ප්‍රභාකරන් නමින් තම තමන් සමරා ගැනීම
ප්‍රභාකරන්ගේ උපන් දිනයත්, මොනරවිල කැප්පෙටිපොල ඝාතනය කළ දිනයත් නොවැම්බර් 26දා ය. 1818 නොවැම්බර් මස 26 වැනිදා පෙරවරු 8.00 ට බෝගම්බර වධකාගාරයේදී මොනරවිල කැප්පෙටිපොල සෙනෙවියා හිස ගසා මරා දමන ලදී. ප්‍රභාකරන් උපන්නේ ඉන් වසර 136කට පසුවයි. ඉංග්‍රීසීන් විසින් ලංකාව පාලනය කරන ලද සමය තුළ ලංකාවේ කැප්පෙටිපොල සමරන්නට ඉඩක් තිබුණේ නැත. එහෙත් කැප්පෙටිපොල සිංහල මිනිසුන්ගේ හදවත්වල වීරයකු ලෙස ජීවත් වූයේ ය. නිදහසින් පසු ඔහු ජාතික වීරයකු ලෙස නම් කරන ලදී. කැප්පෙටිපොල නායකත්වය දුන් වෙල්ලස්සේ කැරැල්ලේදී කැරැලිකරුවන්ගේ ප්‍රචණ්ඩත්වය සිය දහස් ගණනින් ඉක්මවා යන ප්‍රචණ්ඩත්වයක් පාලකයන් වෙතින් දියත් විය. ප්‍රභාකරන්ගේ තත්වය වෙනස් ය. ඔහු විසින් දියත් කරන ලද සටන ප්‍රචණ්ඩත්වය අතින් පාලකයින්ට නො දෙවෙනි එකකි. දශක ගණනාවක් තිස්සේ ඇදී ගිය එය අවසානයේදී තිරශ්චීන පරාජයකින් කෙළවර විය. ඔහු යටත් වූ බවක් වාර්තා වන්නේ නැත. ඔහු මිය යන්නේ සටනේදී ය. ප්‍රභාකරන් යනු දෙමළ ජාතික විමුක්ති අරගලයේ සංකේතයකි. ඔහු විසින් දෙමළ ජාතියටත්, පොදුවේ ලංකාවටත්, සමස්ත ලෝකයටත් කරන ලද දේශපාලනික මැදිහත්වීම සුළුපටු එකක් නො වේ. ඔහු වීරයෙකු හෝ ද්‍රෝහි...