ශාස්තෲ නවකතාවෙන් කොටසක්
(2010 නොවැම්බර් 24, W3Lanka) ‘‘පක්ෂය නැවත පණ ගන්වන්න නම් අසීමිත කැප කිරීම් හරහා යන නව සටන්කාමිත්වයක් අවශ්‍යයි කියන යෝජනාව කළේ මම. අනුන්ට අභියෝග තල්ලූ කරන්න බැරි නිසා පළමු උත්සාහයේ වගකීම මම ම භාර ගත්තා. මගේ හවුල්කරුවා වෙන්න සිරා ඉදිරිපත් වුණේ මහත් කැමැත්තකින්. අපට තිබුණෙ හනිමූන් ගිය ජෝඩුවක් වගේ හෝටලයේ ඉඳලා අදාල ඉලක්කය අරගෙන බෝම්බය පුපුරුවාගෙන මැරෙන්න. ඒත්, ඊට කලින්දා රාත‍්‍රියේදී, ගිය සුමානේ අර වේදිකාව උඩදී උඹ මගෙන් උදුරා ගත් හිස් වටිනාකම මගෙන් අරගන්න ඌට උවමනා වුණා. මට හොඳට ම කේන්ති ගියා. මම කිව්වා ආදරය නො කරන මිනිහෙකු එක්ක හැමනෙන්න මම උගේ අම්මා වගේ වෙසඟනක් නෙමෙයි කියලා. උගේ මරණයට කාගේවත් තේරුම් නොවෙයි, උගේම අර්ථයක් උවමනා නිසා අකැමැති වුණොත් මාව බලෙන් දූෂණය කරන බවට ඌ මට තර්ජනය කළා. මම ඌට මේ දැන් උඹට ගැහුවා වගේ ගැහුවා. ඇත්තම කියනවා නම් මාව දූෂණය කරන්න තියා මගේ පාරක් වළක්වන්න තරම්වත් රළු හිතක් ඌට තිබුණෙ නැහැ. පොඩි දරුවෙක් වගේ මගේ දෙපා වැඳලා ඌ සමාව ඉල්ලූවා. මම ඌ දාලා ඇවිත් පක්ෂයට පැමිණිලි කළා. පක්ෂය නැවත ගොඩනැඟීමේ ඒ ව්‍යායාමයත් අසාර්ථක වුණා.’’ (නෙළුම්)
ඒ වන විට පණ බේරාගෙන වනගතව සිටි සේදර සහෝදරයා ඇතුළු පක්ෂයේ ජ්‍යේෂ්ඨයෝ විනය කමිටුවක් මගින් සිරිමෙවන් කුමාරසිරිට මරණ දඬුවම නියම කළ හ. ඔහු සරසවි සිසුවකු ලෙස බොරුවට අඟවා විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කමිටුවක් හරහා පක්ෂයට සම්බන්ධ කළ මට ලැබුණ දඬුවම වූයේ මරණ දඬුවම විඳීම සඳහා කලබැගෑනියක් ඇති නොවන පරිදි ඔහු වනය තුළට රැගෙන ඒමයි. මම එය කළෙමි. එහෙත්, තීන්දුව ගැන අසා තිබුණත්, පක්ෂය කැරැල්ලේ කවියා හෙවත් අපේ නෙරූදා එසේ ඝාතනය කරනු ඇතැයි මම බලාපොරොත්තු නො වුණෙමි.
‘‘මචං, කෝ නෙළුම්?’’ ඔහු අතරමගදී මගෙන් ඇසී ය. මම නිහඬව සිටියෙමි.
‘‘චික්! මගේ අතින් වස වැරැද්දක් වුණා මචං. මම කවි සීයක් විතර ලියන්න ඇති ඒ ගැන සමාව ගන්න. ඒත් ඒ එකක්වත් හිතට ඇල්ලූවේ නැති නිසා මම ඒවා ඉරලා දැම්මා.’’ ඔහු දොඩවයි. ‘‘මම මචං ස්වයං විවේචනයක් කරනවා.’’
වනය මැදට ඔහු එක්කගෙන යාම වෙනෙකෙකුට පවරා මම වන මායිමේ ගමක නතර වුණෙමි. කාකි කොට කලිසමක් හා සායම් ගිය දුඹුරු පාට අත් කොට කමිසයක් ඇඳ සිටි ඔහු සිමෙන්ති කවරයක එතූ සරමත් කිහිලි ගන්නාගෙන පසු නොබලාම කන්ද නැග ලන්දේ සැඟව ගිය අයුරු මට අදත් මැවී පෙනේ.
ඉහත පළ වූයේ ශාස්තෘ නවකතාවේ කොටසකි. නවකතාව දොරට වැඩුම නොවැම්බර් 30දා සවස තුනට කොළඹ 7, නිදහස් මාවතේ, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී.
එදිනට අපි ලංකාවේ කැරැලි හා සාහිත්‍යය ගැන කතා කරමු.
ප්‍රධාන අදහස් දැක්වීම්: ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන සහ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
අග්නීමා සංගීත කණ්ඩායම සමග ගීයකුත් ගයමු.
ආරාධනා!
Bookmark, remember easily and come again www.w3lanka.com

පොත ලංකාවෙන් පිටට ගෙන්වාගන්ට ක්‍රමයක් තියෙනවද.
ReplyDelete@Anonymousදැනුම් දෙන්නම් අනිවාර්යයෙන් ම
ReplyDeleteTnx for the open invitaion.Aniwa ennemi.
ReplyDeleteDinuka
අජිත්,
ReplyDeleteමට තියෙන්නෙත් ඇනෝගෙ ප්‍රශ්නයමයි, පොත ගෙන්වා ගත හැකි ක්‍රමයක් දන්වන්න,
ela!
ReplyDelete