ෆොන්සේකාගේ බල්ලා හා සිංහල ජාතිවාදියෝ
Fonseka's dog - photo from indi.ca ෆොන්සේකා ගෙදර ගිය විට ඔහුගේ බල්ලා උඩ පැන නටා මහත් සතුටින් ඔහු පිළි ගත් බව පුවත්පත්වල වාර්තා විය. ෆොන්සේකා දෙමළ ජනයා 'මුදා ගැනීමේ' යුද්ධය කළ සමයේ ඔහු මහා වීරයකු ලෙස සැලකූ සිංහල ජාතිවාදී, ආගම්වාදී පිරිස ළඟ මේ බල්ලා ළඟ ඇති ගුණවත්කම හෝ තිබේද යන්න විමසා බැලිය යුතු කාරණයකි. ෆෆාන්සේකා සිරගෙදර සිටිමින් ඒකාධිපති පවුල් පාලනයකට එරෙහිව තනිව ම සටන් කරද්දී මේ ජාතිවාදී, ආගම්වාදී නායකයන් ඔහු අසාධාරණ අන්දමින් සිරගත කළ පාලකයන්ට විරුද්ධව වචනයකුදු නො දොඩා ඔවුන්ගේ දෙපතුල් ලෙව කමින්, දූෂණයට ආවඩමින් උන් හ. සිංහල ජාතිවාදී, ආගම්වාදී සංවිධාන කිසිවක් ෆොන්සේකා නිදහස් කරන්නැයි ඉල්ලා සිටියේ නැත. එපමණක් නොව, මහා පරිමාණයෙන් දූෂණයේ යෙදෙන, සංස්කෘතික උරුමය වනසන දේශපාලක සොරුන්ට එරෙහිව කට ඇරියේ ද නැත. ෆොන්සේකා වීරයකු වන්නේ ඔහු ඒකාධිපති පවුල් පාලනයට එරෙහිව අභීතව කළ සටන නිසා ය. සිංහල ජාතිවාදයට හා බුදු දහමට මුවා වෙමින් පවත්වාගෙන යන ජාතිවාදී දේශපාලනය සිංහලකමට, බුදු දහමට නිගාවක් වන අතර, එය අද වන විට සිංහලයා හමුවේ සිටින ප්‍රධාන සතුරා ය. සිංහලයා පටු ජා...