Posts

Showing posts with the label ගලගොඩඅත්තේ ඥානසාර

ඥානසාර භික්ෂුව නාගත්තා ද?

Image
බොදු බල සේනාව ජනාධිපති මහින්ද රාජපක්ෂට සහයෝගය පළ කිරීමත් සමග ම එහි බිම් මට්ටමේ දැවැන්ත කඩා වැටීමක් සිදු වී තිබේ. අප සමග කතා කළ බොදු බල සේනා ක්‍රියාකාරිකයන් ගණනාවක් ම පැවසුවේ තමන් බොදු බල සේනාවෙන් ඉවත් වන බවයි. බොදු බල සේනා සමග සම්බන්ධ වී සිටි තරුණ කොටස් බොහොමයකට පවත්නා ක්‍රමයේ වෙනසක අවශ්‍යතාව දැඩිව දැනෙයි. ඔවුන් බොදු බල සේනාව තුළින් බලාපොරොත්තු වූයේ සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් ජාතිවාදී හා ආගම්වාදී පදනමකින් මුස්ලිම්, දෙමළ, ක්‍රිස්තියානි විරෝධී ආකාරයකින් කටයුතු කිරීම මිස ඍජුව දේශපාලනඥයන්ට කඩේ යාම නො වන බව ඇතැම් බොදු බල සේනා සාමාජිකයෝ පවසති. බොදු බල සේනාව මහ මැතිවරණයකට තරග කරන්නට ඉදිරිපත් වූවා නම්, ඉහත කී පදනමින් ම ඔවුන්ට සහාය දෙන්නට පිරිස් සිටි මුත්, ජනාධිපතිවරණයේදී ඔවුන් ඍජුව අපේක්ෂකයකුට සහාය පළ කරන්නට යාම එහි අපේක්ෂකයන්ට අවාසිදායක වී තිබේ.  මෙම තත්වය හමුවේ තමන් මහින්ද රාජපක්ෂට ජනාධිපතිවරණයේදී සහයෝගය දෙන බවක් නො කියූ බව බොදු බල සේනා නායක ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව පවසයි.  ඔහුගේ ප්‍රකාශය ඩේලි මිරර් වෙබ් අඩවියේ පළ වී තිබිණි. මෙතැනින් කියවන්න. මේ ලිපිය වෙන අයත් එක්...

ඥානසාර බලකාය වෘත්තීය සමිතිත් හදනවලු

Image
ඥානසාරට මහනදම් පිරීම හැර බැරි වෙනත් දෙයක් නැත. ඔන්න දැන් වෘත්තීය සමිතිත් හදන්න හදනවාලු. වෘත්තීය සමිති ගැන ඥානසාරට උපදෙස් දී තිබෙන්නේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හෙද නිලධාරිවරයා ය. ඔහු වනාහි ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය බාලා තම්පෝටත් වඩා හොඳින් කොම්පැනිකරණය කළ මුට්ටි කාසි ජාවාරම්කාරයෙකි. බාලා තම්පෝ නම් දක්ෂ ලෙස හාම්පුතුන් සමග කේවෙල් කරමින් තම සාමාජිකයන්ට හිමිකම් ලබා දුන්නේ ය. එහෙත්, හෙද නිලධාරි ආනන්ද යනු දේශපාලන බත්ගොට්ටෙක් පමණි.  ඥානසාරට තම ආදායම් මාර්ග චිරස්ථායී කර ගැනීමට ඕනෑ වී තිබෙන බව පෙනේ. මුට්ටි කාසි ජාවාරම ඒ සඳහා අත්දුටු ප්‍රත්‍යක්ෂ එකක් බව එහි නියැලී සිටින අය දනිති. සියලු කුණු බේරුවල් බොක්කට මෙන් මේකත් රිංගන්නේ රාජ්‍ය සේවයට ම ය. එහි සිටින උන්මත්තකයන් පිරිසක් කූට්ටාලි කරගෙන තවත් නාඩගමක් නටන්නට කරන මේ සූදානමින් රජයේ සේවකයෝ පරිස්සම් විය යුතු ය.  මෙන්න ප්‍රවෘත්තිය: බෞද්ධ ප්‍රතිපත්ති මත පදනම්ව බොදු බල සේනා සංවිධානයට අනුබද්ධ වෘත්තීය සමිති ස්‌ථාපිත කිරීමට එම සංවිධානය තීරණය කර තිබේ. ඒ අනුව එහි මුල් පියවර ලෙස එම සංවිධානයේ මහ ලේකම් රාජකීය ...

ඥානසාර හාමුදුරුවන්ට ලැබුණු මුත්තගෙ තුට්ටුව

Image
වටරැක විජිත නාටකය අවසන් බව එහි අධ්‍යක්ෂ ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව නිවේදනය කරයි.  එහෙත්, ඊයේ එහි උද්වේගකර ජවනිකාවක් ඊයේ කර්මාන්ත හා වානිජ අමාත්‍යාංශයේදී පැවැත්විණි. එහි ප්‍රධාන චරිතය රඟපෑ බෞද්ධ භික්ෂුවගෙන් ඥානාසාර හාමුදුරුවෝ පරිස්සම් විය යුතු ය. මන්ද, ඔහුට බ්‍රේක් ඇත්තේ ම නැත. මේ දවස්වල ලංකාවේ බෞද්ධ නායකයකු වෙන්නට තිබෙන හොඳ ම සුදුසුකම එයයි. වටරැක විජිත හිමි ඔහුට අහු වුණා නම් සම්බෝල හදන හැටි ද ලෝකයට පෙන්වන්නට ඉඩ තිබිණි.   හැබැයි, මුදා හරින ලද සුනඛ සේනාව ගැන ඥානසාර හාමුදුරුවන්ට ම දැන් දැන් බිය ඇති වී තිබේ. අර චීවරධාරියා පොලිස් ලොක්කකුට ගහන්න පනින හැටියට සිවුර නැතිනම් අනිවාර්යයෙන් ම ආයුධ පෙන්නන්නට යන්නට ලැබෙනවා නිසැක ය.  හැබැයි සාදු, මේකත් මතක තියා ගන්න. අපි, ඔහෙලා වගේ මිනිස්සු රාශියක් අසූනමයේදී ටයර් උඩ යවපු කට්ටියක් මේගොල්ලෝ. සිවුරට තිබෙන ගෞරවයේ තරම ඒ දවස්වල දැකගන්න ඇතිනේ.  සිවුරට මුවා වෙලා නටන නැටිලි දැන් නම් ඕවර් යන්න ඔන්න මෙන්න බව කරුණාවෙන් සලකන්න. තමුන්නැහෙලා කනකොට ඒකෙත් මානව හිමිකම් පාර්ශ්වය කතා කරන්න වෙන්නේ අපට ම ය. හැබැයි සාදු, ඔය වාසුලා වගේ නෙමෙය...

ඥානසාර හාමුදුරුවන්ට ගහපු එක හරි ද?

Image
තනි පුද්ගලයකු ලෙස නො දැනෙන ශක්තියක් සමූහයක් තුළ සිටියදී දැනීම සාමාන්‍ය තත්වයකි.  මහජන උද්ඝෝෂණවලදී මෙම ශක්තිය ප්‍රචණ්ඩ අයුරින් භාවිතා කිරීම මොබ් එකක් හෙවත් අයුතු ජන රාශියක් නිර්මානය කිරීමට හේතු වේ.  මොබ් මානසිකත්වය හා වීරත්වය යනු එකක් නොව දෙකකි. වීරත්වය මතු වන්නේ වඩා අව්‍යාජ, බුද්ධිමත්, සංවේදී හා සිතා මතා ගනු ලබන ක්‍රියාමාර්ග ඔස්සේ ය.  මොබ් මානසිකත්වයෙන් යුතුව යම් යම් ක්‍රියාමාර්ගවලට එළඹෙන බොහෝ පුද්ගලයෝ මොබ් මානසිකත්වය පහව ගිය පසු පශ්චාත්තාපයට ගොදුරු වෙති.  ඥානසාර භික්ෂුව යනු ජනප්‍රිය ජාතිවාදයට හා සිවුරට මුවා වෙමින්, ජාතිවාදය හා ආගම්වාදය කුළුගන්වන්නට පුළුවන් පරිසරයන්හිදී නිරතුරුව ම මොබ් මානසිකත්වයෙන් කටයුතු කරන පුද්ගලයෙකි.  ඔහු සාමාන්‍යයෙන් මැදිහත් වන්නේ ප්‍රතිවිරුද්ධ මොබ් නිර්මානය නො වන තැන්වලටයි. නිදසුනක් ලෙස ඔහු කිසිදු කලෙක මාළිගාවත්තට හෝ වැල්ලවත්තට ගොස් සිය වික්‍රමාන්විත ක්‍රියා සිදු කර තිබේදැයි සිතා බලන්න.  ඊයේ ඔහුගේ මොබට ගැලපෙන මොබක් සිරිකොතේදී හමු විය. යූඇන්පීකාරයන් ය කියන්නේ ලොං හැලුණු වෘකයන් පිරිසක් බව ඥානසාර හිමියන්ට අමතක විය. ලොං හැල...

ජාතිවාදයට විරුද්ධ වීම යනු සිංහල විරෝධී වීම‍ නො වේ (වටරැක විජිත හිමියන්ට පිළිතුරක්)

Image
මහියංගන ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී වටරැක විජිත හිමි හිටි හැටියේ වීරයකු ලෙස ඉස්මතු කර පෙන්වන්නට ජාතිවාදයට විරුද්ධ බලවේග උත්සාහ කළේ ය. ඒ සඳහා ඔවුන් විසින් යොදා ගනු ලැබුවේ එහිමියන් මුස්ලිම් මිනිසුන් සහභාගි වන සභාවකදී කළ කිසියම් දීර්ඝ කතාවකි.  එම කතාව ලිපිය අවසානයේ තිබේ. මට නම් එම කතාවේ කිසිදු වැදගත්කමක් නො පෙනිණි. එහි තිබෙන මූලික දෙය වන්නේ තමන්ගේ ජාතිය වන සිංහලකම හා ආගම වන බුද්ධාගම හෙළා දකිමින් මුස්ලිම් ජාතිය හා ඉස්ලාම් ආගම උඩ දැමීමයි.  එයට ප්‍රතිචාර ලෙස සිංහල ජාතිවාදීන් කළේ විජිත හිමි මේ කතාව පවත්වන්නට පෙර තමන් සමග සිටියදී කරන ලද කතාවක් ප්‍රචාරය කිරීමයි. එම කතාවේ විජිත හිමියන් කරන්නේ  අප මෙහි ඉහත සඳහන් කළ කතාවේදී කරන දෙයෙහි අනෙක් පැත්තයි. මට නම් මේ කතා දෙක ම අසන්නට විශේෂ උනන්දුවක් ඇති වූයේ නැත.  සිංහල බෞද්ධයෝ ආක්‍රමණශීලී, ආධිපත්‍යවාදී ලෙස කටයුතු කරමින් සුළුතර ජාතීන් පාගති. ප්‍රගතිශීලී සිංහලයෝ මෙම ක්‍රියා හෙළා දකිමින්, ඒවාට එරෙහිව අරගළ කළ යුතු ය. වටරැක විජිත හිමියෝ කුමන හේතුවක් මත හෝ ජාතිවාදී ව්‍යාපාරය සමග බිඳුණු පසු කරන්නට පටන් ගෙ...

දිල්කා සමන්මලී ඥානසාර හිමියන් දියෙන් ගොඩ දැමූ මාළුවකු කළා ය

Image
"එකක් කඩතොලු වසන්නට ගොස් අනේ මට වූ කාරියා  නැතක් කඩතොලු හදා ගත්තයි කම්මලේ ආචාරියා" යි කියමනක් තිබේ. උපහැරණ නැතිව අමුවෙන් කීවොත්, නිකම් ම නිකම් දිල්කා සමන්මලී නම් වානිජ මාධ්‍යවේදිනිය, වීරෝදාර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පබා සේ ඇන්නුවා ය.  ඥානසාර හිමි සාර සුබාවට නාගෙන නාගෙන ගියේ ය. ඥානසාර හිමි නෑවේ ඇයි ද යන්න විමසා බැලිය යුතු ය.  අපට සිතෙන අන්දමින් නම්, දිල්කා සමන්මලී තමන්ගේ මැරවර ප්‍රතිරූපයට බිය වී එවැනි ප්‍රශ්න නො අසනු ඇතැයි ඥානසාර හිමි අධි විශ්වාසයක සිටින්නට ඇත. ඔහු සූදානම් වී පැමිණ නො තිබුණේ එහෙයින් වන්නට පුළුවන.  ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී තමන්ගේ ඉතිහාසය ගැන, නෝර්වේ ගිය ගමන් ගැන හා භික්ෂූන් අතර මුදල් පිළිබඳ ඇති වූ ගැටුම් ගැන ප්‍රශ්න ඇසුවොත් උත්තර දෙන හැටි ගැන ඔහු මොහොතකටවත් සිතා තිබුණු බවක් නො පෙනේ.  ඒ එක් පැත්තකින් අපරිණතකමයි. අනෙක් පැත්තෙන් උද්ධච්චකමයි. අයුතු ජන රාශි හෙවත් මොබ් නිර්මානය කරමින් ප්‍රචණ්ඩත්වය ඔස්සේ ගොඩනඟා ගත් සිය ප්‍රතිරූපය ගැන මහත් ස්වයං ගර්වයකින් යුතුව දෙරණ පුටුවේ වාඩි වූ ඒ හිමියෝ, අහෝ, අංශක 360කින් ම කරකැවී අතහැරුණේ ය. ඥානස...

අතුරලියෙන් ඉත්තෑකන්දට යන දේශපාලන භික්ෂුව ගැන රතන හිමිගේ ශෝකය

අතුරලියේ රතන හිමි වනාහි ලංකාවේ නූතන දේශපාලන භික්ෂුවගේ පුරෝගාමියා ය. එහෙත්, ලංකාවේ පළමු භික්ෂු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන්නේ එම යුගයේ ම මතු වූ තවත් දේශපාලන භික්ෂුවක් වන බද්දේගම සමිත හිමියෝ ය. මේ හිමිවරු දෙදෙනා එක ම දේශපාලන සන්ධානයක් තුළ දෙමගක ගිය අය වෙති. 2004 සුනාමියෙන් කෙටි කලකට පසු මම හිරු පුවත්පත වෙනුවෙන් බද්දේගම හැඩි දෙමළ කන්දේ විහාරයට ගොස් බද්දේගම සමිත හිමියන් සමග සම්මුඛ සාකච්ඡාවක් කළෙමි. සුනාමියෙන් පීඩාවට පත් වූ මිනිසුන් වෙනුවෙන් එහිමියන් කළ අමිල සමාජ සේවාව එහිමියන්ගේ චරිතයේ කැඩපතකි. ව්‍යසන අරාජිකත්වය තුළ, කුණු වන මළ මිනී දහස් ගණනක් මැද, සන්නිවේදනය, සැපයුම් කපා හරින ලද තත්වයක් තුළ උන් වහන්සේ විසින් දෙන ලද නායකත්වය සැබෑ ‍දේශපාලන නායකත්වය යනු කුමක් ද යන්නට සාක්කියකි. ඒ හිමියන්ගේ සීමාව නිර්මානය වන්නේ ඒ හිමියන් පිළිගත් සමාජවාදී, මානවවාදී දර්ශනය මත පදනම් වූ දේශපාලනය, සිය පැවැත්ම වෙනුවෙන් සුනාමි අරමුදල් පෞද්ගලිකව තමන්ගේ ගිනුමකට දමා ගන්නට සැලසුම් කළ නායකත්වයක් හමුවේ දන නැමීමත් සමග ය. අතුරලියේ රතන හිමි ද එවැනි නායකත්වයක දර්පනය තුළ සිටියත්, එයට යටත් භික්ෂුවක් නො ‍වේ. රතන හිමියන...