තිස්සගේ පිම්ම මහින්දගේ සාර්ථක ප්‍රතිප්‍රහාරයක් ද? දේශපාලන අධමත්වයේ ප්‍රදර්ශනයක් ද?

තිස්ස අත්තනායක හා චන්ද්‍රානි බංඩාර ආණ්ඩුවට එක් වී ඇති බව වාර්තා වේ. 

එය මහින්ද රාජපක්ෂගේ සාර්ථක ප්‍රති ප්‍රහාරයක් ලෙස බැලූ බැල්මට පෙනේ. අපේ ලේකම් තොපි ගත්ත නිසා අපි තොපේ ලේකම් ගත්තා. මෙහිදී තිස්ස අත්තනායකට කීයක් ගෙව්වා ද යන්න තවම හෙළි වී නැතත්, එය පොඩි ගණනක් වන්නට බැරි ය.

මේ දේශපාලන න්‍යාය කුමක් ද? මෙය දේශපාලන න්‍යායක් නොව පාතාල චන්ඩින්ගේ න්‍යායකි. මෙමගින් ඇත්තෙන් ම පෙන්වන්නේ මහින්ද රාජපක්ෂ පාලනයේ තිබෙන ඒකාධිපති, අත්තනෝමතිකත්වය මිස වෙන කුමක් ද? 

මෛත්‍රීපාල විපක්ෂ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම හා තිස්ස අත්තනායක ආණ්ඩුවට එක් වීම සමාන ප්‍රතිවිරුද්ධ ක්‍රියා දෙකක් ලෙස දැකිය හැක්කේ දේශපාලනික අමනයන්ට පමණි. 

මෛත්‍රීපාල ආණ්ඩුවෙන් එළියට එන්නේ අභියෝග රැසක් භාර ගනිමිනි. රාජපක්ෂවාදයේ අධමත්වය හමුවේ ජීවිතය පරදුවට තබමිනි. ඔහු පැමිණ නායකත්වය දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය පිහිටුවීමේ ඓතිහාසික අරගලයකටයි. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම එහි ප්‍රධාන අරමුණකි. එහිදී මෛත්‍රීපාල කියන පුද්ගලයා අමතක කර දැමිය හැකි ය. හේතුව, ඔහු ස්ථානගත වන්නේ දැවැන්ත සමාජ උවමනාවක් වෙනුවෙන් නිසා ය. 

තිස්ස අත්තනායක ආණ්ඩුවට යන්නේ කුමක් කියාගෙන ද? ඔහුට තිබෙන ප්‍රශ්නය වන්නේ මහින්ද රාජපක්ෂ පන්නයේ එජාප ආණ්ඩුවක් පිහිටුවාගෙන එහි නායකයකු වී මේ අධම ක්‍රමය තව දුරටත් පවත්වා ගැනීමට බැරි වීමයි. 

අප මෙවැනි සිද්ධි විනිශ්චය කළ යුතුව තිබෙන්නේ රාජපක්ෂවාදය විසින් අපට සපයා දී තිබෙන කණ්ණාඩියෙන් බලා නො වේ. 

තිස්ස අත්තනායකගේ පිම්ම අන්ත ප්‍රතිගාමී එකකි. එයින් නිරූපණය වන්නේ මේ දූෂිත, අධම දේශපාලන ක්‍රමය වෙනස් කිරීම කෙතරම් අත්‍යවශ්‍ය කාරණයක් ද යන්නයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. කමක් නෑ පැරා. තව මාසයයි නේ. පුළුවන් තරං සමාජයේ ඉන්නා අය සමග කුඩා කුඩා ක්ෂුද්‍ර සංවිධාන පිහිටුවා ගෙන මයිත්‍රීපාල සිරිසේන මහතා සිදුකිරීමට යන දැවැන්ත සමාජ හිතකර වැඩ පිළිවෙල ගැන පැහැදිලි කරන්න. ඒක තමයි හොදම දේ.

    කොහොමත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරදිනවා. එකේ කතා දෙකක් නෑ. හැබැයි ඒ කියල ගෙදරට වෙලා ඉදලා හරියන්නේ නෑ. මිනිස්සු දැනුවත් කරන්න ඕනි පුළුවන් තරං. ගැටුම් ඇතිකරගන්න එපා. මඩ ගහන්න එපා. එච්චරයි.

    ReplyDelete
    Replies
    1. තිස්ස අත්තනායක ආණ්ඩුවට ගියයි කියන ඒක ගැන මගේ අදහස නං මේකයි. දැන් ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න පැරණි දේශපාලන නායකයන් පක්ෂය ගැන කලකිරිලා ඉන්නවා කියන්නෙත් එජාපෙන් පැන්න උදවියට හොද හොද ඇමතිකම් දීලා තියන් ඉන්න හින්දා කියනවා නේද? එතකොට දැන් අද ආවයි කියන තිස්ස අත්තනායක මහතාට සෞඛ්‍ය ඇමතිකම දෙන්න යනවයි කියනවනේ. එතකොට දැන් ඒ ඇමැතිකමත් හම්බවෙන්නේ එජාපෙන් ආපු කෙනෙක්ට. ඕකෙන් ආණ්ඩුවේ ඉන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකන් තවත් කලකිරෙනවනේ. ඕකෙන් වෙන්නේ මයිත්‍රීපාල මහතාට සහය දෙන්න තවත් ශ්‍රීලනිපයේ නායකන් පෙළඹෙන එක.

      -බුකියේ දැක්කේ.

      Delete
    2. මාරි කිදුරිDecember 8, 2014 at 2:37 PM

      වලංගු ජන්ද සංඛ්‍යාවෙන් 50.10% ගත්ත අපේක්ෂකයා දිිනුම්.
      වලංගු ජන්ද සංඛ්‍යාවෙන් 49.90% ගත්ත අපේක්ෂකයා පැරදී.
      හු..හූ..
      කොහොමද මගෙ ටිකිරි මොලේ !



      Delete
    3. *UNPයේ අය අාන්ඩුවට පනින්න පනින්න, ඹර්ජිනල් SLFPයේ සපොර්ට් ඒක මයිත්‍රීපාලට වැඩිෙවනවා. ( 1:2<)
      *පක්ෂ මාරුකරන MP ලා ජාතික මැතිවරනයකදී තමන්ගේ ජන්ද පදනම විනාශ කරගන්වා.
      *UNPයද දීර්ඝ කාලීන වාසි ලබනවා.
      උදාහරන-
      1.2015 දී UNPය හා SLFPය දේශපාලන පක්ෂ ලෙස reset වීම .
      (දැන් කඩවල් 2ක්)
      2.ජාතිවාදය අඩුවීම නිසා, සියලුු ජාතීන් ප්‍රධාන පක්ෂ( UNP / SLFP) සමග ඒකරාශි වීම.

      Delete
    4. කුඩු එතනෝල් ගණිකා දූෂණ තව කරන්න මහින්දම ගේන්න. ඌ මේව නැතිකරන් නෑ. කරන උන්ගෙ ගෙවල් වලට හෙලි කොප්ටරෙන් යනව.

      Delete
  2. “මෙහිදී තිස්ස අත්තනායකට කීයක් ගෙව්වා ද යන්න තවම හෙළි වී නැතත්“

    මෛත්‍රීට ගෙව්ව ගානට වඩා රුපියල් පහයි වැඩි.

    ReplyDelete
  3. තිස්සය පනින්ඩත් ඉස්සර පැරා පොස්ට් එකක් ලියල.
    කොහොමද දැනගත්තෙ කියන්නකො හොර ගෙඩිය.

    ReplyDelete
  4. Chanda padanamak neti minissu giyata kamak ne....

    ReplyDelete
  5. //මෛත්‍රීපාල විපක්ෂ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම හා තිස්ස අත්තනායක ආණ්ඩුවට එක් වීම සමාන ප්‍රතිවිරුද්ධ ක්‍රියා දෙකක් ලෙස දැකිය හැක්කේ දේශපාලනික අමනයන්ට පමණි.//

    අමනයන් තමයි වැඩිපුර ඉන්නෙ පැරා

    ReplyDelete
    Replies
    1. ඒ දැන්වීම ඔබ වෙත ගෙන් ආවේ රාජකාරි වෙලාවේ සුර් වී ඇතිකලයේ යෙදෙන රාජ්ජසේවයේ හිගන බත් බැලයෙකුගෙනි

      Delete
  6. විළිලැජ්ජාවේ සංතෝසේ බැරුවා...

    ReplyDelete
  7. "මෛත්‍රීපාල විපක්ෂ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම හා තිස්ස අත්තනායක ආණ්ඩුවට එක් වීම සමාන ප්‍රතිවිරුද්ධ ක්‍රියා දෙකක් ලෙස දැකිය හැක්කේ දේශපාලනික අමනයන්ට පමණි."
    නෑ පැරා දෙකම එකයි. ඔයාට ඒක පේන්නෙ නැත්තෙ අපට මහින්දගෙ කණ්නාඩියෙන් බලන්න එපා කිය කියා ඔයා මේ දවස් වල බලන්නෙ රනිල්ලගෙ,මෛත්‍රිලාගේ කණ්නාඩි වලින් නිසා. නමුත් අපේ ඇත්ත කණ්නාඩියෙන් ඒ කියන්නෙ පීඩිතයගේ කණ්නාඩියෙන් බැලුවම මේ ඔක්කොම එකයි. මුන් ඔක්කොම එකතු වෙලා අපට ගොන් ජෝක් දානව. පැරාල ඒකට කඩේ යනව. නිකමට කල්පනා කරල බලන්න ඔය පනින එකෙක්වත් පැන්නෙ, පනින්නෙ මේ අපේ ප්‍රශ්ණ විසඳන්නද? ඔය එකෙක්වත් මිරියබැද්දෙ යට වුණු මිනිස්සු ගැන හරි. දුක් විඳින වතු කම්කරුවො ගැන හරි, රට ගිහිල්ල මළ සිරුරු විදිහට එන අපේ කාන්තාවන් ගැන හරි, කන්න නැතුව දුක් විඳින මිනිස්සු ගැන හරි වචනයක් කතා කරනවද? එයාල කථා කරන්නෙ තමන්ට සිදු වුණු කෙනෙහිලිගැනයි, තනතුරු නොලැබුණු ඒවයි ගැන නෙවෙයිද? ඉතින් කොහොමද වෙනස් වෙන්නෙ.? අනේ පැරෝ....... කිසි විශ්වාසයක් තියන්න බැරි තමන්ගෙ බිස්නස් විතරක්ම කරන මේ ධනපති දේශපාලකයින්ට කඩේ යන එක නවත්වන්න. අමාරු වුණත් ඇත්ත විකල්පය හොයන්න try කරන්න

    ReplyDelete
    Replies
    1. //ඇත්ත විකල්පය හොයන්න try කරන්න//

      Delete
    2. ඇත්ත විකල්පය සොයා ගන්නවා කියන්නේ භාවනා කරලා බුද්ධත්වය ලබා ගන්නවා වගේ දෙයක් නෙමෙයි.

      දේශපාලනය කියන්නේ අපට දී තිබෙන සම්පත් භාවිතා කර සමාජය හොඳ අතට සංවර්ධනය කරන්නට උත්සාහ කිරීමයි.

      එහිදී එක, එක පුද්ගලයාගේ බර අපි කරට ගන්න ඕනැ නැහැ. ඒත්, කිසියම් අරමුණක් වෙනුවෙන් මේ ඉන්න දේශපාලකයින් පාවිච්චි කිරීමේ ඇති වරද මොකක් ද?

      ඇත්ත විකල්පය හොයනවා කිය කියා සමාජය පිරිහී විනාශ වී යන හැටි නැරඹීම දේශපාලනය නො වේ.

      අපි කරන්නේ දේශපාලනය මිස න්‍යාය ආවර්ජනය නො වේ.

      ඒ නිසා කඩේ යනවා ය කියා හැඟීමක් අපට නැත. අපි යන කඩේකුත් නැත.

      ඔබට මෙන් දේශපාලන කන්‍යාභාවයක වැදගත්කමක් ද අපට නැත.

      ඔබ කමෙන්ට් දමන්නේ නිර්නාමිකව ය. අපි දේශපාලනය කරන්නේ නමින් ම ය.

      Delete
    3. //ඔයාට ඒක පේන්නෙ නැත්තෙ අපට මහින්දගෙ කණ්නාඩියෙන් බලන්න එපා කිය කියා ඔයා මේ දවස් වල බලන්නෙ රනිල්ලගෙ,මෛත්‍රිලාගේ කණ්නාඩි වලින් නිසා. නමුත් අපේ ඇත්ත කණ්නාඩියෙන් ඒ කියන්නෙ පීඩිතයගේ කණ්නාඩියෙන් බැලුවම මේ ඔක්කොම එකයි. මුන් ඔක්කොම එකතු වෙලා අපට ගොන් ජෝක් දානව//
      ඔහේගෙ විසඳුම මොකක්ද කියන්න පුළුවන්ද ඇනෝ?

      Delete
    4. //ඔහේගෙ විසඳුම මොකක්ද කියන්න පුළුවන්ද ඇනෝ?// රාජ් මේ එක කාණ්ඩයක් ඉන්නවා මේ දවස්වල ඒ අය ඇවිල්ල දෙන ලද ඕනෑම විසඳුමකින් සැහීමකට පත් නොවන අය එයාලගෙන් ඔයාගේ විකල්පය මොකද්ද කියල අහල වැඩක් නැහැ ඒ අයට ඕනෑ පැමිණිලි කරමින් සදා අතෘප්තිමත්ව ඉන්න එක. රෝග ලක්ෂණයකට තාර්කික පිළිතුරු හොයන්න එපා රාජ්. උන්ගෙන් අහන්න තියෙන්නේ ඔයි ...නැව ගිලිලා මුහුදේ මැද්දේ වතුරට වැටිලා ගිලෙන්න යන කොට අපි ලෑලි කෑල්ල ක හරි එල්ලිලා එතෙර වෙන්න තමයි බලන්නේ තොපි අපේ ලෑලි කෑල්ලේ හිල් හොයනවා ඕක නැවක් නොවෙයි එන්ජිමක් නැහැ රුවල් නැහැ තිබුන නැව ඊට වඩා හොඳයි .......අනේ පලයන් බං යන්න තොපිට ඕනෑ නම් සර්ව සම්පුර්ණ නැවක් ඇවිත් ජිවිතේ බේර දෙනකං ඉඳපන් දැනට අපි මේ ලෑලි කෑල්ලේ එල්ලෙනවා.

      Delete
    5. ලංකාවේ තරං දේශපාලනය ගැන කතාකරන රටක් ලෝකෙම නැතුව ඇති. ලංකාවේ තරං දේශපාලනය උණ තියෙන ජහමනතාවකුත් ලෝකෙම නැතුව ඇති. ඒවගේම ලංකාවේ තරං දහදුරා දේශපාලන මඩවලකුත් ලෝකෙම නැතුව ඇති. එක එක කාලෙට එක එකාට ලෑලි කෑලි වල එල්ලී එල්ලී කඩේ යන්නේ නැතුව හැමෝම තමන්ගේ වැඩක් බලාගෙන , පක්ෂ/විපක්ෂ දේශපාලන බත් ගොට්ටෝ නොවී හැකියාවෙන් ජිවත් වෙන්න ඉන්න ඉගෙන ගත්ත කාලෙට විකල්පයක් අවශ්‍ය නැති වෙයි.

      Delete
    6. ම.සො.පි,

      ලංකාවෙ තරම්ම සාක්ෂරතාව ඉතා ඉහල, ලංකාවෙ තරම්ම දේශපානය ගැන කතා කරන, ලංකාවෙ උන්ටත් වඩා නිව්ස් බලන, ප්‍රවෘත්ති කියන වචනෙ සිංහල අපිටත් දුන්නු, ලංකාවටත් වඩා දේශපාලනේ නිසා වැඩක් නොකෙරෙන සහ කරන්න නොදෙන රටක් නොවෙන රටක් තීනව. ඒ අපි වගේම උන් ඉන්න කේරළය.

      උදිත, අර ගංවතුරට කොටු වෙච්චි එකා දෙවියන් වහන්සෙම එනකල් බලා හිටි කතාව දන්නවනෙ. ඔය කියන උනුත් ඒ වගේ තමයි. උන්ට දෙය්යො එවපු බෝට්ටුව වැඩක් නෑ, ඕනෙ දෙය්යොම එන්න.

      Delete
    7. //හැමෝම තමන්ගේ වැඩක් බලාගෙන , පක්ෂ/විපක්ෂ දේශපාලන බත් ගොට්ටෝ නොවී හැකියාවෙන් ජිවත් වෙන්න ඉන්න ඉගෙන ගත්ත කාලෙට//
      මේ ක්‍රමය පිල්ලියකට අවුලක් නෑ. හැබැයි මනුස්සයෙකුට අවුල් නෙව ඒකයි.

      Delete
    8. @ඉන්දික
      හඃ හඃ දැනන් හිටියේ නැහැ. ඉස්තුතියි :)

      @රාජ්
      එහෙම තමයි අපිට ඩිමොක්‍රසි දුන්න සුද්දෝ නං ඉන්නේ රාජ්. බොරු නං කකාගෙන් අහන්නකො. එහෙම නොඉන්න එකේ වරද තමයි ඔය පේන්න තියෙන්නේ. කොහද ඉතිං කක්ක වලේ ඉන්න මිනිහට කක්ක ගඳ නෑ නේ. අනික මිනිහ විසඳුම් හොයන්නෙත් අත ලඟම තියෙන කක්ක පාවිච්චි කරලා හදා ගන්න පුළුවන් ඒවා නේ :)

      Delete
    9. 1980 ගණන් වල මම කොළඹ විශ්ව විද්‍යාලෙ ඉන්න කාලෙ බලවත් වෙලා හිටියෙ ජවිපෙ. හැම එකාටම ඕනැ කලේ ජවිපෙ පරද්දන්න. ඉතින් ජවිපෙට විරුද්ධ හවුලක් හැදුවා ඉතුරු ඔක්කෝම එකතු වෙලා. ස්වාධීන ශිෂ්‍ය සංගමේයි, යූ එන් පී එකේ සමවාදී එවුනුයි කොටින්ම නලින් ද සිල්වාගෙ චින්තන කාරයොත් හිටියෙ අපි එක්ක. අපිත් ඉතින් දන්න දහිරිය දාලා දිනෙව්වා. එච්චරම තමයි. වෙච්චි වැඩක් නම් නෑ. අපරාදෙ පැස්ටෝල්. නමුත් කැන්වස් කරන කොට නම් මාර සොමියක් තිබුණා. අද මෛත්‍රිගෙ හවුලත් ඒ වගේ තමයි. කැඳ හදන කල් ආඬි හත්දෙනාටම මාර සොමියක් තියෙන්නේ.

      Delete
    10. මිස්ටර් පැරකුම්, මහින්දට චන්දෙ දෙන උන්ගෙනුත් සමහරක් මහින්දට සපෝර්ට් කරන්නෙ ඔය පදනමින්ම තමයි. ඒ මිනිස්සු මහින්දව ‍තෝර ගන්නෙ මනුස්සය වඩාත් හොඳ විකල්පය නිසා මිසක් මහින්ද බුදුවෙලා හින්ද නෙමේ. ගැටළුව තියෙන්නෙ පැරාට ඒව නොතේරීම හෝ නොතේරෙන ලෙස සිටිම. පැරා ඒ මිනිස්සුන්ගෙ කන්‍යාභාවය හොයන්න යන්නෙ ඒකයි.

      Delete
  8. //මෛත්‍රීපාල ආණ්ඩුවෙන් එළියට එන්නේ අභියෝග රැසක් භාර ගනිමිනි. රාජපක්ෂවාදයේ අධමත්වය හමුවේ ජීවිතය පරදුවට තබමිනි.//

    ඔව්, පැරා.........
    මුදලට ගැනීමයි, රටේ කාලීන අවශ්‍යතාවයි කියන්නේ දෙකකි.

    ReplyDelete
    Replies
    1. ඔව් මෙයා. මහින්ද මාමි නරකම නරකයි. ඔයා එයාට කැමති නෑ නේද? ඔයා කැමති නැති හින්ද මාත් එයාට කැමති නෑ.

      Delete
  9. /මෛත්‍රීපාල විපක්ෂ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම හා තිස්ස අත්තනායක ආණ්ඩුවට එක් වීම සමාන ප්‍රතිවිරුද්ධ ක්‍රියා දෙකක් ලෙස දැකිය හැක්කේ දේශපාලනික අමනයන්ට පමණි. /

    දේශපාලන අමනයො කියන්නෙ කවුද පැරා? අර්ථ දක්වන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. බහුතර ජනතාවගේ සුබසිද්ධිය හා කැමැත්තට මෙන්ම කාලීන සමාජ අවශ්‍යතාවයන්ට පිටුපා තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍රයක්, පුද්ගලික වාසියක් සඳහා හෝ තමන්ගේ පැවැත්ම පමණක් ඉලක්ක කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදෙන එකා දේශපාලන අමනයෙකි.
      තවද, දිනන පැත්ත කුමක්දැයි බලා සිට, ඒ පැත්තට ඡන්දය දමා තම ඡන්දයට වටිනාකමක් දෙන්නට හදන එකාද පට්ට අමනයෙකි.

      Delete
    2. අර්ථකථන කියන්නේ එකිනෙකාට සාපේක්ෂ දෙයක් නේ. ඔබ කැමති අර්ථකථනයක් කර ගන්න.

      Delete
    3. දන්නෙ නැත්නම් දන්නෙ නෑ කියන්න පැරා දාර්ශනික පඬි ටෝක් නොදී.

      Delete
    4. @AnonymousDecember 8, 2014 at 1:39 PM,

      ලෝකයේ කිසිම කෙනෙක් අනුන්ගේ වාසියට දේශපාලනය කරන්නෙ නෑ. හැම එකාම දේශපාලනය කරන්නේ තමන්ගේ වාසියට විතරයි. එහෙම නම් හැමෝම දේශපාලන අමනයෝ. පැරා ලොකුම දේශපාලන අමනයෙක්.

      Delete
    5. /අර්ථකථන කියන්නේ එකිනෙකාට සාපේක්ෂ දෙයක් නේ./

      ගොනෝ

      එහෙම කැමති කැමති විදියට අර්ථකථන කරගත්තම හරිද? නිකමට හිතපන් තෝ "වේසි" කියන එක අර්ථකතනය කරගන්නවා උසස්ම වැදගත්ම කාන්තාව කියලා. ගෙදර ගිහින් පරණ පවකට තෝ එක්ක ආපු ගෑනිට උපරිම ගෞරවය දෙන්න හිතාගෙන "වේසි" කියපං. ඊට පස්සේ උඹේ අර්ථකථනය කියල දීපං.

      Delete
    6. මගේ යාළුවෙක් දාර්ශනික පඬි ටෝක් දෙන්න ගිහිල්ල මලා

      Delete
    7. ගෑණිට "වේ_" කියන්න ගිය මගේ යාළුවෙක් මෝල්ගස් පාරක් කාල මලා

      Delete
  10. Thissa Aththanayaka Den kaleka idanma karapu kiyapu dewala hetiyata.Oka pudumayak nowei,meeta kalinma giyanam thawath hondai.ugul atawa atawa innawata wada,MOKADA Mugatinta gal Adinna be ne.ewata ona Ali.

    ReplyDelete
  11. පැරා කියන එකේ පුංචි ඇත්තකුත් තියෙනවා.

    මෛත්‍රි පනින්නේ මහ භායනක පිම්මක්. පිම්ම වැරදුණොත් හත්මුතු පරම්පරාවටම රාජ උදහසට ලක් වෙන්නයි වෙන්නේ. මතකයිනේ සරත් ෆොන්සේකාගේ දුව බැඳපු ඉලන්දාරියාගේ මහළු ආච්චිවත් දවස් තුනකට රිමාන්ඩ් කරපු කෲර පාලනයක් මේක.

    තිස්සගේ පැනීමේ එහෙම භායනකත්වයක් නෑ. පැරදුණත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන්න පුළුවන්. අද වගේමයි. හැබැයි කෝටි කිහිපයක් වඩා පොහොසත්ව.

    ReplyDelete
  12. උඩ ඇනෝ කෙනෙක් කියලා තියෙනවා වගේ අමන කතාව නම් මටත් පිලිගන්න අමාරුයි. ඒක නිසාමයි මම කියන්නේ අපි ඔය එක පිලකවත් ඉන්න නරකයි. හැම එකාගෙම වැරැද්ද විවේචනය කලාම ඇති කියලා. තිස්ස අත්තනායකගේ පිම්මත්. ආන්ඩුව ඇතුලේ අවසාන මොහොත වෙනකම් ඉඳලා කාලා බීලා. නහයෙන් අඬන කාලකන්නින්ගෙත් කිසිඳු වෙනසක් මම නම් දකින්නේ නෑ. ඔය යහපත් සමාජේ ඇති කරනවා කියලා. මේ වගේම කළාකරුවෝ, ආචාර්ය මහාචාර්යවරු, සිවිල් පොරවල්, පත්තර වීරයෝම අරගෙන තමයි චන්ද්‍රිකා ආවෙත්, මහින්ද ආවෙත්, සිරිසේන කියන දේවල් වලින් පේන්නේ. එයත් අරුන්ගෙන් කිසි සේත්ම වෙනස් වෙන්නේ නෑ කියන එකයි. ඊඉටත් වඩා එක එක පදේට නටන අඬන වැලපෙන නායකයකුට වඩා. මේ සිස්ටම ඇතුලේ එකෙක්වත් පයිසෙකට ගනන් ගන්නේ නැති මදාවියෙක් ඉන්න එක මිනිස්සු හොඳයි කියලා හිතනවා ඇති. අපි බලමුකෝ මිනිස්සු මොකද කියන්නේ කියලා..

    ReplyDelete
    Replies
    1. අනික පැරාලා බලාපොරොත්තු වන සමාජවාදය කියන්නේ අමුම අමු මදාවි එකාධිපති පාළණයක් මිසක් වෙන කිසිවක් නෙමෙයි නේ. අඩු ගානේ මේකේ ආතල් එකකට හරි චන්දයක් තියෙනවා. මොනවා කලත් තාමත් මිනිස්සුන්ට නිදහසක් තියෙනවා.

      Delete
    2. //මේ සිස්ටම ඇතුලේ එකෙක්වත් පයිසෙකට ගනන් ගන්නේ නැති මදාවියෙක් ඉන්න එක මිනිස්සු හොඳයි කියලා හිතනවා ඇති.//
      ඔයත් ඒ සම හරක් හිතන තාලෙටම හිතන නිසා එහෙම එකෙකුටම ඡන්දෙ දීලා තමන්ගෙ ඡන්දෙට වටිනාකමක් දෙන්න මෙයා.. නොදන්න බහුබූත නොකියා.

      Delete
    3. රටේ ඉන්න කාලකන්නි මහජනතාවගේ ගොo මනසට ආමන්ත්‍රනය කරන හෑටි හොර මහින්දයා හොදට තේරුම්ගෙන තිබේ.
      අපේ චන්දදායකයිනුත් හරියට දෙමළ චිත්‍රපටි ප්‍රේක්ශකයින් වාගේය.
      මේ වගේ ගොන් චූන් සන්දර්ශන වලින් මිසක් මුන්ගේ බුද්දියට ආමන්ත්‍රනය කර චන්දේ ගත නොහෑකිය.(චන්දදායකයන්ට බුද්දියක් නෑතිනිසා වියහෑක )
      කුඩු දුමියාගේ බොඩියටද,පබාගේ තට්ටම්වලටද,මහින්දයාගේ රෑවුලටද ආදීවශයෙන් ඉතා ප්‍රාතමීක ඵ්වාද මෙවෑනි ගොන්චූන් සන්දර්ශනද දෙකතුනකට චන්දදායකයන්ගේ චන්දය ගතහෑකි අතරබුද්දිමය සoවාද අවශ්‍යම නෑත.
      (සෑහෙන්න උගත් ජේවීපී කාරයන් විතරක් නෙවෙයි ආණ්ඩුවේද,යූඈන්පීයේද උගතුන් තුන්හතරදෙනෙක් චන්දයෙන් තේරෙන අතර අටවසරවත් පාස්නෑති කුඩු,කසිප්පු,ගණිකාමඩම් මුදලාලිලා තොගපිටින් දින්න්නේ මෙ නිසාය. )

      Delete
    4. රංජන් රාමනායකගේ දේශපාලන දර්ශනයටද, සරත් ෆොන්සේකාගේ පරිනත දැක්මටද, රෝසි සේනානායකගේ විචක්ෂණශීලී බවටද ඔවුහු චන්දය දෙති.

      තොට තමා බුද්ධිය තියෙන්නේ. අනේ යකෝ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බහුතරයේ කැමැත්ත. තොගේ කැමැත්ත නෙවි. තෝ මහින්දටත් හපන් ඒකාධිපතියෙක්.

      Delete
    5. චන්ද්‍රිකාගේ කිහිල්ලට වඩා පබාගේ තට්ටම් සෙක්සි.

      Delete
    6. //රංජන් රාමනායකගේ දේශපාලන දර්ශනයටද, සරත් ෆොන්සේකාගේ පරිනත දැක්මටද, රෝසි සේනානායකගේ විචක්ෂණශීලී බවටද ඔවුහු චන්දය දෙති.//

      රෝසි සේනානායක ගෑනත් රන්ජන් ගෑනත් වෙනසක් නෑත.
      ඵකම ජාතියේ බඩුය.ඵ් පෑත්තට මේ පෑත්තට පනින්නේ ඔය වගේ පියරු බබාලාය.
      මහින්දයා යන්නේ යූ.ඈන්.පී ය ගිය අඩිපාරේ, උන්ටත් වඩා හොදට නිසා වෙනසක් තියෙන්නටද බෑරිය.
      සරත් ෆෝන්සේකා හමුදාවට බෑදුනු දින සිට රට දෑය වෙනුවෙන් ලේ,කදුලු,දහදිය කෑපකල මිනිසෙකි.දේශපාලනයට ආගන්තුක වුවද ඔහුගේ අරමුණු අවoකය.
      මහින්දයා නම් පෑකේජ,සහන මණ්ඩල,අරවා මේවා දේනවිට අවුරුදු 30ක් බුදියාගෙන හිටි 2005න් පසු දේසප්‍රේමියෙකු වූ , අබිනව කොටි නායක කේ.පී ව වඩාගෙන ඉන්නා අමුතුම ජාතියේ බඩුවකි.මුන් වෑනි පලපුරුදු හොරුන්ට වෑඩිය දේශපාලනයට නවක අවoක අරමුණු සහිත උපන්බ් බිමට ණය නෑති මේ මිනිසා 100%ක් හොදය.

      //තොට තමා බුද්ධිය තියෙන්නේ. අනේ යකෝ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බහුතරයේ කැමැත්ත. තොගේ කැමැත්ත නෙවි. තෝ මහින්දටත් හපන් ඒකාධිපතියෙක්.//

      මීහරක් රොත්තක් කෙවිටට බයේ හරි, තනකොල වලට තියන පෙරේත කමේ හරි උම්බෑ ගාන ඵක ප්‍රජාතන්ත්‍රවාදය නෙවේය.

      කුහකයන්ට.තිස්සලා වාගේ දේසපාලන අවජාතකන්ගේ වදුරු නෑටුම් මහාලොකු කතන්දර උනාට ඔවායේ ඈත්ත නෑත්ත දන්නෝ දනිති.මර්වියාගේ කුණුහරුප වලටත් චන්දේ දෙන මේ රටේ මේවගේ ඵ්වාත් සිද්දි වීමට ඉඩ ඈත.

      Delete
    7. මචං මාතලන්, උඹට පාලනයක් කියන වචනෙ 'පාළණයක්' කියල ලියන්න ඉගැන්නුවෙ කවුද?

      Delete
  13. Munwa expose wenne dan thamayi!

    ReplyDelete
  14. පැරා මෙතන අවුල තියෙන්නේ මහින්දගේ නෙමෙය්, සල්ලි වලට විකිනිච්ච පිස්සු අත්තනායකකගේ නේද?

    ReplyDelete
    Replies
    1. මේ ක්‍රමය ඇතුලේ සල්ලි වලට ඔක්කොම විකිනෙනවා. තිස්ස පනින්නේ නැතුව හිටිය නම් ඔය කෑගහන උඹල ඌට සත පනහක්වත් දෙනවද?

      Delete
  15. සමානයි සමානයි බොරුනන් අන්න මහින්ද අස් වෙලා තිස්ස අත්තනායකට සන්ධානේ අපේක්ෂක කම දීලලු.....රනිල් කරපු වගේම කැප කිරීමක් රට වෙනුවන් හිතල මහින්ද කරලා

    ReplyDelete
    Replies
    1. දැන් ඔයාත් පැරා එක්ක සමාජවාදී රාජ්‍යයක් පිහිටුවන්න එකතු වෙලාද?

      Delete
  16. තිස්ස නිසා පැරා comment 100 පන්නයි .
    සුභ පැතුම් !

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නේ නෑ ඕයි !

      Delete
  17. මේ මහින්ද මේ තිස්සගෙන් අහන්න ඇති ප්‍රශ්න මොනව වෙන්න ඇතිද?

    තිස්ස... තිස්ස... නවතින්න... මුවෝ අල්ලගන්න බැරි නම් ගල උඩට එන්න..

    ReplyDelete
  18. ඩොලර් අරන් පැන්නම ප්‍රගතිශිලියි. රුපියල් අරන් පැන්නම ප්‍රතිගාමියි! ඔන්න යහපාලන ඔස්තාර්ලාගෙ තර්ක! විපක්ශෙ ඉතුරු වෙලා ඉන්නෙ පිස්සො කියන්න වෙන සාධක ඔනෙද?

    ReplyDelete
  19. මයිත්‍රී නිසා අහින්සක ආතල් එකක් ගත්තු එජාප/ජවිපෙ/කොටි/මාක්ස්වාදී කැද හැලියෙ ආතල් කඩපු තිස්ස හරිම නොටි.

    ReplyDelete
  20. අපේ ආදරණීය දෙමව්පියන්ගෙන් අහන්න තියෙන දේ! දැන් අපි අයුක්තියට එරෙහිව පෙනී ඉන්නකොට නිකන් මැරෙන්නද හදන්නේ දේනේ දෙයක් කාල වෙන දෙයක් බලන් හිටිපන් කියන අපේ අම්මල පොඩි කාලෙදිත් අපි පොඩි හොරකමක් කරනකොට ගහන්නේ නැතුව හොද පුතා කිව නම් අපිටත් හොරකමටම එකතු වෙන්න තිබුණා. එදා හොරකම් කරනවා වගේ හොරකම් කරන එවුන් එක්ක ඉන්නකොටත් කෝටු කඩෙන කම් අපිට ගහපු ඔයාලම අද අපිට කියනවා හොරු එක්ක හොරකම් නොදැක්ක වගේ ඉන්න කියල. ඇත්ත කියන්නයි බිම ඉදගන්න බය වෙන්නෙපා පුතේ කියල කියපු තාත්ත එදා අපිට කිව නම් උබේ වාසියට ඕනේ බලු කතාවක් කියපන් කියල, අද අපිටත් මේවට හේත්තු වෙලා මේ හෙන ගහන අයුක්තියට ආවඩලා ඒ පිහිටෙන් ලොක්කෝ වෙලා ඉන්න තිබුණා. එත් ඒ වාසි පස්සේ යන්නේ නැතුව මරනකම් හරි අපි මේවට විරුද්දව කෑගහන්නේ ඔයාල අපිට දානගාන දවසේ ඉදන් උගන්නපු දේවල් නිසා. අද මේ මුර්ගයෝ පන්නන්න, මුර්ගයන්ගේ සහ අත්වසියෝන්ගේ ගොදුද්රු බවට පත් වුන අහිංසක තරුණියෝ, ධීවරයෝ, ශිෂ්‍යයෝ හැමදෙනාම වෙනුවෙන් අපි කතා කරන එක ගොන් කමක් කියනවා නම්, අපි උපන්දා පටන් යුක්තිය ගැන උගන්නල අපි ගොන්නු කලේ ඔයාලා. දැන්වත් කියන්න, අපි අපේ දරුවොන්ට උගන්නන්න ඕනේ ඔයාල අපිට කියල දීපු දේද ? එහෙම නැති නම් හොරු එක්ක හෙළුවෙන් හරි ඉගෙන වාසි ගන්න හැටිද ? ඔයාගේ මිනිපිරීට උගන්නන ඕනේ රජ කුමාරයන්ගේ යහනට ගිහින් සල්ලි තානාන්තර ගන්න හැටිද ? හොද අවංක අම්ම කෙනෙක් වෙන හැටිද ? ඔයාගේ මුණුපුරන්ට උගන්නන ඕනේ තනතුර රැක ගන්න පිම්පියෙක් වගේ අශුචි වුනත් අනුබව කරන්න කියලද ? ශ්‍රේෂ්ට මිනිහෙක් වගේ මැරෙන්න කියලද ? ඔයාල දරුවොන්ට ඉගැන්නුව යුක්තිය කියන දේ වැරදි දෙයක් නම්, දරුවොන්ගේ දරුවොන්ටවත් හරි දේ කියල දෙන්න!

    ReplyDelete
    Replies
    1. Mr. Clean,

      Why don't you hide your identity?

      Delete
    2. Sorry I mean reveal your identity without coming ano. If you're so clean there is no reason for you to hide.

      Delete
    3. Dear Ano December 8, 2014 at 7:49 PM & December 8, 2014 at 7:52 PM plz ask ue selves or ur parents. U would get the right answer. U r also Ano but ask us to reveal the identity!!!!! This the most funniest comment in this blog for today !!!!!!!!!!!!!!!!!

      Delete
    4. I'm not perfect or clean as you. I'm a normal human being with all bad habits/qualities etc. that's the reason for being ano. But since you are so clean I don't see any reason for you to hide your identity. If not you are just another liar

      Delete
  21. කැද විපක්ශෙ ළදරු තර්ක > අපි යටිකූට්ටු කුමන්ත්‍රණ වැඩ පටන් ගන්නවා, හැබැයි ආණ්ඩුවට ඒවා ඔට්ටු නෑ හොදෙ.

    ReplyDelete
  22. ආව් ආව් අන්න අද සජිත් ප්‍රේමදාසයි, රවි කරුණානායකයි, සරත් ෆොන්සේකායි, චම්පික රණවකයි, දුමින්ද දිසානායකයි රාජිත සේනාරත්නයි ඔක්කෝම එක ස්ටේජ් එකට නැඟලා අත වනනවා. පැරා විතරයි අඩු එතෙන්ට. කොච්චර ආඩම්බරද මේ අය ඔක්කෝම පැරාත් එක්ක සමාජවාදය පිහිටුවන්න ක්‍රියා කරන කොට. පැරාටත් මේ සැරේ තමයි සැබෑ සටන් සගයින් පිරිසක් හමුවුණේ.

    ReplyDelete
  23. ඔන්න දැන් කට්ටියට මර්වින් සිල්වා අරං වැඩේ සාධාරණීයකරනය කල හැකියි.

    ReplyDelete
    Replies
    1. ඒක එපා. අපි හිරු නික්කර් ගත්තා.
      - මෙයිත්‍රි

      Delete
    2. ආව් ආව් හිරුනිකා නංගි පැරා අයියත් එක්ක සමාජවාදය ගොඩ නඟන්න යනකොට කෝමට තියේද ඈං?

      Delete
  24. මහින්දය ඇවිත් ලංකාවෙ දේශපලනය ගූ වලින් නෑව්ව

    ReplyDelete
  25. සිංහලයා මෝඩයා කැවුම් කන්න සුරයා කියූ සුද්දා කොරල බලාපියව් කියා බැරිම තැන රට අපට දී යන්නට ගියේය.දැන් අවුරුදු හැත්තෑවක් තිස්සේ ඉඟුරු දෙමින් මිරිස් ගනිමින් ජන්දය නමැති දැලිපිහිය වඳුරන් සේ හසුරමින් නාඩගම් නටමු.මේ ඒ නාඩගමේ උච්ඡතම අවස්ථාවකි.ඉරෙන් ජන්දේ ගත් උන් ඉරට පුක පෙන්වා සඳුට ආවඩති.සඳෙන් ජන්දේ ගත් උන් සඳුට පුක පෙන්වා ඉරට ආවඩති.මුන්ට කඩේ යන සට්ටඹියන් ඉරක් සඳක් නැතිව කෙල ගනිති.
    1931 පටන් අපි ප්‍රජතාන්තරවාදී යයි මැකෝ අද පාරම් බෑවේය.ඉන් මිනිත්තු කීපයකින් පසු එළියට ආ ප්‍රජාතන්තරවාදී රටේ නායකයාට ඇමැත්තා ගේ පටන් සාමාන්‍ය වැසියා දක්වා උන් කොඳු නාරටි කඩා ගෙන දොහොත් මුදුන් දී වන්දනාමාන කලේ රාජාණ්ඩු රටකටවත් නොදෙවෙනිවය.ඇමැත්තෝ නම් කම් නැත ලැබෙන කුට්ටියේ ගානට අනුව අංශක ගානක් නමනවා ඇත. නායකතෙමේද රට වැසියාට අවැසි ලෙසම රජෙකුටත් එහා ගිය බජාර් චන්ඩියෙකු සේ දතට දතක් පන්නයේ ටෝකක් ඉසූ කරන ලදී.වැසියෝ සිය නුතන සාදු කාරය හෙවත් ජය වේවාව පැවැත්වුහ .my3 නොව මොකා ආවත් වැසියන්ට උවමනා රජෙකි.එහෙවු ආතල් එකක් නොදේ නම් මොකා උනත් අපේ උන්ට කිසි ගතියක් නැත.උඩු රැවුලක් නැති රෙද්ද බැනියම නොඅඳින කටහඬ ගොරෝසු නැති නායකයෙක් ගෙන් කවර පලයක්ද ?රෙද්දේ ගියත් මොකෝ බෙට්ට කෙලින් නම්! මුන් මේ කෝටි ගණන් වලට එහාට මෙහාට පනින්නේ මහජන මුදලින් වුව කම් නැත.ක්‍රිකට් මැච් නැති දවසට යුද්ද කාලේ මැරෙන ස්කෝර් එකින් ගත් ආතල් එකම දැන් මේ ගෙම්බො පනින ස්කෝර් එකෙන් ගමු.

    ReplyDelete
  26. 2015 මෛත්‍රීගේ ආගමනයටද 1993/1994 චන්ද්‍රිකාගේ ආගමනයටද බලපාන හේතු එකිනෙකට බෙහෙවින්න් සමානය. වෙනස ඇත්තෙ චන්ද්‍රිකා ප්‍රබල නායකයෙකු වෙද්දී මෛත්‍රී දුබල නායකයෙකු වීමයි. මෙනිසා මහින්ද පරාජය වුවහොත් රට අරාජික වීමේ ඉඩ වැඩිවේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා