මිනිසුන් කලකිරී විදේශගත නො වන ලංකාවක් හැදීමේ අභියෝගය


පසුගිය දිනෙක ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී විදේශ සේවයේ සිටින දේශපාලක හිතවතුන්ගේ දිග ලැයිස්තුවක් ඉදිරිපත් කළේ ය. එය අහන විට සිතෙන්නේ ලංකාවේ ප්‍රභූවරුන් කියන්නේ ආණ්ඩුවට පන්දම් අල්ලා සුඩානයේ හෝ තානාපතිකමක් ගන්නට බලාගෙන ඉන්න කාලකන්නින් පිරිසක් නො වේ ද කියා ය.

ලංකාවේ මිනිස්සු රට යාමට මේ තරම් පෙරේත ඇයි ද යන්න මට තවමත් තේරුම් ගන්නට බැරි ය. ඉන්දියාවේදී මට හමු වූ සාමාන්‍ය පංතියේ බොහෝ මිනිස්සු කිසි දිනෙක නව දිල්ලියට ගොස් නැත. ඔවුන්ට උවමනා නම් කෝච්චියක නැග ඒ ගමන යන්නට බැරිත් නැත. එහෙත්, මේ වන විට ලංකාවේ ගමේ ගොඩේ උපාසකම්මලා බොහෝ දෙනෙක් දඹදිව වන්දනාමාන කරගෙන හමාර ය.

ගමේ සිට තේ දළු කඩා, රබර් කිරි කපා ඉපැයිය හැකි සාමාන්‍ය ආදායමක් වෙනුවෙන් මැදපෙරදිග වහල් සේවයට යන කාන්තාවෝ ගම්වල එමට සිටිති.

ලංකාවේ සැලකිය යුතු මධ්‍යම පංතික ජීවිත ගත කළ මිනිස්සු බටහිර රටවල ස්ථිර පදිංචියට ගොස් දිළින්දන් ලෙස එහි ජීවත් වෙති.

යුද්ධයෙන් ඇත්තට ම බැට කෑ දෙමළ මිනිස්සු පිටරටට පළා ගොස් ඩයස්පෝරාවක් බිහි කළ හ. ඔවුන් පසුපසින් තවමත් දෙමළ ජනයා රටින් පිටට යමින් තිබේ.

බෝට්ටුවලින් ඕස්ට්‍රේලියා යන්නට ගොස් තවත් විශාල පිරිසක් ජීවිත අනතුරුවලට මුහුණ දෙති. එය වළක්වන්නට ඕස්ට්‍රේලියානු රජය දැවැන්ත වියදමක් දරයි. 

වාමාංශිකයෝ, ජනමාධ්‍යකරුවෝ හා ඔවුන්ගේ මුවාවෙන් තවත් අය ද පිටරට යති. ඒ වැඩි නිදහසක් සොයා යන ගමනක් බව පෙනේ.

මේ සියලු දෙනා ලංකාවේ නොමැති මොකක්දෝ දෙයක් සොයාගෙන මෙසේ යති. යන අය වැඩි දෙනෙක් පරම්පරා ගණනක් ගත වීත් එහි ජීවිතයට හැඩ නො ගැසෙති. ලංකාව දෙස ම බලා සිටිති. අපි කොහේ ගියත් ලංකාවට ආදරෙයි කියති. මැරෙන්න එන බව කියති. ඒත්, පුරවැසිභාවය නම් අත් නො හරිති.

මේ අතර තවත් සුවිශේෂ රට යන්නෝ වර්ග දෙකක් සිටිති. පළමු වර්ගය ආණ්ඩුවේ දේශපාලකයෝ ය. සම්මන්ත්‍රණ, සම්මේලන, නිල චාරිකා ආදී කටයුුතු වෙනුවෙන් ඔවුහු රට යති. නීතිය පිළිබඳ ලොව පිළි ගත් මහාචාර්යවරයකු ව සිටි ජී.එල්. පීරිස් රජගෙදර වළං හෝදන්නේ රට යන්න තිබෙන ආසාව නිසාදැයි මට සිතේ.

දේශපාලකයන්ගේ අතින් ගිලිහෙන අවස්ථා රජයේ නිලධාරීන්ට ලැබේ.  මට හමු වූ එක් රජයේ නිලධාරියෙක් ලංකාවෙන් යන විට කිලෝ 20ක් ම ක්ෂණික නූඩ්ල්ස් ගෙන ගොස් ඒවා කකා සල්ලි ඉතුරු කරමින් සිටියේ ය.

මේ අතර රාජ්‍ය නොවන සංවිධානවල නිලධාරීන් අතර වෘත්තීය රට යන්නෝ සිටිති. ඔවුන් කරන්නේ රට යන එක ය. ගිහින් කරන්නේ ඔය පුංචි පොකට් මීටිං වගේ ඒවාට සහභාගි වන එක ය. ඒවා හැඳින්වෙන්නේ කොන්ෆරන්ස් කියා ය.මේවායින් සිදු වන කිසිවක් නැති බව ඔවුන් දන්නා මුත්, ඔවුන් ඒවාට සහභාගි වන්නේ එය අවසන් වූ පසු ලෝකයේ ගමන වෙනස් වන්නේ ය යන විශ්වාසයෙන් යුතු මූඩ් එකකිනි. ඒ වෙනුවෙන් ඔවුනට මුදල් ලැබේ.

බටහිර ක්‍රිස්තියානියට හා දර්ශනයට බල පෑ මුල් කාලීන දේවධර්ම ශාස්තඥයක් වූ කිතු වසින් පළමු සියවසේ ජීවත් වූ ශාන්ත ඔගස්ටින් කියා තිබෙන මේ කියමන අදටත් වලංගු නොවේ ද? “මිනිස්සු පිටරට ගොස් කඳු මුදුන්වලදී ද, මුහුදේ රළ අසබඩදී ද, දීර්ඝ ගංගා දැකීමෙන් ද, සාගරය නමැති සුවිසල් මාලිමාවෙන් ද, තාරකාවල වෘත්තාකාර ගමනෙන් ද පුදුම වෙන්නට බලාපොරොත්තු වෙති. එහෙත්, අවසානයේදී එසේ පුදුම නො වෙති.“

මිනිසා තුළ ස්වභාවයෙන් ම ඇති කුතුහලය මෙසේ රටින් රට යාමට හේතු වී තිබේ. මිනිස්සු වෙනස් පරිසරයන්, සංස්කෘතීන්, භාෂාවන්, ආගම් ආදිය පිළිබඳ අත්දැකීම් ලබන්නට කැමති ය. දේශ ගවේෂකයන් විසින් තබන ලද සටහන් ඇතුළත් සංචාරක සාහිත්‍යයක් ඈත අතීතයේ සිට පැවතිණි.එහෙත්, ලාංකිකයන් කෙතරම් පිටරට ගියත් සිංහල බසින් සංචාරක සාහිත්‍යය පොහොසත් වී නැත.

ලංකාවේ මිනිස්සු ද දැන් දැන් සංචාර සඳහා විදේශගත වීම වැඩි වී තිබේ.

එසේම, 2008 වසරේ ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තාවක දැක්වෙන පරිදි වසරකට ශ්‍රී ලාංකික සිසුන් 7000ක් පමණ අධ්‍යාපනය සඳහා විදේශගත වූ හ. එවකට සිටි ආගමන, විගමන පාලකවරයා පැවසූ පරිදි වසරකට අධ්‍යාපන වීසා 20,000ක් පමණ නිකුත් කරන ලදී. මේ සංඛ්‍යා දැන් කීප ගුණයකින් ඉහළ ගොස් ඇති බව අනුමාන කළ හැකි ය. මේ වෙනුවෙන් අති විශාල ධනස්කන්ධයක් පිටරටට ඇදී යයි. මේ පිරිස වෙනුවෙන් සාධාරණ මිළට ලංකාවේ අධ්‍යාපන අවස්ථා විවර කර දීම නරක දෙයක් නො වේ.

මේ අතර, ලංකාවෙන් පිටරටට ගොස් වැඩ කරන මිනිස්සු මේ වන විට ලංකාවේ ආර්ථික ප්‍රාණ නාලිය වී තිබේ. සවුදි අරාබියේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයෝ ලක්ෂ හයකට වඩා සිටිති. එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ හා කුවේටයේ ලක්ෂ තුනකට වඩා ද, කටාර් හා ලෙබනනයේ ලක්ෂයකට වඩා ද ලාංකිකයෝ සිටිති. බටහිර රටවල් අතරින් වැඩි ම ලාංකික සම්භවයක් සහිත ජනයා ජීවත් වන රටවල් වන්නේ කැනඩාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව යන රටවල් ය. ඉතාලිය, දකුණු කොරියාව, ජර්මනිය, ඉන්දියාව වැනි රටවල ද සැලකිය යුතු ලාංකිකයෝ සංඛ්‍යාවක් විවිධ අරමුණු වෙනුවෙන් ජීවත් වෙති.

ලංකාවෙන් පිටරටට ඇදී යන ශ්‍රමයෙහි පැති දෙකක් තිබේ. එක පැත්තකින් අතිරික්ත ශ්‍රමය පිටරටට විකිණීම ලංකාවේ ආර්ථිකයේ ප්‍රධාන කුළුණකි. එහෙත්, බුද්ධි ගලනය හා කුසලතා සහිත ශ්‍රමියකයන් අහිමි වීම ලංකාවේ ආර්ථිකයට අහිතකර අන්දමින් බලපාන සාධකයක් වී තිබේ. මෙහි තුලනයක් පවත්වාගෙන යාම රජයේ කාර්යයකි. 

මේ රට සංවර්ධනය වුණේ ප්‍රධාන වශයෙන් ම මේ විදේශගත වූ ශ්‍රමිකයන් නිසා ය. ආණ්ඩුවේ දූෂිත සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ගන්නා මහා පරිමාණ ණය ගෙවන්නේ දේශපාලකයන් නො ව, ඡන්දය දෙන්නට අවස්ථාවක් හෝ නොමැති මේ මිනිස්සු ය. රැකකියා වෙනුවෙන් මේ විදේශ ශ්‍රමිකයන් කෙතරම් අනතුරු දරා ගන්නවා ද යන්නට නිදසුනක් පසුගිය දිනවල ඉරාකයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිවේදනයකින් කියැවිණි.

“ඉරාකයේ තිබෙන අර්බුදකාරී තත්වය හේතුවෙන්, එරට වෙසෙන ශ්‍රී ලාංකික සංක්‍රමණික කම්කරුන් පිළිබඳ තොරතුරු ලබා දෙන්නැයි ඉරාකයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අද දින නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියේ ය.

“ප්‍රධාන වශයෙන් උතුරුදිග කුර්දිස්තානය ඇතුළුව ඉරාකයේ විවිධ කොටස්වල ශ්‍රී ලාංකික විදේශ ශ්‍රමිකයන් 2000ත් 3000ත් අතර සංඛ්‍යාවක් සිටින බව නිවේදනයේ දැක්වේ.

මෙම සංඛ්‍යාව මීට වඩා ඉහළ යා හැකි යයි තමන් විශ්වාස කරන බව තානාපති කාර්යාලය පවසයි. එයට හේතුව ලෙස දක්වා තිබෙන්නේ ඉරාකයට යාම සඳහා ශ්‍රී ලාංකිකයන්ට සතියකට වීසා 20ක් පමණ නිකුත් කරන බව ශ්‍රී ලංකාවේ ඉරාක තානාපති කාර්යාලය විසින් දැනුම් දී තිබීමයි. "

ලංකාව වේගවත් ආර්ථික වර්ධනයක් ඇති රටක් වුව ද, දූෂණය, දේශපාලන ඇඟිලිගැසීම් වැඩි වීම, යහපාලනයක් නැතිකම, ප්‍රජාතන්ත්‍රවාදයේ ගැටලු, නීතියේ පාලනයක් නැති වීම වැනි හේතු මත ලාංකිකයන් වැඩි දෙනෙකු රට කෙරෙහි කලකිරී පිටරට යන තත්වයට පත් කර තිබේ.

මිනිසුන් කලකිරීම නිසා රටින් පළා යන තත්වයක් ඇති වීම ඇත්තෙන් ම කණගාටුදායක ය. ඒ තත්වය වෙනස් කිරීම සඳහා කටයුතු කිරීම අද දවසේ අපගේ වගකීමකි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. අනේ පැරෝ... රට ගිය උන් ටික නැත්නම් ඔහෙට මේ හිට්ස් ටිකයි කොමෙන්ට් ටිකයි වත් නෑ..... තව කවර කථාද....

    ReplyDelete
    Replies
    1. මේක කියවන විදෙස් ගත වූවන් කෙටියෙන් හරි තමන් රට ගියේ ඇයි කියලා කියනවා නම් ස්තූතියි.

      Delete
    2. මෙන්න බලන්න. මේ මම ඉන්න "අරාබි සුන්නි මුස්ලිම් රාජාන්ඩුවෙ" පලවෙන ප්‍රධානම පුවත්පතේ මූල් පිටුව.

      ලංකාවෙ පුවත්පතක මුල පිටුවෙ ලිව්වොත් මේකම සිංහලෙන්, හෙට හකීම්ල හුසේන්ල පාරෙ.

      Delete
    3. දැන් හකීම්ලා හුසේන්ලා එහෙම හැසිරෙන නිසාද ඉන්දික රට ගියේ?

      Delete
    4. අපි ඉන්න රටේ,නීතිය හැමෝටම එකම විදියයි,රෑ 12ට වුනත් තනියම ගෑනු ලමයෙකුට වුනත් නිදහසේයන්න පුලුවන්,සමාජය ඉදිරියේ,කෙනෙකුගෙ රැකියාව තනතුර,අමුතු සැලකීමක් ලබන්න හේතුවක් නොවේ.අවුරුදු 20කට පාරෙ නොසරුප් වචන කියපු කෙනෙක්,බීමත්ව හැසුරුන කෙනෙක්,දැක්කෙම නැහැ.නගරයෙම හිටියත් ගෙදර අවට පරිසරය හරිම නිසංසලයි.හැකියාව උගත්කම සැලකිලි ලබන්න හේතුවක්.තව ගොඩ්ක් දේවල් තියෙනව,ඒත් මේ දේවල් ටිකට මේ රටට, ලංකාවට වඩා මම ආදරෙයි.

      Delete
    5. ''දේශපාලකයන්ගේ අතින් ගිලිහෙන අවස්ථා රජයේ නිලධාරීන්ට ලැබේ. මට හමු වූ එක් රජයේ නිලධාරියෙක් ලංකාවෙන් යන විට කිලෝ 20ක් ම ක්ෂණික නූඩ්ල්ස් ගෙන ගොස් ඒවා කකා සල්ලි ඉතුරු කරමින් සිටියේ ය.

      මේ අතර රාජ්‍ය නොවන සංවිධානවල නිලධාරීන් අතර වෘත්තීය රට යන්නෝ සිටිති. ඔවුන් කරන්නේ රට යන එක ය. ගිහින් කරන්නේ ඔය පුංචි පොකට් මීටිං වගේ ඒවාට සහභාගි වන එක ය. ඒවා හැඳින්වෙන්නේ කොන්ෆරන්ස් කියා ය.මේවායින් සිදු වන කිසිවක් නැති බව ඔවුන් දන්නා මුත්, ඔවුන් ඒවාට සහභාගි වන්නේ එය අවසන් වූ පසු ලෝකයේ ගමන වෙනස් වන්නේ ය යන විශ්වාසයෙන් යුතු මූඩ් එකකිනි. ඒ වෙනුවෙන් ඔවුනට මුදල් ලැබේ.''

      අයිසේ පැරකුම්, තමුසෙත් ඔය වගේ කොන්ෆරන්ස් වලට රට ගිහිං තියෙනවා නේද? යුනෙස්කෝ එකේ මොකක්ද සමුළුවකට ගිහිං එහෙ ෆෙයාමන්ට් හොටෙල් එකෙත් හිටියයි කිව්වේ.

      තවත් සැරේක තවත් කොහේදෝ රටක ගියා කියලා තිබ්බේ. අපිට වැඩක් නෑ තමුසේ මොන මගුලේ ගියත්. ඒත් ඔයි තමුසේ අනික් එවුන්ට බන දේශනා කරන ගමන්,ඒ වැරැද්දම කරන්නේ ඇයි? ඔහෙට තිබුනනේ ඒ වගේ කොන්ෆරන්ස් වලට නොයා ඉන්න.

      දැන් හෙට උදේට කිව්වොත් මොකක් හරි කොන්ෆරන්ස් එකකට රට යන්න ලෑස්ති වෙන්න කියලා, බලන්න තිබුනා මෙතන බන දෙසන තමුසෙත් උඩ දාගෙන ආයේ එන හැටි.

      ලැජ්ජයි ඔයි තමුසේ වගේ කුහකයෙක් ගැන. වෙන මිනිහෙක් වාහනයක් ගත්තොත් කුහක කමේ මැරෙන්න හදනවා. පහුගිය දවස් වල ලියලා තිබුනා ෆිනෑන්ස් වගේ එව්වා දාලා වාහන ගන්නෙත් තියෙන දෙයින් සැහීමකට පත්වෙන්නේ නැති,ධනවාදයේ ගොදුරු උන අය කියලා. එහෙම කියන තමුසෙත් ණය වෙලා ඇල්ටෝ එකක් ගන්නවා.

      අනේ මෙහෙමත් කුහක,ඉර්ශ්‍යා කාරයෙක්. මුගේ තියෙන කුහක කමට නින්ද වත් යනවද මන්දා හරියට.පරිස්සමෙන්,ඔය වගේ කුහකයෝ අන්තිමේදී මැරිලා යන්නේ පිළිකා හැදිලා.

      Delete
    6. ‘කෝප්’ වාර්තාව පෙන්වා දෙන පරිදි, ආණ්ඩුවේ දූෂණය නිසා නාස්ති වන මුදල රුපියල් බිලියන 300 කි. මාර්ග ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන් මැති ඇමතිවරුන් සොරකම් කරන ධනය අති විශාල ය. ඒවා ලබාගන්නේ තවත් පරම්පරා ගණනක් ගෙවිය යුතු වන, යෝධ ණයවලිනි. ගාල්ල අධිවේගය සඳහා කිලෝ මීටරයකට වැය කළ මුදල රුපියල් මිලියන 900 ක් වන විට, කඩවත සිට කෙරවලපිටිය මාර්ගයේ එක කිලෝ මීටරයකට වැය කළ මුදල රුපියල් මිලියන 7500 ක් වුණේ කෙසේද? පවතින උද්ධමන වේගය නිසා වියදම සියයට 5-10 ත් අතර ප‍්‍රමාණයකින් වැඩි විය හැකි බව ඇත්ත. එහෙත්, එය සියයට 800 කින් වැඩි වන්නේ කෙසේද? එසේ තිබියදී, ගංවතුර නිසා අවතැන් වූ කොළඹ පවුලකට ආණ්ඩුව ගෙව්වේ රුපියල් 333 ක් පමණි. තමන්ට අත්‍යාවශ්‍ය වන ඖෂධ වර්ග 20 ක් තමන්ට නැති බව මහරගම පිළිකා රෝහල කියයි. ඉතා මූලික මට්ටමේ වෛද්‍ය පරීක්ෂණ කිරීම සඳහා අවශ්‍ය කළමනා තමන් සතුව නැති බව කොළඹ මහ රෝහල් කියයි.
      ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ උත්සවලට සහභාගී වන සංචාරවලට වැය වන මුදලින් අඩු වශයෙන් අඩක්වත් ඉතිරි කරගත හැකි විණි නම්, ලංකාවේ පිළිකා රෝගීන් සඳහා අත්‍යාවශ්‍ය මූලික ඖෂධ වර්ග ඉදිරි වසර 20 ටම අවශ්‍ය ප‍්‍රමාණයට සපයාගත හැකිව තිබුණි.
      ඉතිං, ප‍්‍රකෝටි ගණනින් මැතිවරණ ව්‍යාපාරය සඳහා ආණ්ඩුව වියදම් කිරීම අරුමයක් නොවේ. ‘දුප්පතාට සැළකීම’ යටතේ ඔවුන් බලන්නේ කොක්කෙන් හෝ කෙක්කෙන් නැවත වරක් බලයට පත්වී ඉහත හොද්ද තවත් සිය ගුණයකින් බොර කර ගැනීමට ය.

      Delete
    7. Anna thamuse ara punaruththapana kandaure anty mathak karanna kiwwa..

      Delete
  2. feel sorry for you. you cant go now. you are old.

    ReplyDelete
    Replies
    1. dont be jealous

      Delete
    2. @ F*** off retard; find an elderly home, you retarded, demented begger

      Delete
  3. උගත් මිනිස්සු රට යන්නේ
    1. තම අධ්‍යාපනයට සහ හැකියාවට ගැලපෙන රක්ෂාවක් ලබා ගැනීමට
    2. දේශපාලන සහ අනිත් ඇඟිල ගැසීම් වලින් තොරව කොන්ද කෙලින් තියාගෙන ආත්මාභිමානයෙන් වැඩ කිරීමට සහ උසස් වීම ගැනීමට නොහැකි නිසා
    (දැන් බලන්න මොරටුවෙන් U.N.P චන්දෙ ඉල්ලල පැරදිලා පාරාජිකා වෙච්ච මහ ගෑනිගේ පවුලේ නුගත් කාලකන්නියෙක්ට ලංකාවේ ලොකුම බැංකුවේ මුල් පුටුවට පැරචුට් එකක් මගින් දීපු දේශපාලන පත්වීම සහ එම පුටුවේ ගං කබරයෙක් වගේ වසර ගණනාවක් ළැග සිටීම නිසා ලංකාවේ සුපිරි මොළ වෙච්ච ආචාර්ය උපාධි තියෙන ඩිපියුටි ගවනර් ල කීයක් උසස් වීමේ අපේක්ෂාව අතඇරලා රටත් දාල ගියාද ? )
    3. ලංකාවේ සිහිනයක් වෙච්ච Quality of life ලබා ගැනීමට සහ තමන්ගේ දරුවන්ට සපයා දීමට

    නුගත් මිනිස්සු රට අතඇරලා යන්නේ
    1. කියක් හරි වැඩියෙන් හොයාගෙන ජිවන තත්වය උසස් කර ගන්න

    මේවා ඔක්කොම අහිංසක මිනිස් ආශාවල්. මිනිස්සු ඒවා මොන ක්‍රමයකින් හරි නීතිවිරෝධී නොවන විදියට සපුරා ගන්න උත්සාහ කරන එකේ කිසිම වැරැද්දක් නැහැ නේ.


    ශ්‍රී ලාංකික සිසුන්ට අධ්‍යාපනය සඳහා පිටරට යන්න වෙලාතිබෙන්නේ නම් පැරාත් සම්බන්ධ හීනමානී ජඩ වාමාංශික ශිෂ්‍ය ව්‍යාපාරය විසින් ලංකාවේ ශිෂ්‍යයන්ට තමන්ගේ මුදල් ගෙවා හෝ ලංකාව තුල උසස් අධ්‍යාපනයක් ලබා ගැනීමේ අවස්තාව මේ වන තුරු අහිමි කිරීම නිසා.

    ReplyDelete
    Replies
    1. හරියටම කියලා තියෙනවා , ඉහත දැක්වෙන හේතු තමා රට යන්න හේතු වන්නේ , අනික බොහාමයක් මෙම රටවල් වල වැඩ කරන වෙලාවේදී තමන්ගේ වැඩකොටස ඉටුකරනවා , ඉටුකළ යුතුයි , නිවාඩු දින නිවාඩුම තමා බොරුවට O.T .නැහැ , විශ්‍රාම නම් විශ්රාමම තමා , තව තැනක වැඩට යන්නේ නැහැ තව කෙනෙකුගේ අවස්ථාව පැහැරගෙන , ගෙදර ඉන්න කම්මලිනම් ස්වෙච්චා සේවාව කරනවා ,

      Delete
    2. /දැන් බලන්න මොරටුවෙන් U.N.P චන්දෙ ඉල්ලල පැරදිලා පාරාජිකා වෙච්ච මහ ගෑනිගේ පවුලේ නුගත් කාලකන්නියෙක්ට ලංකාවේ ලොකුම බැංකුවේ මුල් පුටුවට පැරචුට් එකක් මගින් දීපු දේශපාලන පත්වීම සහ එම පුටුවේ ගං කබරයෙක් වගේ වසර ගණනාවක් ළැග සිටීම නිසා ලංකාවේ සුපිරි මොළ වෙච්ච ආචාර්ය උපාධි තියෙන ඩිපියුටි ගවනර් ල කීයක් උසස් වීමේ අපේක්ෂාව අතඇරලා රටත් දාල ගියාද ?/

      මේ වගේ ගොන් කතා සාමාන්‍යයෙන් කියන්නෙ මසොපි නෙවෙයි මකසි.

      මහ බැංකුවේ ගවනර් කියන්නෙ දේශපාලන පත්වීමක්. ඩිපියුටි ගවනර් කියන්නේ සේවා පත්වීමක්. ඩිපියුටි ගවනර් කෙනෙකුට ගවනර් වෙන්න බැහැ. එහම වෙන්න බැරුව රට ඇරලා ගිය කෙනෙකුත් නැහැ. නිදන්න දේවල් කියන්න කලින් පොඩ්ඩක් හොයලා බලන්න. නැත්නම් ඔයත් මකසි වගේම ඉක පුරා ගන්නවා.

      Delete
    3. මහින්ද අබේසුන්දරගෙන් හිස්වුන අසුචි ලෙවකන සට්ටඹි තනතුරට බ්ලොග් ලෝකයෙන් ශිල්ප දක්වා පත්වීමට ඔබ දරන අහිංසක උත්සාහයට මගේ ප්‍රණාමය.

      මහා බැංකුවේ තතු දන්නෝ දනිති. මට ඒ ගැන කොළ කඩා පාන්න යන්න එපා. කබරයාගෙන් පෙර යුගයේ එහි ගවනර් වූ සෑම දෙනාම බැංකුවෙම වැඩ කල , සුදුසුකම් සපිරූ මහත්වරුන් වේ. එසේ නොවී පිටිං ආ තැනැත්තෙකුගේ නමක් සඳහන් කරන්න.

      උදාහරණයක් ලෙස රාසපුත්‍රම් මහතා ලිපිකරුවෙක් ලෙස බැංකුවට පත්වීමක් ලැබ ගවනර් තත්වයට උසස් වුයේ අසුව දශකයේ ය. දක්ෂතා ඇත්නම් සුදුසු තනතුරක් ලැබීමේ හැකියාවක් මෑත යුගයෙද තිබුණි. ඩිපියුටි ගවනර්ගේ තනතුරේ සිට ගං කබරයට තැන දී කනගාටුවෙන් රට හැර ගිය මහත්වරුන්ගෙන් ආචාර්ය තේනුවර පෙරමුණේ සිටි. තවත් දහයකට වැඩි සීනියර් පිරිසත් ඉවත් වී ගොස් ඇත.

      //මහ බැංකුවේ ගවනර් කියන්නෙ දේශපාලන පත්වීමක්//
      සභාවේ සිනා !
      ඒ අයුරින් බලන විට ලිපිකරු ගේ සිට ජනාදිපති ලේකම් දක්වා සියලු රජයේ තනතුරු දේශපාලන පත්වීම් වේ. ඔව් ගං කබර පාලන යුගයේ එහෙම තමයි. නමුත් ඊට පෙර යුගයේ ජනාධිපති හා කැබිනට් මණ්ඩලය විසින් උසස් රජයේ නිල (ගවනර් , විගණකාධිපති ... ) සඳහා පත්වීම් දුන්නත් ඒවා යම්කිසි පිළිගත් පටිපාටියකට අනුව දෙන ලදී. ඒ සිස්ටම් එක බල්ලට ගියේ ගන්කබර යුගයේය.

      ගං කබර අසුචි කෑවත් ඔහොම ඔලුවේ ඉහගෙන කන්න එපා මචං.

      Delete
    4. මහ සොහොන් පිල්ලිය
      මෙතනදි ඔබ වැරදියි.මම හොඳින්ම දන්න නිසයි මේක කියන්නෙ.අවුරුද්ද මට හරියටම මතක නෑ 1990 ගනන් වලදි එච්.බී.දිසානායක මහත්මයා මහ බැංකුවෙ අධිපති වෙලා හිටියා.හොඳම ගැමියෙක් සහ අවංක නිලධාරියෙක් වන ඒ මහතා සිවිල් සේවකයෙක්.රේගු වෙ ප්‍රධානියා වෙලා හිටියා කාලයක්.දැන්නම් එයාගෙ ගම්පලාතට (අනුරාධපුරේට) වෙලා මිදි වවනවා කියල මෑතක කොහෙ හරි තියනව දැක්කා.මෙන්න ලින්ක් එක හම්බ වුනා බලන්න.
      http://www.cbsl.gov.lk/htm/english/03_about/about.html

      Delete
    5. මහ සොහොන් පිල්ලිය
      මෙන්න මම හොයා ගත්තා එච්.බී.( හීන් බන්ඩා) දිසානායක මහත්මයා ගැන හොඳ විස්තරයක්.එතුමා ගැන කියවල බලල ඔබේ වැරදි ආකල්පය අත්හැර ගන්න.
      http://www.nation.lk/2008/10/12/special1.htm
      2008.10.12 නේශන් පත්තරයේ ඒ මහතා ගැන තියන ආටිකල් එක මේ.

      Delete
    6. රාසපුත්‍රම් මහතා ලිපිකරුවෙක් හැටියට මහ බැංකුවට එක් වුණෙත් නැහැ. ආර්ථික විද්‍යා ගෞරව උපාධියක් තියාගෙන ලිපිකරුවන් හැටියට එකතු වෙන්නෙ මොකටද? රාසපුත්‍රම් මහතා ගවනර් කමට ප්‍රමෝට් කළෙත් නැහැ. ඔහු ඇපොයින්ට් කළා මිසක් මහ බැංකු සේවයෙන් විශ්‍රාම යාමෙන් පසුව. අර උඩ මහත්මයා පෙන්නලා තියෙන හැටියට මහ බැංකුවෙ ගවනර් කමට කලින් බැංකු සේවකයෙක් පත් කරන්න ඕනෙම නැහැ. ඒක දේශපාලන පත් වීමක්. මසොපි දේශලාපන පත්වීම කියන එක මොකද්ද දන්න කෙනකුගෙන් අහගන්න. ආචාර්ය තේනුවර කියන්නෙ ඩිපියුටි ගවනර් කෙනෙක් නෙවෙයි.

      මේ බොරු කොහෙන් ඉගෙන ගන්නවද මන්දා.

      Delete
  4. මිනිසුන් විදේශ ගතවෙන්න පෞද්ගලික හේතු වගේම පොදු වූ සමාජමය කරුණු කාරනා බොහෝ ගනනක් තියෙනවා. වත්මන් ආන්ඩුවේ තියෙන ආර්ථික දැක්ම අනුව ඒක තව වැඩි වනවා මිසක් අඩු වෙන්නේ නෑ. ඇයි මෙහෙම යන්නේ කියලා විශාල ගැටලුවක් පැරාට තියෙනවා නේ. ඒ වගේම විශාල ගැටලුවක් ඔය රට ගිය මිනිස්සුන්ටත් තියෙනවා, ඇයි මේ හිඟන පඩි වලට ආන්ඩුවේ රස්සාවල්ම හොයන්නේ කියන එක. මෙහේ පැය 8 ක් වත් වැඩ කරන්න කම්මැලි උන්, ඒ රටවල පැය 16-20 වැඩ කරනවා. එහෙම වැඩ කරලා එවන සල්ලි වලින් මහ උන් ටික රජ සැප විඳිනවා. උන් විතරක් නම් කමක් නෑ, හත් මුතු පරම්පරාවම කන්නෙ ඒ සල්ලි වලින්, ඊට පස්සේ ඉන්නවා ලක්ෂ 15 ක් විතර ආන්ඩුවේ හිඟන්නෙ. මෙන්න මේ ප්‍රධාන ප්‍රශ්ණයට පිලියමක් යොදපු කාලයට, මිනිස්සු රට යන එක නවතියි. ඒකට පිලියම් මේ ආන්ඩුවට නෑ. මෙයාලා රක්ෂා බිහි කරන්නේ නෑ. පින් පඩි කාරයො පිරිසක් බිහි කරන්නේ.

    ReplyDelete
  5. //මේ සියලු දෙනා ලංකාවේ නොමැති මොකක්දෝ දෙයක් සොයාගෙන මෙසේ යති. යන අය වැඩි දෙනෙක් පරම්පරා ගණනක් ගත වීත් එහි ජීවිතයට හැඩ නො ගැසෙති//
    මෙහේ නැතිදේ හොයාගන්න එහේ යනව. එහේ නැතිදේ හොයාගෙන ආයෙත් මෙහේ එනව, නැත්තං මෙහේ විදියට එහේ ජීවත් වෙනව.
    මේක තමයි පැරා මිනිස් ස්වභාවය. මිනිස්සු කියන්නෙ කොච්චර තිබුනත් ඇතිවෙන පිරිසක් නෙවේ.

    ReplyDelete
  6. මහින්දානන්දගේ ඉතිහාසයෙන් බිඳක්!

    මහින්දානන්ද අළුත්ගමගේ 1987 වසරේ ‘ද ෆිනෑන්ස් ' සමාගමේ කෑගල්ල ශාඛාවේ ණය අයකර ගැනීමේ (Collection Officer) සුළු සේවකයෙකි. ඔහුගේ බිරිඳ ආශා සිංගර් සමාගමේ කුලියාපිටිය ශාඛාවේ සේවිකාවකි. ඊට වසර කීපයකට පසු ඉන්ඉවත්වන ආශා කුලියාපිටිය නගරයේ බැට්රි කඩයක් පවත්වාගෙන යන්නීය.

    මහින්දානන්ද අලුත්ගමගේ සොහොයුරා වන විද්‍යානන්ද අළුත්ගමගේට දේශපාලනයට පිවිසෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආරාධනා ලැබෙන්නේ අනූව දශකයේ මුල එජාප රජය පැවතියදීය. නමුත් ඔහුගේ දේශපාලනයට ගම්පොල අබ්දුල් කාදර් හා මහනුවර කෙහෙලිය රඹුක්වැල්ල එරෙහි වේ. ඔවුන්ගෙන් ලැබෙන පීඩනය මත ශ්‍රී ලංකාව හැර ජපානයට යන විද්‍යානන්ද අළුත්ගමගේ ජපානයේදී ධනවත් ජපන් යුවතියක් හා විවාහ වේ. විද්‍යානන්ද අළුත්ගමගේ තම මලයා වන මහින්දානන්ද අළුත්ගමගේට දේශපාලනය සඳහා අතදිගහැර මුදල් වියදම් කිරීමට පටන් ගනී.

    තම සොයුරාගේ ආධාර උපකාරයෙන් මධ්‍යම පළාත් සභාවට තරඟ කරන මහින්දානන්ද මධ්‍යම පළාත් සභාවේ සෞඛ්‍ය ඇමති ධූරය ලබාගනී. බහුජාතික සමාගම් හා ටෙන්ඩර් මගඩිවලින් මහින්දානන්ද අළුත්ගමගේ තම මඩිය තරකර ගන්නේ සෞඛ්‍ය ඇමතිධූරයට පිං සිදුවන්නටය. මහනුවර අනිවත්තේ විශාලම නිවස හිමි කෙහෙළිය රඹුක්වැල්ලට වඩා විශාල නිවසක් මහින්දානන්ද අළුත්ගමගේ මහනුවර අනිවත්තේ ඉදිකරන්නේ බහුජාතික සෞඛ්‍ය සමාගම් හා ටෙන්ඩර් කරුවන්ගේ පිහිටෙනි.

    මහින්දානන්ද අළුත්ගමගේට මේසා විශාල ධනස්කන්ධයක් එක්රැස් කිරීමට අතහිත දුන් අනෙක් පුද්ගලයා චන්ද්‍රිකාගේ ‘කිචන් කැබිනෙට්ටුවේ' ප්‍රභලයෙකු වන එවක මහජන බැංකු සභාපති මනෝ තිත්තවැල්ලය. මීට එක් උදාහරණයක් සපයන්නේ නම් මහින්දානන්ද අළුත්ගමගේ ගේ එවක ව්‍යාපාරික හවුල්කාරිය වන වජිරා පල්ලියගුරු නැමැති අයට අයත්ව තිබූ වාහන 10 ක් 'පීපල්ස් ලීසිං' සමාගම මගින් වාරික නොගෙවා තිබියදී තම භාරයට ගත් පසු (Ceased ) කිසිදු ඇපකරයකින් තොරව විනාඩි 10 ක් ඇතුළත වජිරා පල්ලියගුරුගේ මහජන බැංකු ගිණුම මිලියන 2 කින් අයිරා කොට එම මුදල බැංකු අණකරයක් මගින් පීපල්ස් ලීසිං සමාගමට ගෙවා පැයක් අතුළත වාහන 10 ම නැවත වජිරා පල්ලියගුරුට ලබා දෙන්නේ මහින්දානන්ද අළුත්ගමගේ විසිනි.

    ඊළඟට මහින්දානන්දගේ ධන නිධානය වන්නේ විදුලි බල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ධූරයයි. එවක විදුලි බල හා බල ශක්ති අමාත්‍යවරයා වූ ජෝන් සෙනෙවිරත්න පුටුවේ වාඩිකොට සියළුම ඩීල් දැමුවේ මහින්දානන්ද අළුත්ගමගේය. ඒ සඳහා මහින්දානන්දගේ ඩීල් කරුවා වූයේ ‘කැලණි කේබල්ස්' සමාගම අයත් හේමන්තය. ඩීල් එක කොච්චර හොඳට වැඩකලේද යත් අද මහින්දානන්ද අළුත්ගමගේ ගේ බිරිඳ ආශා ජීවත් වන්නේ කැලණි කේබල්ස් හේමන්ත සමගය. ඇයට හෝ හේමන්තට විරුද්ධව කටක් ඇරීමේ හැකියාවක් මහින්දානන්දට නැත. 1987 සිට 2014 දක්වා අවුරුදු 27 ක කාලය තුල මහින්දානන්ද අළුත්ගමගේ නැමති කටහැකර දේශපාලන තක්කඩියා කරපු සියළුම කෙලි ආශා සහ මෑත කාලයේ කරපු සියළුම කෙලි කැලණි කේබල්ස් හේමන්ත දන්නා බැවිනි. නාමල් රාජපක්ෂ සිය පියා අතහැර විපක්ෂයට එක්වුවද මහින්දානන්ද අළුත්ගමගේ මහින්ද රාජපක්ෂ සමගම සිටීමේ රහස එයයි.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ඇනෝ මිනිහා එදා දෙරණ වාදපිටියේ නම් කිවුවේ උන්දැලා පරම්පරාගත සල්ලි කාරයෝ කියලයි. කියපු විදියට නම් මටත් හිතුන ඇත්ත වෙන්න ඇතියි කියල...හි..හි....!

      Delete
  7. පැරා
    "ලංකාවේ සැලකිය යුතු මධ්‍යම පංතික ජීවිත ගත කළ මිනිස්සු බටහිර රටවල ස්ථිර පදිංචියට ගොස් දිළින්දන් ලෙස එහි ජීවත් වෙති."
    මෙහෙම කියන්න ඔයාට තියන සාධක මොනවද?
    මගේ අත්දැකීම නිසයි මෙහෙම කියන්නෙ.මම පාසැල් හැරයාමෙන් පස්සෙ ලංකාවෙ තියන හොඳම මෝටර් කාර්මික පුහුනුව දෙන ලං,ජ,කා.අ.ආ(ජර්මන් ටෙක්) එකේ පුහුනු වෙලා කාලයක් ඒකෙම ඉගැන්නුවා.ඒ අතර එම අංශයෙම වැඩිදුර ඉගෙනීමත් ලබාගත්තා.නමුත් ලංකාවෙ තියන හැම දේටම දෙශපාලනය ගාවගන්න ජඩ ක්‍රමය නිසා මට කිසිම උසස්වීමක් ලැබුනෙ නෑ.නමුත් ලමයෙක් ප්‍රශ්නයක් අහපුවහම මගහැරලා යන අයට උසස්වීම් ලැබුනා.ඒ කලකිරීම නිසාම මම 1990 ගනන් වල තිබුන අවස්ථාව අරගෙන ඕස්ට්‍රේලියාවට ස්තිර පදිංචියට වීසා ලබා ගත්තා.මෙහෙදි කිසිම දෙශපාලකයෙක්ගෙ උදව් නැතුව ‍රැකියාව කරගෙන මමත් මා සමග ආ බොහොමයකුත් සැපසේ ඉන්නවා.ඔන්නම් ලොක්කටත් බනින්න නිදහස තියනවා.කාටවත් බයේ ඉන්න ඕනැත් නෑ.චන්දෙන් පස්සෙ මාරුවීම් දෙන්නෙත් නෑ.එක එකාට ඔලුව නවන්න ඕඅනැත් නෑ. අර අලුත්ම වීඩියිඅ එකේ තියනව වගෙ පාහර පොල්ස් කාරයින්ගෙන් කතා අහන්න ඕනැත් නෑ(මොකද පොලිස් කාරයා අපිට සර් කියනවා).පාරෙ යනකොට ඇම්බියුලන්ස්,ගිනින්නිවන හමුදාව,පොලීසියෙ වාහන හැර දේශපාලුවන්ගෙ වාහන පෝලිම් වලට ඉඩ දෙන්න ඕන නැ.

    ලංකාව ගැන බලන්නෙ අපි ඉපදුන රටට තවමත් තරමක හරි ආදරයක් තියන නිසාත් කවද හරි මේ රටවල තත්වයටම නැතත් ඒ කිට්‍ටුවටම හරි ගේන්න පුලුවන් වෙයි කියල හිතෙන නිසාත්.

    ReplyDelete
    Replies
    1. මේ කතාව සම්පූර්ණ ඇත්ත. ලංකාවෙ සුදුස්සන්ට නෙවෙයි උසස්වීම් ලැබෙන්නෙ. ලංකාවෙ සුදුස්සන්ට උසස්වීම් දීපු එකම නායකයා රනිල් වික්‍රමසිංහ.

      Delete
    2. "මේ කතාව සම්පූර්ණ ඇත්ත. ලංකාවෙ සුදුස්සන්ට නෙවෙයි උසස්වීම් ලැබෙන්නෙ. ලංකාවෙ සුදුස්සන්ට උසස්වීම් දීපු එකම නායකයා රනිල් වික්‍රමසිංහ."

      උදාහරණ
      ගෝනවල සුනිල්
      සොත්ති උපාලි
      දිලන්ත පෙරේරා (තහඩු හොරා)

      Delete
  8. සම්පූර්ණයෙන්ම එකඟයි. මගෙත් කථාව ඕකමයි. 
    පොඩි වෙනසකට තියෙන්නෙ මම ජර්මානු අභ්‍යාෂ විද්‍යාලයෙ ඉගැන්නුවෙ නැති එක විතරයි.
    ඉන්දරේ
    මෙතනින් බලන්න ඔබාමගෙ -විනය තැකූ ප්‍රින්සිපල්-
    http://observer-nireekshaka-observer.blogspot.com.au/2012/01/blog-post_30.html

    ReplyDelete
  9. පැරා,

    කිසිම තරඟෙක හැමෝම දිනන්නෙ නෑ.රට යාමත් එහෙමයි, සමහරුන්ට හරියනව, සමහරුන්ට කෙලවෙනව. නමුත් මිනිස්සු ඒ අවධානම ගන්නව. හේතුව ඩෙංගු චිකන්ගුණා මදුරුවො පස්සෙන් එලොගෙන ඇවිත් මරල නොදාන, ඇමතියන්ගෙ මන්ත්‍රීලගෙ හෙන්චය්යොන්ගෙන් ගුටි නොකන, පොළිසියෙන් අම්ම මෝ නැතුව බැනුම් නොඅසන, දරුවන්ට සාපේක්ෂව වඩා ගුණාත්මක අධ්‍යාපනයක් දෙන්න හැකි සාමකාමී ප්‍රීතිමත් ජීවිතේකට කවුරුත් කැමති නිසා.

    //මිනිසුන් කලකිරීම නිසා රටින් පළා යන තත්වයක් ඇති වීම ඇත්තෙන් ම කණගාටුදායක ය. ඒ තත්වය වෙනස් කිරීම සඳහා කටයුතු කිරීම අද දවසේ අපගේ වගකීමකි. //

    සහතික ඇත්ත. ඒක රටේ ඉන්න අයගෙ වගකීමක් වගේම රටෙන් පලා ගිය අයගෙත් අවශ්‍යතාවක්. ඒකයි ඒ අය ඉන්න රටවල ඉඳං ලංකාව "තම නැණ පමණින්" හොඳ රටක් කරන්නට කල යුතු දේ වෙනුවෙන් අන්තර්ජාලෙන් හරි කොටන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි. අපේ මාරයියාත් රට යන්න පුළුවන් නම් යනවා. බැරි නිසා මෙහේට වෙලා රනිල් වික්‍රමසිංහ ගෙන් රට ජාතිය ආගම බේර ගන්න ක්‍රියා කොරනවා.

      Delete
  10. මොකද කකා සද්දයක් නැත්තේ? මේකට තරහ ගියාද?

    "ලංකාවේ සැලකිය යුතු මධ්‍යම පංතික ජීවිත ගත කළ මිනිස්සු බටහිර රටවල ස්ථිර පදිංචියට ගොස් දිළින්දන් ලෙස එහි ජීවත් වෙති."

    ReplyDelete
  11. Sudharman Radaliyagoda
    Kukul Charli
    Duminda
    Mervin
    Raththaran (mala hora)
    Keheliya Nili Mas
    Welgama (badu king)
    Rathnasiri wickramanayaka, (paedophilic)
    Mahindananda (hora)
    D M Jayaratne (ambuluwawa)
    Sarath Amunugama (nili hora)
    Basil -10%
    Gota
    Saruwe Sunil
    Samantha Chadrapushpa - Rape

    ADD more

    ReplyDelete
  12. අපේ රටේ මිනිස්සු විදේශයන්හි පදිංචියට යන්නේ එකම හේතුවක් නිසා නම් නොවෙයි ඒකට ඒ ඒ පුද්ගලයාට බලපාන විශේෂ හේතුවක් තියෙනවා. ඒවා ඔක්කොම එකතු කලාම මිනිස්සු රට යන්නේ විවිධ හේතුන් නිසා බවයි වැටහෙන්නෙ. සමහරු රට යන්නේ මෙහෙදී තමන් විඳින කුල පීඩනය වැනි ප්‍රශ්න නිසා. සමහරු රට යන්නේ මෙහෙදී තමන් විඳින ආර්ථික ගැටළු නිසා. ඒ අය එහෙම කරන එකේ වැරැද්දක් නැහැ.නමුත් මට නම් තේරෙන්නේ අද බොහෝ තරුණ කොටස් රට යාමේ උණෙන් පෙලෙන බවයි.ඒ නිසා හොඳ රැකියා සහ සප පහසු ජිවිත අතහැර බොහෝ තරුණ කොටස් අද රට පදිංචියට යනවා. ඒ අයගේ දෙමාපියන් වසරකට වරක් ඒ රටට ගොස් කෙටි කලක් ඔවුන් සමග ජිවත් වෙන්න අරමුදල් සපයා ගන්න ඉතිරි කිරීම් භාවිතා කරනවා. එහෙදි කරන්නේ දරුවන්ගේ දරුවන් බලා ගැනීමයි .දරුවෝ එහෙම මෙහා ඉන්නා වැඩිහිටියන් කැඳවා ගන්නේ එහෙදි baby sitting වලට වැඩි මුදලක් ගෙවීමෙන් බෙරිමටයි.බොහෝ දෙමාපියන් තමන් කෙටි කලකට දරුවන් සමග ජිවත් වීමට විදේශ ගත වන බව උජාරුවෙන් තම හිතවතුන්ට කිව්වත් ඇත්ත ඕකයි. අවසානයේදී මෙහෙ දේපල විකුණා ඔවුන්ට මුදල් රට ඉන්නා දරුවන්ට යවනවා .
    රට ඉන්නා දරුවන්ට ඒ රටේ පුරවැසි කම ලැබුනත් ඔවුන් ඒ රටේ භුමි පුත්‍රයෝ හැටියට නම් පිළිගන්නේ නැහැ.හැංගිච්ච වර්ග වාදයෙන් සහ ආගම් වාදයෙන් ඔවුන් පෙළෙනවා. ඒ නිසා ඔවුන් රට සිටියත් හිතෙන ඉන්නේ මෙහෙ.
    මම මේ ටික ලිව්වේ තරහෙන් එහෙම නෙමෙයි. රට යන සමහර කොටසක ඇත්ත තත්වය මගේ අත්දැකීම් තුලින් පෙන්නීමට පමණයි.
    සමරසේකර

    ReplyDelete
    Replies
    1. කකා හරි ඉන්දික හරි මේ කමෙන්ට් එකට ප්‍රතිචාර දක්වනවා නම් හොඳයි.

      Delete
  13. "තියන දෙයින් මම හොඳට ඉන්නවා. මම දුප්පත් කියල මට හිතෙන්නේ නැහැ. දුප්පතුන් කියල කියන්නේ මිල අධික ජීවිතයක් පවත්වා ගෙන යන්න වැඩ කරන අයට. ඔවුන්ට කොච්චර තිබ්බත් මදි. මට ලොකු දේවල් නැති නිසා ඒවා පවත්වා ගෙන යන්න මැරෙන කල්ම මහන්සි වෙලා වැඩ කරන්න ඕන නැහැ. මේක තමයි නිදහස.” හොසේ මුහිකා, උරුගුවේ ජනාධිපතිවරයා (ලෝකයේ දුප්පත්ම ජනාධිපත)

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා