Posts

Showing posts with the label ළමාරක්ෂක අධිකාරිය

දිනමිණ කර්තෘට වඩා බුද්ධිමත් පොලිසියට මල් කළඹක්; ලෝක ළමා දිනයට 14 හැවිරිදි ළමයකුට දරුවෙක්

Image
( 2010 එක්තෝබර් 01,  W3Lanka )  අපයෝජනයට ලක් වී දරුවකු ප්‍රසූත කළ දැරියක ගැන ආණ්ඩුවට අයත් දිනමිණ පුවත්පත කළ මෝඩ පහේ වාර්තා කිරිමක් පිළිබඳ අපි ඊයේ ලියුවෙමු. එම ලිපිය පහත සබඳතා පුරුක ඔස්සේ කියවිය හැකි ය. 14 හැවිරිදි දැරියක දරුවකු ප්‍රසූත කිරීම නිසා ළමාරක්ෂක අධිකාරියේ සභාපතිට මල් කළඹක් දිනමිණේ තුන්වන පිටුවේ මහජන අවධානය යොමු වන පරිදි පළ කර තිබුණු වාර්තාවක මෙසේ සඳහන් වේ. "පියකු නොමැතිව දරුවකු බිහිකරන්නට කඳුළු හෙළන මේ දැරිය පිළිබඳව කරුණාබරිත වූ දැරියගේ මස්සිනාගේ මිතුරකු ඇයට පිහිට වන බවට ප්‍රතිඥා දුන්නේ එයින් පසුවය. "එහෙත් පෙරේදා (28) උපන් මේ බිළිඳාට රැකවරණය සපයන්නට ඔහුට නීතිය හරස් වී ඇත්තේය. දැරිය අඩුවයසේ පසුවන බැවින් ඔහුට ඇය හා විවාහවීමට නොහැකිය. එහෙත් ඇයටත් බිළිඳු පුතුටත් තෑගි රැගෙන ඊයේ (29) ඔහු කාසල් රෝහලට පැමිණ සිටිනු දක්නා ලදී. "ඇයට සෙනෙහෙබර සැමියකු වීමට තමන් කැමති බවත්, මේ දක්වා ඇයව ආදරයෙන් රැකබලා ගත් බවත් ඔහු ළමා අරක්‍ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ නිලධාරිනියනට පැවැසුවේය." මෙන්න මේ වාර්තාව තිබෙන දිනමිණ වෙබ් පිටුවට සබැඳියාව. මේවා බලන්නට පම...

14 හැවිරිදි දැරියක දරුවකු ප්‍රසූත කිරීම නිසා ළමාරක්ෂක අධිකාරියේ සභාපතිට මල් කළඹක්

Image
සිද්ධිය පිළිබඳව ළමා ආරක්ෂක අධිකාරියට තොරතුරු ලබාදුන් කොළඹ කාසල් රෝහලේ වෛද්‍ය ශ්‍රියානි ලියනගේ මහත්මිය ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ අනෝමා දිසානායක මහත්මිය මල් කළඹක් දී පිළිගත් අයුරු. නියෝජ්‍ය ඇමැති එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා සහ කාසල් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රානි ප්‍රනාන්දු මහත්මියද මෙහි වෙති. (ඡායාරූපය හා විස්තරය දිනමිණ පුවත්පතෙනි.)    ( 2010 සැප්තැම්බර් 30,  W3Lanka )   ජාතික ළමා රක්ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ අනෝමා දිසානායක හිත හොඳ අම්මන්ඩි කෙනෙකු බව දිනමිණ පවසයි. හිත හොඳ අම්මන්ඩි නමින් සුගතපාල ද සිල්වා පරිවර්තනය කර  නිෂ්පාදනය කළේ බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට්ගේ Good Woman of Setzuan බව අසා තිබේ. බ්‍රෙෂ්ට්ගේ එම නාට්‍යයේ ප්‍රධාන චරිතය පිරිමින්ගේ චාටු බස්වලට දිගින් දිගට ම රැවටෙන හිත හොඳ ගැහැනියකි. අනෝමා නෝනා පිරිමි ගැන හරි හැටි දන්නේ නැත. පිරිමි ළාමක, සුදු, පුංචි, ලස්සන, අහිංසක කෙල්ලන්ට නම් වරදට සමාව දෙන්නට වුණත් කැමති ය. කන්‍යාභාවය සිඳ ගැනීම හෝ කුමරිච්ඡදය උපතින් නො පිහිටීම යන වරද වෙනුවෙන් දෙන සමාවට හිලව් ලෙස මෙම ගැහැනිය ඉන් පසු බොහෝ විට සිය සැමියාගේ...