සංගීත් කවි බණ හා ජනප්‍රිය බෞද්ධ කලාව

අද දවල් කොළඹ කොටුවේ සිට පිටකොටුවට පයින් ගියා. මේ කොළඹ ගියේ සෑහෙන දවසකින්. යනකොට සීඩී තට්ටුවක්, තට්ටුවක් ගානේ දාලා තිබුණේ අමුතු කවි පංතියක්. හැම තැනින් ම ඒ කවි පංතිය ඇහෙනකොට කිසියම් කරුණ රසයක් දැනුණා. ඒ නිසා අම්මා ගැන කවි බණක් වන එයින් තැටියක් රු. 130ක් ම ගෙවලා මිළ දී ගත්තා. අ.පො.ස. නෙමෙයි, අ.තැ.ස. (අපොයි තැටි ගත්ත සල්ලි) ඒ තැටියේ අඩංගුව නම් කර තිබුණේ සංගීත් කවි බණ කියායි. අම්මා නමින් වූ මේ තැටියේ රචනය හා ගායනය මානකඳුරේ පඤ්ඤාසාර නම් හාමුදුරු කෙනෙක්. ඔහු මෙවැනි සංගීත් කවි බණ තැටි තවත් නිකුත් කර තිබෙනවා.

සර පුවරුවකින් කරන ලද ඉතා සරළ සංගීත ඛන්ඩයක් අතරමැදට වාදනය කරමින්, අතරින් පතර යම් උපදේශාත්මක විස්තරයක් ද කරමින්, එකම ආකාරයකට දිගින් දිගට කරන ගායනය ටික වෙලාවක් යන විට බෝරිං වේ. බෝරිංකම නැති කරන්නට මෙන් ටිකක් දුර යන විට අම්මා අම්මී වෙයි. අවසානය දක්වා අසන්නට රුචියක් ඇති වූයේ නැත.

මෙහි ගැයෙන සරළ කවි කාව්‍යාත්මක වශයෙන් දුර්වල මුත්, ගායනයේ යම් මධුරකමක් තිබේ. ගැයුම යම් තරමකට නරසීහ ගාථාවලට සමාන ය. ස්වර පරාසය පටු ය.බෝධි පූජා කවිවල මෙයට වඩා සුන්දරත්වයක් ගැබ් වී තිබිණි.

බුදු දහම ආශ්‍රිතව මෑත කාලයේ බිහි වූ ජනප්‍රිය සංගීත නිර්මානවල පොදු ලක්ෂණයක් වන්නේ ඒව‍ායේ තිබෙන අති සරළකම හා රසහීනතාවයි. බෝධි පූජා කවි, කවි බණ, විරිදු බණ, තැටිගත කරන ලද තුන් සරණය ආදිය නිදසුන් වේ. මේවා සන්සන්දනය කළ යුතුව තිබෙන්නේ විසිවන සියවසේ මැද භාගයේ මොහිදීන් බෙග්, ඒ.ජේ. කරීම්, ඒ. එම්. යූ රාජ්, ‍විවියන් ද සිල්වා බොරලැස්ස, රුක්මනී දේවි ආදීන්ගේ සිට හැත්තෑවේ දශකයේ සුජාතා අත්තනායක, නන්දා මාලිනී, අම‍රදේව වැනි අය දක්වා බිහි වූ ගීත නිර්මාන ආදිය‍ සමගයි. 

මේ සුන්දර නිර්මාන බිහි කිරීමට දායක වූ ඇතැමෙක් බෞද්ධයෝ නො වූ හ. එහෙත් ඔවුන්ට කලාවේ මනා ශික්ෂණයක් තිබිණි.

බෞද්ධයන්ගේ ඉල්ලුම වෙනුවෙන් ඔවුන් විසින් සපයන ලද නිර්මාණවලින් සමස්ත සමාජයේ ම රස වින්දනය ඉහළ ගියේ ය. සීමිත ස්වර පරාසයක හැසිරෙමින් තිබුණු විරිදු සංගීතය වැනි සරළ දේශීය සංගීතය ඔවුන් රාගධාරී සංගීතය ඇසුරු කරගෙන කරන ලද නිර්මාන හේතුවෙන් පුළුල් විය.

එදා බිහි වූ  මනරම් නිර්මාන අසලින්වත් තබන්නට හැකි කලා නිර්මාන දැන් ආගම ආශ්‍රිතව බිහි වන්නේ නැත.දැන් කාලයේ ආගමික හා සුචරිත වෙළඳපොළට නිර්මාන සපයන අසංක ප්‍ර්‍රියමන්ත පීරිස් වැනි ගායකයන්ගේ නිර්මාන මේ සඳහා නිදසුන් වේ.

කලාවේ ශික්ෂණයක් නැති භික්ෂූන් වැනි පිරිස් විසින් බුදු දහම ආශ්‍රිත ජනප්‍රිය කලාව තව තවත් පරිහාණියට ලක් කරමින් සිටින බ‍ව පෙනේ. බුදු දහම ඇසුරේ සිටින පුද්ගලයන් එන්න එන්න ම උසස් වින්දනයෙන් ඈත් වෙමින් සිටිති.

සංගීත කලාවෙන් ඔබ්බට බෞද්ධ ආගමික කලාව විහිදෙන්නේ ඉතා ම සුළුවෙනි. සාර්ලිස් මාස්ටර්ගේ සරළ බෞද්ධ චිත්‍ර කලාව තුළ තිබුණ සුන්දරත්වය හෝ අද පන්සල් හා තොරණ චිත්‍ර තුළ නැත. හන්දි, හන්දි ගානේ තබන බුදු පිළිම නිසා බෞද්ධ මූර්ති කලාව අන්ත පරිහාණියට ගොසිනි. 

පන්සලේ බණ මඩුවේ පෙන්නාපු සඳකිඳුරු කතාව වැනි බෞද්ධ නාට්‍ය කලාවක් මේ රටේ තිබුණි. අද එයට වූ දෙයක් නැත. 

මේ ගැන ඔබ හිතන්නේ කුමක් ද?



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. පසුව එමි

    ReplyDelete
    Replies
    1. සිංහල බ්ලොග් අවකාශයට වෙලා තියෙන සන්තෑසිය ගැනත් ලියුවනම්..!

      Delete
    2. @ අපූර්වී
      //පසුව එමි//

      තමුන් මේ බ්ලොග් එකට ගොඩවැදුනා කියන්නද ඔයටික ලිව්වේ?
      අපරාදෙ මම එක වගේ එකක් කිව්වනම් ඉවරනේ...
      අනේ මෙහෙමත් ලෙඩ්ඩු............

      පැරා, අර මාලන් කිව්වත් වගේ, මේවගේ ලෙඩ්ඩුයි නා නා ප්රෝකාර ගොන්පාට් කාරයොයි එක එකාට කඩේ යන හෙංචයියලයි, තමන්ගෙ නමේ අගට තමන් ඉන්න රටේ නම දාගෙන පිස්සු නටන මෝඩචූං කාරයන්/කාරියන් හන්දයි සිංහල බ්ලොග් අවකාශෙට වෙලා තියෙන සන්තෑසිය ගැනත් ලියුවනම්..!

      Delete
    3. මාලන්,
      මට පේන විදියට බ්ලොග් ලියන්නන්/කියවන්නන් කොටස් තුනක් ඉන්නව. බ්ලොග් එකක් ලියන ගමන් යාළු මිත්‍රකම් පවත්වමින් කමෙන්ට් කරමින් ඉන්නව එක කණ්ඩායමක්.
      තවත් කට්ටියක් තමයි පැරා, රාමචන්ද්‍ර, උඹ වගේ උදවිය. අන්තිමට ඉන්නව මම වගේ ඔය දෙපැත්තටම අයිති උදවිය.

      රාමචන්ද්‍රෙග, පැරාගෙ... අඩවියට ඇවිල්ල පසුව එන්නං වගේ කමෙන්ටුවක් දාන්නෙ එතන හරියට හඳුනා නොගැනීම නිසා. අපූර්විත් මෙතෙන්ට එන්න ඇත්තෙ අද, නැත්තං ලඟදි වෙන්නැති.
      :-)

      Delete

    4. හා පසුව එන්න. අපි බලන් ඉන්නවා.

      Delete
    5. එන්න එපා ඉන්න දිහාවෙම නවතින්න.....

      Delete
    6. හිට් මේනියාව, ප්‍රදර්ණකාමය සහ කල්ලි වාදය තමා සිංහල බ්ලොග් වලට කෙලෙව්වෙ, සමහරු පෝස්ට් එකක් දාන්න පරක්කු උනත්, අනේ සොරි ගොඩක් වැඩ තිබ්බ මෙයාල කියනව, එහෙම නැත්නම් ඔහෙ ගිහින් මොකක් හරි කොටනවා කිසිම ගැලපීමක් නැතිව, එකම බලාපොරොත්තුව මම උඹේ එකට ආවනෙ, දැන් ඉතින් මගේ එකටත් වරෙන් කියන්න. සමීප කවයන් ඇතිවීම අවුලක් නෑ, මොකද ඒක වනචාරි යුගයෙ සිටන් මිනිසුන්ගෙ ජාන වල එන දෙයක් (මුලින් ආරක්ශාව උදෙසාත්, පසුව පැවත්ම උදෙසාත්), නමුත් ඒව කරනන්න හරියන බ්ලොග් තියනව, එෆ්.බී එක තියනවා.
      නමුත් ඒ ඒ බනිසට අදාල කෙහෙල් ගෙඩිය මොකක්ද කියල නොදැනීම තමයි අවුල.

      -ප.ගෝ.

      Delete
  2. මව් පිය ගුන බනට දාල කියන ඔය තැටිය වගේම ඔය රැල්ලත් මලම කරදරයක්.බන කියන්න හරියකට ආගම ඉගෙන ගන්න කම්මැලි කමේ මිනිස්සු රවට්ටන්න කරන ලග නැවිල්ල තමයි ඔය කාලීන බන පාරවල්.

    බුදුදහම කියල පුරුද්දට අපි නොදැන කරන රැල්ලට යන සහ ඒව හොදනම් මේවත් නියමයි කියල අලුතෙන් එකතු කරගන්න බහුබූත හරියට අදුනගන්න බැරිනම් සුවාමිනේ බන නොකිය ඉන්න.

    pramod

    ReplyDelete
  3. ධර්ම දේශනා කරද්දී කල යුතු සහ නොකළ යුතු දේවල් රාශියක් ගැන විනය ශීක්ෂා පද තියෙනවා. ධර්ම කරුණු කියද්දී දෙතිස් කතා ( නොකළ යුතු සංවාද 32 ක් ගැන සඳහන් ) කියන්න බැහැ. ධර්ම දේශනා විලාශය මගින් රාගය ඇති කරන්න බැහැ . ලස්සන තාල රිද්ම හඬ අනුගමනය කරන්න බැහැ . ශ්‍රාවකයන්ගේ වෛරී චේතනාවත් ඇති වෙන ආකාරයේ දේවල් කියන්න බැහැ.

    පහත් ආසනයක ඉඳන් ධර්ම දේශනා කරන්න බැහැ ( ශ්‍රාවකයා උස් ආසනයක හිඳී නම් ) . අනවශ්‍ය හිස් ප්‍රලාප කියන්න බැහැ. මේ ආදී වශයෙන් විශාල ශික්ෂාපද ප්‍රමාණයක් තියෙනවා.. පැරාගේ මේ පෝස්ට් එකට අදාළම ශික්ෂාපදය තමයි " ස්වර 4 ක් ඉක්මවා යමින් ධර්ම සජ්ජායනා කරන්න බැහැ. "

    යම් කිසි භික්ෂුවක් එසේ කරයි නම් එය විනයට පටහැනියි..

    ReplyDelete
    Replies
    1. මහණ වෙලා හිටියද?

      Delete
    2. දවසක් බණකට කියනවා ඇහුණා... බොහෝ අය හිතාගෙන ඉන්නවනේ බුදු දහමේ නීති රීති නැහැ කියලා.. ඒත් විනය පිටකය බැලුවම තේරෙයි මොන තරම් ශික්ෂා පද ඇතුළත් කරලා තියෙනවද කියලා.. ලිංගික කාර්යන් ගැන සඳහන් දේවල් පොඩ්ඩක් බලන්න විවේකීව.. එකින් එක ඇතුළත්. කාටවත් වචන හරඹ කරලා බේරෙන්න බැහැ.

      වැඩේ තියෙන්නේ මේවා රකින්නේ නැති දුසිල්වත් පුද්ගලයන්ට එරෙහිව කිසිම කෙනෙක් ක්‍රියාමාර්ගයක් නොගන්න එක.. කව්රු හරි ක්‍රියාමාර්ගයක් ගන්න ගියොත් ඒ මිනිහා ඉවරයි...මේ විදිහටම ගියොත් මොනවා වේවිද දන්නේ නැහැ.. හැමදේම අනිත්‍යයි කියලා ඉන්න එක අනුවණ වැඩක්... එහෙම හිතුවනම් ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන්න ඕනෙත් නැහැනේ...

      Delete
    3. මාගල් වගේ කොමෙන්ට් දාන්න එපා බං.... කලිනුත් කිව්වා.... පෝස්ට් එකක් දාලා ලින්ක් එක දාපන්.... අපි මෙතනට එන්නෙ පැරාගෙ බ්ලොග් එක බලන්න... නැතුව උඹේ මාගල බලන්න නෙවෙයි....

      Delete
  4. පැරකුම් මහත්තයට වෙච්ච දේ පැහැදිලියි. පිටකොටුවෙ විවෘත පරිසරය තුල එහෙන් මෙහෙන් කෑලි ඇහෙනකොට ඒක මිහිරියි වගේ දැනෙනව. මිහිර සදහටම තියාගන්න ගෙදර ගෙනියල අහද්දි ඒක බෝරින් වෙනව. බුදුහාමුදුරුවොත් කිව්වෙ ඕක තමයි. කොහේද...... :-)

    ReplyDelete
  5. අර උඩිනුත් ඒසී, යටිනුත් ඒසී, ඩබල් ඒසී බණ තියෙන විසීඩී එකක් නං මාත් පෙටාවලින් ගත්තා මෙයා.

    මරු!

    ReplyDelete
    Replies
    1. හාමුදුරුකෙනෙක්, රට ගැන මුකුත් කියයනවානම් කතන්දරය පැනල එතන. ඇයි බන් එහෙමෙ වෙන්නෙ, උඹට මොකක් හරි කෙරුවද ඉස්සර ඔච්චර තරහ. අනෙ ලින්ක්ස් දාන්නෙ නැතිව කියන දෙයක් මෙතනම කියපන්.

      ප.ගෝ.

      Delete
    2. මේ ඇනෝ කා වා බව කවුරැ නොදනිත් ද? ප.ගෝ.

      Delete
  6. පැරා,

    සරල ස්වර ගැන ඔබ පසුතැවෙන්නේ මන්ද? යෝවද තම්පව .... හෝ ඉන්දනිල වන්නපත්ත .... වැනි ස්වර රටාව ගැන මොකද කියන්නෙ.කොහොමටත් සරල ස්වර තමයි පිරිත්වල තියෙන්නේ.භික්ෂුන් වහන්සේලා යනු සංගීතඥයන් නෙමෙයි. ඔබ නිර්-ආගමිකයෙකු උනාට කමක් නැහැ.මින් ඉදිරියටවත් භික්ෂුන්වහන්සේ නමක් හඳුන්වනවිට ගරු ඇමතිමකින් ඒක කරන එක හොඳයි.එතකොට ඔබටත් නිසැකයෙන්ම ගරුත්වයක් අන්‍යන්ගෙන් ලැබේවි.

    ReplyDelete
    Replies
    1. සරමෙසේරම වගේ පොරවල් ඉතින් ගණයො බයිලා කැසට් කරත් වැදගෙන අහන් ඉදියි...... පව්.....

      Delete
  7. Oya agamak adahanne neththan Mona reddakatada hamuduruwo bana kiyana CD ekak gaththe. .

    ReplyDelete
    Replies
    1. අහන්නනෙ යකෝ ගත්තෙ

      Delete
  8. සේරටම කලින් දස සිල් වල තියෙන නච්ච ගීත වාසුක විසූක දස්සනා කියන එක හාමුදුරුවෝ සමාදම් වෙනවද දන්නේ නැහැනේ.
    මගේ අදහස හාමුදුරු නමකට මෙවැනි දෑ අකැපයි.

    ReplyDelete
  9. මමත් ඒ බණ තැටිය ඇහුවා. අම්මා තාත්තා ගැන ගුණ වර්ණනා කරලා තිබ්බේ. හාමුදුරුවෝ ගිහි ජීවිතයෙන් වෙන් වෙලා ඉන්න නිසා ගිහියෙකුට වඩා දෙමව්පියන් ගැන ඇල්මකින් කටයුතු කරනවා කියලා හිතුනා. ඒ වගේම ඒ හාමුදුරුවෝ අම්මාට තාත්තාට හරිම ආදරය ඇති කියලා මට හිතුනා.

    ReplyDelete
  10. මම නම් හිතන්නේ වැරද්දක් නෑ කියලා අයියේ..
    අනේ මන්දා ඒ මට හිතෙන හැටි..
    බුදු ඇනෝ අයියේ මම පොඩි එකෙක් අර කුණු හරපනම් එපෝ....

    ReplyDelete
  11. මමත් ඔය කව් බන ඇහුවා...මෙතන කොමේන්ට් දාල තිබ්බා විනයට පටහැනියි කියල...එහෙම බැලුවොත් භික්ෂූන් දේශපාලනයට ගොස් කටයුතු කරන සමයක අම්මා ගැන දෙනෙත් පෑදු ඒ හාමුදුරුවන්ගේ වැරද්දක් දකින්නේ නෑ.....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා