Posts

Showing posts with the label බෞද්ධ සංගීතය

සංගීත් කවි බණ හා ජනප්‍රිය බෞද්ධ කලාව

Image
අද දවල් කොළඹ කොටුවේ සිට පිටකොටුවට පයින් ගියා. මේ කොළඹ ගියේ සෑහෙන දවසකින්. යනකොට සීඩී තට්ටුවක්, තට්ටුවක් ගානේ දාලා තිබුණේ අමුතු කවි පංතියක්. හැම තැනින් ම ඒ කවි පංතිය ඇහෙනකොට කිසියම් කරුණ රසයක් දැනුණා. ඒ නිසා අම්මා ගැන කවි බණක් වන එයින් තැටියක් රු. 130ක් ම ගෙවලා මිළ දී ගත්තා. අ.පො.ස. නෙමෙයි, අ.තැ.ස. (අපොයි තැටි ගත්ත සල්ලි) ඒ තැටියේ අඩංගුව නම් කර තිබුණේ සංගීත් කවි බණ කියායි. අම්මා නමින් වූ මේ තැටියේ රචනය හා ගායනය මානකඳුරේ පඤ්ඤාසාර නම් හාමුදුරු කෙනෙක්. ඔහු මෙවැනි සංගීත් කවි බණ තැටි තවත් නිකුත් කර තිබෙනවා. සර පුවරුවකින් කරන ලද ඉතා සරළ සංගීත ඛන්ඩයක් අතරමැදට වාදනය කරමින්, අතරින් පතර යම් උපදේශාත්මක විස්තරයක් ද කරමින්, එකම ආකාරයකට දිගින් දිගට කරන ගායනය ටික වෙලාවක් යන විට බෝරිං වේ. බෝරිංකම නැති කරන්නට මෙන් ටිකක් දුර යන විට අම්මා අම්මී වෙයි. අවසානය දක්වා අසන්නට රුචියක් ඇති වූයේ නැත. මෙහි ගැයෙන සරළ කවි කාව්‍යාත්මක වශයෙන් දුර්වල මුත්, ගායනයේ යම් මධුරකමක් තිබේ. ගැයුම යම් තරමකට නරසීහ ගාථාවලට සමාන ය. ස්වර පරාසය පටු ය.බෝධි පූජා කවිවල මෙයට වඩා සුන්දරත්වයක් ගැබ් වී තිබිණි. බුදු දහම ආශ්‍රිතව ම...