ජනාධිපතිවරණ සටන රෙදි ගැලවෙන අවධියට පිවිසෙයි

සමස්‌ත ලංකා මුස්‌ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් ආණ්‌ඩුවට සහාය දැක්‌වූ කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාඩ් බදියුදීන් සහ ජාතික ලැයිස්‌තු මන්ත්‍රී අමීර් අලි ඉල්ලා අස්වීම සංකේතාත්මකව වැදගත් සිද්ධියකි.

මෙම පක්ෂය ආණ්ඩුවේ තබා ගැනීම සඳහා ඔවුන්ට දෙන ලද වරදානත් රැගෙන ඔවුහු විපක්ෂයට එක් වී තිබේ. අමීර් අලිට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් ලබා දීම සඳහා ඒ.එච්.එම්. අස්වර්ට ඉල්ලා අස් වෙන්නටත් සිදු විය.

මේ අතර තවත් වැදගත් සංකේතාත්මක සිද්ධියක් වූයේ වඳුරඹ පොලිසියේ ස්ථාන භාර නිලධාරි පී.එල්. කීර්තිසිංහගේ ඉල්ලා අස් වීමයි. පසුගියදා වඳුරඹ නගරයේ පැවති මෛත්‍රීපාල සිරිසේනගේ රැස්වීමේ වේදිකාව හා ශබ්දවාහිනී උපකරණ ගිනි තැබීම සම්බන්ධයෙන් රාජකාරිය හරි හැටි කරන්නට බැරිවීම ‍මේ පොලිස් නිලධාරියාගේ ඉල්ලා අස්වීමට හේතුවයි. මෙම ප්‍රහාරය පසුපස නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම සිටින බවට වාර්තා තිබේ.

මේ ඉල්ලා අස්වීම සිදු වන දවසේ ම පොලිසියට ලැජ්ජා හිතෙන තවත් සිද්ධියක් මාධ්‍ය මගින් වාර්තා විය. උසස්‌ ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව සංවිධානය කළ උද්ඝෝෂණයක්‌ ඊයේ (22 වැනිදා) වෝඩ් පෙදෙසේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරියේදී කරන ලද නින්දිත පහරදීමයි. පහර දීමට සිසුන් ප්‍රතිරෝධය දැක්වූ ආකාරය පොලිසියේ රෙදි ගලවන්නට හේතු වී තිබේ.

රෙදි ගැලවීම ගැන කතා කරන විට මඩකලපුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රැස්වීම අසලදී සිංහල ජාතිකයකුට රෙදි ගලවා කළ පහරදීම ද සිහිපත් වේ. ඒ පහරදීම කළේ මඩකලපුවේ සිංහල සුළුතරය විසින් සිය ඡන්ද අයිතිය ඉල්ලා කළ උද්ඝෝෂණයකදී ය.

මේ අතර හම්බන්තොටදී ජයතිලක බංඩාර ඇතුළු කලාකරුවන්ට පහර දුන් නගරාධිපති එරාජ් අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා කර තිබේ. මේ වනාහි ඒ පහරදීම වැළැක්වූයේ නැති පොලිසියයි. 

මේ සිද්ධි පෙළ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට ඉතා අහිතකර ලෙස බලපායි.

මේ අතර ආණ්ඩුව මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව සිංහල ජාතිවාදය අවුස්සන්නට පටන් ගෙන තිබේ.

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන බවට ඔහු හින්දු පුවත්පතට කළ ප්‍රකාශය අල්ලාගෙන මඩ ගැසීම සඳහා විදේශ ඇමති ජී.එල්. පීරිස් පවා සහභාගි වී ති‍බේ. මේ අභ්‍යන්තර පරීක්ෂණය යනු මේ වන විට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ද ආරම්භ කර තිබෙන එකක් වන අතර යුද අපරාධ චෝදනාවලට මුහුණ දීම සඳහා භාවිතා කරන ප්‍රධාන අවිය එයයි. විදේශ ඇමති ජී.එල්. පීරිස් අභ්‍යන්තර පරීක්ෂණයකට එරෙහිව කරන ප්‍රකාශවලින් පෙන්නුම් කෙරෙන ලක්ෂණයක් වන්නේ ආණ්ඩුව අනාගත රාජ්‍ය පාලනය පිළිබඳ බලාපොරොත්තු අතහැර ඇති ආකාරයකි.

මේ සියලු අර්බුද සමනය කර ගන්නට ආණ්ඩුව උත්සාහ කරන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් ලොකු දතක් ගලවා ගැනීමෙනි. ඔවුන්ගේ ඉලක්ක වන්නේ සජිත් ප්‍රේමදාස, කරු ජයසූරිය, හරින් ප්‍රනාන්දු යන ත්‍රිත්වයයි. මේ පිරිස් දැනටමත් ආණ්ඩුව සමග යම් එකඟතාවන්වල සිටින බව පෙනේ. එහෙත්, කරු ජයසූරිය ආණ්ඩුවට එකතු වීම එතරම් බලපෑමක් කරනු ඇතැයි සිතිය නො හැකි ය. සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ බලය අල්ලා ගැනීමට බලා සිටින අධික උන්නතිකාමියකු වන හෙයින් ඔහු මේ අවස්ථාවේ යනු ඇතැයි සිතිය නො හැකි ය. හරින් ප්‍රනාන්දු ද කියන්නේ තමන් ආණ්ඩුවට නො යන බවයි. මොවුන් කිසිවෙක් කියන දේ ගැන විශ්වාස කළ නො හැකි ය. බොහෝ විට මොවුන් අදාළ ගනුදෙනු අවසන් කර තිබිය හැකි ය. මොවුන්ගේ හැසිරීම හා චෝදනා සම්බන්ධයෙන් දියාරු පිළිතුරු ඒ සඳහා දෙස් දෙයි. එහෙත් දැන් ඇතැමෙක් සල්ලි අරගෙන කොකා පෙන්නන්නට පටන් ගෙන ද තිබේ. 

මේ තිදෙනා හැර වෙනත් අය මිළ දී ගැනීමෙන් ආණ්ඩුවට එතරම් වාසියක් අත් වනු ඇතැයි අපේක්ෂා කළ නො හැකි ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. සිරිසේන දින්නොත් අර වඳුරඹ පොලිසියේ ඕ අයි සී මහත්තයා (බය නැතිව මහත්තයා කියන්න පුළුවන්) පොලිස්පති කලා නම් හරි. අද රටට ඕන ඔය වගේ මිනිස්සු.

    මර්වින් සිල්වටත් එහා ගිය කාළකන්නියෙක් තමයි සිරිසේනගේ දෑත ශක්තිමත් කරන්න ඇවිල්ලා තියෙන්නේ. එයාගේ වැඩ අපි කියන්න ඕන නෑ, ආන්ඩුවෙන්ම කියයි. තව එතනෝල් කාරයෙකුයි, කුඩු කාරයෙකුයි ආවා නම් දෙපැත්තම බැලන්ස්. එතකොට ඡන්දේ දෙන්න වෙන්නේ කාසියක් උඩ දාලා...

    ReplyDelete
    Replies
    1. එතනෝල් කාරයෝයි , කුඩු කාරයෝයි පැත්ත බලල දිනනවා නං වෙලාවට මගෙ තුන ට සෙට් වෙයි. එතකොට මගෙ තුන ට පුක (©2014 කකා ) එළියේ දාගෙන කඩේ යන සෙට් එක ඒක සාධාරණීකරණය හැටි දත කට මැදගෙනම බලන්න මං දත් බුරුසුවකුත් අරං තියා ගත්තා. :D

      Delete
    2. මේ පිල්ලියගෙ ගොං කතාව තේරුණේ නෑනෙ

      Delete
    3. ඇත්තමනෙ මෙ මාතලන් කියන්නෙ එහෙනම් මයෙ අම්මිල ඔක්කොම මහින්ද මාමිට චන්දෙ දෙන්න හොදේ, මාතලන් කියනවනෙ දෙකම එකයි කියල, එකක් දකින්නත් කලින්

      Delete
    4. බුදුන් වහන්සේගේ එක් දේශනාවක්, බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් කවියට නැගුවේය. මේ කවිය කාලෝ ෆොන්සේකා සහ තවත් අයෙක් මීට දශක හතරකට පමණ පෙර සිංහලට පරිවර්තනය කළහ. ඒ මෙසේය:

      ‘‘තණ්හාවේ දෝසේ- දුටු බුදුන් වහන්සේ- තණ්හාව නසා- විමුක්තිය පතා- නිවන් මග මේ යැයි- පෙන්වා දුන් සේක.

      ඉක්බිතිව දවසක්, ගෝලයෝ පිරිසක්- ඇසුවෝය හිමිගෙන්, එක්තරා පැනයක්:

      ‘තණ්හාව හල විගස, සැණයකින් අප ලබන- ඔබ කියන ඔය නිවන කෙබඳුදැ යි කියනු මැන.

      එවිට අප සියලූ දෙන- තණ්හාව නසනු ඇත.

      බඹ ලොවට පිවිසීම වාගේද නිවන් සුව-

      ඉර මුදුන් වෙලාවේ, විලක් මැද තනි වෙලා- කුසීතව පාවෙමින් සිටින්නා වාගේද-
      ඔබ කියන ඔය නිවන, පැහැපත් ද පියකරු ද-

      නොඑසේ නම් එය- සිත නැති කය නැති- කිසිම දෙයක් නැති දෙයක්දෝ ස්වාමීනි?
      මෙය ඇසූ හිම සඳ- හෝරා ගණනක් වැඩ හිඳ නිසලව- කීවේ මෙලෙස ය:

      ‘ඔබ ඇසූ පැනයට- පිළිතුරු නැත මට’.

      එහෙත් එම දිනයේ- සැන්දෑ සමයේ- බෝ රුක් සෙවණේ වැඩ සිටි සමිඳා-
      පැන ඇසූ සිය සිසු පිරිස ගිය පසු- එහි සිටි සෙසු දන සැම අමතාලා- දෙසූහ මේ සුළු කතාව උපමා:

      ‘දවසක් මම ගෙයක් දුටිමි- එය ගින්නට හසුව තිබුණි- රත් පැහැ ගත් ගිනි ජාලා එහි පියසින් උසට නැගුණි-

      එහි තුළ මම දනන් දුටිමි- දොර හැර ඔවුනට හඬගා පිටවන්නැ යි මම කීවෙමි.
      එහෙත් එදන සැලූණේ නැත- හදිසි බවක් පෙන්නුවෙ නැත. එක් අයෙකුගේ රැුවුල පවා පිළිස්සෙද්දි ඔහු ඇසුවේ-

      ගෙයින් පිටත මීට හොඳද- වැසි වසීද සුළඟ තදද- දැවෙන නිවෙස දමා ගොසින්- ඉන්න ගෙයක් තියෙනවාද?

      මෙවැනි ප‍්‍රශ්න රාශියක් ය.

      මම පිළිතුරු නොදී ඔහුට- නැවත වරක් වුණෙමි නිහඬ.

      මට සිතුණා මේ දරුවන් නගන ප‍්‍රශ්න නවත්තන්නේ- ගින්නෙන් නැසුනාම කියා’.

      ‘‘සත්තකින්ම ප‍්‍රිය දරුවනි,

      යම් මිනිසෙකු පොලෝ තලේ- තැබූ දෙපා දැවෙන තුරා- වෙන තැනකට නොයාවි නම්- ඒ දන හට සරණ යන්න- බණක් නැතිය මට කියන්න’’.

      එලෙසයි අප හිමි ගෞතම පිළිතුරු දුන්නේ පෙර කල.’’ (බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්)

      විකල්ප - ගාමිනී වියන්ගොඩ

      Delete
    5. මේ ඉල්ලා අස්වීම සිදු වන දවසේ ම පොලිසියට ලැජ්ජා හිතෙන තවත් සිද්ධියක් මාධ්‍ය මගින් වාර්තා විය. උසස්‌ ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව සංවිධානය කළ උද්ඝෝෂණයක්‌ ඊයේ (22 වැනිදා) වෝඩ් පෙදෙසේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරියේදී කරන ලද නින්දිත පහරදීමයි. පහර දීමට සිසුන් ප්‍රතිරෝධය දැක්වූ ආකාරය පොලිසියේ රෙදි ගලවන්නට හේතු වී තිබේ.

      සිසුන් පොලිසියට දැක්වූ ප්‍රතිචාරය මෙතනින් බලන්න. වීඩියෝව

      Delete
    6. //පොලෝ තලේ- තැබූ දෙපා දැවෙන තුරා//

      එහෙම ප්‍රශ්නයක් නැහැ. හොඳට කාල ඇඳලා බෝම්බ වලින් ඇඟවල් සි සි කඩ යයි කියල සැකයක් නැතුව පාරට බැහැල යනවා. එක කුඩු කාරයෙක් , පාතාලේ එකෙක් නැහැ පාරේ.

      වෙනසක් සත්තකින්ම අවශ්‍යයි. ඒක තමුසෙගෙ පු* අමාරුවට , චන්ද්‍රිකාගේ ඉර්ශයාත්මක පලිගැනීමට , රනිල්ගේ යටිකුට්ටු වැඩ සටහනට , මය්ත්රිගේ අගමැති සිහිනය බොඳ වීමේ ද්වේශය වගේ පහත් අවශ්‍යතාවයන් මගින් පෝෂනය උන වෙනසක් නෙමෙයි. සැබෑ වෙනසක්. එතකං අපි ඉන්නං. රාජසිංහ පන්නල සුද්දට රට දීල පු* අරගත්ත සිංහලය දැන් කාලේ නැහැ. ඔය බණ බයිලා කියනවා පොර්ට් සිටි එක හදන්න ඇවිල්ල ඉන්න චිනෙක්ට.

      Delete
    7. ඉතින් උඹටම පුළුවන්නෙ ඒක චීනෙක්ට කියන්න, උඹනෙ උන්ගෙ බත් ගොට්ට.
      කුඩු මුදලාලිල පාරෙ ඉන්නෙ කොහොමද ඔක්කොම ආණ්ඩුවෙ ඉන්නකොට, පාතාලෙයි මේ ආණ්ඩුවෙයි වෙනස තේරෙන් නැති බත් ගොට්ටෙක් උඹ. දැන් පාතාලෙ තමයි බන් මේ ආණ්ඩුව.
      තූ නොදකින් තොපි වගේ බත් ගොට්ටො.

      Delete
  2. https://www.youtube.com/watch?v=etBtRJ-smj8

    ReplyDelete
  3. http://4.bp.blogspot.com/-CeWIup0X08c/VJha04u52rI/AAAAAAAABR8/bS_t_mNGaOk/s1600/DSC_5401.jpg

    http://2.bp.blogspot.com/-TybCWYbHDtk/VJha7F2tMDI/AAAAAAAABSE/55PWkx5j62Y/s1600/DSC_5432.jpg

    http://3.bp.blogspot.com/-6Hpgo2EYljc/VJha-S1W74I/AAAAAAAABSM/trSZAWCOz4I/s1600/DSC_5449.jpg

    http://2.bp.blogspot.com/-gTOG73o3mK8/VJhbBCyUMtI/AAAAAAAABSU/qM7FVyTloAQ/s1600/DSC_5426.jpg

    ReplyDelete
  4. කරු වගේම සජිත් ගියත් ලොකු වෙනසක් නොවේ

    හරීන් යන්නේ නැත.

    ඒ ඔහුගේ හොඳකම නිසා වත් ප්‍රතිපත්තිගරුක බව නිසාවත් නොවේ. ඔහුට මේ වෙලාවේ හැටියට ආණ්ඩුවට යාම පාඩු නිසාය.

    ReplyDelete
  5. Sarath fonseka yanna hadanawalu. Kelaniya organiser karanna hadawa kiyala kiyanne.....������������

    ReplyDelete
  6. /පහර දීමට සිසුන් ප්‍රතිරෝධය දැක්වූ ආකාරය පොලිසියේ රෙදි ගලවන්නට හේතු වී තිබේ. /

    අගේ කරන්නේ නැතුව පොඩ්ඩක් විස්තර ඇතුව කිව්වනම්......

    ReplyDelete
    Replies
    1. මේ ඉල්ලා අස්වීම සිදු වන දවසේ ම පොලිසියට ලැජ්ජා හිතෙන තවත් සිද්ධියක් මාධ්‍ය මගින් වාර්තා විය. උසස්‌ ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව සංවිධානය කළ උද්ඝෝෂණයක්‌ ඊයේ (22 වැනිදා) වෝඩ් පෙදෙසේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරියේදී කරන ලද නින්දිත පහරදීමයි. පහර දීමට සිසුන් ප්‍රතිරෝධය දැක්වූ ආකාරය පොලිසියේ රෙදි ගලවන්නට හේතු වී තිබේ.

      සිසුන් පොලිසියට දැක්වූ ප්‍රතිචාරය මෙතනින් බලන්න. වීඩියෝව

      Delete
  7. ඔය උද්ගොශන, වීදි නාට්ය ඔක්කොම සන්විධානය කරන්නෙ විපක්ශය විසින්. ඉස්සර වෙලා මොකක් හරි ඉල්ලීමක් ඉල්ලගෙන යනවා, ඊට පස්සෙ පොලිසිය එක්ක හිතා මතා ගැටෙනවා, පස්සෙ විඩියො එක ෆෙස්බුක් එකෙ දානවා. අරාබි වසන්තය පටන්ගත්තෙත් ඔහොම තමයි.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉතින් හරිනෙ මෙහෙ දැන් අරාබි වසන්තෙ හොදේ

      Delete
    2. නෑ නියම "යහපාලන වසන්තය" පටන් ගන්නෙ මහින්ද චන්දෙ දිනුවොත්. දැන් වෙන්නෙ මයිත්‍රීට චන්ද එකතු කරලා දෙන්න සන්විධානය කරන පොඩි පොඩි ගැටුම්.

      Delete
    3. ඇයි යකෝ ඉතින් මහින්ද තුන්වෙනි පාර දිනන්න කලින් දිනලම නැද්ද?

      Delete
  8. ඩිෂුම් ....ඩිෂුම් ......ඩිෂුම් ..
    හුටා බඩු ඉවරයී...
    ම්.. ම්. ම්. දැන් මොකද කරන්නේ ?

    ReplyDelete
    Replies
    1. දැන් ..රම්බෝ මාමේ ගෙදර යන්න..

      Delete
  9. මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට විවිධ පිරිස් ඉදිරිපත් වෙති. එහෙත් මෛත්‍රී පාලනය යටතේ සුදුස්සාට මිස නුසුදුස්සන්ට හිතවත්කම් මත තනතුරු ලබාදෙන්නේ නැත. හෙන්චයියයන් පසුපස ගිය කාලය අවසන් වෙමින් තිබේ.

    සුදුස්සාට සුදුසු තැන ලැබෙන මෛත්‍රී පාලනයකට පෙලගැසෙමු!!!

    අනාගත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ජයවේවා!
    අනාගත අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජයවේවා!!
    අනාගත දිනමිණ කතෘ අජිත් පැරකුම් ජයසිංහ මැතිතුමාට ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇයි බොල විදෙශ ඇමති මන්ගල. උප අගමැති චන්ද්‍රිකා. මුදල් ලෙකම් චරිත රත්වත්තෙ. උතුරු නැගෙනහිර ආණ්ඩුකාර වික්‍රමබාහු කරුනාරත්න. ලෙක් හවුස් සභාපති සන්ධරුවන් සෙනාධීර.

      Delete
    2. //සුදුස්සාට මිස නුසුදුස්සන්ට හිතවත්කම් මත තනතුරු ලබාදෙන්නේ නැත. //

      රට කාපු චන්ද්‍රිකාට දෙනවද?

      Delete
    3. ජනපති - මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා
      අගමැති - රනිල් වික්‍රමසිංහ මැතිතුමා
      අමාත්‍ය මණ්ඩල ප්‍රධානී - මංගල සමරවීර මැතිතුමා
      මුදල් ඇමති - ආචාර්ය හර්ෂ ද සිල්වා මැතිතුමා
      බලශක්ති ඇමති - චම්පික රණවක මැතිතුමා
      කෘෂිකර්ම ඇමති - අතුරලියේ රතන හිමි
      ආරක්ෂක ඇමති - සරත් ෆොන්සේකා මැතිතුමා
      ------------------
      ලේක්හවුස් සභාපති - සඳරුවන් සේනාධීර මැතිතුමා
      සිළුමිණ කතෘ - කේ. ඩබ්. ජනරංජන මැතිතුමා
      දිනමිණ කතෘ - අජිත් පැරකුම් ජයසිංහ මැතිතුමා

      මෙහි සිටින්නේ සුදුස්සන් නොවේද? එසේ නොවේනම් ඔවුන්ගේ නුසුදුසුකම් මොනවාද?

      Delete
    4. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය දෙමල ජාතික සංධාන මන්ත්‍රී ඇම්. ඒ. සුමන්තිරන් මහතාට ලබාදෙන බවට පැතිර යන වාර්තා සත්‍යයෙන් තොර බව කරුණාවෙන් සලකන්න.

      මෙවැනි අසත්‍ය ප්‍රචාර ඉදිරියේදී තවත් ඉහල යනු ඇති බවත් මහජනතාව ඒ සම්බන්ධව විමසිලිමත්ව සිටිය යුතු බවත් දන්වා සිටීමට කැමතියි.

      ඉදිරියේ පතුරුවා හැරීමට නියමිත අසත්‍ය තොරතුරු

      යහ පාලනය පිලිබඳ ජනාධිපති උපදේශක - චන්ද්‍රිකා බණ්ඩාරනායක
      අලිමංකඩ පාමංකඩ අධිවේගී මාර්ග සහ රාජ්‍ය සංස්ථා සුරක්ෂිත කිරීමේ ඇමති - රවී කරුණානායක
      යුද කටයුතු පර්යේෂණ සහ සත්ව පලදායිතා ඇමති - ලක්ෂ්මන් කිරිඇල්ල
      සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් - උපුල් ගුණසේකර
      සෞඛ්‍ය ඇමති - විමුක්ති කුමාරතුංග

      Delete
  10. මෙතන අලුතින් පත්කරන ආන්ඩුවෙ ඇමතිවරුන්ගෙ සුදුසුකම් අහන්න කලින් දැන් ඉන්න සෙට් එකෙ සුදුසුකම් හොයලා බැලුවොත් නරකද?

    ReplyDelete
    Replies
    1. දැන් ඉන්න අය නුසුදුසු නිසා තමයි අපි අලුත් ආණ්ඩුවක් ගේන්න හදන්නේ. මුලසිටම සුදුස්සන් පත්කර ගැනීම වැදගත් වන්නේ ඒ නිසයි.

      Delete
  11. මේ කතාකරන , ලියන බොහෝ දෙන කතාකරන්නේ මෛත්‍රී දිනුවාම ඇතිකරන ඇමතිකම් ගැන ඒවා බෙදෙන අයුරු , මෙතන මුලිකම දෙය මෙම අසීමිත බලතල සහිත ජනාධිපතිකම වෙනස් කරන එක ගැන නොවේ , ඒ මොකද මෙවර මිනිස්සු මෛත්‍රීට චන්දෙ පාවිච්චි කරන්නේ වියවස්තවේ වෙනසක් කරගැනීමට , ඒක සිදුනොවේ කියා කව්රුත් කියන්නේ නැහැ , කැබිනට් ගැන කතා කරලා වැඩක් නැහැ එක ගැන මහමැතිවරනයකදී අපිට තීරණ ගැනීමට පුළුවන , පාර්ලිමේන්තුවට තව වැඩිකල් නැත , මහින්දගේ පාලනය ගැන මහින්දටවත් විස්වාසයක් නැති එකේ , සමහරුන්ට මහින්දගේ පාලනය ගැන මෙපමණ විස්වාසයක් ඇතිවී තිබෙන්නේ කොහමද ? මහින්දට විස්වාසයක් නැති නිසා තමා මිනිසුන් කලගුණ සැලකීමට දුන් අවුරුදු 6 ත් බැරිව 4 න් ඉල්ලන්කන්න යන්නේ , අනික දැන් මොකා පැන්නත් , මොකා ආවත් මිනිසුන් දන්නවා ඔවුන් ඒ කරන්නේ තමන්ගේ පුද්ගලීක වාසියට කියලා , එම නිසා ජනතාවගේ මතයට ලොකු බලපෑමක් වෙන්නේ නැහැ ,

    ReplyDelete
  12. පැරා මන් උබෙන් අයෙත් අයෙත් අයෙත් අහන්නේ මෙපරවත් උත්තරයක් දීපන්! අගතිය දෙසට යන මේ ගමන නවත්වා ගන්නට මෙම ජනාධිපතිවරණය පාවිච්චි කිරීම කියන පොස්ට් එකේ ලියපු //එසේම, මහින්ද රාජපක්ෂට සහයෝගය දෙන, එහෙත්, අප විසින් මතු කරන // කියන කාරණේ අදටත් වලංගුද ? එහෙම නැති නම් ඒ අදහස් වෙනස් කරගත්තද ?නැති නම් උබ මේ කරන්නේ අර මහිමන් රන්ජිත් වගේ අපිව අන්දවල අන්තිම මොහොතේ මොකක් හරි හේතුවක් පෙන්නලා මහින්දට සහය දෙන්මු කියල යෝජනා කරන්න බලාගෙන කරන මගඩියක් ද ?

    ReplyDelete
    Replies
    1. ඌ සහයෝගෙ දුන්නත් උඹ නොදී හිටහන්කො, හැම වෙලේම එකම ප්‍රශ්නෙ අහන්නෙ නැතුව.

      Delete
    2. යකෝ තොවගේ මී හරකෙක් මෝඩ මුසලයෙක්! අඩුම ගානේ තිස්ස අත්තනායක විලිලජ්ජාවෙන් වුනත් ප්‍රසිද්දියේ කියල පැත්ත මාරු කළා. මු ලියන ඒවා කියවන්න හොද නම් දෙපැත්තටම සහයෝගේ දක්වනවා කියල ලියන කපටි බල්ලෙකුගෙන් පැත්ත මාරු කලාද නැත්ත කියල අහන්න හොද නැද්ද ? බලාගෙන යනකොට මේ කාලකන්නි පැරා ප්‍රසිද්දියේ කියල දේශපලුවොන්ට වැඩිය නපුංසකයෙක් නේ! යකෝ නපුංසකයෝ තොත් මරා පස්සේ ගිහින් පරදින බව පෙන කොට හොරන් පැත්ත මාරු කොරපු එකෙක් නේද ?

      Delete
  13. Mahinda dinuwoth. adath pitapatha mathalan

    ReplyDelete
  14. පැරා ,මේ චන්ද අස්සේ රුපියල් කෝටී ගානක් වටින ටී.බී ගේ අඩි නැති සපත්තු කුට්ටම වෙන්දේසි කරලද දන්නෑ අයියෝ. අනික කුට්ටන් කමිටුවෙත් දක්සයෝ නෙ හිටියේ.

    ReplyDelete
  15. දොස්තරලාට පඩි හෝ දීමනා (මැතිවරණ පගා - මහින්දට පක්ෂව - හෝ හිතාමතාම අවුලක් ඇතිකිරීමට - පොදු ට පක්ෂව) වැඩි වී ඇත. බලාපොරොත්තු වූ ලෙසටම අතුරු වෙදුන් 29 දා සිට වැඩ වැරුමකට අර අඳිති.
    ආර්ථික ඝාතකයා කවුද?

    ReplyDelete
  16. තොට දේව ශාපය ලැබෙනවා

    ReplyDelete
  17. තොගේ ඇට දෙකට හෙණ වැදේවා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා