මොහොමඩ් ෂිහාම් ඝාතනයේ කොන්ත්‍රාත්තුව දුන් පුද්ගලයාත්, කොන්ත්‍රාත්තුව ගත් පුද්ගලයාත් මිනීමරුමට දක්වා ඇත්තේ අවම දායකත්වයක්

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන විසින් මෙහෙයවන ලද බව කියන කොන්ත්‍රාත් මිනීමරු කල්ලිය විසින් කරන ලදැයි සැලකෙන මොහොමඩ් ෂිහාම් නම් මුස්ලිම් ව්‍යාපාරිකයා මරා දැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් තිදෙනෙකුට නිතිපතිවරයාගේ සුවිශේෂ බලතල අනුව කොන්දේසි සහිත සමාවක් ලබා දී ඔවුන් රජයේ සාක්කිකරුවන් බවට පත් කිරිමට නීතිපතිවරයා තිරණය කර ඇති බව වාර්තා වේ..

එහි ඇති සුවිශේෂ කරුණ වන්නේ පළමු සැකකරු වන ඝාතන සිද්ධියේ කොන්ත්‍රාත්කරු බව සැලකෙන ගම්මැද දඩයක්කාරලාගේ ක්‍රිෂාන්ත විශ්වරාජ් කෝරළගේ හා කොන්ත්‍රාත්තුව දුන් පුද්ගලයා වන දෙවන සැකකාර මොහොමඩ් පවුස්ඩීන් මුත්ලිෆ් නම් වන ඝාතනයට ලක් වූ පුද්ගලයා සමග ගනුදෙනු කළ සපත්තු ව්‍යපාරිකයා ද මෙසේ කොන්දේසි සහිත නිදහසක් ලබන අය අතර සිටීමයි.

අපරාධ නඩු සංග්‍රයේ 256 වන වගන්තිප්‍රකාරව නිතිපතිවරයා වෙත පැවරී ඇති සුවිශේෂි බලතල අනුව මෙම සමාව දී ඇති බව කියැවේ. ස්වකීය වැරදි මහේස්ත්‍රාත්වරයකු හමුවේ පාපොච්චාරණය කර තිබෙන මෙම සැකකරුවන් මේ ඝාතන සිද්ධියේදී අවම දායකත්වයක් ලබා දුන් පුද්ගලයින් ලෙස හදුන්වා දී තිබේ.

මරන්නට කොන්ත්‍රාත්තුව දුන් පුද්ගලයාත්, කොන්ත්‍රාත්තුව ගත් පුද්ගලයාත් මෙම මිනීමැරුමේදී දක්වා තිබෙන්නේ අවම දායකත්වයක් බව නීතිපතිවරයාගේ හෙවත් රජයේ අදහසයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. හරිය්ටම හරි, උපරිම දායකත්වය දක්වලා තියෙන්නෙ මැරුන එකානෙ. අපරාදෙ නඩු දැම්මෙ.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. ++++++++++++++++++++++++

      Delete
  2. ha ha Vass Gunawardana is innocent now?? Wonders .... Wonders..
    Where is king Kakille..

    ReplyDelete
  3. නීතිපති තුමා එහෙම කලා නම් සාධාරණ හේතු ඇති

    ReplyDelete
  4. Replies
    1. G ෆෝස් ගැන බ්ලොග් ලියලා ඇඩ් දැම්මට සෙනග එන්නෙ නෑ.... G ස්පොට් එක ගැන ලියපන් සූ ගාලා එයි..... නැත්නම් ජී කතාවක් ලියපන්.....

      Delete
  5. "ශ්‍රී ලංකා නීතිපති දෙපර්තුමේන්තුව" දැයට විහිළු සපයන්නෝ...

    ReplyDelete
  6. තුන්වෙනියෙකුටත් ඔය විදියට සමාව දීල, නමුත් ඔහු එය භාරගත්තේ නෑ කියල අද ලංකාදීප පත්තරේ තිබුණා.

    ReplyDelete
  7. ඔය නීතිපති ඊළඟට සීජේ වෙන්න පෝලිමේ ඉන්න පොරක් වෙන්ඩැති..

    ReplyDelete
  8. මම නං කියන්නෙ මේ විත්තිකරුවන් සියලුදෙනා ඝාතනයට දක්වල තියන දායකත්වය අවමයි. උපරිම දායකත්වය දක්වල තියෙන්නෙ වෙඩි තියපු තුවක්කුව, පෙර-පසු පාවිච්චි කල වාහන වගේ දේවල්. අන්න ඒවට දඬුවම් කලානං හරි, විත්තිකරුවන් සියළුම දෙනා රජයේ සාක්ෂිකරුවන් කලයුතුයි.

    ReplyDelete
  9. ඔන්න ඕකනෙ වෙලා තියෙන හෙණේ....පැරා හිතන්නෙ යුක්තිය පසිඳලීම කියන්නෙ සෙල්ලං කෙළියක්ය කියලද? ඒ ක්‍රියාවලිය ඇතුලෙ තියනව ලොකු අභ්‍යන්තරයක් සහ නොයෙක් සංකීර්ණතා ඒ වගේම භූ විෂමතා..තේරුණාද? ඒ වගේම භෞමික අඛණ්ඩතා..

    ඒ ගැන හදාරල නැති නීති විකාරදයෙක් නොවෙන සාමාන්‍ය කෙනෙකුට පිටින් බලල ප්‍රශ්න කලෑකි " යකෝ මාර වැඩක්නෙ..මිනීමැරුං කොන්ත්‍රාත්තුව දුන්න මිනිහයි කොන්ත්‍රාත්තුව ගත්ත මිනිහයි දෙන්නම අවම දායකත්වයක්නම් දරල තියෙන්නෙ මොකාද ඔය වැඩේ කලේ? " කියල. ආන්න එව්වට තමයි නීතිය පිළිබඳ හසල දැනුමක් තියෙන උගත් බුද්දිමත් අපෙ නීතිපති තැන්පත් උතුමා වගෙ අය පත් කොරාල තියෙන්නෙ. ඒ නිසා අනං මනං ප්‍රස්න අහන්නෙ නැතුව එතුමා කියන එක පිලිගන්න එකයි තියෙන්නෙ...තේරුණාද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා