ආණ්ඩුවේ ප්‍රචණ්ඩත්වයට එරෙහිව ප්‍රතිරෝධාත්මක ප්‍රචණ්ඩත්වයක් අවශ්‍ය ද?

සිරිකොත ඉදිරිපිට විමල් වීරවංශ නායකත්වය දෙන ජාතික සංවිධාන එකමුතුව විසින් පවත්වන්නට යෙදුණු ආණ්ඩුවේ ජාතිවාදී ප්‍රකෝපකාරී උද්ඝෝෂණයට එක්සත් ජාතික පක්ෂය විසින් රළු ප්‍රතිචාරයක් දක්වා ඇති බව ප්‍රවෘත්ති මගින් දැන ගන්නට ලැබිණි.

එය සුවිශේෂ සංවර්ධනයකි. මෙතෙක් ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදීමේ අයිතිය තනි භුක්තියට ගෙන සිටියේ ආණ්ඩුවයි. එක්සත් ජාතික පක්ෂයත් ප්‍රචණ්ඩත්වය වෙත යොමු වුවහොත් මැතිවරණයට පෙර සිවිල් යුද තත්වයක් ඇති විය හැකි ය.

ආණ්ඩුවේ මැරවරකම් පාලනය කිරීම සඳහා ප්‍රතිචාරාත්මක ප්‍රචණ්ඩත්වයක් අවශ්‍ය ය යන අදහස ‍මේ වන විට විපක්ෂ පොදු අපේක්ෂකයාට සහයෝගය දෙන ඇතැම් පිරිස් අතර පැතිරෙමින් තිබේ.

ප්‍රචණ්ඩත්වය මෙන් ම ප්‍රතිරෝධී ප්‍රචණ්ඩත්වය විසින් ද ඇති කරනු ලබන්නේ අවුල් සහගත තත්වයකි.

තත්වය පාලනය කිරීම සඳහා පොලිසිය, අධිකරණය හා මැතිවරණ කොමසාරිස්වරයා ස්වාධීනව ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය ය. ප්‍රචණ්ඩ ක්‍රියාවල නියැලෙන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු ය. ප්‍රචණ්ඩකාරීන් ජනාධිපතිවරණය නිම වන තෙක් හෝ රිමාන්ඩ් බන්ධනාගාරගත කළ යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. කරන්න දෙයක් නැහැ.

    හරි හෝ වැරදි හෝ එදා වෙන්න තිබ්බ දේ වෙලා තියෙනවා.

    කාලයක් රට අල්ලන් හිටිය ලයිසන් චණ්ඩින්ට යන්තමින් හරි එදා කනේ පාරක් වැදුනා.

    ReplyDelete
    Replies
    1. ගෙදරට ඇවිත් ගහන කොට අරහත් නොවූ මිනිසුන් බකංනිලාගෙන බඩඋලාගෙන ඉදිවී කියලා හිටං හතංට බෑ නොවෑ...

      අනික හැම ඕ අයි සී ම ඉල්ලා අස්වෙන්නෙත් නෑනේ....

      එහෙත් ප්‍රචංඩත්වය අනුමත කොරංට බෑ කිසිසේත්ම....

      එහෙම වුනත් සෑම කිරියාවකටම සමාන වූත් ප්‍රතිවිරුද්ධ වූත් ප්‍රතික්‍රියාවකුත් තියනවා කියලා හිටං කියනවා නොවැ....

      Delete
    2. ආයෙත් අහල හිටං...

      Delete
    3. මයිත්‍රී පාලනයක් සඳහා ගහලා , කපලා , කොටලා හරි ප්‍රචණ්ඩත්වය මුදා හැර බලය අතට ගමු.


      අනේ හුකේ නන්නානේ. :P
      ජනතාවට ආදරේට කොරන්න ඇවිල්ල !

      Delete
    4. අපි මයිත්‍රී පාලනේ... අනේ ඇවිත් ඇරල පලයන් අපි මයිත්‍රී කරනවා...

      Delete
    5. මසොපි අපි පොළොවේ පය ගහලා කතා කරමු නේද? යෝධයා නොමරා කුමාරිය බේරා ගන්න බැරි නම් යෝධයා මරන්නම වෙනවා. වෙන විකල්ප නැහැ.

      Delete
    6. @AnonymousDecember 27, 2014 at 10:41 AM
      අනිවාර්යයෙන්ම .... ප්‍රයෝගිකව කතා කරනවා නං

      දැනට කුමාරිට අනින්නේ යෝදයයි නොසන්ඩාල පුත්තු, සහෝදරයෝ සෙට් එකයි විතරයි.

      යෝදයගෙන් කුමාරි බේරගන්න එන්නේ පිම්පියෙක් නං ...

      ඌ කෙලින් බලයට එන්න බැරි පොන්*යන්ට කුමාරි දෙනවා
      වහබ් ත්‍රස්තයන්ට කුමාරි දෙනවා
      ඇයි .... කොටි රැලට ගැන් බැන් කරන්න කුමාරි විකුනනවා
      ඒ මදිවට පෙන්ෂන් ගිය කාමුක ආච්චිලට ඇගේ වයිරය ගහන්නත් කුමාරි විකුනනවා
      අන්තිමට කුමාරිට කියවෙයි "අයියෝ සිරිසේන" ... මොකද මට මේ උනේ කියල :P

      Delete
    7. දැන් මේ මෛත්‍රී පාලනෙන් ගහන කොට තමයි හැම එකාටම රෙවෙන්නේ.

      මෙච්චර කල්"චින්තනෙන්" ."සුබ අනාගතෙන්", "ආශ්චර්යයෙන්", "කාලගුණ සැලකීමෙන් " ගහනකොට, මිනී මරණ කොට , උස්සන් යනකොට, ආයුද පෙන්නන කොට, පිහිනුම් තරග තියන කොට( උදාහරණ:- කටුනායක, හලාවත, රතුපස්වල , etc..), ඔය එකෙක්වත් ඉපදිලා නැද්ද මන්ද.

      අහසින් පාත් වෙච්ච එවුන් වගේ කතා කරන්නේ.

      යකෝ මෛත්‍රී පාල නෙවයි මෛත්‍රී බුදු හාමුදුරුවෝ ඡන්දේ ඉල්ලුවත් ඔය සංගිලි පනික්කිය වගේ පොන්නයෝ ගෙදරටම ඇවිත් ගෙම්බර් දානකොට ආයේ කර්මය ,ධර්මය බලන්නේ නැහැ දෙනවා රෙදි පැකට් කරගෙනම ගෙනියන්න.

      Delete
    8. හපෝ .... ඔච්චර කේන්ති ගන්න එපා .. පෙසර් වලට හොඳ නැහැ

      කොමෙන්ට් එක ගැන කියනවා නං ...
      ඕක තමයි මං මුල ඉඳං කියන්නේ
      උනුත් එකයි , මුනුත් එකයි
      එක හින්ද මොකාටවත් කඩේ යන්න ඕන නැහැ
      අන්තිමට ඔය මොකාත් අතේ පයේ හිරි අරින්නේ අහිංසක අපිට ගහල තමයි.

      මය්ත්‍රී පාලනයකට කඩු පොළු ගැනීමේ oxymoron ගතිය ගැන සහ අහං ඉන්න අපි ඔහෙල කියන ඕන දෙයක් පිළිගන්න බලන් ඉන්න moron ල රැලක් කියල ඔහෙලා හිතන් ඉන්න එක ගැනයි මං මේ කිව්වේ....

      Delete
    9. නෑ බන් ගණන් ගන්න එපා.
      එහෙම තමයි ඉතින්.
      උඹේ කමෙන්ට් එකට කේන්ති ගියා නම් තමයි.

      කාටවත් කඩේ යන්න නම් මට කිසි හේතුවක් නැහැ.

      මට කියන්න ඕන වුනේ මේකයි .
      සිරිකොතෙන් එදා බඩ කට පුරා කාපු පනික්කියාගේ සනුහරේ මෙච්චර කල් කලේ නීතිය අතට අරන් අනිත් එව්වෝ හැමෝටම ගෙම්බර් දාපු එක.
      අර ඉන්නේ නාලක කියල කහකඩයෙක් . තව ඉන්නවා සේකර කියල පරණ පුස්කොල පොතකුත්.

      මුන් තුන්දෙනා හැමදාම කලේ කොහෙවත් නැති ප්‍රශ්න අල්ලාගෙන එක එකාට ගෙම්බර් දාලා, පාරේ යකා නටපු එක.
      උන් හරියට හිතන් ඉන්නේ අපි මේ රට උන්ගෙන් ණයට ඉල්ලගෙන ජීවත් වෙනවා කියල වෙන්න ඇති.

      මේ ඊයේ පෙරේදා එලි බැහැපු ගොබ්බ්බයෝ..

      මේ රටේ මානව කිමිකම් ගැන කතා කලොත් අපි කොටි. මාධ්‍ය නිදහස ගැන කතා කලොත් අපි කොටි.

      එව්වා ගැන කතා කරාම අපි උන්ගෙන් ගුටි කන්න ඕන. ඇයි එව්වා උන්ගේ අම්මගේ අප්පාගේ බූදල් නේ අපිට ලෙවකන්න.

      මෛත්‍රීගේ මෛත්‍රිය අපි පැත්තකින් තියමුකෝ.

      එදා උන්ට දැනගන්න ලැබුන නම් මේ රටේ තවදුරටත් ඇහැ කන පියන් ඉන්න පොන්නයෝ නැහැ කියල අන්න එක ලොකු දෙයක්.



      Delete
    10. මහසොහොන් පිල්ලියDecember 27, 2014 at 1:22 PM
      අනේ යකෝ උඹට හොදයි පුක එලියෙ දාගෙන මහින්දයට කඩේ යන්න , අනිත් උන්ට කියනව එක එකාට කඩේ යන්න එපාලු. දේශපාලනයේ හය හතර දන්න ඕන එකෙක්ට තේරෙනව ඔය කවුරුත් එන්නෙ අපිට ආදරේට නෙවෙයි කියල. එහෙම කියල අපිට නිවටයො වගේ උඩ බලාගෙන ඉන්න පුලුවන්ද? තමන් කරන දේවත් දන්නෙ නැති තක්කඩියෙක් රට පාලනය කරනකොට ඒ ගැන සංවේදි වෙන්න අපිට අයිතියක් නැද්ද? මෛත්‍රි ඇවිත් මොකක් කරයිද කියල අපි පස්සෙ බලමු දැන් අපේ ඇස් ඉදිරිපිට අපිට පේන සත්‍යක් තියෙනවනෙ ඉස්සෙල්ල ඒක පිළිගමු.

      Delete
  2. අනිවා මේක විය යුතුව තිබුණු දෙයක්. ලයිසන් චන්ඩි ටික මාරු කරලා රාජපක්ෂ පවුල එළවලා චන්ද්‍රිකා එක්ක යහ පාලනය සහ ටකරම් හොරු එක්ක දුෂණය නැති කරලා අනාගත පාලනය මොන වගේද කියන එක ගැන පොඩි ට්‍රේලර් එකක් තමයි එදා දුන්නේ.

    අපි නම් රාජු අයියට හේත්තු වෙනවා. මෛත්‍රීට සපෝට් කරන සෙට් එකත් කාටහරි හේත්තුවෙලා ගානක් කපාගන්න විදියක් බලපල්ලා. මොක්කු ආවත් මේ රට වෙනස් වෙන්නේ නෑ.

    ReplyDelete
  3. මම දැක්ක නිර්මාල් විස්තරාත්මකව කියල තියනව ප්‍රතිරෝධී ප්‍රචන්ඩත්වය නරක බව.
    අවුල තියෙන්නෙ ආන්ඩුවේ වගේම විපක්ශයේත් [විශේෂයෙන් එජාපයෙත්] ඉන්නව ප්‍රචන්ඩත්වයට එයින්ම උත්තර දියයුතුයි කියල හිතන පිරිස්. මේකෙ වාසි අවාසි දෙකම තියනව. කොහොම උනත් මේ ගැටලුවට ක්ෂනික උත්තර නෑ.

    ReplyDelete
    Replies
    1. නිර්මාල් කියන්නෙ මහින්දට ඡන්ද හදන මිනිහෙක් නොව තියෙන ඡන්දත් කඩන මිනිහෙක්.

      Delete
  4. පැරා ඔබ ඉපදුණේ ඊයේද?

    ඔබ තවම බබෙක්ද?

    රට සිවිල් යුද තත්වයකට හෝ අවම වශයෙන් 1977 පූර්ව හා පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩත්වය කරා නොගොස් ආණ්ඩු මාරුවක් වේය ඔබ අවංකව සිතන්නේද?

    ප්‍රචණ්ඩත්වය නරකය. නහී වේරෙන වේරාණිය. එසේ වුවද රාජපක්ෂ පවුල සිය කැමැත්තෙන් බලය හැරදා නොයන තත්වය තුළ විපක්ෂයට ප්‍රචණ්ඩත්වයට නැඹුරු වීම හැරුණු විට වෙන විකල්පයක් නැත. තම බලය දිගටම රැක ගැනීම වෙනුවෙන් ඔවුන් ප්‍රචණ්ඩත්වය භාවිතා කරන විට ඒ බලය දිනා ගැනීම වෙනුවෙන් විපක්ෂයටද ප්‍රචණ්ඩත්වය භාවිතා කිරීමට සිදුවේ. එය මැතිවරණයෙන් කෙළවර වන්නට ඉඩ තිබීම අපට ඇති එකම සැනසිල්ලය.

    මීට අමතරව මැතිවරණයේදී තමන් ජය ලබන බව පාක්ෂිකයින්ට ඒත්තු ගැන්වීම පිණිස විපක්ෂයට මේ අවස්ථාවේ ප්‍රචණ්ඩත්වයට ප්‍රචණ්ඩත්වයෙන්ම උත්තර බැඳීමට සිදුවෙයි. එසේ නොකොට නපුංසක සෙයියාවෙන් හැසිරීම පරාජය පිළිබඳ ඉඟියකැයි පාක්ෂිකයින් තේරුම් ගනු ඇත. එය ජයග්‍රහණයට බාධාවකි.

    මුගුරක් ඇවැසි තැන මුගුරක් ගෙන නැඟෙනු
    කඩුවක් ඇවැසි තැන කඩුවක් ගෙන කොටනු
    සංග්‍රාමයට නවගුණවැල ගෙන නොයනු
    සංග්‍රාමයෙන් පසු නවගුණවැල ගනිනු!!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ අවස්ථාවේදී විපක්ෂය ආණ්ඩුවේ ප්‍රචණ්ඩත්වයට ඊට දෙගුණයක ප්‍රචණ්ඩත්වයකින් පිළිතුරු බැඳිය යුතුය. එසේ නොකොට රාජප්ක්ෂලා එළවිය හැකිය සිතන්නේ නම් ඒ ඊය උපන් බිළිඳෙකු පමණකි.

      Delete
    2. මය්ත්‍රී පාලනයක් ගෙන එමු. ගහමු , තලමු , මිනි මරමු.

      Delete
  5. තනිව ගහන්න නො හැකි ය
    .
    අරගලය ජනවාරි 8දායින් ඔබ්බට

    ReplyDelete
  6. මුගුරක් ඇවැසි තැන මුගුරක් ගෙන නැඟෙනු
    කඩුවක් ඇවැසි තැන කඩුවක් ගෙන කොටනු
    සංග්රාමයට නවගුණවැල ගෙන නොයනු
    සංග්රාමයෙන් පසු නවගුණවැල ගනිනු!!!
    .
    .
    පැර ගහන්න ලැබේවා!
    .

    ReplyDelete
  7. පැරා, ඇයි ඔබ සංගිලි පනික්කියලාගේ විමලසේන නමැති පුද්ගලයා ඔහු දැන් භාවිතා කරන බොරු නමින් ම හඳුන්වන්නේ? ඇයි ඔබ ඔහුගේ නියම නම මෙහි සඳහන් නොකරන්නේ?

    ReplyDelete
    Replies
    1. විමලෙ පැරාගෙ පරණ යාළුවෙක්. ඒ හන්ද පොඩි සොෆ්ට් කෝනර් එකක් තියෙනවා.

      Delete
    2. පනික්කියාගේ වගතුග. -- මෙතනට ගිහින්ම බලන්න.

      Delete
  8. මෑත කාලයේ ලංකාවේ සාධාරණ මැතිවරණයක් තිබුණා නම් ඒ ඩී බී විජේතුංග ජනාධිපති තුමා යටතේ 1994 ජනාධිපතිවරණය වෙන්ට ඕන.

    මට මතක විදිහට එදා ප්‍රචංඩ ක්‍රියා වල නිරත වුනේ විපක්ෂයේ ආධාර කරුවන්....

    ReplyDelete
  9. Nishkriya wirudda paksika chandadayakayan wagema madyastha chandadayakayath,dahiryamath karanna nam praharayanta,prathiprahara Aniwaryayenma kalayuthui.

    ReplyDelete
  10. Siri kotha langadee,Bere palenna deepu eka hondai,

    ReplyDelete
  11. බුවා යකෝ
    තොවගේ මී හරකෙක්

    ReplyDelete
  12. Prachandathwayata erehiwa prachandathwaya- meyin pennanne depita kaattu kamak nemeyida? Prachandathwaya dadameema karagena balayata enna hadana aththoth prachandathwema sarana giyahoth kumakda ehi athi wenasa? Kese wethath mama kiyanna kamathiyi oya UNP Chandrika yana ayage thibuna nathi prachandathwayak raja pakshalage na, Ranil Chandrika boruwata sil redi daagena me anduwe bheeshanaya gana katha kalaata owunge kaalaye bheeshanaye aduwak pennuwada? Chandrika wayamba Chande mankolla kawe mokak paawichchi karalada, badde gaane sanjeewalata, kaduwela wasanthala redda asse daagena hitiye mona naayikawada, hatharawatetama minee marum chodanaa thiyena 'sarpaya' kiyana asamajjathiya thamange sabaragamuwe naayakaya widihata thabaa gaththe mona pakshenda? Oya kiyana sadaachaare thiyenawa nam me kiyana ayata wiruddhawa kriya karanna oni neda? Horakam dooshana gana kiwwath echchara thamayi. 2001 di ranil balayata awith kiwwe monawada? Chandrikage kaale dooshana nisaa Bhandaagaare his welaa kiwwa. Wasara dekak yanakam kisi deyak karanna ba kiwwa- ethakota ranilge mahaloku batahira ratawal tika ekathuwelaa dunna koti 45000 adharayen e anduwa kale mokakda, eka factory ekak ariyada, eka paalamak rate haduwada, anthimedi minissuntama epaa wela ayeth sandhaneta balaya dunna- orugodawaththe guwan paalama ranil innakam thibune mulgalak widihata witharayi, eka guwan paalamak hada ganna bariwunu anduwak e paalanaya- rata awurudu gaanak ekathana pal wuna- dan kohomada me anduwa rata watema pradhana apradhana marga sanwardhanaya karanne, yatithala pahasukam wala nodutoo wiroo sanwardhanayak raja paksha sahodarayin karala thiyena- salli na bhandagaaraya his kiyala wada kal dammada- mahinda aapu gaman bhandagaaraye salli nathi nisaa HSBCeken nayak gaththa mathakada, ekata ranilla ka gaha gaha rata wate giya mathakada hariyata eka nisa rata awurudden deken bankoloth weyi wage.. E 2005 di.. Dan 2015 mokakda wuna bankoloth kama- e nisa me boru baila walata rawatenna epa, me wada bari tarzan lata rawatila rata ayeth prapaathayata daanna hadanna epa.. me thaak kaalayakata me ratata aapu kaarykshamama aanduwa thamayi
    Meka, raajapaksha sahodarayo kiyanne me rate methek api dakapu nathi nayakathwa sansadayak- mewani ekamuthu kamak sahitha ekinekaata wishwasa kihipa denek inna oni- chandrikaage kussi cabinet eka wage hora sandhanayak nemeyi me Rajapaksha sahodarayo wage ratata hitha athi, hadawathinma sri laankika lankaawe minisunta sameepa sandhanayak..- chaminda

    ReplyDelete
    Replies
    1. ඔන්න බලන්න මෛත්‍රීට කඩේ යන අය හෙළුවෙන් යන හැටි. මහින්ද එළවලා මිනිහ කෙලින පිස්සු ටික අනිත් උන් කෙළියට කමක් නෑ ලු. ඊගාව පාර මෛත්‍රී එළවලා වෙන එකෙක් ගෙනත් ඒ පිස්සු ටිකම කෙලින්න කියමු.

      Delete
    2. Sinhalen liyanna beri Ponnayanta witharada?Thamanta heki,danna andamin Sanwadayata adahas dakwamin sahabagiwana ayata kunuharupa keema wedagath kamakda?

      Delete
    3. Ano.
      Use this converter
      http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

      Delete
    4. ඇන්න පොනෝ සිංහලෙන් ලියපිය. මෙව්වා කියවන්න අපිට වෙලාවක් නැහැ. මෙව්වා කියවන්න ගියාම අපේ බයිට් කැපෙනවා තේරුමක් නැතුව.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා