Posts

Showing posts with the label දෙරණ 360

දිල්කා සමන්මලී ඥානසාර හිමියන් දියෙන් ගොඩ දැමූ මාළුවකු කළා ය

Image
"එකක් කඩතොලු වසන්නට ගොස් අනේ මට වූ කාරියා  නැතක් කඩතොලු හදා ගත්තයි කම්මලේ ආචාරියා" යි කියමනක් තිබේ. උපහැරණ නැතිව අමුවෙන් කීවොත්, නිකම් ම නිකම් දිල්කා සමන්මලී නම් වානිජ මාධ්‍යවේදිනිය, වීරෝදාර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පබා සේ ඇන්නුවා ය.  ඥානසාර හිමි සාර සුබාවට නාගෙන නාගෙන ගියේ ය. ඥානසාර හිමි නෑවේ ඇයි ද යන්න විමසා බැලිය යුතු ය.  අපට සිතෙන අන්දමින් නම්, දිල්කා සමන්මලී තමන්ගේ මැරවර ප්‍රතිරූපයට බිය වී එවැනි ප්‍රශ්න නො අසනු ඇතැයි ඥානසාර හිමි අධි විශ්වාසයක සිටින්නට ඇත. ඔහු සූදානම් වී පැමිණ නො තිබුණේ එහෙයින් වන්නට පුළුවන.  ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවකදී තමන්ගේ ඉතිහාසය ගැන, නෝර්වේ ගිය ගමන් ගැන හා භික්ෂූන් අතර මුදල් පිළිබඳ ඇති වූ ගැටුම් ගැන ප්‍රශ්න ඇසුවොත් උත්තර දෙන හැටි ගැන ඔහු මොහොතකටවත් සිතා තිබුණු බවක් නො පෙනේ.  ඒ එක් පැත්තකින් අපරිණතකමයි. අනෙක් පැත්තෙන් උද්ධච්චකමයි. අයුතු ජන රාශි හෙවත් මොබ් නිර්මානය කරමින් ප්‍රචණ්ඩත්වය ඔස්සේ ගොඩනඟා ගත් සිය ප්‍රතිරූපය ගැන මහත් ස්වයං ගර්වයකින් යුතුව දෙරණ පුටුවේ වාඩි වූ ඒ හිමියෝ, අහෝ, අංශක 360කින් ම කරකැවී අතහැරුණේ ය. ඥානස...