උන්ට චොගම් - අපට හුළං

චොගම් ආණ්ඩුවේ ඇම්බැට්ටයන්ට හොඳ හොද්දක් වී ඇති බව පෙනේ. 

‍මේ දිනවල කතා කෙරෙන ආකාරයට චොගම්හි අති සාමාන්‍ය වූ වෙබ් අඩවිය වෙනුවෙන් ඕස්ට්‍රේලියානු සමාගමකට රු. මිලියන 15ක් ගෙවා තිබේ.

චොගම් ආරම්භක උළෙලේ සංගීතමය වැඩසටහන වෙනුවෙන් භාතිය සන්තුෂ්ලාට රු. මිලියන 10ක් ගෙවා තිබේ. 

මේ කොන්ත්‍රාත්තු ලබා දුන් අය ඒ වෙනුවෙන් සෑහෙන කොමිස් මුදලක් ලබා ගන්නා බව අනුමාන කළ හැකි ය.

හෝටල් කාමර, ප්‍රවාහන සේවා වැනි මෙකී නොකී හැම දෙයකින් ම පාහේ ආණ්ඩුවේ ඇම්බැට්ටයන් හොඳට ගරන බව පෙ‍නේ. 

එසේ සිදු වන්නේ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව කොළඹ පැවැත්වීම  ම හේතු කරගෙන අර්බුදයක් මතු වී, එහි ප්‍රධාන අනුග්‍රාහකයන් දෙදෙනෙකු වන කැනඩාව හා එක්සත් රාජධානිය සිය මුල්‍ය දායකත්වයන් ඉවත් කර ගන්නා බව නිවේදනය කර තිබියදී ය.

මේ යන ආකාරයෙන් පෙනෙන්නේ පශ්චාත් චොගම් යුගය තව තව පටි තද කර ගන්නට සිදු වන අලුත් අලුත් බදු එන සමයක් වනු ඇති බවයි. සූදානමින් ඉන්න.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. හා මචන්....

    ReplyDelete
    Replies
    1. හරි මචං, ලෑස්ති වෙලාම ඉඳපන්.

      Delete
    2. අපි කවදත් රෙඩි පිට ඉන්නෙ...

      Delete
  2. අම්මෝ සල්ලි .ගමක මිනිහෙක් රුපියල් අටසීයක් හොයා ගන්නෙ කොච්චර අමාරුවෙන්ද? මොන ලෝකයක්ද මේක පැරා

    ReplyDelete
    Replies
    1. පැරකුම් කියන්නෙත් ගමක ජීවත් වෙන මිනිහෙක්..... ඉන්ටර්නෙට් සහ ලිවීමේ හැකියාව තියන කල් පැරකුම්ටත් රුපියල් 800 සුළු මුදලක්..... ඩොලර් 8යි කියන්නෙ ඩොලර් මිටියකින් කොච්චර පොඩ්ඩද.....

      දැක්කද ගමේ කියලා නෑ.... මිනිස්සුන්ට ජීවත් වෙන්න උත්සාහය විතරයි ඕනි... මොකද අයිසෙ පැරකුම් තමුන් මේ ගැන හිතන්නෙ?

      Delete
    2. මිලියන 15 ගත්තු එකා රුපියල් 1500කට විතර ගත්ත ටෙම්ප්ලේට් එකකින් වැඩේ කරල. ඔන්න පුතේ ආශ්චර්යෙ

      Delete
  3. මෙව්වා එකකුත් 930 යි.

    ReplyDelete
  4. මෙන්න මම ජීවිතේටම හදපු පළමු වෙනි සහ එකම වෙබ්අඩවිය. මුලු වියදම $256.00. ඒ ඩොමේන් එකට, හෝස්ටින්, security, ඇතුළුව. මුළු කාලය - පැය තුනකටත් අඩුයි. මිලියන 15 න් 1/10 ක් දුන්නනම් ඕකම හදල මගේ mortgage ඒකත් ගෙවාගන්න තිබුන.
    visit www.brighthousefcc.com

    ReplyDelete
  5. අනේ මන්ද මේ වෙන දේවල් පැරා ....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා