ඉසයිප්‍රියා යනු කුමක් ද?

දෙමළ විමුක්ති කොටි සංවිධානයේ මිලිටරි මාධ්‍යකාරියක හා කලාකාරියක ලෙස ප්‍රකටව සිටි ඉසයිප්‍රියාගේ මරණය හා සම්බන්ධ යයි කියන වීඩියෝවක් චැනල් ෆෝ ආයතනය විසින් නිකුත් කර තිබේ. එය ව්‍යාජ එකක් බව ආරක්ෂක අංශ පවසයි.

ඉසයිප්‍රියා සාමාන්‍ය මාධ්‍යකරුවකු නො වේ යයි කෙනෙකුට තර්ක කළ හැකි ය. ඇය කොටි සංවිධානයේ ලුතිනන් කර්නල්වරියක බව‍ ද කියැවේ.

බොහෝ මාධ්‍යකරුවන්ගේ අනන්‍යතාව සිවිල්ද මිලිටරි ද කියා තීරණය කිරීම එතරම් පහසු දෙයක් නො වේ. මන්ද, ඔවුහු හැමවිට ම යුද දේශපාලනික ක්‍රියාවලියක කිසියම් පාර්ශ්වයක අවශ්‍යතාවක් නියෝජනය කරන නිසා ය. සිවරාම් මෙන් ම කීර්ති වර්ණකුලසූරිය ද මිලිටරි මාධ්‍යකරුවෝ ය. කීර්ති වර්ණකුලසූරිය තම පුවත්පතේ ම සහෝදර වාර්තාකරුවකු කොටියකු බව එම පුවත්පතේ ම ලිවීමෙන් වාර්තා තැබූවෙකි. එහෙත් මේ දෙදෙනා ම මිලිටරිය හා ඍජුව සම්බන්ධ නැත.

ඉසයිප්‍රියා කෙළින් ම කොටි සංවිධානයට සම්බන්ධව සිටි මාධ්‍යකාරියකි. රාජ්‍ය මිලිටරි මාධ්‍ය ආයතනවල මාධ්‍යකරුවෝ ද කෙළින් ම හමුදාවට සම්බන්ධව සිටියේ යයි තර්ක කළ හැකි ය.

ලෝකයේ සෑම සමාජ විපර්යාසයක් ම සිදු වී තිබෙන්නේ එකී විපර්යාසයට පෙර සමයේ තිබුණු නීතිය අභියෝගයට ලක් කළ ක්‍රියාමාර්ග ඔස්සේ ය. දිනුවත්, පැරදුණත් මිනිස්සු තම සාමූහික අභිප්‍රායන් අනුව සමාජ විපර්යාස සඳහා අරගල කරති.ඉතිහාසය ලියැවී ඇත්තේ මේ කැරැලිවලිනි.

අරගල පරාජයන් හමුවේ කුමන අන්දමේ සටන්කරුවකු වුවත් අසරණ වේ. බොහෝ අය අවි අතහැර යටත් වෙති. යටත් වූ මිනිසුන්ට වධ දීම හා මර‍ා දැමීම සඳහා ඇති පෙළඹුම ඉතා නරක තත්වයකි. මෙය රජයේ පාර්ශ්වය තුළ මෙන් ම කොටි සංවිධානය තුළ ද දක්නට ලැබුණු ලක්ෂණයකි. 

යුද සමයේ වධ දීමෙන් සතුටු වෙද්දී ගත් ඡායාරූප දැන් ඇතැම් ‍දේශප්‍රේමීන් මුදලට පිටරටට විකුණන බව පෙනේ.

මෙය ජාත්‍යන්තර යුද නීතිවලට  පමණක් නො ව සාමාන්‍ය මිනිස්කමටත් නිගරුවකි.

කුමන වරදකරුවකුට වුණත්, යටත් වී අභය ඉල්ලා සිටින්නේ නම් අභය දිය යුතු ය. නිතිය හමුවේ දණ්ඩනයට ලක් වීමට හා නිවැරදි වීමට අවස්ථාව දිය යුතු ය. 

ඒ මිනිස්කමට ගරු කිරීමේදී අසවලා එසේ නො කළේ ය කියා තමන්ට ද එසේ නො කර සිටීමේ අයිතිය ඉල්ලා සිටින්නට බැරි ය.



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. මාක්ස් හා එංගල්ස්ගේ පටු දැක්ම මේ ලිපියෙන් පේනවා.ඓතිහාසිකව මාතෘමූලික සමාජ පැවතියේ නෑ.එංගල්ස්ට ඇතම් ජර්මන් විද්වතුන්ගේ අදහස් වල බලපෑම් ඇතිවුනා.මාතෲ මූලික සමාජ ඇතිවුනේ ආගම බිහිවී එහි දිගුවක් වන මවු දෙවගන සංකල්පය ඇතිවූ පසු.මාක්ස්වාදීන් පවසන ලෙස වහල්,වැඩවසම්,ධනවාදී ලෙස රේකීයව සමාජය ගමන් කළේ නෑ.නිෂ්පාදන උපාය මාර්ග විවිධ වන විට ඊට අනුරූපීව සමාජයේ හැඩතල වෙනස් වුනා පමනයි.නමුත් මාක්ස්වාදයේ භක්තිවාදී ස්වරූපය සකස් කිරීමට මෙසේ අනවශ්‍ය සරල කිරීම් අවශ්‍ය වුනා.විජේවීර මුනිවරයෙක් වන්නේ මාක්ස්වාදියාගේ සැගවුන විඥාන වාදයේ ප්‍රතිපලයක් ලෙසයි.
    විසුළු ජාතික ජාතිවාදයේ සරණ මාක්ස්වාදීන් යන්නේ ඇයි.ඔවුන්ගේ දේශපාලන අර්බුදය ඔවුන්ගේ අවිඥානයේ අර්බුදයකි

    ReplyDelete
    Replies
    1. එකිනෙකාට යහපතක් ලැබෙන දෙපැත්තම දිනන ගණුදෙනු පහසුව පිණිස ගැටළුවක් ඇතැයි දකිද්දී එය පහසුවෙන් විසඳාගන්නේ පුද්ගලික ව්‍යාපාරිකයන් හා පාරිභෝගිකයන් විසිනි. ලෝක ආණ්ඩු යනු ඕනෑම ගැටළුවක් දේශපාලනීය කරමින් ඊට අනවශ්‍ය කාලයක් හා ධනයක් වැය කරමින් එක ගැටළුවක් විසඳන්නට කියා තවත් ගැටළු කන්දරාවක් බිහි කරන පද්ධතියකි

      Delete
    2. මා කියපු දෙය තේරී නෑ.නොතේරුන බව දැනගත් විට මටද හිනා ගියා.ඇත්තටම මාක්ස්වාදීන්ට විජේවීර මුනිවරයෙක් එසේම ප්‍රභාකරන් යනු සම්‍යක්දෘෂ්ටික දෙවියෙක්.ඉතින් ඉසෙයිප්‍රියාගේ මරණය මාක්ස්වාදියාට ගැටළුවක් වන්නේ එවිටයි.මාක්ස්වාදීන්ගේ චින්තන ක්‍රමයේඅ අර්බුදයට හොඳම නිදසුනක් මේ ලිපිය.කිසිම කෙනෙකුට ප්‍රශනය්ක් නොවන ඉසෙයිප්‍රයාගේ මරණය මාක්ස්වාදියාට ප්‍රශ්නයක්.මොකද ඔවුන්ගේ සාවද්‍ය සමාඅජ් ප්‍රගමනයේ ප්‍රභා මෙන්ම ඔහුගේ අන්තේවාසික දේවතාවියක වන ඉසෙයිප්‍රියටත් මාක්ස්වාදියා බාර හාර වෙනවා,මල්පූජා කරනවා

      Delete
  2. ඕවා අල්ලලා දාන්න පැරා ...කාර් එක හදාගත්තද ඔයා ...?

    ReplyDelete
    Replies
    1. ඇයි බන් දාපන් මාගලක් වගේ කොමෙන්ට් එකක් පෝස්ට් එක පරාද වෙන්න...... ලින්ක් දෙක තුනකුත් දාපන්..... උඹේ මාගල් කියවන්න ඉතින් වරුවක් නිවාඩු දාන්න ඕනි....

      Delete
  3. තර්කයෙන් දිනනා දේ හැමවිටම සත්‍ය නොවේ.. නයින්ට කිරි පොවන්නෙපා මහත්මයා.. නැත්නම් දවසක කල හොද පස්සෙන් එලවාවි..

    ReplyDelete
    Replies
    1. නයි මරපු ඇනකොන්ඩලාට කිරි පොවල පස්සෙ මාව ගිල්ලෝ කියන්න එපා මහත්මයා.

      Delete
  4. යම්කිසි ක්‍රියාදාමයක් තුල, ප්‍රභල චරිතයක් නිරූපනය කරන්නෙකු පවා තනිව ගත්කල, බොහෝ විට අප වැනිම තවත් මනුෂ්‍යයෙකි. මරණ දඬුවම යනු ඉතා දීර්ඝ නීතිමය ක්‍රියාදාමයකින් පසු (වරදකරුට එම තීරණ අභියෝගයට ලක් කිරීමේ ඉඩ ප්‍රස්ථා ද ඇතුලත්) පමණක් උදා විය යුතු තත්වයකි. මෙවැනි අදහස් දැරීමම පවා ජීවිතය අහිමි කිරීමට සුදුසුකමක් සේ සලකන අය අප අතර සිටිති.

    ReplyDelete
    Replies
    1. යුද්ධයක් තිබෙන වෙලාවල නඩු ඇසිය හැකිද බූරුවානෙනි

      Delete
  5. \\දෙමළ විමුක්ති කොටි සංවිධානයේ මිලිටරි මාධ්‍යකාරියක හා කලාකාරියක ලෙස ප්‍රකටව සිටි ඉසයිප්‍රියාගේ\\

    ඔබගෙන් සරල, නිතරම අහන ප්‍රශ්ණ දෙකක් අහන්නද?

    1. ඔබගේ ලිපිය ඔබගේම අදහස් අනුව ලියවුන එකක් බව අලුතෙන් කියන්න ඕනේ නැහැනෙ. මෙහිදී ඔබ කියන පරිදි කොටි ස0විදානය "දෙමළ විමුක්ති" වුන තැනක් පෙන්නන්න පුලුවන්ද?

    2. කොටි ස0විදනයේ තවත් එක් මිනී මරුවෙක් වූ ඉසිප්‍රියා ප්‍රසිද්ද "මාධ්‍යකාරියක හා කලාකාරියක " වූයේ කවද්ද? කෙසේද?

    මම ආණ්ඩුවට හෝ හමුදාවට කඩේ යන්නෙකු නොවෙමි.

    ReplyDelete
  6. Why are you talking about Isaipriya..She is a tamil girl.
    See here one of her tamil song. She is an actress too.
    So killing her is not wrong.

    http://www.youtube.com/watch?v=wTqClR_3SJ4

    ReplyDelete
    Replies
    1. Mechara lassanata hitiyoth ithin kaatath rape karanna hangeemak athi venava thamai..eka isapriyage varadda.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා