දිනමිණ කර්තෘට වඩා බුද්ධිමත් පොලිසියට මල් කළඹක්; ලෝක ළමා දිනයට 14 හැවිරිදි ළමයකුට දරුවෙක්

(2010 එක්තෝබර් 01, W3Lankaඅපයෝජනයට ලක් වී දරුවකු ප්‍රසූත කළ දැරියක ගැන ආණ්ඩුවට අයත් දිනමිණ පුවත්පත කළ මෝඩ පහේ වාර්තා කිරිමක් පිළිබඳ අපි ඊයේ ලියුවෙමු. එම ලිපිය පහත සබඳතා පුරුක ඔස්සේ කියවිය හැකි ය.


14 හැවිරිදි දැරියක දරුවකු ප්‍රසූත කිරීම නිසා ළමාරක්ෂක අධිකාරියේ සභාපතිට මල් කළඹක්


දිනමිණේ තුන්වන පිටුවේ මහජන අවධානය යොමු වන පරිදි පළ කර තිබුණු වාර්තාවක මෙසේ සඳහන් වේ.


"පියකු නොමැතිව දරුවකු බිහිකරන්නට කඳුළු හෙළන මේ දැරිය පිළිබඳව කරුණාබරිත වූ දැරියගේ මස්සිනාගේ මිතුරකු ඇයට පිහිට වන බවට ප්‍රතිඥා දුන්නේ එයින් පසුවය.


"එහෙත් පෙරේදා (28) උපන් මේ බිළිඳාට රැකවරණය සපයන්නට ඔහුට නීතිය හරස් වී ඇත්තේය. දැරිය අඩුවයසේ පසුවන බැවින් ඔහුට ඇය හා විවාහවීමට නොහැකිය. එහෙත් ඇයටත් බිළිඳු පුතුටත් තෑගි රැගෙන ඊයේ (29) ඔහු කාසල් රෝහලට පැමිණ සිටිනු දක්නා ලදී.


"ඇයට සෙනෙහෙබර සැමියකු වීමට තමන් කැමති බවත්, මේ දක්වා ඇයව ආදරයෙන් රැකබලා ගත් බවත් ඔහු ළමා අරක්‍ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ නිලධාරිනියනට පැවැසුවේය."


මෙන්න මේ වාර්තාව තිබෙන දිනමිණ වෙබ් පිටුවට සබැඳියාව. මේවා බලන්නට පමණක් නොව බුක් මාක් කර ගන්නට වටින මාධ්‍ය භාවිතාවන් ය.


වාසනාවට ලංකාවේ පොලිසිය දිනමිණ කර්තෘට වඩා බුද්ධිමත් බව පෙනේ.ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ පොලිස්‌ විමර්ශන ඒකකය විසින් මේ මනමාලයා අත්අඩංගුවට ගෙන තිබේ.


එහුගේ වයස අවුරුදු 28කි. අලුත උපන් දරුවාගේ පියා මොහු නො වේ. මොහු මෙම දැරිය ගැබ් ගැනීමෙන් පසු ඇය විවාහ කර ගන්නා පොරොන්දුව පිට ඇය අපයෝජනය කළ බවට සැක කෙරෙයි. දිනිණ වීරයකු කරන්නේ එවැන්නෙකි.


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. "ඇය විවාහ කර ගන්නා පොරොන්දුව පිට ඇය අපයෝජනය කළ බවට සැක කෙරෙයි"

    දැන් සැකය ඔප්පු කර ගන්න බැරිව මූ නිදහ්ස් වුනොත් පැරකුම්ට වෙන්නේ මුළු බ්ලොග් අවකාශය ඉදිරියේ පුකේ ඇඟිල්ල ගහ ගන්න

    ReplyDelete
  2. දිණමිනේ ඉන්නේ බත් බුදින හරක් වුනාට ඒ අය හිතන්වාද දන්නේ නෑ ලංකාවේ ඔක්කෝම එයාල වගේ කියල . .

    අනික පොලිසිය ඒ මනමාලයාව අතඩංගුවට ගත්තා කියන නිවුස් එක ලියපු මේ ලේඛකයාට ඒ බව ඔප්පු නොවුනොත් පශ්චතභාගයේ ඇඟිලි ගහගන්න වෙන්නේ ඇයි කියලා ඇනෝ කිව්වේ කියලා පැහැදිලි නෑ වගේ

    ReplyDelete
  3. dinamina gana gana katha kireema pawa nishpalai.a paththare akalata naki unu paththarayak

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා