අරගලය ජනවාරි 8දායින් ඔබ්බට

මෙම ලේඛනය සැකසීමේ අරමුණ වන්නේ ජනාධිපතිවරණයට පෙර එය ජනතාවට බෙදා දීමයි. එය අන්තර්ජාලය හරහා බෙද හැරීමට මෙන් ම මුද්‍රණය කර කියවා අතින් අත යැවීම පිණිස බෙදා දීමට ද ඔබට සම්බන්ධ විය හැකි ය.
මෙය කෙටුම්පතකි. එය පිළිබඳ ඔබේ අදහස් ඉදිරිපත් කරන්න. අවසන් පිටපත සංශෝධනයට විවෘත ය. ඉන් අනතුරුව ඔබට එය බෙදිහැරීමට සම්බන්ධ වන්නට පුළුවන.
මෙම පත්‍රිකාව නිකුත් කළ යුත්තේ කා නමින් ද? ‍පහත සඳහන් නම් අපි යෝජනා කරමු.
වෙනස සඳහා අපි
වෙනස සඳහා මහජන ක්‍රියාකාරිත්වය
කරුණාකර ඔබේ අදහස් දක්වන්න.
එයට එකඟ නම් එය හොඳ බව හෝ සලකුණු කර යන්නට අමතක නො කරන්න.


අරගලය ජනවාරි 8දායින් ඔබ්බට



ජනවාරි 8දා ඔබ මේ රටේ අනාගතය තීරණය කරන බව ඔබ දන්නවා ද?


අනාගතය සම්බන්ධ‍යෙන් ඔබට පැහැදිලි තීරණ දෙකක් තිබේ. 


ඔබ දූෂණයට කැමති ද? ඥාති සංග්‍රහයට කැමති ද? අනාගත පරම්පරා උගස් කර ලබා ගන්නා ණයවලින් කරන, ඵලදායී නො වන සංවර්ධනයන්ගෙන් ඔබේ ඇස ගිනිකණ වැටේ ද? සංවර්ධන ව්‍යාපෘති නාමයෙන් මහජන මුදල් කෝටි, ප්‍රකෝටි ගණනින් මංකොල්ල කෑම ඔබට ප්‍රශ්නයක් නො වේ ද?  ඔබේ දරුවාගේ අධ්‍යාපනය, ඔබේ ‍සෞඛ්‍යය හා සමාජාරක්ෂණය වෙනුවෙන් දැන් වෙන් කරන අරමුදල් ප්‍රතිශතයන් ඔබට ප්‍රමාණවත් ද? සරළව කීවොත් රටේ පාසල් දසදහසකින් දහසක් පමණක් සංවර්ධනය කිරීම ඔබට ප්‍රමාණවත් ද? රටේ ඵලදායී සෞඛ්‍ය සේවාවක් නැති වුණත්, දොස්තරලාට පමණක් දහසින් බැඳි පියලි පිරිනැමීම ඔබට සතුටක් ද? රජයේ කාර්යාලයකින් හරියට වැඩක් කර ගන්නට බැරි වුණත්, තව තවත් නිලධාරීන් රජයේ සේවයට බඳවා ගැනීම ගැන ඔබට ආඩම්බර ද? අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලින්, ඩීසල්, පෙට්‍රල්වලින් පවා අසීමිතව බදු ගෙවමින්, ගෙවන බදුවල‍ට සරිලන සේවාවක් නො ලැබුණත් ඔබට සතුටින් ජීවත් වන්නට පුළුවන් ද?


මේ රට කවදාවත් හරි නො යන නිසා කවදා හෝ දවසක ඔබේ දරුවන් හෝ මේ රටින් සමු ගෙන පි‍ටරටකට යනු ඇතියි ඔබ සිහින දකිනවා ද?


හොඳ පිරිමි පෙනුමක් ඇති, ලොකු පවුලක් ඇති, දරුවන් වඩා ගන්නා, වහසි බස් දොඩන්නට දක්ෂ, උත්සව ශ්‍රීයෙන් එහෙ මෙහෙ යන, වන්දිභට්ටයන් රජෙකු යයි හඳුන්වන දැවැන්ත පෞරුෂයක්  හිමි ජනාධිපතිවරයකු ගැන ඔබට ආඩම්බර ද? ඔබේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට හා සභාවලට තේරී පත් වූ නියෝජිතයන් ඔබ අමතක කර ඔහුගේ දෑත් ශක්තිමත් කරන්නට එකතු වීම ගැන ඔබට ආඩම්බර ද? පෞද්ගලික ඡන්ද ව්‍යාපාර වෙනුවෙන් ඔබේ මහජන මුදල් වැය කරමින් හොඳින් හෝ නරකින් හෝ ඡන්ද දිනීම වීරකමකැයි ඔබ සිතනවා ද? 


තනිවම යුද වැදී, කොටි සංවිධානය සමූලඝාතනය කරමින් රට බේරා ගත් බව කියන යුද නායකයාට කළ ගුණ සැලකීම වෙනුවෙන් ඔහු හා ඔහුගේ පරපුර ලංකාවේ යාවජීව රාජ්‍ය නායකයන් කළ යුතු යයි ඔබ සිතනවා ද?

එසේ නම්, ඔබේ ඡන්දය බුලත් කොළයට දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නැවත බලයට පත් කරන්න. ඔහු තව තවත් ණය ගනිමින්, දූෂණයේ ගිලෙමින් මහා සංවර්ධන ව්‍යාපෘති දියත් කරනවා ඇත. පාර්ලිමේන්තුව හා වෙනත් මහජන සභා වෙනුවට ඔහු හා ඔහුගේ අන්තේවාසිකයන්  ම පමණක් තව තවත් ශක්තිමත් වනු ඇත. නීතියේ ආධිපත්‍යය වෙනුවට දේශපාලන ආධිපත්‍යයත්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට පවුල් පාලනයකුත් තහවුරු වනු ඇත. වාසනාවක් තිබුණොත්, ර‍ට මේ තිබෙනවා ‍සේ ඔහේ තිබෙනවා ඇත. ඔබේ දරු මුණුපුරන්ටත් මීට වඩා යහපත් ජීවිතයක් නො ලැබෙන්නට ඉඩ තිබේ.


ඔබ මේ ක්‍රමයට අකැමැති ද? දූෂණය, අල්ලස හා බලහත්කාරකම් මැද මෙහෙම ඉදිරියට යන්නට බැරි යයි ඔබ සිතනවා ද? ඔබේ දරුවන් වෙනුවෙන් මීට වඩා යහපත් රටක් ගොඩනැගිය යුතු යයි ඔබ සිතනවා ද? ඒ රට නීතිගරුක රටක් විය යුතු යයි ඔබ සිතනවා ද? ඔබේ දරුවාගේ ආරක්ෂාව ගැන බියක් නැති හෙට දවසකට ඔබ කැමති ද? ස්වාධීන අධිකරණයක්, පොලිසියක් තිබිය යුතු යයි සිතනවා ද? රාජ්‍ය ‍‍‍සේවය ඵලදායී විය යුතු යයි සිතනවා ද? 


ඔබේ මතය ශක්තිමත් ලෙස නියෝජනය කරන මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවට, පළාත් සභාවට, පළාත් පාලන ආයතනයට පත් කර යැවිය යුතු යයි ඔබ සිතනවා ද? පල් හොරුන් නොවන, කටපුරා නායකයන් යයි කිව හැකි සැබෑ නායකයන් බිහි කර ගැනීමට අප වැඩ කළ යුතු යයි ඔබ සිතනවා ද? ඔබ රට භාර දුන් භාරකරු සොරා කා එය වවුල් හපයක් නො කරන අනාගතයක් ගැන ඔබ සිහින දකිනවා ද?

සංවර්ධනය යනු අධිවේගී මාර්ග, ගුවන් තොට, වරාය හැදීම පමණක් නො වන බවත්, අපේ ජීවිත හා අනාගතය සුරක්ෂිත කිරීම හා සුවපහසු කිරීමත් සංවර්ධනයෙන් සිදු විය යුතු බව ඔබ සිතනවා ද? 


අපේ පුංචි ලංකාව කාගේවත් අතකොළුවක් නොවී, කාටවත් බය නැතිව, ලෝකය සමග සාමයෙන් සංහිඳියාවෙන් පවතිනවාට ඔබ කැමති ද? අපේ රටට චීනයෙන් පමණක් නොව වෙනත් රටවලිනුත් ආයෝජකයන්, සංචාරකයන් පැමිණෙන, විදේශ තානාපති කාර්යාල රටින් පළා යන්නට උත්සාහ කරන නීති විරෝධී සරණාගතයන් ලෙස අපට නො සලකන, ලංකාව ගෞරවනීය ‍දේශයක් ලෙස ලෝක‍යේ සම්භාවනාවට ලක් වෙන දවසක් ගැන ඔබට සිහිනයක් තිබෙනවා ද? 


අපේ රටේ විවිධ ජාතීන්, ආගම් හා කුල ආදිය රට කෑලි කඩන්නට උත්සාහ නො කරන, ලාංකික ජාතියක් ලෙස සියලු දෙනා එක්සත්ව නැගී සිටින, එකිනෙකාට ගරු කරමින් සාමයෙන්, සංහිඳියාවෙන්, සතුටින් වාසය කරන දවසක් ගැන ඔබට සිහිනයක් තිබේ ද?  


එසේ නම්, මුලින් ම දැනට පවතින ක්‍රමයේ සංකේතාත්මක ආරක්ෂකයා වන ජනාධිපති මහින්ද රාජපක්ෂ පැරදවිය යුතු ය. ඒ සඳහා හොඳම ක්‍රමය යහපත් සමාජ ක්‍රමයක් පිළිබඳ සිහින නියෝජනය කරන පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන දිනවීමයි. 


එහෙත්, එය හුදු පුද්ගලයෙකු දිනවීමෙන් ඔබ්බට ගිය සැබෑ මහජන ජයග්‍රහණයක් බවට පත් කිරීමට නම් අප සැම දෙනා එක් විය යුතු ය. ඒ වෙනුවෙන් ජනවාරි 8දායින් ඔබ්බට විහිදෙන මහජන සමගියක් හා වැඩපිළිවෙලක් වෙනුවෙන් අපි අරගල කළ යුත්තෙමු. පොදු අපේක්ෂකයා ජනපති වුවහොත්, ඔහු ලවා දුන් පොරොන්දු ඉටු කරවා ගැනීමට අවශ්‍ය පීඩනය පවත්වා ගැනීම සඳහා පුළුල් මහජන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතු ය. 


ජනාධිපතිවරණයේ ජය තීරණය වන්නේ මහජන ඡන්දය මත ය. කිසියම් අයුරකින් ජනාධිපති මහින්ද රාජපක්ෂ ජය ගත්තත් අප පරාජය නො වී සිටීමට හා මෙම අයුක්ති සහගත පාලන ක්‍රමය මෙල්ල කිරීමේ අරගලය දිගට ම ගෙන යාමට අප ශක්තිමත් විය යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Mama eka, api koti pannuwa

    ReplyDelete
    Replies
    1. මම 1.000000000000001.
      කොටි පැන්නුවේ මන්දිරේටද ? ( KP,කරුණා,පීල්ලෙයාන්)

      Delete
    2. අරන්තලා භික්‍ෂු ඝාතකය දළදා මැදුර විනාස කළ උන් ඒව පෙන්නන්ඩත් එක්කරගෙන ගිය උන් කොටි පැන්නුව ආණ්ඩුවට

      Delete
  2. සුදුස්සාට සුදුසු තැන ලැබෙන මෛත්රී පාලනයකට පෙලගැසෙමු!!!
    අනාගත ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමාට ජයවේවා!

    බැල්ලිගෙ පුතා මැතිතුමාට ජයවේවා!!

    අනාගත දිනමිණ කතෘ අජිත් පැරකුම් ජයසිංහ මැතිතුමාට ජයවේවා!

    ජයවේවා!!
    ජයවේවා!!!

    ReplyDelete
  3. Allah Huakbar. Great Article Parakum.

    ReplyDelete
  4. පැරා,

    අකුරු දන්නා පලියට හිස් වචන ලියන්න එපා. ඉන්ධන වෙලන්දමෙන් බදු නොගන්නා රටක් මේ ලෝකේ තියෙනවා නම් ඒ රට කුමක්ද?

    ReplyDelete
    Replies
    1. සෞදි අරාබිය සහ වෙනිසියුලාව ;)

      Delete
    2. Wmk
      //, සල්, පටල්වලින් පවා අසීතව බ ගවන//
      7 විතර උනාට තාමත් කරුවලයි. චූ කරල නිදියගන්න තාම වෙලාව තියනව.

      Delete
    3. රාජ්,
      ඔබ උදේ 7 වෙන කල් (පස්ස පැත්තට ඉර පායන කල්) බුදියා ගත්තත් මම සාමාන්‍යයෙන් ඇහැරෙන්නෙ පාන්දර 3 ට. දවස ආරභා කරන්නෙ උදේම පත්තර කියවලා. නොදන්නා දෙමල කතා කරන්න යන්න එපා.

      Delete
    4. මහා සොහොන් පිල්ලිය,

      ආදායම් බදු ගෙවන්නෙ නැති රටවල් 10ක් මැද පෙරදිග තියෙනවා. සෞදි අරාබියත් ඉන් එකක්. ඒකෙ විකුණුම් මත අය කරන වැට බද්දත් නැහැ.නමුත් ඉන්ධන මත බදු අය නොකරනවා නම් කියල නැහැ. ඔබ විස්තර සොයා ගත් මුලාශ්‍ර ඉදිරිපත් කරනවා නම් හොඳයි.

      Delete
    5. Gas Prices Around the World: Cheaper Than Water and $10 a Gallon


      කලබල වෙන්න කාරී නැහැ. තෙල් නිපදවන බොහෝ රටවල ටැක්ස් නැතුවාට අමතරව සහනාධාරයක් මගින් මිලත් කෘත්‍රිම ලෙස අඩුකර තිබෙනවා.

      තෙල් නිෂ්පාදනය නොකර ලංකාව වගේ රටක කුට අවස්ථාවාදී දුෂ්ට දේශපාලකයෝ චන්ද පොරොන්දු වශයෙන් දෙන සිනහ උපදවන කිසිසේත් කල නොහැකි (සියලු බදු පහතට සියලු සහනාධාර ඉහලට ... පුකෙන්ද(©2014 කකා) සල්ලි හොයන්නේ ඒවාට ?? .. රාජ් , බුවා .. දැන් කියන්න එපා හොරකං අඩුකරලා ඒවාට මුදල් සොයනවා කියල. .. චන්ද්‍රිකාත් ඒවා කියලා ස්ටේජ් වල ගණන් හදල පෙන්නලා තමයි පාන් 3.50ට දෙන්න පොරොන්දු උනේ. හැබැයි මාසයක් විතර තමයි. ) පොරොන්දු වලට චුං වෙලා ඉන්න කට්ටියකුත් ඉන්නවා නේ.

      Delete
    6. කොටින්ම මහසොහොන් කියන්නේ මේ යන විදිහ හොඳයි කියලද?

      මා කියන්නේ මේ ගමන දැං අති.......

      දැං මෙතන ඉතා අවංක ඉතා හොඳ පෙර වරරදි නැති සුදු අවංක එඩිතර සමාජවාදී මරු මහසෝනටවත් මටවත් චන්දෙ ඉල්ලලා දිනංට බෑනේ....

      අනික එහෙම එකෙක් ඇවිල්ලත් මොනවා කොරයි කියලා කාටද කියංට පුළුවං?

      ඉතිං.... අපි හැමෝගෙම කිලලෝට වල හුණු ටික ටික තියනවා.....( නැති අයත් ඇති මම නං දන්නේ නෑ)

      අපි මේක වෙනස් කරන්න ක්‍රමයක් හදමු. එහෙම එකකට බල කරමු....

      ඒක පුළුවං වෙන්නත් පුළුවං බැරි වෙන්නත් පුළුවං... නමුත් මේ මොහොතේ කරන්න පුළුවං හොඳම දෙය නේද කරන්න ඕනේ....

      මහින්ද ඒක දෙපාරක් හම්බවෙලත් කරේ නෑනේ....

      නැත්තං මහසොහොන් දැන් කළ යුතු යමක් කියන්න...
      (ඇනෝ අවිත් චූකරලා බුදියගං නියන්නේ නැතුව)

      Delete
    7. දැං මේ පොදු අපේක්ෂක සංධානය ජය ගත්තොත් එහෙම ඒකාධිපති ගමනක් යන්න බෑ...

      ඒකට හේතුව තමයි ඊලඟට හැදෙන පාර්ලිමේන්තුව කොහොමත් බහුතරය හොයාගන්ට අමාරු වෙන එකක් නිසා.

      ඒ නිසා විධායක බලය සීමා වුන ජනාධිපතිවරයෙක් සඳහා වූ යෝජනාව මේ වෙලාවේ කර ගන්න පුළුවං වෙනවා....

      ඒක රනිල්ගේ ප්‍රධාන ඉලක්කයනේ. ඉන් පස්සේ අපේ මතය නියෝජනය කරන මිනිස්සු පාර්ලිමේනිතුවට යවන්න මිනිස්සු ක්‍රියා කරන්න ඕන...

      මේවා නික්න්ම අපේ හිතේ තිබුනට වෙන්නේ නෑ... අපිත් ඒ සඳහා යම් දායකත්වයක් දක්වන්න ඕන...

      කොහාම වුනත් පොදු අපේක්ෂක සංධානය ජය ගත්තොත් ඉන් පසු පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරනය යම් සාධාරණ මැතිවරණයක් වෙයි කියලත් හිතන්න පුළුවන්....

      ඒ නිසා මේ මොහොතේ යම් ප්‍රජාතත්ත්‍රවාදී වෙනස් කම් ටිකක් කර ගන්න පුළුවන් කියන විශ්වාසය මට තියනවා...

      හැබැයි ඒ සඳහා මේ මොහොතේ කිසියම් මට්ටමකින් හෝ ප්‍රගතිශීලී යැයි ව්ශ්වාස කරන්න පුළුවන් සංවිධාන සක්‍රීය වෙන්න ඕන.. එහෙම සංවිධාන සක්‍රීය වෙන් බවක් පේන්න තියනවා.. .

      ඔබ එවැනි කිසිවක් විශ්වාස කරන්නේ නැත්තං ඔබ එවැනි සංවිධානයක් හදා ගන්න ඕන...

      ජනතාව දැනුවත් කරන්න ඕන... මේවා ප්‍රසිද්ධියේ කතා කරන්න ඕන... එහෙම කතා කරන්න පුළුවං වට පිටාවක් හදා ගන්න ඕන...

      ඉතිහාසයේ එකම සිදුවීම හැමදාම එකම විධිහට වෙන්නේ නෑ... ඉතිහාසය වෙනස් කරන්න තමයි මිනිස්සු ඉනනේ...

      ඒක අපේ වගකීම මහසොහොන්.....

      ඔබේ දැනුම ඔබේ ශක්ති ඒ වෙනුවේන් කැප කරන ලෙස මහසොහොනාගෙන් විවෘතව මේ මොහොතේ ඉල්ලා සිටිමි....

      Delete
    8. Wmk
      මම උත්තර දුන්නෙ ඔබේ කමෙන්ටුවට. තෙල් වලින් බදු නොගැහිල්ලක් ගැන නෙවේ පැරා කිව්වෙ අසීමිතව බදු ගැහිල්ල ගැන.

      3ට නැගිට්ටට පලක් වෙද හරියට කියවන්නෙ නැත්නම්. මම නං 7ට නැගිට්ට. එතකොට කරන දේ හරියට කරන්න පුලුවන්, වේලාසන නැගිටල ඇස් පොඩිකර කර ඉන්නවට වඩා. එක දවසක් කරන්න මං කිව්වට.

      Delete
    9. ඉන්ධන බදු නැතිව විකුණන්නනම්, පසුගිය මැතිවරනයට පෙර මහින්ද රාජපක්ෂ විසින් ප්‍රසිද්ධ කරන ලද මන්නාරම් මුහුදේ හමුවූ තෙල් සහ ගෑස් නිධි වලින් ප්‍රයෝජනය ගැනීම ඇරඹිය යුතුය.

      දැනට ඒවා කැණීම නාමල්ගෙ ජනාධිපතිවරණය තෙක් කල්දමා ඇති නිසා, මහින්ද එලවා, වහා කැණීම් ඇරඹීමට මෛත්‍රී පත්කරගමු.

      ප/ලි

      ඉන්දනවලින් බදු ගෙන, ඒවා යොදා පාරවල් සාදයි. පාරවල් සදනවිට හොරාකයි. ප්‍රශ්ණයේ මුලට පිළියම් කොට අග නවතන අපූරුව බලන්න.

      Delete
    10. පැන පැන දෙන අයෙක්December 25, 2014 at 11:16 AM

      ''
      //Wmk SamarasekaraDecember 25, 2014 at 8:03 AM
      රාජ්,
      ඔබ උදේ 7 වෙන කල් (පස්ස පැත්තට ඉර පායන කල්) බුදියා ගත්තත් මම සාමාන්‍යයෙන් ඇහැරෙන්නෙ පාන්දර 3 ට. දවස ආරභා කරන්නෙ උදේම පත්තර කියවලා. නොදන්නා දෙමල කතා කරන්න යන්න එපා.\\
      ...........................
      Wmk Samarasekara
      පාන්දර 3ට, දිනමිණ Dream Edition එක බලනවා ඇති මයෙ හිතේ.
      ඉතින් ඊට පස්සේ தினகரன் ත් බලනවත් ඇති.

      Delete
    11. නෑ තමයි ඒත් මේ වගේ නෑ රනිල්ගෙ කාලෙ පාන් ගෙඩිය 14යි දැන් 50යි යුද්දෙ නිසා වියදම් කිව්ව දැන් කෝ අඩු උනාද මුන්නැහේ හිටියොත් පාං හිටන් යයි 350 හිටන්

      Delete
    12. බුවා සහෝදරයා , එක එක්කෙනාට කලයුතු දේවල් කියල දේවල් හිතෙනවා ඇති. මේ මට හිතෙන දේ. මට අගමැති කම දුන්නේ නෑ කියල අඬන , රට උලා කාපු චන්ද්‍රිකා බොන්ඩි පැටලිලා ඉන්න අපේක්ෂකයෙක්ට චන්දෙ දෙන්නත් , කඩේ යන්නත් මට කොහොමවත් හිත එකඟ කර ගන්න බැහැ. ඒවගේම රට මුළුමනින්ම කැත විදියට දේශපාලනීකරණය කරපු , රාජ්‍ය සේවය කාපු පනුවෝ ගහල මැරෙන්න නියමිත MR ට චන්දෙ දෙන්නත් , කඩේ යන්නත් මට කොහොම වත් හිතෙන්නේ නැහැ.

      Fool me once , Thats not nice Chandrika! (1994)
      Fool me twice , Shame on you Ranil! (2001)
      Fool me thrice …. NO - Its not gonna happen

      නමුත් මගේ චන්දෙත් වටිනවා (මට ). අට වෙනිදා උදෙන්ම ගිහිල්ල කුරුටු ගාමි පක්සේ අපේක්ෂකයාට ඇපේ රාජසන්තක නොවේවා කියල හිතල කතිරයක් ගහල , ගෙදර ඇවිල්ල චූ කරලා බුදිය ගන්නවා. ඇයි .. රෑට චන්ද ප්‍රතිපල බලන්නත් තියෙනවා නේ. මොන වේ* ගේ පුතා දිනුවත් අපිට කොරන්න නෙවෙයි නේ එන්නේ.


      @AnonymousDecember 25, 2014 at 11:33 AM
      උද්ධමනය කියල එකක් අහල නැද්ද ?? දැනටත් හැම රටකම එහෙම තමයි.

      Delete
    13. Fool me once , Thats not nice Chandrika! (1994)
      Fool me twice , Shame on you Ranil! (2001)
      Fool me thrice, Big brother mahinda (2005)
      Fool me thrice (2), Genaral Fonseka(2010)
      Fool me thrice (3),Duminda(2015)
      Fool me thrice (4) NO - Its not gonna happen (?)

      Delete
  5. "වෙනස සඳහා අපි"
    බොහොම හොඳ වැඩක් පැරා! අපි මේක ශෙයා කරමු.
    මහින්ද ලොක්කගෙ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙත් තියනව වෙනසක් ගැන. එයා කලත් නොකලත් යහපාලනය කියන එක සමාජගතවෙලා කියන එකට හොඳ උදාහරනයක් ඒක.

    ReplyDelete
    Replies

    1. නර්ස්ලට නැතුව දොස්තරලට පඩි වැඩි කල මහින්ද එලවමු.

      Delete
    2. ගොංපාට් ඇනෝවරුනි

      කරුණාකර මෙහි මළපහ නොකර මහින්දගේ පිළිකන්නේ අදාල කටයුතු කරගන්නා ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි

      Delete
  6. අද වන විට අබේසුන්දර විසින් විහිළුවක් බවට පත්කොට තිබුනත් අනාගත දිනමිණ කතුවැකිය ලියවෙන්නේ මෙලෙසිනි. සුභපැතුම් පැරා!!!

    ReplyDelete
  7. "වෙනස සඳහා අපි"

    අපි....

    හුදු ජාතිවාදී, ආගම්වාදී, දේශපාලන පදනමකින් තොරව සෑම වාර්ගික ආගමික අයත් මිනිසුන්ට මෙම එකඟතාවය සඳහා තම තමන්ගේ වාර්ගික ආගමික දේශපාලනික මතවාදයන් පසෙක තබා මෙම අරමුණ වෙනුවෙන් විවෘත සංවාදයකට එක්වන්නැයි ආරාධනය කරමු....

    අපගේ අරමුන සෑම මිනිසෙකුටම සම අයිතීන් ඇති ස්වාධීන, සමාජවාදී ජීවනාදර්ශයක් ලබා දිය හැකි සමාජයක් බිහි කිරීම බව නොබියව ප්‍රකාෂ කර සිටිමු....

    කිසිඳු පුද්ගලික හෝ සංවිධානාත්මක ලාභ ප්‍රෙයෝජන අපේක්ෂාවෙන් තොරව මෙම අරගලය සඳහා තමන් නියෝජනය කරන සමාජ මට්ටමේ සිට සිය උපරිම දායකත්වය ලබා දෙන්නැයි ඉල්ලා සිටිමු.........


    මෙම අරගලය නොනවත්වා ශක්තිමත් ව පවත්වාගෙන යාමට, හැකි මට්ටමකින් සංවිධාන ව්‍යූහයක් සකසා ගනිමු.....

    ReplyDelete
    Replies
    1. ආගමික දේශපාලනික මතවාදයන් පසෙක තබා මෙම අරමුණ වෙනුවෙන් විවෘත සංවාදයකට එක්වන්නැයි ආරාධනය කරමු....

      චන්ද්‍රිකා එක්ක ඔය වෙනස කරන විදිය පැහැදිලි කරලම සංවාදය අරඹමු. මෛත්‍රී ඇරුනම වටේ ඉන්න කට්ටියගේ පරණ රෙකෝඩ් හින්ද වැට උඩ ඉන්න අපිටත් එතකොට සංවාද කරන්න පුළුවන්.

      චන්ද්‍රිකාට කොන්ඩම් තියරිය ඇප්ලයි කරයිද? නැත්නම් විමුක්තිට පාරක් හදල දෙයිද?

      Delete
  8. වෙනස සඳහා අපි

    මෛත්‍රිපාල දිනවීම යනු ජයග්‍රහණය සහ යහ පාළනය උදාකරගැනීමේ ක්‍රියාවලියේ අවසානය නොව, එය එම කාර්‍ය්යේ ආරම්භයයි!

    මහින්ද රාජපක්ෂ දිනවීම යනු යහපාළනය සහ අළුත් රටක් උදෙසා කෙරෙන අරගලයේ අවසානයයි.!

    වෙනස එයයි!!

    ReplyDelete
  9. Replies
    1. ආධ්‍යාත්මවේදී වඩිවේලූ තුමා.December 25, 2014 at 11:58 AM

      යේක ජෙනවාරී 9 න් පස්සේ බලමු.
      දැන් මේක බලන්න-
      https://www.youtube.com/watch?v=2Q490Q6G9BE

      Delete
  10. යහපත් සමාජ ක්‍රමයක් පිළිබඳ සිහින නියෝජනය කරන පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන දිනවීම අද මූලික අවශ්‍යතාවයක්. වෙනසක් අපේක්ශා කරන කිසිවෙකුට ඒ ගැන විවාදයක් තියෙන්න විදියක් නැහැ.   මේ මැතිවරනයේදී මට පෙනෙන අවාසනාවන්තම පැත්ත මේකයි. සාමාන්‍යයෙන් ලංකාව තුල ගනන්ගත යුතු ප්‍රමානයක් යුද්ධයේ දී සිදුවූ දෙමල සමූල ඝාතන ගැන, යුධ අපරාධ ගැන, යුද්ධෙන් පස්සෙ එහි ජන ජීවිතයේ ඇත්ත තත්වය ගැන, පොදුවේ උතුරේ ශිශ්ඨාචාරය විනාශ කිරීම ගැන වෙනස් අදහසක් තිබුනු පිරිසක් සිටියා සහ සිටිනවා. දෙමල ජනතාව ඇතුලු මෙම පිරිසට අද ඒ ගැන වචනයක් කතා කරන්න බැරි තත්ත්වයක් තියෙන්නෙ. වෙන හේතුවක් හින්දා නොවෙයි. එහෙම දෙයක් කතාකලොත්, ඒ මොහොතේ සිට කොටි ලේබලය, රට බෙදීම ගැන කියා දැවැන්ත සහ ඇතැම්විට තීරනාත්මක දේශපාලන වාසියක් ගැනීමට මේ රෙජීමය සැදී පැහැදී සිටින නිසයි. පොදු විපක්ශයේ හැමෝම මේ ගැන දන්නවා. නමුත් හොරගල් අහුලනවා නැත්නම් අහුලන්න සිද්ධ වෙලා තියෙනවා. උදාහරනයක් විදියට, අන්තර්ජාතික යුධ අධිකරනයකට මේ පාලකයන් යැවීම ගැන හෘද සාක්ශියක් ඇති කිසි කෙනෙකුට දෙගිඩියාවක් තියෙන්න විදියක් නැහැ. නමුත් අද කියන්න සිද්ධ වෙලා තියෙනවා අපි ආවොත් ගෙනියන්න දෙන්නෙ නැහැ කියලා. ටී.එන්.ඒ. එකත් එක්ක සාකච්චාවක්වත් පවත්වන්න බැහැ. එහෙම එකක් තිබ්බොත්, හෙට වෙනකොට කොටිලේබලය අලවලා ඇති. ටී.එන්.ඒ. එක කියන්නේ තහනම් දේශපාලන පක්ශයක් නොවෙයි. අපි කැමති උනත් නැතත් දැනට උතුරේ / දෙමල ජනතාවගේ මතය කියන්නේ ටී.එන්.ඒ එක තමයි. ඒ උනාට මේ මැතිවරනයේදී මාතෘකාව - උතුර / දෙමල ජනතාව; තහනම් වචනය - ටී.එන්.ඒ. එක වගේ වෙලා. මේක අවාසනාවන්ත තත්වයක් නොවෙයිද?   මේ තත්වයට තවත් එක් හේතුවක් තමයි හෙල උරුමය පොදු විපක්ශය තුල සිටීම.   "වෙනස සඳහා අපි" ලියවිල්ල ගැන.. කරුනු කීපයක් වෙනස්/එකතු උනානම් හොඳයි කියලා හිතනවා.  
    1.//වන්දිභට්ටයන් රජෙකු යයි හඳුන්වන දැවැන්ත පෞරුෂයක්  හිමි ජනාධිපතිවරයකු ගැන ඔබට ආඩම්බර ද?//
    වන්දිභට්ටයන් රජෙකු යයි හඳුන්වන delete(දැවැන්ත) ව්‍යාජ පෞරුෂයක්  හිමි ජනාධිපතිවරයකු ගැන ඔබට ආඩම්බර ද?
    2.//ඔබේ දරු මුණුපුරන්ටත් මීට වඩා යහපත් ජීවිතයක් නො ලැබෙන්නට ඉඩ තිබේ.// ... නොලැබෙන්නට ඉඩ තිබේ!?! ඔබට ඒ ගැන සැකයක් තිබේද?
    3. මෙවැනි අදහසක් එකතු කරමු.. "ජාතීන් අතර අසමගිය ඇති කිරීමට මැර ආගමික කල්ලි රජය මගින් පෝශනය කිරීම ඔබට ආශ්වාදයක් දනවනවාද?"
    4. බලය බෙදීම ගැන අදහසක් එකතු කරමු

     - Dimithri

    ReplyDelete
    Replies
    1. අගෙයි දිමිත්‍රි....

      /// "ජාතීන් අතර අසමගිය ඇති කිරීමට මැර ආගමික කල්ලි රජය මගින් පෝශනය කිරීම ඔබට ආශ්වාදයක් දනවනවාද?" ///

      ජාතීන් අතර අසමගිය ඇති කරන කිසිම ආගමික කල්ලිට සහ කිසිම ආගමික කටයුත්තකට රජය අනුග්‍රහය නොදැක්විය යුතුයි... ඒ සඳහා වැය කරන මුදල් අධ්‍යපණයට හා විද්‍යාව ජනතාව තුල ප්‍රචලිත කිරීමට යොදා ගත යුතු නොවේද?

      /// ටී.එන්.ඒ. එකත් එක්ක සාකච්චාවක්වත් පවත්වන්න බැහැ. එහෙම එකක් තිබ්බොත්, හෙට වෙනකොට කොටිලේබලය අලවලා ඇති.///

      බලය බෙදීම පිළිබඳව තත්වයත් මීට වඩා වෙනස් නෑ......

      Delete
    2. මෛත‍්‍රී ගේ සියලු සහෝදරයන් 12දෙනා ආශාවන් අත ඇරලා නම් ,
      මෛත‍්‍රී පිටුපස සිටින කතෝලික පල්ලිය කොටින්ට විරුද්ධ නම් ,
      මෛත‍්‍රී පිටුපස සිටින NGO නඩය ලංකාවට කෙනෙහිලි කම් කරන්නේ නැත්නම් ,
      මෛත‍්‍රී පිටුපස සිටින මුසළුවන් ලංකාවේ බෞද්ධයා විනාස කරන්න පෙළ ගැසෙන්නේ නැත්නම් ,
      මෛත‍්‍රීට චන්දය දෙන්න .
      හැබැයි …
      ඉඟුරු දීල මිරිස් ගත්තා වගේ කියන්න එපා. මොකද පස්සේ මිරිස්වල දැවිල්ලෙන් දුක් විඳ විඳ ඉන්න වේවි.

      Delete
    3. මෛත්‍රි ගෙ සහෝදරයන්ට එක එක අමාත්‍යාංශ භාර ගන්න දෙන්නෙ නෑනෙ. ඕනිනම් ටිකක් වැඩිපුර බිස්නස් හම්බ වෙයි ටික කාලෙකට.
      මෛත්‍රි පිටිපස්සෙ කතෝලිත පල්ලියක් කෝ? අනික දැන් කොටි නෑනෙ ආණ්ඩුවට එකතු වෙච්ච දෙන්න තුන්දෙනා ඇරුණම.
      එන් ජී ඕ කියන්නෙ ලංකාවට කෙනෙහෙලිකම් කරන ජාතියක්ද? අනික ලෝකෙට විහිළු සපයනකොට කවුද කෙනෙහිලිකම් නොකරන්නෙ?

      දැන් ඔයා කියන්නෙ මහින්ද විරුද්ධ ඔක්කොම අය සිංහලයට බෞද්ධයට විරුද්ධයි කියලද? ලංකාවෙ හොඳ අවංක මිනිහෙතුට ඉන්නෙ මහින්ද විතරමද? එහෙම වෙන්නෙ කොහොමද? මෙහෙම සංස්කෘතිය හා සදංචාරය නැතිකරගත්තට පස්සෙ සිංහල ජාතියක් ආගමක් මොකටද?

      Delete
    4. AnonymousDecember 25, 2014 at 12:18 PM
      මෛත්‍රීපාල ගේ සහෝදරයින් මහින්දගේ සහෝදරයින් සේ ම වේ යැයි කීමම පදනම් විරහිත ද්වේශය පදනම් කරගත් අතාර්කික හෑල්ලකි.
      මෛත්‍රී පිටිපස්සේ ඉන්න අල්ටිමේට් බලවේගය ඉන්දියාව මිසක කතෝලික පල්ලිය නෙවෙයි.
      NGO නම් මෛත්‍රී ට වඩා මහින්ද පිටුපස තිබෙනවා, හරියට අධ්‍යයනය කරල බලන්න
      ජාතිවාදයෙන් වැඩගන්න තුප්පහි තත්ත්වයට නරකම මට්ටමින් පත් වෙලා ඉන්නෙ මහින්ද, ඔහු හැමෝගෙම ජාතිවාදයෙන් වැඩ අරන් හැමෝවම ගොනාට අන්දගෙනයි ඉන්නේ කියන එක තේරුම් ගන්න් බලන්න.
      ඉඟුරු ඕනි තැනට ඉඟුරු ඕනි, මිරිස් ඕනි තැනට මිරිස් ඕනි තමන්ට අවශ්‍ය දේ අවශ්‍ය ප්‍රමාණය දන්නෙ නැති මිනිස්සු තමයි සමාජය හුඹස් බියෙන් අළලවන්න හදන්නේ....

      Delete
    5. ටැබුවා කොහේ හැංගිලා හිටියත් ඡන්ද කාලෙට එළියට එනවා. :-)

      Delete
  11. https://www.youtube.com/watch?v=0ezY_ycJBrs#t=14

    ReplyDelete
  12. චන්ද්රිකාගේ කිහිල්ලට වඩා පබාගේ තට්ටම සෙක්සි

    ReplyDelete
    Replies
    1. අපි වෙනුවට අපිDecember 25, 2014 at 1:27 PM

      කරුනාකර කාන්තාවන්ට පරිභව නොකරන්න.අපිට නිවට දේශපාලනයෙන් අත්මීදෙමු !

      Delete
    2. අපි වෙනුවට අපිDecember 25, 2014 at 1:34 PM

      කරුනාකර කාන්තාවන්ට පරිභව නොකරන්න.
      අපි නිවට දේශපාලනයෙන් අත්මීදෙමු !

      Delete
    3. පුරුද්ද ඕයි පුරුද්ද! ඕක ජම්මෙට වැඩිය ලොකුයි.

      Delete
  13. අරගලය ජනවාරි 8දායින් ඔබ්බට
    ජනවාරි 8දා ඔබ මේ රටේ අනාගතය තීරණය කරන බව ඔබ දන්නවා ද?

    ReplyDelete
  14. අරගලය ජනවාරි 8දායින් ඔබ්බට
    ජනවාරි 8දා ඔබ මේ රටේ අනාගතය තීරණය කරන බව ඔබ දන්නවා ද?

    පැරකුම්

    ReplyDelete
  15. For me, I trust one gentleman in this country- he is just about the only straightforward and practical man ever was in Sri Lankan decision making scene, who has real goals and achieves them for the benefit of the people- Gotabhaya Rajapaksha- looking at the Rajapaksha brothers we see a wonderful symphony of cooperation, they listen to the people and do know what the people and country need- and WORK for it. No other pre runners in the political arena have displayed these qualities as for what I have seen during last 30 years. Chandrika, Ranil had governments but there was not a single specimen of this kind and everyone knows how they lied and did nothing in their tenures. There is hardly anything to remember as worthwhile from their times and rules. Now having said that I know media like Lankaenews are bitterly against this union of brothers- especially Mr. Gota. I am an ardent reader of Lankaenews and reading through all these years I can very well see what their set of mind is. Their arch enemy is GR and the hatred they show towards this man is unbelievable. Few articles of them have helped me understand their real roots- the deaparate tamil diaspora who never gave up after the death of prabhakaran and who are always keen to take their vengeance one way or the other. Also as a side note its funny to see how they mercilessly attacked Champika Ranawaka on his sex life just a few months ago, no difference in the case of Athuraliye Rathana although with other allegations- and how they have been whitewashed now in the face of LEN. Carefully looking at the scenario one can see who are interested in creating a political instability in SL and what i suppose is they have found much better strings to pull this time than just create a noise about making an exil government outside Sri Lanka which could not get them anywhere, this time mingling right into SL politics attracting the general public influencing ill feelings as much as possible within the country. Now if you mention KP and Karuna Amman- my hats off to them- and great tactics of Rajapaksha brothers who have shown they are a hitherto not seen a genre of political characters who can make use of the enemy when they want- getting someone converted is not a job anyone can do- getting the leaders converted into opposant camp!! - hats off to you my friends

    ReplyDelete
    Replies
    1. උපුටා ගැනිම- http://en.wikipedia.org/wiki/Vinayagamoorthy_Muralitharan

      Vinayagamoorthy Muralitharan
      (From Wikipedia, the free encyclopedia)

      Break with LTTE

      In March 2004, Muralitharan broke away from the Tamil Tigers after he alleged they were ignoring the interests of the eastern Tamil people, and claimed to have renounced violence at this point.[5] This move by Karuna, to break away from the LTTE and renounce terrorism has been claimed to be one of the major turning points that brought about the end of the two and a half decade conflict. Former Member of Parliament Seyed Ali Zahir Moulana has been hailed as being instrumental in Karuna renouncing terrorism, who in turn joined the democratic mainstream.

      The LTTE alleged that the real reason he broke way was because the LTTE's intelligence wing was closing in on him for alleged financial and personal misconduct, terming his break a "temporary aberration".[6] The Tigers reacted to his defection by launching attacks against Muralitharan's forces, and heavy clashes ensued. They claimed to have fully evicted his forces from the area he controlled in mid-2004.[7]

      However his group, dubbed the Karuna Faction by the media, continued to maintain a stronghold in the southeast of Sri Lanka with a force estimated to number a few hundred.[8] They also regularly attacked the LTTE.[8] In 2006 the Sri Lankan armed forces launched a major campaign to evict the LTTE from the east of the country, with the assistance of the Karuna Faction. They succeeded in clearing the east of Sri Lanka by July 2007.

      Karuna has alleged that Prabhakaran intentionally dragged out peace talks so that the rebels could use the cessation in hostilities to re-arm for further combat.[9]

      He has said that the LTTE has lost 70% of its fighting capacity due to his TMVP group separating from the LTTE.[9]

      ------------------------*************--------------------------
      පසු වදන-
      LTTE සංවිධානයට පරාජයේ අධීවේගී මාවත විවෘත කර දුන්,
      2001 දෙසැම්බර් සිට 2004 අප්‍රේල් දක්වා,පැවති UNP ආන්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට, මාගේ ගෞරවය හා ස්තුතිය හිමිවේ.

      Delete
    2. AnonymousDecember 25, 2014 at 1:46 PM
      ඉඳුල් ලෙව කෑමට වැඩි ආසාවක් ඇති අය වැඩියෙන් පිඟන් සේදිය යුතුය. වැඩියෙන පිඟන් සෝදන අය වැඩිපුර ඉඳුල් කන බවක් ඉන් අදහස් නොවේ. එත් ඉඳුල් නොකා පිඟන් සෝදන විට වැඩිපුර පිඟන් සේදීමට වේලාව ඉතිරි වේ.

      Delete
  16. කාලෝචිතයි. ගමට ගෙනයා හැකිනම් ඉතාමත් අගෙයි. ෙෙව‍දය වරුන් සම්බන්ද දෑ ඉවත්වන්නේනම් හොඳයි. වැඩි පිරිසකට සමපාත විීමට හැකි ලෙස සැකසෙන්නේනම් හොඳයි.
    රුචිත සිරිවර්ධන.

    ReplyDelete
    Replies
    1. එතකොට කොහොමද පැරා ගෙදර ඉන්නේ? ගෙදර සාමය තියාගන්න නම් පැරා දොස්තරලට බනින්න ඕන.

      Delete
  17. Para, why are you so upset about salary increament of doctors? I think you are warried why not for nurses. I admire your task for good governence and but i can see always you hate doctors.

    ReplyDelete
    Replies
    1. Para's wife is a nurse. You figure out the rest. :P

      Delete
  18. ඉතා හොඳ යෝජනාවක්. ඔහොම එකක් අත්‍යවශ්‍යයි. අපි ඕක කරමු. තව ටිකක් සරළ කරල ලියාගන්න වෙයි වගේ. මාත් උත්සාහයක් දරන්නම්.

    ReplyDelete
  19. මම හිතන්නේ මේ ලියමනත් ඉලක්ක කරගෙන තියෙන්නෙ මධ්‍යම පාංතික මනස. සංවර්ධිත යැයි කියන රටවල නම් මධ්‍යම පංතියට හරියට කතා කළාම ඕනිම මැතිවරණයක් දිනන්න පුලුවන්, මොකද ඒ රටවල මධ්‍යම පංතිය හරි විශාල නිසා.
    ලංකාවේ චන්දයකදී සාපේක්ෂ අඩු ආදායම් ලබන ග්‍රාමීය සිංහල ජනතාවත් , උතුරු නැගෙනහිරත් ඇතුළු සුළු ජාතිකයනුත් ඉතා වැදගත්.
    අපි පොදු ලේඛනයක් හදනවානම්, එය දීප ව්‍යාප්තව පතුරුවන්නට හිතනවානම් මේ අයව තේරුම් ගත යුතුයි. මෛත්‍රී සහ මහින්ද මෙන් ..........හංගා ගෙන ..........න් කෙලින්න නොගොස් අවංකව සහ කෙළින් කළ යුතු සහ කළ හැකි දේ ඔවුන්ට කිව යුතුයි. ඔවුන් ගෝත්‍රිකයි. ඒක තමයි ඇත්ත. නමුත් ඒ ගෝත්‍රික මානසිකත්වයට සත්‍යය තේරෙන බසින් කතා කළ යුතුයි.
    මෛත්‍රීට හෝ රනිල් පන්නයේ යූඑන්පියට තවමත් ඒ උදවියට කතා කරන්න බැරි වෙලා තියෙනවා. නමුත් මහින්ද ඔවුන්ට තේරෙන බාසාවෙන් බොරුව පොවා තිබෙනවා.
    අප තේරුම් ගත යුත්තේ අප ඉතා සරල යැයි සිතන සමාජ, දේශපාලනික සහ ආර්ථික කරුණු ඔවුනට නොතේරෙන මහාප්‍රාණ ලෙස හැඟෙන බවත් සාමාන්‍ය පෙළ දක්වා ඇති ලාංකීය වැරැදි අධ්‍යාපනයේ වැරැදි දෘෂ්ටිවාදය න් ඇතුළේ ඔවුන් ජීවත් වන බවත් ය.
    කෙටිකාලීනව නම් - ඔවුන්ගේ දෘෂ්ටිවාදය තුළින් කතා කොට ගේම ගොඩ දැමිය යුතුයි.
    දිගුකාලීනව නම් - මේ ලබාදෙන නිදහස් අධ්‍යාපනයේ ඇති මහා පරිමාණමය දෘෂ්ටිවාදී වැරැදි නිවැරැදි කොට විශාල අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකට යා යුතුයි.

    ReplyDelete
  20. අර උඩින්ම දාල තියෙන එක ටොල්ස්ටොයි මහත්තය කියන්න ඇත්තේ මොකෙක් හරි ගොං පතයෙකුට මොකක්ම හරි දෙයක් තේරුම් කරල දෙන්න තර්ක කරල තර්ක කරල වැඩක් නැතිව මළ පැනල ඇවිල්ල වෙන්න ඕනි. ඔන්න ඔහොම ඒව හිතෙන්නෙම ඒ වගේ වෙලාවට. :D
    ලංකාවෙ සාතිශය බහුතරයට ෆ්රී තිංකින් කියන්නෙ මොකද්ද කියල වටහල දෙන්න බෑ උන්ට ඒක තේරුං ගන්න අවශ්‍යතාවක් ඇති කර ගන්න බැරි හින්දා. උං ෆ්රී තිංකින් තේරුම් ගන්නේ නිකං "මහින්දට කඩේ යාමට කෙනෙකුට ඇති අයිතිය " වගේ විකෘති තැනකින්.

    ReplyDelete
    Replies
    1. අපේ ටැබූ මහත්තයා ෆ්‍රී තින්කින් කියන්නේ හවුස් ඔෆ් ෆැෂන් එකෙන් ඇඳුම් අරන්දීල පොන්නයෙක් ගහන එකට.

      තොපි විතරයි හරියට ඔක්කොම දන්නේ. තොපි හිතන දේට අකමැති උන් බූරුවෝ. අනේ ටැබුවෝ.

      Delete
    2. ඔච්චර හයියෙන් ඌයි කිව්වේ රිදුනද ........ පැටියෝ !!! :D

      Delete
  21. ඡන්දය දීම යනු යම් කිසි පුද්ගලයෙකු හෝ පක්ෂයක් වෙනුවෙන් ගැතියන් ලෙස පෙනීසිටීම නොවේ. නියමිත කාල පරතරයකින් ජනාධිපතිවරණ, මහ මැතිවරණ ආදිය පැවැත්වෙන්නේ ජනතාවට එසේ පුද්ගලයෙකුට හෝ පක්ෂයකට පුද්ගලයෙකුට සීමා නොවී ඉදිරිය වෙනුවෙන් තීරණයක් ගැනීමට ඇති අවස්ථාවක් ලබාදීමටය. එසේම පුද්ගයකු, පක්ෂයක් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කල පසු, ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටීමත් අවශ්‍ය නොවේ. තමන් අපේක්ෂා කල 'වෙනස' සිද්ධ නොවන්නේ නම්, ඊට විරුද්ධව නැගී සිටීමත් අපගේ දේශපාලන අයිතියේම කොටසකි. ඔබගේ ඡන්දය යනු, රටේ යහපත වෙනුවෙන් පක්ෂයකට, පුද්ගලයෙකුට සීමා නොවී, නොනවතින මැදිහත්වීමකට ඔබට ඇති පරම අයිතියයි.
    ශ්‍රී ලංකාවේදී මෙය සිහිනයක් පමණකැයි ඔබ කියන්නේ නම්, මම මෙය උපුටා දක්වමි. "අතීතය යනු අද දවසේ මතකයක් පමණි. නමුත් අනාගතය යනු අද දවසේ සිහිනයයි" - ඛලීල් ජිබ්රාන්

    ReplyDelete
  22. "තනිවම යුද වැදී, කොටි සංවිධානය සමූලඝාතනය කරමින් රට බේරා ගත් බව කියන යුද නායකයාට කළ ගුණ සැලකීම වෙනුවෙන් ඔහු.."

    දැන් යුද අදිකරනයට මහින්දව ගෙනියනවා කියලා සීන් එකක් නැහැ.. මොකද දැන් බලපුවහම ඔය සමූලගාතන සහිත යුද්දය කරල තියෙන්න.. චම්පික..සිරිසේන..අතුරලියෙ හාමුදුරුවො වගේ අයනෙ.. කොටින්ම ඔය සොල්දාදුවො අඩු කඩාගෙන තියෙනෙ උන්ගේ දාන්ගලෙට කබඩි පැනලා..

    ReplyDelete
  23. https://www.facebook.com/profile.php?id=100008619574894
    හොඳ සටහන් කිහිපයක් තියනවා. බලන්න

    ReplyDelete
  24. දේශපාලකයින් කොන්ත්‍රාත් කරුවන් නොවන බව අනුර කුමාර දිසානායක කීවා, 64%ක චන්දයකින් බලයට ආ චන්ද්‍රිකා පොරොන්දු ඉටුකරන්නට අපොහොසත්වීමෙන් එය පසක් වූවා. 1994 චන්ද්‍රිකා ලද ජයග්‍රහණය ජනතාව ලද ජයග්‍රහනයක් බවට පත්කරගැනීමට නොහැකි වූයේ ජයග්‍රහණයෙන් පසුව ජනතාව සියලු දේ දේශපාලකයින්ට භාර දී උදාසීනව සිටීමයි. 2015 මෛත්‍රී ජයග්‍රහණය සැබෑ ජනතා ජයග්‍රහණයක් බවට පත්කිරීමට නම් ස්වාදීන ශක්තිමත් සක්‍රීය සන්විධාන ජාලයක අවශ‍ය තාවය තිබේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා