Posts

Showing posts with the label දෙමළ ඊලාම් විමුක්ති කොටි

නිදහස් වූ කිරිල්ලිය තමලිනී සහ සිරගත දේශපාලන සිරකරුවෝ

Image
ඡායාරූපය අනුරුද්ධ ලොකුහපුආරච්චි විසිනි මම එක් වතාවක් තමිලිනීව දැකලා තිබෙනවා. 2002දී යාපනයේ පැවැත්වුණු කලා උළෙලකදීයි. දෙමළ කලාකරුවන් මෙන් ම දකුණේ සිංහල කලාකරුවන් ද සහභාගි වූ මෙම කලා උළෙල සංවිධානය කිරීමේදී කොටි සංවිධානයත් වැඩ කොටසක් කළා. ඒ සංවිධායිකාවන් අතර බෙල්ලේ සයනයිඩ් කරලක් එල්ලාගෙන සිටි තමිලිනීත් හිටියා. ඇය ඒ වන විටත් දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ කාන්තා දේශපාලන අංශයේ නායිකාවයි. ඇය සහ අනෙකුත් කොටි සෙබළියන් අතර තිබුණු සම්බන්ධය නිරීක්ෂණය වුණේ වාමාංශික දේශපාලන සංවිධානයක සහෝදර සම්බන්ධයක් වගේ. තමිලිනී කියන්නේ ඉතා දිළිඳු හා පීඩිත සමාජ පසුබිමකින් පැවත එන්නියක්. ඇය දේශපාලනික වශයෙන් බලවත් ස්ථානයකට පැමිණියේ විමුක්ති කොටි සංවිධානයේ මිලිටරි දේශපාලනය නිසායි. 2009 මැයි 17 දා රජයේ ආරක්ෂක අංශ වෙත භාරවූ සුබ්‍රමනියම් ශිවගාමි නොහොත් තමිලිනි පසුව රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කෙරුණා. වසර තුනක් පමණ රිමාන්ඩ් භාරයේ සිටි ඇයට අධි චෝදනා ගොනු නො කර පුනරුත්ථාපනයට යොමු කිරීමට නීතිපතිවරයා කටයුතු කළා. පසුව පූන්තෝට්ටම් පුනරුත්ථාපන කඳවුරෙන් පුනරුත්ථාපනය වූ ඇය නිදහස්ව සාමාන්‍ය ජීව...

කොටි සංවිධානය නැවත ගොඩනැගීම හා නැවත මර්දනය කිරීම

Image
තේවියන්, ගෝපි, අප්පන් විදෙස්ගත දෙමළ ඊලාම් විමුක්ති සංවිධානය විසින් විසින් ලංකාවේ පොළවේ කොටි සංවිධානය නැවත ‍ගොඩනැගීමට දරන ලද ප්‍රයත්නයක් ආණ්ඩුවේ ආරක්ෂක අංශ විසින් ඉතා කෘෘර ලෙස ලෙයින් හා යකඩින් මර්දනය කර දැමුවේ ය.  වාර්තා වී ඇති ආකාරයට ලංකාවේ කොටි සංවිධානය නඟා සිටුවීම සඳහා මූලික වී කටයුතු කළ කොටි සංවිධානයේ හිටපු මරාගෙන මැරෙන ගුවන් නියමුවකු වූ තේවියන්ගේ නායකත්වයෙන් යුත් යාන්ත්‍රණය ම මේ වන විට විනාශ කර දමා තිබේ‍. තේවියන් හා ඔහුගේ සගයින් දෙදෙනා වන ගෝපි හා අප්පන් මරා දමන ලදී. ඔවුන්ට ඩයස්පෝරාවෙන් මුදල් ගෙන්වා දුන් වවුනියාවේ ව්‍යාපාරිකයකු ද, නවාතැන් හා වෙනත් සහයෝගයන් දුන් අය ද අත්අඩංගුවේ ය. ඔවුන් විසින් පවත්වාගෙන යන ලද ආරක්ෂිත නිවාස  ආදී සියල්ල මේ වන විට අක්‍රිය කර දමා තිබේ.  මෙම මෙහෙයුම වෙනුවෙන් ආරක්ෂක අංශ උපරිම බලය පාවිච්චි කළ හ. නිදසුනක් ලෙස වන්නි වනයේ සැඟවී සිටි තේවියන්,‍ ගෝපි හා අප්පන් යන තිදෙනා විනාශ කිරීමට හමුදා සෙබලුන් 3000ක් යොදා ගන්නා ලදී.  කොටි සංවිධානය යළි ගොඩනැගීම සඳහා දරන ලද මෙම ප්‍රයත්නය මුලිනුපුටා දැමීම පිළිබඳ කිසිදු පාර්ශ්වයකින් විරෝධයක් ද මතු වූය...

ඉසයිප්‍රියා යනු කුමක් ද?

Image
දෙමළ විමුක්ති කොටි සංවිධානයේ මිලිටරි මාධ්‍යකාරියක හා කලාකාරියක ලෙස ප්‍රකටව සිටි ඉසයිප්‍රියාගේ මරණය හා සම්බන්ධ යයි කියන වීඩියෝවක් චැනල් ෆෝ ආයතනය විසින් නිකුත් කර තිබේ. එය ව්‍යාජ එකක් බව ආරක්ෂක අංශ පවසයි. ඉසයිප්‍රියා සාමාන්‍ය මාධ්‍යකරුවකු නො වේ යයි කෙනෙකුට තර්ක කළ හැකි ය. ඇය කොටි සංවිධානයේ ලුතිනන් කර්නල්වරියක බව‍ ද කියැවේ. බොහෝ මාධ්‍යකරුවන්ගේ අනන්‍යතාව සිවිල්ද මිලිටරි ද කියා තීරණය කිරීම එතරම් පහසු දෙයක් නො වේ. මන්ද, ඔවුහු හැමවිට ම යුද දේශපාලනික ක්‍රියාවලියක කිසියම් පාර්ශ්වයක අවශ්‍යතාවක් නියෝජනය කරන නිසා ය. සිවරාම් මෙන් ම කීර්ති වර්ණකුලසූරිය ද මිලිටරි මාධ්‍යකරුවෝ ය. කීර්ති වර්ණකුලසූරිය තම පුවත්පතේ ම සහෝදර වාර්තාකරුවකු කොටියකු බව එම පුවත්පතේ ම ලිවීමෙන් වාර්තා තැබූවෙකි. එහෙත් මේ දෙදෙනා ම මිලිටරිය හා ඍජුව සම්බන්ධ නැත. ඉසයිප්‍රියා කෙළින් ම කොටි සංවිධානයට සම්බන්ධව සිටි මාධ්‍යකාරියකි. රාජ්‍ය මිලිටරි මාධ්‍ය ආයතනවල මාධ්‍යකරුවෝ ද කෙළින් ම හමුදාවට සම්බන්ධව සිටියේ යයි තර්ක කළ හැකි ය. ලෝකයේ සෑම සමාජ විපර්යාසයක් ම සිදු වී තිබෙන්නේ එකී විපර්යාසයට පෙර සමයේ තිබුණු නීතිය අභියෝගයට ලක් කළ ක්‍ර...

ජවිපෙ තම ලේ තැවරුණු දෑත් සෝදා ගත යුත්තේ කෙසේද? | How JVP can wash Tamil blood off their hands

Image
(2010 මැයි 31,  W3Lanka )  පහත පළ වන ඡායාරූපවල උතුරේ දෙමළ වැසියන් හමු වෙමින් සිටින්නේ ජවිපෙ දෙමළ නායකයකු වන රාමලිංගම් චන්ද්‍රසේකරන් ය. පසුගිය සමයේ ජවිපෙ යුද්ධයට දැඩි ලෙස පක්ෂපාත ස්ථාවරයක සිටියේ ය. අවසන් යුද්ධයේදී පවා ඔවුන්ගේ තර්කය වුණේ ආණ්ඩුව යුද්ධය හරි හැටි නොකරන්නේ ය යන්නයි. එහෙත්, ආණ්ඩුව යුද්ධය අවසන් කළේ ය. ඒ කෙසේද යන්න කවුරුත් දනිති. උතුරේ මරා දැමුණු කොටි සටන්කරුවා තමන්ගේ ලේ නෑයකු බව රාමචන්ද්‍රන් ඇතුලු ජාතිවාදී නොවන හදවත්  ඇති ජවිපෙ සාමාජිකයනට දැනිය යුතු ය. ඔහු නෑයකු වන්නේ තමන් මෙන් ම පවත්නා අයුක්ති සහගත ක්‍රමයට එරෙහිව සටන් කළ බැවිනි. සටන සඳහා තෝරා ගත් මාවතේ ගැටලු තිබිණි. සටන් මාවත වැරදුණේ උතුරේ දෙමළ සටන්කාමියාට පමණක් නොවේ. දකුණේ සිංහල සටන්කාරමියාට ද එය ම සිදු විය. මේ දෙපිරිසේ ම නායකයෝ මනා අවබෝධයකින් යුතුව එකිනෙකා තමන්ගේ සතුරා ලෙස අර්ථකථනය කරමින් ලංකාවේ ජීවත් වන ජාතීන් දෙකක් අතර යුද්ධයක් නිර්මානය කර ඒ ඔස්සේ ඇති වන අරාජික තත්වය තම කණ්ඩායමට බලය ලබා ගැනීමට පාවිච්චි කිරීමට උත්සාහ කළහ. මේ දෙපාර්ශ්වයට ම තම ගමන් මග දෙස ආපසු හැරී බලන්නට අවශ්‍ය විවේක බු...