මෛත්‍රී වෙනුවෙන් වැඩ කරන ඔහුට නො පෙනෙන ස්වේච්ඡා බලකාය

ජනාධිපතිවරණයේ විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රචාරණ ව්‍යාපාරය ගැන කදිම විශ්ලේෂණයක් ඒෂියන් මිරර් වෙබ් අඩවියේ කියැවූයෙමි.

Progress Review Of Maithri’s Campaign - High On Media-hype & Propaganda: Low On Ground-level Activities


එම ලිපියේ කියැවෙන පරිදි ම මෛත්‍රීගේ ප්‍රචාරණ ව්‍යාපාරය බිම් මට්ටම කරා විහිදෙන්නේ නැත. ගම් මට්ටමෙන් මෛත්‍රීගේ පත්‍රිකාවක්වත් හුවමාරු වන්නේ නැත. ගෙන් ගෙට ප්‍රචාරණයේ යෙදීමට සූදානමක්වත් නො පෙනේ.

මෛත්‍රීගේ ප්‍රචාරණ ව්‍යාපාරය හසුරුවන කළමනාකරුවන් මේ කෙරෙහි අවධානයක් යොමු කරන්නට තරම් සූදානමක ඇති බවක් නො පෙනේ. ඔවුන් යැපෙන්නේ මැතිවරණය ආරම්භයේ තිබුණු ජනමත සමීක්ෂණවල ප්‍රතිඵල මත ය. ආසන මට්ටමෙන් ප්‍රධාන රැස්වීම් පැවැත්වීමෙන් මෛත්‍රීපාලගේ ජයග්‍රහණය තහවුරු කර ගත හැකි යයි ඔවුහු සිතති.

ජනමාධ්‍ය හා විශේෂයෙන් ම සමාජ ජාලවල බලපෑම අද වන විට සුවිසල් බව ඇත්ත ය. ඒ ඔස්සේ මෛත්‍රීපාලගේ ප්‍රචාරණ ව්‍යාපාරය සජීවීව පවතිනු ඇත. එහෙත්, බිම් මට්ටමේ වැඩපිළිවෙලක් නොමැති වුවහොත්, එය ජනතාවට ස්පර්ශීය එකක් වන්නේ නැත.

මෛත්‍රීපාලගේ රැස්වීම්වලට ස්වේච්ඡාවෙන් එන දැවැන්ත සෙනග හා සැස‍ෙඳෙන්නට මේ වන විට මහින්ද රාජපක්ෂ දිවයින පුරාම ලංගම බස් දුවවමින් සෙනග එක්රැස් කරයි. එහෙත්, මෛත්‍රීපාලගේ සෙනගෙහි ගුණය වෙනස් ය.

මෛත්‍රිපාලගේ ප්‍රචාරණ කළමනාකරුවෝ මේ සෙනගින් දෑස් ගිනිකණ වැටී සිටිති. මේ එන හැම මිනිහෙකු ම, ගැහැනියක ම ඡන්දයක් බවට හරවා ගන්නේ කෙසේ ද?

මෛත්‍රීපාල මෙහිදී අවධානය යොමු නො කරන වැදගත් ම සාධකයක් මෙහි තිබේ. ඒ වනාහි ඔහු වෙනුවෙන් ප්‍රචාරණයේ යෙදෙන ලක්ෂ සංඛ්‍යාත වූ ස්වේච්ඡා ක්‍රියාකාරිකයෝ ය.

මේ අය මෛත්‍රී වෙනුවෙන් ප්‍රචාරණයේ යෙදෙන්නේ ඔහු ගැන ලොකු විශ්වාසයකින් නො වේ. ඔවුන් විශ්වාස කරන්නේ ක්‍රමයේ වෙනසක් ඇති කිරීමයි. මේ ගමන නතර කිරීමයි. ප්‍රජාතන්ත්‍රවාදයේ හා යහපාලනයේ දොරටු විවර කිරීමයි. මෛත්‍රීට ළං වී සිටින පිරිස සේ මේ පිරිස ඔහුගෙන් කිසිදු වරප්‍රසාදයක් පතන්නේ නැත.

මේ ස්වේච්ඡා ක්‍රියාකාරිකයන් බලමුළු ගැන්වීමේ වැඩපිළිවෙලක් මෛත්‍රීට නැත. නැති එකත් නරක ද නැත. (මතු සම්බන්ධයි)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Replies
    1. ඔව් ඔබ අද එක.

      මයිත්‍රීට තියෙන හයිය තමයි පැරා මේ වෙලාවේ ක්‍රමයේ වෙනසක් වෙන්වෙන් ස්වේච්චාවෙන් වැඩ කරනා පිරිස ඒ කියන්නේ පිටතට නොපෙනුනාට මේ මොහොතේ මයිත්‍රී වෙනුවෙන් ක්ෂුද්‍ර සංවිධාන රාශියක් ඇතිවෙලා තියෙන්නේ. මේවා මයිත්‍රී වෙනුවෙන්ම ඇති උන එව්වා නොවෙන්නත් පුළුවන්. ඒත් මයිත්‍රී සදහන් කරනා අරමුණු සහ මේ ක්ෂුද්‍ර සංවිධාන වල අරමුණ සමපාතයි.

      මහිදනා ලග වැඩ කරනා බොහෝ දෙනෙක් මේ මොහොතේ ඔහු වටා සිටින්නේ ඔහු වියදම් කරනා අසීමිත මුදලෙන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් ගසා කමින්. ඔහු වටා සිටිනා පිරිස ඔහුව මුලාකොටයි ඇත්තේ.

      අනිත් කාරණය තමයි අනුව දශකයේ උපන්, සමාජ ජාල වෙබ් අඩවි බහුලව භාවිතා කරනා තරුණ පරම්පරාව. මේ පාර එවැනි නව ජන්ද ලක්ෂ 10 ක් පමණ තිබෙනවා විය යුතුයි. ඔවුන්ගෙනුත් වැඩි කැමැත්ත ඇත්තේ මයිත්‍රීට. සමීක්ෂණ අනුව මට පෙනී ගොස් ඇත්තේ එම අය අතුරින් ප්‍රකාශ වන ජන්ද ප්‍රමාණය සලකු විට ඔවුන්ගෙන් 70% ක් වත් මයිත්‍රීට කියයි.

      මගේ අනාවැකිය නම් මයිත්‍රීපාල සිරිසේන 53% ක ප්‍රතිශතයක් ලබා ජනාධිපතිවරනය ජයගන්නා බවයි. මේ මොහොතේ ඇතැම් විට එය නොපෙන්නේ රාජ්‍යය බලය සහ මුදල් උපරිමේට යොදවා මහින්ද රාජපක්ෂ විසින් ගෙනයන ප්‍රචාරය නිසායි. එනමුත් මගේ මතය නම් එයයි.

      Delete
    2. මගේ මතය ඊට වඩා වෙනස්.

      සීලරතන හාමුදුරුවන්ට තියෙන හයිය තමයි පැරා මේ වෙලාවේ ට්‍රැක්ටරයක් වෙන්වෙන් ස්වේච්චාවෙන් වැඩ කරනා පිරිස ඒ කියන්නේ පිටතට නොපෙනුනාට මේ මොහොතේ සීලරතන හාමුදුරුවන් වෙනුවෙන් ක්ෂුද්‍ර සංවිධාන රාශියක් ඇතිවෙලා තියෙන්නේ. මේවා සීලරතන හාමුදුරුවන් වෙනුවෙන්ම ඇති උන එව්වා නොවෙන්නත් පුළුවන්. ඒත් සීලරතන හාමුදුරුවන් සදහන් කරනා අරමුණු සහ මේ ක්ෂුද්‍ර සංවිධාන වල අරමුණ සමපාතයි. ඒක තමයි ට්‍රැක්ටරයක්වත් නිකං ගැනීම.

      මෛත්‍රී ළඟ වැඩ කරනා බොහෝ දෙනෙක් මේ මොහොතේ ඔහු වටා සිටින්නේ ඔහු ජනාධිපති වුනු පසු බැසිල් සජින් වැනි අය නිසා තමන්ට නොලැබුණු අවස්ථාව ලබා ගැනීමටයි. රවී රාජිත වැන්නන් සිටින නිසා එය ලොකු ගැටළුවක් නොමැති බව ඔවුනට වැටහීගොස් තිබෙනවා. චන්ද්‍රිකා සිටීම ඔවුන්ට ධෛර්යයක්.

      අනිත් කාරණය තමයි අනුව දශකයේ උපන්, සමාජ ජාල වෙබ් අඩවි සහ ට්‍රැක්ටර් බහුලව භාවිතා කරනා තරුණ ගොවි පරම්පරාව. මේ පාර එවැනි නව ජන්ද ලක්ෂ 10 ක් පමණ තිබෙනවා විය යුතුයි. ඔවුන්ගෙනුත් වැඩි කැමැත්ත ඇත්තේ ට්‍රැක්ටරයකට. සමීක්ෂණ අනුව මට පෙනී ගොස් ඇත්තේ එම අය අතුරින් ප්‍රකාශ වන ජන්ද ප්‍රමාණය සලකු විට ඔවුන්ගෙන් 70% ක් වත් සීලරතන හාමුදුරුවන්ට කියයි. යෞවන ගොවි සමාජ මේ වෙනුවෙන් පෙළ ගැහිලා ඉන්නේ.

      මගේ අනාවැකිය නම් සීලරතන හාමුදුරුවන් 53% ක ප්‍රතිශතයක් ලබා ජනාධිපතිවරනය ජයගන්නා බවයි. මේ මොහොතේ ඇතැම් විට එය නොපෙන්නේ රාජ්‍යය බලය සහ මුදල් උපරිමේට යොදවා මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන විසින් ගෙනයන ප්‍රචාරය නිසායි. එනමුත් මගේ මතය නම් එයයි.

      Delete
    3. yako tho wage mee harakek! moda musalayek!

      Delete
    4. මගේ මතය ඊට වඩා වෙනස්.

      මහින්ද රාජපක්ෂට තියෙන හයිය තමයි පැරා මේ වෙලාවේ දිනාගත් නිදහස වෙන්වෙන් ස්වේච්චාවෙන් වැඩ කරනා පිරිස ඒ කියන්නේ පිටතට නොපෙනුනාට මේ මොහොතේ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ක්ෂුද්‍ර සංවිධාන
      රාශියක් ඇතිවෙලා තියෙන්නේ. මේවා මහින්ද රාජපක්ෂ වෙනුවෙන්ම ඇති උන එව්වා නොවෙන්නත් පුළුවන්. මහින්ද රාජපක්ෂ සදහන් කරනා අරමුණු සහ මේ ක්ෂුද්‍ර සංවිධාන වල අරමුණ සමපාතයි. ඒක තමයි දිනාගත් නිදහස
      රැක ගැනීම.
      මෛත්‍රී ළඟ වැඩ කරනා බොහෝ දෙනෙක් මේ මොහොතේ ඔහු වටා සිටින්නේ ඔහු ජනාධිපති වුනු පසු බැසිල් සජින් වැනි අය නිසා තමන්ට නොලැබුණු අවස්ථාව ලබා ගැනීමටයි. රවී රාජිත වැන්නන් සිටින නිසා එය ලොකු
      ගැටළුවක් නොමැති බව ඔවුනට වැටහීගොස් තිබෙනවා. චන්ද්‍රිකා සිටීම ඔවුන්ට ධෛර්යයක්.
      අනිත් කාරණය තමයි අනුව දශකයේ උපන්, සමාජ ජාල වෙබ් අඩවි සහ මව්බිම ගැන හිතන තරුණ පරම්පරාව. මේ පාර එවැනි නව ජන්ද ලක්ෂ 10 ක් පමණ තිබෙනවා විය යුතුයි. ඔවුන්ගෙනුත් වැඩි කැමැත්ත ඇත්තේ නිදහස ට.
      සමීක්ෂණ අනුව මට පෙනී ගොස් ඇත්තේ එම අය අතුරින් ප්‍රකාශ වන ජන්ද ප්‍රමාණය සලකු විට ඔවුන්ගෙන් 70% ක් වත් මහින්ද රාජපක්ෂට කියයි. යෞවන ගොවි සමාජ මේ වෙනුවෙන් පෙළ ගැහිලා ඉන්නේ.

      මගේ අනාවැකිය නම් මහින්ද රාජපක්ෂ 53% ක ප්‍රතිශතයක් ලබා ජනාධිපතිවරනය ජයගන්නා බවයි. මේ මොහොතේ ඇතැම් විට එය නොපෙන්නේ රාජ්‍යය බලය සහ මුදල් උපරිමේට යොදවා මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන
      විසින් ගෙනයන ප්‍රචාරය නිසායි. එනමුත් මගේ මතය නම් එයයි.

      Delete
    5. සංවාද අල කිරීම රාජපාක්ෂිකයන්ගේ පොදුවේ දැකිය හැකි ගොංපාට් එකකි.... දැන් කීමට කිසිවක් නැති තැන අල කිරීම හැර අමන රාජපාක්ෂිකයන්ට කල හැකි යමක් නැත....

      Delete
    6. /අමන රාජපාක්ෂිකයන්ට කල හැකි යමක් නැත/

      බුවායියා ප්‍රොෆයිල් එකෙන් ඇවිත් අයියගේ මතය කිව්වනම් ඔච්චර කේන්ති ගන්න දෙයක් වෙන එකක් නෑ.

      රාජු අයියා ගාව දුවපු මගේ ටිපර් දෙක ලොක්ක උස්සයි කියල බයට දැන් හංගල හිටං තියෙන්නේ. අයියට ෂුවර් ද ලොක්ක පරදියි කියලා. ටිපර් දෙක ආයේ එලියට ගන්නද එහෙනම්.

      Delete
    7. දිනන පරදින ගැටළුවක් නෑ.... මුන් දෙන්නගෙන් මොකා දිනුවත් වැඩි වෙසක් නොවන බව මගේ මතයයි... නමුත් මින් ඉදිරියට මහින්දගේ ගමන බ්ලොගයක් වත් පවත්වාගෙන යාමට ඉඩ නොතබන යුගයක් වනු නොඅනුමානයි....

      ගොං ජොන්ටා ඇතුළු ව රාජපාක්ෂික ව මෙහි කොමෙන්ට් දමන සියලලන්ගේ ද දක්නට ලැබෙන පොදු ලක්ෂණය නම් අල කිරීම හා ලොරි කතා කීම බව ප්‍රසිද්ධ කරුනකි......

      Delete
    8. හොරා හොරෙන් හොරකම් කර පුංචි හොරුන්ට හොරකමේ යන්න කියයි. පොඩි හොරුද හොරාගෙන් ද හොරකම් කර ජනතාවට හොරකම් කළ බව කියයි. හොරු පන්නමු. 

      Delete
    9. /නමුත් මින් ඉදිරියට මහින්දගේ ගමන බ්ලොගයක් වත් පවත්වාගෙන යාමට ඉඩ නොතබන යුගයක් වනු නොඅනුමානයි..../
      එකඟයි.

      /හොරු පන්නමු./
      විරුද්ධයි. පලවෙනි එක අපි හොරු. දෙවෙනි එක හොරු පන්නන්න කතා කරන්නේ කම්බ හොරු. ඔය පට්ට පිරිසිදු චරිත එලියට බැහැලා එළිපිට සටන් කරන්නේ නැත්තේ ඇයි? අපි හොරු නිසා හැංගිලා ඇනෝ ඉන්නවා. හොරු පන්නන්න කතාකරන සුපිරිසිදු චරිත මොකටද හැංගිලා ඉන්නේ? අර අටමා කියනවා වගේ සයිබරයේ ඉන්න එවුන් අපිට පාරතොටේ හම්බ වෙන්නෙම නෑනේ.



      Delete
    10. This comment has been removed by the author.

      Delete
    11. මෙහෙමයි......

      මාත් හොරෙක් කියමුකෝ....

      හොරකම් කිරීම ඇතුළු සියළු දේ ස්වභාවික මිනිස් ගති ලක්ෂණයන්....

      අධිකරණය ඇතුළු පාලන හා පාලිත ආයතනයන්ගෙන් සැදුම් ලත් යාන්ත්‍රණයක් නූතන ජාතික රාජ්‍ය තුළ ස්ථාපිත වුනේ මේ පට්ට හොරකම් නවත්තන්ට බැරි නම් අඩු කරන්න...

      නමුත් දැං ලංකාවේ කම්බ හොර දේසපාලුවෝ ඒ ස්වාධීන ආයතන හයිජැක් කරලා පළු යන්ට හොරා කනවා.....

      දැං ඔහේ කියන විදිහට අපිටත් හොරා කන්ට පුළුවන් තමයි....

      ඒකෙන් මේ මුළු රටටත් අනාගත පරපුරටත් හත්මුතු පරම්පරාවකටත් කෙලවෙන බව ඔහේට හිතෙන්නේ නැද්ද?

      Delete
    12. /මෙහෙමයි...... /
      තිත් දාන ඇනෝ....අද අහුවුනා......බුවායියා හොර ගෙඩියා.

      /මාත් හොරෙක් කියමුකෝ..../
      නෑ. හොරු එලවන්න, දූෂණය නැති කරන්න, වංචාව පිටුදකින්න එන සුපිරිසිදු පොරවල් ගැන මම කිව්වේ.

      /ඒකෙන් මේ මුළු රටටත් අනාගත පරපුරටත් හත්මුතු පරම්පරාවකටත් කෙලවෙන බව ඔහේට හිතෙන්නේ නැද්ද?/
      හිතෙනවා. රවීලා චන්ද්‍රිකාලා එක්ක කෙලව ගන්න එකෙයි බැසිල්ලා සජින්ලා එක්ක කෙලව ගන්න එකෙයි ලොකු වෙනසක් තියෙනවද? පොඩි වෙනසකට තියෙන්නේ අධිවේගී මාර්ගයෙන් බැහැලා කාපට් පාරක් දිගේ දියත උයන හරහා පාවෙන වෙළඳපොළට ගොඩවෙලා ආකේඩ් ඉන්ඩිපෙන්ඩන්ස් එකෙන් ජැකීගේ ආප්පයක් කාලා රේස්කොස් එකට වෙලා ණය ගෙවන විදිය කල්පනා කරලා ගෝල්ෆේස් එක ගොඩ කරලා හදන නගරයත් බලලා මාගම්පුර වරායේ චීන්නුන්ට අත්වැඩ දෙන්න යන එක හෙවත් කෙලවීම සහ සතොස, රක්ෂණ සංස්ථාව,තවක්කාල්, ප්‍රංශ දුම්රිය එන්ජින් ආතල් එක්ක සෘණ ආර්ථිකයක් එක්ක කෙලවීම.

      Delete
    13. මා කියන්නේ අවම වශයෙන් පවතින තත්වයෙන් වෙනස් වන අධිකරණය හා පොලීසිය ඇතුළු ස්වාධීන විය යුතු ආයතන සක්‍රීය කර ගැනීමට වත් උත්සාහ ගත යුතු බවයි......

      //// පොඩි වෙනසකට තියෙන්නේ ///

      හෙහ්... පොඩි කොහෙද දන්නෑ පොඩි....

      Delete
    14. /මා කියන්නේ..../

      බුවායියා ඔහොම කිව්වට චන්දෙ ඉල්ලන්නේ බුවායියා නෙවෙයිනේ. චන්දෙ ඉල්ලන මෛත්‍රී මහත්තයා කියන්නේ නෑනේ.

      රනිල් මහත්තයා අගමැති කරනවා කියල නම් කිව්වා. රනිල් මහත්තයාගේ නෝනයි, අම්මයි, රුවන් මහත්තයා ඇතුළු නෑදෑයෝ ටික නම් ඒ හින්ද මෛත්‍රී මහත්තයාට චන්දෙ දෙයි ඒ හින්ද.

      අපි චන්දේ දෙන්න ඕනත් ඒ හින්දද? පිස්සු කෙලින හින්දා මහින්ද මහත්තයා එළවලා ඊට වඩා පිස්සු කෙලින මහත්තයෙක්ව පුටුවට ගේන්න මොකටද අපි මහන්සි වෙන්නේ.

      බුවායියා කියන කතාව මෛත්‍රී මහත්තයා කෙලින් කියනව නම් ඒක වෙනම එකක්. දැන් වැඩේ තියෙන්නේ මෛත්‍රී මහත්තයා කියනවා මාව හඳට යැව්වොත් ඔක්කොටම ටොපි දෙක ගානේ දෙනවා කියලා. මහින්ද මහත්තයා කියනවා මාව මේ විදියටම හඳේ තිබ්බොත් දුන්න වගේම ටොපි දෙනවා කියලා. බුවායියා කියනවා මෛත්‍රී මහත්තයාව හඳට යවන්න එතකොට අපිට ටොපි තුන ගානේ ගන්න පුළුවන් කියලා.

      Delete
    15. ///අපි චන්දේ දෙන්න ඕනත් ඒ හින්දද? පිස්සු කෙලින හින්දා මහින්ද මහත්තයා එළවලා ඊට වඩා පිස්සු කෙලින මහත්තයෙක්ව පුටුවට ගේන්න මොකටද අපි මහන්සි වෙන්නේ.///

      මෛත්‍රී ගේ කෙරුවාව පිළිබඳ අනාවැකි කීමට ඉක්මන් නොවන්න....

      මේ දින වල මෙහි වැඩිම පෝස්ටු ප්‍රමාණයක් ලියවී ඇත්තේ ඉහත ප්‍රශ්ණයට පිළිතුරු වශයෙනි....

      මෛත්‍රී දිනුවොත්....

      01. අපි චූ කරලා බුදිය ගන්නේ නැතුව ඔහු දුන් පොරොන්දු ඉටු කර ගැනීමට ක්‍රියා කරනට ඕනෑ...

      02. එහෙම නැත්තං එදාට මෛත්‍රි එලවංට ඕනෑ...

      එබැවින් මෙහිදී පැරා ගේ මතය සමඟ එකඟ වෙමි...

      Delete
    16. බුවයියා කඩේ යන ආකාරයෙන් මට 1994 දී වික්ටර් අයිවන් ගේ භූමිකාව සිහිපත් වේ. නුවණැත්තා එක මෝඩ කමක් කරන්නේ එක සැරයකි. මෝඩයා එය රිපීට් ටෙලිකාස්ට් කරයි. එකම දෙය වෙනස් ප්‍රතිඵල අපේක්ෂාවෙන් රිපීට් කරන්නා යමර පිස්සෙකි.

      Delete
    17. අනේ පව් මහින්ද මාමී දිගටම තියා ගම්මු රිපීට් නොකර.... මට වරදුනා.... සමාවෙන්න ඔබ හරි.....

      Delete
  2. Ayi umba issara wune, mama neda eka naththam

    ReplyDelete
  3. සංගත උපායමාර්ගික ප්‍රචාරණ සැලැස්මක් නැති කමත්, ප්‍රචාරණ සැලසුම් පසුබිම් සාධක විශ්ලේශණයන් සමග යාවත්කාලීන නොවීමත් අවස්ථාවට අදාල පුද්ගලාන්තර සන්නිවේදනයේ වටිනාකම වටහා නොගැනීමත් පොදු අපේක්ෂකයාගේ ප්‍රචාරණයේ ප්‍රධාන දුර්වලතා ය.

    ReplyDelete
    Replies
    1. ඒ කිව්වේ ??

      Delete
    2. hari ari apita therunne.......

      Delete
    3. තමන් ලියන දෙය අනිත් මිනිස්සුන්ට තේරෙන විදියට ලියන එක තමයි දක්ෂකම.

      අනිත් මිනිස්සුන්ට තේරෙන්නේ නැති වෙන්න යමක් කියන එක පොර වෙන්න දඟලන, දැඩිලෙස හීනමානයෙන් පෙලෙන පුද්ගලයන්ගේ ලක්ෂණයක්.

      අර x කණ්ඩායමේ එවුන් කියන්නේ "පශ්චාත් නූතනවාදී යුගයේ සින්තටික් ෆැන්ටසියක් හඹායන පරපුර අන්තර්ජාල හෙජමනිය තුල පුද්ගලාන්තර සන්නිවේදනයෙන් ඔද්දල්වී රොමැන්ටික මිරිඟුවක නිද්‍රාවේ ගිලෙන සංදර්භයකදී සන්තත ක්‍රමෝපාය සංවර්ධනයකින් තොරව ලිංගිකත්වය ප්‍රචාරණ මාධ්‍යක් වුවද හස්තොපක්රමයකින් ශුක්‍ර මෝචනය නොවේ."

      අනේ ටැබුවෝ, මෛත්‍රී මහත්තයට දිනන්න දීලා චන්ද්‍රිකා නෝනත් එක්ක කොහෙට හරි ගිහිං ඉන්නකෝ ලබන අට වෙනිදා වෙනකම්. ප්ලීස්.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. සංගත උපායමාර්ගික ප්‍රචාරණ සැලැස්මක් = An integrated strategic communication plan.
      ප්‍රචාරණ සැලසුම් පසුබිම් සාධක විශ්ලේශණයන් සමග යාවත්කාලීන නොවීම = The communication plan is not updating with an analysis of contextual changes.
      පුද්ගලාන්තර සන්නිවේදනයේ වටිනාකම වටහා නොගැනීම = Not understanding the value of interpersonal communication.
      අදාළ විෂය සංකල්පයනට වඩාත්ම උචිත සිංහල වචනය භාවිත කොට ඇතැයි උපකල්පනය කරමි.
      සිංහල නොදන්නා පුද්ගලයින්ට සිංහල උගැන්වීමේ හැකියාවක් මට නැත.

      Delete
    6. ඉංග්‍රීසියෙන් හිතල සිංහලට ගූගල් ට්‍රාන්ස්ලේටර් එකේ වගේ පද පෙරලන්න ගියාම ඔහොම ඇබැද්දි සිද්ද වෙනවා.
      අපේ අක්කටත් වෙන්නෙම ඕකනේ. ;)
      දක්ෂයා ඉංග්‍රීසියෙන් හිතල ඉංග්‍රීසියෙන් ලියනවා
      සිංහලෙන් හිතල සිංහලෙන් ලියනවා
      දෙකම සුගම්‍යයි. සුන්දරයි. පහසුවෙන් අවබෝධ වෙන සුළුයි.
      දෙක පටල ගත්තොත් ගූ බාල්දි 7 යි.

      Delete
    7. /සිංහල නොදන්නා පුද්ගලයින්ට සිංහල උගැන්වීමේ හැකියාවක් මට නැත. /

      දීප්ති කියන්නෙත් ඔය වගේ කතා තමයි.

      හොඳම වැඩේ කියන්නේ ඕක නෙමෙයි. මෛත්‍රීගේ පණිවිඩේ සාමාන්‍ය ජනතාවට ගෙනියන්න උපදෙස් දෙන්න ඕගොල්ලෝ එන එකයි. දැන් ඔය මහත්තුරු හිතං ඉන්නේ ඔය සාමාන්‍ය මිනිස්සුන්ගේ මොලේ කොලොප්පන් වෙන මහප්‍රාණ කිව්වම ඒ මිනිස්සු ගිහිං මෛත්‍රී මහත්තයාට චන්දෙ දෙයි කියලද?

      Delete
    8. @Sithumini Rathnamalala
      Technically 100% Correct.
      Practically ... 100% failed.

      Delete
    9. @AnonymousDecember 16, 2014 at 1:28 PM

      you made my day!

      Delete
    10. මෙය අනන්‍යමය වශයෛන් අන්තර් සංකූලතා තුළ පෙනෙන රූපමය ව්‍යාකූලභාවයන් ගේ සංයුතිය වියුක්ත පන්නෙය් මාදියක් තුළ ඇතිකළ හෙජමොනික තත්ත්වයක් උත්කෘෂ්ඨ කළ පරාරෝපිත මනෝව්‍යාධික් හේතුවෙන් වියනලද කොමෙන්ටුවක් ලෙස අර්ථගැන්වීම දෘෂ්ටිවාදයට පරිබාහිර නොවන මුත් මෛත්‍රීට ඡන්දය බැරකොට මහින්දගේ හුලං බැස්සවිය යුතුය.

      Delete
    11. පැරකුම් මහතාගේ බ්ලොග් එකේ කට්ටිය දෙන ලෝකෝත්ත්තර ටෝක් වල හැටියට මම හිතුවේ තාක්ෂණිකමය ලෙස නිවරද වචන භාවිතය තේරුම් ගත හැකි උදවිය ඉන්න බවයි. ටිකක් පරණ සිංහල පොතක්වත් කියවගන්න බෑ නේ ඔහොම නේද ? :)

      Delete
    12. ඔන්න ඔහොම තේරෙන්න කියන්නකෝ ටැබූ අයියා

      Delete
  4. This always happened. In 1994 I was involved in getting CBK elected at different level and had to bear some expenditure. I was working in a apex ministry. My political friends wanted me to get some positions. I rejected all of them. Later at a particular time there was some invitation to the CBK residence for the ministry. My name was not event he list. This will happen to many this time also. Don't worry. Do what you have to do now. Keep your struggle till you die. Some one will take it from you to continue.

    ReplyDelete
    Replies
    1. Yes , we will never run out of idiots.

      Delete
    2. Nim,

      You were involved in getting CBK elected on your own money. Good that you were neglected and ignored. It should have happened to the fools like you who has some sort of responsibility for the things country went through from 94 to 2005 including negative economic growth.

      Delete
    3. Why dont you sub-continents use your own language on here? Not that I'm saying you're not allowed to speak English, but seeing this much broken english makes me wonder whether it mightnt be easier to use your own lingo?

      Delete
    4. Maithripala Sirisena's Supporters r not humans, they r a bacteria that needs to be killed.

      Delete
  5. ප්‍රධාන අපේක්‍ෂකයින් දෙන්නා ගේ ම ප්‍රචාරකයින් වත්පොතේ නම් වැහි වැහැලා!
    පොදු අපේක්‍ෂකගේ ප්‍රචාරකයින් නම් සේවය කරන්නේ නොමිලේ වගෙයි පේන්නේ.

    ReplyDelete
    Replies
    1. නැහැ දෙන්නං පුන්නක්කු වලට ...

      Delete
  6. ඔබගේ මේ ප්‍රයත්නය අති විශිෂ්ටයි. මහින්ද අනිවාර්යයෙන් ගෙදර යැවිය යුතුයි. පැරකුම් සහෝදරයාට අල්ලාහ් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

    ReplyDelete
  7. මට නම් පේන්නෙ වෙන දෙයක් . අඩුම තරමෙ මෛත්‍රීට සියළුම unp ඡන්ද ටිකවත් ගන්න බැරි වෙන හැඩයක් තියෙන්නෙ. ගම් වල unp සාමාජිකයගෙ කිසිම ප්‍රබෝධයක් නෑ. අඩුම තරමෙ කොඩියක්වත් දාල නෑ. ගිය පාර ෆොන්සේකාට මීට වඩා ගැම්මක් තිබිබා. මේ යන්නෙ unp එකටත් ගේමක් දෙන චන්ද්‍රිකාගෙ වැඩක් ද කියල ඔවුන්ට ප්‍රශ්ණයක් තිබෙනවා. තිස්සත් ඒක කිවිවනෙ.

    ReplyDelete
    Replies
    1. 1. මේ පාර යූ එන් පී එකට තනියම ඉල්ලලා දිනන්න පුළුවන්කමක් තිබ්බ නම් රනිල් නොඉල්ලා සිටින්නේ නැත.
      2. රජා පිස්සු කෙලින තරමට සහ රාජපාක්ෂිකයන් කොරවීගෙන යන සීග්‍රතාවය අනුව 2020 දී රනිල්ට ගේමක් නැතුව දිනිය හැකි බව පෙනී යයි.

      එවිට

      පෘතග්ජන මිනිසකු වන රනිල්ට තෝරාගත හැකි විකල්ප දෙකක් තිබේ.

      1. බොක්කෙන් වැඩ කොට මෛත්‍රී දිනවා දින 100 කින් මෛත්‍රී දුන්නොත් හරිහමං අගමැතිකම ගන්න ට්‍රයි කිරීම. (දී මු ඉන්න අගමැති කමට වඩා රනිල් ඉන්න විපක්ෂ නායකකම හොඳ බව අමතක නොකළ යුතුය.)
      2. 2020 වෙනකම් විපක්ෂ නායක තනතුර දරා 2020 දී විධායක ජනාධිපති වීම. දැන් වාර ගැන ඉවත්කොට ඇති නිසා මැරෙනකම් සිටිය හැක. යූ එන් පී නායකකම රඳවා තබා ගත් ආකාරය බලන විට ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීම සිහිනයක් පමණි.

      රනිල් මොකක් කරයි කියලද උඹල හිතන්නේ.

      Delete
    2. 1. බොක්කෙන් වැඩ කොට මෛත්‍රී දිනවා දින 100 කින් මෛත්‍රී දුන්නොත් හරිහමං අගමැතිකම ගන්න ට්‍රයි කිරීම. (දී මු ඉන්න අගමැති කමට වඩා රනිල් ඉන්න විපක්ෂ නායකකම හොඳ බව අමතක නොකළ යුතුය.)

      මොනවා යුනත් ජනතාවට යම් යහපතක් වෙයි.

      2. 2020 වෙනකම් විපක්ෂ නායක තනතුර දරා 2020 දී විධායක ජනාධිපති වීම. දැන් වාර ගැන ඉවත්කොට ඇති නිසා මැරෙනකම් සිටිය හැක. යූ එන් පී නායකකම රඳවා තබා ගත් ආකාරය බලන විට ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීම සිහිනයක් පමණි.

      ජනතාවට තිස්තුංකෝටියක් දෙවි රැකවරනයි ආරස්සාවයි... සාදු සාදු සා.......දු......සා.............

      Delete
  8. සිංහල බෞද්ධයන් හා සිංහල ක්‍රිස්තියානි කාරයන් සංස්කෘතික වශයෙන් බොහෝ දුරට සමාන වුවත් දේශපාලනිකව වෙනස් නමුත් දෙමල සමාජයේ ක්‍රිස්තියානි හා තමිල්නාඩු අභිචාර විධි (හින්දු ආගම?) අනුගමනය කරන ජන කොටස් දේශපාලනවශයෙන් එක පැත්තක සිටිනවා.
    චන්ද්‍රිකා යනු දේශපාලනිකව ක්‍රිස්තියානි ගැහැනියන් එමනිසා ඇයට රාජ්‍ය බලය ලැබීමට සිංහල බෞද්ධයන් ඉඩ නොදිය යුතුයි.

    ReplyDelete
  9. අන්න මය්ත්‍රී අංකල් ටීවී එකේ පැයෙන් පැයට කියනවා. (පරණ රෙකොර්ඩ් එකක් බව ඇත්ත )

    "මහින්ද මහා රජ තුමනි විපක්ෂයේ කුහකයෝ මොනවා කිව්වත් ඔබයි අපේ මහ රජානෝ" කියල දිග හෑල්ලක්.

    මට පුක හපාගෙන මැරෙන්න හිනා. මේ බහු බූතයෝ රොත්තක් එක්ක මහින්දයට ගේමක් නැතිවම දිනන්න පුළුවන්.

    My Rs 50,000 bet still stands. Any takers ?? :P

    ReplyDelete
    Replies
    1. //අන්න මය්ත්‍රී අංකල් ටීවී එකේ පැයෙන් පැයට කියනවා. (පරණ රෙකොර්ඩ් එකක් බව ඇත්ත )// පජාතික රූපවාහිනියේ වෙන්ටෑ....

      ඇයි යම ලෝකෙට වෙන චැනල් පේන්නේ නැතෑ?

      Delete
    2. අනිත් චැනල් එකේ චන්ද්‍රිකා කියනවා යුද්ධෙන් 75% ඉවර කරලලු මහින්දට දුන්නේ.

      මහින්ද යුද්දේ කරේ නෑනේ. ඒක කරේ ෆොන්සේකානේ. බලනකොට ෆොන්සේකා 25% ඉවර කරලනේ 2010 ජනාධිපති වෙන්න හදල තියෙන්නේ.

      Delete
    3. @බු වා
      නැහැ මචං දෙරණේ.

      මාව යම ලෝකෙන් උඹල ඉන්න ලංකාවට එව්වා. එහේ තියෙන දඬුවම් සැර මදි නිසා :P

      Delete
    4. පුක හපාගෙන මැරෙන්න එපා. එක උබ වගේ ජඩ බල්ලෙකුට හොද වැඩියි. උබ ගූ කාලම මැරියන්.

      Delete
    5. හා මචං මං උඹ මේ කියනකන් හිටියේ ... :D

      Delete
  10. අපේ මෛත්‍රී මහත්තයාගේ නැන්දනිය (බිරිඳගේ මව) අභාවප්‍රාප්ත වූ බව කනගාටුවෙන් දැනුම් දෙමු. එතුමා ජනපති වනු දැකීමට එතුමියට නොහැකි විය.

    http://www.lankadeepa.lk/index.php/top_story/282774

    ReplyDelete
  11. මේක මෛත්‍රිගේ විතරක් ප්‍රශ්නයක් නෙවෙයි, මුළු එජාපයේම ප්‍රශ්ණයක්. ප්‍රේමදාස ඉන්නකොට ගම් මට්ටමේ තිබුණ සංවිධාන ශක්තිය දැන් පේන්නවත් නැහැ.

    ගමකට ගිහිල්ලා කතා කරනකොට තේරෙනවා ඒ මිනිස්සු තාම ඉන්නේ කොටි තාම ආපහු එන්න ඉඩ තියෙනවා කියන විශ්වාසයෙන්, නැත්නම් මහින්ද සහ රජය කරන සංවර්ධන වැඩ වල ඇත්ත නොදැන. පාර හැදෙන එක හොදයි අපිට ඉක්මනය යන්න පුළුවන් කියන මතයේ. පාර හදන්න ගත්ත ණය ගෙවන්න පුළුවන් විදිහට ඒකෙන් ආදායම් තියෙනවද කියලා කවුරුවත් හිතන්නේ නැහැ. ලොක්කා දේයි දේයි ගාලා පපුවට ගහගන්නකොට, ආච්චිලා බදාගන්න කොට, තමන්ගේ් ළමයා වඩා ගන්න කියලා පස්සෙන් දුවන අම්මලා ඉන්න ගමක එජාපයට ඡන්ද අඩුයි. ඒකට හේතුව ගම් මට්ටමට ගිහිල්ලා ඒ මිනිස්සුන්ට ඇත්ත තේරෙන භාෂාවෙන් කියලා දෙන්න කව්රුවත් නැහැ. සමාජ ජාල වල තියෙන නැඹුරුව මෛත්‍රිට වුනාට ඒකෙත් කෑ ගැහුවට ඇත්තටම එදාට ලොක්කටම ජන්දේ දෙන කී දෙනෙක් ඉන්නවද?

    ReplyDelete
  12. ඒෂියන් මිරර් වෙබ් පත්තරේ අය දන්නේ නෑනේ පොදු විපක්ෂයේ ප්‍රචාරණ වැඩ සටහන.බිම් මට්ටමේ අදාල වේගය නියමිත ප්‍රවේගය පවත්වාගෙන යන බව පමණක් මේ වෙලාවේ දැන්වීම ප්‍රමාණවත්.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා