ජනමත ගොඩනැගීමේ යුද්ධය


ජනාධිපතිවරණයේදී ආණ්ඩු පක්ෂය හා විපක්ෂය කරමින් සිටින්නේ ජනමත ගොඩනැගීමකි.

පෙනෙන්නට තිබෙන ආකාරයට ඡන්දය දෙන්නේ ආණ්ඩු පක්ෂයට ද විපක්ෂයට ද යන්න සම්බන්ධයෙන් ඡන්ද දායකයන්ගෙන් සැලකිය යුතු පිරිසක් දැනටමත් තීරණය කර හමාර ය.

මේ අය ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ කරමින් සිටින්නේ එකිනෙකාට තම බලය පෙන්වීම, තම ස්ථාවරය ආරක්ෂා කර ගැනීම හා අනෙකා තමන්ගේ පැත්තට නම්මා ගැනීමට උත්සාහ කිරීමයි. 

බලය පෙන්වීම නම් කාරණයෙහිදී ආණ්ඩු පක්ෂය ප්‍රධාන වශයෙන් කරමින් සිටින්නේ තමන් සමග මෙතෙක් සිටි බලවේගය තවමත් එහෙමම සිටින බව පෙන්වීමට උත්සාහ කිරීමයි. ඒ සඳහා කලින් සිට තමන් ළඟ සිටි දේශපාලන නායකයන් එහෙමම සිටින බව පෙන්වීම සඳහා ඔවුන් ඉදිරියට තල්ලු කර කතා කරවමින් සිටියි. යන්නට සිටි අය එළියට ඇවිත් ජනාධිපතිවරයා ගැන නොව පක්ෂය ගැන කියමින් අඬති. එසේ කරන්නේ ඡන්ද වඩන්නට ද කඩන්නට ද යන්න පැහැදිලි නැත.

මේ අතර පසුගිය දිනෙක ජනාධිපතිවරයා අරලියගහ මන්දිරයේ තමන්ගේ හිතවතුන් සමග නිස්කලංකේ සිටින ආකාරයක් පෙන්වන ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. ඉහත පළ වී තිබෙන එම ඡායාරූපය සඳහ ඔහු විසින් තෝරාගෙන තිබෙන පිරිස, ඔවුන්ගේ ශරීර භාෂාව හා ඡායාරූපයේ පසුබිම ආදිය අධ්‍යයනය කිරීම රසවත් කරුණකි.

විපක්ෂය බලය පෙන්වන්නට උත්සාහ කරන්නේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීන් එක එකා තමන් වෙත බිලී බා ගනිමිනි. 

බලය පෙන්වීම ඉතා වැදගත් ය. මන්ද, දැනට තමන් ඡන්දය දෙන්නේ කාට ද යන්න තීරණය කර හමාර පිරිස් වෙනස් වන්නේ අන් කිසිවක් සමග නොව බලය සමගයි. ජනතාව තුළ ජයග්‍රාහී මානසිකත්වය ඇති කිරීම අත්‍යවශ්‍ය ය. හෘදය සාක්ෂියට වඩා ඡන්දයකදී ලංකාවේ ජනතාව සලකා බලන්නේ තමන් ඉන්නේ බහුතරය සමග ද, දිනන පැත්තේ ද වැනි කාරණා බව කලින් ඡන්ද නිරීක්ෂණය කිරීමේදී පෙනේ. 

අනෙක් පැත්තෙන්, පාවෙන ඡන්දවලට ද එහි බලපෑම අති විශාල ය. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල කෙබඳු ද යන්න හුදෙක් ම දේශපාලන වශයෙන් සක්‍රිය කොටස්වල ප්‍රතිචාරයෙන් තේරුම් ගත නො හැකි ය. දේශපාලනය අඩුවෙන් කතා කරන කොටස සිතන්නේ කෙසේ ද යන කාරණය ඉතා වැදගත් ය. විශේෂයෙන් ම ලංකාවේ ඡන්ද දායකයන්ගෙන් 50%කට වැඩි ප්‍රතිශතයක් කාන්තාවෝ ය. එහෙත් දේශපාලන වශයෙන් සක්‍රිය පිරිසගෙන් 95%ක් ම පිරිමි ය. කාන්තාවන් අමතන්නට සමත් වන්නේ කවුුරුද, ඒ අපේක්ෂකයා ජයග්‍රහණය කරනු ඇත. 

මෙවර ඡන්දයේදී සාකච්ඡාවට බඳුන් වන තේමාවන් මොනවා ද යන්න විධිමත් ලෙස හඳුනා ගන්නට අපි උත්සාහ කරන්නෙමු. 

දැනටමත්, ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, දූෂණ විරෝධය, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හෝ එහි බලතල කප්පාදුව වැනි ඉදිරිගාමී තේමාවන් සියල්ල අතට ගෙන තිබෙන්නේ විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන විසිනි. විපක්ෂය එසේ කිරීම සාමාන්‍ය තත්වයකි. 

ජනාධිපතිවරයා පැත්තෙන් ද පාලනය විනයගත කිරීමේ අවශ්‍යතාව ප්‍රකාශ වී තිබේ. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වීමට හා යහපාලනයට ඉවහල් වන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ උවමනාවක් නම් ඔහු වෙතින් පළ වී නැත. 

මේ අනුව බැලූ කල ජනාධිපතිවරණය එක් ආකාරයකට ප්‍රජාතන්ත්‍රවාදය හා අධිකාරිවාදය අතර සටනක් වී තිබේ. මෙ සමාජය තුළ ප්‍රජාතන්ත්‍රවාදයට තරමට ම අධිකාරිවාදයට ද කැමැත්තක් ඇතැයි සිතන්නට හේතු වන සාධක දක්නට තිබේ. විශේෂයෙන් ම සිංහල ජාතිවාදීන් සම්බන්ධයෙන් මෙම ප්‍රවණතාව දැකිය හැකි ය. පීඩිතභාවය නිසා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඬ නගනමුත් දෙමළ ජාතිවාදීන් ද වඩා කැමති අධිකාරිවාදයට බව කොටි සංවිධානයේ ක්‍රියාකලාපය ඔප්පු කළේ ය. 

මතුපිට තලයේ තිබෙන ජනමත ගොඩනැගීම් ද  වැදගත් ය. දේශපාලන වේදිකාවල ප්‍රකාශ වන අදහස්වලට ප්‍රතිවිරුද්ධ අදහස් දේශපාලන වේදිකාවලටත් කලින් මහජන අවකාශවල පැන නගින ආකාරය නිරීක්ෂණය කළෙමි. නිදසුනක් ලෙස මෛත්‍රීපාල සිරිසේනගේ සොයුරා වන ඩඩ්ලි සිරිසේන සහෝදරයින් 12 දෙනෙකුගෙන් යුත් තම පවුල එකා මත එකා වැටුණත් තම සොහොයුරාගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩ කරන බවට කළ ප්‍රකාශය ඊට පසු දින වන විට ම ජනතාව අතර සංවාදයට භාජනය වී තිබිණි. මේ සහෝදර සමාගමට සාපේක්ෂව ඒ සහෝදර සමාගම කොහොම වනු ඇද්ද යන්න ගැන ජනතාව උපහාසයෙන් කතා කළ හ. 

සිදු වන ජන මත ගොඩ නැංවීම් අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් මඩ, අවලාද, මිථ්‍යා මත ආදියයි. මෛත්‍රීපාල විසින් නිදහස් කරන ලද සුදු පරෙවියා පියඹා නොගොස් ඔහු පාමුල ම වැසීම ගැන ඊට පසු දින ම දිනමිණ කතා කර තිබුණේ මුදා හළ පක්ෂියා ආපසු කූඩුවට ආ බව කියමිනි. අනෙක් පැත්තට ද ජනමත ගොඩනැගීම් සිදු වනු ඇත. කේන්දරකාරයන්, සාත්තරකාරයන් මේ ඡන්ද සටනේ බලවත් පිරිසක් වනු ඇත. 

මෙම ලිපිය සම්පූර්ණ කිරීමෙහි ලා ඔබගේ දායකත්වය අපේක්ෂා කරන්නෙමි. අපගේ අවධානය යොමු වන්නේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය තුළ ඉදිරිගාමී අදහස් ජනතාව අතර ගොඩනැගීම හා ඒ ඔස්සේ අපේක්ෂකයන්ට බලපෑම් කිරීම කෙරෙහි ය. 

ඔබගේ අදහස් මෙහි සටහන් කරන්න.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. සහෝදරයෝ හතර දෙනෙක් එක්කහු වෙලා අඹුවනුයි සහෝදර හැත්තයි එක්ක මෙහෙම රට විනාශෙට ගෙනියනවා නං
    සහෝදරයෝ 12 කුයි උන්ගේ නුගත් ගම්බයි හැත්ත බුරුත්තයි එකතු උනොත් කොහොම වෙයිද ?

    ඔන්න පැරා පසනල් ගරන්ටියක් දෙනවා නං මාත් M 3 ට චන්දයක් දාන්නං. හැබැයි මිනිහ පිස්සු කෙලින්න ගත්තොත් පැරාගේ ඇල්ටෝ එක මට ඕනි. මගේ චන්දෙට වටිනාකමක් ලැබෙන්නේ එතකොට :P

    ReplyDelete
    Replies
    1. පැරා අනුන්ට උපදෙස් දුන්නාට කවමදාවත් ඒ උපදෙස් වල වගකීම භාර නොගනියි. ඒක පැරාගේ පමණක් නොව සමස්ත වාමාංශික චින්තකයන්ගේම පොදු ලක්ෂණයකි.

      Delete
    2. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පසනල් ගරන්ටියක් දෙනවා
      මදිද?

      Delete
  2. අපේ මාරයා අයියා නම් එදා ඉඳන්ම බ්ලොග් ලියලා ජන මතයක් ගොඩ නැඟුවා. පැරාට වගේ වැරදුනෙත් නැහැ. මහින්ද අයියාට සහයෝගය දීලා තමන්ගෙ ජීවිතේ සාර්ථක කර ගත්තා. පැරාලා ජන මතය ගොඩ නඟනවා කියලා ආණ්ඩු විරෝධී බ්ලොග් ලිය ලියා නිකම් චාටර් වෙනවා. ඇයි පැරාට බැරි අපේ මාරයා අයියාගෙන් ඉගෙන ගන්න?

    ReplyDelete
    Replies
    1. වැඩකට ඇති දෙයක් දාපන්කො බං. දැන් පැරා මගේ කමෙන්ට් එකත් එක්ක කැපුවාම මම කරුණු විශ්ලේෂණය කරලා ලියන්න ගත්තු මහන්සියත් අපරාදේ.

      Delete
    2. දැන් මාරයියගෙ තැන මාතලන් අරගෙන තියෙන්නෙ. මාරයගෙ කතාවම වෙන වටයකින් කිය කියා ඉන්නෙ. පොඩි වෙනසකට තියෙන්නෙ මාතලන් ජ්‍යොතිෂ කාරයන්ට පලුයන්න බනිනවා.. එච්චරයි.

      Delete
  3. අද කල යුතුවන්නේ හො‍ඳෙහි නරක සෙවීම නොව නරක දෙයින් හොඳ දේ සොයා ගැනීමයි.මේ කිසිමකෙනෙකු සියයට සියයක් හොඳ නැත.මහින්ද සහ සමාගමට සොරකමට, දූෂණයට, වංචාවට සහ අනීතියට ඉඩක් ලැබුනේ තමන් අතට තම පක්ෂයේ බලය ගොනුකර ගැනීමත්, ඇමතියන් සහ මන්ත්‍රීන් ජනාධිපතිට අභියෝග කල හැකි තරමේ පෞර්ෂවයක් ඇති පුද්ගලයින් නොවීමත්, නිකංම්ම නිකං ක‍ටු ලෙවකන බල්ලන් සේ වීමත්ය.ජනාධිපතිගේ සංධානයක් සේ තියනවායයි කියන ඉතිරි පක්ෂ කිහිපය කෙඳිරිගානවා හැර කිසිම බලපෑමක් කල හැකි පක්ෂ නොවේ.
    මෛත්‍රී යනු පොදු අපේක්ෂකයෙකු විනා තනි ප්‍රභල පක්ෂයක නියොජිතයෙකු නොවේ.එක්සත් ජාතික පක්ෂයටද මෙහිදී බලපෑමක් කල හැකි නිසා ඒකාධිපති තීරන ගැනීමේ හැකියාවක් තනිව ගොනුකර ගත නොහැක.

    ReplyDelete
  4. මා මේ සමාජ ක්‍රමයම පිටුදකිමි.
    එය කෙසේ කල යුතුදැයි නිවැරැදි අදහසක් මා හට නොමැත.
    ඒ කෙසේ වෙතත් පවතින තත්වයන් තුළ, අපගේ මූලික කරුණ ගව් ගානක් ඈත තුබුණත් යම් තීරණ ගත යුතුව ඇත.
    මේ මොහෙතේ කල යුතු හොදම දේ මහින්ද පරාජය කිරීමයි.
    එනම් මයිත්‍රීපාල සිරිසේන දිනවීමයි.

    ReplyDelete
  5. http://maathalan.blogspot.com.au/2014/11/opera-of-bards.html

    නළාකරුවන්ගේ ඔපෙරාව - Opera of Bards

    රජ ගෙදර රිලවුන්,
    රටම කෑ සුනඛයින්,
    කටුව කන බැල්ලියන්,
    මෙන් ගිරිය පුප්පා....
    "මර හඬ" නඟා අසති,
    රැඟුම් දැක, වැයුම් දැක,
    ගැයුම් උන් සවන වැක,
    වශීවු ජනයගෙන්,
    කුමකටද වෙනසක්...,
    පෙරලියක්, හැරවුමක්..,
    මෙවන් රජදහනකට..????
    යස ඉසුරින්ම පිරි,
    කිරි පැණියෙන් ඉතිරි,
    සුඛිත වූ..., මුදිත වූ...,
    සව් සිරිය පහලවූ,
    මෙවන් ලක් දෙරණ මත..

    මුන් කළා කරුවෝද..?
    මංකොල්ල කරුවෝද..?
    කසී... සළු අන්දවා,
    බුදුන්ගේ පරපුරේ,
    දුටුගැමුණු පරපුරේ,
    මහරජා පෙරහරේ..
    හෙළුවෙන්ම රැගෙන යන..,

    පහළ වී ඇත..
    තොපිට නම්, තව්තිසා
    බලාපිය...,
    මෑත් කොට තිරය,
    නෙත් යොමා සිව් දිසා...
    බැහැපියව්...,
    වාසලේ මුළුතැන්ගෙයින්,
    කැසිකිලියෙන්, වැසිකිලියෙන්...
    වරෙව් හයි වේ දිගේ...,
    සුපිරි කාපට් දිගේ...,
    සියක් අඩි කොන්ක්‍රීට් දිගේ...,
    එයින් පසු වලවල් දිගේ,
    නියර බඩ වැටි දිගේ....
    බලාගෙන පය තබව්
    ටයි කෝට්, ලැදර් ෂූස්,
    පන්ජාබ් සරුවාල,
    කාෂ්මීරයේ සාරි,
    පාජාවෙ සරම් පොඩි...
    ගෑවේවී මඩ තල්ලි,
    මහා ගොම්බෙටි තල්ලි,
    අලි බෙටිද, බලු බෙටිද.....
    බලාපිය හතර අත..,
    එක වේල කා නැසෙන,
    වකුගඩුව දිරා ගිය,
    කන්න නැති, බොන්න නැති,
    ඩොලර් දෙක, දිනට නැති,
    ඇඟේ ලේ ධාතු නැති,
    මන්දපෝෂණ යෙන් පෙලෙන.
    නොම හිඟා.... හිඟා කන..
    ඇවිදිනා ඇටසැකිලි,
    සැරිසරති හාමතේ...

    තොපි කළාකරුවෝද..?
    එවන් වූ ජනතාව,
    ගසා කන බදු වලින්,
    ගිලිනා වූ රජ බොජුන්...
    තොපි නළාකරුවෝය,
    සංවේදි සිත් නොමැති,
    ජන හඬක් ඇහෙන් නැති.
    මංකොල්ලකරුවෝය.
    කටු බුදින බල්ලෝය...

    වෙනස් කම් සොයා යන,
    සංවේදියැයි කියන,
    කාළාකරුවනි තොපිද..,
    සිඳු වුවොත්,
    පතනා වෙනස...
    තොපිද මේ උන් මෙන්ම,
    නොම ගයා ප්‍රශස්ති......
    ගයනු මැන ජන ගීත,
    දින උදා වන තෙක්ම,
    විමුක්තිය ජනයාට..!
    එරෙහිවනු හොරකමට,
    පහර දෙණු රජකමට...!!!

    නොම වඳිනු දනින් වැටි....
    නොදැවටෙනු සරම් වට,
    කටු බුඳින සුනඛයින් මෙන්,
    දියව් වටිනාකමක්...!
    නොකොට අතවර, අපචාර....,
    සරස්වති දේවියට..!!!

    .oOo.

    ReplyDelete
  6. මේ මොහොතේ මහින්ද රාජපක්ෂ කොංදේසි වාරහිතව පරාජය කළ යුතුය. ඉන් පසු බිහි වන්නේ සමාජවාදී (මහත්වරුන් සරම ඔසවා ගනී) ආණ්ඩුවක් හෝ ජනතා වාදී ආණ්ඩුවක් නොවන බව කෙසේ වෙතත් එකාධිපතිවාදයකට රට තල්ලු වීම වලක්වා ගත යුතුය. එසේම යම් ප්‍රගතිශිලී ගමනකට ඇති අවසන් අවස්ථාවද මෙය විය හැක.
    මෙහිදී පසුගිය ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ස ට ඡන්දය දුන් මෙවර ඔහුට චන්දය නොදෙන්නේ යැයි කියන පිරිසක් මට හමු වී නැත. ඊට හේතුව මහින්දට ඡන්දය දුන් සැමට ඔවුන් බලාපොරොත්තු වූ දේ ලැබී ඇති බැවින් ද? කෙසේ වෙතත් යමක් සොරකම් කර ගන්නට ඒ සියළු දෙනාට හැකි වන්නට ඇත. පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රථිඵල විශ්ලේශනයක් මෙහි පල කිරීමට හැකි නම් මෙවර ප්‍රථිඵලය පිළිබඳ මීට වඩා අදහසක් ලබා ගත හැකි වනු අැත.

    ReplyDelete
  7. මමාට දෙනව කියල කමෙන්ට්ස් දාන්න ප්ලීස්. මට විජලනය වගේ. එයා හොඳයිනෙ අනේ. මේ තව චන්ද්‍රකාවක් රෝ යවන්න ඉන්නෙ. මැන්නාර් වල තෙල් අත ලග අනේ. නාමලයිය රගර් වලින් අයින් වෙනවලු. යෝ ගෙ ටීවී එක හැමෝටම මැච් බලන්න හදනව කිව්ව. ඒ මදිද හලෝ

    ReplyDelete
  8. Nishantha KularathnaDecember 2, 2014 at 6:20 AM

    පැරා මයි ෆිෆ්ටි සෙන්ට්ස්
    ===============
    ලිපිය සම්පූර්ණ කිරීමට පාඨක අදහස් අහපු නිසා මේ ටිකත් එකතු කරන්න හිතුනා. මෛත්‍රීගෙ කැම්පේන් එක ගොඩක් අර්ධ නාගරික සහ නාගරික මැද පන්තිය අතර ජනප්‍රිය වෙන ලක්ෂණ පෙන්වනව. උදාහරණ හැටියට පරිසර දූෂණවලින් තොර, පොලිතීන් නැති, කටවුට් නැති ආදී වශයෙන් තියන කාරණා. (මේ කාරණාවෙදි හෙල උරුමයෙ බලපෑමත් ගොඩක් තියෙන්න ඇති - ඔවුන් මේවගෙ කාරණා පහුගිය මැතිවරණවලදිත් ඉදිරියට අරන් තිබුණ). නමුත් විශාල ජන පදනම වෙන්නෙ ග්‍රාමීය පහල පන්තින්. ඔවුන්ට වැදගත් වෙන්නෙ යහපාලනමය කාරණාවලට වඩා හොද ආර්ථික තත්වයක්, අඩු ජීවන වියදමක් වැනිදේ. එතනදි මට හිතෙන්නෙ මහින්ද ඉදිරියෙන් කියලයි. මේ කාරණාව විපක්ෂයේ අවධානයට යොමුවීම වැදගත්.

    යුද්ධ ජයග්‍රහණ සහ කුමන්ත්‍රණ කතා ඉහත පලමු පිරිස අතර එතරම් බලපෑම් සහගත නොවුනත් තවම දෙවන පිරිස මත බලපෑමක් කල හැකි තත්වයකයි තියෙන්නෙ. නමුත් ඒ සම්බන්ධ කැම්පේන් එකේ ප්‍රමුඛයන් රජයෙන් ඉවත්ව සිටින තත්වයක් තුල ඒ අදහස ග්‍රාමීය පිරිස් අතර පැතිරවීමත් ගැටළුසහගතයි. (මේ වෙනකොට බොදුබලය, රාවණාබලය සහ විමල් වීරවංශ පෙරමුණ තමන්ගෙ විශ්වසනීයත්වය දරුණු විදිහට නැති කරගෙන තියෙන්නෙ)

    ආණ්ඩුවට සම්බන්ධ වාචාලයන් කියන කතාත් විපක්ෂයට වාසි සහගත වන බවක් පේනව. ඒ වාසිය අත්කර ගන්න විපක්ෂයත් ශූර විය යුතුයි.

    විපක්ෂයෙන් කෙරෙන සමහර ෆේස්බුක් කැම්පේන්වල තවමත් වර්ගවාදී (ජාතිවාදී ආගම්වාදී හෝ ස්ත්‍රී විරෝධී) සටන් පාඨ ඉදිරිපත් කෙරෙනව. “ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය තුළ ඉදිරිගාමී අදහස් ජනතාව අතර ගොඩනැගීම“ කියන කාරණාවෙදි මේ සම්බන්ධයෙනුත් විපක්ෂය සැලකිලිමත් විය යුතුයි.

    ReplyDelete
  9. 2010 හිටපු මැතිවරණ කොමසාරිස් දැන් ඉන්නෙ කොහෙද?

    ReplyDelete
    Replies
    1. අපේ මාරයා අයියාගෙ ගෙදර. මාරයා අයියා එයාට බුරියානි හදලා දෙනවා කන්න.

      Delete
  10. ඇත්ත.. තමන් කාටද චන්දෙ දෙන්නෙ කියල වැඩි හරියක් තීරනය කරලා ඉවරයි. මට නම් එදිනෙදා මුනගැහෙන බහුතරයක් 75% මෛත්‍රී ට. විවිධ තරාතිරම් වල අය. ඔය ග්‍රාමීය ජනතාව මහින්දට කියලා යන කතාව ඒ ගොල්ලන්ගෙ ඉලෙක්ශන් කැම්පේන් එකේ කොටසක්. මගේ ඉල්ලීම කිසිවෙක් දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ ප්‍රචාරනයේ කොටස් කරුවන් වෙන්න එපා. කාටද වාසි යන්න විග්‍රහ කිරීම නොව, කලයුත්තේ තමන් සපුරා මේ පාලනයට එරෙහි බවත්, මෙම දෙපිලේ තරඟයේ නරඹන්නන් නොව, මෛත්‍රී පිලේ කොටස්කරුවන් බව අවධාරනය කරමින් පෙනීසිටීමයි.

    ඊනියා පොදුජනතාව (ඔවු තවමත් ඊනියා තමයි ) මේ ගොල්ලො අධිවේගී මාර්ග, ජල සම්පාදන ව්‍යාපෘති වලින් ගහන ගැහිල්ල කෙසේ වෙතත්, කටවුට් ගැහිල්ල වගේ ඒවා ගැන පොඩි විචිකිච්චාවක ඉන්නේ. ඒවගේ ගම්සබා වර්ගයේ දේවල් කැපිටලයිස් කිරීම අනිවාර්ය අවශ්‍යතාවයක්.

    මෙන්න මගෙන් ස්ලෝගන් කීපයක්...

    කටවුටයා අපට එපා!
    කටවුට් මහින්ද ගෙට් අවුට්!!!

    - Dimithri

    ReplyDelete
    Replies
    1. අජිත්, කලින් කොමෙන්ටුවේ පලමු චේදයේ අදහස තරමක් අපැහැදිලිවයි ලියවුනේ. එම මුලු කොමෙන්ටුවම මකාදමන්න.

      - Dimithri

      ඇත්ත.. තමන් කාටද චන්දෙ දෙන්නෙ කියල වැඩි හරියක් තීරනය කරලා ඉවරයි. මට නම් එදිනෙදා මුනගැහෙන බහුතරයක් 75% මෛත්‍රී ට. විවිධ තරාතිරම් වල අය. ඔය ග්‍රාමීය ජනතාව මහින්දට කියලා යන කතාව මහින්ද පක්ශයේ ඉලෙක්ශන් කැම්පේන් එකේ කොටසක්. මගේ ඉල්ලීම කිසිවෙක් දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ ප්‍රචාරනයේ කොටස් කරුවන් වෙන්න එපා. කාටද වාසි යන්න විග්‍රහ කිරීම නොව, කලයුත්තේ තමන් සපුරා මේ පාලනයට එරෙහි බවත්, මෙම දෙපිලේ තරඟයේ නරඹන්නන් නොව, මෛත්‍රී පිලේ කොටස්කරුවන් බව අවධාරනය කරමින් පෙනීසිටීමයි.

      ඊනියා පොදුජනතාව (ඔවු තවමත් ඊනියා තමයි ) මේ ගොල්ලො අධිවේගී මාර්ග, ජල සම්පාදන ව්‍යාපෘති වලින් ගහන ගැහිල්ල කෙසේ වෙතත්, කටවුට් ගැහිල්ල වගේ ඒවා ගැන පොඩි විචිකිච්චාවක ඉන්නේ. ඒවගේ ගම්සබා වර්ගයේ දේවල් කැපිටලයිස් කිරීම අනිවාර්ය අවශ්‍යතාවයක්.

      මෙන්න මගෙන් ස්ලෝගන් කීපයක්...

      කටවුටයා අපට එපා!
      කටවුට් මහින්ද ගෙට් අවුට්!!!

      - Dimithri

      Delete
    2. මෙන්න හැම කෙනෙක්ම කියවිය යුතු අදහස් ගොඩක්..

      වෙනසට බය ඇයි?
      http://c-u-l-t.blogspot.com/

      - Dimithri

      Delete
    3. මේ මහත්මයගේ ගණන් හැදීමේ තියෙන පළමු වරද තමයි ප්‍රතික්ෂේපිත සහ ප්‍රකාශිත නොවන ඡන්ද සියල්ල සිංහල ඡන්ද ලෙස පමණක් ගණන් ගැනීම. එහෙම වෙන්න විදියක් නැති නිසා ඔය අප්‍රකාශිත ප්‍රමාණයට සුළු ජාතික ඡන්දත් එකතු කලාම එකී සුළු ජාතික ඡන්ද ප්‍රමාණය ඡන්ද ලක්ෂ 28-29 ක් වන්නේ නැත. විශේෂයෙන්ම උතුරේ ඡන්ද වැටීම ඒ තරම්ම සාර්තක නොවන නිසාත් මේ දේ සිදු වේ. එම තත්වයද මත ගිය වර ජනාධිපතිවරණය තුලදී ප්‍රකාශිත ඡන්ද වලට අනුව කල දළ ගණනය කිරීම් වලට අනුව ප්‍රකාශිත ඡන්ද වලින් ඡන්ද ලක්ෂ 19 ක් පමණ සුළු ජාතික ඡන්ද විය. එම නිසා නැවත එකී දත්තය ඇතුලත් කොට මෙම ගණන සාදා බලන්න.

      එසේම සුළු ජාතික ඡන්ද අතුරින් බහුතරය මරාට විරුද්ධ බව සැබෑය. එහෙත් මරාට විරුද්ධ පාර්ශවයට සුළු ජාතික ඡන්ද වලින් 75%ක ප්‍රතිශතයක් ලබා ගැනීම අසිරුය. එය උපරිම සියයට 65-70 ත් අතර පවතී. කැමතිනම් මෙම සාධකයත් සලකා බලා නැවත ගණන් සාදන්න.

      (ඉහත කරුණු දෙකටම අනුව අප විසින් කර ඇති ගණනය කිරීම් වලට අනුව මරාට විරුද්ධව ගිය වර ප්‍රකාශය තිබූ උපරිම සුළු ජාතික ඡන්ද ප්‍රමාණය ලෙස සැලකිය හැක්කේ ලක්ෂ 12 ත් 14 ත් අතර ප්‍රමාණයකි.)

      එජාපයේ ඡන්ද ප්‍රමාණය පිළිබඳ ගණනය කිරීම නිවැරදි වන මුත් ඇතැම් විට මෛත්‍රී/චන්ද්‍රිකා/මංගල යන ත්‍රිත්වය පිළිබඳව ඇති සාධාරණ සැකය මත ඔය ඡන්ද ලක්ෂ 25න් සැලකිය යුතු ප්‍රමාණයක් නොවැටීමට ඉඩ ඇත. එසේ අඩු වීම විය හැකිම තත්වයක් වූවද සැකයේ වාසිය මෛත්‍රීට ලබා දී අප එම ලක්ෂ 25 එසේම ඉතිරි කරමු.

      එසේ උපරිම වාසිය දුන්නත් මෛත්‍රීට ඒ වන විට ලැබී ඇත්තේ ඡන්ද ලක්ෂ (14+25) 37 කි.

      ගිය වර වලංගු සමස්ථ ඡන්ද ප්‍රමාණය ඡන්ද ලක්ෂ 104 ක් පමණ වේ. ඒ අනුව සියයට 50 ක් ලබා ගැනීමට සඳහාත් තව ඡන්ද ලක්ෂ (52-37) 15ක අඩුවක් පවතී. මෙය ලබා ගත හැකි ක්‍රමය අපැහැදිලිය. ගිය වර ජනාධිපතිවරණය තුල ප්‍රකාශිත ඡන්ද ඇතුලේ ජවිපේ ඡන්ද තිබීම නිසා එම ඡන්ද මෙවර අමුතුවෙන් එකතු කිරීම කල නොහැකි අතරම බොහෝ විට ජවිපේ ඡන්දය වර්ජනය කිරීම හරහා ගියවරටත් වඩා ඡන්ද ප්‍රමාණයක් අඩුවීමට හැකියාව ඇත. හෙළ උරුමය එකතු වීම තුලින් එම ප්‍රමාණය නැවත ආවරණය වනවා යැයි සිතුවත් ඡන්ද ලක්ෂ 15ක් අමුතුවෙන් එකතු කර ගැනීම යනු පහසු කටයුත්තක් නොවනු ඇත. චන්ද්‍රිකා සහ මෛත්‍රී නිසා වෙනස් විය හැකි ඡන්ද ප්‍රමාණය ඉතාම අල්පය. එම ඡන්ද ප්‍රමාණය ලක්ෂ 3 ක් පමණ යැයි උපරිම ලෙස ගණනය කල හැක. (පොලොන්නරුව අනුරාධ පුරය සහ අත්තනගල්ල) එය ලක්ෂ 3ක් ලෙස නොව තවත් වැඩි වාසියක් දී ලක්ෂ 5ක් කලද තවත් ලක්ෂ 10ක හිඟයක් පවතී.
      ගිය වර මරා සහ සරත් ෆොන්සේකා මහත්මා අතර ඡන්ද පරතරය ලක්ෂ 19 ක් පමණ වූ බවත් මතක් කල යුතුය. එම පරතරය පියවා ගැනීමට නම් මෙයට වඩා සාර්ථක වැඩ පිළිවෙලක් අවශ්‍ය වේ. මගේ පෞද්ගලික අදහස නම් එය මේ වාතාවරණය තුල සිදු කල නොහැකි බවය. සමස්ථ ප්‍රතිඵලය ෆොන්සේකා සහ මරා අතර තිබූ තරමටවත් සාර්ථක විය නොහැක.

      (ප්‍රධාන මුලාශ්‍රය - http://www.slelections.gov.lk/presidential2010/AIVOT.html )

      Delete
    4. Dimitri, ඔයාගේ 75% හැදුනේ කොහොමද කියල දන්නේ නෑ. මෙතෙක් කල් ඔයා දැරූ අදහස් අනුව මම උපකල්පනය කරනවා ඇත්ත කියනවා කියල. නමුත් එස්.එෆ්. ඉල්ලනකොට මම චන්දෙ දුන්නේ මහින්දට, මගේ ඔෆිස් එකේ හිටපු උන් ඔක්කොම වගේ එස්.එෆ් ට, ප්‍රතිශතය ගත්තොත් 90% වැඩියි. එත් අන්තිම රෙසල්ට් එක ඔයා දන්නවනේ. එක හින්ද මම කියන්නේ කියනවනම් හරියට ෆැක්ට්ස් එක්ක කියන්න. statistics වල sampling කියල concept එකක් තියෙන්නේ එකයි. නැත්නම් නිකම්ම කියන්න මම මෛත්‍රීට චන්දෙ දෙනවා, උබලත් දීපල්ලා කියල. නැත්නම් වෙන්නේ ඔයාගේ talks වල creadibility එක නැතිවෙන එකයි.

      -ප. ගො.

      Delete
    5. /මට නම් එදිනෙදා මුනගැහෙන බහුතරයක් 75% මෛත්‍රී ට/

      ඒ කියන්නේ මෛත්‍රී මේ පාර දිනන්නේ 70% ටත් උඩින්. සීලරතන හාමුදුරුවන්ටයි, දුමින්ද නාගමුවටයි පොඩි ගානක් ගිහින් නරක් වෙච්ච ටිකත් අයින් උනාම ලොක්කට 25% ගන්නත් බෑ.

      මට නම් පිස්සු වගේ ඕයි.

      දිමිත්‍රි,

      ඔබට එදිනෙදා මුණගැහෙන බහුතරය සමාජයේ හරස්කඩක් නොවේ. මේ සමාජයේ බහුතරය අඩු වැඩි ලෙස සොරකම් කරන හැමදේටම ෂෝට්කට් හොයන පිරිසකි. නමුත් පෙනී සිටින්නේ බිම තිබී ඇහිඳින අල්පෙනෙත්තක් උනත් පොලිසියට ලියා බාරදෙන පරම පවිත්‍ර සාධු චරිත ලෙසය. ලඟදි කමෙන්ට් එකකුත් එහෙම කෙනෙක් දාලා තිබ්බා ඇනෝ ඇවිත්. අඩුමගානේ වැඩකරන තැන කියන්න කිව්වම මිනිහ හොයාගන්න නෑ. අපේ ඉතා බුද්ධිමත් චන්දදායකයොත් ඒ වගේ තමයි.

      නිසැකවම මහින්ද පරාජය කල යුතුය. ඒ ඔබේත් මගේත් සිහින ලෝකය තුල හෝ ඉහල පන්තියේ සමාජ ශාලාවලදී නොවේ. එනිසා අපි යථාර්තයට මුහුණ දිය යුතුය. ඔබට හමුවුණු සමහරු ගැන මෙහෙම හිතෙනවා මට

      1. කොළඹ වැඩකරන නුවර පැත්තේ එවුන් මෛත්‍රීට පන දෙන්න වගේ ඉඳන් චන්දෙ දවසේ ගිහින් මහින්දට දෙනවා නුවරට හයිවේ එක හදාගන්න.
      2. මහින්ද විදේශ සේවයට කරපු දේ ගැන කලකිරීමෙන් මෛත්‍රීට බොක්ක දෙන සයිස් එකෙන් ඉන්න සමහරු පස්ස දොරෙන් සිංගප්පූරුවේ එම්බසියේ ජොබක් සජින් සෙට් කරලා දුන්නම මහින්දට චන්දෙ දීලා පෙබරවාරි ඉඳල සින්ග යනවා.
      3. චීන්නු ගෝල්ෆේස් එක පුරවලා කරන විනාසේ නිසා මහින්දව එපා වෙච්ච සමහරු ගල් කොරියක ලයිසන් එකක් ගන්න මහින්දට චන්දෙ දෙනවා.

      මේ වගේ කට්ටිය ඕන තරම් ලියන්න පුළුවන්. ඒ හින්දා අර අපේ කලින් දවසක් කමෙන්ට් කරපු පරම පිවිතුරු ඇනෝලට කතාකරන අතරේ මේ නරක මිනිස්සුන්ට කතාකරේ නැත්නම් මේ පාරත් කියන්න වෙන්නේ කම්පියුටර් ජිල්මාට් කියල තමයි.

      Delete
    6. 2010 දී ෆොන්සේකා චන්ද ලක්ෂ 7කින් දිනුම්, ඒකයි ඇත්ත ප්‍රතිඵලය. දැන් කරන්න තියෙන්නෙ මේ පාර චන්දෙ මහින්දට මංකොල්ල කන්න නොදී කරන්නෙ කොහොමද කියල සැලසුම් කරන එක

      Delete
    7. https://www.youtube.com/watch?feature=player_embedded&v=_u8eMG3Oa54

      Delete
    8. AnonymousDecember 2, 2014 at 2:58 PM
      ඔය කියන්නෙ වැටුන චන්ද ගැන නෙවෙයි, 2010 මහින්ද දිනනව කියල විතරයි.

      Delete
    9. 2010 මහින්ද දිනුම් නම් මැතිවරණ කොමසාරිස්ට එච්චර අමාරු උනේ ඇයි?

      Delete
    10. /2010 මහින්ද දිනුම් නම් මැතිවරණ කොමසාරිස්ට එච්චර අමාරු උනේ ඇයි?/

      දැන් එහෙනම් මේ පාරත් එහෙම වෙයිනේ.

      මහින්ද පරදිනවා. චන්ද කොමසාරිස්ට අමාරු වෙනවා. මහින්ද දිනනවා.

      මහින්ද එහෙනම් මේ රට වටේ කටවුට් දාගෙන සල්ලි බෙද බෙද චාටර් කන්න ඕන නෑනේ.

      Delete
    11. මම 75% මෛත්‍රීට කිව්වෙ මාකට් රිසර්ච් එකක් කරලා හරි, චන්ද සංඛ්‍යාවන් ගනනයකින් හරි නෙවෙයි. මම කිව්වෙ මට එදිනෙදා මුනගැහෙන විවිධ තරාතිරම් වල අය හතරෙන් තුනක්ම මෛත්‍රී ට බව මගේ නිරීක්ශනය බවයි. අනික මම නිරීක්ශනය කලේ කාර්යාල වල, දුම් රියේ බස් රියේ, ත්‍රිරෝද රියේ, සාමාන්‍ය වෙලෙන්දන්, ශිශ්‍යයන්, වෘත්තිකයන්, විශ්‍රාමිකයන් ඇතුලු බහුතරයක්. මට හමු උන දමල සහ මුස්ලිම් ජාතිකයන් 100% මෛත්‍රීට. ඇත්ත.. අවංකවම මම මේ වෙනසින් උද්දාම වෙලා ඉන්නෙ. ඒක තවදුරටත් හීනයක් නොවෙයි. රාජ්‍ය ප්‍රොපගැන්ඩාවට අහුවෙන්න සහ ඒකෙ කොටස් කාරයෙක් වෙන්න එපා.

      පගෝ, මෛත්‍රී සහ සරත් ෆොන්සේකාගේ වෙනස සරත් ෆොන්සේකාම කොහේද කියලා තිබුනා. ගියවතාවෙ SF ට 90% ? ඒක නම් ටිකක් එක්සැජිරේටඩ් නේද?

      මම Anonymous December 2, 2014 at 2:42 PM කියන දේවල් සම්පූර්නයෙන් නෑ කියන්නේ නැහැ. මම කියන්නෙ ඒ අය සදාකාලිකව එහෙම ඉඳියි කියල කියන්නත් බැහැ.

      - Dimithri

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා