ප්‍රභාකරන් නමින් තම තමන් සමරා ගැනීම

ප්‍රභාකරන්ගේ උපන් දිනයත්, මොනරවිල කැප්පෙටිපොල ඝාතනය කළ දිනයත් නොවැම්බර් 26දා ය.

1818 නොවැම්බර් මස 26 වැනිදා පෙරවරු 8.00 ට බෝගම්බර වධකාගාරයේදී මොනරවිල කැප්පෙටිපොල සෙනෙවියා හිස ගසා මරා දමන ලදී. ප්‍රභාකරන් උපන්නේ ඉන් වසර 136කට පසුවයි.

ඉංග්‍රීසීන් විසින් ලංකාව පාලනය කරන ලද සමය තුළ ලංකාවේ කැප්පෙටිපොල සමරන්නට ඉඩක් තිබුණේ නැත. එහෙත් කැප්පෙටිපොල සිංහල මිනිසුන්ගේ හදවත්වල වීරයකු ලෙස ජීවත් වූයේ ය. නිදහසින් පසු ඔහු ජාතික වීරයකු ලෙස නම් කරන ලදී.

කැප්පෙටිපොල නායකත්වය දුන් වෙල්ලස්සේ කැරැල්ලේදී කැරැලිකරුවන්ගේ ප්‍රචණ්ඩත්වය සිය දහස් ගණනින් ඉක්මවා යන ප්‍රචණ්ඩත්වයක් පාලකයන් වෙතින් දියත් විය.

ප්‍රභාකරන්ගේ තත්වය වෙනස් ය. ඔහු විසින් දියත් කරන ලද සටන ප්‍රචණ්ඩත්වය අතින් පාලකයින්ට නො දෙවෙනි එකකි. දශක ගණනාවක් තිස්සේ ඇදී ගිය එය අවසානයේදී තිරශ්චීන පරාජයකින් කෙළවර විය. ඔහු යටත් වූ බවක් වාර්තා වන්නේ නැත. ඔහු මිය යන්නේ සටනේදී ය.

ප්‍රභාකරන් යනු දෙමළ ජාතික විමුක්ති අරගලයේ සංකේතයකි. ඔහු විසින් දෙමළ ජාතියටත්, පොදුවේ ලංකාවටත්, සමස්ත ලෝකයටත් කරන ලද දේශපාලනික මැදිහත්වීම සුළුපටු එකක් නො වේ. ඔහු වීරයෙකු හෝ ද්‍රෝහියකු වන්නේ ඔහු දෙස බලන්නාගේ දෘෂ්ටි කෝණය අනුව ය. එහෙත්, ඔහු දැවැන්ත මැදිහත්වීමක් කළ පුද්ගලයකු බව ප්‍රතික්ෂේප කරන්නට බැරි ය.

ඔහුගේ මැදිහත්වීමේ නිශේධනීය පැති දැකීම ජනප්‍රිය දෙයකි. එහෙත්, ඔනෑම මැදිහත් වීමක සාධනීය, නිශේධනීය යන දෙපැත්ත ම තිබේ. අප විසින් කළ යුතුව තිබෙන්නේ ඒ දෙස දේශපාලනිකව බැලීමයි. සමාජවාදී සමාජ වෙනසක් සඳහා වූ අරගලයේදී මේ අත්දැකීම උපයෝගී කර ගත හැකි ආකාරය විමසා බැලීම අපගේ නිරීක්ෂණයේ පදනම විය යුතු ය. 

ඉතිහාසය තුළ පුද්ගලයකු විසින් හෝ යම් සමාජ කණ්ඩායමක් විසින් හෝ කරන ලද මැදිහත්වීම දේශපාලනිකව විමසා බැලීම තරම් සැමරුමක් තවත් නැත.

අද සිදු වන්නේ එය නො වේ. සියලු දෙනා උත්සාහ කරන්නේ ප්‍රභාකරන්ගෙන් තමන්ගේ පෞරුෂය ගොඩ නඟා ගන්නට ය. ඒ අනුව ඇතැමෙක් උග්‍ර ප්‍රභාකරන් විරෝධීහු ද ඇතැමෙක් උග්‍ර ප්‍රභාකරන්වාදීහු ද ලෙස පෙනී සිටින්නට උත්සාහ කරන ආකාරය මේ දිනවල ප්‍රදර්ශනය වේ.

මේ සිදු වන්නේ ප්‍රභාකරන් නමින් තම තමන් සමරා ගැනීමයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. කෝ, අර උදේ පාන්දරම රෙන ගමන් මේ බ්ලොග් එක බලලා කොමෙන්ට් දාලා සතුටු වෙන අයිසෙ ළමයා මේ පෝස්ට් එක කියෙව්වද දන්නෙ නෑ.

    ReplyDelete
  2. අදත් යකාට පපුවේ අමාරුව හැදෙනවා :D

    ReplyDelete
    Replies
    1. නෑ බං ඌමනෙ කියන්නෙ කොමෙන්ට් ගානට ගෙවනවා කියලා.... :)

      Delete
  3. දැනගන්න ආස නිසයි අහන්නේ මේ වගේ ලිපි වලට ගෙවන්නෙ ආණ්ඩුවෙන්ද, JVP එකෙන්ද,හෙල උරුමෙන්ද, ඩයස්පොරාවෙන්ද?

    ReplyDelete
  4. " සියලු දෙනා උත්සාහ කරන්නේ ප්‍රභාකරන්ගෙන් තමන්ගේ පෞරුෂය ගොඩ නඟා ගන්නට ය. ඒ අනුව ඇතැමෙක් උග්‍ර ප්‍රභාකරන් විරෝධීහු ද ඇතැමෙක් උග්‍ර ප්‍රභාකරන්වාදීහු ද ලෙස පෙනී සිටින්නට උත්සාහ කරන ආකාරය මේ දිනවල ප්‍රදර්ශනය වේ.

    මේ සිදු වන්නේ ප්‍රභාකරන් නමින් තම තමන් සමරා ගැනීමයි. "

    අජිත්,
    එතකොට තමුන් ආඊතී වන්නෙ මෙම පර්ශව දෙකෙන් කුමන කොටසට ද ?

    ReplyDelete
    Replies
    1. මේ අඹ ගසත්, ඒ අඹ ගසත් හැර තවත් ගස් තිබේද?
      බොහෝ ගස් ඇත. එහෙත් ඒවා අඹ ගස් නොවේ.

      ඒ අඹ ගසත් අඹ නොවන ගසුත් හැර වෙනත් ගස් තිබේද?
      එසේය , ඒ මේ අඹ ගසයි.

      Delete
  5. කැප්පෙටිපොලයි ප්‍රභාකරනුයි අතර තව සමාන කමක් තියනව. දෙන්නම තමන් ගැන අධි තක්සේරුවකින් හිටපු මාන්නාධික පුරුෂයො.

    කැප්පෙටිපොල සුද්දංගෙං අල්ල ගත්තු ආයුද ආපහු යැව්ව කියනවනෙ තොපගේ ආයුද වලින් තොපටම පහර දීම අපගේ සිංහලකමට තරම් නොවේ කියල පණිවිඩේකුත් එක්ක. ජාතික අභිමානය පැත්තෙන් කොහොම උනත් යුද්දෙකදි එහෙම කරන එක සියතින්ම ගෙල සිඳ ගැනීමක්..අන්තිමට සියතින්ම නොවුනත් බෝගම්බරදි ඒකම තමයි උනේ.

    ප්‍රභාකරන්ට තිබ්බ Megalomania එක නම් එසේ මෙසේ එකක් නෙවෙයි. තමන් දෙවියෙක් කියල වන්දිභට්ටයො කියන ප්‍රශස්ති අන්තිමට මිනිහත් විශ්වාස කරන්ට ගත්තු එක තමයි එයාටම හෙණේට හිටියෙ. නැත්නම් අද මහින්ද දකුණෙ රජ කරනව වගෙ උතුරෙ රජ කරන්ට තිබ්බෙ වෙන කවුරුවත් නෙවෙයි ඒ මනුස්සය, මාන්නය වෙනුවට ඥාණය කියන එක පොඩ්ඩක් හරි තිබ්බනං.

    ReplyDelete
    Replies
    1. මිස්ටර් රවී,

      ඔයා කොහොමද එහෙම තව කෙනෙක්ගෙ තිරණයක් ගැන බලල එහෙම කියන්නෙ. අපි දන්නෙ නෑනෙ කැප්පෙටිපොල ඇත්තටම මාන්නාධිකමට එහෙම කරාද එහෙම නැතුව ඇත්තටම ඒ මනුස්සය අවංකවම එහෙම කරාද කියන එක. ඊට වඩා සාදාරනයි ඔයා ඔහු එදා ඒ ගත්ත තිරණය හරි, වැරදි හෝ මෝඩ, ණුවනක්කාර එකක්ද කියන එක ගැන "මතයක්" ප්‍රකාශ කරණ එක. මොකද ඔයා දැන් මෙහෙම කියන්නෙ ඔහු පැරදුණ බව දන්න නිසා, ඔහු දිනුවනම්?
      වර්තමානයේ ඉඳන් අපි ඉතිහාසය විවේචනය කරනකොට, කරන ලොකුම වැරද්ද අපි එදා ඒ මොහොත ගැන විතරක් කියන්නෙ නැතිව, වර්තමානයෙ දන්න දෙවල් ඇඩ් කරන එක.

      මීට, ඔයාගෙ ලිපි වලට කැමති පොඩි එකෙක් :)

      ප.ගෝ.



      Delete
    2. රවී
      ප්‍රභාකරන්ට මහත්මයා කියපු ආපේ මිනිස්සුත් හිටියෙ ..
      ඒ අතින් ඔබේ වරදක් නෑ !!
      අපරාදෙ ප්‍රභා මැරිල ගියෙ නේද ?

      Delete
    3. මිස්ට ප.ගෝ.

      / අපි දන්නෙ නෑනෙ කැප්පෙටිපොල ඇත්තටම මාන්නාධිකමට එහෙම කරාද එහෙම නැතුව ඇත්තටම ඒ මනුස්සය අවංකවම එහෙම කරාද කියන එක. /

      අවංකකමක් මෙතනට අදාල වෙන්නෙ නෑ නේද? යුද්දයකදි සතුරගෙන් අල්ලගත්තු හෝ මොන ක්‍රමයකින් හරි ලැබුනු ආයුද අයිති තමන්ට. ඒවා පාවිච්චි කරල සතුරටම පහර දෙන එකේ කිසිම වැරැද්දක් නෑ. එහෙම කලයි කියල කිසිම ආචාරධර්මයක් උල්ලංඝනය වෙන්නෙ නෑ.කැප්පෙටිපොල වගෙ සෙනෙවියෙක් ඒක නොදැන ඉන්ට විදිහක් නෑ. එතන ක්‍රියාත්මක උනේ ඔහුගේ මාන්නය කියන එක පැහැදිලියි.

      වෙල්ලස්ස කැරැල්ලෙදි සිංහලයො වැඩිපුරම භාවිතා කලාය කියන්නෙ ගරිල්ලා උපක්‍රම..ඒ කියන්නෙ සැඟවීසිට පහර දීම..ඔය විදිහට අවංක වෙනවනම් ඒකත් වැරදියි නේද? අවංකව යුද්ද කරනවනම් කරන්න ඕන සුද්දන්ට පේන්ට ඉස්සරහට ගිහිල්ල මූණට මුහුණ ලා සටන් කරන එක.

      / ඊට වඩා සාදාරනයි ඔයා ඔහු එදා ඒ ගත්ත තිරණය හරි, වැරදි හෝ මෝඩ, ණුවනක්කාර එකක්ද කියන එක ගැන "මතයක්" ප්‍රකාශ කරණ එක. /

      ඉතිං ඒක තමයි මම කරල තියෙන්නෙ..මගේ මතය ප්‍රකාශ කරන එක :)

      /  මොකද ඔයා දැන් මෙහෙම කියන්නෙ ඔහු පැරදුණ බව දන්න නිසා, ඔහු දිනුවනම්?  /

      ඔහු දිනුවනම් කොහොමත් මෙහෙම ප්‍රශ්නයක් එන්නෙ නෑනෙ. කරපු වැඩේ මෝඩද නැද්ද කියල...එහෙනම් කියන්න තියෙන්නෙ බලන්න සිංහලයො දිනුවෙ අපේම ආයුද පාවිච්චි කරල ...අපි සුද්දංගෙ ආයුද උංට ආපහු යැව්ව ඒත් අපි දිනුව කියල..

      මම පොතක් අතිං අල්ලන්නෙ නැතුව දවස තිස්සෙම පිස්සු කෙලියට අන්තිමට විභාගෙ පාස් නම් අම්මට තාත්තට මොකවත් කියන්ට දෙයක් නෑනෙ නේද? ඒත් විභාගෙ ෆේල් නම් අන්න උත්තර බඳින්න වෙනව. ඒ නිසා හොඳම වැඩේ පාඩම් කරන එක. ඒ කරලත් විභාගෙ ෆේල් වෙයි සමහරවිට. ඒත් අඩුගානෙ කමක් නෑ පුලුවන් උත්සාහය ගත්තනෙ කියලවත් කියයි..

      / වර්තමානයේ ඉඳන් අපි ඉතිහාසය විවේචනය කරනකොට, කරන ලොකුම වැරද්ද අපි එදා ඒ මොහොත ගැන විතරක් කියන්නෙ නැතිව, වර්තමානයෙ දන්න දෙවල් ඇඩ් කරන එක. /

      ඉතිහාසය විවේචනය කරනව කියන්නෙ ඉතින් ඒකටනෙ. ඒ ක්‍රියාව නිසා ඇතිවුනු ප්‍රතිඵල අපි දන්න නිසයි හොඳද නරකද කියල අපිට අදහසක් ඇතිවෙන්නෙ..නේද? ඔය විදිහට එදා තිබුනු තත්වය ගැන සලකල බලනවනම් හිට්ලර් කල සමූලඝාතන, ස්ටාලින්ගෙ වද කඳවුරු උනත් හරිය කියල කියන්නයි වෙන්නෙ. මොකද එදා හිට්ලර් සහ ස්ටාලින් අවංකව විශ්වාස කලා වෙන්න ඇති තමන් කරන දේ හරිය කියල. ඒත් එහෙම එදා තිබුනු තත්වය අනුව එහෙම කලාය කියල හැමදේම නිවැරදි වෙන්නෙ නෑ නේද?

      / මීට, ඔයාගෙ ලිපි වලට කැමති පොඩි එකෙක් :) /

      බොහොම ස්තූතියි පසුගාමී ගෝත්‍රිකයා :)

      Delete
    4. පත්තර මල්ලි,

      / ප්‍රභාකරන්ට මහත්මයා කියපු ආපේ මිනිස්සුත් හිටියෙ ../

      ඒ ගැන ඒ හැටි හිතට ගන්න එපා පත්තර මල්ලි, ත්‍රස්තවාදියා සහ විමුක්ති දායකයා කියන දෙන්නා අතර වෙනස එක කෙස් ගහක් බොහෝවිට.අනික ඒ කෙස් ගහ උනත් අර්ථ දැක්වෙන්නෙ තම තමන්ගෙ දෘෂ්ඨි කෝණයෙන්..ඒ නිසා ඒ ගැන හිත කරදර කරගන්න එකේ කිසිම තේරුමක් නෑ.

      / අපරාදෙ ප්‍රභා මැරිල ගියෙ නේද ? /

      කවුරු උනත් මනුස්සයෙක් මැරිල යන එක එක අතකට අපරාදයක්. අනික් අතට ප්‍රභාකරන්ගෙ වැඩ පිළිවෙල අනුව ඔයිට වඩා දෙයක් එයාට බලාපොරොත්තු වෙන්නත් බෑ.

      Delete
    5. ඔබ කරල තියෙන්නෙ පුද්ගලයගෙ චරිතෙ විවෙචනය කිරීමක් (ඔහු මාන්නාධිකයි කියල ), අවංකව කියල කිව්වෙ ඔහුගෙ හිතට එකඟව නැගිච්ච අදහසක් ක්‍රියාත්මක කලා කියන එක, ඒක යුධ උපක්‍රමත් එක්ක පටලව ගන්න එපා.

      අනික කවුද දන්නෙ මෙහෙම කරාද කියල,

      "Appear weak when you are strong, and strong when you are weak.”" (Sun tzu)

      හරි අපි හිට්ලර්ගෙ ක්‍රියාවනෙ විවෙචනය කරන්නෙ, ඒත් හිට්ලර් ඒක කරෙ මිනිහගෙ හිතේ මොනව තිබිලද කියල කවුද දන්නෙ. කවුද දන්නෙ හිට්ලර්ට පොඩි කාලෙ කනට ගහපු ජූව් කෙනෙක් හින්දා පලි ගන්න ද කියල.

      විභාගෙ කතාවනම් මටම කිව්වද මන්දා, රිසල්ට්ස් ආවාම මම සෙකන්ඩ් අපර් කිව්වාම, ගොඩක් අයගෙ රිප්ලයි එක උනෙ, එක්කො "සිරාවට ද කියන්නෙ?" එහෙම නැත්නම් "ඔයාට?"

      -ප.ගෝ.

      Delete
  6. @රවි,“නැත්නම් අද මහින්ද දකුණෙ රජ කරනව වගෙ උතුරෙ රජ කරන්ට තිබ්බෙ වෙන කවුරුවත් නෙවෙයි ඒ මනුස්සය, මාන්නය වෙනුවට ඥාණය කියන එක පොඩ්ඩක් හරි තිබ්බනං“

    - විග්නේශ්වරන් තමයි අන්තිමේ ඥානවන්තයා වුනේ.

    ReplyDelete
  7. me meka liuwa ekata danne. Ubath Prabhakaran ta sudu hunu paarak gala thiyenne. ube appa demalek da

    ReplyDelete
    Replies
    1. අෙන් උබ වගෙ ගොං තඩිෙයක්

      Delete
  8. Ano1 මෙය ඉතාමත් වැදගත්. මිනිස්සු අනුන්ගෙ ගුන හරහා තමාව ප්‍රවර්දනය කරනවා, සාදාරනීය කරනවා. ප්‍රභාකරන් මෙන්ම ජයපාලන් කවියා හරහත් එකී ලක්ශන පෙනවා.

    ජයපාලන් ගැන ගොඩක් ප්‍රකට කවිය ලියුවෙ මන්ජුල වෙඩිවර්දන. එයත් කවියෙක්.. ජයපාලන් මහින්දට පින්සිද්ද වෙන්නෙ නොවෙජියනු පුරවසියෙක්. මන්ජුල පැරිසියෙ. කලාවට කැමති කෙනෙකුට පරිසිය කියන්නෙ සුරපුරක්. (මමත් එහෙ ටික කලක් ඉදල තියෙනව ) මෙ දෙන්නටම තියෙන්නෙ එකම ප්‍රශ්නයක්. හැම දෙයක්ම තිබුනත්.. ඔවුන්ට කවියෙක් හැටියට උපයන සිවිල් බලය ලැබෙන්නෙ ලන්කාවෙදි පමනයි. පැරා වරක් කියුව වගෙ එකී අඩුව පුරව ගන්න ලන්කාව නැතුවත් බැහැ. මන්ජුල කවියෙන් කියන්නෙ ඔහු යලිත් එන විටත් ඔහුගෙ "කවි කමට" බලයක් ලබාදෙන්න කියලා. මෙවා වරප්‍රසාද මුදල් බලය හා බැන්දුනු දෙවල්

    වාසු, සොමවන්ශ හා බැසිල්ට තම දරුවන් රට යවන්න මෙන්ම අනිත් අයටත් තමන්ගෙ පුද්ගලික තීරන ගත හැකියි. මහින්දට කඩෙ යන අය මෙන්ම මෙ රැඩිකල් පොරවල් වලට කඩෙ යන අපෙ පන්තියෙ උනුත් තෙරුම් ගත යුතු දෙවල් තියෙනවා..

    කොටින්න්ම බාලා තම්පො මම ගොඩක් සුපිරි අවන්හල් වල දකල තියෙනවා.. තාරකීව මරලා දාන්න කලින් ඔහු රත්‍රි ආහාරය අරන් තිබුනෙ බීච් වාඩියෙ.. සුනිලා අබෙසෙකර මියගියෙ "පෞද්ගලික" රොහලක.. මෙවට ඔවුන්ට තියෙන අයිතිය වෙනුවෙන් අපි පෙනි සිටින්න ඔනී.. නමුත් මෙවයෙහි තියෙන අර්තික හා සමාජිය කාරනා තෙරුම් ගන්නත් ඔලුවක් තියෙන්න ඔනෙ.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන කරුණු ඉතා නිවැරදියි.මෙතනත් විශාල වංචාවක් යන්නෙ

      Delete
  9. Pera unath europayata awoth peratath kisima wishesha piligenimak lebnnene,me dakshyata thenadunnata,lankawewage.weerayo lesa,salakannene,Ekanisai ape ayyala boruwata kiyanne mawbima thamai watinnekiyala.Mokada lankawe wage Andabhkthikayo mewayene,

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා