පොලිසියේ කාට හෝ අත ඉස්සුවා නම් මරණය නියත ය

කඹුරුපිටියේ පොලිස් නිලධාරියකු හා ඔහුගේ බිරිඳ පොලුවලින් පහර දී අමානුෂික අයුරින් ඝාතනය කිරීම පිළිබඳ සැකයට භාජනය වී තිබුණු සැකකරුවන් පිරිසක් මේ වන විට මරා දමා හමාර ය. දෙදෙනෙක් සිය දිවි නසා ගත් බව කියැවේ. ඔවුන්ගේ ආයුධ පෙන්වන්නට ගිය ගමන තරමක් මහන්සි වී ලියන ලද පිටපතකි. අනෙකා ඊට පෙර සුපුරුදු සාමාන්‍ය අන්දමින් ආයුධ පෙන්නන්නට ගියේ ය.

ඔවුන් ඇත්තට ම මේ මිනී මැරුම කළා ද නැතිනම් ඔවුන් පිටින් යන්නට වෙනත් අය එය සිදු කළා ද යන්න පිළිබඳ පරීක්ෂණයක් නැත.

පොලිසියේ කාට හෝ අත ඉස්සුවා නම් මරණය නියත ය. ඒ නිසා මින් ඉදිරියට පොලිසියට කවුරුවත් අත නො ඉස්සිය යුතු ය. මෙහි පාඩම එයයි. එතකොට, මෙවැනි පාඩම් ඉගැන්වීම් නිසා ලංකාවේ අපරාධ අඩු වේවි ද?

පොලිසිය පසුගිය කාලයේ පාතාලයේ සෑහෙන පිරිසක් ආයුධ පෙන්නන්නට එක් කරගෙන ගියේ ය. දැන් එතකොට පාතාලයක් නැද්ද? ඒ කියන්නේ ආයුධ පෙන්නන්නට එක්ක යාම ඒ තරම් ඵලදායී වී නැති බව නේ ද? 

කඹුරුපිටියේ මිය ගිය පොලිස් නිලධාරියාගේ හා ඔහුගේ බිරිඳ‍‍ගේ ඥාති මිත්‍රාදීන් ඉල්ලා සිටියේ මේ සැකකරුවන් මේ අන්දමින් ම‍රා දමන ලෙස නො වේ ද? දැන් ඔවුන්ට සතුටු ද?

දැන් එතකොට මේ රටේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය මෙය ද?

එකක් කිව හැකි ය. ලංකාව සංචාරකයන් ආකර්ශනය කර ගන්නට යටිතල පහසුකම් සංවර්ධනය කරමින් සිටියි. නීතියේ පාලනයක් නැති මෙවැනි වනචාරී රටකට සංචාරකයන් ඒවි යයි ඔබ සිතනවා ද? ආයෝජකයන් ගැන කියන්නට තිබේන්නේ ද එයයි.

අපරාධකරුවන්ට දඩුවම් කිරීම සිදු විය යුත්තේ නීති ප්‍රකාරව ය. 

ලංකාවට පසුපසින් සිට වේගයෙන් දියුණු වී ලංකාව පසු කර බොහෝ දුර ගිය සිංගප්පූරුව සලකා බලන්න. එහි සංවර්ධනය පසුපස තිබුණු ප්‍රධාන කාරණයක් වූයේ නීතියේ පාලනයයි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. මෙය ඉතා භයානක තත්වයකි. අධිකරණය සම්බන්ධව විශ්වාසය අන්තයටම පිරිහී ඇත. පොලිසිය ගැන කවර කතා ද?
    වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද ඒ අමාරැව..........!!!

    ReplyDelete
  2. දී කිරට බලල්ලුත් සාක්කි !!

    ReplyDelete
  3. මේවා විසඳිය යුත්තේ මේ ආකාරයට බව බොහෝ සාමාන්‍ය මිනිසුන්ගේ පිළිගැනීමයි. "ඕකුන්ට ඔහොම තමයි කරන්න ඕනේ" යන්න මෙවැනි සිද්ධියක් දැනගත් විට බොහෝ දෙනෙක්ගෙන් මුවින් පිටවන වචන පේළියයි. සාමාන්‍ය දැන උගත්කමක් ඇති අයගේද සිතුම් පැතුම් මෙයාකාරය. තමන් හුරේ දමන්නේ අතිශය විනාශකාරී, භයානක ක්‍රියා පිළිවෙතකට බව ඔවුහු නොදනිති.

    ReplyDelete
  4. විනයක්, උගත්කමක් නැති, අට පාස් එවුන් ඉන්න පොලීසියෙන් මීට වඩා මොනව බලාපොරොත්තු වෙන්නද​?

    ReplyDelete
    Replies
    1. පොලිසියට බඳවා ගන්නේ අවම තරමේ සාමාන්‍ය පෙළ හෝ සමතුන්ය.වර්තමානයේ නම් පොලිස් කොස්තාපල් වරු අති මහත් බහුතරය පවා උසස් පෙළ සමතුන් වෙති.කුණුවී ඇති සමාජයක පොලිසියෙන් පමණක් යහපත බලාපොරොත්තු විය හැකිද?

      Delete
  5. අපේ නූගත් වනචාරී, ගොත්‍රික,සමාජයට සරිලන පොලීසියක්, අපට ඇත

    http://www.youtube.com/watch?v=p6R-hNhSL0M

    ReplyDelete
  6. //ඔවුන්ගේ ආයුධ පෙන්වන්නට ගිය ගමන තරමක් මහන්සි වී ලියන ලද පිටපතකි//

    පිස්සුද? කලින් ලිව්ව පිටපතට නම් ගම් දානව. එච්චරයි.

    ReplyDelete
  7. පොලීසිය කියන්නෙත් මේ සමාජයේම පැතිකඩක්, උන් පුලුවන්නම් නෙලනවා ඇට්ටි හැලෙන්න බැරිනම් දෙපරැන්දෙන් නැවිල වඳිනවා. ඒ ඒ සිද්දියට අනුව පිටපත සහ නලුවො වෙනස් වෙන එක විතරයි වෙන්නෙ. දැන් ඔය තමන්ගෙ එකා වෙනුවෙන්නෙ ඔච්චර ගේමක් දුන්නෙ, ඒ උන්ට ගෙමක් දෙන්න පුලුවන් ලෙවල් එකෙ 3 දෙනෙක් අහු වෙච්ච හින්දා, කෝ තාම ප්‍රධාන එකා අල්ලලා නෑනෙ. හදිසියෙ වත් උන් ටික තඩි මෝරෙක්ගෙ ගෝලයෝ ටිකක් නම් නාට්ටිය වෙනස් නෙ, සමහර විට සාක්කි නැති හින්ද හරි නිදහස් වෙයි.

    දැන් ඕකමනෙ නිකන් සමාජෙත් වෙන්නෙ, ගේට්ටුවෙ ඉන්න සෙක්කට පාර්ට් එක දාල ඇවිත් ඇතුලෙ ඉන්න එකාට වඳිනවා, එහෙම නැත්නම් සෙක්ක නිකන් සාමාන්‍ය මනුස්සයෙක් දැක්කො ෆුල් පාර්ට් ටයි එක දාල ආවොත් දෙකට නැමෙනවා.
    මේක බොහොම සරල විදියට පෙනුනට, මහා ඛේද්වාචකයක්, සමාජය අන්තිමටම පිරිහිලා තියෙන්නෙ

    ඉතින් මිනිස්සු හුරේ දානවට වඩා දෙයක් මේ මරණ වලින් බලාපොරොත්තු වෙන්න බෑ. මිනිස්සු තමන්ගෙ තියන අණාරක්ශිත බව නිසා අඩුම ගානෙ මෙහෙම දෙයකින් හිත සනසගන්නවා, කමක් නෑ එකෙක්වත් ඉවරනේ කියල.

    ප.ගෝ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා