අලුත් පරපුරට පහර දීම

අද උදෑසන 11 ට කුඹුක්ගැටේ මංසන්ධියේදී "අලුත් පරපුර" විසින් සංවිධානය කළ "මුලාවෙන් මිදෙමු" ජන හමුවට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැරවරයන් විසින් නින්දිත ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මැරවර පිරිස මෙහෙයවා ඇති බව වාර්තා වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දික විසිනි. ඔහු සමග පැමිණි පිරිස නාමල් රාජපක්ෂ විසින් මෙහෙයවන නිල් බලකායේ ටී ෂර්ට් ඇඳ සිටි බව වාර්තා වේ.

ගායන ශිල්පී ලක්ෂ්මන් විජේසේකරට බිම පෙරළාගෙන පහර දී තිබේ. රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා, ගායන ශිල්පී කසුන් කල්හාර හා ඉන්ද්‍රචාපා ලියනගේ, ජගත් මනුවර්ණ, මොහාන්රාජ් මඩවල, අමා විජේසේකර, නීතිඥ උදුල් ප්‍රේමරත්න වැනි කලාකරුවෝ හා ක්‍රියාකාරිකයෝ රැසක් මෙසේ ප්‍රහාරයට ලක් වූ හ.

මීට පෙර එප්පාවලදී හා හම්බන්තොටදී ගායන ශිල්පී ජයතිලක බණ්ඩාර ඇතුළු කලාකරුවන් පිරිසකට ද ආණ්ඩුවේ මැරවරයන් විසින් පහර දෙන ලදී.

මේ වන විට පරාජයෙන් වියරු වැටී සිටින මහින්ද රාජපක්ෂ පාලනයට විරුද්ධ මත ඉවසා සිටීමේ හැකියාව නැත්තට ම නැති වී ගොස් ඇති බව මෙම සිද්ධියෙන් පැහැදිලිව පෙනේ.

දැන් හැදෙන අලුත් පරපුර කොහොමත් දූෂණයට හා මැරවරකමට එරෙහි ය. සාමයට හා ප්‍රජාතන්ත්‍රවාදයට කැමති ය. ඔවුන් අතර ජනප්‍රිය මේ කලාකරුවන්ට එල්ල කළ ප්‍රහාරය මහින්ද රාජපක්ෂට තවත් ඡන්ද දහස් ගණනක් අහිමි කරනු ඇත.

වියරුවට තව වැඩි කලක් නැත.



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මේක මුන් ගේ අවසානයයි පැහැදිලිවම.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ මුස්ලිම් ---- වෙනුවට අපේ මුස්ලිම් කලාකරු සලමන් ඛාන් දැන් වේදිකාවේ !

      Delete
    2. මැරයින්ට මෛත්‍රිකරන්න අවශ්‍ය බැවින් පලමුව ඔවුන්ව හදුනාගමු.

      Delete
    3. සල්මන් ඛාන්ලා උඩයි උඩයි , පිං පොංලා බිමයි බිමයි. හූ............

      Delete
    4. දොන්ක මාල් ඉන්දික යනු පලාතේ අලුතින් බිහිකල පර්සිගේ චන්ඩියාය. රට බේරගත්තේ කවුදැයි අසයි. රට චීනාට වික්ක බව මේ තොත්ත බබාට නොපෙනේ. මෝඩ මන්ත්‍රීවරු මුලින්ම ඉවත් කළ යුතුයි.

      Delete
  2. "චමත් හසරැල්" මල්ලි ඊයෙ පෙරේද කියල තිබ්බ "මහින්දගෙ ගෙන් ගෙට යන 7 වෙනි කණ්ඩායමත් ආව, ඒත් මෛත්‍රී වෙනුවෙන් එක්කෙනෙක්වත් තාමනං ආවෙ නෑ" කියල. පේනව නේද මල්ලි නො-එන හේතුව?

    චතුෂ මලය කියල තිබ්බ "මහින්ද දින්නොත් ගෙවල් කුඩු කරන විරුද්ධවාදීන්ගෙන් පලිගන්න ඒව වෙන්නෙ නෑ" කියල. ඇත්ත, මහින්ද ගහන්නෙ, ගෙවල් කුඩු කරන්නෙ ඡන්දෙට කලින්නෙ, ඉතින් පස්සෙ ආයි ගහන්න යන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔය පරයට 'මලයා' කියන උඹ ගැනත් ලැජ්ජයි ඉන්දික. ඔය කැරැක්ටරේ ගැන අපි කලින් කිව්වා. කොහෙද මේකෙ ඉන්න එවුන් අපි කියන දෙයක් අහනවයැ...

      Delete
    2. ඇනෝ, දේශපාලනය සම්භන්ධයෙන් අපි වෙනස් තැන් වල උන්නට, මම චතුෂගෙ තියෙන ලිවීමේ, තම මතය වෙනුවෙන් පෙනී සිටීමේ සහ වංචාවෙන් තොරව ජීවිතය ගෙනයාමේ කොලිටි අගය කරනව. ඒ නිසා ඌට "මලය' කිව්වට උඹට මම ගැන ලැජ්ජ උනාට, ඒ දේ ගැන මම ලැජ්ජ වෙන්නෙ නෑ!

      Delete
    3. ලිවීමට යම් හැකියාවක් තියෙන බව ඇත්ත. තම මතය වෙනුවෙන් පෙනී සිටින එකත් ඇත්ත. හැබැයි ඔය "වංචාවෙන් තොරව ජීවිතය ගෙනයාමේ..." කෑල්ලට නම් එකඟ නෑ. එහෙම නම් නිශාන්ත මුතුහෙට්ටිගමත් වංචාවෙන් තොරව ජීවිතය ගෙනියන එකෙක්නෙ බං...:-)

      වංචාවෙන් තොරව ජීවිතය ගෙනියන කාටවත් මේ අවස්ථාවේ කොන්දේසි විරහිතව මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටිය හැකියි කියලා උඹ හිතනවාද?

      Delete
  3. අපේ මාරයා අයියත් ගියා මේ සිද්ධියට. කලාකරුවන්ගෙ පැත්තෙන් නෙවෙයි. නිල් බලකාය පැත්තෙන්. මාරයා අයියට බුරියානි එකකුයි රුපියල් දාහකුයි හම්බවුනාලු. මාරයා අයියා නම් කිව්වෙ ගියේ ඒකට නෙවෙයි රට ගැන හිතලා කියලා...

    ReplyDelete
    Replies
    1. මාතලන්ටත් කුකුල් කටු පාර්සලයක් හම්බවෙලා තියෙනව,සූප්පු කරන්න.

      Delete
  4. මේකෙන් එක දෙයක් නම් ඉතාම පැහැදිලියි.තමුන්ගෙ පරාජය ඉස්තීරයි කියල,මහින්ද ගොයිය හොඳටම තේරුම් අරගෙන ඉන්නෙ.

    ReplyDelete
  5. කවුරුන් හෝ පැරායියාගේ සරම කඩා නිරුවත් කළා?

    ReplyDelete
  6. ලංකාවේ හොටු නළු බට්ටො මොකටද ආයූබෝං.... අන්න ඉංදියාවෙන් සුපර් කෑලි ගෙනල්ලා.....

    ReplyDelete
    Replies
    1. නිවුස් පස්December 29, 2014 at 9:39 PM

      Salman Khan, Jacqueline Fernandez campaign for Mahinda Rajapaksa ahead of Sri Lanka poll - (The Indian Express)

      කලාකරුවන් පිරිසකට කුඹුක්ගැටේදී ප්‍රහාරයක් - (ලංකාදිප)
      ‘කලාකරුවන්ට බිත්තරවලිනුත් ගැසුවා‘-(ලංකාදිප)
      සමනලී ෆොන්සේකා කුරුණෑගල රෝහලේ -(ලංකාදිප)
      -----


      1.අපේ පරපුර කවුද ?

      2.අපි ගහෙන් බහින්නේ කවදාද ?

      Delete
    2. ගහෙන් බහින්නේ කොහොමද හලෝ, ගහත් දිනන දිනන පැත්තට පනින කොට.

      Delete
  7. ගංවතුරෙන් අනාථ වුවන්ට සල්මන් ඛාන් ගේ නැටුමක් බලා ජැකොලින්ගේ ආප්පයක් කා මාරයා අය්යියාගේ මාමට ජන්දය දිය හැක. මේ වෙලාවේ රටේ තිබුන එකම අඩුව පිරවූ නාමල් මහතාට අපේ උපහාරය.

    ReplyDelete
  8. මෙවර පළමුවරට මිලියනයක් තරුණයින් තරුණියන් ඡන්දය ප්‍රකාශ කරනවාලු. ලොක්කා සල්මන් ඛාන් ගෙනල්ලා තියෙන්නේ උන්ව ආකර්ෂනය කර ගන්නලු. අනේ මුගේ මොළේ. අද වයස 18-20 එවුන්ට සල්මන් ඛාන් කියන්නෙ නාකි පප්පෙක්. උන් සමන් ඛාන් ගැන හිතන්නෙ පැරාකා කකාලා දිල්ප් කුමාර්ලා රාජ් කපූර්ලා සුනිල් දත්ලා ගැන හිතනවා වගේ. ඕකා ගෙනාවා කියලා තියෙන ඡන්දත් කැඩෙනවා මිස අලුත් ඡන්ද හැදෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. සල්මන් ඛාන්ගේ වයස දැන් 50 යි. ඌට දරුවෝ හිටියා නම් මේ වෙන කොට උන්ටත් වයස අවුරුදු 18ක් 20ක් වගේ තමයි. ඉතිං ලංකාවේ ඒ වයසේ ඉන්න, ඒ වගේම පළමු වරට ඡන්දය භාවිතා කරන්න බලන් ඉන්න තරුණ-තරුණියන්ට සල්මන්ව පේන්නේ පප්පෙක් හැටියට තමයි.

      Delete
  9. ඔබත් අදම මෙම ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක ස්ථාපනය කර ගන්න: මෛත්‍රීපාල සිරිසේන

    ReplyDelete
  10. මේ සියල්ලෙන් පෙනී යන්නේ මෛත්‍රී පාලනය අතළඟ බවයි.

    අජිත් පැරකුම් ජයසිංහයන්ගේ අතින් දිනමිණ කතුවැකිය ලියවෙන දිනය අතලඟයි.

    අනාගත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ජයවේවා!

    අනාගත දිනමිණ කතෘ අජිත් පැරකුම් ජයසිංහ මැතිතුමාට ජයවේවා!

    ReplyDelete
  11. නයිටීඑන් බලන නැඹුල් ජන්දදායකයෙක්December 29, 2014 at 10:08 PM

    මමත් කෙසෙල් කොටයකින් හරි යනවා ජැකලින් බලන්න.සලමන් එක්ක සෙල්ෆියක් ඇනගෙන ඉක්මනට FB අප්ලෝඩ් කරලා සෙට් එකටම කෝල් කරන්නත් තියෙනවා අනේ... නින්ද යන්නෑ අයියෝ මගුල් අවපිඩන කලාපයකුත් ලංකාවට ආවනේ.... අපේ කලාකරුවෝ සැට් එක එන්න කලිං...
    ජැකලින් ආහ්ාාා... මතක් වෙනකොටත් මොකද වගේ.., සලමන්ගෙ මසලස්.... කියලා වැඩක් නෑ, සනී ලියෝනුත් අවනං..... නියම අත් දැකිමක් ගන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. පිංවත්නි ,
      8 වෙනිදට පස්සේ, නයිටීඑන් , පජාතික රුපවාහිනියේ සහ හුලංවිදුලියේ ඇත්තංට සිතපුරා මෛත්‍රි කල යුතුය.

      Delete
    2. @නයිටීඑන් බලන නැඹුල් ජන්දදායකයා,
      සනී ලියෝන් ආවා නම් අර සමන්මලී සකලසූරිය එක්කම වේදිකාව උඩ නිරුවත් වෙන්න තිබුණා.

      Delete
  12. Even as Namal spends Rs. 500 million on Indian actor Salman Khan and group to attend President’s election rally , his Nil Balakaya attacks own local artistes-------

    ReplyDelete
  13. මේක මෛත්‍රීට නෙමේ ඉන්න නරියව යළි පුම්බනවද නැද්ද කියන තීරණේ ගන්න අවස්ථාවක්. ජනතාව දුන්වරමෙන් බාල් නැටූ නිරිඳා නරිඳා විය.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා