තිස්සගේ පිම්ම මහින්දගේ සාර්ථක ප්‍රතිප්‍රහාරයක් ද? දේශපාලන අධමත්වයේ ප්‍රදර්ශනයක් ද?
තිස්ස අත්තනායක හා චන්ද්‍රානි බංඩාර ආණ්ඩුවට එක් වී ඇති බව වාර්තා වේ. එය මහින්ද රාජපක්ෂගේ සාර්ථක ප්‍රති ප්‍රහාරයක් ලෙස බැලූ බැල්මට පෙනේ. අපේ ලේකම් තොපි ගත්ත නිසා අපි තොපේ ලේකම් ගත්තා. මෙහිදී තිස්ස අත්තනායකට කීයක් ගෙව්වා ද යන්න තවම හෙළි වී නැතත්, එය පොඩි ගණනක් වන්නට බැරි ය. මේ දේශපාලන න්‍යාය කුමක් ද? මෙය දේශපාලන න්‍යායක් නොව පාතාල චන්ඩින්ගේ න්‍යායකි. මෙමගින් ඇත්තෙන් ම පෙන්වන්නේ මහින්ද රාජපක්ෂ පාලනයේ තිබෙන ඒකාධිපති, අත්තනෝමතිකත්වය මිස වෙන කුමක් ද? මෛත්‍රීපාල විපක්ෂ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීම හා තිස්ස අත්තනායක ආණ්ඩුවට එක් වීම සමාන ප්‍රතිවිරුද්ධ ක්‍රියා දෙකක් ලෙස දැකිය හැක්කේ දේශපාලනික අමනයන්ට පමණි. මෛත්‍රීපාල ආණ්ඩුවෙන් එළියට එන්නේ අභියෝග රැසක් භාර ගනිමිනි. රාජපක්ෂවාදයේ අධමත්වය හමුවේ ජීවිතය පරදුවට තබමිනි. ඔහු පැමිණ නායකත්වය දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය පිහිටුවීමේ ඓතිහාසික අරගලයකටයි. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම එහි ප්‍රධාන අරමුණකි. එහිදී මෛත්‍රීපාල කියන පුද්ගලයා අමතක කර දැමිය හැකි ය. හේතුව, ඔහු ස්ථානගත වන්නේ දැවැන්ත සමාජ උවමනාවක් වෙනුවෙන් නිසා ය....