විමල්ගේ පාපැදි ගමන
විමල්ගේ පාපැදි ගමන දුටු විට අතීත කතාවක් මතක් විය.
ජනතා විමුක්ති පෙරමුණේ පංති පහෙන් එක් පංතියක් වූ පක්ෂ ඉතිහාසය පංතියේ පක්ෂය ගොඩනැඟීම වෙනුවෙන් රෝහණ විජේවීරගේ කැප කිරීම් උත්කර්ෂයට නංවන ලදී. එහි කියැවුණු එක් කරුණක් වන්නේ පක්ෂය ගොඩනැඟීම සඳහා රෝහණ සහෝදරයා මුට්ට කර ගැසීම පවා කර තිබෙන බවයි. එසේම, ගමන් බිමන් යාම සඳහා මුදල් නැති නිසා ඔහු බස් රියවල හොරෙන් ද ගොස් තිබේ.
1983 තහනමෙන් පසු රහසිගතව පක්ෂය ගොඩනැඟීමේ කාර්යයට උර දී සිටි මෙම ලිපිය ලියන මම ද, විමල් වීරවංශ වැනි අය ද, ජවිපෙ නායකයන්ගේ මේ කැප කිරීම් මහත් භක්තියෙන් යුතුව අනුගමනය කළෙමු. පක්ෂයේ වැඩවලට එහෙ මෙහෙ යාමට මුදල් නැති නිසා මම සෑහෙන්න බස්වල හොරෙන් ගොස් ඇත්තෙමි. ඉදිරි දොරටුවෙන් බසයට නැග 'පාස්' ය කියා යද්දී කොන්දොස්තරවරු එතරම් ඒ ගැන සොයා බැලුවේ නැත්තේ ඇයිදැයි මට ප්‍රහේලිකාවකි. වතාවක්, දෙකක් ටික්කන්ගෙන් බේරුණේ අනූ නමයෙනි. වරක් පෝස්ටර් මිටියක් සමග කෝච්චියේ හොරෙන් යද්දී හදිසි පරීක්ෂාවකට ලක් වීම නිසා මම පානදුරේදී දුවන කෝච්චියෙන් ද පැන්නෙමි. ඒ කාලයේ මේවා මහා වීරකම් ලෙස පක්ෂය විසින් අගය කරන ලදී. ඒත්, ඇත්තෙන් ම පක්ෂය තරුණ අපේ ජීවිත අනතුරට හෙලුවේ රුපියල් කීපයක් වෙනුවෙනි. පක්ෂ ක්‍රියාධරයන් නීති විරෝධී ජීවිතවලට තල්ලු කිරීමේ උවමනාවක් පක්ෂයට තිබිණි.
එක් කලෙක මම ශිෂ්‍ය අංශය සංවිධානය කිරීම පිණිස කකුල් ගෙවෙන කල් මාතලේ නගරයේ වීදිවලත්, උකුවෙල සිට රේල් පාරේත්, මාතලේ සිට පළාපත්වලට මහ පාරේත් ඇවිද්දෙමි. නුවර, නුවරඑළිය, බදුලු දිස්ත්‍රික්වලට හොරෙන් බසයෙනුත් ගොස් ඇත්තෙමි. බඩගින්නට අරුණාලෝකයෙන් හොරෙන් බනිස් කා ප්ලේන් ටී බිව්වෙමි. දවල් කාලයේ ඉන්නට තැනක් නැතිව මහජන පුස්තකාලවල පත්තර මුල සිට අග දක්වා කියැවූයෙමි. රෑ ගෙවන්නට තැනක් නැතිව ළඳු කැළෑවල ලැග්ගෙමි.
විප්ලවය වෙනුවෙන් මහජනතාවගේ දේ සොරකම් කිරීම වරදක් නො වේ ය යන කරුණ පක්ෂය තුළ ප්‍රවර්ධනය කරන ලදී.විමල්ගේ මිතුරෙක් පක්ෂයේ වැඩ කිරීම පිණිස බයිසිකලයක් සොරකම් කිරීමට ගොස් බයිසිකල් සොරකු බවට පත් වී සිර දඬුවම් ද වින්දේ ය. තහනම් කළ අලුත පක්ෂය සෑහෙන්න බයිසිකල් සොරකම් කළේ ය. පක්ෂයේ පූර්ණකාලිකයන්ට සංවිධාන කටයුතු සඳහා ගමන් බිමන් යාම පිණිස බයිසිකලයක් සොරකම් කර ගන්නට උපදෙස් දෙන ලදී.
කලුතර වැඩ කළ කාලයේ මම දිස්ත්‍රික්කය පුරා ම පාහේ බයිසිකල් පැද ඇත්තෙමි. ඒ දවස්වල අපේ තට්ටම් බයිසිකල් සීට්වල තෙරපීම නිසා තක්කාලි ගෙඩි මෙන් වී තිබිණි.
බයිසිකල් පැදීම හොඳ ශාරීරික ව්‍යායාමයකි. අපේ පාරේ අලුත්වැඩියාව ආරම්භ කරන තෙක් ම මම සතියට දින කීපයක් හැන්දෑවට ව්‍යායාම පිණිස බයිසිකල් පැදීම කළෙමි. දැන් එය ජීවිතයත් මරණයත් අතර ක්‍රීඩාවකි.
විමල් වීරවංශගේ බයිසිකල් ගමන එක්තරා අන්දමක විහිළුවකි. එය සුපිරි වාහනවලට මැදි වී කරන ලද මාධ්‍ය සංදර්ශනයකි. ඇතැම් විට මෙය ෆොටෝෂොප් ජිමික් එකක් වන්නට ද පුළුවන. මෙහි තිබෙන හොඳම විහිළුව විමල්ගේ මුහුණේ තිබෙන බැරෑරුම් පෙනුමයි. තමන් මේ කරන විහිළු ඔහුට තමන් තුළ සාධාරණය කර ගැනීමේ බරපතල අපහසුවක් ඇතැයි ඔහුගේ පෙනුමින් කියැවේ.
විමල්ලා හෙවත් ජවිපෙ කුණු ටැට්ටර් ඩ්‍රයිවර්ලා පාපැදි, යතුරු පැදි හෝ මරුති කාර්වලින් පාර්ලිමේන්තු යන අලුත් සම්ප්‍රදායක් බිහි කරනු ඇතැයි ජවිපෙ පහළ සාමාජිකයෝ බලාපොරොත්තු වූ හ.
අවසානයේදී සිදු වූයේ මෙසේ ය.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com
වෙන්වීයාමට කලින් ලිව්වනම් ඔබතුමා මේ වෙලාවේ කොමන්ට් පනහක විතර බැනුම් අහල. ඒත් මේකත් අගමුල නොදැන ශෙයා කරන ජෙප්පෙක් ඉන්න බැරි නැහැ. ඔය පින්තුර උන්ට එතරම්ම වැදගත්.
ReplyDeleteane koko ubai mamai danna deshapalana.
Delete
ReplyDelete//එක් කලෙක මම ශිෂ්‍ය අංශය සංවිධානය කිරීම පිණිස කකුල් ගෙවෙන කල් මාතලේ නගරයේ වීදිවලත්, උකුවෙල සිට රේල් පාරේත්, මාතලේ සිට පළාපත්වලට මහ පාරේත් ඇවිද්දෙමි. නුවර, නුවරඑළිය, බදුලු දිස්ත්‍රික්වලට හොරෙන් බසයෙනුත් ගොස් ඇත්තෙමි. බඩගින්නට අරුණාලෝකයෙන් හොරෙන් බනිස් කා ප්ලේන් ටී බිව්වෙමි. දවල් කාලයේ ඉන්නට තැනක් නැතිව මහජන පුස්තකාලවල පත්තර මුල සිට අග දක්වා කියැවූයෙමි. රෑ ගෙවන්නට තැනක් නැතිව ළඳු කැළෑවල ලැග්ගෙමි. //
//කලුතර වැඩ කළ කාලයේ මම දිස්ත්‍රික්කය පුරා ම පාහේ බයිසිකල් පැද ඇත්තෙමි. ඒ දවස්වල අපේ තට්ටම් බයිසිකල් සීට්වල තෙරපීම නිසා තක්කාලි ගෙඩි මෙන් වී තිබිණි//
//චේ විලාසිතාවක් වී තිබේ. ඔහු වැනි විප්ලවවාදියකුගේ රූපයක් විලාසිතාවක් බවට පත් වීම පවා පුදුම හිතෙන දෙයකි. එහෙත්, චේගේ රූපය වැළඳ ගන්නා බොහෝ දෙනෙක් චේ ජීවිතයේ අභියෝගවලට මුහුණ දීමේදී පළ කළ අවංකත්වය ගැන දන්නවා නම් අද කියනු ඇත්තේ චේ පල් මෝඩයකු ය කියා ය. කියුබා රජයේ ඇමතිකම අතහැර බොලීවියාවේ කැළෑවකදී ලෝක විප්ලවය වෙනුවෙන් සටන් වැද මිය යාම සඳහා ඔහු කළ තෝරා ගැනීම කරන්නට අද චේ සමරන මිනිස්සු සූදානම් ද?//
A. Fernando.
පැරාට එන කේන්තිය හිතා ගන්න පුළුවන්... මූ නම් මහ සක්කිලියෙක්.. නොදකින්.. JVP එකෙක් මෙහෙම වෙච්ච එක ධෛවයේ සරදමක් පැරෝ ...
ReplyDeleteමෙහෙම එවුන්ට තනි බලය ගියා නම් කොහොම වෙයිද?
Deleteසක්කිලි කියන වචනෙත් නම්බු වැඩියි.අළුත් වචන හදන්න ඕන
DeleteAno1 මේක මැක්කා වගේ එකක්.... දැන් දැන් පැරා මේකට දක්ෂයි.. bus එකක හමුදා කාරයෙක් නැග්ගොත් එකේ ටයර් මාරු කරපු එකා ජාතිවාදියෙක් කියනවා වගේ cosmopolitan අදහස් තියෙන්නේ :-)
ReplyDeleteAno1 මේක මැක්කා වගේ එකක්.... දැන් දැන් පැරා මේකට දක්ෂයි.. bus එකක හමුදා කාරයෙක් නැග්ගොත් එකේ ටයර් මාරු කරපු එකා ජාතිවාදියෙක් කියනවා වගේ cosmopolitan අදහස් තියෙන්නේ :-)
ReplyDeleteවිමල්ව ප්‍රශ්නයක් කර ගෙන වැඩක් නෑ.ධනේශ්වර පරිබෝජන වාදය රුසියාව ගිල ගත්තේ යම් සේද ඒ සන්තැසියම ජ.වි.පෙ ට වුන කොට විමල් මොන මිනිහෙක්ද?මිනිහට අනුකම්පා කලයුතුයි.ලංකාවේ දේශපාලන අනාතයෝ කිහිප දෙනෙක් ඉන්නවා නේ රාජිත,ලක්ෂමන් යාපා,මිලින්ද මොරගොඩ,කළුතර රත්තරං,නිර්මල කොතලාවල වගේ........ඒ වගේ අය අතර ඉන්න ඉතාම දීප්තිමත්ම චරිතය විමල්.හැබැයි මතක තියා ගන්න මර්වින් ඒ කුලකයට අයත් නෑ.මර්වින් විමල්ලාට වඩා ගොඩක ඉදිරියෙන් ඉන්නේ.
ReplyDelete++++++
Deleteආර්ථිකයට සියල්ල ඌණනය කරන නිසයි සෝවියට් දේශයේ ,චීනයේ,කියුබාවේ අන්තනෝමතික ආණ්ඩු බිහි වී ඇත්තේ.ආඥාදායකත්වය යනු මාක්ස්වාදයේ අත්වැරදීමක් නොව එහි නෛසර්ගික ලක්ෂණයකි.මැර බලයෙන් ආණ්ඩුව ගත් පසු බලහත්කාරෙන් ජනතාව සමාකවාදී ශික්ෂණය ලබා දීමෙන් ජනතාව හුදු ප්‍රේක්ෂකයන්ගේ තතවයට් පත් වේ.එතැන් සිට කටට අගුලු දැමේ.ධනපති පක්ෂ මැතිවරණ කාලයේවත් හීලෑ වී සිටිති.එහෙත් තනි පක්ෂ ආණ්ඩුව මැතිවරණ නොපවත්වන නිසා සමාජවාදී රටක් යනු පක්ෂ නිළධාරීන් නම් වූ ජේලර්ලා විසින් පාලනය කරන හිර ගෙයකි.
Deleteඑබැවින් ධනය නොව බලය මත සියල්ල තීරණය වන බව සිතමු නම් ,මානව හිමිකම් මත පදනම් වූ සමාජවාදී සමාජයක් බිහිවේඔ.එහිදී එකෙකුගේ බලය අනෙකා වෙත පටවන්නේ නැත.සමාජ අර්බුද වල හේතුව ධනය නොව බලය අවභාවිතයයි.බලය අහිමි පීඩිත පිරිස නිදහස මත පදනම් වූ සමාජවාදයක් ගැන කල්පනා කළ යුතුය.මෙහිදී බලය යනු සිවිල් බලයයි.බලය බිමි පිරිස පීඩකයන් ලෙසත් බලය අහිමි පිරිස පීඩිතයන් ලෙසත් හැදින්විය හැක.මෙහිදී ධන බලය නිළ බලය,ආගමික බලය,මාධ්‍ය බලය ආදිය නැති පිරිස පීඩිතයන්ය.අපට අවශ්‍ය මෙවැනි දෘෂ්ඨියකි.
මේ ලිපියෙ තිබෙන කතාව සම්පූර්න ඇත්ත.මම ජවිපෙට එරෙහිව බොහෝ විට කොමෙන්ට් කරන්නේ ඔවුන්ගේ ඇති වංචනික සොභාවය පිටත සිටින කෙනෙක් ලෙස මට පෙනෙන නිසයි.මේවා නම් සුපිරි වාහන මැද කෙරෙන නිර්ලජ්ජිත විගඩම්.ඇත්තෙන්ම පහල මට්ටමේ ජවිපෙ සාමාජිකයන් තමන්ගෙ ජීවිතය ,අනාගතය ඛැප කළේ පක්ෂ නායක මට්ටමේ කීප දෙනෙකුගෙ සුඛ විහරනයට.ජවිපෙට සම්පූර්න බලය ලැබුනානම් මෙතෙක් මෙරට නොවූ විරූ දුර්දාන්ත පාලනයක් ඇති වෙනවා.ජනතාවට දුප්පත්කමේ සමානාත්මතාව ලැබෙද්දි නායකයන් සදාකල් සැප විදිනවා.මැතිවරණැත් ණැති එකේ කාට බය වෙන්නද? .රට එකම මිනීමරු කෙළියක් වෙනව.ජපිපෙන් ඉවත් වුන අය මේ වංචනික බව හෙළිකරනවා.87 89 කැරැල්ල ගහන්න බොරු කිව්ව කියල නන්දන ගුණතිලක දැන් කියනවා.මොන ලේ වැගිරීමක් විජේවීර කියන මානසික රෝගියට රටේ රජ වෙන්න තියන වුවමනාව වෙනුවෙන් වැගිරෙව්වද? කී දෙනෙකුගෙ අධ්‍යාපනය කඩා කප්පල් වුනාද? රටේම තරුණයන්ට අවුරුදු දෙකක් තුනක් නාස්තිකරන්න වුනා කැම්පස් නොගිහින්.
ReplyDeleteවිජේවීරය මැරුවෙ නැත්නම් ඌ තව විසිතිස් දහක් ආණ්ඩුව ලවා මරෝනව.උගෙ අවුරුදු විස්සෙන් විස්සට කරන බිලිපූජාවෙදි.1971 දි සමගි පෙරමුනුආණ්ඩුව පිහිටවපු අලුත කැරැල්ලක් ගහන්නෙ මුන් කොච්චර මොඩද?එදා ඉන්දියන් හමුදාව දකුනට ගෙන්නගෙන රටම ලේ විලක් කරල ඒමතින් බලයට එන්න දරපු උත්සාහය පරාජය වුනා.ජේ වී පී එක ආන්ඩුව ගත්තනම් පොල්පොට් යුගයක් ඇතිවෙනවා.උන්ගෙ ලේ පිපාසය කිසි දිනක නොසිදෙන කුල පීඩනය මත පෝෂනය වූ එකක් නිසා.උන්ගෙ සමානාත්මතාව පෙනුනලු හිර ගෙදරදි.පාන් කෑල්ලට පාක්ෂිකයො පාවා දුන්නලු.ජේ වී පීය බලය අල්ලගත්ත තැන්වල උන් හිටිය කියන්නෙ රදලයො විදියටලු.1987 දි දකුණු පළාතෙ කරපු මිනීමැරුම් වල ඇථ්ත හේතුව කුල ප්‍රශ්නලු.
මෙච්චර ප්‍රතිගාමී කල්ලියක් මීට වඩා විග්‍රහ කළ යුතුයි.
මිනීමරල මළමිනී බිම දිගේ ඇදගෙන එන්න අණ දීපු ජවිපෙ මොන තරම් ම්ලේච්ඡද?
පැරාලා එදත් කලේ ගොංකං, අදත් කරන්නේ ගොංකං. එච්චරයි මට මේක කියවපුවාම හිතුනේ.
ReplyDelete