වාසු ද ග්‍රේට්

වාසු හරි ම ග්‍රේට් ය.

ඔහු මෛත්‍රීපාලගේ ප්‍රතිපත්ති අගයයි. එයට හේතුව රටේ සිදු විය යුතු ප්‍රජාත‍ාන්ත්‍රික දේශපාලනික ප්‍රතිසංස්කරණ නියෝජනය කරන්නේ ඔහු නිසා ය. 

එහෙත්, වාසු ජනාධිපතිවරණයේදී ආධාර කරන්නේ මහින්ද රාජපක්ෂට ය. ඔහු දිනවන්නේ මෛත්‍රීපාල විසින් කරන්නට ඉඩ තිබෙන ප්‍රතිසංස්කරණ පැරදවීමට ය. 

ඔහු එසේ කරන්නේ ඇයි? වාමාංශිකයන් සතු උතුම් මානුෂික ලක්ෂණයක් නිසා ය. ඒ මොකක් ද?

ඒකට ගමේ ගොඩේ භාෂාවෙන් කියන්නේ කන්න දීපු අත හපා නොකෑම කියා ය. 

ප්‍රතිපත්ති මත ම කටයුතු කළා නම් වික්‍රමබාහු කරුණාරත්න සේ ආර්ථික හා සමාජ ප්‍රාග්ධනය පැත්තෙන් දිළිඳුභාවයට පත් වන්නට නියමිතව සිටි වයෝවෘද්ධ වාසුදේව නානායක්කාර ‘මා වැනි බිළින්දා - වර වර ළඟට කැන්දා - දුක් සැප කුමන්දා' යි අසා අතින් කන්න දී හදා වඩා ගත්තේ මහින්ද රාජපක්ෂ උතුමාණෝ ය. 

වැඩක් ඇතත්, නැතත්, ඇමතිකමක් දරමින්, කාර්ය මණ්ඩලයක්, වාහන කීපයක්, කාර්යාල, නිල නිවාස ආදිය නඩත්තු කරමින්, මහජන මුදලින් ජීවිතයේ අවසන් කාලය සැපෙන් සතුටින් ගත කරන්නට ඔහුට අවස්ථාව ලබා දුන්නේ ජනාධිපතිතුමා හැර වෙන කවුරු ද?

ඉතින්, අනන්ත දුක් විඳිමින්, හම්බ කරන සේසත ම බදු ලෙස ආණ්ඩුවට ගෙවමින්, රජය නඩත්තු කරන පීඩිතයන්ට වඩා ජනාධිපතිවරයා වටින්නේ නැද්ද? 

මෙම සටහනේ වාසු යන නම වෙනුවට ඩිව්, තිස්ස වැනි වෙනත් නමක් වුව ආදේශ කර ගත හැකි ය.

අපි ඔබගෙන් ඉල්ලා සිටින්නේ මෙයයි. ඔබගේ තීරණය ඔබට ය. අඩු තරමේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් ජය ගතහොත් රටේ ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ කරන්නට පෙළඹෙන තත්වයක් නිර්මානය කිරීමට හෝ උත්සාහ කරන්න. එමගින් ඔබ ගැන අප කණගාටු විය යුතු මට්ටම හෝ අවම වනු ඇත. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඒ අතින් වික්‍රමබාහු ද ග්‍රේට් ය....

    ReplyDelete
    Replies
    1. වාසුයි බාහුයි තෝවයි තුන් දෙනාවම කොටියම කාපං

      Delete
    2. වාසු බාහු සහ බුවා යන තිදෙනාම රෙදි නැතිව කොටි ත්‍රස්තයන්ට කඩේ යන නිසා ඔවුන්ගේ ගෙරි මසට කොටින් කට තැබීමේ සම්භාවිතාව අඩුය

      Delete
    3. එල් ටී ටී ඊ සංවිධානය කොළඹ ආණ්ඩු දූෂිත ලෙස හැසිරෙන විට පීඩිත ජනතාව සමඟ ගොඩනැගුණු සංවිධානයක් බව මතක තබා ගන්න.... එවැනි සංවිධානක් බිහි වීමට කොළඹ දූෂිත පාලනය වග කිව යුතුය... හෙට එවන් සංවිධානයක් නැවත යුධ පෙරමුනකට සංවිධානය වන්නට ඕනෑ තරම් හේතු වත්මන් ආන්ඩුව පිළියෙළ කර දී ඇත....

      Delete
    4. ela buwa. kotiya sinhaya kale moda sinhaya. Mahinda ada e moda sinhayage piya.

      Delete
  2. //මෙම සටහනේ වාසු යන නම වෙනුවට ඩිව්, තිස්ස වැනි වෙනත් නමක් වුව ආදේශ කර ගත හැකි ය. // තව නම් නම් බොහෝ ඇත..

    ReplyDelete
  3. වාමාංශිකයෙක් කියන කෙනෙක්ට කිසිදාක ජනතා නියෝජිතයෙක් වෙන්න බෑ එවැන්නෙක් දේශපාලනඥයෙක් වුවොත් තමන්ගේ හිතේ තියෙන මතය නියෝජනය කරනවා විනා ජනතාව (ඡන්දය දුන් අය) ගේ මතය නියෝජනය කරන්නේ නැත. එබැවින් වාසු වගේ කෙනෙක්ට වඩා මුස්ලිම් ත්‍රිරෝද රථ රියැදුරු මහතෙක්ට ඡන්දය දීම සිංහල ජාතියට හිතකරයි.

    ReplyDelete
    Replies
    1. දේශපාලනය යනු ඉතිහාසයක් ඇති, දැනුම් සම්භාරයක් ඇති ,ආර්ථික විද්‍යාව ආර්ථික කළමනාකරණය සමග ද සම්බන්දයක් ඇති විෂය ක්ෂේත්‍රයකි .
      වාමාංශිකයෙක් නියෝජනය කරන්නේ එම දැනුම තුලින් ලබා ගත් අවබෝධයක් හා මනුෂ්‍ය සමාජයේ ප්‍රගතිය වෙනුවෙන් කැප වූ සංවිධානගත ක්‍රියාකාරිත්වයකි. ඔහු, තමන්ගේ හිතේ තියෙන මතය හෝ ආත්මාර්තකාමිව තමන්ගේ සුඛ විහරණය සඳහාම පමණක් දේශපාලනය නොකරයි.
      ජනතාවගේ මතය යනු කුමක්ද ? එය කුමක් දැයි නිර්ණය කරන්නේ කෙසේද ?
      දැන් බලයේ සිටින දේශපාලකයන් කරන්නක මෙන් චන්දය බලාගෙන , චන්දයෙන් දිනීම සඳහා ,බලපවත්නා නීති රීති උල්ලංඝනය කිරීම , මහජන මුදල් කාබාසිනියා කිරීම, මහජන මුදලින් අල්ලස් දීම, මාධ්‍ය ගණිකා වුර්තිතියේ යෙදවීම ... ජනතා මතය නියෝජනය කිරීම ද ?
      මුස්ලිම් කෙනෙකුට හෝ ත්‍රිරෝද රතේ රියදුරෙකුට , චන්දය දිය යුත්තේ තමන්ගේ ජාතිය ගැන හිතලාද ?

      Delete
    2. වාසුදේවට කොළඹ නගරාධිපති කම ලැබුණිනම් ඔහු සිංහලයන් ලවා දෙමළුන්ට වැන්දවීමේ නීතියක් ගෙන ඒමට වුව ඉඩ තිබුණි
      වාසුගේ සාම ෆැන්ටසිය කෙළවර වන්නේ තවත් වර්ගවාදී කෝලාහලයන් වීමට ඉඩ ඇත.

      Delete
    3. ඉතින් සිංහලුන් ලවා දෙමළුන්ට වන්දවන එක වැරදිද? දෙමළු කියන්නෙ සිංහලුන්ට වැඩිය උතුම් මනුෂ්‍ය කොට්ඨාෂයක්. අඩුම ගානෙ තොපි වගේ සිංහලයින්ට වැඩිය.

      Delete
    4. @AnonymousDecember 11, 2014 at 5:19 PM
      සහතික ඇත්ත අනො. විජේ කියන මංකොල්ල කාරය ගෙන් පැවත එන සිංහලයන් නං එපාම කරපු ජරා සත්තු සෙට් එකක්. උන්ගේ දේශපාලයන්ගේ හැටි පේන්නේ නැද්ද ? කැනහිල්ලු.

      Delete
    5. /* වාසුදේවට කොළඹ නගරාධිපති කම ලැබුණිනම් ඔහු සිංහලයන් ලවා දෙමළුන්ට වැන්දවීමේ නීතියක් ගෙන ඒමට වුව ඉඩ තිබුණි */

      දැන් අර ඉන්දියාවේ තිරුපති කොවිලේ වෙන්කටේෂ්වරන් කියන්නේ දෙමල අයෙක් නොවේද? නැත්නම් පර්සි මහේන්ද්‍ර සිංහල නොවෙයිද?

      Delete
    6. @ රසිකොලොජිස්ට් - RasikologistDecember 12, 2014 at 8:57 AM

      Good point...!
      Excellent observation ...!!

      Delete
    7. තිරුපති කොවිලේ වෙන්කටේෂ්වරන් කියන්නේ දෙමලද නැත්නම් වෙනත් වාර්ගිකයෙක්ද කියල දන්නේ නැහැ
      කෙසේ වෙතත් පර්සි මහේන්ද්‍ර නැමති ඒකීය පුද්ගලයා වෙන්කටේෂ්වරන් ට පුද්ගල කැමැත්ත මත වැඳීමේ වරදක් නැහැ ඒ වගේම එහිදී වෙන්කටේෂ්වරන් දෙමළා යන භූමිකාව නිරූපනය කලෙත් නැහැ

      Delete
    8. ජගත් මහින්දට කඩේ යන්න එපා. ඔයා ඔයාගෙ අනන්‍යතාව තියාගන්න. දැන් මහින්ද විග්නේෂ්වරන්ට වඳින්නත් පුලුවන් චන්ද හිඟන්නෙක් විදියට.

      Delete
    9. වඳින එකක් නෑ රනිල්ට චන්දෙ නොදීපු දෙමෙල්ලු කවදාවත් මහින්දට දෙන එකක් නෑ ඒ නිසා වැන්දත් වැඩක් නෑ

      Delete
  4. Boho wamanshika nayakayan menma,Wasu,Dev,Thissa W.vennoda, Thama desapalana diviya(Kondu nethi sathwayin lesin) me kandawuru 2n ekaka Awasan karathi.(Ranjan)

    ReplyDelete
  5. / වික්‍රමබාහු කරුණාරත්න සේ ආර්ථික හා සමාජ ප්‍රාග්ධනය පැත්තෙන් දිළිඳුභාවයට/

    සමාජ ප්‍රාග්ධනය පැත්තෙන් කොහොම උනත් ආර්ථිකව බාහු දිලින්දෙක්ද? රස්සාවක් නොකර ගොංකතා කිය කිය ලෝකේ වටේ යන්න කවුරුහරි මිනිහට සල්ලි දෙනවනේ. මොකෝ පැරා වගේ ගුරුවරයෙක් වගේ පඩියක්වත් ලැබෙන තැනක් මිනිහට නෑනේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම බාහුට සල්ලි කොහෙන්ද?

      Delete
    2. බාහුට ඇති සල්ලියක් නෑ බං. හද්ද පරණ සුදු පාට වෑන් එකක යන්නෙ. නාකි ඩ්‍රැයිවර් කෙනෙක් නම් ඉන්නවා. ගෑනි හොයන පඩියෙන් යැපෙනවා ඇති අපේ මාරයියා වගේ.

      Delete
    3. වික්‍රමබාහු යනු තමන්ට තුබූ බොහෝ , ආර්ථික, සමාජයීය දේ කැපකර දේශපාලනයේ යෙදෙන්නෙක් බව අලුත් පරම්පරාවේ පණ්ඩිතයින් බොහෝ දෙනෙක් නොදන්නා හැඩයි. ලංකාවේ ඉන්නා දේශපාලක්යින් සියලු දෙනා ගත්තත් ඒ අතරින් වැඩිම දේ කැපකොට දේශපාලනයට පැමිණ ඇති තැනැත්තා ලෙස වික්‍රමබාහු නිසැකයෙන්ම නම් කළ හැකියි. ඒ බව දන්නෝ දනිති. නොදන්නෝ අවැසිනම් පමණක් සොයා බලා දැනගනිත්වා....

      Delete
    4. කැම්පස් එකේ රස්සාව නම් නැති කරගත්තා තමයි. ඒත් උගන්නන්නේ නැතුව රට වටේ පිස්සු දොඩව දොඩව ගියාම ඒක වෙන එක පුදුමයක් නෙමෙයි. ඔය කියන විදියට නලින් ද සිල්වාත් ඔය කැපකිරීම කරානේ. නලීන්ට පස්සේ රස්සාව හම්බ උනා. හපුගල ඉංජිනිරින් දාපු වෙලාවේ කෝට් එකක් එහෙම ඇඳගෙන ඉස්සරහම වාඩිවෙලා හිටියා ඔය මහලොකු කැපකිරීම් කරපු බාහු සහෝදරයා. රිචඩ් පතිරණ රස්සාව දුන්නේ නෑ.

      පව් නේද?

      Delete
    5. බාහු ගේ රැකියාව පිළිබඳ කතාව මෙසේය.

      වසර 1978 පෙබරවාරි මස විධායක ජනාධිපති ක්‍රමය සහිත ව්‍යවස්ථාව ක්‍රියාත්මක කෙරුණු දිනයේ ඔහු එයට වඬිරෝධය පා තම නිවසේ ක්‍ර කොඩියක් එසවුවේය. එය වරදක් ළෙස සලකා පොලිසිය ඔහුට නඩු පැවරූ අතර, ඒ නඩුව මත පටවා විශ්ව විද්‍යාලය ඔහුගේ ඬැඩ තහනම් කළේය.

      පසු කලෙක උසාවිය, මානව හිමිකම් කොමිසම යනාදී විවිධ තැන්වලින් ඔහුව නැවත සේවයේ පිහිටුවන ලෙස නියෝග දුන් නමුත් විශ්ව විද්‍යාලය ඒ නියෝග ක්‍රියාත්ම කළේ නැත. මෙයට ආසන්නම හේතුව බාහු ගේ දේශපාලන මතය බව පැහැදිලිය.

      බාහු පේරාදෙනිය ඉංජිනේරු පිඨයේ උගන්වන කාලයේ තම වගකීම මැනවින් කළ අයෙක් බව මට වඩා ජ්‍යේෂ්ඨ සිසුවෝ බහුතරයක්ම පවසති.

      රිචර්ඩ් පතිරණ උසස් අධ්‍යාපන ඇමතිව සිටියාද?

      කෙසේ වෙතත් විශ්ව විද්‍යාලවලට සේවකයින් බඳවා ගැනීම කෙරේනේ ඒ ඒ විශ්ව විද්‍යාලවලිනි. අමාත්‍යාංශය හෝ ප්‍රතිපාදන කොමිසම එයට සම්බන්ධ නොවෙති.

      Delete
    6. තම විශ්ව විද්‍යාල අත්දැකීම් ගැන බාහු ලියූ ලිපියක් (in English) මෙන්න.

      http://efacmemories.blogspot.com/2011/01/introduction-to-engineering-and.html

      .

      Delete
    7. බාහු කාලයේ විශ්ව විද්‍යාල අත්දැකීම් ගැන සිංහල ලිපියක් මෙන්න.

      http://efacmemories.blogspot.com/2014/05/what-is-first-batch-of-engineers-to.html

      Delete
    8. mama hapugala engineering gana danneth adai. man rassa illuwe ne . man satan kale weradi thinduwata viruddawai. mata niweradi thinduwa amunugama cabinet eken labadunna.ugc eka thinduwa kriyathmaka kale ne. e gena manawa himikam comisema kriya karanawa thawamath.bahu

      Delete
    9. බාහු ගේ කමෙන්ටුවක් දැක්කාමයි!

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. //එයට හේතුව රටේ සිදු විය යුතු ප්‍රජාත‍ාන්ත්‍රික දේශපාලනික ප්‍රතිසංස්කරණ නියෝජනය කරන්නේ ඔහු නිසා ය. //
    තමන් චන්දෙ දිනලා තම බලය චන්දෙ දිනන්න බැරි එකෙකුට දීමද ප්‍රජාත‍ාන්ත්‍ර වාදය කියන්නේ. එසේම විදායක බලතල අගමැතිකෙනෙකුට දීමත් ප්‍රජාත‍ාන්ත්‍රික දේශපාලනික ප්‍රතිසංස්කරණයක්ද?

    ඉහ නිකට පැහුනට ඉංග්‍රීසි දැනුම විතරක් නොවේ දේසපාලන දැනුමත් null වගේ.

    ReplyDelete
    Replies
    1. ඉහත සඳහනේ විදියට නම් ......., චන්දය දිනන්න පුළුවන් එකෙකුට චන්දය දීම ප්‍රජාතන්ත්‍රවාදයයි. අදෝමැයි ! මහා කළු සිංහලයන්ටම ඔබින ප්‍රජාතන්ත්‍රවාදයකි !!

      විධායක බලය තීරණ ගැනීම හා ක්‍රියාත්මක කිරීම , ජනාධිපති නම් එක පුද්ගලයෙකුගෙන් ඉවත් කර, අගමැති ප්‍රමුක කැබිනට් මණ්ඩලයක් මගින් ක්‍රියාත්මක කිරීම , වැඩි දෙනෙකුගේ සහභාගිත්වයෙන් තීරණ ගැනීම , ප්‍රජාත‍ාන්ත්‍රික දේශපාලනික ප්‍රතිසංස්කරණයකි.
      ඉහ නිකට පැහුණු, අජිත් පැරකුම් ගෙන් ඉගෙන ගත්තොත්, සමහර විට , ඔය "මහ කළු සිංහල " හැව අත් හැර දා , ශ්‍රී ලාංකිකයෙකු පුරවැසියෙකු වීමට හැකි වනු නිසැකය.

      Delete
    2. /ඉහ නිකට පැහුණු, අජිත් පැරකුම් ගෙන් ඉගෙන ගත්තොත්/

      ඇල්ටෝ එකක් පදින ගමන් එස්ටිලෝ එකක් පදින එකාට ඉරිසියා කරන්න පුලුවන්.

      Delete
    3. /තමන් චන්දෙ දිනලා තම බලය චන්දෙ දිනන්න බැරි එකෙකුට දීමද ප්‍රජාත‍ාන්ත්‍ර වාදය කියන්නේ. එසේම විදායක බලතල අගමැතිකෙනෙකුට දීමත් ප්‍රජාත‍ාන්ත්‍රික දේශපාලනික ප්‍රතිසංස්කරණයක්ද?/

      මේක නම් මෝඩ කතාවක්. මොකද මෛත්‍රි නිසා මෛත්‍රිට ඡන්දෙ දෙන්න ඉතාම සුළු පිරිසක්. වැඩි දෙනා (>90%) ඡන්දෙ දෙන්නෙ යූ එන් පී එකට. මේ රටේ ප්‍රධාන විපක්ෂය වන යූ එන් පී එකට ඡන්දෙ දිනන්න බැරි මේ ක්‍රමයේ වරද නිසා. ඉතින් ඔවුන් ඒ වැරද්දට ප්‍රතිචාරයක් විදිහට වැරැද්දක් කරනවා. දැන් මහින්ද රජයේ දේපල තමන්ගෙ ප්‍රචාරක ව්‍යාපාරයට භාවිතා කරන එක වැරදියි නේද? මැතිවරණ දිනය තමන්ට ඕනැ විදිහට තීරණය කිරීම වැරදියි නේද? කොටින්ම විපක්ෂයට මීටිමක් වත් තියන්න බැරි වෙන්න පිට්ටනි බුක් කරන එක වැරදියි නේද කියලා කවුරුත අහෙන්නෙ නෑනෙ. මෙකත් ඒ වගේ තමයි.

      Delete
    4. මොකක්?

      ක්‍රමේ නිසා යූ එන් පී එකට දිනන්න බෑ. යකෝ මේ ක්‍රමේ හැදුවේ යූ එන් පී එක.

      මොන ගේම ගහල හරි චන්දෙ දිනන්න ඕන එක වෙනම කතාවක්. බොරුවට ක්‍රමේට බනින්න එපා. අනිත් එක 90% යූ එන් පී චන්ද තියෙනවනම් මෛත්‍රීට තියෙන්නේ 10% ද? එහෙනම් මොන මගුලකටද මිනිහට ඉල්ලන්න කියන්නේ? රනිල්ට හරි කරුට හරි බැරිනම් සජිත්ට මංගලට හරි ඉල්ලන්න තිබ්බනේ.

      Delete
    5. ගොනෙක් වුණාට තපුල්ලන්න එපා. යූ එන් පී එක ක්‍රමය හැදුවෙ උන් බලේ ඉන්දැද්දි. මේ ක්‍රමේට දිනන්න පුළුවන් යූ එන් පී හරි ශ්‍රී ලංකා හරි බලේ ඉන්න පක්ෂයට විතරයි. ප්‍රේමදාස මැරුවෙ නැත්නම් අදත් යූ එන් පී එක තමයි බලේ ඉන්නෙ. මහින්ද ලොක්ක මැදමුලන බතල හිටවනවා.

      යූ එන් පී එකට 90% දුර යන්න පුළුවන් මෛත්‍රි ඕනෑ ඉතුරු තීරණාත්මක 10% ගන්න විතරයි.

      Delete
    6. *මහා කළු සින්හලය* මොකද්ද මේ නම අපි දැන් තමුන් ගැන මොන විදියටද හිතා ගන්න ඕනෙ?

      /*තමන් චන්දෙ දිනලා තම බලය චන්දෙ දිනන්න බැරි එකෙකුට දීමද ප්‍රජාත‍ාන්ත්‍ර වාදය කියන්නේ. එසේම විදායක බලතල අගමැතිකෙනෙකුට දීමත් ප්‍රජාත‍ාන්ත්‍රික දේශපාලනික ප්‍රතිසංස්කරණයක්ද?*/
      මේ වගේ ගොන් දේවල් කියන තමුන්ගෙ දේශපාලන දැනුම ගැන අපට හොදට වැටහෙනව

      හිතළු වලට තැන දෙන්න ඉස්සෙල්ල යථාර්තයට තැන දීල ඉන්න

      අප දන්නා පරිදි විධායක අගමැති කියා දෙයක් මේ ලොකේ නැත.

      කෙටියෙන් අහන්නෙ අද ප්‍රජාතන්ත්‍රවාදය රටේ තියෙනවද?

      ප්‍රජාතන්ත්‍රවාදෙ කෙසේ වෙතත් මහින්දගෙ අතේ මොකද්දෝ කෑල්ලක් නම් තියෙනව ඒක මේ දවස් වල ටිකක් කරකනව වැඩි

      පුදුමෙ කියන්නෙ මාව ඔය මොකද්දෝ එකට වශී වෙන්නෙ නෑනෙ

      මට පේන විදියට මහා කළු සින්හලයා නම් වශී වෙලා වගේ

      අද රටේ නීතියක් තියෙනවද?

      ගෝත්‍රික නායකයන් අදී යුග වල ක්‍රියා කල ආකාරයට මහින්ද ක්‍රියා කරන බවක් තමයි මට නම් පේන්න තියෙන්නෙ

      දේශපාලන තක්කඩි කම පමණක් උගත් මහින්ද රාජපක්ශ නම් ගෝත්‍රික නායකය පලවාහැරීමට අප සියළුම දෙනා අපට හැකි අයුරින් සහභාගි විය යුතුයි

      රටට ආදරය කරන සියළුම ලක් වැසි ජනතාවගෙන් එසේ ඉල්ලා සිටීමට මා හට අවශ්‍ය තරමටත් වඩා සාධාරණ හේතු තියෙනව

      Delete
    7. ක්‍රමය ගැන ඔබේ අදහස සමග එකගයි.
      බලයේ සිටින පක්ෂයට එය කල හැකි වන්නේ....... සමස්ත රාජ්‍ය යාන්ත්රනය, පළාත් සභා/ ප්‍රාදේශීය සභා යාන්ත්‍රනය පොලිසිය /හමුදා , මහජන මුදල්, රාජ්‍ය සහ පුද්ගලික මාධ්‍ය , තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් , මැතිවරණය පැවැත්වෙන මාසයක පමණ කාලය තුල කිසිදු සීමාවකින් නීති රීතියකින් තොරව යොදාගත හැකි වීම නිසයි.

      \\යූ එන් පී එකට 90% දුර යන්න පුළුවන් මෛත්‍රි ඕනෑ ඉතුරු තීරණාත්මක 10% ගන්න විතරයි.//

      ඔබ දක්වා ඇති පරිදි , දැන් සුවිශේෂී තත්වයක් මතු වී තිබෙනවා.
      යූ එන් පී නොවෙනස් චන්ද පදනම (core vote ) ආරක්ෂා කර ගත හැකි නම්, සහ මෛත්‍රිපාල /චන්ද්‍රිකා බලවේගයට , ශ්‍රී ලංකා චන්ද පදනමෙන් 10% ක් දිනා ගත හැකි නම්, සමීකරණය උඩු යටිකුරු විය හැකි යි. .

      දෙමල / මුස්ලිම් චන්ද බලපාන්නේ කෙසේද ? ( පැහැදිලි නැත )

      Delete
    8. How come unp came to power in 2003?

      How many votes in that 90%?

      Delete
    9. හතුරාගේ හතුරා තම මිතුරා ලෙස සිතා මහින්ද පැරදවීමට කඩේයාම විනා පරකුම්ට වෙන දේශපාලන දැක්මක් නොමැත. තමා දකින කණ්නාඩිය සාපේක්ෂව බලන බව නොදන්නා ඔහු අනෙක් අයගේ දැක්ම මෝඩ දැක්මක් ලෙස සලකයි.

      Delete
    10. 2003 රනිල් දිනුවේ වෙන ක්‍රමේකින්ද එතකොට?

      Delete
  8. වාසුට වාමාශිකයෙක් කියන එක නිකන් වචන නාස්ති කිරිල්ලක්. වාසුගේ තියන එකම හොඳේ තමා ජාතිවාදියෙක් නොවෙන එක.

    ReplyDelete
    Replies
    1. වාමාංශිකයෙකු යනු කව්ද ? යන්න හඳුනා ගැනීම, නිර්වචනය කිරීම විවාදාත්මක කරුණකි. මේ ලඟදි අසන්නට ලැබුණු , ආචාර්ය මයිකල් ප්‍රනාන්දු ගේ අදහසක් අනුව නම් එය, මාක්ස්වාදය සමාජවාදය , වාමාංශික දේශපාලනය වැනි සංකල්ප සමග බැඳි ඇති දෙයක් නොවේ.ඕනෑම කණ්ඩායමක් සංවිධානයක් තුල, සමාජ සංවර්ධනය සඳහා ඉදිරිගාමී අදහස් දරන අය වාමාන්ශිකයෝය.
      සමහරවිට ,මේ ගැන හොඳින් දැනුවත් අජිත් පැරකුම් , මේ ගැන පැහැදිලි කිරීමක් කරනු ඇත.

      ඔබ සමග එකඟ වෙමි. කියන දේවල් කෙසේ වුවද , මේ වන විට වාසුගේ ක්‍රියාකාරිත්වය , වාමන්ශිකයෙකු ලෙස නම් සැලකිය හැකි නොවේ. ඔහු ජාතිවාදියෙකු නොවන ලෙස පිළිගත හැකිවුවත් , ජාතිවාදී ක්‍රියාකාරිත්වයකට එක වි සිටීම සැලකිය යුත්තේ කෙසේද ?
      දක්ෂිනාංශික පක්ෂයක් ලෙස සැලකුවද , ජාතික ගැටලුව පිලිබඳ එජාපයේ ප්‍රවේශය , වාසු ගේ ක්‍රියාකාරිත්වයට වඩා ඉදිරිගාමී බව, මගේ අදහසයි.

      Delete
    2. වාමාංශික කියන්නෙ අනිවාර්යයෙන්ම සමාජවාදී හෝ මාක්ස්වාදී නෙවෙයි. වාමාංශික කියලා මුලින් කිව්වෙ පවත්නා ක්‍රමයට එකඟ නොවුණු අයටයි. (උදා: රාජාණ්ඩුව පිළි නොගත් ප්‍රංශ වැසියන්) ඒ අර්ථයෙන් අද සමස්ත මෛත්‍රි පිළම වාමාංශිකයින් කියන්න පුළුවන්.

      Delete
    3. අරුණි ශපීරෝට අනුව එයා ඇරෙන්න ලෝකයේ හැමෝම වාමාංශිකයෝ.

      Delete
    4. @ Anonymous December 11, 2014 at 4:35 PM
      " වාමාංශික කියලා මුලින් කිව්වෙ පවත්නා ක්‍රමයට එකඟ නොවුණු අයටයි. "

      මා සඳහන් කල , ආචාර්ය මයිකල් ප්‍රනාන්දු පැවසුවෙත් මෙවැනි අදහසක් තමයි. එය ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරියේ අර්ථ දැක්වීම බවත් ඔහු පැවසුවා. ඔහු මෙවැනි දෙයකුත් පැවසුවා. වාමාංශිකයින් රැඩිකල් හා (progressive ) ඉදිරිගාමී විය යුතු බවත්. මෙහි වැදගත්කම පෙනෙන්නේ මෙතනදියි.

      නලින් ද සිල්වා /බොදු බල සේනා ... චින්තනයනු ත් පවත්නා ක්‍රමයට විරුද්ධයි. එපමණින්ම , ඔවුන් වාමාංශිකයින් වේද ? තේරුම් ගන්නේ කෙසේද ?

      Delete
  9. මහින්ද මහත්තයා මේක වෙනස් නොකලොත්, දිවි නහගන්නවා කියලා තියෙන්නේ. ෂුවර් අද රෑට සී අයි ඩී එකෙන් එනවා. ඒ කළ ප්‍රකාෂයට. හැබයි දිනයක් කියලා නෑ. මැරෙන්න කලින් කියලා තමයි කියලා තියෙන්නේ. පව් අප්පා.

    ReplyDelete
  10. නූගත් මෝඩයකු වූ අපේ මාරයියාට ඇති දේශපාලන විඥානය උගත් ඉංග්‍රීසි ගුරුවරයකු වූ පැරාට නැත්තේ ඇයි?

    දැන් ඔය ඔක්කෝම වෙන්නේ මෛත්‍රි නොදිනන බව මේ අය දන්නා නිසා නේද? මෛත්‍රි දිනනවා නම් මේ අය දැනටම ඔහුට එකතු වෙලා නේද?

    ReplyDelete
    Replies
    1. /නූගත් මෝඩයකු වූ අපේ මාරයියාට ඇති දේශපාලන විඥානය උගත් ඉංග්‍රීසි ගුරුවරයකු වූ පැරාට නැත්තේ ඇයි? /

      1. මාරයියාට නූගත් මෝඩයා කීම හෙලාදකිමු!

      2. උගත් ඉංග්‍රීසි ගුරුවරයාට පිස්සු නිසාය.

      Delete
  11. වාසුට බාහුට ඩීව්ට තිස්සට ඇත්තටම චන්ද කොච්චර විතර තියෙනවද?

    ReplyDelete
    Replies
    1. එකයි, එකයි, එකයි, එකයි. ඔක්කෝම හතරයි අපට වගේ තමයි.

      Delete
  12. " ඔහු එසේ කරන්නේ ඇයි? වාමාංශිකයන් සතු උතුම් මානුෂික ලක්ෂණයක් නිසා ය. ඒ මොකක් ද?
    ඒකට ගමේ ගොඩේ භාෂාවෙන් කියන්නේ කන්න දීපු අත හපා නොකෑම කියා ය."

    මේ වාමාංශික තියරිය නම්...... මේ ඇසුවාමය. (අජිත් ගේ " සමාජවාදී ජිවන පිළිවෙත" තියරිය මෙනි )
    වාසු... , මේ ආණ්ඩුව ජනාධිපති සමග සිටින්නේ අවසන් කාලය සැපෙන් සතුටින් ගත කරන්නටද ? මෙය මේ ආකාරයෙන් දැක්වීම , සරල පටු ආකාරයකින් බැලීමකි. මෙතැන ඇත්තේ , ඊට වඩා සංකීර්ණ මානුෂික ප්‍රශ්නයක් යයි සිතමි.
    මෙය නිරාවරණය කලහැක්කේ, විග්‍රහ කල හැක්කේ , ශුර සාහිත්යකරුවෙකුටය.
    කේ ජයතිලකගේ දේශපාලන නවකතා ..., මතු සම්බන්දයි(? ) , රාජපක්ෂ වලව්ව සලකා බලන්න.

    ReplyDelete
  13. වාසුගේ වැඩේ ගැන මෙච්චර බර කොමෙන්‍ටු මොකටද.සරලවම වාසු යනු මිනිහගේ ගූම මිනිහා වලඳන පොරක්නේ.

    ReplyDelete
  14. පැරකුම්,බුවා,මාතලන්, මිට දේව ශාපය ලැබෙනවා!
    .
    .
    මල පැන්න අයෙක්

    ReplyDelete
  15. වාසුදේව වැනි දේශපාලන තක්කඩින්ට තවමත් ඇඳගත් උන් මේ රටේ සිටිති. නමුත් එය මහින්ද වැනි තක්කඩින්ට් ඇඳගැනීම තරම් භයානක නැති ටිකක් හුරතල් වාමාංශික පාහේ ඇඳගැනීමකි.

    ReplyDelete
    Replies
    1. මිගාරගෙන් නිරුවත් වෙච්ච උඹ වගේ තක්කඩින්ට ඇඳගත් උනුත් මේ රටේ සිටිති.

      Delete
    2. කවුද මිගාර ? පොරක්ද :D

      Delete
  16. වාමාංශිකයෙක් ගැන නම් මම දන්නේ නැහැ, ඒත් සමාජවාදය කියන්නේ ජාතීන්ට ස්වයං නිර්ණය සහ ස්වයං තීරන අයිතිය දිය යුතුයි කියන එකයි. මමත් ඒකට එකගයි, අපි මේ රටේ බහුතරය සිංහලු කියලා දෙමල හෝ මුස්ලිම් ජනතාව හිරකරගෙන ඉදීම වැරැද්දක්. ඔවුනට ස්වයං තීරන ගැනීමේ අයිතිය තිබිය යුතුයි. අවශ්‍යනම් ජනමත විචාරනයක් මගින් වෙන්වීම ලබාගත හැකිවිය යුතුයි. ඒ වගේම මතක තබා ගත යුතුයි වෙන් වී ගියයොත් නැවතත් ප්‍රතිපාදන හෝ වෙනත් කිසිම දෙයක් වෙනත් ආන්ඩුවකින් ඉල්ලා නොසිටිය යුතුයි.

    ශ්‍රේෂඨ රුසියානු විප්ලවයෙන පසුව ලෙනින් සහෝදරයා සියලුම ජාතීන්ට ස්වයං තීරණ අයිතිය ලබා දෙන ලදී නුමුත් වෙන්වී යනවාට වඩා සෝවියට් පාලනය යටතේ සියලු ප්‍රතිලාභ ලැබීම වාසියක් යැයි සිතූ නිසා ඒ සියලු ජාතින් වෙන් නොවී සෝවියට් රුසියාව ලෙස එක් විය. එය ලෙනින් විසින් ජාතින් මත බලෙන් පටවන ලද්දක් නොව ඔවුන් විසින් ගත් බුද්ධිමත් තීරණයකි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා