පළාත් සභා හීතල වීම හා චූ බර වීම

නැගෙනහිර පළාත් සභාව සභාපතිනි ආරියවතී ගලප්පත්ති විසින් අත්තනෝමතික ලෙස ජනවාරි 12දා දක්වා කල් තබා තිබේ. කල් තැබීමේ හේතු කතා කරමින් ආරියවතී මුත්‍රා බර ගැන ද කියයි. ඇගේ සුළු දිය බෑමේ අවශ්‍යතාව ද මේ පළාත් සභාවේ කලබලය සමග සම්බන්ධ කරගෙන තිබේ. 

අයවැය විවාදය අතරතුර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු හත් දෙනා සභා ලේකම් කාර්යාලයට පැමිණිය ද සභා ගර්භයට නොපැමිණ සිටීම හා ආණ්ඩුවෙන් වෙන්වී ස්වාධීනව කටයුතු කරන සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීන් තිදෙනා ද නො පැමිණීම සමග බල තුලනය වෙනස් වීම මේ පසුපස ඇති ඇත්ත හේතුවයි. පළාත් සභාව කල් දමන්නේ අයවැයවත් සම්මත කර ගන්නේ නැතිව ය.

මේ හා සමාන අන්දමින් ම ගිය සතියේ උෟව පළාත් සභාව කල් දැම්මේ ඒ පැත්තට රැස් විය නො හැකි තරම් සීතලක් ඇති බව කියමිනි. 

ඇඟ හීතල වීම හා චූ බර වීම ඇත්තෙන් ම බියපත් වීම නිසා ද සිදු වේ. මේ සිදු වී තිබෙන්නේ එයයි. 

ආණ්ඩුව බිය වී තිබෙන්නේ පළාත් සභාවල බලය අහිමි වනු ඇතැයි කියා ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. අපට කිසිවක් තනිව කළ නො හැකි ය. තනිව කරන්නේ යයි අප සිතන දේට ද තවත් බො‍හෝ අය දායක වී තිබේ.
    ආරියවතීගේ චූ බරටද තවත් බො‍හෝ අය දායක වී තිබේ.

    ReplyDelete
    Replies
    1. බට්ටි සමග පිස් අවකාශයDecember 3, 2014 at 12:48 PM

      නැගෙනහිර ආරියවතීට චූ බර හැදුනම තෙත් කලාපයේ පැරාට අවුල් ද?

      Delete
  2. ආරියවතී කොටි ත්‍රස්තවාදීන් සමඟ එක පතේ කෑ එකියකි. දැන් ඇය දේශප්‍රේමී වී ඇත

    ReplyDelete
  3. ලොක්කට දාඩිය දානකොට පොඩ්ඩන්‍ට චූ බර වෙනව.

    ReplyDelete
  4. මටත් පොඩි කාලේ ඉඳන්ම තියෙනවා ඔය හීතලට චූ බර වෙන ලෙඩේ.. හි හි හී..

    ReplyDelete
  5. මහින්ද අයියාගේ කැම්පේන් එකට ගැළපෙන ටී.වී. ඇඩ් එකක්.

    අපේ මාරයා අයියා පරණ තාලේ 40 ශ්‍රී ලොරියක් එළවා ගෙන යනවා. එතකොටම එයාගේ මොබයිල් එකට එස්.එම්.එස්. එකක් එනවා.

    දැන් කැමරාවට මොබයිල් එකේ සමීප රූපයක්. "තවත් සන්ධාන මන්ත්‍රී කෙනෙක් එජාපයට එක් වුණා" එස්. එම්. එස් එක කියනවා අපේ මාරයා අයියාට හිටි හැටියේ චූ බර වුණාක් සේ පේනවා. මූණ අඳුරු වෙනවා. එයා ලොරිය නවතා චූ කරන්න කැලේට දුවනවා. හයියෙන් දුවන්නේ චූ බර වැඩි හින්දා.

    දැන් කැමරාවට මාරයා අයියා චූ කරන එකේ සමීප රූපයක්. (පිටුපසින්) අපේ මාරයා අයියා "යතාවාරි වහාපූරා පරිපූරෙන්ති සාගරං..." කිය කියා වීසිකරපු පොල් කටුවකට චූ කරනවා.

    දැන් පේන්නේ පොල්කටුවේ සමීප රූපයක්. අපේ මාරයා අයියාගේ චූ වලින් පොල් කටුව කිරි උතුරද්දි වගේ පිටාර ගලනවා. පසුබිමින් ඇහෙන්නේ අපේ මාරයියාගේ ගැඹුරු කටහඬ.

    "අපට ඉතින් මහින්ද අයියා නැතුව වෙන කවුද? මේ සැරෙත් අපි ඔක්කෝම මහින්ද අයියාටම තමයි."

    ReplyDelete
  6. රාජපක්ෂ රෙජීමය විසින් මෛත්‍රීපාල ඝාතනය කිරීමේ සැලසුමක්! Exclusive

    http://newsbirdsrilanka.com/2014/12/03/be-safe-my3/

    ReplyDelete
  7. ඉදිරි මැතිවරණයේදී අපේ ජනාධිපතිතුමන්ගේ ලොකුම ශක්තිය අපේ මාරයා අයියා. අපේ මාරයා අයියා නැත්නම් ජනාධිපතිතුමන්ට පවුල පිටින්ම අකුලාගෙන යන්නයි වෙන්නේ. ඒ නිසා මාරයා අයියාට ගරු කරමු.

    ReplyDelete
  8. කොටියම කාපං. ඊගාව පාර මම එක

    ReplyDelete
  9. විකල්ප පොදු අපේක්ෂකයා ලෙස අභීත එදිරිසිංහ මහතා ඉදිරිපත් වීමට නියමිත අතර ඒ වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම හෙට උදෑසන ඉන්දික උපශාන්ත සහ දුලිප් සිකුරාජපති යන මහත්වරුන් විසින් සිදුකිරීමට නියමිතයි.

    ReplyDelete
  10. ජනකට ඇඬෙන කං
    ආරියවතිට චූ බර හැදෙන කං
    සසේන්ද්‍රගේ ශරීර උස්නත්වය 'මයින්ස්' යන කං
    මහින්ද කෙලලා තියෙන පිස්සුව නරක නෑ.

    ReplyDelete
  11. Aththatama Ariyawathilata,chu barata,duwaduwa chu karathaki,eyalage lokka hitagenane chukarannema.Ratatama penawa kattiyama bayawela bawa.Minihekwa winasa karanna ona unama,deviyo eminihawa pissu wattawanawalu.

    ReplyDelete
  12. එහෙනං දකුණත් කල් යයි අරූට රෙවුනොත් බඩේ හැටියට මළ ජංජාලයයි

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා