Posts

Showing posts with the label ප්‍රචණ්ඩත්වය

අලුත් පරපුරට පහර දීම

Image
අද උදෑසන 11 ට කුඹුක්ගැටේ මංසන්ධියේදී "අලුත් පරපුර" විසින් සංවිධානය කළ "මුලාවෙන් මිදෙමු" ජන හමුවට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැරවරයන් විසින් නින්දිත ප්‍රහාරයක් එල්ල කර තිබේ. මැරවර පිරිස මෙහෙයවා ඇති බව වාර්තා වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දික විසිනි. ඔහු සමග පැමිණි පිරිස නාමල් රාජපක්ෂ විසින් මෙහෙයවන නිල් බලකායේ ටී ෂර්ට් ඇඳ සිටි බව වාර්තා වේ. ගායන ශිල්පී ලක්ෂ්මන් විජේසේකරට බිම පෙරළාගෙන පහර දී තිබේ. රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා, ගායන ශිල්පී කසුන් කල්හාර හා ඉන්ද්‍රචාපා ලියනගේ, ජගත් මනුවර්ණ, මොහාන්රාජ් මඩවල, අමා විජේසේකර, නීතිඥ උදුල් ප්‍රේමරත්න වැනි කලාකරුවෝ හා ක්‍රියාකාරිකයෝ රැසක් මෙසේ ප්‍රහාරයට ලක් වූ හ. මීට පෙර එප්පාවලදී හා හම්බන්තොටදී ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර ඇතුළු කලාකරුවන් පිරිසකට ද ආණ්ඩුවේ මැරවරයන් විසින් පහර දෙන ලදී. මේ වන විට පරාජයෙන් වියරු වැටී සිටින මහින්ද රාජපක්ෂ පාලනයට විරුද්ධ මත ඉවසා සිටීමේ හැකියාව නැත්තට ම නැති වී ගොස් ඇති බව මෙම සිද්ධියෙන් පැහැදිලිව පෙනේ. දැන් හැදෙන අලුත් පරපුර කොහොමත් දූෂණයට හා මැරවරකමට එරෙහි ය....

ඥානසාර හාමුදුරුවන්ට ගහපු එක හරි ද?

Image
තනි පුද්ගලයකු ලෙස නො දැනෙන ශක්තියක් සමූහයක් තුළ සිටියදී දැනීම සාමාන්‍ය තත්වයකි.  මහජන උද්ඝෝෂණවලදී මෙම ශක්තිය ප්‍රචණ්ඩ අයුරින් භාවිතා කිරීම මොබ් එකක් හෙවත් අයුතු ජන රාශියක් නිර්මානය කිරීමට හේතු වේ.  මොබ් මානසිකත්වය හා වීරත්වය යනු එකක් නොව දෙකකි. වීරත්වය මතු වන්නේ වඩා අව්‍යාජ, බුද්ධිමත්, සංවේදී හා සිතා මතා ගනු ලබන ක්‍රියාමාර්ග ඔස්සේ ය.  මොබ් මානසිකත්වයෙන් යුතුව යම් යම් ක්‍රියාමාර්ගවලට එළඹෙන බොහෝ පුද්ගලයෝ මොබ් මානසිකත්වය පහව ගිය පසු පශ්චාත්තාපයට ගොදුරු වෙති.  ඥානසාර භික්ෂුව යනු ජනප්‍රිය ජාතිවාදයට හා සිවුරට මුවා වෙමින්, ජාතිවාදය හා ආගම්වාදය කුළුගන්වන්නට පුළුවන් පරිසරයන්හිදී නිරතුරුව ම මොබ් මානසිකත්වයෙන් කටයුතු කරන පුද්ගලයෙකි.  ඔහු සාමාන්‍යයෙන් මැදිහත් වන්නේ ප්‍රතිවිරුද්ධ මොබ් නිර්මානය නො වන තැන්වලටයි. නිදසුනක් ලෙස ඔහු කිසිදු කලෙක මාළිගාවත්තට හෝ වැල්ලවත්තට ගොස් සිය වික්‍රමාන්විත ක්‍රියා සිදු කර තිබේදැයි සිතා බලන්න.  ඊයේ ඔහුගේ මොබට ගැලපෙන මොබක් සිරිකොතේදී හමු විය. යූඇන්පීකාරයන් ය කියන්නේ ලොං හැලුණු වෘකයන් පිරිසක් බව ඥානසාර හිමියන්ට අමතක විය. ලොං හැල...

එකම පවුලේ පස්දෙනෙකු කපා කොටා මැරීම හා ජාතිවාදය පිළිබඳ කතාවක්

Image
අනුරාධපුරයේ විහාරහල්මිල්ලෑවේ එකම පවුලක පස්දෙනෙකු කපා කොටා මරා දමා ඇති බවට පුවත මට කෙටි පණිවුඩයකින් ලැබෙනකොට මා සිටියේ සේවා ස්ථානයේ විවේක කාමරයේ සගයින් කීප දෙනෙකු සමග කතා කරමිනි. ඒ පුවතේ අමුතු ගතිය නිසාත් විහාරහල්මිල්ලෑව කියන ගමේ නම එක්ක මට සිහිපත් වුණේ මායිම් ගම්මානයක් නිසාත් මම කිව්වා ‍මේක කොටින්ගේ වැඩක් ද දන්නේ නැහැ කියලා. මේ ගමේ ඇත්ත නම මොකක්ද දන්නේ නැහැ. එක එක මාධ්‍ය කියන්නේ එක එක නම්. විහාරපාළුගම, විහාරහල්මිල්ලෑකුලම වගේ. මෙතන හිටිය ජාතිවාදී පක්ෂයකට සම්බන්ධ එක් අයෙක් පසුව මේ සිද්ධිය පිළිබඳ කත‍ා කරමින් කිව්වේ මට හා වික්‍රමබාහු කරුණාරත්න වැනි අයට උවමනා වී තිබෙන්නේ එසේ කොටි සංවිධානය නැවත අවදි වීම දකින්න බවයි. ඔහු කියාගෙන ගියේ සිංහල ජාතිය පීඩාවට පත් වන විට මා සතුටු වන බවයි. බ්ලොග් කමෙන්ට්කරුවන් ඕනෑ තරම් මෙසේ කීවත්, භෞතිකව නිතර හමු වන මිනිසෙක් එසේ මා පිළිබඳව සෙසු අයට කියන විට මම මඳක් සසල වුණා. 1989 කැරැල්ලේ පරාජයෙන් පසුවත් බොහෝ දෙනා සිතා සිටියා ජවිපෙ සම්පූර්ණයෙන් ම අවසන් ය කියා. දැන් සමහරු හිතනවා කොටි සංවිධානය තිබෙන්නේ ඩයස්පෝරාවේ විතරයි කියලා. මම නම් පෞද්ගලිකව විශ්වාස කරන්නේ නැහ...