Posts

Showing posts with the label සංචාරක ව්‍යාපාරය

සීගිරියේ කැටපත් පවුර කුරුටු ගෑ තරුණිය නිදහස් කළ යුතු ද?

Image
කුණු කන වන අලි   මඩකලපුවේ සිත්තාන්ඩි පදිංචි සින්නතම්බි උදය ශ්‍රී පසුගිය පෙබරවාරි 14දා සීගිරිය බැලීමට ආවා ය. එහිදී කැටපත් පවුරේ කුරුටු ගෑමක් කළ වරදට දැන් ඇය දෙවසරකට සිරගෙට නියම වී සිටින්නී ය.  නො දැන කළ වරදට ඇයට සමාව දෙන්නැයි ඇගේ මව කරන ආයාචනයක් අද දිවයින පුවත්පතේ පළ වී තිබේ.  නීතිය නො දැන සිටීම සමාවට කරුණක් නො වන බව නීතියේ මූලික මූලධර්මයකි. උදය ශ්‍රීට සමාව දිය යුතු ද යන්න ගැන ඔබේ අදහස් දැන ගන්නට කැමැත්තෙමි.  මෙහි වෙනත් කාරණා කිහිපයක් තිබේ. ඒවා අදාළ වන්නේ අධ්‍යාපනයට හා සංචරණයටයි.  සීගිරියේ කැටපත් පවුර ගැන උදය ශ්‍රී නො දැන සිටියේ ඇයි? ඇය පාසල් ගියේ නැද්ද? නැතිනම් ඇයට පාසලේ ඒ ගැන ඉගැන්නුවේ නැද්ද?  මෙවැනි ම ප්‍රශ්නයක් ආගම් හා ආගමික ස්ථාන සම්බන්ධයෙන් ද තිබේ. වෙනත් ආගමක පූජකවරයකුට ආමන්ත්‍රණය කළ යුතු හා ගරු කළ යුතු ආකාරය හෝ වෙනත් ආගමක පූජනීය ස්ථානයකදී හැසිරිය යුතු ආකාරය ගැන අවබෝධයක් අපේ පාසල් අධ්‍යාපනය තුළින් දරුවන්ට ලබා දෙනවා ද? බහු සංස්කෘතික රටක් වූ ලංකාවේ වෙනත් සංස්කෘතීන් ගැන පාසල් දරුවන්ට ලැබෙන අධ්‍යාපනයේ බරපතල අඩුපාඩු තිබේ. අඩු තරමේ ගුරුවරු...

සංචාරකයන් වෙනුවෙන් රති කෙළියටත් වීදියක් හැදුවොත් නරක ද?

Image
( 2010 නොවැම්බර් 05,  W3Lanka )   සංචාරක ව්‍යාපාරය ගොඩනැංවීම සඳහා සංචාර කලාප ආශ්‍රිතව සූදු ක්‍රීඩාවන් වෙනුවෙන් වීදියක්‌ ඇති කිරීම පිළිබඳ රජයේ අවධානය යොමු වී ඇතැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා ඊයේ කැබිනට් පුවත්පත් සාකච්ඡාවේදී පැවසී ය. ආණ්ඩුව මේ කරන්න යන්නේ අන් කිසිවක් නො ව, බූරු පිටිවල ටෝං ගන්නන් කරන ක්‍රියාව ය. මේවා සංචාරකයන් වෙනුවෙන් ආරම්භ කළ ද ස්වදේශිකයන්ට තහනම් කරන්නට බැරි ය. අනෙක් පැත්තෙන් එසේ කිරීම සදාචාර විරෝධී ය. ඇත්තම කියනවා නම්, ආණ්ඩුවට එහෙම උවමනාවක් ද නැත. මතට තිත, සූදුවට කොමාව ආදී මේවා ජනතාව රවටන දේශපාලන ජිමික් පමණි. අරක්කු බී, දුම් උරා, සූදු කෙළ පමණක් නො ව රති කෙළ හෝ ආණ්ඩුවට බදු ගෙවනවා නම් කමක් නැත. ආණ්ඩුව කුඩු පසුපස එළවන්නේ ජනප්‍රිය වීමට පමණක් නො වේ. කුඩුවලින් බදු අය කළ නො හැකි නිසා ය.  සූදුවට වීදියක් වෙන් කරන අන්දමින් ම රති ක්‍රීඩාව වෙනුවෙන් ද වීදියක් වෙන් කරනවා නම් දැන් තිබෙන සංචාරක ව්‍යාපාරය වඩාත් දියුණු කළ හැකි වනු ඇත. දැන් අර ජාතික හෙළ උරුමය කියන ලංකාවේ සංස්කෘතිය ආරක්ෂා කරන්නට මහ බඹා විසින් මවා එවන ලද කරුමය දැන් ආණ්ඩුවේ නිසා ...