න කියල ලාල්කාන්ත සහෝදරයවත් ඉල්ලන්නෙ නැති එකයි දුක.

    ReplyDelete
  14. 'spent from 6pm to 2am in the theatre so we could save apersons life'

    What's the point of being a doctor at all, if you claim to have more salary JUST for your duty. As I know, a normal duty hours for a doctor is just 6 hrs and that duration is specified other than specifying 8 hrs duty, because a doctors mind must be kept free of overhead. But almost every doctor claim OT for an other 4 hrs a day which is the maximum limit approved for a day and even their OT rates are specified OUT of the standard system which divides the basic from 240. A normal doctor claims OT which is more than his basic. Also, there are rosters for doctors and a Doctor who works night shift is free from his next day. So working late night is just crap.

    ReplyDelete
  15. @Anonymous

    The salary or OT should be according to the work done. Even when we spend over six hours in theaters or 12 hours in casualty units in excess of the 8am -4pm working hours, only 4 hours OT can be claimed. No all doctors have rosters and shifts.

    Doctors working shifts cannot claim OT (fact, please check). The doctors who work in general units, DO NOT get the next day or next 6 hours off to rest, they have to be on duty the next day.

    I and many other doctors have worked as much as 36 hours at a stretch during the dengue epidemics, the lepto epidemic and during the time there was an influx of war casualties. If we are lucky, we can snatch an hour or two of sleep in between.

    Personally I do not agree with the arbitary demand for a pay hike until 200,000/-. This is unrealistic. But what we should all fight for is a fair increment for ALL pay grades. Someone has to start somewhere!

    ReplyDelete
  16. මම හිතන්නෙ මෙය ඉතාම සාර්ථක ලිපියක්. මක් නිසාද, වෙන ලිපිවලට සාමාන්‍යයෙන් ලැබෙන කුනුහරුප comments නැතිව ඉතා හරවත් comments ලැබුනු නිසා සහ එමගින් ඉතා අගනා අදහස් සහ නොදන්නා කරුනු රැසක් එලිදරවු වුනු නිසයි. බ්ලොග් එකකින් (ලියන්නාට/ලියන්නියට සහ කියවන්නාට/කියවන්නියට) බලාපොරොත්තු විය හැකි ඉහලම දෙය එය නොවේද?
    - බුද

    ReplyDelete
  17. He has clearly mentioned that he is not against the salary increment. What is being discussed here is the proposal to increase the difference between the lowest and highest layers

    ReplyDelete
  18. වැටුප් අතර අනුපාතය වැඩිකරන්න කියන්නෙ වැඩවසම් මානසිකත්වයකින්.
    තමන් සුඛෝපභොගී කාර් එකක යනකොට ඊට පහල ශ්‍රේනියක කෙනෙක් 11 ශ්‍රි කාරෙකක යනවවත් දකින්න අකමැති ඇති.

    ReplyDelete
  19. sri-lanka will never be developed....see the article and comment posted....all with jelosy to the other proffesion ...and not appriciating nobel work done by medical officer ...you see anybody like to have a good salary ,no matter if you are a doctor ,teacher or accountant...if skills are there any teacher would do extra tution classes and will earn 2000/=per hour ...and accountant will earn extra income by doing privet audit ..ect. like wise doctors are doing privet practise and earn some extra money to maintain their status ,vehicle etc ect .....be reasnable ..dont be jeolous and mislead others

    ReplyDelete
  20. ok all dokas & pakas earn & spend....life is good:)))))

    ReplyDelete
  21. total jela .....bari kama tama

    ReplyDelete
  22. clarify few facts
    only ward doctors are doing ot ..only allowed 4 hours of ot maxmium per day ...but thery are doing 16 hours of oncall duty per that specific day eventhough they pay only 4 hours =grade 2 medical officer will get 280/=x 4 =1120/=for that 16 hours of work ...and still they have to do the next day work as usual 8am to 4 pm .......not all doctors are doing oncalls everyday (if they do, they cant have a family life)so not every doctor will get maximum of 120 hour ot per manth (horu ehema danawa ethi anduwe inna anith horu wagema )
    Not all units are entitlled for ot claim ect..shift duty units like opd pcu etu icu clinics ect..
    there are very few doctors can do ward oncalls and claim ot ...thery cant do privet practice and earn extra money ...eg. if a vog side doctor is oncall (not vog )he has to do the cessarian section operation if needed or assist normal labour he cant do privet practice and ask nurses to do cessarian section ....all other wards are like that ...if heart patient comes medical ward doctor (not vp)has to be with patient in the night and manage patient even at 3 am in the morning and save life ..that doctor has to do continous wark in the following day until 4 pm ...(he is only paid 4 hours ot 1120/= for that )this this the reallty ...
    usually ward doctor is earning around 60,000/= and shift doctor is earning around 50,000/= with all allowances this is the truth

    ReplyDelete
  23. we know in psychology there's a theory like this.if somebody is repeatedly saying that he didn't want something,,,,,that he really wanted it somewhere in his life......shame on u dear writer of d article.. and u dont know any bloody shit about a doctor's life who works in sri lanka.specially in rural areas.i'm so sorry about that u might be a third class professional.. unless u must have known that fresh passout it or electronic engineer will earn than 60k..with 2,3 year experience it's usully around 200k..so pls come out from the bingo hole where u are and see the real world.and i'd like u to remind the human brain's memory skil is the most difficult to reach.math and logics are inferior and vast majority can achieve than memory scientifically..thats why doctors should pay more than engineers or like morones as u.thats wht happening al over the world..u want facts? shame on u bugger.

    ReplyDelete
  24. This is pure jealousy, a person riding a bicycle is jealous of some one riding a motor bike, a person riding the motorbike is jealous of person who drives a car. A three wheeler or bus driver is jealous of all.
    This is the nature of Sri Lankans, a typical example is w3lanka author..
    Thats why SL remaining as a third world country.

    ReplyDelete
  25. I am a teacher, I earn 30000 per month.
    But I have a tuition income of over 100000.
    I would be happy if government increase my salary by another 50ooo.
    Even other professionals do some sort of private practise. Eg Accountants, some engineers, architects.

    People who cant do it just bark. who cares.

    ReplyDelete
  26. Can you name any other government service other than which is ACTUALLY functioning 24 hours. ?

    Do you know how hard to get service from any government office even during working hours.

    But hospitals are STILL functioning and open to anyone from anywhere in the island, all 24 hours.

    You will appreciate that If your mother gets a heart attack at 2am, while on a trip to some rural place where no pvt hospitals, but have to depend on the government hospital to save her life.

    THINK TWICE.

    ReplyDelete
  27. This is not a request to increase a discrimination, one union does a request on behalf of its members.
    If other unions too need a salary hike, they too can make a request?
    What if laborers request a salary of 100000 per month? Are you still calling it bad or unfair or what?

    ReplyDelete
  28. I am a doctor with 5 years experience in Government service.

    My Basic salary is Rs. 26,800. With allowances, it is Rs. 42,000.

    Only 4 hours overtime is allowed per day. But when I am on call I have to work from 8.00 - 12.00, 14.00 - 16.00 as the normal duty and 16.00 - 0.00 and 0.00 to 8.00 as well and then continue till 16.00 hrs next day. Simply when I work for 1 hour I get 1/2 hours OT. That is 280 /2 = 140 Rs. Per day, I get only 280 * 4 = Rs 1120. That is after working for 16 hours!

    put it another way. I get Rs. 900 per day as Salary (26800 / 30), and 1120 as OT. I get Rs 2020 per day working 16 hours. That is only Rs. 126 per working hour! Now you'd get to see how pathetic is that pay!

    Unlike other profession doctors work for 5 1/2 days, and in public holidays too. Add nights to that. And doctors do work the outstretches of the country. Only military and police work under more distant places. The smallest hospitals like central dispensaries has no nurses, MLTs or physiotherapists. All of them have in the luxury of bigger hospitas.

    ReplyDelete
  29. The pundits who have released there verbal diarrhea should be posted to the outskirts of the country to just work as a hospital clerk and should be given work on 28 days per week as doctors. Then we could come back to this discussion about what should be doctors pay.

    Then there is another pundit who has said that SL doctors have no jobs in western countries. In fact 50 from my senior batch have left the country and nearly 35 of them are consultants in those countries! These pundits should educate themselves before writing bullshit. Any doctor has to pass the selection exam of the said country, and then the door is open for anyone.

    This writer clearly has an inferiority complex about doctors. Or otherwise he's a born cretin as he had been showing in many posts before this. Whatever happens doctors will try to get the salary hike and also to maintain the salary scale as well.

    ReplyDelete
  30. My elder brother is a doctor, who got sick of SL system and low salary scales.
    He migrated to Aussie, now earning AUD 200 000 per year.
    I am an Engineer, I am also planing to leave this bloody country of morons.

    Anyway, increasing number of SL doctors, engineers migrating, most of our doctors, engineers easily get through the selection exams to work in Australia, UK , USA and canada.
    I wish every doctor should migrate, then these buggers can shut up their mouths and pay for private hospitals to get treated by under qualified foreign (paid) medical graduates.

    ReplyDelete
  31. @Subhash, Umba kanu hodana sakkiliyek da? Umbe rassawa thama lokuma, mokada ganda iwasanna be ne

    ReplyDelete
  32. machan.... da wrong thing is da way doctors made the request compared to da salary of laborers who do excellent job with no doubt. But i dont thing for that doctors deserve such a mean, biased, unacceptable n hateful critizism. Just visit any medical faculty and see by yourself the hell life medicoz are suffering there. If u can live as a medical student or doctor just for a day, your mouth will never say any damn thing about them. U know what,, still there are few people specially matured people who know that and kind to doctors. But once they all gone and some people with ridiculous minds like you are the patients, noone will remain in this country to serve u.. so that u can happily get treated from your so called maxxxa doctors from private faculties, who even can't pass the same exam 99% of local graduates pass n happily reach your ancestors very soon. good luck

    ReplyDelete
  33. doctors are always noble why u guys mess with this mental retarded jealous people...

    ReplyDelete
  34. This is for the Pathetic guy who wrote this article....
    I'm a medical student.Do you think that we chose this profession to earn money... No way....We passed the A/L exam with good marks thanks to the free education system and our poor parents we got the chance to study medicine.You know how much sacrifice we did up to now... Do you know how many hours we are standing in wards per day? Do you know that We have clinical work even in mid nights.. Do you know that we have hardly any time for fun and leisure? And do you know that we have almost 6 year course to follow with hell of a lot of pressure...Do you know any other undergraduate course of this much of heavy work load... But do you know that people who didn't pass A/L's are now earning 100000 per month and some earn more than that.... So is it fair? There is no doubt that Doctors should have a good salary.... we'll keep that a side but at least appreciate their great service because one day in your life you all will go to a doctor asking for life of you or one of your relatives.... Because the day that you decide to become a doctor you are sacrificing your personal life...
    No chit chats with parents, friends relatives no time to be with your family.... these are the things that every professional will have though they get a good salary or not.But we don't have that also...You think that any salary can compensate that????? So please think twice when you are writing a article...

    ReplyDelete
  35. @Anonymous
    Could u pls tell me how many docs working in US UK and Aus as DOCTORS?
    I know few of SL docs working as pharmacists. Only hand full of SL doctors are well established in those countries. The only reason is that getting through the qualifying exams are very hard. One of my friend who is a doctor confirmed that only 20 of his batch mates left the country till now. Furthermore, out of 300+ my Engineering batch mates only 50 are in SL now.

    ReplyDelete
  36. @Medical Student
    Hey dude. All the professions are equal. No matter what you do it is valuable to the society as long as U serve to the society. If you are skilled no matter what, you can earn as much as u want. There are doctors who earns millions. I really appreciate them becoz they are really skilled in their profession. However docs are not a superior guys. They are just one of another professional category as engineer or accountant. Last but not least, if you are a smart guy you will conquer the world :)

    ReplyDelete
  37. me moda blogata duwanna wadinawa, ha ha

    ReplyDelete
  38. Every professional is important to the society dude... I agree with that every body do a service But frankly Doctors do a huge sacrifice.They sacrifice there whole life... Tell me another profession where you are asked to come to your working place (Hospital for us) in the mid night not occasionally but vary frequently...
    And I am not saying we are superior but tell me any other under graduate course where you must come to your faculty (For us the wards) at mid nights.That is also not occasionally but frequently... And dude i agree that some doctors earn millions but do they have a life?...and they earn that by their private practices but not with the salary.
    and dear friend I just want to say this to the bugger who wrote this article and for people who don't have the gratitude for the doctors who saves thousands of lives a day.... not to you dude Coz i can see that you are a reasonable guy.
    @ the Engineer: You are talking about competence of Sri Lankan Doctors.You know most of the European and American doctors can't Diagnose with out highfy CT scans and MRI scans But here our doctors do it with there clinical knowledge not because that they don't know to interpret them but be cause they are so expensive that this poor country and most of our patients can't afford them.You think that we are unable to work abroad...Our Doctors can compete any one in the world...That is not the reason dude. Be cause most of the Doctors produced by this country work here with out thinking of there poor salaries. that's why our health system is as good as a developed country.so Don't comment on the things that you don't know much......

    ReplyDelete
  39. @Anonymous
    the writer of this post is simply a loser.
    the smile in a common man, whose we save a limb at 1am, pays off the day. that great feeling, that gratitude of the commoner, is the single most fact drives this writer to envy doctors, because he cant have it.

    definitely he might have failed to enter medical school.
    im sorry, i cant describe you how honey taste like. but i feel so sorry for you.
    its so much power, a doctor have over a patient, that feeling alone is extacy.
    may be you should try to get a pmc degree and try out ERPM.
    we will be happy to share with from our grub.

    ReplyDelete
  40. @Subhash
    Subhash said...
    October 15, 2010 1:06 PM

    හරියට හරි...දොස්තරලා හිතනවද දන්නෑ ලෝකේ ලොකුම රස්සාව ඒක කියලා..!

    naaa. palalama eka.
    lokuma eka umbe eka

    ReplyDelete
  41. @Anonymous
    Govt pay scale: executive:laborer=4:1(???? docs minimum basic 26,160, laborers 11,700)

    i doctor= 4 laborers
    conclusion: replace a doctor with four laborers.and let them operate the writers brains.

    ReplyDelete
  42. @Anonymous
    "@Anonymous
    Could u pls tell me how many docs working in US UK and Aus as DOCTORS?
    I know few of SL docs working as pharmacists. Only hand full of SL doctors are well established in those countries. The only reason is that getting through the qualifying exams are very hard. One of my friend who is a doctor confirmed that only 20 of his batch mates left the country till now. Furthermore, out of 300+ my Engineering batch mates only 50 are in SL now."
    so it says....
    who are the people got free education and leave, and who work for the country which raised them.

    ReplyDelete
  43. All profession in the field...Dont mind if they get high salary.But all the categories try to get increment for there salary..Most of the doctors doing PP..They earn lot of money..Do you know their action for other field in health.. under their control all Nurses, midwife, MLT, rediographers,,,,etc doing thier job... GMOA always headache for other profession...
    excellent article...thanks lot

    ReplyDelete
  44. @Anonymous who said
    "i doctor= 4 laborers
    conclusion: replace a doctor with four laborers.and let them operate the writers brains.",

    This is plain stupid. Too idiotic to come out of a doc's mouth.
    Can 4 doctors do a laborer's job? Can 100 doctors do a single soldier's job?
    NO

    If they can't do then that means they are inferior to a laborer.

    A doc might have some memory capacity. and some learning skills. But he can not do a laborers job because he is not physically developed to clean sewers.

    In developed countries like Denmark or Norway such salary gaps do not exist between any profession. Learn about the world before barking like uneducated chaps.

    In Sri Lankan context most students follow Bio-Science because they want to get on to a good job with higher earning capacity. How many would really wanted to treat the ill is a real puzzle!

    ReplyDelete
  45. To All participants who are making comments on this news thread...

    Im a Bank Officer, who got 1st hand experience from well behaved doctors/nurses and hospital staff at Lady Ridgeway Hospital, When my 3year old kid underwent kidney surgery...

    PLEASE THINK ABOUT THIS...

    01. We all born with equal abilities.
    02. Some of us excel at ALs and enter Medical faculty
    03. After seven years of EXTENSIVE and HARD training, only some of them(with near 3% failure rate) pass out as Doctors.
    04. The government highlights the money spend on free education for training Medical Students(about 750 Doctors annually), simply forgetting the Billions spent on 220 Ministers, 5000+ their henchmen.
    05. The general public need to know the sacrifice that a medical student do, in order to become a doctor.
    06. The output at the end of seven years, is just a long working houred job with 28550/= salary.
    07. Had anyone cared about the sufferings of a family members of a doctor?
    - on calls, night rounds, theater activities, surgeries, decision making...etc missing almost all household activities...
    08. The government,knowing these facts, trying to get public attention on this issue, to hide their weaknesses from the public.

    THINK WISELY.... PLS DONT BLAME DOCTORS IN GENERAL.. THEY WILL BE THE ONLY HELP FOR YOU, WHEN YOUR LOVED ONES(FATHER/MOTHER/WIFE/KIDS) ARE ILL. PROVIDED WELL FACILITIES, THEY WILL SERVE BEST FOR YOU..That is why there are NO complaints against the doctors who migrate and serve abroad, with all the possible heathcare facilities..
    In a nutshel, if the government wants best service from Doctors, atleast please provide basic infra structures at the hospital...(Im not asking a salary hike for doctors, but atleast pls improve the infrastructure at hospitals..drugs/minor staff/equipments/lab reagents/ beds etc etc)
    Regards
    Mr. K. Jayantha.
    Colombo.

    ReplyDelete
  46. 1. All Sri Lankan citizens have opportunity to have free education and a small percentage is selected to medicine according to the merit in AL.Out of that only a limited number will do post graduate which again , about 4-6 years of duration to be spent on that. Therefore significant amount of life is spent on studying to become a professional.
    2. Other than medicine there many other fields in which the free education is given. E.g. Engineering,accontantcy and management ,information technology, nursing, architecture,legal,etc. There are lot of persons who leave the country after qualifying and some run there own companies, firms,mass tuition classes etc while working in the government sector. But the public always criticize the private practice of doctors.
    3. There is a massive number of people who has wasted the free education and wasted a huge amount of money and ,become drug addicts, smugglers, murderers ,gangsters and politician who continued to waste ‘ janathawage mudal’. Compared to above the amount spent to creat a doctor is negligible.
    4. Doctors always involve in decision making and this can be affected by many external factorlike stress of work , lack of sleep etc. Therefore ,in many countries the number of working hours is reduced upto 36 hours per week to minimize the errors which can occur due to over work or stress. But in Sri Lanka, some units have 24hour oncall doctors.
    5. Most Sri Lankan are not humble enough to pay gratitue to the overall satisfactory service given by the health sector.

    ReplyDelete
  47. රජයේ වෛද්‍යවරයාOctober 30, 2010 at 10:49 PM

    මෙම ප්‍රතිචාරය ලියන්නේ w3lanka ගේ එකිනෙක හා සබැඳුනු, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විවේචනය කරන මුවාවෙන් රජයේ සේවයේ නියුතු වෛද්‍යවරුන්ට මඩගැසීම අරමුණු කරගත් බ්ලොග් දෙකම කියැවීමෙන් පසුවය. (http://w3lanka.blogspot.com/2010/10/challenge-to-government-medical.html සහ http://w3lanka.blogspot.com/2010/10/2.html)
    ඔහු වලිගය පාගාගත් ප්‍රමාණය ඔහුට නොදැනීම එතරම් පුදුමයකට කරුණක් නොවන්නේ ඔහුගේ බ්ලොග් එක ගැන විස්තර අතනින් මෙතනින් අසා තිබූ බැවිනි. නමුත් පුදුමයට කරුණ මෙහි අදහස් පළ කර ඇති වෙනත් බොහෝ දෙනෙකුටත් එම කාරණාව ගැන නොවැටහීමය. (සමහරවිට නොදැක්කා සේ ඉන්නවා වීමටද බැරි නැත!). මේ ගැන මාගේ අදහස් කිහිපයක් එකතු කරන්නේ එය මේ බ්ලොග් එකේ පළකෙරේයැයි වැඩි විශ්වාසයකින් නම් නොවේ.

    පළමු පෝස්ටයෙන් කියැවෙන පරිදි w3lanka ගේ අරමුණ, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ "සමාජ විෂමතා වැඩි කිරීමේ අරමුණින් ඉදිරිපත් කර ඇති" වැටුප් වැඩි කිරීම සම්බන්ධ ඉල්ලීමකට විරෝධය දැක්වීමයි.නමුත් එම ලිපිය පුරාවටම වාගේ ඇත්තේ රජයේ වෛද්‍යවරුන්ට ඔවුන්ගේ මූලික වැටුප, අතිකාල දීමනා, පෞද්ගලික සේවය, විදේශ රැකියා ආදී කරුණු කිහිපයක් එහෙන් මෙහෙන් සම්බන්ධ කරමින් අපහාසාත්මක ප්‍රකාශයන් කිහිපයකි. පසුව ඔහුගේ දෙවැනි පෝස්ටයෙන් පළමු එකේ අඩංගු මඩ ප්‍රහාර වලට එරෙහිව ලියූ කොමෙන්ටු අවඥාවට ලක් කරයි.
    වෙනත් විදියකට කිවහොත්, පළමුව "මේ කතා කරන්නේ මූලික වැටුප ගැන පමණි. සේවයට පැමිණීම හා පිටවීම තමන්ගේ ම පොතක පමණක් වාර්තා කරන වෛද්‍යවරු මසකට වැඩ කරන බව කියන අතිකාල පැය ගණන හා ඔවුන් උපයන වෙනත් දීමනා ආදිය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට වෛද්‍යවරයකුගේ වැටුප් පතක් ප්‍රසිද්ධ කිරීමෙන් හැකියාව ලැබේ.
    බොහෝ වෛද්‍යවරුන් රජයේ රෝහල්වල වැඩ කරන බව කියන අතිකාල පැය ගණන අනුව ඔවුන්ට පෞද්ගලික ප්‍රතිකාරවල යෙදීම සඳහා කිසිදු කාලයක් සොයා ගත නො හැකි ය. වෛද්‍යවරුන් රෝහල්වල ‍කෙතරම් කාලයක් සේවයේ යෙදෙන්නේ ද යන්න වාට්ටුවක නැවතී ප්‍රතිකාර ලබා තිබෙන ඕනෑ ම රෝගියෙක් දනී." ලෙස දෙපිට කැපෙන ලෙස වෛද්‍යවරුන්ට බැණ අඞගසා, පසුව "ඔවුන් ඇතැමෙක් තමන් රෝහල්වල වැඩ කරන ආකාරය පෙන්වා දෙමින් සමස්ත තත්වය එසේ බව කියන්නට වෙර දරති. තම කාර්යභාරය උපරිමයෙන් කරන වෛද්‍යවරු සිටින බව ඇත්තකි. එහෙත්, සියලු දෙනා මෙහි සටහන් තබා ඇති වෛද්‍යවරුන් කියන අන්දමින් වැඩ කරති නම්, සවස හතරේ සිට ප්‍රතිකාර සේවය අරඹන, රජයේ සේවයේ නියුතු බව ප්‍රසිද්ධියේ සටහන් කරන වෛද්‍යවරුන්ට හිමි වෛද්‍ය කඩ මෙතරම් කන්දරාවක් හන්දියක්, හන්දියක් ගානේ බිහි විය නො හැක." ලෙසින් නැවත ටොක්කක් අනියි.
    කොටින්ම කිවහොත්, w3lanka මුලින් "(සියලුම)වෛද්‍යවරු රස්සාවට හොර කරන නිසා ඔවුන්ට වැටුප් වැඩි නොකලයුතුය" වැන්නක් කියා, එසේ නොවන බව පෙන්වා දෙන පාඨකයන්ට "ඔය කීප දෙනෙක් හරියට වැඩ කළාට, වැඩි හරියක් හොරු" බැවින් වැටුප් වැඩි නොකළ යුතු බව කියයි.(වැඩි කිරීමට විරුද්ධ නැති බව කියමින්ම...!) අර මුලින් කියූ "විරෝධය ඇත්තේ වැටුප් විෂමතා වැඩි කරන්නැයි කරන ඉල්ලීමට ය." යන කියුම සාධාරණීකරනය කරන්නට වැදගත් යමක් කියන්නේම නැත !

    w3lanka, ඔබට ලැබී ඇති බොහෝ කොමෙන්ටු වලින් කර ඇත්තේ ඔබ වගකීමකින් තොරව විසිකල මඩතලි වලට පිලිතුරු බැඳීම නොවේද?

    සිංහලෙන් යතුරුලියනය කිරීම නුපුරුදු බැවින්,ඉඩ කඩ ඇති පරිදි තවත් කරුණු කිහිපයක් ගැන පසුව මාගේ අදහස් පළකිරීමට සිතමි.(මේක කපන්නේ නැතුව දැම්මොත්...)

    ReplyDelete
  48. ANTISOCIAL AJITH PARAKUM GUU KANNA AHAGATHTHA MEKEN NAM !

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා