දොස්තරලා වෙන්නට බැරි වූ මිනිස්සු ගුටි ඇන ගන්නා රාගම රෝහල
රාගම රෝහලේ සේවකයන් කාට හරි පහර දෙන්නට දොරවල් කඩමින් රැස් කන දර්ශනයක් හා හෙදියක යයි අනුමාන කළ හැකි අයෙක් තමන්ට පහර දෙමින් ඇති බව කියන වීඩියෝවක් ඊයේ සමාජ ජාල ඔස්සේ සංසරණය වෙමින් තිබිණි. එම වීඩියෝවේ ම තුවාල ලැබූ හෙදියක් ට්‍රොලියක තබා තල්ලු කරන දර්ශනයක් ද දක්නට ලැබිණි. රාගම රෝහලේ වින්නඹුවරියන්ට හෙදියන් පහර දී ඇති බවට ද චෝදනාවක් එල්ල වේ. ඔවුන් ද රෝහල්ගතව ඇති බව වාර්තා වේ. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හා එහි සාමාජිකයකු වන රෝහල් අධ්‍යක්ෂවරයාට ගැටුම ඇවිළවීම හා පක්ෂපාතීව කටයුතු කිරීම සම්බන්ධ චෝදනා එල්ල වී තිබේ. එකම ආයතනයක වැඩ කරන ශ්‍රමිකයන් පිල් බෙදී මෙසේ ගුටි ඇන ගන්නා තත්වයක් ඇති වීම ඇත්තෙන් ම ආණ්ඩුවට ඉතා හොඳ තත්වයකි. සෞඛ්‍ය ඇමතිවරයා නිහඬව තොපි කෙළ ගනිල්ලා යි බලා සිටින්නේ ඒ නිසා ය. පවතින තත්වය තුළ සියලු දෙනා එකතු වී වැඩි වැටුප් වෙනුවෙන් අරගල කරනවා වෙනුවට අත්සන් කරන පොත, අනෙකාට වැටුප් වැඩි කරන එකට විරෝධය හා වෘත්තීය පුහුණුවීම් වැනි කාරණා සම්බන්ධයෙන් මරා ගන්නා තත්වයක් නිර්මානය වීම ආණ්ඩුවට කෙතරම් ආශිර්වාදයක් ද? මෙවැනි ම තත්වයක් දේශපාලන ක්ෂේත්‍රය තුළ ද ඇ...