සිංහල පුවත්පත් කලාව හා මා කියැවූ නරක ම ලිපිය

අහම්බෙන් නෙත ගැටුණ, මව්බිම පුවත්පතේ පළ වූ මෙම ලිපිය ඔබගේ අවධානය පිණිස යොමු කරන්නේ එය මා මගේ ජීවිතය තුළ කියවා ඇති, රසවත් කරුණක් අඩංගු, ඉතා ම නරක විධියට ලියා ඇති ලිපිය නිසා ය. 

එය වැදගත් යයි මා සිතන්නේ සිංහල පුවත්පත් කලාව හා සම්බන්ධ කරුණු කීපයක් කෙරෙහි එමගින් අවධානය යොමු කෙරෙන බැවිනි. 

සිංහල පුවත්පත්වල භාෂා භාවිතය දැඩි ලෙස පිරිහෙමින් තිබේ.

එයට ප්‍රධාන හේතුවක් වන්නේ උප කර්තෘ භූමිකාවේ තිබෙන පිරිහීමයි. 

ලංකාවේ පුවත්පත් උප කර්තෘවරුන්ට සංස්කරණය පිළිබඳ මනා පුහුණුවක් අවශ්‍ය ය. 

සමස්තයක් ලෙස ම ලංකාවේ පුවත්පත් කලාව පුහුණු කිරීම නිසි අන්දමින් සිදු වන්නේ නැත. පුවත්පත් කලාව උගන්වන බව කියන පාඨමාලාවල ද වැඩපිළිවෙල විමසා බලන්නේ නම් පෙනෙන්නේ ඒවායේ ඉගැන්වීම් ක්‍රමවේද ද යල් පැන ගිය ඒවා බවයි. 

මෙවැනි පාඨමාලාවල බොහෝ විට සිදු වන්නේ කිසියම් පුද්ගලයෙකු සම්පත් දායකයකු ලෙස පැමිණි පම්පෝරියක් ගසා යාමයි.  ප්‍රායෝගික ක්‍රියාකාරකම් අවම ය. 

පුවත්පත් කලාව පිළිබඳ ලියැවී ඇති පොත පත ද ප්‍රායෝගික අංශයට වඩා අවධානය යොමු කර තිබෙන්නේ න්‍යාය කෙරෙහි ය.

ලිපිය මෙතැනින් කියවන්න (වෙබ් සබැඳියාව සොයා දුන්නේ කතන්දර)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. මේ රූපය කියවීමට අමාරුයි. අන්තිමේදී පහසු විදියක් හොයා ගත්තා.

    නරකම ලිපියක් කියවීමට මෙච්චර මහන්සි වෙන්නේ ඇයි කියා මට ම හිතා ගන්න බැරි වුණා!

    http://www.mawbima.lk/56-37525-news-detail.html

    ReplyDelete
    Replies
    1. මෙය බ්ලොග් එකකින් කොපි පේස්ට් කරපු ලිපියක් වගේ?

      බ්ලොග් එකක කියෙව්වා නම් එළ මචං, දිගටම ලියපං කියලා කමෙන්ටුවක් දාන්න තිබුණා!

      Delete
    2. ලැයික් ...
      - සපතේරු

      Delete
  2. //NARAKAMA LIPIYAK// LIKE KAKKAS KATHANDARA

    ReplyDelete
  3. මට මොන ක්‍රමේට බැලුවත් මේක පේන්නෙ අර තිප්පොලේ අයිතිකරු මුදල් ගෙවා පල කරපු ඇඩ් එකක් වගේ...

    නීතියට අනුකූල දේවල් ගැන නම් මෙහෙම ලියන කලාවට ඇඩ්වටෝරියල් කියන්න පුලුවන්...

    - සපතේරු

    ReplyDelete
  4. මීට වඩා නම් නරක ලිපි මම දැකල තියනව, අර ගොසිප්9 එකෙනුත් නග්ගල ගන්න බැලුව, මොකක්ද පත්තර පඩංගුවක ගිය ජනමාද්‍යවේදිය ගෙ කතාව මීට වඩා පට්ට චාටර්. උක්ත ආක්‍යාත වැරදි විතරක් නෙවෙයි ගන්නත් මෙලෝ රහක් නෑ, උගෙ පත්තරේ අයිති කාරය ලක්ෂ්මන් හුලුගල්ල කියල වෙන එකෙක් පෙන්නුවහම තමයි ඌ ඒක දන්නෙ, ඒත් ඌ ඊට කලින් ඒ නම වත් අහල නෑ. එහෙව් එකා කියා ගන්නෙ ජනමාද්‍යවේදියෙක් කියල.

    සපතේරු උන්නැහේ ගෙ කතාවෙ නම් පොයින්ට් එකක් තියෙනව.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා