සංචාරකයන් වෙනුවෙන් රති කෙළියටත් වීදියක් හැදුවොත් නරක ද?

(2010 නොවැම්බර් 05, W3Lanka) සංචාරක ව්‍යාපාරය ගොඩනැංවීම සඳහා සංචාර කලාප ආශ්‍රිතව සූදු ක්‍රීඩාවන් වෙනුවෙන් වීදියක්‌ ඇති කිරීම පිළිබඳ රජයේ අවධානය යොමු වී ඇතැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා ඊයේ කැබිනට් පුවත්පත් සාකච්ඡාවේදී පැවසී ය.


ආණ්ඩුව මේ කරන්න යන්නේ අන් කිසිවක් නො ව, බූරු පිටිවල ටෝං ගන්නන් කරන ක්‍රියාව ය. මේවා සංචාරකයන් වෙනුවෙන් ආරම්භ කළ ද ස්වදේශිකයන්ට තහනම් කරන්නට බැරි ය. අනෙක් පැත්තෙන් එසේ කිරීම සදාචාර විරෝධී ය. ඇත්තම කියනවා නම්, ආණ්ඩුවට එහෙම උවමනාවක් ද නැත. මතට තිත, සූදුවට කොමාව ආදී මේවා ජනතාව රවටන දේශපාලන ජිමික් පමණි. අරක්කු බී, දුම් උරා, සූදු කෙළ පමණක් නො ව රති කෙළ හෝ ආණ්ඩුවට බදු ගෙවනවා නම් කමක් නැත. ආණ්ඩුව කුඩු පසුපස එළවන්නේ ජනප්‍රිය වීමට පමණක් නො වේ. කුඩුවලින් බදු අය කළ නො හැකි නිසා ය. 


සූදුවට වීදියක් වෙන් කරන අන්දමින් ම රති ක්‍රීඩාව වෙනුවෙන් ද වීදියක් වෙන් කරනවා නම් දැන් තිබෙන සංචාරක ව්‍යාපාරය වඩාත් දියුණු කළ හැකි වනු ඇත. දැන් අර ජාතික හෙළ උරුමය කියන ලංකාවේ සංස්කෘතිය ආරක්ෂා කරන්නට මහ බඹා විසින් මවා එවන ලද කරුමය දැන් ආණ්ඩුවේ නිසා සංස්කෘතිය ඕනෑ කාණු පල්ලක දූෂණය කරන්නට පුළුවන. 


සංචාරක ක්ෂේත්‍රයේ සිටින අය දැනට ලංකාවට එන බවට ආණ්ඩුව ආඩම්බරෙන් ගණන් හිලව් කියන සංචාරකයන් ගැන ප්‍රසාදයක් නැත. දැනට එන බොහෝ සංචාරකයෝ ඒ රටවල අප වැනි හිඟන්නන් වන අතර, එන්නේ අඩු මිළ පැකේජවලට ය. සමහරු එන විට විදුලි ඉස්තිරික්කය බෑගයේ දමාගෙන පැමිණ හෝටල් කාමරයේ එයින් රොටි පුළුස්සා කති.


මේ වගේ හිඟන්නන්ට අඩු මිළට ගැහැනුන් සපයන වීදියක් දැම්මොත්, අඩු ගණනේ ලංකාවේ දුප්පත් මිනිසුන්ට හෝ මෙම වීදිවලින් අඩු මිළ රති සැප සොයා ගත හැකි වනු ඇත.


දැන් එන ආකාරයේ හිඟන සංචාරකයන් ගෙන්වා ගන්නා සංචාරක ව්‍යාපාරයකින් ලංකාවට වැඩක් නැත. ඉතිරි වන්නේ උන් තැන් තැන්වල දමා යන ප්ලාස්ටික් පමණි. පසුගිය සතියේ මෙම ලේඛකයා සිය දෑසින් ම දුටු දසුනක් වූයේ තේ වත්තක් බැලීමට කබල් බේබි රෝසා බසයකින් පැමිණි සුදු හම ඇති සංචාරකයන් අතරින් කීප දෙනෙක් පාර අයිනේ මුත්‍රා කරන ආකාරයයි.


සංචාරක කර්මාන්තයෙන් රටකට පලක් ප්‍රයෝජනයක් ලබා ගැනීමට නම්, ධනවත්, උගත් මිනිසුන් ආකර්ශනය කර ගත යුතු ය. ඒ සඳහා රටේ වැදගත්කම නැංවිය යුතු ය. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. ඇති යන්තම් වික්ටෝරියානු සංස්කෘතිය අත ඇරල, අර සැළලිහිණි සංදේශයේ ගුත්තිල කාව්‍යයේ තියෙන අපේ නියම ලිබරල් සංස්කෘතිය නැවත ඇති කරන එක.

    "වෙසඟන තුඟු තන යුග රොන් කොකුමඟර" කියල සුද්දො එන්න කලින් මේ රටේ මිනිස්සු නම් ඕව අගේ කරල තියෙනව. රති කෙළිය කියන්නෙ අපරාධයක් නෙවෙයි, ලස්සන සුන්දර දෙයක්.

    ReplyDelete
  2. ayi umbata irisiyada?

    ReplyDelete
  3. / සමහරු එන විට විදුලි ඉස්තිරික්කය බෑගයේ දමාගෙන පැමිණ හෝටල් කාමරයේ එයින් රොටි පුළුස්සා කති./
    lol

    ReplyDelete
  4. බදු අය කර ගතහැකි ක්‍රමයක් හොයාගත්තොත් ආණ්ඩුව රතිකෙළියටද ඉක්මනින්ම වීදියක් හදනු ඇත. මට දුක, මහින්ද චින්ත්නය කියවා බලා එ නිසා මහින්දට චන්දය දුන් එකම එක රටවැසියෙකු හෝ වේ නම් ඔහු ගැන ය.
    T

    ReplyDelete
  5. / සමහරු එන විට විදුලි ඉස්තිරික්කය බෑගයේ දමාගෙන පැමිණ හෝටල් කාමරයේ එයින් රොටි පුළුස්සා කති./

    මෙය හුදු විනෝදය පිනිස ගත් උපමාවක් නොවන බැව් මෙය අත්විද ඇති ක්ෂේත්‍රයේ සිටින පුද්ගලයෙකු වශයෙන් මම කියමි. මෙවැනි සංචාරකයින් පෞද්ගලිකව මට හමු වී ඇත.
    - අර්ජුන -

    ReplyDelete
  6. ඈ බොල...! අයිත් අමුතුවෙන් රති කෙලියට වීදි හදන්නේ මොකටෙයි ? බොලල්ලා මරදානේ ඩීන්ස් රෝඩ් එක ගැන දන්නේ නැද්ද?

    ReplyDelete
  7. ඩීන්ස් පාරෙන් බදු හම්බුවෙන්නෙ නෑනෙ. දඩ විතරයි. පොලිස් කාරයෝ ජරාව කෑවොත් ඒකත් ඉවරයි.

    ReplyDelete
  8. සංචාරකයන් සඳහා ලොව හොඳම සහ අඩුම වියදමක් සහිත රට ශ‍්‍රී ලංකාව කියලනේ කියන්නේ...ඒ නිසා උන් එන්න හදන්නේ තුට්ටු දෙකට....
    http://www.telegraph.co.uk/travel/travelnews/8022200/Sri-Lanka-and-Mexico-best-for-long-haul-value.html

    දීර්ඝ සංචාරවල නිරත වන සංචාරකයන් සඳහා ලොව හොඳම සහ අඩුම වියදමක් සහිත රට ශ‍්‍රී ලංකාව බව බි‍්‍රතාන්‍යයේ සංචාරක සමීක්ෂණ ආයතනයක් විසින් කල සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා..ලොව ප‍්‍රධානතම සංචාරක ප‍්‍රදේශ 22ක් යොදා ගනිමින්, එහිදී සංචාරකයන් වැඩි වශයෙන් මිලට ගන්නා භාණ්ඩ 10ක මිල ගණන් ද සොයා බලා තිබෙනවා...මෙම සමීක්ෂණය අනුව, දෙවැනි තැන මෙක්සිකෝවටත්, තුන්වන තැන කෙන්යාවටත් හිමි වී ඇති අතර, හතර වන සහ පස්වන ස්ථාන හිමි වී ඇත්තේ මලයාසියාව සහ ඉන්දුනීසියාවටයි. පසුගිය වසරේ පැවැත් වූ මෙම සමීක්ෂණයේදී අංක එකේ සංචාරක මධ්‍යස්ථානය ලෙස සැලකුණු තායිලන්තයට හිමි වී ඇත්තේ හය වන ස්ථානයයි

    ReplyDelete
  9. eketh waraddak naa . kohomada api hard drugs (heroin,cocaine wage) okkoma kamathi widiyata pawichchi karanna area ekak haduwoth???

    loke kohewath nathi nisa apita niyameta business tiyei . ganja wunath dammata waradak naa. foreign passport holderslata witharak yanna dunnanam elama kiri.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා