Posts

Showing posts with the label බලු ගහණය

සල්ලි එපා - බල්ලො මරමු

Image
රාජ්‍ය වෙසක් උත්සවය සමයේ සුනඛයන්ගෙන් හිරිහැර වන හෙයින් බුත්තල නගරය හා ඒ අවට නිදැල්ලේ හැසිරෙන සුනඛයන්ට වස වර්ගයක් මස්වලට මිශ්‍රකොට කෑමට දී මරා දමා තිබූ බවත්, බුත්තල නගරය හා ඒ අවට මියගොස් සිටි සුනඛයන් 38කගේ මළ සිරුරු මැයි 22දා නගර සභාවේ සේවකයන් යොදවා ඉවත් කරන ලද බවත් වාර්තා විය. රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වුණේ බුත්තල යුදඟනාව රජමහා විහාරස්ථානයේදී ය.ඒ පැත්තේ පුද්ගලයන් දෙදෙනෙක් අප්‍රේල් මාසයේදී ජලභීතිකාව වැළඳී මිය ගිය බව මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ පාලිත අධිකාරි මහතා ජනමාධ්‍යයට පවසා තිබිණි.  මසකට වැඩි කාලයක සිට මගේ සමීප මිතුරකු ඥාතියකු වන අමිල ලියනාරච්චි ඉන්නේ රෝහලේ ය. රාත්‍රියේ මෝටර් සයික‍ලයෙන් ගෙදර එමින් සිටියදී,  වෙනත් පාපැදිකරුවකුව බල්ලන් එළවාගෙන පැමිණීම නිසා ඔහු බල්ලන්ගෙන් බේරෙන්නට උත්සාහ කරද්දී පාපැදිය අමිලගේ යතුරු පැදියේ වැදී වැටීමෙන් ඔහුගේ පාදයක් දරුණු ලෙස බිඳී ගොසිනි.  මෙම ලිපිය ලියන මම ද වරක් බල්ලකු පැනීම නිසා යතුරු පැදි අනතුරකට ලක් වී ඇත්තෙමි. බල්ලා යතුරු පැදි පදවන්නන්ගේ මාරයකු බව බලධාරීන් දන්නේ නැත.  ඉංග්‍රීසියෙන් raining cats and dogs ...

බලු කරුණාවට වන්නේ ද මතට තිතට වුණ දේ ම ය

Image
Add caption කොළඹ බල්ලෝ වැඩේ වණ කර ගත්  බව අප අනාවැකි කීවේ බල්ලන් නාමල් බේබිගේ කොළඹ වීදි කාර් රේස්වලට අභියෝග කළ අවස්ථාවේ ය.  මෑත කාලේ රෙජිමට අභියෝග කළ එක ම පිරිස වන බල්ලන්ට වැඩේ දීමේ වැඩේ භාර දී ඇත්තේ ඇමති මෛත්‍රීපාල සිරිසේනට බව පෙනේ. ඒ නිසා දැන් ඇමතිතුමාට ගිය ගිය තැන බල්ලෝ පනිති. රෝහල්වල බල්ලෝ පිරිලා ය. බල්ලන් වඳ කරන්නට රුපියල් බිලියනයක් ද, බල්ලන් විසින් කන ලද මිනිසුන්ට බෙහෙත් විදින්නට බිලියන භාගයක් ද වසරකට වැය කරන බව ඇමතිතුමා මාධ්‍යවලට කියා තිබිණි. බලු වැඩේට හවුල්කාර වරාය නියෝජ්‍ය ඇමති රෝහිත අබේගුණවර්ධන ද වරායේ බල්ලන් (කකුල් හතරේ) 4000ක් ඇති බව කියා තිබිණි.  බලු වැඩේට අදාළ මාධ්‍ය කොන්ත්‍රාත්තුව භාර ගෙන ඇත්තේ ලංකාදීපයයි. එහි ඕපාදූප තීරයක පසුගියදා පළ වුණ පරිදි තානාපති නෝනා කෙනෙකු කියා ඇත්තේ ලංකාවේ සංචාරක කර්මාන්තයේ සංවර්ධනයට බල්ලන් බාධාවක් බවයි. එහෙනම් ඉතින් බල්ලන්ට අබ ම අබ සරණ ය. මන්ද, සංචාරක කර්මාන්තය නැති වුණොත් ආණ්ඩුවට අබ සරණ නිසා ය.  බල්ලන් වන්ධ්‍යාකරණය සඳහා කොන්ත්‍රාත්තුව භාර ගත් කොළඹ ඉහළ පෙළේ රාජ්‍ය නො වන සංවිධාන කළේ අමු බොරුවක් බව දැන් පැහැදිලි ය....