දිල්කා සමන්මලී ඥානසාර හිමියන් දියෙන් ගොඩ දැමූ මාළුවකු කළා ය

"එකක් කඩතොලු වසන්නට ගොස් අනේ මට වූ කාරියා 
නැතක් කඩතොලු හදා ගත්තයි කම්මලේ ආචාරියා" යි කියමනක් තිබේ.

උපහැරණ නැතිව අමුවෙන් කීවොත්, නිකම් ම නිකම් දිල්කා සමන්මලී නම් වානිජ මාධ්‍යවේදිනිය, වීරෝදාර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පබා සේ ඇන්නුවා ය. 

ඥානසාර හිමි සාර සුබාවට නාගෙන නාගෙන ගියේ ය.

ඥානසාර හිමි නෑවේ ඇයි ද යන්න විමසා බැලිය යුතු ය. 

අපට සිතෙන අන්දමින් නම්, දිල්කා සමන්මලී තමන්ගේ මැරවර ප්‍රතිරූපයට බිය වී එවැනි ප්‍රශ්න නො අසනු ඇතැයි ඥානසාර හිමි අධි විශ්වාසයක සිටින්නට ඇත. ඔහු සූදානම් වී පැමිණ නො තිබුණේ එහෙයින් වන්නට පුළුවන. 

ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී තමන්ගේ ඉතිහාසය ගැන, නෝර්වේ ගිය ගමන් ගැන හා භික්ෂූන් අතර මුදල් පිළිබඳ ඇති වූ ගැටුම් ගැන ප්‍රශ්න ඇසුවොත් උත්තර දෙන හැටි ගැන ඔහු මොහොතකටවත් සිතා තිබුණු බවක් නො පෙනේ. 

ඒ එක් පැත්තකින් අපරිණතකමයි. අනෙක් පැත්තෙන් උද්ධච්චකමයි. අයුතු ජන රාශි හෙවත් මොබ් නිර්මානය කරමින් ප්‍රචණ්ඩත්වය ඔස්සේ ගොඩනඟා ගත් සිය ප්‍රතිරූපය ගැන මහත් ස්වයං ගර්වයකින් යුතුව දෙරණ පුටුවේ වාඩි වූ ඒ හිමියෝ, අහෝ, අංශක 360කින් ම කරකැවී අතහැරුණේ ය.

ඥානසාර හිමියන්ගේ මොබ් ප්‍රතිරූපය සුණු විසුණු කර දැමූ දිල්කා සමන්මලී එහිමියන් දියෙන් ගොඩ දැමූ අසරණ මාළුවකුගේ තත්වයට පත් කළේ ය.

ඥානසාර හිමියන්ගේ මොබ් ප්‍රතිරූපයට තරගකාරී වූ භික්ෂූන් දැන් හතර අතින් බිහි වෙමින් තිබේ. රාජ්‍ය ආරක්ෂාවට හා සිවුරට මුවා වෙමින්, මුස්ලිම් විරෝධය, ගව මස් විරෝධය වැනි ඉතා පහසු සටන් පාඨ ඔසවාගෙන හතු පිපෙන මේ බොල් මොබ් තාරකාවන්ට අඹරේ බැබළිය හැක්කේ ඉතා කෙටි කලකි. ඉන් පසු ඒවා දැවී ගිය බකට් පහන් බවට පත් වේ. 

කෙසේ වෙතත්, සිය අතීතය දෙස ස්වයං විවේචනාත්මකව බලමින්, වඩා පරිණත, නව ප්‍රතිරූපයක්  ගැන සිතා බලන්නට ඥානසාර හිමියන්ට මේ අවස්ථාව උපයෝගී කර ගත හැකි ය. හාමුදුරුවනේ, අපි හැමදාම කොල්ලෝ නෙමෙයිනේ. බලන්න අර රතන හාමුදුරුවෝ දැන් කොයි තරම් පරිණත වෙලා ද? දැන් එහිමියෝ හුදු විරෝධතාවාදියෙක් නොවෙයි. අනාගතේ භාර ගන්න පුහුණු වෙන ආධුනික පාලකයෙක්. ඒ වගේ දැන් ටිකක් සන්සුන් වෙන්න. දැන් මූලික පදනම හැදිලා නේ තියෙන්නේ.

නැතිනම් අපරාදේ ඔය සරීරෙ?

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. අනේ මන්දා... අපිටනම් පෙනුනේ ඕකෙ අනිත් පැත්ත !

    ReplyDelete
    Replies
    1. ඔලුවෙන් හිටන් ඉන්න බල සේනාවේ ගොඩක් අයට පෙන්නේ අනිත් පැත්තට තමා.

      මචන් හම්බ කඩේකට කෙලිමුද ?

      Delete
    2. අපි ලෝකේ පුරාම තියෙන ඉස්ලාම් අන්තවාදයට කැමති නෑ.ඒ වගේම මුන්ටත් කැමති නෑඉතින් මොකද කරන්නේ?ඉගුරු දීලා මිරිස් ගන්නවාද?මිරිස් දීලා ඉගුරු ගන්නවාද?

      Delete
    3. hoooooooooooooo

      Delete
    4. මේ ලියුම්කරු ගැන කියද්දි මට මතක් වෙන කියමනක් තියනවා..."අපේ චූන් අපිට චූන්"

      Delete
    5. apitat penune oke anit patta, meka liyapu ekaa oluwen hitan liyalada manda. fb eka baluwot nam dilkage character eka gana hariyata post ehemat tiyanawa. lol

      Delete
    6. me liyapu kenaata ithin chuun , habai ithin tharunayo me liyapu kenaata wadaa wenas.

      Delete
  2. විරවිකුම් පෑ ජෙනරාල් (ගොටාබය) උතුමානන් ලග කුඋන්... කුඋන්... ගාපු බලු කික්කියන් එක්වරම ජෙනරාල්ගේ බල සේනාවට කඩන් පැනපු දේශපාලනේ කථා කරලා නෑ නේද පැරා. ඊළගට එන්නේ වදුරන්ට දීපු කඩුටික එකතු කරන කලේද, වදුරෝ කඩුත් එක්ක කැලේ පනින කාලෙද මන්ද ?

    http://www.youtube.com/watch?v=uQ_ZPH_oHDI

    ReplyDelete
  3. මේ වගෙ මිනිස්සු එක්කො මේ සාකච්ඡා වලට නෑවිත් ඉන්න ඕන.එක්කො ආවනං මේ වහන්සෙට තිබ්බෙ කෙලින්ම ඇත්ත කියන්න. මොකද ඔය කතාව රටේ කවුරුත් දන්නවනෙ. ආය මහ ලොකු රහසක් නෙවෙයිනෙ. රජයේ නඩු වාර්තාවල හිටං සටහන් වෙච්ච එකක්නෙ...

    " දිල්කා, මිනිස්සු අතින් වැරදි වෙනව, මම සිවුරක් දාගෙන හිටියට සියළු කෙළෙසුන් ප්‍රහීනය කරපු කෙනෙක් නෙවි.එහෙම දෙයක් මගෙ අතින් උනා. ඒක ඇත්ත. ආයෙම ඒ අතීතයට මට යන්න පුළුවන් නම් කවදාවත් මම ඒ වැරැද්ද ආයෙම කරන්නෙ නෑ. ඒත් දැන් ඒක වෙලා ඉවරයි. ඒ මගේ අතීතය.මිනිස්සු හරි ශ්‍රමනයො වැරදි කලාම බුදු හාමුදුරුවො ඒ අයව අතෑරල දම්මද නෑ. දැන් බලන්න අංගුලුමාල. එයා මිනීමරුවෙක්. ඒත් අන්තිමට රහත් උනා. අන්න ඒ වගේ මගේ ඒ අතීතය අමතක කරල අද මේ අද දවසේ මම කරන කාර්ය භාරය ගැන අපි කතා කරමු. "

    ඔහොම කෙලින්ම කිව්ව නම් මට හිතෙනව මේ වහන්සෙට ඇත්තටම ජන ප්‍රසාදයක් ලබාගන්ට තිබුණ මේ සාකච්ඡාවෙන්. ඒත් කොහෙද නිකං මේ අහිංසක මිනිහෙක්ගෙ කඩයක් කඩනව. එහෙම නැත්තං කැමරාව ඉස්සරහ සම්ප්‍රප්පලාප කියල හැමෝටම බැණ අඬගහනවයි, සිවුරෙම යනකල් කෑගහනවයි මිසක එහෙම දේකට කොන්දක් ඇති මනුස්සයෙක්නං තව බැරිය...

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්නත් මොලෙ තියෙන්න එපෑයි

      Delete
  4. ඥානසාර හමුදුරුවොන්ගේ රථවාහන නඩු වාර්තාව සැරින් සැරේ එලියට දාල විවේචනය කරන එක අලුත් දෙයක් නෙමෙයි. මට මතක හැටියට අන්වර් මනතුංග තමයි ඒක ඉස්සරවෙලාම දැම්මේ. ඊ ලඟට Colombo telegraph. ඒ කාලේ ඒකට ඥානසාර හමුදුරුවොන්ගෙන් උත්තර ලැබුනේ නම් නැහැ. උත්තරයක් ලැබුනේ දෙරණට තමයි. මම මේ කතාව දෙරණ එකෙන් සම්පුර්ණයෙන්ම බැලුව. ඔබ ඒක අතරින් පතර බලල වගෙයි පෙනෙන්නෙ. ඥානසාර හමුදුරුවො උත්තර දුන්නෙ මේ අවදිය (2000 වසර) තම තරුණ විය බවත්,අදාළ සිද්ධිය සත්‍ය බවත්,එතැනදී තමන් වහන්සේ එම වැරැද්ද නොකලත් ඒ බව පිලි ගත්තේ එම වැරැද්ද සිද කල හමුදා නිලධාරියා කරදරයේ නොදැමීමට බවත් කිව්වා. එය ඔබට අසුනේ නැත්නම් තව සැරයක් අදාළ වැඩසටහන බලන්න.

    තව එකක් මට ඔබෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා " ඔහු මොහොතකටවත් සිතා තිබුණු බවක් නො පෙනේ. " කියල භික්ෂුන් වහන්සේ නමක් අමතන්න ඔබට තිබෙන සුදුසුකම මොකක්ද?

    ReplyDelete
    Replies
    1. ඔබට සිතෙන හැටියට ඔහුට එසේ ඇමතීම වරදක්. මට එසේ සිතෙන්නෙ නෑ. දැන් මොකද කරන්නෙ?

      ඔබේ මතය, මගේ මතය සහ නිවැරදි මතය! [කතන්දර බ්ලොගය]

      Delete
    2. me ghanasarage hora shot ekak

      Delete
    3. අපිට කමක් නෑ මහත්තයෝ බිව්වත්,ගෑනු එක්ක හිටියත්.ඒත් එහෙම කර කර අපිව හදන්න එනකොට කාගෙන ඉන්න පුලුවන් කාටද?අනික දැන් බොන්නෑ කියලා දෙන්න පුලුවන් සහතිකේ මොකක්ද?

      Delete
  5. ඥානසාර හමුදුරුවොන්ගේ රථවාහන නඩු වාර්තාව සැරින් සැරේ එලියට දාල විවේචනය කරන එක අලුත් දෙයක් නෙමෙයි. මට මතක හැටියට අන්වර් මනතුංග තමයි ඒක ඉස්සරවෙලාම දැම්මේ. ඊ ලඟට Colombo telegraph. ඒ කාලේ ඒකට ඥානසාර හමුදුරුවොන්ගෙන් උත්තර ලැබුනේ නම් නැහැ. උත්තරයක් ලැබුනේ දෙරණට තමයි. මම මේ කතාව දෙරණ එකෙන් සම්පුර්ණයෙන්ම බැලුව. ඔබ ඒක අතරින් පතර බලල වගෙයි පෙනෙන්නෙ. ඥානසාර හමුදුරුවො උත්තර දුන්නෙ මේ අවදිය (2000 වසර) තම තරුණ විය බවත්,අදාළ සිද්ධිය සත්‍ය බවත්,එතැනදී තමන් වහන්සේ එම වැරැද්ද නොකලත් ඒ බව පිලි ගත්තේ එම වැරැද්ද සිද කල හමුදා නිලධාරියා කරදරයේ නොදැමීමට බවත් කිව්වා. එය ඔබට අසුනේ නැත්නම් තව සැරයක් අදාළ වැඩසටහන බලන්න.

    තව එකක් මට ඔබෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා " ඔහු මොහොතකටවත් සිතා තිබුණු බවක් නො පෙනේ. " කියල භික්ෂුන් වහන්සේ නමක් අමතන්න ඔබට තිබෙන සුදුසුකම මොකක්ද?

    ReplyDelete
    Replies
    1. ආ..ඒ භික්ෂුන් වහන්සේ නමක්ද?

      Delete
    2. මැරයන්ට බික්ෂුන් වහන්සේ කියලා ගුණගරුක ස්වාමීන් වහන්සේලාට අපහාස කිරීම සුදුසුද ?

      Delete
  6. මේ තමයි අද කාළයේ බොහෝ භික්ෂූන්ගේ ඇත්ත කතාව. පන්සල් වලට යන එන බෞද්ධයන් නම් මේ ඇත්ත දන්නවා. නමුත් නොදන්නවා වගේ ඉන්නවා.

    කෙසේ වෙතත් දිල්කාගේ නිර්භීත කම නම් ගය කළ යුතුමයි. හාමුදුරුවන්ට ගැලවෙන්නේ දුන්නේ නෑ කොහිමවත්. එතනත් චන්ඩි පාට් දාන්න ගියාට. දාඩියත් දැම්මා පොරට...

    ReplyDelete
    Replies
    1. නානසාරුට යෝකර් දැම්ම එක නම් හොඳයි. ඒත් මේකිගෙ යෝකර් කන්සිස්ටන්ට් නෑ. වීරවංශ පනික්කියාටනම් ෆුල්පිච්ඩ්මයි දැම්මෙ. සමහර ඒවා ෆුල්ටොස්. පොර ගැහුව ගැහිල්ලක් ඩිල්ක (ද අපිද මන්දා!) කොරවෙන්න!

      Delete
  7. මම පාරෙ යනකොට දකින්නෙ නිතරම මගේ ගෙවල් ලග තියන මුස්ලිම් කඩ දෙක දිහා .එකෙ නිතරම සෙනග පිරිලා . මුස්ලිම් උං විතරක්ම නොවෙයි අපේ සිංහල එවුන්ත් යනවා. අපේ උං තමා වැඩියෙන්ම යන්නෙ. මම වැඩ කරන්නෙ සිංහල කඬේක. මම නම් මුස්ලිම් කඩයක වැඩට යන්නෙ නැ. මට උං අරහං . මම හොද බෞද්ධයෙක් . මම සිංහල බෞද්ධයෙක් . මේක අපේ රට . මුං බලා ඉන්නකොට දියුනු වෙනවා. ඒක නැතිකරන්න ඕනා. ගෙරි මස් කන හැත්ත මම නම් කවදාවක් හරක් මස් කන්නෙ නෑ. මම කන්නෙ කුකුල් මස් ඌරු මස් එළු මස් තව දඩ මස් විතරයි’. හරකා කියන්නෙ අම්මා වාගෙ සතෙක්. මේ හැත්ත අම්මා මරගෙන කන ජාතියක්. අපේ ඥාන සාර හැමුදුරුවො කියනකං අපි දරනන් හිටියෙ නෑනෙ මේ වගේ වගක්. අනික මුංගෙ තේ කඩයක් බලන්න. අපේ එවුන් යනවා. ඒ වුනාට මුං කවදාවත් අපේ සිංහල තේ කඬේකට තේ බොන්න යනවාද? බත් කනවාද ? මලාට නෑ. ඒකට අපේ එවුන් උං හැම එකටම රිංගනවා. දෙමලුන්ගෙ සයිවර් කඩෙන් තමා හැම දේම කන්නෙ. එහෙම නැත්නම් තම්බියෙක්ගෙ කඬේට රිංගනවා.
    උං කවදාවත් බංකොලොත් වෙන්නෙ නෑ උංගෙ ඔවුන් කොහොම හරි ඌව නැගිට්ටවනවා. අපේ එකෙක් වැටුනොත් වැටුනාමයි. උං හැමදාම පල්ලි යනවා ඒ වාගෙම උංට පල්ලිය බලනවා. අපේ ඔකෙ අනිත් පැත්ත අපි කොච්චර පන්සල් ගියග් අපිට පංසලෙන දෙන්නෙ බන විතරයි’ . ඒ හිංදා මුංගෙ ඵල්ලි ටිකත් කඩලා දාන්න ඕනා. මෙහෙම ගියොත් මුං රටම අල්ලනවා එහෙම වුනොත් මම කොහේ කියලා යන්නද මුං නම් අරාබියට හරි යයි ඇත්තටම බොදු බල සේනා ආවෙ නැත්තම් මේ ටික වත් අපි දන්නෙ නෑ. ඒ හාමුදුරුවන්ට පිං සිද්ද වෙන්න ඕනා අපිට හරි මාර්ගය කියලා දුන්නාට. එතුමන්ලා වාගෙ අය තමා මේ රට පාලනය කරන්න ඕනා. එ ල් ටී ටී එකෙන් පස්සෙ අපිට අළුත් හතුරෙක් ඉන්න පව පෙන්නපු එකම ඇති මේ උත්තමයලා නිවන් දකින්න
    ඊයෙ පෙරේදා දවසක මොකද්ද රූපවාහිනී නාලිකාවක දිලානිද කවුද කියලා මහ අංගපුලාවකට නැති එකියක් මේ උන්නාන්සෙය අපහසුතාවයට පත්කොරලා තියනවා කියලා අහල පහල එවුං කියනවා. මේ අත්තමයලා ඕවාට සැලෙන්නෙ නෑ. බුද්හාමුදුරුවන්ටත් ඔය චිංචිමානවිකාව කියලා එකියක් අලූගුත්තේරුවැඩක් කරන්න ඇවිත් පච වෙලා ගියෙ . ඕවා ඔහොම තමා. හෙට අනිද්දා කියයි පිටරට ඇන්ජී ඕ කාරයො ෂල්ලි දීලා මේවා කරනවා කියලා. රටේ ඔක්කොම මම වාගෙ නෑනෙ.
    උනික මගෙ යාළුවෙක් ඉන්නවා ක‍්‍රිස්තියානි එයත් අපිත් එක්ක මේ මුස්ලිම් විරෝධය වෙනුවෙන් බෞද්ධ අපේ පැත්ත අරන් ඉන්නෙ. කොච්චර එකක්ද ඒ ආගමික සහජීවනය කියන එක මේ විදිහට පෙන්නන්න පුළුවන් උනාම

    ReplyDelete
    Replies
    1. ela...........

      Delete
    2. patta oiii..!!! andenawa..!!

      Delete
    3. Puka thamai. ubage puka nathi wela wage...

      Delete
    4. මුස්ලිම් අන්තවාදය ගැන මීට කලින් සෝම හිමි ජීවත්ව සිටි කාලයේ කතා වුනේ.එතකොට ඥාණසාර සාදු ඉපදිලා හිටියේ නැද්ද?හිටියානම් ඒ හිමි අපවත්වුනු පසුව සටන දිගටම ගිනියන්න එපැයි? ඇයි මේ සාදු නින්දෙන් නැගිටලා වගේ මෑතක ඉදන් කෑ ගහන්නේ.දැන් කතා කරනවා 13 ප්ලස් ගැන.සාම ගිවිසුම ගහද්දී මේ අය කොහෙද හිටියේ?අපේ කොල්ලෝ නොවිදිනා දුක් විදලා යුද්දේ දිනවලා දුන්නට පස්සේ දැන් මේ ගොල්ලෝ බල්ටි ගහනවා.ප්රභාකරන් ඉදපු කාලේ නැතුවට දැන් නම් ඕන තරම් වීරයෝ ඉන්නවා.දේශප්රේපමියොත් ඉන්නවා.
      සමහර සිංහල බෞද්ධයෝ කියනවා හරක් මස් කන්නෑ.දඩ මස් කනවා කියලා.නොදකින් විතරක්.හරක් මස කන්න බැරි වෙන්න හේතුවක් විය හැක්කේ කිරි බිව් සතාගේ ,ගොවිතෑනට උදව් කල සතාගේ මස කෑම හිතට දුකක් ගෙන දෙයක් නිසා වෙන්නැති.ඒත් වර්තමානේ බහුතර මිනිස්සු බොන්නේ කිරිපිටි.ගොවිතැනට හරක් යොදා ගන්නවා විරලයි.ඉතින් හරකාගේ මස නොකන්නත්,අහිංසක මුවාගේ මස් කන්නත් වෙනසක් මට පේන්නෑ.
      මට හිතෙන හැටියට යම් සංවිධානයක් ඉදිරියට යන්න නම් නායකයො ප්රසතිපත්ති ගරුක වෙන්න ඕන.මහත්මා ගාන්ධි ,නේරු ,කැප්පෙටිපොල වගේ.නායකයෝ කකුලුවෝ වගේ ඇදේට යන ගමන් ගෝලයන්ට කෙලින් යන්න කිව්වට ඒක කවුරුවත් අහයිද?මම මුස්ලිම් අන්තවාදයට විරුද්ධ වුනත් මේ අය එක්ක එක් වෙන්න පුලුවන්ද?ඊලගට බලන්න ඕන මුස්ලිම් අන්තවාදයට විරුද්ද නම් සාදුලා මොන වැරැද්ද කලත් අවුලක් නැද්ද කියලා.
      බුදුදහම සිංහලයන්ට පමණක් නෙවෙයි.බුදුන් වහන්සේ අරමුණු කලේ සියලුම මනුෂ්යැයන්.බුදුහාමුදුරුවෝ කිව්වේ ,අප්පසන්නානං පසාදාය ,පසන්නානං භීය්යොුභාවාය,මට තේරෙන්නේ නැහැ මෙවැනි දේවලින් නොපැහැදුනවුන් බුදුදහම ගැන පහදවා ගන්නේ කොහොමද කියලා? ඉස්ලාම් අන්තවාදයට මංවිරුද්දයි. ඒ වගේම සිංහල බෞද්ධ ලේබලය ගහගෙන බුදුදහම වනසන උන්ට ඊට වඩා විරුද්දයි.උඹලාට ඕන බුදුදහමේ එක වචනයක් වත් පිලි නොපැද ආගම වෙනුවෙන් මරාගෙන මැරෙන්න වුනත් කැමති බව පෙන්නන්න.ඔතන ඉන්න සාදුලත් එහෙම තමයි.යකෝ ජාතියක ඉන්න පිරිමින්ට ඒක රැකගන්න බැරි නිසා පූජ්ය පක්ෂය පෙරමුණ ගන්නවා කියනවා නම් ඒ පිරිමි මොක්කුන්ද?සාදුගේ සීලය නෙමෙයිලු වැදගත් කරන මෙහෙවරලු.යකෝ කෙනෙක් මහණ වෙන්නේ ,සබ්බ දුක්ඛ නිස්සරණාය .කියලා සසර දුකින් එතෙර වන්න.නැතුව ජාතිය ගොඩ දාන්න නෙමෙයි.බෝසතාණන් වහන්සේ සාරාසංඛ්යි කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවේ සිංහල ජාතිය ගොඩ දාන්නද?දුක් විදින මිනිසුන් සසරින් එතෙර කරන්නද?බුදු හාමුදුරුවෝ බුදුවෙන කොට එක බෞද්ධයෙක්වත් නෑ.හිටියේ අන්යාුගමිකයො.ඒඅය බණ අසා අවබෝධයෙන් බෞද්ධ වුනා.එතකොට ඉදපු තීර්ථකයො කිව්වානම් අපේ ශ්රා වකයෝ බුදු හාමුදුරුවෝ බෞද්ධයන් බවට පත් කරනවා.ඒකට උද්ඝෝෂණ කල යුතුයි කියලා මොකද වෙන්නේ?
      අන්යාගමිකයො බුදුදහම වැලද ගත්තේ බුද්ධ ශ්රාවකයන්ගේ සන්සුන් ඉදුරන් දැකලා.මේ සාදුලා කරන වැඩ දැක්කාම අන්යා ගමිකයො පැහැදීම කෙසේ වෙතත් ඉන්න අයත් කලකිරවනවා.බලහත්කාරයෙන් ආගම් ප්ර්චාරය,ආගමික ස්ථාන මංකොල්ලා කෑම මම හෙලාදකිනවා.ඒවාට නීති ගෙන ආ යුතුයි.කැමැත්තෙන් කැමති දහමක් වැලද ගැනීමට ඉඩ දියයුතුයි.ඉස්ලාම් අන්තවාදයට විරුද්ධ නිසා ,බොදුබල සේනාවට කැමති වීම “කැහි ගෑනිට අකමැති නිසා හොටු ගෑනි ගෙනාවා ”වගේවේවි

      Delete
    5. well said Dakshina..!

      Delete
    6. රාවණා මුත්තාJune 22, 2013 at 11:32 AM

      අනේ බං, පොල් කට්ටක් පිරෙන්න චූ කරගන්න බැරි උඹ යනවා මුස්ලිම් මිනිහාගේ දියුණුව නවත්තන්න්. තෝ හොඳ බෞද්ධයෙක් නේ? තොට බෑ නේ ඒ මිනිස්සුන්ගේ දියුණුව දැකලා සතුටු වෙන්න! නොදෝකින් උඹ!

      Delete
  8. ඔය ටිකම නාමල් රාජපක්ශ ආපු වෙලාවේ මෙයා කරාද​? භික්‍ෂුව යනුද පෘතග්ජනයෙකි. ඔවුන් අතින් සිදුවන වැරදි උව හදාගෙන නිවැරදි මාවතට එලඹිය හැකිය​. බුදුන් දවස මීට වඩා දුෂ්ශීල භික්‍ෂූන්ව උන් වහන්සේ නිවැරදි මගට ගෙන ඇත​. දෙරණේ දේශපාලන නිරුවත මෙයින් පෙනේ. නාමල්ගේ නීති විද්‍යල ප්‍රශ්නයෙදි දිල්කා මුනිවත රැක්ක හැටි මතකද​?

    ReplyDelete
  9. මේ ලියුම්කරු ගැන කියද්දි මට මතක් වෙන කියමනක් තියනවා..."අපේ චූන් අපිට චූන්"

    ReplyDelete
  10. මම නම් සියලු ආගම් බැහැර කළ කෙනෙක්. මම විශ්වාස කරන්නේ ආගම් වල පූජක පක්ෂය කියන්නේ මේ සමාජයේ බැහැර කළ යුතු කොටසක්. මොවුන් අප නිතර දෙවේලේ දකින සමාජ පිළිලයන්.

    ආගම් වල ආරම්භය වුනේ මිනිසුන් එඪේර යුගයේ ඉඳලා ගොවි යුගයට එහෙම නැත්නම් ස්ථිර වාසස්ථාන වලට හුරු වූ අවධියේ. මේකට හේතුව තමයි මේ යුගයේ මිනිසුන්ගේ නිෂ්පාදන අතිරික්තයක් ඇතිවෙලා පසු ප්‍රෙයෝජනය සඳහා ගබඩා කරන්න පටන් ගත්තා. නිකම්ම ඉඳලා කන්න කැමැත්තක් තිබුණ කපටින් පිරිසක් මේක තමන්ගේ වාසියට අරන් මානසික වශයෙන් දියුණු නැති බහුතර මිනිසුන්ගේ හිතට මේ ආගමි කතා, දිව්‍ය ලෝක කතා දාලා රවට්ටලා ඒ අතිරික්තය ඩැහැ ගත්තා.

    දැන් මේ දියුණු ලෝකේ වුනත් තමන්ගේ වාසියට මේ ක එහෙමම පවත්වාගෙන යනවා.

    මම නම් කිසිම ආගමක් විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා කිසිම දවසක, ස්වාමීන් වහන්ස හෝ වෙනත් ගරු නමකින් ඔවුන් අමතන්නෙත් නැහැ. පොදු ස්ථානයකදී වුනත් වැඩිහිටියෙක් වශයෙන් සලකලා විශේෂයක් කලොත් මිසක් වෙනත් කිසිම විශේෂයක් කරන්නෙක් නැහැ.

    මේ සාකච්ජාවෙදි වුනත් දිල්කා කරපු දේ වැරදියි කියන්න බැහැ. මේ පූජ්‍ය පක්ෂයේ අය යැපෙන්නේ අපේ ජනතා මුදලින් නම්, දිල්කාට මේ වගේ දෙයක් අහන්න සමුපූර්ණ අයිතිය තියෙනවා.

    ReplyDelete
    Replies
    1. හැබැයි ඒ විදිහටම මහරජාගේ පුතාගෙනුත් ප්‍රශ්න අහන්න තිබ්බා. නැද්ද හා..

      Delete
    2. මම කිව්වේ නැහැ දිල්කා හොඳයි කියලා. මම කිව්වේ මෙතනදි දිල්කා කරපු දේ වැරදි නැහැ කියලා.

      මම දැක්කා නාමල් මන්ත්‍රිතුමාගෙනුයි, හෙල උරුමයේ එල්ලාවල මේදානන්දගෙනුයි ප්‍රශ්න අහද්දි දිල්කා බබා වුන විදිහ.

      Delete
  11. දැන් ඥානසාර ගූ..බාල්දිය හලාගෙන ඉවරයි.බොරුවට කෑගහුවට වැඩක් නෑ.මෙච්චර දේවල් වෙලත් ඥානසාරට දොහොත් මුදුන් දීල වදින ගොන් ‍රැලකුත් ඉන්නව.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා