ඊයෙ රෑ ‍බේබි කපාලා - හවඩිය උගස් තියාලා (මහා කැසිනෝ ජාතකය)

එක කාලයක ලංකාවේ මෙවැනි පිංතූර බිත්තියේ ගසා ගැනීමේ විලාසිතාවක් තිබිණි
අපේ රටේ මිනිස්සු ඈත කාලයේ පටන් ම සූදු කෙළිය හ. පැරණි සාහිත්‍යයේ එය සඳහන් වන්නේ දාදු කෙළිය කියා ය.

දැනුත් ගමේ ගොඩේ බූරු කෙළිය සිදු වේ. මළ ගෙවල්වල බූරු ගසන්නට ලයිසන් නැති මුත්, සාමාන්‍යයෙන් පොලිසිය මළ ගෙවල්වල සූදු පිටි වටලන්නේ නැත. මම ද අවුරුදු කාලයට සල්ලිවලට කැට ගසා තිබේ. කාලෙන් කාලෙට පාසල් සිසුන් අතර ද දෙක පහ ගැසීම ජනප්‍රිය වේ. දැනුත් පාසල් සිසුවෝ හොරෙන් හොරෙන් දෙක පහ ගැසීම වැනි සූදු ක්‍රීඩාවල යෙදෙති.

අපේ තාත්තා සූදු කෙළියට ඇබ්බැහි වූවකු වුණේ නැත. එහෙත්, ඔහු කාඩ් කුට්ටමෙන් සල්ලි ඔට්ටුවට අජූත ගැසීමට මහත් සේ කැමැත්තක් දැක්වූයේ ය. සමහරු සල්ලි ඔට්ටුවට ඕමි එහෙම ගහති.

ඒ මොනවා නැතත්, අපේ රටේ කාලයක සිට රේස් දැමීම හෙවත් එංගලන්තයේ දුවන අශ්වයන්ට මෙහි සිට ඔට්ටු ඇල්ලීම සිදු වේ. අපේ තාත්තා ද කලක් ‍රේස් පත්තරය ගෙදර ගෙනාවේ ය. නෑබඩ පාසලේ ගුරුවරයකු වූ ඔහු ගෙදර එන ගමන් රේස් පත්තරය ගෙනැවිත්, බැනියම පමණක් ගලවා වැලේ දමා, ගෙයි එක දොරක් පමණක් ඇ‍ර, පඩිය උඩ වාඩි වී, සුදු සරම පිටින් රේස් පත්තරය බලමින් සිටින ආකාරය අප මතුගම සිට පාසල ඇරී ගෙදර එන විට දකින්නට ලැබුණු සාමාන්‍ය දර්ශනයකි.

අවුරුදු ගණනාවක් ම මම මේ ස්පෝටිං ස්ටාර් පත්තරයේ මුල පිටුවේ පළ වූ කාටුනය කියවූයෙමි. එය මගේ ඉංග්‍රීසි අධ්‍යාපනයට ඉවහල් වූ බව කියන්නේ කෘතඥතා පූර්වකව ය. ඒ දිනවල එහි නිතර යෙදුණු gonna" gotcha වැනි යෙදුම්වල තේරුම කිසිදු ශබ්‍දකෝෂයක තිබුණේ නැත. 

මම සූදුවට ලොල් නැත. එහෙත්, කවුරු හෝ ලොතරැයි ටිකට් පතක් දිගු කළ විට එය මිළ දී ගෙන එය ඇදුණොත් කරන දේ ගැන විනාඩියක් දෙකක් කල්පනා ද කරමි. එහෙත්, මාස ගණන් තිස්සේ ඒවා නො බලා මුදල් පසුම්බියේ තිබෙන්නේ මා වාසනාව ගැන එතරම් විශ්වාසයක් නො තබන බැවින් විය හැකි ය. 

සූදුව හා සුරාව අනතුරුදායක දේ බව ඇත්ත ය. එහෙත්, ශක්තිමත් පෞරුෂයක් හා ආර්ථකයක් ඇති මිනිසුන්ට මේවා සිය විනෝදය පිණිස යොදා ගැනීමේ හැකියාව තිබේ. ඒවායින් ජීවිතයට අනිවාර්යයෙන් ම හානි සිදු වන්නේ ය කියා දෙයක් නැත. එහෙත්, ලංකාවේ බහුතරයක් වන අප වැනි නැති බැරි හිඟන්නන් ජීවිතයෙන් ගොඩ යන්නට කැසිනෝ ගහන්නට ගියොත් දරු පවුල් පිටින් අනාථ වනු ඇත.

ඒ අතර සක්විති රණසිංහලා වැනි මානසික රෝගීහු ද අනුන්ගේ සල්ලිවලින් කැසි‍නෝ ගහන්නට යන්නට ඉඩ තිබේ. 

දැනුත් ධම්මික පෙරේරා වැනි සත් ගුණවත් ආණ්ඩුවේ හෙංචයියන් විසින් පවත්වාගෙන යනු ලබන කැසිනෝහලකට ගොස් බැලුවොත් වැඩිපුර දකින්නට ලැබෙන්නේ ලංකාවේ රස්සාව කර හම්බ කළ තුට්ටු දෙකට කෙළවාගෙන වැටී සිටින චීන්නු ය. 

මගේ ප්‍රියතම චිත්‍රපටය වන තුන්මංහන්දියේ අබිලිං සූදු පිටියේදී පැරදී තමන් කලින් උදව් කළ මිනිසකු ඉදිරියේ බාල්දු වන  ආකාරය මගේ සිත් කම්පා කළ දර්ශනයකි.

ලංකාවේ දැන් තිබෙන කැසිනෝ ප්‍රශ්නය මෙවැනි දෙයකි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ලංකාවේ ධනවාදී ආර්ථිකය ඉදිරියට ගෙන යන්නට තිබෙන ඕනෑම අවස්ථාවක් භාවිතා කිරීමට සූදානම් ය. රාජපක්ෂ පවුලේ ජාතිවාදී හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ලක්ෂණ නිසා ඔවුන්ට හොඳ ආයෝජකයන් රටට ගෙන්වා ගැනීමේ හැකියාව නැත. එන්නේ කැසිනෝකාරයන් නම් ඔවුන් මක් කරන්න ද? මේ රටේ ජනතාව ඔවුන් ගැන තබා තිබෙන බලාපොරොත්තු ඉටු කිරීම කෙසේ වෙතත්, අඩු තරමේ ගත් ණය පියවන්නට හෝ ක්‍රම හොයා ගත යුතුව තිබේ. 

මේකේ එකාලා ද කැසිනෝ ගහන්නට, ගනිකා වෘත්තියට අකැමැත්තක් නැති වුණත්, උන්ගේ ඔලුවල තිබෙන පට්ට ජාතිවාදී, ආගම්වාදී හැඟීම් එක්ක ඒවා ගලප්පා ගන්නට බැරි ය. කොහොමත් ඕවා එහෙම ගැලපෙන ඒවා නො වේ. සදාචාරයත්, දුරාචාරයත් යන දෙක ම ජීවිතවල එකට පවතී. ඒ අතර ගැටුමක් මෙන් ම සංහිඳියාවක් ද පවතී.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සත්ගුණවත් සභාපතිකම දැන් කලක සිට දරන්නේ රේස්කාර පවුලක් වන සුමතිපාලලා විසිනි. 

කැසිනෝ කියන්නේ මේ රටේ තිබෙන කෙළිවල හැටියට මහ ලොකු බක්කක් නො වන බව රාජපක්ෂලා දනිති. ඒත්, ඔවුහු වනාහි ජනතාවට ඉදිරියෙන් යන පිරිසක් නො ව, ජනතාව යන දේවාලය බලා, එහි කපුකම අල්ලා ගන්නා අමන පාලකයෝ පිරිසකි. ඒ නිසා කැසිනෝකාරයන් ගෙන්වා ගන්නට කටයුතු කරනමුත් ඔවුන් ඒවායේ වගකීම භාර ගන්නේ නැත. තව ටික දිනකින් මේ වගකීම ඔය පී.බී. ජයසුන්දර වැනි කෙනෙකු පිට පටවා අත හෝදා නො ගත්තොත් මෙන්න කැට! 

එස්.බී දිසානායක මොවුන්ට සාපේක්ෂව අවංක ය. අභියෝග භාර ගන්නට කැමති නායකයෙකි.


කැසිනෝ ක්‍රීඩාව ගැන එක එක උදවිය එක එක කතා කිව්වත් එය හොඳ සූදුවක්‌. මේ වසරේ මුල් භාගයේදී ඇමරිකාවේ කැසිනෝ පුරයේදී මාත් කැසිනෝ ගැහුවා යෑයි උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා "දිවයින"ට ඊයේ (23 දා) පැවැසීය. ඇමැතිවරයා ඒ පිළිබඳව අදහස්‌ දක්‌වමින් මෙසේද පැවැසීය.
"අපේ මිනිස්‌සු කැසිනෝ ක්‍රීඩාවට හුඟාක්‌ කලබල වෙලා. ඔවුන් එක එක මත ඉදිරිපත් කරනවා. මම ඇමරිකාවේදී කැසිනෝ ගැහුවේ වරකට ඩොලර් දෙක ගණනේ."
"හැබැයි කැසිනෝ එකේ වැඩ කරන කෙල්ලෝ මට කිව්වා ඩොලර් එකසිය හතළිහ ගණනේ ඔට්‌ටු දාන්න කියලා. ඒ ගැටවලට මම අහුවුණේ නැහැ."
"කැසිනෝ සූදු ක්‍රීඩාව ශ්‍රී ලංකාවේත් පවත්වාගෙන යන එක හොඳයි. විදේශිකයන් අප රටට ඇවිල්ලා රුපියල් කෝටි ගණන් මුදල් මේ සඳහා වියදම් කරනවා. ඒක කොච්චර හොඳ වැඩක්‌ද? අපේ ශ්‍රී ලාංකිකයෝ වුණත් ඒකට ගියාදෙන්.
කැසිනෝවලට විරුද්ධව එක එක උදවිය කියන කතා, අදහස්‌ උදහස්‌වලටත් අපි තැනක්‌ දෙන්න ඕනෑ.
"ශ්‍රී ලංකාවේ උදවියට පමණක්‌ කැසිනෝ තහනම් කිරීමේ වරදක්‌ නැහැ."

එහෙත්, හෙට රාජපක්ෂලා හාමුදුරු බලවේගය සමග එක් වී එස්.බී. දිසානායක කැසිනෝවලට පක්ෂ ය කියා මරාගෙන කන්නට සැරසෙන්නට පවා ඉඩ තිබේ. 

අපට රාජපක්ෂ පාලනය වෙනුවෙන් ප්‍රචාරණයේ යෙදෙන්නට උවමනාවක් නැති නිසා නිහඬව සිටි මුත්, ඇත්තම කියනවා නම් ලංකාවේ කැසිනෝ හා ගනිකා වෘත්තිය වැනි දුරාචාරයන් නීතිගත කරනවාට මම නම් කැමති ය. හේතුව, තමන්ගේ ශාරීරික හා මානසික අවශ්‍යතාවන් ඉටු කර ගන්නට මාර්ග නැති නිසා, ඒ පීඩනය මුදා හැරීමට ගෘහස්ථව ප්‍රචණ්ඩත්වයේ යෙදෙන, වැඩපොළේදී බලය අනිසි ලෙස භාවිතා කරන, පුංචි දැරිවියන් දූෂණය කරන, මිනී මරන, පන්සල් පල්ලි ‍‍ගොස් බක තපස් රකින, ජාතිවාදයෙන් අන්ධව දේශපාලනික අමනයන් බලයට පත් කරන ලංකාවේ කුහකයන්ට දුරාචාරයට අවස්ථාව විවෘත කර දෙනවා නම් ඔවුන්ගේ ජීවිත මීට වඩා සෞම්‍ය කර ගත හැකි යයි මා විශ්වාස කරන හෙයිනි. 

මේකද උඹේ සමාජවාදය කියා අසන අයට මම නම් කියන්නේ සමාජවාදී ජීවිතයක් කියන්නේ බුද්ධිමත් ලෙස නිවැරදි දේ තෝරා ගන්නා නිදහස උපරිමව භුක්ති විඳින එකක් මිස සිරගෙයක් නො වන බවයි. 

රාජපක්ෂ පාලනයට විරුද්ධ බලවේගය විසින් ද, රාජපක්ෂලාට එරෙහිව භාවිතා කළ හැකි ඕනෑ දෙයක් භාවිතා කරන නිසා ධනවාදී එක්සත් ජාතික පක්ෂය පවා කැසිනෝවලට විරුද්ධ ය. රටේ සංස්කෘතිය, සදාචාරය කැසිනෝ නිසා විනාශ වෙන බව එක්සත් ජාතික පක්ෂය පවා කියයි. ඌරාගේ මාළු උගේ ම ඇ‍ඟේතබා කපන එ‍‍කෙත් වැරැද්දක් නැත. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. 'දැනුත් ධම්මික පෙරේරා වැනි සත් ගුණවත් ආණ්ඩුවේ හෙංචයියන් විසින් පවත්වාගෙන යනු ලබන කැසිනෝහලකට ගොස් බැලුවොත් වැඩිපුර දකින්නට ලැබෙන්නේ ලංකාවේ රස්සාව කර හම්බ කළ තුට්ටු දෙකට කෙළවාගෙන වැටී සිටින චීන්නු ය'

    මේ කොටස පැරා දැහෙන් දැක්කා වගේ ලියා ඇතිමුත්, මෙය යමු(yamu.lk) වෙබ් අඩවියේ පරිවර්තක ලෙස කටයුතු කරන යුගයේ එහි තිබු ලිපියක සිංහල පරිවර්තනය ආශ්‍රයෙන් ගන්නා ලද්දකි.

    ඉන්දි සමරජීව

    ReplyDelete
    Replies
    1. ඉතින් මොකද?
      සියුම් නිරීක්ෂණය ගැන ස්තුතියි.

      Delete
    2. අයිසේ පැරකුම්, මොකද තමුසෙව යමු එල් කේ එකෙන් එලෙව්වේ?

      තමුසෙව ඊනිවුස් එකේ පරිවර්තන වැඩවලිනුත් එලෙව්වා නේද මීට කලින්?

      Delete
    3. මම මේ එකකවත් සේවකයෙක් වුණේ නැහැ. මම ඔවුන්ට සේවා සැපයුවා. මගේ සේවාවන් ගැන ඔවුන්ට ගැටලුවක් තිබුණේ නැහැ. එහෙත්, ලංකාවේ බොහෝ හාම්පුතුන් තවමත් ඔන්ලයින් සේවාවන්ට වඩා භෞතික සේවකයන්ට කැමතියි. ඒ වෙනුවෙන් වැඩි වියදමක් දරා ගන්න වුණත් කැමතියි.

      එහෙත්, හැමදාමත් ඔන්ලයින් පරිවර්තන ලබා ගන්න කැමති මිනිස්සු ඉන්නවා.

      Delete
    4. මම ඇයි දන්නවද පැරකුම් ඔබෙන් ඇහැව්වේ දැන් යමු එකෙන් ඉවත් වෙලාද කියලා?

      සාමානයෙන් යමු එල් කේ තිබෙනා ලිපි රසවත්. ඉංග්‍රීසි ලිපි ලියා තිබෙනා අයුරු සිත්ගන්නා සුළුයි. ඔබ එහි සිංහල පරිවර්තන කල අවධියේ සිංහල ලිපි මුල් ඉංග්‍රීසි ලිපියටත් වඩා රසවත්.

      ඔබ කදිමට එය පරිවර්තනය සිදුකර තිබුනා. දැන් නම් යමු එල් කේ එකේ ඉංගී‍්‍රසි සංස්කරණය එක්ක බලනකොට සිංහල ලිපි මෙලෝ රහක් නෑ.

      පැරකුම්ට කදිමට පරිවර්තනය කරන්න පුළුවන්.


      Delete
    5. @Ajith Jayasinghe

      ""ඉතින් මොකද?
      සියුම් නිරීක්ෂණය ගැන ස්තුතියි.""

      සමාන්‍යයයෙන් තමන් නොලියපු දෙයක් උපුටා ගන්නවනම්, මුල් ලේඛනය උපුටා දක්වන එක තමයි සම්මත ක්‍රමය.

      ලංකාවේ ඩේ ලයිට් අනුන්ගේ නිර්මාණ, ලේඛන කොපි කරන්න පුළුවන් වුනාට වෙනත් රටවලනම් මේ වගේ වැඩ [plagiarism] දඩුවම් ලැබිය හැකි වැරදි.

      Delete
  2. අයිසෙ පැරා හොඳ ලිපියක්

    ReplyDelete
  3. ///ඔවුහු වනාහි ජනතාවට ඉදිරියෙන් යන පිරිසක් නො ව, ජනතාව යන දේවාලය බලා, එහි කපුකම අල්ලා ගන්නා අමන පාලකයෝ පිරිසකි.///// කතාව මල් හතයි ඈ

    ReplyDelete
  4. gonna" gotcha කියන්නේ මොනවද?

    ReplyDelete
    Replies
    1. para.............. mekata reply karapan pls. mama English dana naha hodata. namuth film wala meka yanawa hamadama. ithin meka translate karapan. mada comment kiyala hithanda epa


      i

      Delete
    2. gonna කියන්නෙ ගොනා... අර උම්බෑ ගාන එකා.... කණ්නාඩියක් ඉස්සරහට පලයන් බලාගන්න පුළුවන්....

      gotcha කියන්නෙ ගූචා.... ඒ කියන්නෙ ගූ ගහන්න චාටර් කියන එක... උඹට දැන් වෙලා තියෙන්නෙ ඒ වගේ සීන් එකක්.....

      Delete
    3. [A] gonna: "Going to" කියන එකට යොදන කෙටි යෙදුමක්

      "I am going to do that right now"
      "I am gonna do that right now."

      gotcha:

      [B] gotcha: තේරුම් දෙකක් තියෙනවා.

      1. මට උඹ කියපු දේ තේරුනා කියන එක

      ""Friend A: Please don't do that again bro'
      Friend G: Gotcha""

      2. අල්ලා ගත්තා කියන එකට.

      "Road runner" කාටූන් එකේ නරියා කුරුල්ලව අල්ල ගන්න ආසන්නම වෙන මොහොතේ "gotcha" කියනවා.

      ඉහත සංවාද කොටස් උපුටා ගත්තේ "Urban Dictionary" එකෙන්.

      Delete
    4. මාලන් පැරාට බඩේ පාර ගහන්න වගේ හදන්නෙ?

      Delete
    5. ස්තුතියි මාලන්. මට ඔය ටික ගලපා ගන්න වෙලාවක් නැතිව හිටියෙ

      Delete
    6. thank you Malan

      Delete
  5. මම නම් ඕවා ගේනාවාට විරුද්ධ මෙම පාලක රෙජීමයේ සංවර්ධව උපාය මාර්ගය වෙලා තියෙන්නේ සංචාරක ව්යාමපාරය බැවිනි.මේ උපාය මාර්ගය කෙලවෙලා මුන්ගේ රෙජීමය කඩා වැටෙයි කියලා අහිංසක බලාපොරොත්තුවක් මගේ තියෙනවා. බැරි වෙලාවත් මේ කැසිනෝ ගේම් එක හරි ගිහින් ලංකාවට ඕසෙට සංචාරකයෝ ඇවිත් රට සුඛිත මුදිත වුනොත් මුන් තව අවුරුදු සීයකින් වත් එලවනවා බොරු...........
    ඉන්දික

    ReplyDelete
  6. අර බල්ලෝ සූදු කෙලින් පින්තූරේ නම් මම පොඩි කාලේ තිබ්බා. ගොඩක් ගෙවල් වල මම දැකලා තියෙනවා.

    ReplyDelete
  7. //සමාජවාදී ජීවිතයක් කියන්නේ බුද්ධිමත් ලෙස නිවැරදි දේ තෝරා ගන්නා නිදහස උපරිමව භුක්ති විඳින එකක් මිස සිරගෙයක් නො වන බව//

    සමාජවාදී ජීවිතයක් කියන්නේ කන්න ඕන උනාම කබර ගොයා තලගොයා කරගන්න එක....

    ReplyDelete
  8. හොඳ ලිපියක් පැරකුම්.
    ලංකාවේ මේ දවස්වල කැසිනෝ වලට විරුද්ධ ව්‍යාපාරය ගැන ඇහුවම මට මතක්වුනේ මීට කලකට ඉහත කණ්ඩලම හෝටලය හදන්න යන කාලයේ ඒ සම්බන්ධව ඇතිවූ විරෝධතාවයයි.
    කැසිනෝ ගැන සමහර පත්තරවල, විශේෂයෙන් දිවයිනේ පලවන ලිපි සමහරක් ඉතා විහිලුයි. ළඟකදී අනුර සොලමන්ස් කියලා තිබුණා ලංකාවේ බංගලිදේශයේ මෙන්ම Night Life එකක් නැති බවත්, ලංකාව අනුගමනය කලයුත්තේ සිංගප්පුරුව, හොකොං වැනි රටවල් නොව බංගලිදේශය වගේ රටවල් බවත්ය.

    එස්.බී. දිසානායකගේ කතාවත් දිවයිනේ දාල තිබුනේ "මම රජයේ වියදමින් ගණිකාවක් අසුරුකලා" වගේ ඉතා පහත් දෙයක් කළ විදිහටයි.

    දැනට ඕස්ට්‍රේලියාවේ ජීවත්වන මම ජේම්ස් පැකර්ගේ ක්‍රව්න් කැසිනෝ එකට නිතර යන්නෙමි. ඒ බොහෝ දුරට එම කැසිනෝ එක මාගේ කාර්යාලයට කිට්ටුව පිහිටීම නිසාය. පුරාජේරුවට කියනවා නොව ලෝකයේ ප්‍රධාන පෙලේ රටවල් කිහිපයක ජීවත්වී ඇති මම ලාස් වේගස්, සිංගප්පුරුව, මැලේසියාව, හොන් කොන්ග් වැනි රටවල් කිහිපයකම කැසිනෝ වලට ගොස් ඇත්තෙමි. නමුත් එස්. බී. මෙන් මම කිසි දිනෙක සුදු ක්‍රීඩා කර නොමැත්තෙමි. මම කැසිනෝ වලට යන්නේ බොහෝ විට ඒවායේ අවන්හල් වලින් අහාර ගැනීමටයි. එසේත් නැතිනම් ලස්සන බාර් එකකට ගිහින් ඩ්‍රින්ක් එකක් ගැනීමටයි. ලාස් වෙගාස් වල බෙලජියෝ කැසිනෝ එක රාත්‍රියට ඉතාම මනරම්ලෙස විදුලි අලෝකකරනු ලබන අතර එය නරබන්නට දිනපතා දහස් ගණන් සෙනග පැමිණෙති. නමුත් ඔබ ලංකාවේ කැසිනෝ ගැන කීව වගේම ඕස්ට්‍රේලියාවේ සහ බොහෝ කැසිනෝ වල ම දැක ඇත්තේ චීන්නුය. තවද පැන්ෂන් ගිය අයත් තමන්ගේ පැන්ෂන් එක වියදම්කරන්නට සුදු කෙලීම ඕස්ට්‍රේලියාවේ සුලබ දසුනකි.

    කෙසේවෙතත් ජේම්ස් පැකර් ලංකාවේ බිස්නස් කරන්නට යනවා ඇසීමෙන් මම මහත් පුදුමයට පත්වූයෙමි. මක්නිසාදයත් ඔහුට ආයෝජනය කරන්නට ලංකාවට වඩා හොඳ රටවල් බොහෝ ඇතිබව ඔහු ගැන දන්නා මම දන්නා නිසාය. ඔබ පවසා ඇති පරිදි මෙහි හොඳ නරක දෙකක් තිබේ. මට හිතෙන විදිහට මෙය ලංකාවේ ප්‍රධානතම ආයෝජන අවස්ථාවක් වනු ඇත. මේ මගින් තවත් ආයෝජකයන් ලංකාවට ගෙන්වා ගැනීමට පිටුවහලක් වනු ඇතිබව මගේ හැගීමයි. බොහෝ දුරට ලිබරල්වාදී අදහස් දරන මම ලංකාවේ ආර්ථිකය දියුණු කලහැක්කේ සේවා ආර්ථිකයක් ලෙස බව තරයේ විශ්වාස කරමි. සම්පත් හිඟකම සහ රටේ ප්‍රමාණය අනුව ලංකාවට නිෂ්පාදන ආර්ථිකයක් ලෙස ඉදිරියට යාමට අපහසු බව මගේ හැගීමයි.

    ReplyDelete
    Replies
    1. ""බොහෝ දුරට ලිබරල්වාදී අදහස් දරන මම ලංකාවේ ආර්ථිකය දියුණු කලහැක්කේ සේවා ආර්ථිකයක් ලෙස බව තරයේ විශ්වාස කරමි. සම්පත් හිඟකම සහ රටේ ප්‍රමාණය අනුව ලංකාවට නිෂ්පාදන ආර්ථිකයක් ලෙස ඉදිරියට යාමට අපහසු බව මගේ හැගීමයි.""
      True that..!

      Delete
  9. ෂුවර් එකට කකා මැරිලා.... වෙනදා මෙච්චර වෙලා කොමෙන්ට් පබ්ලිශ් නොකර ඉන්නෙ නෑ..... පව්.... අපිට පාස්වර්ඩ් දුන්නනම් කකා මළත් බ්ලොග් එක අමරණීය කරන්න තිබුනා.... දැන් ඉතින් බ්ලොග් එකත් කකා එක්කම වලපල්ලට තමා.....

    අයියෝ.....

    ReplyDelete
  10. හොඳ ලිපියක්.

    මහින්ද මාමි "මහින්ද චින්තනය" විසි කරලා දැන් කියවන්නේ "කොළ පාට සමාජය" ලු..!

    ReplyDelete
  11. මාත් ගිහින් තියෙනව කැසිනො වලට ඇයි අපි ඔටුවොද? ලංකාවෙ බැලීස්, බෙලාජියො, ස්ටාර් ඩස්ට්, රෙඩ් ස්ටාර්, එම්.ජි.එම්........ වගේ හැම එකකටම, ඒව වල ගහන ගේම්ස් ගැන කාට හරි ඉගෙන ගන්න ඕනෙ නම් මගෙන් අහන්න. අනාගතේදි අපිට කරන්න වැඩ ගොඩක් තියෙයි, ටේබල් වල ඩීලර්ස්ල, රූම් බෝයිස්ල, සුද්ද පවිත්‍ර කරන්නො, ගමේ කෙල්ලන්ව සප්ලයි කරන්නො, වගේ එකි නොකි රැකියා අවස්ථාවන් විශාල ප්‍රමාණයක් අපේ ලංකවේ ගොයියන්ට තියෙනව. අපේ ලංකාව ආශ්චර්‍ය් කරා රැගෙන යන අපගේ මහින්ද පියාන්නට ජය වේව! කැසිනෝ දිනේවා! ලංකාවේ උන්ටත් නිදහසේ බඩුවක් ගහන්න අවස්ථාවක් ලැබේවා.... මේ බුදුන්ගේ දේශයයි, බුදු සරණයි! දෙවි පිහිටයි! පුක දෙයි!

    ReplyDelete
  12. අජිත්,

    ඔයා කැසිනෝ දුරාචාරයක් ලෙස හඳුනා ගන්න එක පරස්පරයක් නේද? මිනිහෙක් විනෝද වෙන්න ඔට්ටු අල්ලන එකේ වැරැද්ද මොකද්ද? අනිත් එක 'වඩා හොඳ ආයෝජකයන්' කියන්නේ කවුද? මට හිතෙන්නේ මේක JVP කතාවකට ඉතාම ආසන්න බවයි. කැසිනෝ වලට සදාචාරාත්මක නොවන විදියට විරුද්ධ වෙන වම්මු ඉන්නවද ලංකාවේ?

    ReplyDelete
  13. අජිත්,

    ඔයා කැසිනෝ දුරාචාරයක් ලෙස හඳුනා ගන්න එක පරස්පරයක් නේද? මිනිහෙක් විනෝද වෙන්න ඔට්ටු අල්ලන එකේ වැරැද්ද මොකද්ද? අනිත් එක 'වඩා හොඳ ආයෝජකයන්' කියන්නේ කවුද? මට හිතෙන්නේ මේක JVP කතාවකට ඉතාම ආසන්න බවයි. කැසිනෝ වලට සදාචාරාත්මක නොවන විදියට විරුද්ධ වෙන වම්මු ඉන්නවද ලංකාවේ?

    ReplyDelete
  14. සිංහල කොල්ලෙක්ට ආදරය කළ වරදට පල්ලියෙන් කොණ්ඩෙ කපපු මුස්ලිම් කෙල්ල 'මව්බිම'ට කියු කතාව

    හවුලඋම්මා ගල්ගමුවේ පදිංචි මුස්ලිම් ජාතික තරුණියකි. ප්‍රදේශයේ සිංහල තරුණයකු සමඟ ඇය ආදරයෙන් බැඳුණාය. සිංහල තරුණයකුට ආදරය කිරීමේ වරදට මුස්ලිම් පල්ලියෙන් ඇයට අපූරු දඬුවමක් ලැබුණි. ඇය පල්ලියට ගෙන්වා අතින් පයින් පහරදී දිගට වැවී තිබුණ කොණ්ඩය කපා දැමුවේය. කුරුණෑගල රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටි

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා