පොලිස් නිලධාරීන්ට මහජනයා අමතන හැටි උගන්වන රටක් හදමු

(මේ සටහන තබන්නේ පොලිස් නිලධාරියකු මගියකුට අම්මා මතක් කරන අන්දම දැක්වෙන පහත පළ කර ඇති වීඩියෝව සම්බන්ධයෙනි)

පොලිස් නිලධාරියා යනු මහජන සේවකයකු මිස මහජනතාව පොලිස් නිලධාරියාගේ යටත් වැසියකු නො වන රටක් අපට අවශ්‍ය ය.

පොලිස් නිලධාරියා යනු මිනිසුන් වැරදි කිරීම වළක්වන්නට සිටින අයකු මිස වැරදි කරන තුරු බලා සිට දඬුවම් කිරීමෙන් ප්‍රීති වන්නකු නො වන රටක් අපට අවශ්‍ය ය.  

පොලිස් නිලධාරියා යනු තමන්ට වැටුප් ගෙවන මහජනතාවට අම්මා මතක් කරන්නකු නො වන ශිෂ්ට මිනිසකු වන රටක් අපට අවශ්‍ය ය. 

පොලිස් නිිලධාරියා යනු නීතිය තමන් යයි නො සිතන නීතියේ ආධිපත්‍යයට හිස නමන්නකු වන රටක් අපට අවශ්‍ය ය. 

පොලිස් නිලධාරියා යනු මහජනතාවගේ අයිතිවාසිකම්වලට ගරු කරන නිලධාරියකු වන රටක් අපට අවශ්‍ය ය. 

ස්වාධීන පොලිස් සේවයක්, නීතියේ ආධිපත්‍යයක්, මහජන අයිතිවාසිකම්වලට ගරු කරන පාලනයක් වෙනුවෙන් ඔබේ ඡන්දය දෙන්න. 

(මගේ අත්දැකීමක්: ගාලු නගරයේදී දිනක් දේශපාලකයකුගේ රථ පෙළක ආරක්ෂාවට සිටි මෝටර් රියක නැගුණු පොලිස් නිලධාරියකු මගේ කාරය අයින් කර ගන්නැයි කීවේ මෙසේ ය: ඔය හු_ _ අයින් කර ගනින් කැ_ යො. මොවුන් පොලිසියේදී ජනතාවට සංග්‍රහ කරන ආකාරය කවුරුත් දනිති. මේ මහමග ය.)



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පිටරටින් පොලිස්කාරයින් ගේන්න වේවි.....!



    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත..... පාරෙ යද්දි ඇඟේ හැපුනත් මොකද හු.. කියල අහන එවුන් තමා වැඩි හරියක් ඉන්නෙ.... අරුන්ට යුනිෆෝම් තියන නිසා වැඩියෙන් සද්දෙ දානවා...

      අනේ පැරා ඔයාට ඔය රටේ මිනිස්සු හදන්න බෑ... දරුවො දෙන්නගෙ අනාගතේ ගැන හිතල හරි වෙන කොහෙට හරි පැනගන්න....

      Delete
    2. අනාගතය වෙනුවෙන් රටින පළා යාම වෙනුවට විසඳුමක් සොයා ගනිමු

      Delete
    3. හොඳයි..... පැරාගේ අභිප්‍රාය ඉශ්ඨ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා... පැරා හිතන සමාජෙ ගේ ඇතුලෙ හදන්න පුළුවන් උනාට ලංකාවෙ නම් මේ කපේ බැරි වෙයි....

      Delete
    4. පැරා ජිවත් වෙලා ඉන්නේ සුළු කාලයයි. එකේදී රටේ ලෝකේ නැහැදිච්ච් මිනිස්සු හදන්න නිරපරාදේ මහන්සි වෙනවට වඩා හැදිච්ච මිනිස්සු ඉන්න තැනකට ගිහිල්ල සතුටිං ඉන්න එක තමයි මොලේ ඇති වැඩේ.

      පැරා ට වඩා ගොඩක් මොලේ තියෙන අය කියල තියෙන්නෙත් ... පොලව මත තියෙන සියලුම කටු අකුල් ඉවත් කරමින් කාලය කනවාට වඩා සෙරෙප්පු දෙකක් දමාගෙන තම ගමන යාම බුද්ධිමත් ක්‍රියාවකි කියල ...

      දරුවෝ ගැන හිතලවත් වෙන රටකට පැන ගන්න බලන්න. පැරාට නං ලේසියේම පුළුවන් මරණ තර්ජන තියෙනවා කියල පනින්න. පස්සේ රට ඉඳං මේ ක්‍රමය විවේචනය කරලා පස් පඩංගුවේ බැනල ලිපි ලියන්න බැරිය ඔය කොයි කවුරුත් කරනවා වගේ ;)

      Delete
    5. / පස්සේ රට ඉඳං මේ ක්‍රමය විවේචනය කරලා පස් පඩංගුවේ බැනල ලිපි ලියන්න බැරිය ඔය කොයි කවුරුත් කරනවා වගේ ;)/

      ඉතින් දැනුත් පැරා කරන්නෙ ඒකනෙ.

      Delete
    6. මහසොහොන්,

      //...පොලව මත තියෙන සියලුම කටු අකුල් ඉවත් කරමින් කාලය කනවාට වඩා සෙරෙප්පු දෙකක් දමාගෙන තම ගමන යාම බුද්ධිමත් ක්‍රියාවකි...//

      මූලික ප්‍රශ්නය මේ 'තම ගමන' මොකක්ද කියන එක නේද?

      - Dimithri

      Delete
  2. කොටියම කාපං

    ReplyDelete
  3. හැදෙන එක නම් මේ කපේට වෙන එකක් නෙවෙයි...

    ReplyDelete
  4. පොලිස්කාරයෝද මනුෂ්‍යයෝය.

    ReplyDelete
    Replies
    1. මාරයියාද මනුෂ්‍යයෙකි. - බ්ලැක් ලේබල් බොයි. පර්මිට් කාර් පදියි. 40ශ්‍රී උනත් හොඳින් නඩත්තු කල බෙන්ස් ආතල් එකක් ගනියි. සයිබරයේ ලොරි ටෝක් දෙයි.

      රසිකලොජිස්ට් ද මනුෂ්‍යයෙකි. - පිටරට ගොස් හොඳ ගානක් කපා ගනියි. බ්ලැක් ලේබල් බොයි. සැප වාහනයක් පදියි. ලැම්බට් උනත් ආතල් ගනියි. සයිබරයේ රට ටෝක් දෙයි.

      අභීත එදිරිසිංහද මනුෂ්‍යයෙකි. - ණය ගනියි. පොලු තියයි. අනුන්ගේ සල්ලි වලින් අරක්කු බෙදයි. සැප වාහන පදියි. ඩිමෝ බට්ටා වර්ගයේ ආතල් ගනියි. සයිබරයේ බොරු ටෝක් දෙයි.

      ඉන්දික උපශාන්ත ද මනුෂ්‍යයෙකි. - පිටරට ගොස් හොඳ ගානක් කපා ගනියි. බ්ලැක් ලේබල් බොයි. සැප වාහනයක් පදියි. ණය දෙයි. පොලු කයි. ගෙදරට හොරෙන් පරණ බෙන්ස් ආතල් ගන්න හොයයි. සයිබරයේ පරණ ටෝක් දෙයි.

      අජිත් පැරකුම් ද මනුෂ්‍යයෙකි. - ගුරුවරයෙක් ලෙස ආණ්ඩුවෙන් පඩි ගනියි. රජයේ ලිපිකරුවන් කාර්යාල වෙලාව තුල පත්තර බැලීම හෙලා දකිමින් පාසල් වෙලාවේ බ්ලොග් ලියයි. ගල් අරක්කු බොයි. හොඳ බ්‍රෑන්ඩ් වලින් බොන එවුන්ට ඉරිසියා කරයි. වෙරිවෙන්න ඕන එකක් එකයි මිල අධික මත්පැන් බීම මේ සමාජ ක්‍රමයට හානියක් කියා කියයි. අනෙක් පාර්ශවයේ හොඳකමට පින් සිද්දවෙන්න ආතල් ගනියි. මත්පැන් සහ වාහන බදු වෙනස් වූ විට නිරුවතින් සයිබරයේ ටෝක් දෙයි.



      Delete
    2. කෝ මාතලන් ගැන කියල නෑනෙ

      Delete
    3. මාතලන් ද මනුෂ්‍යයෙකි. මෙරට සංචාරවලට එන පිටරට උන් අන්දා ගාණක් කපා ගනී. ගල් අරක්කු බොයි. හොඳ බ්‍රෑන්ඩ්වල අරක්කුද බොයි. රෝල්ස් රොයිස් වලටත් එහා සැප වාහනවල සිට පරණ ත්‍රීවිල් කටුව දක්වා ආතල් ගත් බව කියයි. ලැම්බට් උනත් ෆුල් ආතල් ගන්නා බව ද කියයි. මහින්දට කඩේ යයි. සයිබරයේදී, දාන හැම මගුල් පෝස්ට් එකකටම ප්‍රශස්ති ගී ගයා කමෙන්ට් දමන ආවතේවකරුවන් හා අනුගාමිකයින් රැළක් වට කරගෙන නැව් ටෝක් දෙයි. ගොන් කතා කියන්නට ගොස් කුජීත වූ විට ඇනෝ ඇවිත් අම්මා මෝ නැතිව පස්පඩංගුවේ බැනවදී.

      Delete
    4. මාතලන් කේන්දර බැලිල්ලද උත්සහකර කිචවී දැන් ජොතිශය කරුවන්ට පස් පදන්ගුවේ බැනවදි

      Delete
  5. අපේ මාරයියා පොලිසියේත් හිටියද? මේ වීඩියෝව සම්බන්ධව අපේ මාරයියාගේ මතය කුමක්ද?

    ReplyDelete
  6. විවෘත්ත ආර්තිකේ අවජාතක ලූම්පන් චරිත වන්නේ මෙවාය
    1.පොලිස් කාරයින්
    2.ප්‍රයිවට් බස් කාරයින්
    3.ත්‍රී වීල් කාරයින්
    මොවුන් වැඩි හරියක් නූගතුන්ය,රස්සාවක් නැති තැන කරන රස්සාව මෙකයි,මෙම ලියන මා මගේ වොඩ් එකට ඉහත අය ආ විට ප්‍රමුකතා සැලකුම අඩුවෙන්ම කරමි.දුප්පත් කම්කරුවෙක්,ගොවි මහතෙක් පැමිනිය හොත් අප ඔවුන් ඉදිරියට ගන්නෙමු අප සියලු දෙනාම අපගේ ආයතන වලින් ඉහත ලුම්පන් අය කොන් කලවිට ඔවුන් නිවරදි වනු ඇත.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා