ඊයෙ රෑ බේබි කපාලා - හවඩිය උගස් තියාලා (මහා කැසිනෝ ජාතකය)
එක කාලයක ලංකාවේ මෙවැනි පිංතූර බිත්තියේ ගසා ගැනීමේ විලාසිතාවක් තිබිණි අපේ රටේ මිනිස්සු ඈත කාලයේ පටන් ම සූදු කෙළිය හ. පැරණි සාහිත්‍යයේ එය සඳහන් වන්නේ දාදු කෙළිය කියා ය. දැනුත් ගමේ ගොඩේ බූරු කෙළිය සිදු වේ. මළ ගෙවල්වල බූරු ගසන්නට ලයිසන් නැති මුත්, සාමාන්‍යයෙන් පොලිසිය මළ ගෙවල්වල සූදු පිටි වටලන්නේ නැත. මම ද අවුරුදු කාලයට සල්ලිවලට කැට ගසා තිබේ. කාලෙන් කාලෙට පාසල් සිසුන් අතර ද දෙක පහ ගැසීම ජනප්‍රිය වේ. දැනුත් පාසල් සිසුවෝ හොරෙන් හොරෙන් දෙක පහ ගැසීම වැනි සූදු ක්‍රීඩාවල යෙදෙති. අපේ තාත්තා සූදු කෙළියට ඇබ්බැහි වූවකු වුණේ නැත. එහෙත්, ඔහු කාඩ් කුට්ටමෙන් සල්ලි ඔට්ටුවට අජූත ගැසීමට මහත් සේ කැමැත්තක් දැක්වූයේ ය. සමහරු සල්ලි ඔට්ටුවට ඕමි එහෙම ගහති. ඒ මොනවා නැතත්, අපේ රටේ කාලයක සිට රේස් දැමීම හෙවත් එංගලන්තයේ දුවන අශ්වයන්ට මෙහි සිට ඔට්ටු ඇල්ලීම සිදු වේ. අපේ තාත්තා ද කලක් රේස් පත්තරය ගෙදර ගෙනාවේ ය. නෑබඩ පාසලේ ගුරුවරයකු වූ ඔහු ගෙදර එන ගමන් රේස් පත්තරය ගෙනැවිත්, බැනියම පමණක් ගලවා වැලේ දමා, ගෙයි එක දොරක් පමණක් ඇර, පඩිය උඩ වාඩි වී, සුදු සරම පිටින් රේස් පත්තරය බලමින් සිටින ආකාරය අප මතුගම සිට ප...