ජනාධිපතිවරණ ව්‍යාපාරයේ එජාපය අසාර්ථක වන තැන

ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල‍ගේ මැතිවරණ ව්‍යාපාරය බැලූ බැල්මට එතරම් විනිවිද යන එකක් නො වේ. බොහෝ දෙනෙක් එහි මූලික ප්‍රශ්නය ලෙස මතු කරන්නේ එය බිම් මට්ටම වෙත ළඟා වන ආකාරයක් නොමැති වීමයි. බොහෝ දුරට නගර කේන්ද්‍රීයව කරන රැස්වීම් ඔස්සේ හා ජනමාධ්‍ය ඔස්සේ කරන ප්‍රචාරණයට එය සීමා වී තිබේ.

මෙයට ප්‍රතිපක්ෂව ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය සැලසුම් වන්නේ නිල ප්‍රචාරණය, ජනාධිපති බලතල, රාජ්‍ය දේපල, බලහත්කාරය, මැතිවරණ නීති උල්ලංඝනය ආදී සියලු ක්‍රම ඔස්සේ සමාජය විනිවිද යාම සඳහා ය. එය බැලූ බැලූ අත දකින්නට ලැබෙන්නකි.

එහෙත්, අප විසින් කරන ලද නිරීක්ෂණවලින් හා ජනමත සමීක්ෂණවලින් පෙනී ගොස් තිබෙන කාරණයක් වන්නේ මේ වන විට සමාජයේ සැලකිය යුතු කොටසක් ජනාධිපති අපේක්ෂකයින් පිළිබඳවත්, ඔවුන්ගේ  ඡන්ද සලකුණු ආදිය ගැනත් දැනුවත් බවයි. එසේම, සැලකිය යුතු පිරිසක් මේ වන විටත් තමන් ඡන්දය දෙන්නේ කාට ද යන්න තීරණය කර හමාර ය. එහිදී දක්නට ලැබෙන ලක්ෂණයක් වන්නේ සමාජයේ සැලකිය යුතු කොටසක් සිටින්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නැවත බලයට පත් නො කළ යුතු ය යන ස්ථාවරයේ වීමයි.

ජනාධිපතිවරයාගේ සීමාන්තික ප්‍රචාරණ ව්‍යාපාරයෙහි එක් ප්‍රතිඵලයක් දක්නට ලැබේ. ඒ වනාහි එහි දීප්තිය විසින් ප්‍රතිපාක්ෂිකයන් තුළ කිසියම් විමතියක් ඇති කිරීමයි. ඔවුන් තුළ මතු වන සාමාන්‍ය ප්‍රශ්න මේවා ය.

  • පොදු අපේක්ෂකයාගේ ප්‍රචාරය ප්‍රමාණවත් ද?
  • එය බිම් මට්ටමට විහිදෙනවා ද?
  • පොදු ජනතාව අතර කිසියම් ‍නො දන්නා ශක්තියක් මහින්දට තිබෙනවා ද?
  • මේ සියලු අවාසිදායක තත්වයන් යටතේත් ඔහු ජය ගනීවි ද?
  • මහින්ද ජය තහවුරු කර ගැනීම සඳහා බලහත්කාරය භාවිතා කරාවි ද?

මේ ප්‍රශ්න විසින් පොදු අපේක්ෂකයා වෙනුවෙන් වැඩ කරන පිරිස දුර්මුඛ කර තිබේ. එය ඇත්තෙන් ම මහින්දගේ ප්‍රචාරණයේ සාර්ථකත්වයේ ලක්ෂණයකි.

මහින්දගේ ප්‍රචාරණ ව්‍යාපාරය හසුරුවන්නේ වෘත්තීය මට්ටමෙන් එය කරන පිරිසක් විසිනි. රාජපක්ෂ පාලනයෙන් අයථා වාසි ලැබූ දේශපාලකයන්, නිලධාරීන්, කලාකරුවන්, සිවිල් සංවිධාන සාමාජිකයන් ආදීහු වෘත්තීයමය ලෙස සිය කාර්යයට මැදිහත් වී සිටිති. එහිදී දකින්නට ලැබෙන මූලික ලක්ෂණයක් වන්නේ ඔවුන් එය කරන්නේ තමන් විසින් කළ යුතුව තිබෙන මිළ ගෙවීමක් ලෙස මිස මුළු හදින් ම නො වීමයි.

මෙම සංදර්භය තුළ රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ හැසිරීම පසුගියදා දඹුල්ලේදී දකින්නට ලැබිණි. දඹුල්ලේ මහින්දගේ රැස්වීම තුළ මහින්දට ජනතාවගෙන් ලැබුණු නිශේධාත්මක ප්‍රතිචාරය ඇමති ජනක බංඩාර තෙන්නකෝන්ගේ දේශපාලන හැසිරීම හා සමපාත එකකි. ‍මේ වන විට මෛත්‍රීපාල සිරිසේන සමග ඍජුව එක් වන්නේ නැතිව සිටින ශ්‍රීලනිප දේශපාලකයන් අභ්‍යන්තරව මහින්දගේ මැතිවරණ ව්‍යාපාරය සාර්ථක ලෙස දිය කර හරිමින් සිටිති. ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ රැදී සිටිමින් කරන හානිය සුවිසල් ය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තිස්ස අත්තනායකට සෞඛ්‍ය ඇමති ධුරය පිරිනැමීමට ගත් තීන්දුවත්, උදය ගම්මන්පිලට බස්නාහිර මහ ඇමති ධුරය පිරිනැමීමට වූ පොරොන්දුවත්, ආණ්ඩුවට එකතු වන එක්සත් ජාතික පාක්ෂිකයන්ට සම්ප්‍රදායික ශ්‍රීලනිප සාමාජිකයන්ට නො ලැබුණ වරප්‍රසාද පිරිනැමීමත් විසින් ශ්‍රීලනිපය තුළ ඇති කර තිබෙන්නේ දැවැන්ත කැළඹීමකි.

මේ අතර, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දරුවන්ගේ මැදිහත්වීම විසින් පක්ෂය තුළ ඇති කර තිබෙන තත්වය ද ජනාධිපතිවරයාට වාසිදායක නො වන අන්දමින් බලපාමින් තිබෙන බව පෙනේ. මෙය රාජපක්ෂ පවුල් පාලනය තුළ ද නව තත්වයක් ඇති කර තිබේ.

පොදු අපේක්ෂකයාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය බිම් මට්ටමට විහිදී නැද්ද? යම් යම් අධ්‍යයනවලින් දැන ගන්නට ලැබී තිබෙන පරිදි මේ වන විටත් ජනතාව පොදු අපේක්ෂකයා පිළිබඳ හොඳින් දැනුවත් බව පැහැදිලි ය. මේ වන විට ජනමාධ්‍යවල ක්‍රියාකාරිත්වය 2010ට වඩා ප්‍රබල ය. එසේ ම, අන්තර්ජාලය හා සමාජ ජාල විසින් විශේෂයෙන්ම තරුණ පරම්පරාවට කරන බලපෑම අති මහත් ය. සමාජ ජාලවල බලපෑම ඒවා පරිහරණය නො කරන පිරිස් වෙත ද විහිදෙන බව අමතක නො කළ යුතු ය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රචාරණ ව්‍යාපාරයේ තිබෙන උන්මාදනීය අතිධාවනකාරිත්වය හා උවමනාවට වඩා වැඩිපුර කිරීමේ ලක්ෂණය විසින් ඇති කරන ප්‍රතිඵලය මුළුමනින් ම ඔහුට වාසිදායක වන්නේ නැත. නිදසුනක් ලෙස මේ වන විට ගුවන් විදුලියේ හඩ්සන් සමරසිංහ කරමින් සිටින කාර්යය මැතිවරණ නීති උල්ලංඝනය කිරීම ඉක්මවා යමින් පිළිකුල් රසය මූලික කර ගත් බද්ධ වෛරී ප්‍රකාශනයක් වී තිබේ. ලෝකයේ කිසිදු ශිෂ්ට මාධ්‍ය අවකාශයක යොදා නො ගන්නා වචන ඔහු විසින් භාවිතා කරනු දක්නට ලැබේ. මේ වන විට ඒ වචන සභ්‍යත්වයේ සීමාව ද පසු කරමින් තිබේ.

එසේම සෑම තැනක ම ප්‍රදර්ශනය කරනු ලබන පෝස්ටර් හා ප්‍රදර්ශන පුවරු විසින් මතු කරන ප්‍රශ්න ගණනාවක් තිබේ. මේ වැය කරන්නේ කාගේ මුදල් ද යන ප්‍රශ්නය මුලින් ම මතු වේ. මැතිවරණයක් වෙනුවෙන් වැය කිරීමට මෙතරම් ධනස්කන්ධයක් ඔවුන් රැස් කර ගත්තේ කෙසේ ද? මෙය වනාහි කවුරුත් දන්නා පිළිතුරක් නැවත නැවත මතක් කිරීමකි. එය මහින්ද රාජපක්ෂට වාසිදායක තත්වයක් නො වේ. ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණක් වන්නේ සිය සංවරධන වැඩපිළිවෙල පිළිබඳ කතා කිරීමයි. එහෙත්, ඒවා පසුබිමේ සිදු වන කොමිස් ජාවාරම් පිළිබඳ විපක්ෂයේ තර්කයට මේ අතිධාවනකාරී ප්‍රචාරනයෙන් තටු ලැබෙන බවක් ද පෙනේ.

පසුගිය සතිවල සිදු වූ සංවර්ධනයන් අතරින් විශේෂයෙන් ම දඹුල්ල රැස්වීමේදී මතු වූ තත්වය  වැනි කාරණා විසින් පෙන්නුම් කරන තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ මේ වන විට සිය පාක්ෂිකයන් අතර භය පක්ෂපාතිත්වය තව දුරටත් රඳවා ගැනීම ද ජනාධිපතිවරයාට අසීරු වී තිබෙන බවයි. මේ භය පක්ෂපාතිත්වය රඳවා ගැනීමේ හැකියාව ගිලිහී ගියොත් මහින්ද රාජපක්ෂයට එය බරපතල ගැටලුවක් වනු ඇත. ජිල්මාට්, මිලිටරි මැදිහත්වීම් ආදිය ගැන තිබෙන කටකතා ද මේ භය පක්ෂපාතිත්වයේ ම කොටසකි. ඒවා පතුරුවා හරිනු ලබන්නේ ද මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ ම කොටසක් ලෙසයි. එහෙත්, මහා ජන බලයක් හමුවේ මේ සියල්ල ම හුදු වාගාඩම්බර පමණි. එවැනි ජනරැල්ලක් පොදු අපේක්ෂ මෛත්‍රීපාල සිරිසේන පසුබිමින් නිර්මානය වෙමින් ති‍බේ.

ජනාධිපතිවරණය පිළිබඳ සමාජයේ දක්නට ලැබෙන්නේ ඉතා අඩු උණුසුමකි. එය ම මේ ජන රැල්‍ල පිළිබඳ සාක්ෂියකි. මහින්ද රාජපක්ෂගේ අති ධාවනකාරී ප්‍රචාරණ ව්‍යාපාරය සමග ගැටුමක් ඇති වන අන්දමේ ප්‍රචාරණ ව්‍යාපාරයක් පොදු අපේක්ෂකයා විසින් දියත් නො කිරීම නිසා මේ වන විට බිම් මට්ටමේ ‍කෝලාහල අවම ය. එමගින් ප්‍රචණ්ඩකාරී උණුසුමක් ඇති කිරීමේ ආණ්ඩුවේ සැලැස්ම අසාර්ථක වී තිබේ. ශ්‍රීලනිප ප්‍රාදේශීය නායකයන් ජනාධිපති මහින්දගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට මුළු හදින් උර නො දීම ද මෙම තත්වයට හේතු වී තිබේ.

එහෙත්, බිම් මට්ටමේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයක් නොමැති වීම මෛත්‍රීපාල සි‍රිසේනට බලපාන ගැටලුවකි.  ජනමාධ්‍ය කෙතරම් ප්‍රබල වුවත්, ජනතාවට ස්පර්ශ වන මැතිවරණ ව්‍යාපාරයක් තිබිය යුතු ය. මෛත්‍රීපාල වෙනුවෙන් ප්‍රචාරණයේ යෙදෙන පිරිස් එවැනි සම්බන්ධයක් අපේක්ෂා කරයි. එහි අසාධාරණයක් නැත. ඔවුන් වැඩි දෙනෙක් ක්‍රියාත්මක වන්නේ ඔහුට ළං වී සිටින පිරිස් මෙන් නොව, පෞද්ගලිකව කිසිදු අපේක්ෂාවකින් තොරව ය. ඔවුන්ගේ මූලික බලාපොරොත්තුව මේ දූෂිත දේශපාලන ක්‍රමය වෙනස් කිරීමසඳහා මුල පිරීමයි. එහෙයින් මෛත්‍රීපාල වෙනුවෙන් ප්‍රචාරණයේ යෙදෙන ලක්ෂ සංඛ්‍යාත ස්වේච්ඡා පිරිස් වෙත ප්‍රවේශයක් සකසා ගැනීම දේශපාලනිකව වැදගත් ය.

මෛත්‍රීපාල වටා එක්රැස් වී සිටින පක්ෂවලින් බිම් මට්ටමේ ශක්තියක් තිබෙන ප්‍රධාන පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂයයි. එහෙත්, මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂයේ හැසිරීම ගුප්ත ය. එජාපයේ බිම් මට්ටම මේ වන විට අර්ධ වශයෙන් අකර්මන්‍ය වී තිබේ. එයට ‍මූලික හේතුව එක්සත් ජාතික පක්ෂයේ සංයුතියයි. එක පැත්තකින් සියල්ලට පෙර තමන්ට හිමි වන ස්ථානය ගැන සිතන අධික මමංකාරයකින් පෙළෙන දෙවන මට්ටමේ නායකත්වයඑක පැත්තකින් එයට හේතු වේ. අනෙක් පැත්තෙන් දෙවන පෙළේ සිට පහළට එක්සත් ජාතික පක්ෂයේ නායකයින් යනු මහින්දට පහසුවෙන් මිළ දී ගත හැකි, ධනයට කෑදර, ප්‍රතිපත්ති විරහිත ස්ථරයකි. තිස්ස අත්තනායක මෙය කදිමට සංකේතවත් කළේ ය. එවැනි තවත් අය ඕනෑ ම මොහොතක විපක්ෂයෙන් ආණ්ඩුවට එකතු විය හැකි ය. එවැනි මිළ දී ගැනීම් හරහා විපක්ෂය බිඳ දමා ඡන්ද දායකයන් දුර්මුඛ කිරීමේ හැකියාව එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ට තිබේ. සරළව කියනවා නම්, එක්සත් ජාතික පක්ෂයේ දෙවන පෙළ නායකත්වය කෙරෙහි කිසිදු විශ්වාසයක් තැබිය නො හැකි ය.

ජනමතය පාවා දෙමින් මුදලට විකිණෙන දේශපාලකයන් බිහි කරන දේශපාලන සංස්කෘති‍ය වෙනස් කිරීමේ වැදගත්කම මේ සියලු සිද්ධිවලින් නැවත නැවත ඔප්පු වෙමින් තිබේ. 

දැනට ඵලදායී මැතිවරණ ක්‍රියාවලියකට පිවිස ඇති බවක් නො පෙනෙන ජවිපෙ, පෙරටුගාමී පක්ෂය, නව සමසමාජ පක්ෂය වැනි ප්‍රායෝගික වාම පක්ෂවලට හා පුරවැසි සංවිධානවලට මැදිහත් විය හැකි තැන එතැන ය. මේ රික්තය පිරවීමට ඔවුන් සක්‍රිය විය යුතු ය. ඒ මේ ජනාධිපතිවරණයට වඩා අනාගත මහ මැතිවරණයක් ඉලක්ක කරගෙන ය. ජ්‍රජාතන්ත්‍රවාදයේ, යහපාලනයේ, නීතියේ ආධිපත්‍යයේ, නිදහසේ දොරටු ඇරීමට මහින්ද රාජපක්ෂ පාලනය වෙනස් කළ යුතුව තිබේ. එසේම අරින දොරටු නො වැසී තබා ගැනීමට අවශ්‍ය මහජන බලවේගය ගතානුගතික දේශපාලන පක්ෂවලට පිටින් නිර්මානය කිරීම වහ වහා කළ යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ජවිපේ හෝ පෙසස සංවිධාන තවදුරටත් ජනතාවගෙන් ඈත් වන සංවිධානයන් නොවීමට වග බලා ගත යුතු නොවේද?

    ReplyDelete
  2. "එහෙත්, මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂයේ හැසිරීම ගුප්ත ය."

    එජාපයේ මෙම හැසිරීම පිලිබදව පුදුමවියයුතුනොවේ. රනිල් හා ඔහුගේ අනුගාමිකයන් මෛත්‍රීගේ පාලනයේ චන්ද්‍රිකාගේ භූමිකාව පිලිබදව බලවත් සැකයෙන් පසුවෙති.

    තෙන්නකෝන් ශ්‍රීලනිපයේ සිට කරන දෙයම සජිත් එජාපයේ සිට කරයි

    ReplyDelete
  3. රනිල්, චන්ද්‍රිකා, චම්පික, දෙමල සන්ධානය, ජවිපෙ තුනම කරන්න හදන්නෙ එක වැඩෙ. ඒ කියන්නෙ දුර්වල රූකඩයක් ජනාධිපති කරගෙන තමන්ගෙ මඩිය තර කර ගන්න. ප්‍රශ්නෙ කියන්නෙ එක එකාට විශ්වාස නෑ අන්තිමට අනිත් එකා තමන් පරයා මයිත්‍රීව පාලනය කරන්න ගනියිද කියලා. ඕකයි මෙ මැතිවරණයෙ තියෙන මූලික ප්‍රශ්නෙ.

    සජිත්නම් දන්නවා මෙ වෙලාවෙ මයිත්‍රී ආවොත් සජිතට මෙ ආත්මෙ එජාපෙ නායකයා වෙන්න ලැබෙන්නෙත් නෑ කිසිම වැදගත් අමාත්යාන්ශයක් ලැබෙන්නෙත් නෑ කියලා. ග්‍රාමියා එජප පාක්ශිකයාට ඕක තෙරුනු දවසට සිරිසෙන ඇනකොන්ඩා.

    ReplyDelete
  4. අපේ නැන්දා කෙනෙක් හිටියා.. මස් කන්නේ නෑ සත්තු පව් කියල..හැබැයි හොදි කනවා.. එයාව මතක් වෙනවා මට පැරා වෙඩි තිබ්බත් චන්ද්‍රිකාට චන්දෙ දෙන්න නැහැ කියලා මයිත්‍රි ගැනැ මේ තරම් බලාපොරොත්තු තියන් ඉන්නකොට..

    ReplyDelete
    Replies
    1. මා විශ්වාස කරන්නේ මෛත්‍රී ගැන නොවේ. වෙනසක් අපේක්ෂා කරමින් මෛත්‍රීට ඡන්දය දෙන ජනතාව ගැන ය. ඒ අපේක්ෂාව අතිශය දේශපාලනික ය. එය යථාර්ථයක් බවට පත් කර ගැනීමට අප උත්සාහ කළ යුතු ය.

      Delete
    2. /මා විශ්වාස කරන්නේ මෛත්‍රී ගැන නොවේ. වෙනසක් අපේක්ෂා කරමින් මෛත්‍රීට ඡන්දය දෙන ජනතාව ගැන ය./

      බබ්බුත් දැක්කා - මේ වගෙ බබ්බු නොදැක්කා...

      Delete
  5. It seems you have been rattled with the reality that MR is way ahead in his campaign and is heading for a certain victory. While saying MR has been able to reach the village level voter base your claim that MY3 would anyhow be the winner is absurd.

    ReplyDelete
    Replies
    1. MR is way ahead in use of public property in his Presidential campaign. But if you go deep, you may see that his bandwagon has not taken the full responsibility of his campaign. It very lukewarm despite all the resources they have plundered and invested in the campaign.

      Opposition is weak but they have strong support base from people. Lot of people have already decided to vote him to protest the present system of to change it. They will not change due to these propaganda although there are issues pertaining to morale.

      Delete
  6. බිම් මට්ටම, තම්මැට්ටම, වගේම චන්ද්‍රිකාගේ තන් මට්ටම දක්වා විහිදිය යුතුයි.

    ReplyDelete
  7. මේ වෙන දේවල් වලට මට පොළොවෙ පස් කන තරමට හිනා ඕයි...

    පැරායියයි, බුවයියයි, රාජයියයි, උදිත මල්ලියි, මෝඩ වම්මුයි, චම්පික රණවකයි, වික්‍රමබාහු කරුණාරත්නයි, වික්ටර් අයිවනුයි, චන්ද්‍රිකායි, සෝමරත්න දිසානායකයි, සම්බන්ධනුයි, රතන හාමුදුරුවොයි, රවි කරුණානායකයි, සෝභිත හාමුදුරුවොයි, සරත් නන්ද සිල්වයි, මංගල සමරවීරයි ඔක්කෝම කරට අතදාගෙන වෙනසක් බලාපොරොත්තු වෙනවා.

    පැරායියාගේ ලිපි පළ නොකිරීමේ ප්‍රතිපත්තියක හිටපු රාවය පත්තරේ හිටු කියලා පැරයියාගේ ලිපි පළ කරනවා. පැරයියාත් හිටු කියලා ලියනවා.

    අනේ හොඳයි පැරයියො. අපට අට වෙනදා 'වෙනස' දෙනවා නේද? නව වැනිදා පාන්දර 'අප පැරදුණේ ඇයි?' කියලා ලිපියක් ලියන්නෙ හෙම නෑ නේද?

    ReplyDelete
    Replies
    1. නලීන් චන්දිමDecember 19, 2014 at 9:51 AM

      මාරයියෙ ඔයා.....?

      ඔයා නව වෙනිදා එහෙනම් “ජයග්‍රහණ සැමරුම් කිරිබත“ හදන හදන හැටි මාාර සරණියෙන් පැහැදිලි කරන්නෙකො.. සුභ අනාගතයක්!

      Delete
    2. මෙ කැද හැලිය බලයට ආවොත්නම් මයිත්‍රී ජනාධිපති උනා වගෙ කියලා ප්‍රස්තා පිරුලක් හැදෙයි.

      Delete
    3. ප්‍රස්ථා පිරුළු නම් එමට !!!

      "මහින්ද FILE හංගන් හිටිය වගේ"
      "තිස්සට කලකිරී සෞඛ්‍ය ඇමැතිකම ගත්තා වගේ"
      "ගම්මන්පිල (Jumping පිල) බැංකු ලෝන් එක පියවා ගන්න අයෙත් පැන්නා වගේ"
      "මයිත්‍රී ආප්ප කැවා වගේ"
      "චන්ද්‍රිකා යහ පාලනය ගැන කථා කරා වගේ"
      "කසලසූරිය SBගේ නිරුවත වැහුවා වගේ"
      "මාතර සුනිල්ගේ කථාවට මහින්දානන්දට තද වුනා වගේ"
      "ටකරන් විමලේ විදෙස් කුමන්ත්‍රණ ගැන කථා කලා වගේ"
      "සෝමරත්නට මහින්ද එපා වුණා වගේ"

      Delete
    4. "පැරායියා දිනමිණ කර්තෘ වෙන්න පෙරුම් පිරුවා වගේ"

      Delete
    5. "විමලේ දෙක දෙකෙන් බෙදුවා වගේ"

      Delete
  8. නියත වශයෙන්ම ජනවාරි 10දා දිනමිණ කතෘ ලෙස වැඩ බාරගන්නා අපේ පැරායියාට ජයවේවා!!!!

    ReplyDelete
  9. මා මෙම අදහස මාතලන්ගේ අවකසයීත් සදහන් කරන ලදී.
    දිගින් දිගටම සියලුම දේසපාලන පක්ෂ විසින් රවටනුලබන අප මෙම අවස්තවීදී මුලික ලෙස කුමක් සමාජගත කලයුතු දැයි තේරුම් ගත යුතුය.
    කුමන පක්ෂය පාලනය කලත් ඉදිරි මාස 8 තුලදී ශ්‍රී ලාංකිකයනට ආර්ථික ලෙස විදීමට වන දුස්කරතා තේරුම් කල යුතුයි.

    ලබාගන ඇති ණය වාරික සහ පොලිය ගෙවිම වක්‍ර බදුවලින් ගෙවීමේදී ශ්‍රී ලාංකිකයකුගේ දැනට ඇති වියදම මෙන් කීප ගුණයක් ගෙවීමට සිදුවනු ඇත.
    කරුණා කර මෙම කරුණ මීට වඩා වැඩි ලෙස සාකච්චා කරන මෙන් ඔබෙන් ඉල්ලමි.

    මේ අවස්ථාවේ පුරවැසියන් වන අපි උත්සහ කල යුත්තේ මෛත්‍රීපාල මහතා හෝ මහින්ද මහතා පත්කරගැනීමට වඩා දීසපලන්න්යයන් යොදා ගෙන පහත ප්‍රතිකර්ම යොදගංඊමයි යොදාගැනීමයි.

    ශ්‍රී ලංකා ආර්ථිකය ගමන්කරන්නේ කුමන දිසාවට දැයි අප දැනුවත් වියයුතුයි.

    http://www.economist.com/content/global_debt_clock

    කරුණා කර ඉහත ලින්කුවට යන්න. ශ්‍රී ලංකාවත්, ඉන්දියාවත්, ඔස්ට්‍රීලියාවත් තෝරාගන්න.
    2003 public debt for person $993.51 එනම් නිදහස ලබුදිනයේ සිට ඇත්තේ නමුත්
    2014 public debt for person $2503.61 වී ඇත. එනම් $1510.10 වැඩිවී ඇත
    අප 2009 සිත 2014 තෙක් මෙහි වැඩිවීම public debt for person $717.26 වසර 5 වැනි සුළු කලකින් මෙම අගය
    වැඩිවී ඇත.

    මෙම රජයට හොදකියන පුද්ගලයකු කියනුයී 2003 දී එක පුද්ගල ණය දල දේශීය නිෂ්පාදිත යෙන් ප්‍රතිශත ලෙස 101.7% වූ අගය 2014 දී 80.9% අඩු වූ බවය. නමුත් මෙහි මායාව ඇත්තේ ඩොලර් මිලියන 250 වියදම් වන ආයෝජනයට ඩොලර් මිලියන 750 වියදම් කරීනම් සත්යලෙසම දේශීය නිෂ්පාදිතය වැඩිවී ඇත්තේ ඉතා සුළු ලෙසයි, දැන් නිවැරදි එක පුද්ගල ණය දල දේශීය නිෂ්පාදිත යෙන් ප්‍රතිශත ලෙස ගත හොත් එය 80.9% නොව සමහර විට 500% හෝ 600% වියහැකියි.

    ප්‍රශ්නය නම් ඉදිරි අවුරුදු වල දී ශ්‍රී ලංකික පුරවැසියාට කිසිවිටක සිතා ගත නොහැකි ජීවන වියදමක් දැරීමට සිදුවේවි!
    අප තීරුම්ගත යුතු කටුක යථාර්තයනම් කුමන දේසපාලන පක්ෂය ජයගත්තත් පහත සදහන් පියවර වලින් තොරව ඉදිරියක් නොමැති බවයි.

    01. තොරතුරු දැනගැනීමේ නිදහස සහ ස්ව්වදීන කොමිසන් සබා මගින් දුශන අවම කිරීම.
    02. රාජ්‍ය රැකියා බදවා ගැනීම් නතර කිරීම.
    03. රාජ්‍ය සේවකයනට නිසි සැලසුමකට වැඩකිරීමට සැලැස්වීම (මෙහිදී සියල්ල පරිගණක ගත කොට පුද්ගල කාර්යක්ෂම බව මැනීමට ක්‍රම යෙදීම )
    04. කෘනිම සහන ලබාදීම අවම කිරීම (රජය මුදල් ලබාගන්නේ ජනතාවගේ අහාර සහ ඔවුන්ගේ මිලදීගැනීම් මත බදු අයකිරීමෙන් බැවින් රජයට සහන දීමට හැකියාවක් නැත.

    බොහෝදෙනා සිදුවී ඇති දෙයට එකගවුවද ගතයුතු ක්‍රියාමාර්ග පිලිබදව අවංකව එඅකග නොවේ ප්‍රශ්නය ඇත්තේ එතනයි !

    තිලින

    ReplyDelete
    Replies
    1. "මෙම රජයට හොදකියන පුද්ගලයකු කියනුයී 2003 දී එක පුද්ගල ණය දල දේශීය නිෂ්පාදිත යෙන් ප්‍රතිශත ලෙස 101.7% වූ අගය 2014 දී 80.9% අඩු වූ බවය. නමුත් මෙහි මායාව ඇත්තේ ඩොලර් මිලියන 250 වියදම් වන ආයෝජනයට ඩොලර් මිලියන 750 වියදම් කරීනම් සත්යලෙසම දේශීය නිෂ්පාදිතය වැඩිවී ඇත්තේ ඉතා සුළු ලෙසයි, දැන් නිවැරදි එක පුද්ගල ණය දල දේශීය නිෂ්පාදිත යෙන් ප්‍රතිශත ලෙස ගත හොත් එය 80.9% නොව සමහර විට 500% හෝ 600% වියහැකියි."

      කෙප්ප කෙලින්න එපා. ලන්කාවෙ ණය අනුපාතිකය 80%යි. රනිල්ගෙ කාලෙ ඒක 101%යි. ජපානෙ ඒක 200%යි.

      Delete
    2. නිකම්ම කෙප්ප කිව්වට බෑ ඔප්පු කරල පෙන්නපන්

      Delete
    3. රටක් ලබාගෙන ඇති ණය ප්‍රමාණය අඩු හෝ වැඩි කල නොහැකියි.
      නමුත් දල දේශීය නිෂ්පාදිතය නිවැරදි අගය නොපෙන්වයි. එයට හේතුව නම්
      ඔබ මිලියන 200 ක් වැයකර යම් ඉදිකෙරීමක් කළහොත් දල දේශීය නිෂ්පාදිතය මිලියන 200 ක් එකතුවන අතර
      එම ඉදිකිරීමට මිලියන 2000 වැයවූ විට දල දේශීය නිෂ්පාදිතය මිලියන 1800 වැඩිවී පෙනීමෙන් ශ්‍රී ලංකා ණය අහුපාතය 80%
      පෙනුනත් සත්යලෙස 800% පමණ වනු ඇති.

      මහජනයාට කුමන රජයක් ඉදිරෙයෙදී පත් උවත් ජීවන වියදම තුන් හතර ගුණයක් වදිවුවිට අස්ච්ර්ය සිහිවනු ඇති !

      පසුහිය මස 10 පමණක් $117= රුපියල් 15795 (සියලු පුරවැසියන් රුපියල් 15795 පසුගිය වසරට පමණක් ලොවට ණයවී ඇත)
      මෑත කාලයේ ලබාගත් බොහෝ ණය දීර්ගකාලීන ණය නොව කෙටිකාලෙන් ගෙවියයුතු ණය වේ.

      පහත ගරු චම්පක රණවක මහතා පෙන්වා දෙන්නේ මෙයයි

      https://www.youtube.com/watch?v=nVUKw86ur0k

      මෙය බොරුනම් සියලු රාජ්‍ය මාද්‍ය මීපිලිබද වචනයක් සදහන් නොකරයි! ඔවුන් කියන්නේ කුමක්ද "හැම රජයම වංචා කරනවා එමනිසා එය ගන්නන් ගන්න එපා "

      මෙහෙම ගියොත් සුබ අන්නගතය් වෙයි !

      Delete
    4. විදුලි එන්ජිනෙරුවෙක් එහෙන් මෙහෙන් අහුලගෙන ආර්ථික විද්යාව ගැන දොඩවද්දී මෙ වගෙ විහිලු වෙනවා.

      රටක දල ජාතික ණයෙ සැබෑ අගය 800%ක් සහ බොරු දත්ත යොදාගෙන ඒක 80% කරන්නනම් රටෙ දල ජාතික නිශ්පාදනය 1000%කින් වැඩි කරන්න වෙනවා. ඔබ කියන්නෙ ලන්කාවෙ දල දෙශීය නිශ්පාදනය වැරදි විදියට 1000%කින් වැඩි කරලා කියලද? මහින්ද ජනාධිපති උනාට පස්සෙ රටෙ දල දෙශීය නිශ්පාදනය දල වශයෙන් වැඩි උනෙ 400%කින්. අපි මොහොතකට හිතමු මෙ 400%ම බොරු දත්ත රටෙ නිශපාදනය සතෙකින්වත් වැඩි උනෙ නෑ කියලා. එහෙම උනත් එහෙනම් ඉතුරු 600% බොරුවට වැඩි කරලා තියෙන්නෙ මෙ ආණ්ඩුවට කලින් හිටපු ආණ්ඩු. ඒ කියන්නෙ චන්ද්‍රිකාගෙ හො රනිල්ගෙ ආණ්ඩු.

      මෙ වගෙ ගල් පැලෙන බොරු ප්‍රචාරය කරන්න එපා. අන්තිමට පාඩුව වෙන්නෙ අපි හැමොම ජීවත් වෙන රටට.

      Delete
    5. ශ්‍රී ලංකා මහබන්කුවර්තව සලකාබලමු
      http://www.lankabusinessonline.com/news/sri-lanka-external-trade-crunched-in-october-2014:-trade-deficit-widen-significantly:-central-bank/437579935
      ඔබ කියන දිවුනුව සිදුවීඅත්නම්,
      අපනයන අදායම 13.7% අඩුවුයේ කෙසේද ?
      රෙදිපිළි සහ ඇගලුම් 8.7% අඩුවුයේ කෙසේද ?
      යන්ත්රසුට්ර අපනයන 11.4 % අඩුවුයේ කෙසේද ?
      රබර් නිෂ්පාදන අපනයන 17.7 % අඩුවුයේ කෙසේද ?
      කෘෂි නිෂාදන 10.3% අඩුවුයේ කෙසේද ? (දිවිනගුම වැනි වැඩසටහන් පවතිද්දී )
      මෙසේ වෙද්දී ආනයන වියදම් වැඩිවීම සිදුවීම මගින් පෙන්වන්නේ දේශීය නිෂ්පාදන වල සිදුවූ
      පිරිහීමයි.

      ඔබ සදහන් කරන දිවුනුව සිදුවී ඇත්නම් මේවනවිට නැවත පත්වීමට ජනාදිපති තුමාට කිසිදු
      ප්‍රචාරණයක් උවමන නැත.

      මෙහිදී පොදු අපේක්සකය ගැන කිවයුත්තේ, ඔහු පත් වුවිට ඉතා කෙටි කලක් යහපාලනය සදහා විදිවිදන යොදා ගැනීමට අප විසින් බල කල යුතුයි.
      කිසිදු දේසපාලන පක්ෂයක් පුර්ණ ලෙස විස්වාස නොකළ බව ශ්‍රී ලංකාවේ අපට අමුතුවෙන් කියා දිවයුතු නැත!

      Delete
    6. ඇත්ත 2014 ඔක්තොම්බර් මාසයෙ ලන්කාවෙ අපනයණ ආදායම අඩු උනා. ඒත් ඒ මාස 16ක අකන්ඩ වර්ධනයකට පස්සෙ. මාස 16ක් අපණයන වැඩි වෙද්දී කටවල් වහගෙන ඉදලා එක මාසෙක අඩු උනාම විතරක් කතා කරන එක හරි නෑ නෙද?

      2005දී ලන්කාවෙ මුලු අපණයන ඩොලර් බිලියන 5යි. 2013දී ලන්කාවෙ මුලු අපණයන ඩොලර් බිලියන 10යි. එතකොට මහින්දගෙ කාලයෙ ලන්කාවෙ අපණයන දෙගුනයකින් වැඩි වෙලා නෙද?

      ඔබ කියන විදියට මෙ කාලය තුල ආර්ථික අවපාතයක් තියෙනවනම් ආණ්ඩුව පරද්දන්න පොදු අපෙක්ශකයො හොය හොයා ඉන්න ඔනෙ වෙන්නෙ නෑ. වෙනදා වගෙ එජාප අපෙක්ශකයෙක් දාල පරද්දන්න පුලුවන්. හිතට එකගව හිතන්න.

      Delete
    7. මා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමජිකයෙකුත් නොවෙමි, එක්සත් ජාතික පක්ෂ සමජිකයකුත් නොවෙමි, ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයකුත් නොවෙමි. චන්දයේදී මා තීරණ ගනු ලබන්නේ ශ්‍රී ලාංකිකයන් ලෙස අප සියල්ලට වඩා සුදුසු තීරණය පවතින කරුණු අනුව තීරණය කරමි.

      ඔව් 1 වසරක කරුණු මෙය තීරණයට නුසුදුසු යයි සිතමු, එසේනම්
      http://www.exporterssrilanka.net/press-relese/annual_report_accounts_2012_2013.htm

      අප විසින් ඉතා වැඩි ප්‍රග්දන ආයෝජන සිදුරකර්නුලබන මොහොතක 2005 සිට 2013 ගැන කතාකිරීමේදී උද්දමනය ගැලපු විට නව අපනයන වැඩිවීමක් දැකිය හැකිද ?
      නමුත් අපේ ණය ට සිදුවී ඇත්තේ කුමක්ද ? 2005 දී ඒකපුද්ගල නය $1,112.09 (නිදහස ලබනකද දිනයේසිට 2005 දක්වා ) නමුත් 2013 දී එය $2,388.84
      එනම් අවුරුදු 8 ට $1276.75 වැඩිවී ඇති බව ඔබට නොතේරෙන්නේද ?

      මෙම බිහිසුණු තත්වයෙන් ගැලවීමට රජයක් කලයුත්තේ ජනතාවට සහන දීම දන්සල් දීම සම්පුර්ණයෙන් නැති කිරීමයි. මට ඇති කනගාටුව නම් සියලු පක්ෂ අප ලංකාවේ ජනතාව සහනාදාර මගින් රැවටීමයි.
      අති විසාල රජ්‍යසේවයක් ඇති මේ රජය සිදුකරන්නේ අක්කර්යක්ෂමතාව වැඩි කිරීමයි! රට බංකොලොත් කිරීමයි !

      Delete
    8. උද්ධමනයයි අපනයනයි අතර සම්බන්දයක් මටනම් තෙරෙන්නෙ නෑ.

      ඒක පුද්ගල ණය ප්‍රමානයට සාපෙක්ශව ඒක පුද්ගල ආදායම වැඩි වෙනවනම් ප්‍රශ්නයක් නෑ. ණය අනුපාතිකය 50%-60% දක්වා අඩු කරගන්න පුලුවන්නම් කිසිම අවදානමක් නෑ.

      සහනාදාර ගැන කතා කිරීමෙදී පොදු විපක්ශය අතාත්වික සහනාධාරවලට අමතරව බදු ආදායමත් නැති කරගන්න හදනවා. සල්ලි අච්චු ගහලද මන්ද 10,000ක් පඩි වැඩි කරන්න හදන්නෙ.

      Delete
    9. ශ්‍රී ලංකාවේ 2005 දී $1 = රුපියල් 101
      උදාහරණ ලෙස ඇගලුම් $1කොටස් 100 ක් 2005දී අපනයන කලානම් ලැබෙන අගය = රුපියල් 10100
      ශ්‍රී ලංකාවේ 2013 දී $1 = රුපියල් 130 ක් 2013 අපනයන කලානම් ලැබෙන අගය = රුපියල් 13000

      නමුත් $ 1 කොටස උද්දමනය (මිලමට්ටමේ ඉහළයාම ) නිසා 2013 වනවිට $2 පමණ වේ
      දැන් ඔබගනන්හදුවිට $2 කොටස් 100 = $200 වන අතර එය රුපියලට පරිවර්තනය කිරීමේදී = රුපියල් 26000 වේ

      දැන් ඔබ මට කියන්න අපනයන 100% ට වඩා වැඩිවී ඇති බවද ?


      "ඒක පුද්ගල ණය ප්‍රමානයට සාපෙක්ශව ඒක පුද්ගල ආදායම වැඩි වෙනවනම් ප්‍රශ්නයක් නෑ. ණය අනුපාතිකය 50%-60% දක්වා අඩු කරගන්න පුලුවන්නම් කිසිම අවදානමක් නෑ"

      මෙය අනෙක් මායාවයි මිලියන $200 ඉදිකිරීම මිලියන $2000 කලවිට ජාතික අදායම මිලියන $1800 වැඩිවීම මගින් ඒක පුද්ගල ආදායම ඉහල අගයක් ගනී (බොහෝවිට මෙසී කරන දෙස්ස්පලන්නයන් මෙමමුදල විදෙස්වල ආයෝජනය කරයි ) නමුත් මිලියන $2000 වාරික සහ පොලිය ගෙවනුයේ ජනතාවයි.

      ඉලක්කම් විජ්ජාව කියන්නේ මෙයයි.

      මට කියන්න රජයේ සේවකයන් ඉතා විසාල ලෙස රැකියා දුන්නේ මෙරජයයි නමුත් පුද්ගලයන් 500 වැඩකරන එක කර්මාන්ත ශාලාවක් 2005 සිට 2014 දක්වා පටන්ගත හැකි උනාද ?

      "සහනාදාර ගැන කතා කිරීමෙදී පොදු විපක්ශය අතාත්වික සහනාධාරවලට අමතරව බදු ආදායමත් නැති කරගන්න හදනවා. සල්ලි අච්චු ගහලද මන්ද 10,000ක් පඩි වැඩි කරන්න හදන්නෙ."

      එක නමයි මම මේ විස්තර කරන්නේ ජනතාව දැනගත යුථුඉ සනනදර දෙනවා කියන්නේ තමුන් ඉතා ඉහල බඩු මිලක් අන්නගතයීදී ලැබෙන බවයි.

      රනිල් මහතාගේ මොන දුර්වලතාවය තිබුනත් ආර්ථිකය නිසිලෙස කළමනාකරණය කරනලද්දේ ඔහු විසිනුයි. ඔහු ගන්නාලද ඉතාම එඩිතර ක්රියවනම්
      රාජ්‍යසේවය අවම කිරීමයි, බොහෝ දෙනා (ආර්ථික විද්යන්නයන් පවා ඉතා කුහක ලෙස ) මෙහි වැදගත් කම බැහැර කරනවා.
      ඔහුගේ කාලයේදී පුද්ගලික අංශයේ රැකියා වැඩිවූ බව බොහෝදෙනෙක් කතාකරන්නේ නැත (පුද්ගලික අංශයේ රැකියා පලදායීතාවයෙන් වැඩි බව මතක තබා ගන්න )

      දැන් රජයෙසේවකයන් ට කලයුත්තේ කුමක්ද ? මෙයට ඉතා පහසුවෙන් පලදායී තාවය ඉහල නැංවීමට ගත හැකි ඉතාම සරල ක්‍රමය නම්
      01. සියලු සේවකයන් ගේ කාර්යක්ෂම බව මනිමට පරිගණක ගත කිරීම.
      02. PayPal වැනි සේවා මගින් මුදල් හුවමාරුවට වාණිජ බැංකුවලට පහසුකම් සැලසීම (පසුගිය අවුරුදු 5 පමණ රජයට මෙයපෙන්වා දුන්නත් ) මහා බැංකුවේ අදිපති මේ පිළිබද අවුරුදු 2 සිට පොරොන්දු උවත් කිසිදු පිලියමක් නොගැනීම
      03. ශ්‍රී ලංකා තැපැල් සේවය පරිගණක ගත කොට සොරකම අවමකර (Onlibe Tracking මගින් විස්වාසදයක ) සේවයක් බවට පත් කිරීම.
      04. ඉහත 02 සහ 03 ක්‍රියා කල හැකි නම් කුඩා පරිමාණ නිස්පදකයනට කෙලින්ම අන්තර්ජාතික වෙළදපොලට බන්ඩ සහ සේවා අලවි කල හැක
      05. රජයට ඉතා විශාල උප්පාදිදරින් සිටින නිසා "ebay " වැනි වෙබ් අඩවියක් මගින් අපනයන පහසු කිරීම
      06 බොහෝදෙනාට ඇත්තේ ඉංගීසි පිළිබද ප්‍රශ්නයයි, මෙය ඉතා ඉක්මනින් සියලු දෙනාට ලබදියනොහැකි බැවින් http://www.alibaba.com/ මුල් කාලයේ කල පරිදි ශ්‍රී ලංකික නිස්පදිතයගේ තොරතුරු ඉන්ගීසියට පරිවර්තනය කිරීමත් , රජය අතරමැදියකු ලෙස නිස්පදකයත් පරිබෝගිකයත් අතර අදහස් හුවමාරු
      කිරීමේ ආයතනයක් ඇරබීම (උපාදිදරීන් ට රැකියා ලබාදී ඇති බැවින් ඔවුන්ට මෙවැනි පලදායිඑඑ කාර්යක යෙදීමෙන් ) අප රටටත් ඔවුන්ටන් ඉහල ජීවන තත්වයක් ඇති කරගත හැක.

      මෙවැනි ක්‍රියා මාර්ග නොගන රටපුරා මාර්ග තැනීම විහිළුවක් සහ ඉතා බයානක වැඩක් බව ඔබට තේරෙන්නේ නැත්ද ?

      තිලින

      Delete
  10. අනාගත දිනමිණ කතෘතුමාට සුභපැතුම්!!!

    ජනරංජනගේ "රාවය"ට අනුව මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකාවේ මීළඟ විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම ජනවාරි 10 වන දිනට යොදාගෙන ඇත. මේ අනුව ජනවාරි 11 වන දින රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙසද ජනවාරි 12 වන දින අජිත් පැරකුම් ජයසිංහ මහතා දිනමිණ කතෘ ලෙසද වැඩ බාර ගනු ඇත.

    ReplyDelete
    Replies
    1. පැරයියේ , වැඩ බාරගන්නකොට නැකත් හදන්නේ නැතෙයි ??

      Delete
    2. පලයන් ඩො යන්න. දිනමින කතෘ වෙන්නෙ lankaenews ලියන සින්හල කොටියා. තොපෙ මොල හොදන්නෙ අපි එහෙමයි.

      Delete
    3. ඊ නිව්ස් කතෘ සඳරුවන් සේනාධීර මහතා බොහෝවිට ලේක්හවුස් සභාපති හෝ ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් ලෙස ආසන්න දිනක වැඩබාර ගනු ඇත. සේනාධීර මහතා ලේකම් තනතුරට පත්වුවහොත් දැනට සිළුමිණ කතෘ තනතුරට යෝජනාවී සිටින වත්මන් රාවය සමකතෘ කේ. ඩබ්. ජනරංජන මහතා ලේක්හවුස් සභාපති ධුරයටත් ජයසිංහ මහතා සිළුමිණ කතෘ ධුරයටත් පත්වීමට ඉඩ තිබේ.

      Delete
  11. මෙත්‍රී පිල තුල ඇති මේ බිම් මට්ටමේ දුර්වලතාවට මුලිකවම වගකිව යුත්තේ එජාපයයි.රටේ ප්‍රධානම විපක්ෂයට දශක ගණනාවකට පසු බලයට පත් වීමට ලැබෙන මේ අවස්ථාව හරි හැටි කළමනාකරණය කර ගන්නවා වෙනුවට තමුන්ගේ කුට්ටිය ගැන මූද හත් ගව්වක් තියෙද්දී සිතීමත්, කකුලෙන් ඇදීම් සහ කර ඇරීම් නිසා මේ වන විට චන්ද්‍රිකා සහ චම්පික රණවක වැන්නන් මත දුවන බිම් මට්ටමක් නැති ජන්ද ව්‍යාපාරයක යෙදීමට මෙත්‍රීට සිදුව ඇත. ජන්දයේ බර ඇදිය යුතු කරු සජිත් රවී ආදී දෙවැනි පෙළ නායකයන් සිටින්නේ ආණ්ඩුවට පනිනවාද නැද්ද යන දෙගිඩියාවකය.පක්ෂයේ දෙවැනියා වන සජිත් පසුගියදා සිරස සටන වැඩසටහනට සහභාගි වුයේ ජන්ද ව්‍යාපාරයකට නායකත්වය දෙන්න්නෙකුට වඩා ලිස්සා කර අරින දියාරු දේශපාලකයෙකු ලෙසිනි.යොවුන් පෙරමුණේ නායකයා වන රුවන් විජේවර්ධන ප්‍රශ්න වලට උත්තර දුන් අයුරු දුටු විට සිතුනේ යූ ඇන් පීයට තරුණ නායකයන්ගේ සාගතයක් ඇති බවයි.එදා 2005 දී මහින්ද රාජපක්ෂගේ ජන්ද සටන තුල සියල්ලන්ම කර අරින විට බර දැරුවේ ජවිපෙයි.අද අඩියෙන් අඩියට කටවුට් ගහන මහින්දට එදා එකෙකුවත් නැති විට පෝස්ටර් ගැහුවේ ජවිපෙයයි .උන්ට එජාපෙන් දහයෙන් පංගුවකවත් ජන්ද පදනමක් නැත.හැබැයි එජාපෙට ජවිපෙන් සීයෙන් පංගුවකවත් දේශපාලන විනයක් ජවයක් හෝ කුට්ටිය ගැන නොසිතා ගේමකට බොක්කෙන්ම බැස ගේම ඉවර කරන උණක් තිබුණා නම් මෙත්‍රීගේ මීටිං වලට බස් නොදා අල්ලස් නොදී ගලා එන දාස් ගාණක් ඔලු ගෙඩි ජන්ද බවට හැරවීම කජ්ජක් නොවේ.

    ReplyDelete
  12. බිම් මට්ටම, තම් මැට්ටම, නගර මට්ටම, අර්ධ නගර මට්ටම, ඉහළ පෙල මට්ටම යන එකී මෙකී නොකී ඕනෑම මට්ටමක සමාජයක් ඒ ඒ සමාජයන්ට අයත් ඕනෑම අයෙකුට මේ මොහොතේ පවතින දේශපාලන වටපිටාව හොදින් නිරීක්ෂණය කර බැලීමට හැකිය. ඒ අනුව මා විසින්ද හැකි සෑම අයුරකින්ම එය නිරීක්ෂණය කරන ලදි.
    ඒ අනුව මා පැමිණි නිගමනය වන්නේ මහින්ද රාජපක්ශ සහ මෛත්‍රිපාල සිරිසේන යන ජනාධිපති අපේක්ශ්කයන් දෙදෙනාගෙන් ඉදිරියෙන් සිටින්නේ මෛත්‍රිපාල සිරිසේන බවයි.
    *චන්ද කාඩ් එනව->
    *අපි යනව 8 වෙනිදට චන්දෙ දාන්න යනව->
    *හංසයාට ඉදිරියෙන් කතිරය ගසා අපි මෛත්‍රිපාල සිරිසේන මහතාට මනාපය දක්වනව->
    *සිරාවට ඊට පස්සෙ මොකද වෙන්නෙ කියල මම නම් දන්නෙ නෑ, පහුවෙනිදට ප්‍රතිඵල බලනව

    චන්දය ප්‍රකාශ කරන මධ්‍යස්තානයේ චන්දය දැම්මට පස්සෙ පෙට්ටි ටික බස් වල පටවගෙන ගනන් කරන මධ්‍යස්තානයකට ගෙනියනව(එහෙම තමයි මම හිතාගෙන ඉන්නෙ )
    පළමු ප්‍රශ්නය - චන්ද ගනන් කරන්නෙ කොහෙද? ආසනයකට එක මධ්‍යස්තානයක්ද? දිස්ත්‍රීක්කයකට එක මධ්‍යස්තානයක්ද?

    දෙවන ප්‍රශ්නය - කවුද චන්ද ගනන් කරන්නෙ, එයාලට තියෙන්නෙ ඕන සුදුසුකම් මොනවාද? කී පාරක් ගනන් කරනවද? ගනන් කරන තැන වෙන කවුද ඉන්නෙ? ගනන් කරල ප්‍රකාශ කරන අගයන් 100%ක් නිවැරැදිද?

    ප්‍රශ්න අංක තුන - ගනන් කරන මධ්‍යස්තානයේ ලොක්ක කවුද?

    ප්‍රශන අංක හතර - ගනන් කරල ඉවර උනාම එමෙ ප්‍රතිඵලය මැතිවරණ කාරයාලය වෙත එවන්නේ කුමන ක්‍රමයකටද? ඊ මේල් ද? ෆැක්ස්ද? එහි පිටපතක් ගනන් කරන මධ්‍යස්තානයේ තියා ගන්නේ නැද්ද?ගනන් කරන මධ්‍යස්තානයේ කී දෙනෙක් එම ප්‍රතිඵලය දන්නවද? ටී වී එකේ ප්‍රතිඵල එක්ක ඒව සංසන්දනය කරන්න පුළුවන්ද? වරදක් තියෙනව නම් ඒවා ඉදිරිපත් කරන්න පුළුවන් ස්ථාන මොනවාද?

    ReplyDelete
    Replies
    1. කරුණු දන්නා අය සිටී නම් අප වැනි නොදන්නා අය වෙනුවෙන් යමක් ඉදිරිපත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි

      Delete
    2. ඔය අහන්නේ ජිල්මාට් ගැන නේද?

      සෑම අපේක්ෂකයෙක්ගේම නියෝජිතයන් ගණන් කරන තැන ඉන්නවා. මොලේ තියෙන එවුන්ව නියෝජිතයෝ විදියට ගණන් කරන මධ්‍යස්ථාන වලට යවල උන්ගේ මධ්‍යස්ථානයේ චන්ද සංඛ්‍යාව ලියාගන්න කිව්වොත් සංසන්දනය කරන්න පුලවන්.

      අතින් හදන කොලේ පරිගණකයට ඇතුලත් කරන තැන නම් නියෝජිතයෝ නෑ. මෙතැනදී වෙනස් කරනවා කියල තමයි කට්ටිය මැරෙන්න හදන්නේ. එහෙම වෙනස් කරා කියල සැකයක් තියෙනවා නම් චන්ද පෙත්සමක් දාන්න පුළුවන් අතින් හදපු ගණන් එක්ක පරිගණකයෙ තියෙන සංඛ්‍යා සංසන්දනය කරන්න කියලා. මෙච්චරකල් ජිල්මාට් කියල උඩ පැන පැන ගොං ආතල් ගත්තා මිසක් කිසිම කෙනෙක් පැෆරල් වගේ චන්දෙ හින්ද ජීවත් වෙන එකෙක්වත් මිනිස්සුන්ගේ චන්දක්‍රමය ගැන විශ්වාසය තහවුරු වෙන ක්‍රියාමාර්ගයක් ගත්තේ නෑ.

      Delete
    3. 01. චන්ද මධ්‍යස්ථානයේ සිට සිරි ලංගම බස් කට්ටක දමාගෙන ඡන්ද පෙට්ටිය අදාල ගණන් කිරීමේ මධ්‍යස්ථානයට ගෙන යනවා....

      එහිදී

      සෑම ඡන්ද පෙට්ටියක්ම මැතිවරණ දෙපාර්ථමේන්තුවට අයත් සෙලෝ ටේප් පටි මුද්‍රක මගින් සීල් තබා ආවරණය කරනවා

      ප්‍රකාශයට පත් සෑම ඡන්ද පත්‍රිකාවකම මුල් කොටස් පිළිවෙලින් ඔතා පෙර පරිදිම සීල් තබා පෙර ස්ථානයවට යවනවා

      පෙර සඳහන් සෑම ඡන්ද පෙට්ටියකම ඡන්දපොල නියෝජිතයන්ට තමන්ගේ සීල් කට්ට හෝ ස්ටීකරය පෙට්ටියේ අලවන්ට පුළුවන්

      ඡන්ද මධ්‍යස්ධානය භාර ප්‍රධාන නිලධරයා (එස් පී ඕ මහත්තයා) හා පොලිස් නිළදරුවා බස් කට්ටේ නැගී ගණන් කරන තැනට යනවා

      02. එක් එක් ඡන්ද බල ප්‍රෙද්ශයට අදාල ඡන්ද සංඛ්‍යාව අනුව කාමර එකකදී හෝ කිහිපයකදී ඡන්ද පෙට්ටි ලිහා ඇර මේස මතට හලනවා....

      එහිදී....

      චන්දපොල නියෝජිතයන්ට තමන් ඇලවූ ස්ටීකරය තියනවාද කියලා හිටං බලංට පුළුවන්....

      දිසිත්‍රික්කයකට එකයි

      ගණන් කරන්නේ රාජ්‍යෙසේවයේ කළමණාකරණ සේවයෙන් ඉහල නිළදාරීන් (රා ක සේ 3-11 න් ඉහල බුවාලා...)

      ලොක්කා ජේෂ්ඨ ගණන් කිරීමේ නිලදරුවා (ඒ බුවා විධායක ශ්‍රේණියේ බුවෙක් වෙන්ට ඕනි)

      කී පාරක් ගනන් කරනවද?

      අර කලිං කියපු විදිට බැලට් පේපර් වැටුන ගාන බැලන්ස් නම් පක්ෂ නියෝජිතයොත් සැටිස් නම් වන් ෂොට් ඉවරයි... නැත්තං( 3 ) තුං වතාවක් ගණින්ට කියලා හිටං නියෝජිත බුවාලට ඉල්ලා හිටිංට පුළුවං

      ගනන් කරල ප්‍රකාශ කරන අගයන් 100%ක් නිවැරැදිද?

      අනිවා.... බැලන්ස් කරංඩ එපැයි....

      ගනන් කරල ඉවර උනාම එමෙ ප්‍රතිඵලය මැතිවරණ කාරයාලය වෙත එවන්නේ කුමන ක්‍රමයකටද?

      ඉස්සර ෆැක්ස් දැනුත් එහෙම වෙන්ටෑ....

      එහි පිටපතක් ගනන් කරන මධ්‍යස්තානයේ තියා ගන්නේ නැද්ද?

      අනිවා තියා ගන්නවා...
      නියෝජිත බුවාලා හරියටම හරි කියලා හිටං අත්සන් කොරංට එපැයි......

      ගනන් කරන මධ්‍යස්තානයේ කී දෙනෙක් එම ප්‍රතිඵලය දන්නවද?

      එතන ඉන්න බුවාල ඔක්කොම දන්නවා.....

      ටී වී එකේ ප්‍රතිඵල එක්ක ඒව සංසන්දනය කරන්න පුළුවන්ද?
      අනිවා පුළුවං

      වරදක් තියෙනව නම් ඒවා ඉදිරිපත් කරන්න පුළුවන් ස්ථාන මොනවාද?

      ගණං කරණ පොට් එකේදී එක නියෝජිත බුවෙකුට තුං වතාවක් නැවත ගණං කරංට ඉල්ලා සිටින්ට පුළුවං..

      නැත්තං ඉතිං මැතිවරණ පෙත්සමකින් ශ්‍රේෂ්ඨාධිකරණයට යංට පුළුවං මයේ හිතේ.......

      දන්න තරමට කෙටුවේ..... වැරදි ඇතොත් නිවරදි නිවරදි කොර ගංට.......

      Delete
    4. ///ජිල්මාට් කියල උඩ පැන පැන ගොං ආතල් ගත්තා///

      මෙහෙමයි...

      ඡන්ද මධ්‍යස්ථානයට පැනලා ඡන්දපොල නියොජිතයෝ පන්නලා නිළධාරීන්ගේ බෙල්ලට තුවක්කුව (බ්ලේඩ් තකයක් වුනත් මේ වැඩේට ඇති) තියලා හොර ඡංද දාලා පෙට්ටි සීල් තියලා ලිය කියවිලිත් හදලා බස් එකටත් පැටෙව්වොත්...........

      ආං....... කොරංට දෙයක් නෑ...... එහෙම තමයි චංද්‍රිකාවෝ දෙවෙනි පාර පාතදුම්බර ගේම ගැහුවේ... අර රතුවත්තේ මාමා දහයක් විතර එලොව යැව්වේ..

      ඒ හැර ජිල්මාට් දාන්ට බෑ පේන විදිහට නම්........

      Delete
  13. පැරාගේ ළිපියේ වැදගත්ම කෑල්ල විදියට මම දකින්නේ, මෛත්‍රීපාල මහත්තයලා බිම් මට්ටමට නොගිය හේතුවෙන ග්‍රාමිය ප්‍රදේශවල අහිංසක මිනිස්සු ප්‍රචන්ඩත්වයට යොමුවීම වැලකුනා කියන දේ.

    ග්‍රාමිය ජනතාවත් මේ වෙනකොට වෙනසකට ලෑස්තියි වගේ. මමත් මේ දිනවල ඉන්නේ පට්ට ග්‍රාමයක නිසා ඒ ජනාතවගේ අදහසුත් තවත් ගමක අදහසුත් එක්කයි ඒක කියන්නේ.

    රාවයේ අද තිබුනා සිරානොමික්ස් වලින් අත්‍යාවශ්‍ය භාන්ඩවල මිළ අඩුකරනවය. ප්‍රෝටීන් වලටත් වඩා තියෙන බදු අඩු කරනවය කියලා. ඔය මළදානේ මහින්ද මහත්තයා කරා නම්, හේග් වලට ජීනිවා වලට, විදුලි පුටුවලට බය වෙලා මූණ කටත් වෙනස් කරගෙන ඉක පුරාගෙන අඬන්න ඕන නෑ. ඡන්ද ඕනත් නෑ. එතකොට බුද්ධිමත් ජනතාවත් කනවා බොනවා රමණයේ යෙදෙනවා. රජතුමත් එහෙම කරනවා. වන්දිභඨ්ඨහොත් ආතල් ගන්නවා. මහින්ද මහත්තයත් දැන් ඕකම කියයි. බට් ඉට්ස් ටූ ලෑට් වගේ නේ.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ එකොලොස් වෙනිදා අපේ රනිල් මහත්තයා අගමැති වෙනවද? පපර පාං පාං !!!! ජයවේවා!!!

      ජයවේවා!!!
      ජයවේවා!!!
      ජයවේවා!!!

      අනාගත ජනාධිපතිතුමාට ජයවේවා!
      අනාගත අගමැතිතුමාට ජයවේවා!!
      අනාගත දිනමිණ කතෘතුමාට ජයවේවා!!!

      Delete
    2. අනාගත දිනමිණ කතෘතුමාට ජයවේවා......... ම්...... ?

      Delete
  14. Masha Allah Parakum Brother. Mahinda did not treat our community well. By all mighty Allah's grace we all hope through Mithri we will be able to achieve what our heart desires.

    ReplyDelete
  15. @පැරා,

    අද උදේ මම විහාර මහා දේවි උද්‍යානයට ගියා මෛත්‍රි මහත්තයගෙ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ගන්න. මම ටිකක් විතර පහු වෙලා ගියේ. එතකොට උත්සවය ඉවරයි. ඉස්සරහ පාරේ දන්න කියන මූණු ටිකක් දැක්කා. ධර්මසිරි බණ්ඩාරනායක හා ගාමිණී වියන්ගොඩ දැඩි උද්‍යෝගයකින් හා සිනාමුසු මුහුණු වලින් යුතුව හෙළු උරුමයේ නිශාන්ත වර්ණසූරිය හා අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය සමඟ බර සාකච්ඡාවක. පැරා ඇත්තමයි මට වමනෙ යන්න ආවා. ධර්මසිරිලා වියන්ගොඩලා කියන්නෙ මොනවා උනත් අපි ගරු කළ මිනිස්සු නේද? ඇයි මේ මිනිස්සු මේ තරම් පහළට වැටෙන්නෙ? යුද විරෝධීන් යුදකාමී පැසිසිට්වාදීන් එක්ක කරට අතේ දාගෙන කතා කරන තරමට අද දේවල් සාමාන්‍යකරණය වෙලාද?

    හෙට මම පැරා හා නිර්මාල් දේවසිරි සෝමරත්න දිසානායක එක්ක අවන්හලක විස්කි තොල ගානවා දුටිවොත් මම පුදුම වෙන්න ඕනැද? මෛත්‍රි දිනවන්න කියලා මේ වගේ සමාජය උඩි යටිකුරු කිරීම හරිද?

    පැරා උත්තරයක් දෙන්නේ නම් කෘතඥ වෙමි.

    ReplyDelete
    Replies
    1. ඕවා ඔච්චර ගනන් ගන්න එපා. චන්දෙ දිනන්නනම් සින්හල මිනිස්සුන්ට සැක හිතෙන්න බෑ. චන්දෙ ඉවර උන ගමන් හෙල උරුමය පයින් ගහලා එලවනවා. දැන් ඉතුරු වෙලා ඉන්නෙ 3යි 4යි නිසා වැඩෙත් ලෙසියි.

      හැබැයි ඉතින් මයිත්‍රී මහත්තයා හෙල උරුමයත් එක්ක එකතු වෙලා අපිට කැපුවොත්නම් දෙයියන්ගෙම පිහිටයි. පූස් පැටියා කියලා හිතුවට දැන් දැන් පොඩ්ඩක් සැකයි අපිටත්.

      Delete
    2. දේශපාලනයේදී සදාකාලික මිතුරන් හා සතුරන් නැති ය කියන එක පට්ට ගහපු කතාවක් වුණත් එය ඇත්තක්.

      මෙතැනදී මේ දෙපිරිසට ම එක් හෝ යහපත් අරමුණක් තිබෙනවා.

      සියලු කාරණාවලදී එකඏ වෙන්න බැරි වුණාට දෘෂ්ටිවාදීමය දේශපාලනකයන් ජන්මාන්තර වෛරක්කාරයන් වෙන්නත් අවශ්‍ය නැහැ. (මා මේ කරන ප්‍රකාශය ගැන විරුද්ධ මත ඕනෑ තරම් ප්‍රකාශ කළ හැකියි. මා ඒවා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ.)

      හැබැයි, මම නම් පට්ට දෙමළ ජාතිවාදීන්වත් ඇසුරු කරලා තිබෙනවා. පීඩිත වුණත් ඔවුනුත් ජාතික ස්වෝත්තමවාදීන් ම තමයි. මුස්ලිම් ජාතිය ඉදිරියේ ඔවුන් පීඩකයන් ලෙස හැසිරෙන හැටි මම දැක තිබෙනවා.

      ඉතින් චම්පිකලා හා ඒ දෙමළ ජාතිවාදීන් අතර වෙනස තිබෙන්නේ පීඩක, පීඩිත දෙපැත්තෙ විතරයි.

      පෞද්ගලිකව මම මේ දෙගොල්ලන් එක්කම විශේෂ තරහක් නැහැ. ඒත්, මම ජාතිවාදය ප්‍රතික්ෂේප කරනවා.

      ජාතිවාදීන්ට එසේ වන්නට හේතු තිබෙනවා. අපි ඔවුන් සමග කටයුතු නො කර හෙවත් එන්ගේජ් නොවී දේශපාලනිකව අරගල කරන්නට බැහැ.

      Delete
    3. ඡන්දෙ දිනුවයින් පස්සෙ පැරාලා හෙළ උරුමයට පුකට පයින් ගහලා එළවාවිද හෙළ උරුමය පැරාලට පුකට පයින් ගහලා එළවාවිද කවුද දන්නෙ?

      Delete
    4. /මෙතැනදී මේ දෙපිරිසට ම එක් හෝ යහපත් අරමුණක් තිබෙනවා. /

      පැරා වැරදියි. ඉහත වාක්‍යය මේ දෙපිරිසටම එක් හෝ පොදු අරමුණක් තිබෙනවා කියා නිවැරදි විය යුතුයි. ඒ පොදු අරමුණ මහින්ද එළවීම. ඒක යහපත් අරමුණක් සේ අපට පෙණුනාට මොවුන්ගේ අරමුණ මහින්දගේ බලය තමන් අතට ගන්න එක විතරයි. ඒක බලකාමී අරමුණක්. ඒ නිසා ඒක යහපත් කියන්න බැහැ.

      Delete
    5. AnonymousDecember 19, 2014 at 10:04 PMදැං එහෙනං මොකද්ද කරන්න ඕනි ඇනෝ? මහින්ද එලවන්න එපාද? එලවන්න නං එකතු වෙන්න එපැයි, ඒක කරන්න එපා නං මොකද්ද ඔබ කියන විකල්පය?

      Delete
  16. දැන් සීලරතන හ‍ාමුදුරුවෙ‍ොත් රුපියල් දාහ දාහ වැඩිකරල එතත් ගහයි

    ReplyDelete
  17. පැරා මන් උබෙන් අයෙත් අහන්නේ මෙපරවත් උත්තරයක් දීපන්! අගතිය දෙසට යන මේ ගමන නවත්වා ගන්නට මෙම ජනාධිපතිවරණය පාවිච්චි කිරීම කියන පොස්ට් එකේ ලියපු //එසේම, මහින්ද රාජපක්ෂට සහයෝගය දෙන, එහෙත්, අප විසින් මතු කරන // කියන කාරණේ අදටත් වලංගුද ? එහෙම නැති නම් ඒ අදහස් වෙනස් කරගත්තද ?නැති නම් උබ මේ කරන්නේ අර මහිමන් රන්ජිත් වගේ අපිව අන්දවල අන්තිම මොහොතේ මොකක් හරි හේතුවක් පෙන්නලා මහින්දට සහය දෙන්මු කියල යෝජනා කරන්න බලාගෙන කරන මගඩියක් ද ?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා