සමනල සංධ්වනිය ගැන ලියනකල් ..................

අද පළ කරන්නට සිතා සිටි 'සමනල සංධ්වනිය' රසවිඳුම තවම ලියා අවසන් නැත. සවස ගෙදර ඇවිත් ඉතිරි ටික අවසන් කරමි.

එතෙක් මේ ලිපි කියවූවේ නැතිනම් කියවා අදහස් දක්වන්න.

මංගලලා ගැන හිතන මහින්දට අපෙන් මල් මිටක්

එක්සත් ජාතික පක්ෂයේ ගැටුම මාතරදී පොලු මුගුරු ලෙලවා ගැනීම දක්වා උත්සන්න විය. 

පහර දීම පිටුපස මංගල සමරවීර සිටි බවට චෝදනා එල්ල වේ. මංගල චන්ද්‍රිකාගේ කාලයේ මෙවැනි දේ කිරීමෙන් අත්දැකීම් ලබා ඇති පරිණත පුද්ගලයෙකි.  >> කියවන්න


ප්‍රභාකරන්ගේ බංක‍රය කඩා බිඳ දැමීම යනු කුමක් ද?

1987 වසර. - ප්‍රභාකරන් ඉවුම් පිහුම්වල ඇලුම් කළ කෙනෙකු බව ඇඩෙල් බාලසිංහම්ගේ 'විල් ටු ‍ෆ්‍රීඩම්' පොතේ දැක්වේ. 
මම පශ්චාත් යුද සංචාරකයකු ලෙස උතුර‍ට ගොස් නැත. එහෙයින් හමුදාව විසින් පසුගිය කාලයේ ප්‍රදර්ශනය කරමින් සිටි ප්‍රභාකරන්ගේ යයි කියන බංකරය ද දැක නැත්තෙමි. මට එය බලන්නට උවමනාවක් තිබුණේ ද නැත.

ප්‍රභාකරන් සැතපුණ තැන් ඔය වන්නියේ හා ලංකාවේ උතුරේ තවත් බොහෝ තිබෙනවා විය හැකි ය. ඔහු‍ගේ මේ බංකරය ආණ්ඩුව විසින් හඳුන්වා දෙනු ලැබුවේ සුඛෝපභෝගී බංකරයක් ලෙසයි. වියන් ඇඳක්, පුටුවක්, දියවැඩියා රෝගියකු විසින් පාවිච්චි කරන්නට ඇතැයි සිතෙන ශීතකරණයකට ආදේශක උපකරණයක් වැනි දේ ඇති, වාතාශ්‍රය නැති, කළුවර, සීතල කුටියක් සුඛෝපභෝගී යයි සිතන්නට මට නම් හේතුවක් නැත. එහෙත්, ආණ්ඩුවෙන් කී නිසා බොහෝ ජනමාධ්‍ය ද එය ප්‍රභාකරන්ගේ සුඛෝපභෝගී බංකරය ලෙස හැඳින්වූයේ ය. >> කියවන්න

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා