ඥානසාර හාමුදුරුවන්ට ගහපු එක හරි ද?

තනි පුද්ගලයකු ලෙස නො දැනෙන ශක්තියක් සමූහයක් තුළ සිටියදී දැනීම සාමාන්‍ය තත්වයකි. 

මහජන උද්ඝෝෂණවලදී මෙම ශක්තිය ප්‍රචණ්ඩ අයුරින් භාවිතා කිරීම මොබ් එකක් හෙවත් අයුතු ජන රාශියක් නිර්මානය කිරීමට හේතු වේ. 

මොබ් මානසිකත්වය හා වීරත්වය යනු එකක් නොව දෙකකි. වීරත්වය මතු වන්නේ වඩා අව්‍යාජ, බුද්ධිමත්, සංවේදී හා සිතා මතා ගනු ලබන ක්‍රියාමාර්ග ඔස්සේ ය. 

මොබ් මානසිකත්වයෙන් යුතුව යම් යම් ක්‍රියාමාර්ගවලට එළඹෙන බොහෝ පුද්ගලයෝ මොබ් මානසිකත්වය පහව ගිය පසු පශ්චාත්තාපයට ගොදුරු වෙති. 

ඥානසාර භික්ෂුව යනු ජනප්‍රිය ජාතිවාදයට හා සිවුරට මුවා වෙමින්, ජාතිවාදය හා ආගම්වාදය කුළුගන්වන්නට පුළුවන් පරිසරයන්හිදී නිරතුරුව ම මොබ් මානසිකත්වයෙන් කටයුතු කරන පුද්ගලයෙකි. 

ඔහු සාමාන්‍යයෙන් මැදිහත් වන්නේ ප්‍රතිවිරුද්ධ මොබ් නිර්මානය නො වන තැන්වලටයි. නිදසුනක් ලෙස ඔහු කිසිදු කලෙක මාළිගාවත්තට හෝ වැල්ලවත්තට ගොස් සිය වික්‍රමාන්විත ක්‍රියා සිදු කර තිබේදැයි සිතා බලන්න. 

ඊයේ ඔහුගේ මොබට ගැලපෙන මොබක් සිරිකොතේදී හමු විය. යූඇන්පීකාරයන් ය කියන්නේ ලොං හැලුණු වෘකයන් පිරිසක් බව ඥානසාර හිමියන්ට අමතක විය. ලොං හැලුණත් වෘකයා වෘකයා ම ය. මීට පෙර අවස්ථාවකදී විහාර මහා දේවි එළිමහන් රංග පීඨයේදී ද ඥානසාර හිමියන්ට මෙවන් මොබක් හමු විය. 

ආගමික පූජකවරුන්ට සමාජය යම් වරප්‍රසාදිත තත්වයක් දිය යුතු ය. එහෙත්, තමන්ගේ ගෞරවය කෙළෙසෙන ආකාරයේ මැදිහත්වීම් නො කර සිටීමේ වගකීමක් ද භික්ෂූන්ට තිබේ. භික්ෂූන් යනු සමාජයේ සිටින දූෂිත ම පිරිසක් බව මගේ පෞද්ගලික හැඟීමයි. මම නම් කිසිවෙකු පූජකයකු වූ පමණින් ගරු කරන්නේ නැත. මට ආගමක් නැති නිසා මට පූජකයින් අදාළ නො වේ. එහෙත්, ඔවුන් මෙසේ පාරවල් පාරවල් ගානේ ගුටි කෑම මම ගැන මගේ කිසිදු කැමැත්තක් නැත. මන්ද, ලෝකයේ බහුතරයක් වූ ආගමික ජනයා අඩු තරමේ තම ආගමේ පූජකවරයාට හෝ ගරු බුහුමන් කරන නිසා ය. 

ඥානසාර හිමි මොබ්වාදියකු වූවා ය කියා ඔහුට මොබ් එකකින් ම මුහුණ දීම සාධාරණ වන්නේ නැත. සරළව කීවොත්, ඔහුට පහර දී සිවුරු ගැලවීම නින්දිත වැඩකි. 

ඔබ ජාතිවාදයට හා ප්‍රචණ්ඩත්වයට විරුද්ධ නම්, එයට මුහුණ දිය යුත්තේ ඒ හා සමාන ප්‍රතිවිරුද්ධ ජාතිවාදී ප්‍රචණ්ඩත්වයකින් නො වේ. ජාතිවාදයට හා ප්‍රචණ්ඩත්වයට මුහුණ දිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් හා සාමයෙනි. 

ඔබට ප්‍රජාතන්ත්‍රවාදය හා සාමය බිඳ දැමීමට අයිතියක් ඇත්තේ ආත්මාරක්ෂාව වෙනුවෙන් පමණි. 

අපි ඉතිහාසයේ බොහෝ වාරයක් මේ වරද කර ඇත්තෙමු. දැන්වත් ඒ ගැන නැවත සිතා බලන්න.
 
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. \\\\\ජාතිවාදයට හා ප්‍රචණ්ඩත්වයට මුහුණ දිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් හා සාමයෙනි. \\\

    :)

    ReplyDelete
    Replies
    1. සහන්
      "ජාතිවාදයට හා ප්‍රචණ්ඩත්වයට මුහුණ දිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් හා සාමයෙනි"
      කියමනේ අවුලක් නෑ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නෙ (මට අනුව, පැරා මොකක් අදහස් කලාද දන්නෙ නෑ) ගැහුවොත් අතපය බැඳගෙන ඉන්න කියන එක නෙවේ.
      ගැහුවොත් ගහන්න! හැබැයි ගහන්නෙ මෙහෙමයි කියල සම්මත විදියට. ගහල මරල මස් පස්සෙ කෑව කාලය පහුවෙලා නෙව.

      Delete
    2. රාජ් ,

      දැන් මේ අපි කතා කරන ජාතිවාදය සහ ප්‍රචණ්ඩත්වය යනු අපි " ලංකාවේදී දැකපු දේවල්නේ " නේද ...? ඒ කිව්වේ LTTE සිදුවීම , අපේ සිංහලු අහිංසක දෙමළ මිනිස්සුන්ව කැති ගාපු හැටි වගේ දේවල්නේ... නේද ..? ඒ නිසා මන් ඒ කෝණයෙන් උත්තර දෙන්නේ... ( නැතුව ලෝක සම්මතයෙන් නෙවේ හරිද )

      පැහැදිළිවම රාජ් අපේපාහර සිංහල ( මාත් සිංහල ) හැත්ත නිසා තමයි LTTE වැනි කණ්ඩායම් බිහි උනේ.. 83 දී කරපු වැඩ වලට සහ ගහන්නේ නැතුව තියේද කියලා රාජ් දන්නවනේ.. අපේ සීයලා ඇඳන් අස්සේ දාගෙන තමයි හිතවත් දෙමළ අයව බේරගත්තේ... ඒ මිනිස්සු මට සහ මගේ පවුලට පණ උනත් දෙනවා අද.. ඒත් අනිත් සිංහලයෝ ගැන ඉන්නේ අප්‍රමාන වෛරයකින්.. දැක්කද වෙනස ....?

      මේ ප්‍රශ්නේ හැම පැත්තක්ම ඒ වගේ රාජ්.. ප්‍රභාකරන් කෙනෙක් බිහි උනේ අපේම වරදෙන්.. කිසිම කෙනෙක්ට නැහැ කියන්න බැහැ. අපි කරන්න ඕනේ එවැනි සිදුවීම් නැවත ඇති වෙන්න ඉඩ නොදීමයි.. ( අපි අතින් වෙන්නේ නැත්තෙත් ඒකයි . බලන්න 2/3 තිබිලත් අපි මොනවද කරේ ? භාෂා ගැටලුව වෙනුවෙන් මොනවද කරේ ...? ඕවා කතා කරලා වැඩක් නැහැ.. මුන්ට ( සිංහල පාලකයන්ට ) හෙණ ගහන්න ඕනේ පවුල් පිටින්.. )

      _____________________________

      කොහොමින් හරි අන්තිමට මහා බලගතු ප්‍රභාකරන් කෙනෙක් බිහි උනානේ ? ඊට පස්සේ ඉතින් කරන්න තියෙන්නේ යුද්ධ කරන එක විතරයි රාජ්.. වෛරයෙන් ගිණි ගනිමින් ඉන්න ප්‍රභාකරන් කෙනෙක් සමග " ප්‍රජාතන්ත්‍රවාදයෙන් හා සාමයෙන් " කරන්න දෙයක් නැහැ... නමුත් මේයින් හිතන්න එපා වැරදි දෙයක්.. ( 100% ක් දන්නවා වැරැද්දේ මුල ඉන්නේ අපි.. අපිම ඇති කරලා අපිම නැති කරා.. අන්තිමට හොඳටම තැලුනේ දෙමළ මනුස්සයා.. අහිංසක දෙමළ මනුස්සයා අදත් අසරණයි.. කෝ ඒවට විසදුම් ...? වැඩක්ම නැහැ රාජ් මේවා ගැන කතා කරලා )




      Delete
    3. සහන් දන්නවා අනිත් සිංහලයෝ ගැන ඉන්නේ අප්‍රමාන වෛරයකින් කියල. නමුත් අනිත් දෙමලු ගැන කොහොමද කියල මතක නෑ.

      Delete
  2. යූ ඇන් පිය යනු මෙරට සමාජයේ ඇති ප්‍රචන්ඩම දේශපාලන සංවිධානයයි.1977 දී ඔවුහු දැවැන්ත ප්‍රචන්ඩත්වයක් සමාජයට මුදා හැරියහ.එබදු ප්‍රචන්ඩටවයක් 1994 දී ඇති වනුඇතැයි බොහෝ දෙනා සිතුවත් එසේ නොවීය.හොඳ දේශපාලන පූර්වාදර්ශයක් ලැබුනායැයි අප සතුටු වීමු.මෙය දිගටම පවතිනු ඇතැයි අප සිතුවෙමු.එහෙත් 2001 දී යූ ඇන් පිය ජයගත් විට දරුණුම ප්‍රචන්ඩත්වයක් මුදා හැරියහ.2004 දී සංධානය ජය ගත්තත් ඔවුහු පලි ගැනීමක් නොකළහ.අවුරුදු දෙකකට කලින් සිදුවූ දෙයකට පලි නොගැනීම විශිෂ්ටය.ඉන්පසු සංධානය ජය ගත් කිසිම විටක පලි ගනීම් සිදු නොවීය.

    එසේම යූ ඇන් පී ආන්ඩු වලින් සිදුවූ ජන මර්ධනය ගැන ප්‍රමානවත් කතිකාවක් සිදුවී නැත.නාරාහේන්පිට අභයාරාමයේදී පොලිස් ප්‍රචන්ඩත්වය නිසා සාමකාමී මැයි දින පෙල පාලියක ගිය තරුනයන් දෙදෙනෙක් මරා දැමුණි.මෙසේ සියලුම උද්ඝ්හෝෂන මැර බලයෙන් මර්ධනය විය.ඇත්තෙන්ම ජනතා විමුක්ති පෙරමුනට වර්ධනය වුනේත් එම පෙරමුන ප්‍රචන්ඩ වුනේත් යූ ඇන් පී ප්‍රචන්ඩතව්ය නිසාමය.

    මෙසේ වන්නේ ඇයි.ඉතාම අඩු අධ්යාපන සුදුසුකම් ඇති නන්නත්තාර නිර්ධනීන් හොඳ යූ ඇන් පී කාරයෝය.ගම්වල සිටින ලුම්පන් පාද්ඩ මැරයන් හැම එකාම යූ ඇන් පී කාරයන් වීම පුදුමයකි.
    ධීවර,මාංශ,මත්ද්‍රව්ය යන කර්මාන්තවල යෙදී සිටින අන්යාගමිකයන් සියල්ලෝම හොඳ යූ ඇන් පීකාරයෝය.ඊට ප්‍රතිවිරුද්ධ ශ්‍රීලනිපය බිහිවී ඇත්තේ සඟ වෙද ගුරු ගොවි කම්කරු යන බලවේගයෙනි.මේ අය ගම් වල අහිංසකයෝය.

    ලොම් හැලුන වෘකයන්ට යූ ඇන් පිය සමාන කිරීම සතුටකි.එසේම මේඔ ලොම් හැලුන වෘකයා සිටින්නේ ලේ පිපාසයෙනි.ඌට බලය ලැබුනොත් හත් අවුරුද්දක් කන්න නැති එකෙකුට බත් පිගානක් දුන්නා වැනිය.

    යූ ඇන් පියේ ක්‍රිස්තියානි පදනම ගැනද යමක් කීම සුදුසුය.යූ ඇන් පී රජයකදී හාමුදුරුවරුන්ගේ සිවුරු ගලවා පහර දෙන්නේ පන්සල් ඇතුලේදීමය.යූ ඇන් පී ආණ්ඩු කාලයේදී මෙවැනි හාමුදුරු මොබ් තිබුනේද නැත.

    යූ අන් පිය යනු මෙරට සිටින අශිෂ්ටම ප්‍රචන්ඩකාරීන්ගේ සංවිදානයකි.එහි ඉහලම ස්ථරයේ දරුණුම ගනයේ ධනපතියන් සිටිති.

    ReplyDelete
    Replies
    1. අන්න ඒකටත් එක්ක යකෝ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය බොධියක්, බෝ පැලයක්.. හරිම අහිංසකයි.

      Delete
    2. hikz!!!!!!!!!!!!!!

      Delete
  3. ගෝතයා කියනවා නානසාර කරනව පේමන්ට් මහින්ද හෙලප් එකට ඉන්නවා

    ReplyDelete
  4. /-ජාතිවාදයට හා ප්‍රචණ්ඩත්වයට මුහුණ දිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදයෙන් හා සාමයෙනි-/

    ජාතිවාදය අමතක කරමු, "ප්‍රචණ්ඩත්වය", පට්ටනෙ පැරා, අපරාදෙ අපි කොටි එක්ක යුද්ද කරෙ.

    ප්‍රේමදාස හා මහින්ද දෙන්නම හොඳ වෙලාවට ඕක දැනගෙන හිටියෙ නෑ, නැත්නම් තාම අපි රෑට ලයිට් නිවන්නයි, බෝම්ම්බ වලට අහුවෙන්නයි තිබ්බ.

    -ප.ගෝ.

    ReplyDelete
  5. ඕනැම දෙයක් ඕනැවට වැඩිය ඕනැනැත කියල කියනවනෙ
    ඔය ප්‍රජාතන්ත්‍රවාදෙ කියන්නෙත් ඒවගේ එකක් ඔක තෙරෙන උනුත් ඉන්නව නොතේරෙන උනුත් ඉන්නව LTTE ප්‍රජාතන්ත්‍රවාදෙ උගන්න උගන්න හිටියනම් තවමත් බොම්බ ගැන ගැන ඉන්න තිබුන. නානසාර වගෙ උනුත් ඒවගේ තමයි ඔලුව නවන්න නවන්න උන්ගෙ බලු ගති එලියට එනව වැඩියි මේපාර උන් UNP උන්ගෙ ගෙදරටම ඇවිත්. මේවගේ සැලකුවෙ නැත්නම් ඊලග පාර ඇද උඩට ඇවිල්ල තමයි නවතින්නෙ. ඉදල හිටල මේවගෙ වෘක ගති වලින් වැඩ ගන්න වෙනව අනිත් පැත්තෙන් ඉන්න උන්ගෙ හැසිරීම අනුව.

    ReplyDelete
  6. මෙ රටේ එතේක් මෙතෙක් බිහි උන කාලකන්නිම දේශපාලන පක්‍ෂය UNP එක​. මම බලන් ඉන්නේ ඹකුන් ඉක්මනට මකබැවිලා යනකන්.

    ReplyDelete
  7. Now Lankaenews has became official UNP web site. Good luck Enews, wait and see how you are going to get press freedom from UNP. Without any shame they are asking donation to buy computers, they must ask computers from Ranil. We remember how they treated press when they were in power. Yes, I hate this regime, but it doesn't mean that I have to support UNP. UNP is the party who started this destruction, they are the founding fathers of corruption, thuggery, disappearances, killing ect.


    ReplyDelete
  8. මේ වගේම රටින් හැංගී චන්ඩි ටෝක් දෙන ලංකා ඊ නිව්ස් ඇතුලු මොබ් වෙබ් අඩවිද හෙලා දැකිය යුතුයි
    Prakeesh

    ReplyDelete
  9. කොයි චන්ඩියත් හැංගිලා තමයි කයිය. මතකනෙ දීප්ති-නිර්මාල් නොකෙරෙන සංවාදෙ....

    ReplyDelete
  10. පැරාගේ Artical එක දැකළද කොහෙද enews එකේ තව පාරක් UNP එකේ ප්‍රහාරය සාධාරනිකරනය කරන්න try එකක් දීලා තියෙනවා. සදරුවන් පැරාගේ Blog එක බලනවා මම හිතන්නේ.

    ReplyDelete
  11. මීට කලින් පාර්ලිමේන්තුවේ සභාගර්භයේ කොලොන්නාවේ සුමංගල හිමියන්ගේ අඳනය අස්සට අත දමා දුටුගැමුණු අර මොකක්දෝ එක මිරිකීමයි. ඤානසාරට පහර දිමයි දෙකම එකයි. මඩවතුට වැටෙන මිනිහට වතුර පෙරල බොන්න බෑනේ

    ReplyDelete
  12. mekata moka hari kamak naha ambaanakata nelanawanam.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා