පුහුල් හොරා (මහින්දානන්දගේ) කරෙන් දැනේ

රජයේ දේශපාලකයන්ට එරෙහිව තිබෙන අල්ලස්, දූෂණ චෝදනා ගැන විධිමත් අන්දමින් පරීක්ෂණ සිදු නො වීම නිසා පහත වීඩියෝවේ ඇති දර්ශනය වැනි තත්වයන් ඇති වී තිබේ.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ස්වාධීන ආයතනයක් නො වීම පිළිබඳ ගැටලුව ද මෙහි තිබේ. කොමිසමේ සභාපතිවරයාට එරෙහිව ඇති අල්ලස් චෝදනාවක් ගැන ද හරි හමන් පරීක්ෂණයක් සිදු වන්නේ නැත.

මහින්දානන්දට කේන්ති යන්නේ ඇයි? මේ චෝදනාව බොරු ද? තමන් උපයා ගත් වත්කම් සාධාරණ ආකාරයට ම ඉපැයූ ඒවා බව ඔප්පු කිරීමට ඔහුට පුළුවන් ද? 

බැලූ බැල්මට ඇති සාක්ෂි මත චෝදනා ඉදිරිපත් කරන්නට ජනතාවට හැකි විය යුතු ය. නිර්දෝෂීභාවය ඔප්පු කිරීම මහජන නියෝජිතයන්ගේ වගකීමකි. ජනතාව චෝදනා ඔප්පු කළ යුතු නැත. ජනතාවට එය කළ නො හැකි ය. ජනතාව ඒ සඳහා වගකිව යුතු ආයතන පත් කර නඩත්තු කරයි. නියෝජිතයන් ඒ ආයතන කිඩ්නැප් කර තිබේ නම් එහි වරද ජනතාවගේ නො වේ.

ආණ්ඩුවට සම්බන්ධ දෙරණ රූපවාහිනියේදී ඔහුට ඇන්නවීමේ වැඩේ ආණ්ඩුවේ ම ඇතුළේ වැඩක් වන්නට ද පුළුවන. දෙරණට ලයිසන් දුන්නේ ආණ්ඩුව නො වේ. මේ රටේ රජයයි. රජය හා ආණ්ඩුව යනු දෙකකි. ඒ නිසා මෙතැන කන්න දීපු අත හපා කෑමක් නැත. බල්ලෙකු සේ බුරන්නට ගොස් නාගත්තේ මහින්දානන්ද ය.

ජනතාව මේ දේශපාලකයන් ද, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ද, සමස්ත අධිකරණ පද්ධතිය ම ද, ජනමාධ්‍ය ද සැක කරති. එය වහා වෙනස් කළ යුතු තත්වයකි. 

ජනාධිපතිවරණයේදී ඔබේ ඡන්දය ඒ වෙනුවෙන් පාවිච්චි කරන්න. ජනාධිපතිවරණයෙන් පසු ද එම තත්වය ඇති කිරීමේ සටන අත නො හැර ගෙන යන්න. 
 



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Replies
    1. රටේ ප්‍රශ්න ගැන උදාසීන, මේවගේ සංවාදයක් යන තැනකට, ඇවිල්ලත් එක දෙක වෙන්න හදන, උඹල වගේ බත්බැලයෝ නිසා තමා මේ රටේ ඉන්න ගෞරවනීය, සාදාරන මිනිස්සුන්ටත්, සාධාරණ රටක් නැතිවෙලා තියෙන්නේ, අයෙත් ඉස්කෝලේ ගිහිල්ල අඩුතරමේ තමන්ගේ පාඩුවේ ජීවත් වෙන්න විදිහ වත් ඉගනගන්න බලපල්ලා

      Delete
  2. අනේ අහිංසක ඇමතිතුමා !!! බය්සිකලේ ගිය කලේ වගේ නෙවෙයි, දැන් හරියට කේන්ති යනවා වගේ නේද ?

    ReplyDelete
  3. /ජනමාධ්‍ය ද සැක කරති./

    සැක නෙවෙයි ඕකුන්ව සත පහකට විස්වාස කරන්න හොඳ නෑ. බෝතලයක් දුන්නම ඕන මගුලක් ලියනවා.

    ReplyDelete
  4. mama you tube wala denui meka dekke,(10.42am) "Puhul hora karin dene" wagema Thoppiya harinisa dagaththa wennaethi.Mun hema TV wadayaka mewidiyata alakarala palayanawa/yanna wela. Wathman Basawen Sudu kodi penawa ethi.okak hari sasalaweemak nam pahadilyi(Ranjan-düsseldorf)

    ReplyDelete
  5. අඬන්නට හිටපු එකාට මාතර සුනිල් කෙලමෝලෙන් ඇන්න වගේ වැඩක් කලේ. ඒ ගලේම ගහල රිචඩ් පතිරනගෙ රෙදිත් හෝදගන්න බැලුව.හොරු හොරකං කරනවද අහුවෙන්න. මේ ගමේ ගොඩේ ගෙදරකට පනින හොරෙකුත් හොරකං කරන්නෙ අත් දෙකට ග්ලවුස් දාල ඇඟිලි සලකුණු හිටිනවට.සාක්කි කෝ කියල අහන්නෙත් හොරුම තමයි. තමන්ගෙ හෘද සාක්කිය තමයි සාක්කිය. ඒ වගේම දන්නෝ දනිති බුදුන්ගේ ගුන කිව්වලු.

    ReplyDelete
  6. මු කියන්නේ ලයිසන් දුන්න නිසා ආන්ඩුවට කඩේ යායුතුයි කියලයි, ලැජ්ජානැතිව ඒක කියපු හැටි ! හරිම හිරිකිතයි. අනෙක රෝයල් එකට යන්නේ පරංපරාවෙන් සල්ලිකාරයෝ විතරද ? හොරකම ඉස්කෝලේ නමට යට කරන්නත් බලනවා.

    ReplyDelete
    Replies
    1. මහින්දානන්දයා හිතන්නේ රෝයල් කියන්නේ අං තට්ටුවක් කියලා. නොදකින් මුන්ව ආපහු හෝඩියේ ඉඳන් ඉස්කෝලේ යවන්න ඕන. ඌ ඒක කියපු කැත.

      Delete
    2. මචං, මෙතන හිටපු රමේෂ් පතිරණ කියන එකාගේ තාත්තා රිචඩ් පතිරණ ඇමති කාලේ බීගෙන ඇවිත් අහුංගල්ලේ ට්‍රයිටන් හොටෙල් එකේ ස්විමිං පූල් එකට සරම උස්සලා චූ කළා. මේ සිද්ධිය Sunday Times පත්තරේත් වාර්තා කරලා තිබුණා.

      Delete
  7. //එසේම, මහින්ද රාජපක්ෂට සහයෝගය දෙන, එහෙත්, අප විසින් මතු කරන අරගලයන්ට එකඟ ආණ්ඩුවේ පක්ෂ සමග ද සම්මුතියකින් කටයුුතු කිරීම වැදගත් ය. ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජය ගැනීම ප්‍රගතිශීලී බලවේගවල සම්පූර්ණ පරාජයක් කර නො ගැනීමට වග බලා ගැනීම වැදගත් ය. ඔහු ජය ගත්තත්, වෙනස් වීම සඳහා ඔහුට බල කෙරෙන සංදර්භයක් තුළ එය සිදු වන්නට වග බලා ගත යුතු ය.// ගිය සතියේ මහින්දට සහය දක්වනව කියල මේ සතියේ මොකෝ සද්ද නැත්තේ ? පුක මුට්ටු වෙන්න අහගත්තා නිසාද ? අනේ තොපි වගේ කොන්දක් නැති පරයෝ. දැන් බොරුවට ටෝක් දෙනවා.

    ReplyDelete
  8. මේ රෝයල් කියන්නෙ අපේ මාතලනුත් ගිය අර පට්ට ඉස්කෝලෙ නේද? අපිට නම් ඉතින් හීනෙන් වත් පේන්නෙ නෑ ඒ වගේ ඉස්කෝලයක්.

    ReplyDelete
    Replies
    1. අපේ ජනාධිපති තුමා වගේ තර්ස්ටන් ගියා නං පිරිසිදු දේශපාලනයක් කරන්න තිබ්බ

      Delete
  9. මහින්දානන්ද හොරකම් කළාට ජනාධිපතිතුමා මොනව කරන්නද බං? අපේ මාරයා අයියා වගේ මේ සැරෙත් එතුමට ඡන්දයක් දෙමු. නැත්නම් අර යූ එන් පී එකේ හොරු සෙට් එක රට කනවා.

    ReplyDelete
  10. ජනතාව මේ දේශපාලකයන් ද, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ද, සමස්ත අධිකරණ පද්ධතිය ම ද, ජනමාධ්‍ය ද සැක කරති. එය වහා වෙනස් කළ යුතු තත්වයකි.

    ජනාධිපතිවරණයේදී ඔබේ ඡන්දය ඒ වෙනුවෙන් පාවිච්චි කරන්න. ජනාධිපතිවරණයෙන් පසු ද එම තත්වය ඇති කිරීමේ සටන අත නො හැර ගෙන යන්න.

    ReplyDelete
  11. ෆයිල් රකින මහින්දත් කොරවෙලා. ෆයිල් තියෙන මහින්දානන්දත් චොර වෙලා. මේවට තමයි ගෙදර පයිප්ප තියෙද්දි, පාරේ පයිප්පෙන් නානවා කියන්නේ. එතකොට ඇට දෙක හෝදගන්න වෙන්නේ රටටම පේන්න.

    ReplyDelete
    Replies
    1. නියම කථාව මචං !!! හුගාක් දෙනෙකුට නොතේරෙන්නෙත් ඕකම තමා. ලොක්ක ඔන්න දැන් කියනවා එයා කිව්වේ කැබිනේටුවේ file ගැනලු !!!!

      Delete
  12. Samaharakta thamaage desapaalana hurathally uge athea runnath raththaran wage watina bawa samahara comment walin pasak wea.

    ReplyDelete
  13. මහින්දානන්ද ගේ හැසිරීම මේ රටේ සමස්ථයේ මානසිකත්වය පිළිබඳ දර්ශකයක්. මේ රටේ බොහොමයක් ජනතාවට එක්කෝ ඒ හැසිරීම සිනාසී ආතල් එකක් ගෙන අගය කළ යුතු එකකි, නැතහොත් "අවුලක් හෝ අපුලක්" නොගෙනෙන සාමාන්‍ය දෙයකි. ජනතාවට ගැලපෙන පාලකයින් ලෙස මහින්ද ඇතුළු ඔය වර්ගයේ පක්ෂ, විපක්ෂ බහුතර නායකයින් පිරිසකට මෙ රටේ පැවැත්මක් ඇත්තේ එනිසාය. උහු වචනයේ පරිසමාප්තයෙන්ම "ජනතා නියෝජිතයෝ" ය.....!!!

    ReplyDelete
    Replies
    1. ගොන් චූන් හැර අන් කවරක්ද....වැඩක් නැති හාල් පාරුවන් මිස කෝ සංවාද?

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා