Posts

Showing posts with the label නැගෙනහිර පළාත් සභාව

පළාත් සභා හීතල වීම හා චූ බර වීම

Image
නැගෙනහිර පළාත් සභාව සභාපතිනි ආරියවතී ගලප්පත්ති විසින් අත්තනෝමතික ලෙස ජනවාරි 12දා දක්වා කල් තබා තිබේ. කල් තැබීමේ හේතු කතා කරමින් ආරියවතී මුත්‍රා බර ගැන ද කියයි. ඇගේ සුළු දිය බෑමේ අවශ්‍යතාව ද මේ පළාත් සභාවේ කලබලය සමග සම්බන්ධ කරගෙන තිබේ.  අයවැය විවාදය අතරතුර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු හත් දෙනා සභා ලේකම් කාර්යාලයට පැමිණිය ද සභා ගර්භයට නොපැමිණ සිටීම හා ආණ්ඩුවෙන් වෙන්වී ස්වාධීනව කටයුතු කරන සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීන් තිදෙනා ද නො පැමිණීම සමග බල තුලනය වෙනස් වීම මේ පසුපස ඇති ඇත්ත හේතුවයි. පළාත් සභාව කල් දමන්නේ අයවැයවත් සම්මත කර ගන්නේ නැතිව ය. මේ හා සමාන අන්දමින් ම ගිය සතියේ උෟව පළාත් සභාව කල් දැම්මේ ඒ පැත්තට රැස් විය නො හැකි තරම් සීතලක් ඇති බව කියමිනි.  ඇඟ හීතල වීම හා චූ බර වීම ඇත්තෙන් ම බියපත් වීම නිසා ද සිදු වේ. මේ සිදු වී තිබෙන්නේ එයයි.  ආණ්ඩුව බිය වී තිබෙන්නේ පළාත් සභාවල බලය අහිමි වනු ඇතැයි කියා ය. මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කි...