මෛත්‍රීපාල ද? ප්‍රජාතන්ත්‍රවාදය ද?

මෛත්‍රීපාල සිරිසේන නම් පුද්ගලයාගේ පැටිගිරිය සොයා යන්නෙකුට 2014 නොවැම්බර් මාසය දක්වා කිසිදු වැදගත් දෙයක් හමු වන්නේ නැත. 

එහෙත්, අගතිය හා විනාශය දෙසට හැරී තිබෙන ලංකාවේ දේශපාලන ගමන් පථය වෙනස් කරන්නට ඔහු සමත් වෙතොත් ඔහුට ඉතිහාස ගත විය හැකි ය. ඒ වෙනුවෙන් ඔහු ලොකු අභියෝගයක් භාර ගෙන තිබේ. කෘෘර ඒකාධිපති පාලනයක් තුළ හිඳ මෙසේ පිටතට පැමිණ එයට අභියෝග කරන්නට ගත් මේ තීරණය දිවි පරදුවට තබා ගත් තීන්දුවකි. ඔහුට සිදු වූවා යයි කියන අසාධාරණ අපට අදාළ නැත. අප ඔහුගෙන් බලාපොරොත්තු වන්නේ රටට හා ජනතාවට සිදු වූ අසාධාරණයට පිළියම් යොදන එක ය.

ඔහුට ගෞරවනීය නායකයකු වීමේ අවස්ථාව හිමි වී තිබේ. ඒ ලංකාවේ දේශපාලන ඉතිහාසය වෙනස් කිරීමේ පුළුල් මහජන අභිලාෂය ක්‍රියාත්මක කළ නායකයා ලෙසයි. ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කර ප්‍රජාතන්ත්‍රවාදයේ දොරටු ඇර දුන් නායකයා ලෙසයි.

ඔහු මෙන් පොරොන්දු දුන් නායිකාවක වන චන්ද්‍රිකා බංඩාරනායක කුමාරතුංගට වර්තමානයේ අත් වී තිබෙන ගරුසරු නැතිකමට හේතුව පොරොන්දු ඉටු කරන්නට අසමත් වීම බව ඔහු සිහි තබා ගත යුතු ය.

මෛත්‍රීපාල වටා ජනතාව ඒකරාශී වන්නේ ඔහුගේ කිසිදු අමුතු ගුණයක් නිසා නො වේ. ඒ නිසා ගහ දන්නා මේ රටේ ජනතාවට අමුතුවෙන් කොළ කඩා පෙන්විය යුතු නො වේ.

ඔහු නියෝජනය කරන්නේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමේ, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ, දූෂණය දුරලීමේ, යහපාලනය තහවුරු කිරීමේ, නීතියේ ආධිපත්‍යය යළි පිහිටුවීමේ මහජන අභිලාෂයයි. 

මහින්ද රාජපක්ෂ එකී කරුණුවල ප්‍රති පාර්ශ්වයයි. ඔහු කුමන හෝ ආකාරයකින් යුද්ධය අවසන් කළේ ය. එහෙත්, යුද්ධයෙන් පසු මේ රටේ සිදු විය යුතුව තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ අමතක කර දැමූ හේ මේ රටේ ගොඩනැගුවේ අන්ත දූෂිත, නීතියේ පාලනයක් නැති, මානව ගරුත්වය බිඳ දැමූ දේශයකි. 

ජනාධිපතිවරණයෙන් පසුව විනයක් ඇති රටක් ගොඩනගන බව පවසන්නට ඔහුට සිදු වී තිබේ. 

අප පෙනී සිටින්නේ මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් නො වේ. ඔහු පසුබිමෙහි ඇති මහජන අභිලාෂයන් වෙනුවෙනි. ඔහු පොරොන්දු ඉටු නො කරනු ඇතැයි සැක සංකා මතු කරන අයගෙන් අප ඉල්ලා සිටින්නේ ඔහු ලවා පොරොන්දු ඉටු කරවා ගන්නට ඔබත් මේ මහා බලවේගය සමග එක්වන්නැයි කියා ය.

අපට ඔහුගෙන් පෞද්ගලිකව කිසිවක් අවශ්‍ය නැත. අපට අවශ්‍ය ඔහු පොරොන්දු වූ පරිදි විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කර, ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, නීතියේ ආධිපත්‍යය සඳහා දොර විවර කර දීමයි. 

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ පමණින් සියලු ප්‍රශ්න නො විසඳෙනු ඇති බව අපට මතක් කර දෙන්නට අවශ්‍ය නැත. අපි එය දනිමු. අපේ ප්‍රශ්න විසඳා දෙන්නැයි අපි කාටවත් කොන්ත්‍රාත් දෙන්නට ඕනෑ නැත.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ දොරටු ඇරීමකි. ඒ අරින දොර නො වැසෙන්නට වගබලා ගැනීමත්, සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක්, මානව හිතවාදයක් ගොඩනගා ගැනීමත් වෙනුවෙන් අපි නො නැවතී අරගල කළ යුතු ය. ලිබරල්වාදය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, මාක්ස් ලෙනින්වාදය, ස්ටැලින්වාදය, ට්‍රොස්කිවාදය, සමාජවාදය හෝ වෙනත් ඕනෑම වාදයක් වෙනුවෙන් අරගලය ඉදිරියට ගෙන යන්නට ඔබත් ප්‍රජාතන්ත්‍රවාදයේ දොරටුව ඇර ගන්නට පොඩි තල්ලුවක් දෙන්න.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Eyi ekek wath enna epa me paththe mamayi eka. :-) :-)

    ReplyDelete
    Replies
    1. දිනන්නේ කව්ද? අන්තර්ජාල ජනමත විමසුම 2015 Vote Here http://bit.ly/slpeonlinepoll

      Delete
  2. Para itha daksha lesa rath wuna thatiyata dewana rotiyada dama athi bawa adambarayen prakasha karamu..

    ReplyDelete
  3. මචං පැරා, මේ විහිළු කරන්නේ නැතිව පරිවර්ථනය කරලා දීලා කීයක් හරි කඩා ගන්න කවුරු හරි මෝරෙක් අල්ල ගනින් බං. හැබැයි ඉතිං පරිවර්තනය කරන්න ගියාට උඹටත් ටික්ක කඩ්ඩ අවුල් නේද මස්සිනා?

    ReplyDelete
    Replies
    1. ලමා පිටියේ බබෙක්December 8, 2014 at 11:47 PM

      දැන් නිවාඩු කාලේ හින්දා නෑ ඉස්කෝලේ
      ආයි ආයි ආපි ඔන්න සෙල්ලම් කාලේ
      පැරා පොස්ට් ගහනවා
      අපිත් කමෙන්ට් කරනවා
      හුනු කිල්ලෙලාටයක් ඇරගෙන
      සියා බුලත් කොටනවා....


      ලමා ගීයකි.

      Delete
  4. මගේ සහය මෛත්‍රිට මෛත්‍රි දිනවීම සදහා නෙවෙයි

    ReplyDelete
  5. /මෛත්‍රීපාල සිරිසේන නම් පුද්ගලයාගේ පැටිගිරිය සොයා යන්නෙකුට 2014 නොවැම්බර් මාසය දක්වා කිසිදු වැදගත් දෙයක් හමු වන්නේ නැත. /

    දුව යාළු වෙච්චි දුප්පත් කොල්ල මරපු එක, සුදු අරලිය ගන්න කොළඹින් ආපු පිරිස් වලට හබරණදි තග දාලා හරවලා යවපු එක හෙම ඔහේට වැදගත් මදිද?

    ReplyDelete
    Replies
    1. ane kiyandakoo koi duwa yalu una duppath kollad?

      Delete
    2. උඹ තමා ඌ

      Delete
  6. 2015 මෛත්‍රීගේ ආගමනයටද 1993/1994 චන්ද්‍රිකාගේ ආගමනයටද බලපාන හේතු එකිනෙකට බෙහෙවින්න් සමානය. වෙනස ඇත්තෙ චන්ද්‍රිකා ප්‍රබල නායකයෙකු වෙද්දී මෛත්‍රී දුබල නායකයෙකු වීමයි. මෙනිසා මහින්ද පරාජය වුවහොත් රට අරාජික වීමේ ඉඩ වැඩිවේ.

    ReplyDelete
    Replies
    1. මෛත්‍රී ආගමනය 1994 චන්ද්‍රිකා ආගමනයට සමාන නොවේ. 1994දී ජනතාවට විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමේ උවමනාව්‍කට වඩා තිබුණේ විධායක ජනාධිපතිවරයා වෙනස් කිරීමේ උවමනාවකි. එදා විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම සඳහා මහජන උද්ඝෝෂණයක් ප්‍රබලව ඇති නො වන්නට හේතුව එයයි.

      මෛත්‍රී දුබල නායකයකු යයි කීමට හදිසි නො වන්න. 2005දී ජවිපෙ හා කොටි මහින්ද ගැන හිතුවේ ද ඔහු දුබල නායකයකු වනු ඇති ය කියා ය.

      Delete
    2. "1994දී ජනතාවට විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමේ උවමනාව්‍කට වඩා තිබුණේ විධායක ජනාධිපතිවරයා වෙනස් කිරීමේ උවමනාවකි. එදා විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම සඳහා මහජන උද්ඝෝෂණයක් ප්‍රබලව ඇති නො වන්නට හේතුව එයයි." If MS wins history will repeat! In order to solidify his powers MS have to maintain Ex-president-ship. The day he abolish it it will be the end of his political career.

      "මෛත්‍රී දුබල නායකයකු යයි කීමට හදිසි නො වන්න. 2005දී ජවිපෙ හා කොටි මහින්ද ගැන හිතුවේ ද ඔහු දුබල නායකයකු වනු ඇති ය කියා ය." JVP? Anyway in my opinion, MS will not be able to solidify his power among SLFPers and abolish Ex. President-ship.

      Delete
  7. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. කරුණාකර ආගමික ප්‍රචාර හෝ විරෝධයන් සඳහා වෙනත් අවකාශයක් සොයා ගන්න. මේ බ්ලොගයේ කර්තෘ වන මම කිසිදු අසමානතාවකින් තොරව ආගම්වලට සලකමි. ඒ කියන්නේ කිසිදු ආගමකට ගරු නො කරමි. මාක්ස්වාදය නම් ආගමට ද මෙය අදාළ ය.

      Delete
    2. එහෙම කියන්න එපා පැරා. අපේ සුරත් වලටත් ඉඩක් දෙන්න. ආගමෙන් ව්‍යුක්ත දේශපාලනයක් වත් සමාජයක් වත් නැහැ නේ.
      අල්ලඃ දෙවියන්ට නමස්කාර වේවා. ඔබට අල්ලඃ දෙවි පිහිටයි

      Delete
    3. සුරත් පාවිච්චි කරලා ගහපිය අතේ ගෙරි කොනකපාලයා

      Delete
    4. අපේ නානාගේ බ්ලොග් යෙකට එවිත් අපිලට එහෙම කියන එක ෂරි නෑ. අපිල නානාට ඔඳට ෂලකන මිනිෂ්ෂුල ෂරි.

      Delete
  8. මැරුවත් චන්ද්‍රිකාට ඡන්දය දෙන්නෙ නෑ කියාපු පැරාබෝයි දැන් චන්ද්‍රිකාට කඩේ යන හැට් දැක්කාම අපට පුකෙනුත් හිනා ඕයි...!

    ReplyDelete
    Replies
    1. 2006 සැප්තැම්බර් මාසයේ වික්ටර් අයිවන් නම් ප්‍රවීන මාද්‍ය වේදියානන් විසින් රචිත "චෞර රැජින" නම් පොත එළිදැක්වූ අතර එය 2006 අගභාගයේදී වඩාත්ම කතා බහට ලක්වූ ප්‍රකට ප්‍රකාශනයක් විය .විශේෂයෙන්ම එහි තිබු කරුණු රචක වික්ටර් අයිවන් විසින් ගවෙෂනාත්මකව හෙළිදරවු කරතිබූ ආකාරය සැබවින්ම විශිෂ්ටය.

      එහි සදහන් කෙරුණු කරුණු අතර අනොදෝලනාත්මක ප්‍රකාශයන් රැසක් තිබු අතර විශේෂයෙන්ම කුමාර් පොන්නම්බලම්ගේ මරණය (111-120 පිටුව) , මුස්ලිම් කොන්ග්‍රස් නායක මොහොමඩ් අශ්රොෆ්ගේ හෙලිකොප්ටර් අනතුර (13 පිටුව), මාද්‍යවේදී රෝහණ කුමාරගේ මරණය ((103 - 110 පිටුව) ,රංගන ශිල්පීනි අනෝජා වික්‍රමසිංහ ගේ නිවසට ගිනිතැබීම (121-130 පිටුව) ගායන ශිල්පී යුවල රූකාන්ත/චන්ද්‍රලේකා ට හිරිහැර කිරීම (131-136 පිටුව) , ලසන්ත වික්‍රමතුංගට පහරදීම (90 වැනි පිට) සරත් කෝන්ගහගේ නිවසට පහරදීම (90 වැනි පිට) වැනි කරුණු සාක්ෂි සහිතව "චෞර රැජින" පොතේ සදහන්වේ .

      මීට අමතරව හැරි ජයවර්ධන අනුබල දුන් රේගු නිලධාරී සුජිත් ප්‍රසන්න ඝාතනය (87 වෙනි පිටුව), අපරාධ ඒකකයට - බැද්දදෙගානේ සංජීව ,දම්මික,මොරටු සමන් , තාරා අජිත්, යන රටේ නමගිය අපරාධ කරුවන් යොදා ගැනීම ,රග්බි ක්‍රීඩක ජොයෙල් පෙරේරා ඝාතනය , චන්ද්‍රිකා සමයේ වයබ මැතිවරණය ආදී තොරතුරු ඇතුලත් වේ .

      තවද චන්ද්‍රිකාගේ රජය තුල රොනී , හැරී ,බ්‍රිටෝ , තරා යන පුද්ගලයන් මුළු රටම සහ සියලුම ගනු දෙනු පාලනය කල හැටි (එමිරේට්ස් , වොටෙර්ස් එජ් , ශ්‍රීලංකා රක්ෂණ සංස්ථාව) සාක්ෂි සහිතව "චෞර රැජින" පොතේ සදහන්වේ

      පොතේ 9 වැනි පිටුවේ මෙසේ සදහන්වේ
      " ඇය මහජනයා වෙනුවෙන් සිය පියාගේ සමාධිය ඉදිරයේ දිවුරා පොරොන්දු වූවාය ,එහෙත් බලයට පැමිණීමෙන් පසුව තමන් වෙත පැවරී තිබු යුතුකම් හා වගකීම් අමතක කලාය ,දේශපාලන වේදිකාවේ ප්‍රධාන තේමාව වූ දේශපාලන සදාචාරයක් ඇති කිරීම වචනයට පමණක් සීමා කලාය ,විධායක ජනපති ක්‍රමය අහෝසි කරනවා තබා එය කරන තෙක් වහාම අහෝසි කරන බවට පොරොන්දු වූ ජනපති ක්‍රමයට අවේනික අනවශ්‍ය බලතලවත් ඇය ඉවත් කලේ නැත , උත්සහ කරේද නැත .ඡන්ද තරගය අශෝබන මිනීමරු තරගයක් බවට පත්කල මනාප ඡන්දක්‍රමය අහෝසි කිරීමට කිසිවක් නොකලාය"

      Delete
    2. පැරා බෝයිගේ ආදරණීය නායිකාවනෙ මෙයා දැන්

      Delete
  9. අද ලංකාවේ දේශපාලනය ගැන අවංක හා නිවැරදි දැක්මක් තියෙන්නේ අපේ මාරයා අයියාට පමණයි. පැරාලා කකාලා ගූතලන්ලා ඔක්කෝම අවස්ථාවාදී හිවල්ලු.

    ReplyDelete
  10. C.B PRESENTED A NEW CONSTITUTION TO PARLIAMENT, BUT UNPERS, BURNT THAT IN THE HOUSE.

    ReplyDelete
  11. පැරා නොදන්න අපි දන්න මෛත්‍රීගේ පැටිකිරිය මෙන්න:

    http://dbsjeyaraj.com/dbsj/archives/35733

    දැං මහින්දල ඔයිට වඩා දේවල් කරල තියෙනව කියල ජෝක් දාල ශේප් වෙන්න හදන්න එපා. ඒක පැරා වගේම් අනිත් උනුත් දන්නව. හැබැයි ඒ එක විහිළුවකින්වත් පැරා මෛත්‍රීට කඩේ යන්න ගත් තීරණය සාධාරණීකරනය වෙන්නෙ නැහැ.

    ReplyDelete
  12. මේ ගේම් එකේ පැරා ඔයා කැමති උත්තර හදාගෙන ලයික් දාන්න බැහැ. පැරාටත් තියෙන්නෙ තියෙන උත්තර වලින් එකක් ‍තෝර ගන්න. එක්කො විමල් කිව්ව විදිහට පැරාටත් ජවිපෙ කරනව වගේ' 'අන්න නයා, මෙන්න පොල්ල, මට නම් මුකුත් කරන්න විදිහක් නැහැ මම සිල් අරං' කියන අස්ථානෙට යන්න පුළුවං. එහෙම නැත්තම් අර ෆොන්සේක ඉල්ලුව වෙලේ ටැබූ කලා වගේ (ෆොන්සේක වෙනුවෙන් කඩේ යන ගමන් දේශපාලන නිවැරදිබව වෙනුවෙන් නව සම සමාජ කාරයට චන්දෙ දෙන්න කිව්ව වගේ) පැරාටත් මෛත්‍රීව දිනවන්න ඕනෙ ටික කියන ගමන් සිරිතුංග ජයසූරියට හරි වෙන කාට හරි චන්දෙ දෙන්න කියල ඉල්ලන්න පුළුවං. එහෙමත් නැත්තම් අර චම්පික රණවක කරනව වගේ හිත හදාගෙන ඇඹරෙන්නෙ නැතුව රනිල්ට කඩේ යන්න පුළුවං.

    ජීවිතේ හැටි ඔහොම තමයි පැරා.

    ReplyDelete
    Replies
    1. පැරා මුලින් කිව්වෙ තරඟය තියෙන්නෙ චන්ද්‍රිකා හා මහින්ද අතර නම් පැරාගෙ ඡන්දය මහින්දට කියලා. චන්ද්‍රිකා වෙනුවට චන්ද්‍රිකාගෙ නියෝජිතයා තරඟයට එනකොට ඒ තීරණය ප්‍රතිවිරුද්ධ වෙනවා නම් එසේ විය හැක්කේ:

      1. චන්ද්‍රිකා කෙරෙහි බද්ධ පෞද්ගලික වෛරයක් පැරාට තියෙන නිසා
      2. මෛත්‍රිට පැරාගේ පෞද්ගලික කැමැත්තක් තියෙන නිසා

      මොනවා වුණත් පැරාගේ තීරණය පෞද්ගලික හේතු මත ගත්තු එකක්. ඒකට දේශපාලන හේතු බලපානවා නම් චන්ද්‍රිකා ආවත් මෛත්‍රි ආවත් තීරණයෙ වෙනසක් වෙන්න බැහැනෙ.

      Delete
    2. ගොන් තර්ක දාන්න එපා. මෛත්‍රි කියන්නෙ චන්ද්‍රිකා නෙමෙයි.චන්ද්‍රිකා මෛත්‍රිට උදව් කලාට, ඒක මෛත්‍රිට ඡ්න්දෙ නොදෙන්න හේතුවක් නෙමෙයි. ඒ අනුව යනව නම් මහින්ද ට KPඋදව් කරන නිසා මහින්දට දෙන හැම ඡ්න්දයක්ම KP ට දානව කියනව වගෙ.

      Delete
    3. /ගොන් තර්ක දාන්න එපා./

      මෛත්‍රී කතාකරනකොට ඇති කියන්නේ චන්ද්‍රිකා. බල්ටියක් ගහපන් පුතා කියල අහිගුන්ටිකය කිව්වම රිලවා බල්ටියක් ගහනවා.ඇති පුතා කිව්වම නවත්තනවා.

      මහින්ද බල්ටියක් ගහල සල්ලි අරං වරෙං කිව්වම KP බල්ටියක් ගහල සල්ලි අරං එනවා.

      නටවන්නේ කවුද නටන්නේ කවුද කියල බලපං ගොං කතා කියන්න කලින්.

      මහින්ද පරද්දන්න ඕන කියන එකත් එක්ක මේක පටලගන්න එපා. මහින්දව පරද්දන්න ඕන. මෛත්‍රීව චන්ද්‍රිකා නටවන එක නවත්තන්නත් ඕන,

      Delete
  13. අන්න අරහේ පනිනවෝ මර්විනුත් පනිනවලු

    ReplyDelete
  14. අද එන 4 දෙනා කව්ද බන්? දන්න එකෙක් ඉන්නව නම් අපිටත් කියපන්.

    ReplyDelete
    Replies
    1. මර්වින්, ජීවන්, බැසිල්,නාමල්

      Delete
    2. දිනේශ්, ජොන්ස්ටන්, රොහිත අබේගුණවර්දන, රියෙන්සි ඥානපාල

      Delete
    3. ජීවන්, මර්වින්, රංජිත් සියඹලාපිටිය, හතර වෙනියා?

      Delete
    4. හතර වෙනියා වාසු.

      Delete
    5. සිරිකොතේ පැළවුනත් මුනුපුරේ
      ඇ තවම පාලා බබෙකි බස්නාහිරේ
      ගෙම්ම්බෝ පනිනවා මල කරදරේ
      ගලවමුද සරත් සිල්වා ගේ වස්තරේ

      Delete
  15. පැරා ගෙවල් පැත්තට වහිනවා ද ?
    එළවලුත් ගනන් නේ.
    නත්තලත් ලගයි නේ.
    ඡන්දෙකුත් තියෙනවලු නේ.
    දේශපාලකයින් නිදි පැදුරටත් නොකියා යනවලු නේද.
    බුද්දිමත් ජනතාවටම ඔබින බුද්දිමත් පාලකයින් කිවුවලු.
    යකාගේ හැටියටලුනේ වීමානේ.

    8 ශ්‍රි ලංකා නමෝ නමෝ නමෝ මහතා.//

    ReplyDelete
  16. මෙචචර කල් හිතන් හිටියේ මේ බ්ලොගය වමේ පෙරමුණේ එකක් කියල. ඒ කියන්නේ සහය පොදු වමට හෙවත් භාග පොදු වමට කියල. බලාගෙන ගියාම පැරත් මෛත්‍රිට වගේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා