විජේවීරගේ පරමාදර්ශය හා අද දවසේ ජීවනාදර්ශ

රෝහණ විජේවීර මරා දමා අදට 24 වසරකි. ක්‍රමයෙන් අඩු වී යන උනන්දුවකින් යුතුව ජවිපෙ විසින් 'ආදරණීය රෝහණ විජේවීර සහෝදරයා' සමරමින් සිටියි. අප කිසියම් පුද්ගලයකු සැමරිය යුත්තේ වර්තමානයට ඔහු අදාළ කර ගනිමිනි. මාක්ස්, එංගල්ස්, ලෙනින්, චේ, ගාන්ධි වැනි අය අදටත් අදාළ දාර්ශනික හා ජීවන භාවිතාවන් හඳුන්වා දුන් අයයි. රෝහණ විජේවීර වර්තමානයට අදාළ වන්නේ කෙසේ ද?

ඔහු ලංකාවේ කළ මැදිහත්වීම දෙස මැදහත් සිතින් බලන්නට අපි ඔබට ආරාධනා කරමු. ඔහු විසින් නායකත්වය දෙන ලද කැරැලි දෙක ම අතිශය ප්‍රචණ්ඩ ඒවා වූ බව ඇත්ත ය. එහෙත්, ලොව සියලු යුගවල විප්ලවීය අරගල හැමෙකක් ම පාහේ ප්‍රචණ්ඩ ‍ඒවා විය.

සමාජ වෙනස්කම් සඳහා මහජනයා අවදි කිරීමේ සංවාදයක්ඇති කිරීමේ අයිතියක් නායකයන්ට තිබේ. එම සංවාදයට එරෙහිව ප්‍රචණ්ඩත්වය භාවිතා කිරීමේ අයිතියක් පවත්නා තත්වය වෙනුවෙන් පෙනී සිටින්නන්ට නැත. ප්‍රචණ්ඩත්වයට මෙම දෙපාර්ශ්වය ම වගකිව යුතු ය. කැරැලිවල මූලය ඇත්තේ මර්දනය තුළයි. ප්‍රජාතන්ත්‍රවාදී අන්දමින් සිදු වූ සමාජ විපර්යාස අවම ය. ඒවා හැම විට ම ප්‍රචණ්ඩත්වය සමග බැඳී තිබිණි. ජේ.ආර්. ජයවර්ධන ලංකාවේ ආර්ථිකය විවෘත කළේ ද ප්‍රචණ්ඩත්වය භාවිතා කරමිනි.

එහෙයින් විජේවීර නායකත්වය දුන් කැරැලිවල ප්‍රචණ්ඩත්වය යනු එහි ඇති මූලික ම දෙය නො වේ. එය එහි එක් ලක්ෂණයක් පමණි.

විජේවීර විසින් ප්‍රචණ්ඩත්වය භාවිතා කරමින් ලංකාවේ ඇති කරන්නට ගිය වෙනස කුමක් ද? ඔහු භාවිතා කළේ සමාජවාදය ද? නැතිනම් කුමන සමාජ දේශපාලන දර්ශනයක් ද?

විජේවීරවාදයේ මූලික ම ලක්ෂණය ජාතිවාදයයි. එය අඩු තරමේ ප්‍රජාතාන්ත්‍රික ලාංකික දේශපාලන ප්‍රජාවක් වෙනුවෙන් හෝ පෙනී නො සිටියේ ය. සිංහල මූලික ඊනියා ශ්‍රී ලාංකික ජාතිකවාදය කර පින්නා ගත් විජේවීර එය යුක්ති යුක්ත කිරීම පිණිස මාක්ස්වාදය විකෘති කරමින් පොත් පත් පවා පළ කළේ ය.

විජේවීර දෙමළ ජනයාගේ ජාතික ගැටලුව ආර්ථික ගැටලුවට ඌනනය කළේ ය. ඒ ඔස්සේ ඔහු දෙමළ ජනයාගේ ජාතික හිමිකම් සඳහා අරගළය ප්‍රතික්ෂේප කරමින් එය ශ්‍රී ලංකාව බෙදීමේ අධිරාජ්‍යවාදී වැඩපිළිවෙලක කොටසක් බව ප්‍රකාශ කළේ ය. එය මර්දනය කරන ලෙස ඉල්ලා සිටියේ ය. ඔහු සිංහල ජාතියේ ආධිපත්‍යයෙන් යුත් ඊනියා ශ්‍රී ලාංකික ජාතිය එහෙමම පිළි ගත්තේ සුළු ජාතීන්‍ ශ්‍රී ලංකා රාජ්‍යයේ යුක්ති යුක්තභාවය ගැන කළ ප්‍රශ්න කිරීම නො තකා හරමිනි.

ඔහුගේ සමාජවාදී වැඩසටහන ශ්‍රී ලංකාව පදනම් කර ගත් ජාතික සමාජවාදයක් විය.එහි ජාත්‍යන්තරවාදී දෑත රුසියාව, කියුබාව වැනි දුර බැහැර ෆැන්ටසික සමාජවාදී ලෝකවලට දිගු වුණ මුත් ලංකාවේ සහෝදර දෙමළ, මුස්ලිම් ජනයා වෙත දිගු වුණේ නැත.

එසේ ම, විජේවීරගේ සමාජවාදය පුරුෂෝත්තමවාදී දැක්මක් ද විය. ඔහු විසින් ගොඩනඟන ලද පක්ෂයේ කාන්තාවන්ට සම තැන තිබුණේ නැත. ඔහු ජීවත් වූ සමයේ එහි දේශපාලන මණ්ඩලයේ කාන්තාවක් නියෝජනය වී නැත. පවත්නා පසුගාමී ධනේශ්වර සමාජයේ පවුල තුළ කාන්තාවට අත් පත් කර දී තිබෙන  තැනට වෙනස් තැනක් ජවිපෙ තුළ කාන්තාවට තිබුණේ නැත. ඇයට තිබුණේ සහෝදරයන්ගේ විප්ලවයට අත්වැඩ සැපයීමටයි. ඔහුගේ පෞද්ගලික ජීවිතයේදී ද ඔහු බිරිඳ ලෙස තෝරා ගත්තේ ළාමක, ළාබාල කාන්තාවකි. පක්ෂ සහෝදරියෝ ඔහුගේ නිවසේ පූර්ණකාලීනව ගෘහ සේවිකාවන් ලෙස වැඩ කළ හ.

විජේවීරවාදය තුළ සමස්තයක් ලෙස ම ජීවිතය පිළිබඳ විකල්ප දැක්මක් ගැබ් වුණේ නැත. ජවිපෙ විසින් හඳුන්වා දෙන ලද විප්ලවීය ජීවිතය යනු පක්ෂය වෙනුවෙන් කැප වූ වහල් ජීවිතයක් පමණි. පක්ෂ සාමාජිකයාට තිබුණේ පක්ෂ නායකත්වය විසින් කියනු ලබන දෙය ඒ අන්දමින් පිළි ගෙන, සිය ශ්‍රමයෙන් පක්ෂය නඩත්තු කිරීම පමණි. මෙකී වහල් ස්වරූපී පක්ෂ සම්බන්ධතාව ඔස්සේ කිසිදු සුවිශේෂ නිර්මානශීලිත්වයකට ඉඩක් නො තිබුණු බව දශක පහක  ජවිපෙ ඉතිහාසයෙන් පෙනේ.

කලා, ශාස්ත්‍රීය හා වෙනත් සමාජ කතිකාවන්ට ජවිපෙන් ලැබුණේ අවම දායකත්වයකි. ජවිපෙ ලාංකීය සමාජයේ නිර්මානය කළ පක්ෂ උප සංස්කෘතිය හැර ජවිපෙ විසින් කරන ලද කැපී පෙනෙන සංස්කෘතික මැදිහත් වීමක් ද නැත.

අවසානයේදී ජවිපෙට තොරොම්බල් කරන්නට ඉතිරි වී තිබෙන්නේ ද පක්ෂ නිර්මාතෘ විජේවීරගේ සුරුවම පමණි. විජේවීර දේශපාලන නායකයකු ලෙස අසාර්ථක ය. ඔහුගේ අසාර්ථකත්වය තීරණය වන්නේ ඔහු විසින් නායකත්වය දෙන ලද කැරැලි දෙක පරාජය වූ නිසා ම නො වේ. එකී කැරැලි විසින් ලංකාවේ තබන ලද සාධනීය සලකුණු අවම නිසා ය.

ජවිපෙ විසින් අවශෝෂණය කර ගන්නා ලද තරුණ ජවය ඇත්තෙන් ම නාස්ති වී ගිය එකකි. 

අද වන විට ජවිපෙ විසින් ශ්‍රී ලාංකීකරණය කරන ලද පෙරටුගාමී පක්ෂ දේශපාලනය සම්පූර්ණයෙන් ම යල් පැන ගොස් හමාර ය. එහෙයින් එම ‍දේශපාලනය නැවත පණ ගැන්වීමට ගන්නා කිසිදු ප්‍රයත්නයක් සාර්ථක වන්නේ නැත.

මේ මොහොතේ විජේවීර දෙස බලාගෙන අපට කළ හැකි එක දෙයක් තිබේ. එනම්, ඔහු විසින් හඳුන්වා දෙන ලද විප්ලවවාදී ය කියන පරමාදර්ශ වෙනුවට වෙනස් ජීවනාදර්ශ ඔසවා තැබීමයි. සරළව කිවහොත්, අප දන්නා ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරයා ය කියන රළු, කර්කශ, අප්‍රායෝගික, දැඩි සිතැති, පටු කල්පනාකාරී, මාන්නාධික, තමන් ඉතිහාසය විසින් නිර්මාණය කර තිබෙන සුවිශේෂ සත්වයකු ය යන භින්නෝන්මාදවාදී අදහස් දරණ මිනිසා වෙනුවට සොඳුරු විප්ලවවාදී ජීවිත නිර්මානය කළ යුතු ව තිබේ.

මා මෙහිදී භාවිතා කළ වචනය වන්නේ ජීවනාදර්ශ යන්නයි. පරමාදර්ශ යන වචනය මම හිතා මතා ම මග හැරියෙමි. අපට පරමාදර්ශ අවශ්‍ය ම නැත. පරමාදර්ශී ජීවිත නැත. එහෙත් යම් ජීවනාදර්ශ තිබේ. අප කළ යුතුව තිබෙන්නේ ඒ ජීවනාදර්ශ මතු කර ගැනීමයි.

අද දවසේ අප විසින් කළ යුතුව තිබෙන කාර්යය වන්නේඅප ම ජීවනාදර්ශ බවට පත් වීමට අරගල කිරීමයි.සෙසු ජීවනාදර්ශ දෙස කුහක වතින් තොරව බලන්නට පුළුවන් වීම ම ලොකු ම ජීවනාදර්ශයකි.

අප මෙම රාමුවෙන් පිටතට පැමිණිය යුතු ය. ජීවිතය හා විප්ලවය දෙස අලුත් ඇසකින් බැලීමේ හැකියාව වර්ධනය කර ගත යුතු ය.

Comments

  1. \\\\\\\\\විජේවීරවාදයේ මූලික ම ලක්ෂණය ජාතිවාදයයි. එය අඩු තරමේ ප්‍රජාතාන්ත්‍රික ලාංකික දේශපාලන ප්‍රජාවක් වෙනුවෙන් හෝ පෙනී නො සිටියේ ය. \\\\\

    මොකා දැන් විජේවීරත් වැරදිද . ..? එහෙනම් මොන රෙද්දටද ඉස්සර පැල් බැඳගෙන ඕවා පස්සේ ගියේ ...? ඔය ටික කෑ ගහලා කියන්නකෝ කැම්පස් වල ඉන්න කොල්ලන්ට....

    අනේ පැරා උගුරට හොරා බෙහෙත් කන්න එපා.. දැන් මෙතන මහා ලොකුවට දෙමළ ජනතාවට ආදරය කරන විදිහට පෝස්ට් එක ලියලා තියෙන්නේ මහින්දට කපන්න ඕනේ නිසා...

    මහින්ද දෙමලු එක්ක හුරතල් වෙන සීන් එකක් තිබ්බා නම් ඔහේ කියයි " අන්න අවුරුදු 30 රට කාපු පර දෙමලු එක්ක හුරතල් වෙනවා " කියලා...

    මොනවද මේ දෙබිඩි කතා පැරා.. අරවින්ද ( ABC එකේ ) ලියලා තිබ්බ ඔහෙලා ගැන හොඳ ලිපියක් ....


    ReplyDelete
    Replies
    1. gona unata umbae kiyanna epa yako..!!

      Delete
    2. මාගල් වගේ කොමෙන්ට් දාන්න එපා බං.... කලිනුත් කිව්වා.... පෝස්ට් එකක් දාලා ලින්ක් එක දාපන්.... අපි මෙතනට එන්නෙ පැරාගෙ බ්ලොග් එක බලන්න... නැතුව උඹේ මාගල බලන්න නෙවෙයි..

      Delete
    3. අනේ බන් ගොන් පාර්ට් දාන්නේ නැතුව හිටපන්.. දිග කමෙන්ට් කියවන්න බැරි නම් වහ ටිකක් කාලා කැලේකට රිංගපන් පව් නොදී...

      Delete
    4. හෙක්... දිග කොමෙන්ට් නම් කියවන්න පුළුවන්... ඒත් උඹේ එව්වා අජූවයි බන්

      Delete
    5. හෙහ්හ්හ් හෙහ්හ්හ් එහෙමද ... මන් කියන්නද වැඩක් ... ඔයා පැරාගේ බ්ලොග් එකට එන්න එපා මන් කමෙන්ට් කරන දවස් වලට ... :D

      Delete
    6. ඉතින් බන් උඹේ පොර වරුණාව හැමදාම මෙතන තියෙනවනෙ....

      Delete
    7. අපි මෙහෙම කරමු... දවසක් ඇර දවසක් ගානේ එමු...එතකොට හරි ...අද මන් ..හෙට ඔයා.. අනිද්දට මන්..

      Delete
    8. හරි ඔයා මෙහෙට එන දවසට මම ඔයාගෙ ගෙදරට පනින්නම්.....

      Delete
    9. බිත්ති ටිකයි වහලෙයි විතරයි තියෙන්නේ.. සිරි යහන හිස් .... :(

      Delete
    10. ආහ්... ඒකයි මේ..... මෝල් කලන්තෙ හැදිලා විකාරෙන් ලියනවා.... පව්...

      Delete
    11. හෙහ්හ්හ් හෙහ්හ්හ් ...එහෙම කිව්වේ උඹව හලන්න ඕනේ නිසා.. ලොල් ...

      Delete
    12. උඹ කොච්චර උඩ පැන්නත් කකා උඹව රෝලට දාගත්තෙ නෑනෙ බන්... වැඩක් තියෙනවද උඹේ බ්ලොග් එකෙන්....

      Delete
    13. කකා ...? බ්ලොග් රෝල් ? හෙහ්හ් හෙහ්හ්හ් .........

      Delete
    14. ඔහොම හිනා උනාට උඹ එතන ගිහින් විලාප තියලා අඩනවා අපි දැක්කා....

      කමක් නෑ මම උඹට මේ දුන්නෙ පොඩි ට්‍රේනින් එකක්.... දැන් උඹට පොඩි කොමෙන්ට් දාන්න හොදට පුළුවන්....

      මීට පස්සෙ දිගටම ඔය වගේ කොට කොමෙන්ට් දාපන්.... මාගල උඹේ බ්ලොග් එකේ දිග ඇරපන්.... එන එකෙන් එයි කියවන්න (අපි නම් ඔය වල්බුත බලන්නෙ නෑ)....

      Delete
    15. ඇනෝ මල්ලි මම දක්ෂ කෙටි වැඩ කරන්න තමයි. දිගට ඇදෙන ඒවා කෙටියෙන් ඉවර කරන්න මට පුළුවන්....

      Delete
    16. මරා යුද්ධෙ ඉවර කරා වගේද?

      Delete
    17. This comment has been removed by the author.

      Delete
    18. මැකුවට කමක් නැහැ මන් දැක්කා කියපු දේ මේල් සබ් හරහා... මන් මහින්ද වාදියෙක් නෙවේ. එසේම මහින්ද විරෝධියෙක්ද නෙවේ.මන් කරන්නේ වැරැද්ද වැරැද්ද ලෙසත් , අගය කල යුත්ත අගය කිරීමත් පමණයි..

      මෙන්න මේක බලන්න ...සහන් මහින්ද වාදියෙක්ද කියලා පැහැදිළි වේවි ... "චැනල් 4 මාධ්‍ය වේදියාගේ ශ්‍රී ලංකා ආගමනය සහ එයින් ලබා ගත හැකි ඵල. channel 4 drama"

      Delete
  2. වික්ටර් අයිවන් ගෙ 71 කැරල්ල පොතේ (තාර බර අතහැර ) විජේවීර කොහොම මනුස්සයෙක්ද කියන එක නියමෙට කියනව. ඔබ කියන ගති ස්භාවයන් නියමට ගැලෙපෙනවා. වැඩෙ කියන්නෙ මෙච්චර දුර්වල පෞර්ශයක් තිබ්බ මනුස්සයෙක් මෙච්චර දෙයක් කරෙ කොහොමද කියන එක. ඒ මන් හිතන්නෙ ඔහුගෙ සන්නිවෙදන හැකියාව සහ හරි තැනට ඇණේ ගහන්න පුලුවන් කම.

    පැරා, එක දෙයක් මට පැහැදිලි නෑ, ඇයි ඔබ කියන්නෙ "විජේවීරවාදයේ මූලික ම ලක්ෂණය ජාතිවාදයයි". ඔහු දෙමල ප්‍රශ්ණය ගැන ප්‍රකාශණයක් කරා නේද? දෙමල අරගලය හරි ඒ වගෙ නමක් තියෙන. ඔහු ඒ අරගලර (?) සහයෝගය දැක්කුවා නේද? පොඩ්ඩක් පැහැදිලි කරනවාද.

    මට පුදුම ඔහු ජාතිවාදි උණනම්, රන්ජිතම් වගෙ අය එක්ක කොහොමද වැඩ කරෙ කියල.

    විජේවීරට අදාලව නෙවෙ, "විජේවීර දෙමළ ජනයාගේ ජාතික ගැටලුව ආර්ථික ගැටලුවට ඌනනය කළේ ය" නමුත් මගෙ මතය මේක හරි, දෙමල ජනයා කියා නියෝජනය කරපු ඉහල දෙමල ප්‍රභූ පන්තිය තමන් යටත් විජිත යුගේ ලබාගත් වරප්‍රසාද නැතිවනවාට බයේ අවශේශ දෙමල ජනයාත් කුලප්පු කර කෘතිමව ඇති කරපු ගැටලුවක්. පස්සෙ 83 දි ගින්නට පෙට්‍රොල් දැම්ම එක වෙනම කතාවක්. සරලව, ඉහල ප්‍රභූ දෙමල පන්තිය ඔවුන් විඳි වරප්‍රසාද දිගටම ලැබුණේනම්, මේ කිසිම ගටලුවක් නා, එහෙනම් ඩී.එස්. ගෙත් දෑත් ශක්තිමත් කරන්න යයි.

    -ප.ගෝ.

    ReplyDelete
  3. යම් යම් පරස්පරතා තිබුණත් මේ ලිපියේ සමස්ථය හා එකඟයි.

    ReplyDelete
  4. පැරා යෝජනා කරන ජීවන විලාසිතාව හරියට අපිට පැහැදිලිව ඉදිරිපත් කරන්නකො.
    1.විජේවීර සර්ව සම්පූර්ණ නැති වෙන්න පුලුවන්, ඒත් සැබෑ ලෙසම පීඩිත ජනතාව වෙනුවෙන් අරගලය කල පුද්ගලයෙක් කියන දේ බැහැර කිරීමට පැරාගේ ඉදිරිපත් කිරීම සාධනීය නැත.
    2.///එසේ ම, විජේවීරගේ සමාජවාදය පුරුෂෝත්තමවාදී දැක්මක් ද විය. ඔහු විසින් ගොඩනඟන ලද පක්ෂයේ කාන්තාවන්ට සම තැන තිබුණේ නැත. ඔහු ජීවත් වූ සමයේ එහි දේශපාලන මණ්ඩලයේ කාන්තාවක් නියෝජනය වී නැත. පවත්නා පසුගාමී ධනේශ්වර සමාජයේ පවුල තුළ කාන්තාවට අත් පත් කර දී තිබෙන තැනට වෙනස් තැනක් ජවිපෙ තුළ කාන්තාවට තිබුණේ නැත. ඇයට තිබුණේ සහෝදරයන්ගේ විප්ලවයට අත්වැඩ සැපයීමටයි. ඔහුගේ පෞද්ගලික ජීවිතයේදී ද ඔහු බිරිඳ ලෙස තෝරා ගත්තේ ළාමක, ළාබාල කාන්තාවකි. පක්ෂ සහෝදරියෝ ඔහුගේ නිවසේ පූර්ණකාලීනව ගෘහ සේවිකාවන් ලෙස වැඩ කළ හ.///
    මොකද්ද මේ මගුල, කාන්තාවන්ට සම තැන........ කාන්තාවට සම තැන දෙන්නෙ කොහොමද කියල පැහැදිලි කරනවද?
    අද ලංකාවෙ පවතින සමාජ ක්රමයන් තුල හෝ යෝජනා කරන ක්රමයන් තුල කාන්තාවන්ට සාධාරණයක් ඉටු කල හැකිද?
    සොඳුරු විප්ලවවාදී ජීවිත නිර්මානය කල හැකි ක්රය කුමක්ද?
    මොකද්ද මේ මුහුද හද්ගව්වක් ඈත තියෙදදි ගහගන්න කියන අබුඩෙ?
    ///සෙසු ජීවනාදර්ශ දෙස කුහක වතින් තොරව බලන්නට පුළුවන් වීම ම ලොකු ම ජීවනාදර්ශයකි.///
    පැරා එපා කියන දේම නෙවෙයිද මේ පෝස්ට් එකෙන් පැරාම කරල තියෙන්නෙ.

    ReplyDelete
  5. පැරා කලින් කලට ඉදිරිපත් කරනු ලබන දේ විශාල ලෙස පරස්පරතා සහිත ඉදිරිපත් කිරීම් ලෙස මට හැගෙයි.
    පැරාගේ ජීවනාදර්ශය අනුව විමල් වීරවංශගේ ජීවනාදර්ශය සාධාර්ණීකරනය කල හැකි බව මගේ හැගීමයි.
    අද ඉදිරිපත් කරනු ලබන දේට සම්පූර්ණ ප්රතිවිරැද්ධ වූ මතයන් පැරා හෙට දිනයේදී ඉදිරිපත් කරනු ලබයි.

    ReplyDelete
  6. http://www.w3lanka.com/2013/10/blog-post_5.html
    වේලුපිල්ලේ ප්රභාකරන් අරගලය සර්ව සම්පූර්ණ ලෙස කරාද?

    ReplyDelete
  7. පැරාට අවශ්‍ය නමුත් ලගා කර ගත නොහැකි වූ ජීවනාදර්ශය විමල් වීරවංශ තොරම්බල් කල මිලයි. පැරා වෙනුවෙන් එතරම් මිලක් කිසිවෙකු නියම කරනු නොලබයි. වාසුදේව වෙනුවෙන්ද අධික මිලක් නියම විය.

    ReplyDelete
  8. බලං ගියාම ව්ජේවීර මහත්තයා අද හිටියානම් හෙල උරුමේ නායකකම උනත් ලැබෙන්න ඉඩ තිබ්බා.....

    ReplyDelete
  9. රියල් විප්ලවකාරයට අනුගාමිකයො නෑ. වටේ සෙනග ඉන්න අය රියල් නෑ.

    ReplyDelete
  10. samajeta boruwa denna epa. api oita wada hodata vijevira gena dannawa mahaththayo

    ReplyDelete
  11. පැරා උතතර දුන්නනම් ෙහාදයි ෙන්ද? ෙමා්ඩ චූන් ගන්නව නෙවෙයි.
    කියන ෙද්වල් වල අපැහැදිලි තැන් ෙගාඩයි. සමහර විට මට ෙනාෙත්රෙව වෙන්නත් පුළුවන්නෙ.

    ReplyDelete
  12. yeah rite, the guy who destroyed two gnerations in srilanka, and murdered innocent people in cold blood is ur role model,,,, uncle, u still cant understand that wat ever he wnated to achived by revoultion could have been easliy taken by follwing the democrasy, wijeeweera and prabakaran is responsible for deaths of innocent human beins, and a person's life worths more than any other shit that u praise and talk abt

    ReplyDelete
  13. විජේවීර මාක්ස්වාදය විකෘති කළ බව නම් ඇත්ත. හැබැයි ඔතන මෙහෙම දෙයක් තියෙනව පැරා. විජේවීරත් ලංකාවෙ ජාතික ගැටළුව නිර්මල මාක්ස්වාදයට අනුකූලව විග්‍රහ කරගෙන දැං ඔය පැරා ඇතුළු මාක්ස් ලබ්ධිකයො සෙට් එක අදහනව වගේ විකාර රූපී නිගමනයකට පැමිණියා නම් එයා කැරළි දෙකක් ගහනව බොරු. විජේවීරගෙ තිබුණ ප්‍රායෝගික භාවිතාව නිසා තමයි ඇස් පනා පිට පෙනෙන්න තිබුණු තත්ත්වය මාක්ස්වාදීව විග්‍රහ කර ගෙන ඇන ගන්නෙ නැතුව මාක්ස්ව විකෘති කරල හරි මාක්ස් ලව්ව තමුන් අත් විඳපු ඇත්ත කියව ගන්න හැදුවෙ. එහෙම නොකළ නම් සමහර විට විජේවීරටත් පැරා වගේ චූටියට බ්ලොග් එකක් ලියාගෙන ඇට්ටි හැලෙන ටෝක්ස් දිදී තං‍තෝසෙන් හැපී එකේ ඉන්න තිබුණ.

    පුක්කුසාතී

    ReplyDelete
    Replies
    1. හා හා හා! නියම විහිළු කතාව!

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා