අන්තර්ජාලය ගෝඨාභයගේ ලංකාව කරකවා අත හරියි

රටට ඇති ලොකු ම අනාගත තර්ජනය සමාජ මාධ්‍ය බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පැවසීය.

රට යනුවෙන් ආරක්ෂක ලේකම්වරයා තේරුම් ගන්නා දෙයට සමාජ මාධ්‍ය තර්ජනයක් වුව ද, අපට රට යනු එතුමා සිතන දෙය නො වන නිසා අපට නම් එහෙම එකක් නැත. අපට නම් රට යනු ලෝකයේ කොටසක් වූ, ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, ප්‍රකාශනයේ හා සංචලනයේ නිදහස සහ ආර්ථික සාධාරණත්වය වෙනුවෙන් සටන් කරන අරගල බිමකි. වානිජ මාධ්‍ය ධනවාදී ඒකාධිපති පාලකයන්ගේ ග්‍රහණයට ලක් වෙද්දී සමාජ මාධ්‍ය අපට අලුත් අහසක් විවර කර දී තිබේ.

ඊට ටික දිනකට පසු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ට්විටර් සමාජ ජාල අඩවිය හරහා ප්‍රශ්න - පිළිතුර සැසියක් පැවැත්වී ය. 

අන්තර්ජාලය ලංකාව හිටි ගමන් කරකවා අතාරියි. ඊයේ සුරා බදු දෙපාර්තමේන්තුව හොර අරක්කු තිප්පොලක් වැටලුවේ ය. 

ඒත්, හොරෙන් මත්පැන් විකිණූ මේ ස්ථානය කප්රුක නම් අන්තර්ජාල ව්‍යාපාරයයි. එය  ලංකාවේ හොඳ ම ඊ-ස්වාභිමානී ව්‍යාපාරයයි. එහි අධිපති දුලිත් හේරත් 2013 වසරේ ආසියා පැසිෆික් හොඳ ම ව්‍යවසායක සම්මානය දිනා ගත්තේ ය. 

දැන් සුරා බදු දෙපාර්තමේන්තුව කියන ආකාරයට කප්රුක විසින් කර තිබෙන්නේ හොර මත්පැන් විකිණීමයි.

අපි නම් බොන්න ඕනෑ එකා ආණ්ඩුවට බදු ගෙවිය යුතු ය කියන සිද්ධාන්තය පිළි ගන්නේ නැත. 

සම්මාන දෙන්නේත් ආණ්ඩුව ය. හොරා කියන්නේත් ආණ්ඩුව ය. අනේ තොපේ සම්මාන තොපිට ම හොඳ ය.

සම්පූර්ණ විස්තරය මෙතැන තිබේ.

මෙන්න මේ ලිපියත් කියවන්න මෙයා.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ඊයේ (ජුනි 20) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී , අ. පො. ස. උසස් පෙළ සඳහා තාක්ෂණවේදය විෂය ධාරාව හදුන්වාදීමේ උත්සවය පැවැත්විණි.

    http://www.lankaikman.com/2013/06/blog-post_21.html

    ඉතින් පැරා ඔහේ කියන විදියට ආණ්ඩුව ඉන්ටනෙට් වලට බය නං මේ වගේ නව විෂයන් හදුන්වලා දෙන්නේ මොකද? අනික ඔහෙලා මේ ඉන්ටර්නෙට් එකේ පොස්ට් එකක් දෙකක් දාලා, ෆේස්බුක් එකේ ස්ටේටස් අප්ඩෙට් කරාම මේ මිලියන ගානකගේ චන්දයෙන් ආපු ආණ්ඩුව පෙරලෙයි කියලා හිතං ඉන්නවා නං එකෙන්ම පේනවා ඔහෙලගෙ මොලේ තරම.

    මම කියන්නේ නෑ ආණ්ඩුව හා ජනාධිපතිතුමා 100% නිවැරදියි කියලා. නමුත් මේ ආණ්ඩුව කොයිතරම් බලපෑම් ආවත් එව්වාට යට වෙන්නේ නැතිව කරන්න ඕනි දේ කරනවා. කොළඹ ඉදලා රටේ හෑම තැනක්ම නවීකරණය කරගෙන යනවා.

    දැන් කියයි රටේ සංවර්ධනය කරන්නේ පිට රටින් නය අරං කියලා. ඉතින් ණය අරං තමයි කරන්නේ. නමුත් මේ ආණ්ඩුව ණය ගන්නේ කන්න නෙමෙයි. ආයෝජන වලට.

    දැන් ඔය කයිවාරු ගහන රනිල් ගේ කාලේ මොනාද කරේ? UNP ආණ්ඩු කාලේ කොළඹ හෑ ප්‍රදාන නගර කියන්නේ කුණු කසල පිරිණු මුඩුක්කු එකතුවක්. බලන්න දැන් කොලඹ හෑ රටේ ප්‍රධාන නගර වල වෙනස, මෙව්වා කරන්නේ ගරු ආරක්ෂක ලේකම්තුමා.

    දැන් හැම දේම විවේචනය කරන පැරා කියන්නේ රට කාට දෙන්න ඕනි කියලද? අසමත් උන රනිල් ට දෙන්න කියලද?

    රත්නායක

    ReplyDelete
    Replies
    1. වගකිවයුතු නිලදාරීන් අර වගේ ප්‍රකාශ කරන්නේ කටකහනවටද?

      Delete
    2. මේ රත්නායක වගෙ හිතන බත් කන බූරුවො ඉන්නකම් ආන්ඩුවට මොකුත් වෙන්නෙ නෑ.මෙයා හිතන්නෙ තාක්ශන විශය කියන්නෙ ඉන්ටර්නෙට් එක කියල. අතන මෙතන නයට අරගත්ත සල්ලි වලින් ලස්සන කලාට මිනිස්සුන්ට බයක් නැතුව ජීවත් වෙන්න නිදහස නෑ කියන එක රටේ නීතියක් විනයක් නෑ කියන එක මුන්ට දැනෙන්න නම් මේවගෙ අයගෙ පවුලෙ කෙනෙක්ටම මොනව හරි වෙන්න ඕනැ.

      Delete
    3. මුල්ම අැනෝගේ කමෙන්ටුවෙත් පැරා ගේ බ්ලොග් ඒකෙත් යටින් දිවෙන මොකක්දෝ සමාන කමක් මට පේනවා. මම හරිද මන්ද?

      Delete
    4. රත්නායක..., තාක්ෂණ විෂය කියන්නෙ ඉන්ටෙර්නෙට් නොවේ කියන එක පළමුවෙන්ම තේරුම් ගන්න. එහෙනම් මේ වෙනකොට වෙබ් අඩවි රාශියක පිවිසුම අවහිර කරල තියෙන්නෙ ඇයි? බය නිසා නෙවෙයිද ? ඔබ කියන විදිහට ණය අරගෙන වැඩ ටිකක් කරලා තියනවා. අපි කුහක නොවී පිලිගන්නවා. එහෙත් මේ වියාපෘති වල කිසිම මූල්‍ය විනිවිද බාවයක් දකින්න නැහැ . උදා. විදිහට සමහර අධි වේගී මාර්ග වල අඩියක වියදම සලක බැලුවම පර රත්තරන් වලින්ද හදල තියෙන්නෙ කියල හිතෙනවා. සමහර වියාපෘති අවසානයේ විවුර්ත කිරීමේ සෝබන වියදම ඊට හපන්. ඒ නාස්ති කරන මුදල් වලින් තවත් කුඩා වියාපෘතියක් ආරම්බ කරන්න පුළුවන්. මේවා ගැන තම අපි කතා කරන්න ඕන.ණය ගැණීම නරක දෙයක් නෙවේ. නමුත් ගන්න නයාට පොලි ගෙවන්න ඔබ මම සහ හෙට ඉපදෙන දරුවා පවා. අනිත් එක ගන්න ණය වළින් 90% ක් සෝබන වැඩ වලට යොදවන්නේ නැතුව මහවැලිය( උදා. පමණි ) වගේ රටට පළදායි අළුත් වියපෘතියකට යෙදවිය හැකියි. දැන් වෙන්නේ හරියට අපි බැංකු ණයක් අරන් මුළු ණයෙන්ම අපේ ගේ වටේට ලස්සන තාප්පයක් හදාගෙන යෝධ ගේට්ටුවක් එහෙම දාගෙන ඒක දිහා බලාගෙන සතුටු වෙන එක විතරයි. පොලිය ගෙවන්න බැරි උන දවසක අන්තිමට මුළු ගේම බැංකුවට සින්න වෙනවා බැංකුවට. ණයට ගත්ත මුදල් වලින් වැඩි කොටසක් යොදවලා ගෙදර ඉඩමේ මොනවා හරි වාණිජ බෝගයක් වැව්වා නම් නයත් ගෙවාගෙන කාලා බීලා සතුටෙන් ඉන්නත් පුළුවන්.

      Delete
    5. සංධාන ආණ්ඩුවට ඡන්දෙ දෙන්නෙ itn බලන විමල් වීරවංස ලගෙ ලෙමන් පෆ් ටෝක් වලට රැවටෙන බොරු ජාති මාමකත්වය ඔලුවට ගහගත්ත නූගත් බයියලා. මහින්ද රටට කරන විනාශය තේරෙන බුද්ධිමත් මිනිස්සු ආණ්ඩුවේ වැඩ අන්තර්ජාලය ඔස්සේ එළි කරලා අර මිනිස්සු දැන ගන්නවට ආණ්ඩුව බයයි

      Delete
  2. රටට ඇති ලොකු ම අනාගත තර්ජනය සමාජ මාධ්‍ය බව//
    මෙහෙමක් බූරුවෝ!

    ReplyDelete
  3. පැරකුම්ට රාම තෙලක් ගියත් ඒකටත් පලි රාජපක්ශලා, එහෙම නැත්තන් ආණ්ඩුව​, වැඩි වශයෙන්ම සිංහල බෞද්ධයෝ. ජීවිතේ අවසාන කාලෙ කාල, බීලා රමණය කරලා පාඩිවේ හිටියනම් ඉවරනේ. බොරු අන්තර්ජාල විප්ලව නොකර​.

    ReplyDelete
    Replies
    1. මේගොල්‍ලන් නිසා ඒක කරන්නත් නැහැනේ.

      Delete
  4. ඕනෑම දෙයකට බයවෙන්නේ හරි මර්ධනය කරන්නේ හරි ඒ දෙය තමාගේ පැවැත්මට අභියෝගයක් වෙනකොටයි.රාජ්‍ය මාධ්‍ය වගේ තුන්තිස් පැයේ ම රජයට කඩේ යනවනම් අවුලක් නැහැ. ඒත් අන්තර්ජාලය නිදහස් අවකාශයක් නේ ඒක තමාට ඕන විදිහට හසුරවගන්න බැරි එකේ අවුල තමා ඔය විවිධ ප්‍රකාශ හරහා පිටවෙන්නේ...

    ReplyDelete
    Replies
    1. මොරබ්බා සමග එකඟයි...

      Delete
    2. Morabba de morabba
      නෑ මෙතන තියෙන්නෙ වෙනත් දෙයක්.
      තාක්ෂණයේ දියුණුවත් එක්ක ඇතිවන සීමා මායිම් වැට කඩුළු බිඳී යාම් මේ උදවියට තේරුම්ගන්න බෑ.
      උදාහරණයක් විදියට මේ මත්පැන් කේස්එක ගනිමු.
      ඉස්සර "හොර මත්පැන්" කියන්නෙ ගමේ ඇලක් දොලක් ආශ්‍රිතව පෙරල, කට කතාවට අනුව පැතිරිලා යන දෙයක්. දැන් "කට කතා" වෙනුවට "සයිබර් අවකාශය" එතැනට ඇවිල්ල. දැන් ඔන්ලයින් ඕඩර් කරන්න පුළුවන්. මේ තත්වය තේරුම්ගන්න තරම් මොලයක් නැති නිසයි "අන්තර්ජාලය හරහා කල මහා පරිමාණ මත්පැන් ජාවාරමක් හෙළිවෙයි" වගේ ප්‍රවෘත්ති දාන්නෙ.
      මත්පැන් කියන්නෙ බලපත්‍ර ඇතිව විකුණන්න ඕන දෙයක් බව ඇත්ත. ඒත් ධනවාදී ක්‍රමේ ඇතුලෙ සීමා මායිම් දාන්න ගියාම සිදුවෙන අවුල් තමයි මේව. "මත්පැන්" කියන්නෙ තවත් එක පාරිභොගික ද්‍රව්‍යක් විදියට සලකල කටයුතු කලා නම් මේ අවුල් ඇතිවෙන්නෙ නෑ. මොකද මේ විකුණුවා කියන මත්පැන් වරාය බදු නොගෙවා හොරෙන් ලංකාවට ගෙනාපුව කියල සඳහනක් නෑනේ.

      Delete
    3. එත් රාජ් ඔය මිනිස්සුම අන්තර්ජාලේ ගැන මවල තියෙන චිත්‍රය මහා විකාරයක්. අන්තර්ජාලය කියන්නේ වැල බලන්න පජාත වැඩ කොරන්න තියෙන පොට් එකක් කියන හැගීම වැඩිහිටි සමාජයේ ඔලුවට දාල තියෙන්නේ. ඒක අනියමින් මතුකරලා මේ නිදහස් අවකාශය සීමා කරන්න හදන්නේ තමන්ගේ දේශපාලන පැවැත්මට.එත් මෙතන නීතියට පිටින් හොර ව්යාපාරෙකුත් ගිහිල්ල තියෙනවා. ඒ සිද්දියත් තමන්ගේ වාසියට යොදාගන්න තමා ඔය ප්‍රකාශ නිකුත් කරන්නේ.අධ්‍යාපනයට තොරතුරු තාක්ෂනය එක් කරන්න රජයේ වැඩ පිළිවෙලක් තියෙනවා. ඒත් ඒක නිලධාරී මට්ටමෙන් සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපෘති මේවා පටු දේශපාලන අරමුණින් ක්‍රියාත්මක වන යටිකුට්ටු ව්‍යාපෘති. මේ දෙකේ වෙනස තේරුම් ගන්න ඕන හරි පරිස්සමෙන්. මෙතන තියන ඇනෝ comment ගොඩකට උත්තරෙත් මේක ඇතුලේ තියෙනවා.

      Delete
  5. මෙහෙම කේස් එකක් තියෙනවා පැරා... මත්පැන් විකුනන්න ඕනම කෙනෙකුට, බලපත්‍රයක් ඕන නේද.. ඒක ඔන් ලයින් විකුණුවයි කියලා, බලපත්‍රයේ අවශ්‍යතාවයේ වෙනසක් වෙන්නෙ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. 3D තාක්ෂණය හරහා අන්තර්ජාලයෙන් තුවක්කුවක් බා ගෙන වෙඩි තියනවා වගේ අන්තර්ජාලයෙන් ගල් බෝතලයක් බා ගෙන අඩියක් ගහන්න බැරිද?

      Delete
    2. @keerthi හඃ අන්තර්ජාලෙන්ම අඩි ගහල අන්තර්ජාලේම කබරයා දාල එළිවෙනකල් දපනේ දාලා උදේට ගුස්පියා වගේ ගෙදර (Home page එකට) යන්න පුළුවන් යුගයකුත් එයි...
      @මාතලන්
      ඔව් ඒ කතාවේ ඇත්ත එතන පොඩි ජිල්මාට් එකක් තියෙනවා කප්රුක කාරයාගේ

      Delete
    3. අපේ මිනිස්සු ඇත්ත කතා කතාකරනවා බොහොම අඩුයි නේ...

      Delete
  6. @"අපි නම් බොන්න ඕනෑ එකා ආණ්ඩුවට බදු ගෙවිය යුතු ය කියන සිද්ධාන්තය පිළි ගන්නේ නැත. " - බත් කද්දි, පාන් කද්දි ගෙවන්න ඕනි නම් අරක්කු බොන එකාත් ගෙවන්න ඕනි.බොන එකා වැඩියෙන් ගෙවන්න ඕනි මොකද ඒක අත්‍යාවශ්‍ය භාණ්ඩයක් නොවන නිසා.
    බදු අයකිරීම සමාජවාදයට එකඟ නැද්ද?

    ReplyDelete
    Replies
    1. බදු අය කරන්නේ සමාජ සුබසාධනයට නම් කමක් නැහැ. මෙතන බදු අය කරන්නේ බාප්පලාට, බේබිලාට ෂෝක් කරන්නනේ.

      Delete
  7. //අපි නම් බොන්න ඕනෑ එකා ආණ්ඩුවට බදු ගෙවිය යුතු ය කියන සිද්ධාන්තය පිළි ගන්නේ නැත.//

    හැබැයි හැමතැනම චූ කරන්න හොඳ නෑ ඒ නිසා ආන්ඩුවෙන් කක්කුස්සි හදල දෙන්න ඕන කියල පෝස්ට් එකක් ලියනවා. ඒවට සල්ලි හොයා ගන්නෙ කොහොමද?

    බොන්න ඕන එකා බදු ගෙවන්න ඕන නැත්නම් රෙන්න ඕන එකා රෙනවට බදු ගෙවන්න ඕනද?

    කුහක කමින් අන්ධ වෙන්න එපා. දිනමින චාටර් වගේම ඊ නිවුස් එකත් චාටර්. බොදු බල සේනාව වගේම කොටිත් අන්තවාදීන්. ආන්ඩුවෙත් ඔක්කොම දේවල් චාටර් උනාට බොහොම පොඩි පොඩි හොඳ වැඩත් තියෙනවා. පාරවල් හදනවා වගේ ඒවා. පාරවල් හදන්න විතරක් ආන්ඩුව වැඩක් නැති බව ඇත්ත උනත් පාරවල් හදන එක හොඳයි කියන එක පිලිගන්න පුරුදු වෙන්න.

    ඔච්චරම කුහක කමයි ඉරිසියාවයි තියා ගන්න එපා.කුනුවෙලා මැරෙයි.

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ මේක මාර කෙළියක්නේ. රෙන්න කක්කුස්සියක් හදාදෙන්න‍ අසමත් ආණ්ඩුවකට බදු ගෙවන්න නෙමෙයි ඔනැ. ගූ ගහන්නයි ඕනැ.

      පාරවල් හැදුවා කියලා පාරෙ රෙන්නයැ.

      Delete
  8. ගෝඨාභය "රට" කියන එකට අජිත් "රට" කියල කියන්නෙ නෑ.
    අජිත් "රට" කියල කියන එකට ගෝඨාභය "ර‍ට" කියල කියන්නෙ නෑ.
    අපේ ගොඩක් අය "රට" කියන්නෙ මොකකට කියලද අජිත් හිතන්නෙ?

    ReplyDelete
    Replies
    1. දන්නෙ නැහැ. මං දන්නේ මම කියන එක විතරයි.

      Delete
  9. අපේ ගමේ පාරවල් ගානෙ රස්තියාදු ගහන බල්ලො ඊයෙ පෙරේද හොරෙකුගෙ පස්සෙන් පන්නලා හැපුවා.
    රස්තියාදුකාර බල්ලන්ගෙත් හොඳක් දකින්න පුරුදු වෙමු.
    කුහක වෙලා පිස්සු බලු රෝගය ගැනම හිතන්න එපා.

    ReplyDelete
    Replies
    1. ඔය සිදුවීම වුනේ බුත්තල පැත්තේ නම් ඔබ නියන්න බොරුවක්. මොකද බුත්තල නගරෙ සිට බල්ලො වෙසක් උත්සවය නිසා මැරුවානේ.

      Delete
  10. බොරු කියන්න එපා මෙයා......මේ ලෝකෙ සිද්ධවෙන ඔක්කොම දන්න පැරා මේ ගැන කියන්නෙ මෙහෙම......

    //මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දෙමළ ජනයාට කිසිදු අනුකම්පාවක් නො දක්වන ලදමුත්, බල්ලන්ට නම් සෑහෙන අනුකම්පාවක් දක්වයි. බල්ලන් අල්ලා මරා දැමීම මේ වන විට ලංකාවේ සම්පූර්ණයෙන් ම නතර කර තිබේ. //

    http://www.w3lanka.com/2013/06/blog-post_8895.html

    ReplyDelete
  11. පිටරටිං සල්ලි දෙනවනං ඕන බලු වැඩක් කරන්නං. එදා ඉදලා මේකනේ පැරාගේ තියරිය. අපි නොදන්න චෙස්.

    ReplyDelete
    Replies
    1. අනේ මචං අර පිටරට සල්ලි ටික ටිකක් ඉක්මන් කරවපංකෝ. මේ දවස්වල රිම් එකෙන් යන්නෙ.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා