W3Lankaට ප්‍රශ්නයක්! අප්ඩේට් නැත්තේ ඒකයි
(2010 නොවැම්බර් 17, W3Lanka) ඊයේ අපට මේ බ්ලොගය යාවත්කාලීන කරන්නට බැරි වුණා. ඒත් 1100කට වැඩි පිටු ගණනක් ඊයේත් බලා තිබුණා.
අලුත් ලිපියක් බලාගෙන ආ අයට හැරී යන්න සිදු වීම ගැන කණගාටුයි. මොකද දැන් මේක අප්ඩේට් නො වෙන්නේ කියා බුමුතුරුණු බ්ලොග්කරුවා සවස ඇසුවා. උත්තරයක් දෙන්නවත් වෙලාවක් තිබුණෙ නැහැ.
W3Lanka සංස්කාරක මේ දිනවල හරි කාර්යබහුලයි. හේතුව මිනිහා ලේඛකයෙකු වෙන්න යනවා.
W3Lanka සංස්කාරකගේ නම අජිත් පැරකුම් ජයසිංහ බව හුඟදෙනෙක් දන්නවා. ඔය සුදු වෑන්වලින් උස්සන අයගේ අවධානය පිණිස පසුගිය දිනවල අපේ සමහර පාඨකයන් අලුත් සොයා ගැනීමක් කළා වගේ ඔහුගේ නම නිතර, නිතර කමෙන්ටුවල සඳහන් කළා. හැබැයි ඉතින් ඔය රහස් ඔත්තු අංශවල අය නම් මේ බව මුල ඉඳලා ම දන්නවා. ඒගොල්ලන් අතේ මෙවැනි දේ සම්බන්ධයෙන් ලිපිගොනු එහෙමත් තියෙනවාලු. ඒක ඉතින් ඒ අයගේ රස්සාවනේ. අපේ ඔය හැංගි හොරා වැඩ නැහැ. කරන ඕනැ මඟුලක් එළිපිට. කිරිබත් ජරමරේ අතරෙත් W3Lanka සංස්කාරක යුද්දෙට විරුද්ධ වුණේ එළිපිට.
ලේඛකයෙකු වෙන්න යනවා කීවා ම මෙහෙම ප්‍රශ්නයකුත් තියෙනවා. ලේඛකයෙකු නො වුණාට W3Lanka සංස්කාරක 2007 සිට 2010 දක්වා වසර දෙකහමාරකට වැඩි කාලයක් ජීවත් වුණේ වෘත්තීය ලේඛකයෙකු විදියට. ලංකාවේ වෘත්තීය ලේඛකයකුගේ අත්දැකීම් ගැන ලිපියක් ලියන්නත් ඔහු හිතාගෙන ඉන්නවා. මේ ලේඛකයා 1994දී මරණයේ විජිතය කියා කවි පොතකුත්, 1995දී හෝ 96දී කතා කරන බළලා කියා කෙටිකතා පොතකුත් පළ කළා. ඒ දවස්වල මේ කෙටිකතා පොත ගැන විචාරයක් යුක්තිය පත්තරයට ලියූ ටෙනිසන් පෙරේරා මහතා මාතෘකාව ලෙස යෙදුවේ තරුණ කෙටිකතාකරුවකුගේ සාධනීය ප්‍රවේශයක් කියා ය. ඒත්, ප්‍රවේශය ලත් තැන ම ලොප් වුණා. තරුණ කියන විශේෂණයට අවුරුදු 15ක් එකතු කරගෙන හිතාගන්නකෝ. ඒත්, මේ ලේඛකයා නම් තාම හිතන්නේ කොල්ලෙකු ය කියලායි.
ලේඛකයෙකු වෙන්න යනවා කියුවේ පසුගිය අවුරුදු එකමාරක් විතර කාලයක් කප-කපා, කොට-කොටා හිටිය නවකතාවක් අවසන් කර මුද්‍රණයට භාර දුන්න එකයි. මේකත් හරියට විවාහ මංගලෝත්සවය වගේ කොන්ද කැඩෙන වැඩක්. නවකතාවක් ලියුවාට කවුරුද ඉතින් මේවා පළ කරන්න භාර ගන්නේ? ඒ නිසා පොත කර්තෘ ප්‍රකාශනයක්. ඒකට අතහිත කාගෙන් ද දන්නවද? හුහ්, මේ වගේ වැඩකට අත දෙන්නේ වෙන කවුරුද ජාතියේ පහන් ටැඹ මිසක්! හැබැයි, ලේඛකයාගේ ගෙදර උන්දැගෙ රත්තරං බඩු ටික උගස් තිබ්බාමයි සල්ලි දුන්නෙ.
ඉතින් කර්තෘ ප්‍රකාශකයන් මුහුණ දෙන අනෙකුත් ප්‍රශ්න රැසකුත් තියෙනවානේ. ලේඛකයා ඒවාට විසඳුම් තමන් ම සොයා ගත්තා. අකුරු ඇමිණීම, පිටු සැලසුම, කවර නිර්මානය ලේඛකයාගේමයි. ඒ විතරක් නෙමෙයි, දොරට වැඩුම සඳහා තැන වෙන් කිරීම, ආරාධනා පත් සැකසීම ආදියත් එහෙම ම තමයි. මේ දේ කර දෙන්න කැමති මිතුරන් හිටියත් හද්දා පිටිසර නාගරික මිනිසුන් ඉන්න ගමක ජීවත් වන ලේඛකයාට ඒ සඳහා යන්න කාලය සොයා ගැනීම අමාරුයි.
ඉස්සරහට තව වැඩ ගොඩක් තියෙනවා. අංක එක පොත විකුණාගෙන ගෙදර උන්දැගේ රත්තරං බඩු බේරා දීම. අපරාදෙ කියන්න බැහැ, ලේඛකයාගේ ගෙදර සාමය බිඳෙන්නේ ඔය වගේ කාරණාවලට නම් නෙමෙයි.
ඉතින් නවකතාවේ නම ශාස්තෲ. එහි පෙරවදනේ ලේඛකයා මෙහෙම ලියනවා. "මේ වනාහි දේශපාලන ව්‍යායාමයකි. තේරෙන කාලයේ හට ගත් තරුණ කැරැලි දෙකක් හරහා එක්ව යමින් සමාජවාදී විප්ලවයක සිහින දැක පැරදුණ මගේ පරපුරේ මිනිසුන් සමග තුවාල ලෙව කන්නටත්, පය ලූහුටා ගිය තැන් සිතියම්ගත කරන්නටත්, ජීවිතය නැවත කියවන්නටත් අරගල පිළිබඳ ප‍්‍රබන්ධ සාහිත්‍යයක් අවැසිව ඇතැයි සිතමි. සමාජවාදී සමාජයක් පිළිබඳ සියලූ සිහින බිඳ වැටුණු පසුවත් ඒ බලාපොරොත්තුව ජීවිතාශාව වඩවයි. ලියන්නට ඇති කතා බොහෝ ය......."
ඉතින්, මේ බ්ලොගය හරහාත් ලේඛකයා කරන්න උත්සාහ කරන්නේ ඔය දේ ම තමයි. ඒත්, ප්‍රබන්ධ සාහිත්‍යය හරහා ඔය දේ වඩා හොඳින් කරන්න පුළුවන් කියලා ලේඛකයා විශ්වාස කරනවා. පසුගිය කාලයේ වරින් වර එකට ගමන් කළ ලාල් තිබ්බොටුවාව, කල්‍යානන්ද පෙරේරා වගේ හොඳට ලියන්න පුළුවන් මිතුරන් සමග ලේඛකයා නිතර කතා කළේ මෙවන් සාහිත්‍යයක වැදගත්කම ගැනයි.
අපේ අරගල පරාදයි නේ. ඒත්, අර්නස්ට් හෙමිංවේගේ මහල්ලා සහ මුහුද නවකතාවේ පරාජය කළ හැකි වුවත් විනාශ කළ නොහැකි වූ සන්තියාගෝ මහල්ලා වගේ වෙන්න දරන උත්සාහයක් මේ.
මේ බ්ලොගයේ ජීවිතය ගැන ලියැවුණේ ඉතා ම අඩුවෙන්. එහෙම යමක් ලිව්වා ම අපේ ඇතැම් පාඨකයෝ බනිනවා පොර ටෝක් දානවා කියලා. ඒත්, අප බොහෝ දෙනෙකුගේ කතා අනෙක් අයට වැදගත් ජීවන අත්දැකීම් හරියට කතන්දර වගේ.
Bookmark, remember easily and come again www.w3lanka.com

ලේඛන දිවියට සුබපැතුම්!
ReplyDeleteරත්තරන් බඩු බේරාගැනීමට හැකිවේවා. සුබපැතුම්.
ReplyDeleteනියමයි වැඩේ. කොහොම වුණත් සාහිත්‍ය පැත්තෙන් තබන පියවරට අපේ සහයෝගය.
ReplyDeleteසුභ පැතුම් .
ReplyDeleteලේඛන දිවියට සුබපැතුම්!
ReplyDeleteHemoma suba pathanawa misak mamath pothak gannawa kiyala kiyanne nehene. E mokada?Hemoma ekka potha potha gaththoth Perakumta pawule samadanaya thiyaganna puluwan wei.
ReplyDelete"අජිත් පැරකුම් ජයසිංහ" මම ඔහු ගැන දැන ගත්තේ උසස් පෙළ කරලා චාටර් වෙවී ඉන්න කාලේ. ඒත් පවුල් ජීවිතේට එන්ටර් උනාට පස්සේ පොත පතට ආදරේ කරපු තිසරට ඒවාට වෙලාවක් නැතිවුනා. ඒත් පස්සේ කාලෙක තමන්ගෙම කියලා පොඩි ව්‍යාපාරයක් පටන් ගෙන පරිගණයක් අසල ඉදගත්තු මට අහම්බෙන් w3lanka අඩවිය හම්බවෙනවා. එතන ඉන්නවා අර "අජිත් පැරකුම් ජයසිංහ" එදා ඉදන් අද දක්වාම හැමදාම උදේට දවල්ට ආයෙත් හවසට මොනවා හරි වැදගත් දෙයක් කියවන්න එන්නේ එතන්ට.
ReplyDeleteපොටෝ වලින් නොදැක්කට අපිට කතාකරපු පැරකුම්ට "බන්දුල පද්කුමාරලාට" වඩා යමක් කරන්න පුළුවන් වීම ගැන මාරම සතුටුයි. අපේ උන්දැගෙත් රත්තරං මිනිස්සුන්ගේ බැංකුවේ. ඒ පරිස්සමටය.
ඉදිරියට ගන්න පුළුවන් තැනක් කිව්වොත් හොදයි නේද?
Wow the game is, socialism vs gold. It will be an interesting battle.
ReplyDeleteI do not see socialism as a viable solution for problems human face. And every attempt of socialism ended up in a dictator/aristocratic system. So I do not see anything worth in this effort of many colleagues to bring it to world or say to this country. Fortunately society shows little impact and lesser and lesser interest.
Now this statement will make me a capitalist, I guess. Or perhaps a nationalist, racist, or aristocratic. But it would be cast on just what I did not state here. :)
Anyway I am a regular visitor here, and I value Ajith's open and mostly honest stance higher than many other socialist bloggers. I wish him all the very best and sincerely wish he will retain gold.
Sadly this description has not enough marketing power for me to buy this book, btw. The listed groups and ppl [former X group] are some of the most lunatic gangs among SL academia.
I read novels for them being great stories with a fair and deep social picture. It is hardly possible when you initially bias it with an ideology. Most great writers are neither socialists, nor capitalists, racists, nationalists or any other.
All the best Ajith. I like to see you as a great novelist than a great socialist.
සුභ පැතුම්,පොතක් ගන්න ලැබෙයි කියල හිතනවා.
ReplyDelete@Sujeewa Kokawala
ReplyDeleteThe writer has no bias to any political group. The orators are here because they are our friends and activists as well while being intellectuals.
The characters of the novel are actually the radicals or the so called revolutionaries.
They will set forth analyses regarding political and social issues. Only literature can analyze their life.
mama edata evith pothak gannawa aniwaryayennma!
ReplyDeleteGayan
Unusum Suba Pathum.!!!
ReplyDeleteDinuka
Congrats Man ...
ReplyDeleteමේකත් සුපුරුදු පරිදිම epic failure එකක් තමයි. අවංක නැති, දේශපාලන බලු කකුල් පොරවල් වෙන්ට යාම ඉළ ඇදෙන සීන් එකක්
ReplyDeleteපොතක් ගහන්න රත්තරං බඩු උගස් තියන එකම සෑහෙන අරගලයක් තමා.
ReplyDeleteසුබැතුම්!
@Anonymous
ReplyDeleteඅනුන්ගෙන් අවංකකම ඉල්ලා සිටීමට පෙර තමන් අවංක වන්න. මෙවැනි පැතලි අදහස් දක්වන විට යම් නමකින් එය කරන්නට තරම් හෝ අවංක වන්න.
goodluck
ReplyDeletet
තිසර ලියලා තියෙනවා මටත් ලියන්න තියෙන දෙයක්.කොයි හැටි උනත් VPP එකෙන් පොත ගෙන්න ගන්න පුවවන් නම් වටිනවා.ඒ ගැන දන්වන්න ඉස්කෝලේ තියෙන තැන ඉදං ළගක පොත් කඩයක් නෑ.
ReplyDelete" A man can be destroyed.But not defeated" මං නිතර මෙනෙහි කරනවා.
නිර්මාල් රන්ජිත් දේවසිරි ලෙස නම සටහන් කලොත් නිර්මාල් ට නරකක් වෙන එකක් නෑ නේද?
ReplyDeleteපැරකුම් මහත්තයෝ, පොඩ්ඩක් නළලට තට්ටු කරල මම කවුද කියල මතක් කර ගන්න. මේ භාෂා විලාසය දකින කොටම මතක් වෙයි කවුදැයි කියල එහෙම. එතකොට ඇහැකි වෙයි තමංගේ අවංකත්වයේ බොරු සළු පිළි එළිපිටම ගැලවිලා තියෙන බව දැනගන්න.
ReplyDeletekisima minihekta madyastha venna be. paththak ganna vagema eka kelin kiyannath puluvan minissu durlabai. a hayyatai me salute eka.
ReplyDelete@Anonymous
ReplyDeleteඔබ වැනි මානසිකත්වයක් ඇති අය සිය ගණනක් හමු වී ඇති නිසා වෙන් කර හඳුනා ගත නො හැක. පොත ක්යවන්න. ඔබ ගැන ද එහි ඇත.
Commence with courge. Complete with courage.
ReplyDeleteCONGRAGULATION!
අජිත් නවකථාවක් ලියන බව මීට මාස 5 කට විතර කලින් මට කිව්වා. ලියලා තියෙන්නෙ ඉවරයක් නැතිව තාම හදනවයි කියලත් කිව්වා.
ReplyDeleteඒ එක්කම එයා අවධාරණය කලා,
හැමදාම මෙහෙම ඉඳලා බෑ.
සමාජය තුළ පිළිගැනීමට ලක්වෙන වැඩත් කරන්න ඕනෙයි කියලා.
එයා ඒක තවත් පැහැදිලි කලා මෙහෙම,
"දැන් ඉස්සර වගේ කැපවීම් කරන්න බෑ.
වෙන විදිහක් බලන්න ඕන" කියලා.
එයා ඒ ටික කිව්වෙ පුංචි චකිතයකුත් එක්ක.
චකිතය මට තේරෙනවා.
මගේ අදහස මේකයි.
අමුතුවෙන් කැප කිරීම් කරන මිනිස්සු දේශපාලනයට සුදුසු නෑ.
ඒ වෙනුවෙන් එයාල ඉල්ලන වන්දිය විශාලයි.
කන, බොන, රමණය කරන සාමාන්‍ය මිනිස්සුමයි දේශපාලනය කරන්න ඕන.
"අදහස් භෞතික බලවේගයක් වන්නේ සාමාන්‍ය මිනිසුන් පිළිගත් විටයි" කියන මාක්ස් ගේ අදහස ඉදිරියටත් වලංගුයි.
වංක නොවන, දෙබිඩි නොවන මිනිසුන් සෙවීමම තමයි 'ක්‍රමය' පවත්වාගන යාමේ පරම කොන්දේසිය. මොකද එහෙම කෙනෙක් හොයාගන්නම බෑ. ඉතිං එතකන් ක්‍රමය ජීවමානයි.
අනික් අතට අජිත් ගෙ චකිතයම තමයි, මට අජිත් එක්ක කථා කරන්න ඉඩ හදන කාරණය වෙන්නෙත්.
ප්‍රදීප්
congratz and all the best.will comment after reading what you have written.
ReplyDeleteCongratulations for your new endeavors
ReplyDeleteI often read your articles and I like it ,
Dr Ruwan M Jayatunge
Toronto Canada
ruwanmjayatunge@gmail.com
සහෝදරයා තව තවත් පොත්ලියන්නට හිත ධෛර්ය සම්පන්න වේවායි දැඩි සහෝදරත්වයෙන් සුභ පතමි...
ReplyDeleteරත්තරන් බඩු සින්න නොවේවායි කියාද ප්රාර්තනා කරමි...
නවසීලන්තයේ සිට... අබූ...
Suba pathum parakum...
ReplyDeleteඔබගේ අලුත් නවකතාව කියවීමට නොඉවසිල්ලෙන් සිටිමි. මෑත කාලයේ ලියැවුනු බොහෝ ඒකාකාරී නවකතා වලට විකල්පයක් ලෙස එය මතුව එනු ඇතැයි බලාපොරොත්තු දල්වමි.
ReplyDeleteඔබගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවායි පැතුම් ගෙන එමි. සහයෝගයක් ඇවැසි තැනක අපි ද ඇතැයි සතුටින් දන්වා සිටිමු.
මැරෙන්න ගිය මොහොතක, "නෑ ජීවත් වෙන්න ඕනි" කියල මට හිතෙන්න එක හේතුවක් තමයි උපන්න දා ඉඳල වගේ ලිව්වත් තාම පොතක් පලකරන්න බැරිවුනා නේද කියල හිතට ආපු එක.
ReplyDeleteඒ පොත ප්‍රෙස් එකෙන් අතට ගත්ත වෙලේ ඇතිවුණු හැගීම විස්තර කරන්න බෑ.
අජිත් පැරක්ම් ට මගේ සුභ පැතුම්!
පොත විකුණන්න දාන කඩ මොනවද කියල කියන්න.
පැරා වගේම පැරා ලියල තියන අනිත් දෙන්නගෙ අත්දැකීම් වලත් අනිත් අයට බෙදා හදාගන්න පුලුවන් ගොඩක් දේවල් තියනව කියල මටත් හිතිල තියනව. ගොඩක් වෙලාවට තැන්තැන් වල කතා විදිහට කියවෙන මෙවගේ අත්දැකීම් පොතක් විදිහට එලිදැක්වීම තුලින් තවත් අලුත් පිරිසක් එක්ක බෙදා හදා ගන්න පුලුවන්වේවි. පොතේ නමත් ශාස්තෘ. ශාස්තෘවරු කියන්නෙත් මේ පරම්පරාවට පොදු අත්දැකීමක්. පොත තාම කියවල නැතත් පොත අපිට හොඳ අත්දැකීමක් වෙයි කියල මට බලාපොරොත්තුවක් තියනව.
ReplyDeleteඋණුසුම් සුභ පැතුම්! ජාතියේ පහන් ටැඹෙන් රත්තරන් බඩු බෙරා ගැනීමට 'තරුණ' ලේඛකයාට හැකිවෙවා. (ඔව් ඉතින් මාර්ටින් වික්‍රමසින්හ, ඩබ්ලියු. ඒ. සිල්වා වගෙ අයත් එක්ක ගත්තහම 'ලේඛකයා' කියනවනම් 'තරුණයා' කියන්නත් ඕනි.:))
නිශාන්ත
කවුරු මොන විදිහට අජිත් පැරකුම් මහතාව හැඳුන්වුවත් දිනපතා මේ අඩවිය අනිවාර්‍යෙන් කියවන පාඨකයෙක් ලෙස මම කියෙව්වේ යහපත් සුන්දර ශ්‍රී ලංකාවක් ගැන හීන දකින්නෙක්ගේ හිත කියලා මම නම් බොහෝම අවංකව කියනවා.
ReplyDeleteමමත් එහෙම හීනයක් දකින . . . කිසි කෙනෙක් වෙනුවෙන් කඩේ නොයන කෙනෙක් නිසා මට ඒ වගේ දැනුනා.
සමහර සිදුවීම් වලදී හිත රිදුනු බිඳුනු බව වැඩි වුනාම සැරට ලියවෙන වා ඇති . .
ඒ සැර නිසාම අජිත් කාගේ හරි ඉත්තෙක් කියලා ත් හිතෙනවා ඇති . .
ඒත් ආපහු අජිත් ලියපු හම දේම ගැන යලිත් හිතලා බැලුවමා අජිත් කාගේ හරි ඉත්තෙක් කියලා ඇතිවුනු හැඟීමක් ඉවත් කරගනන් පුලුවන් වෙනව කියලා හිතෙන බවත් කියන්න ඕන . .
පොත මිලදී ගන්න පුලුවන් තැන් ගැන පොඩි දැනුම් දීමක් කරන්න ඒ අතරේ පිටරටක ඉන්න අයට තැපෑඑල්න් වගේ ගෙන්වා ගැනීමේ පහසුකම් එහෙමත් සලස්වන්න පුලුවන්ද කියලත් කියන්න . . .
ඔබේත් මගේත් හීනය කවදා හෝ සැබෑවෙන බව දැනෙන දවස අපට මරණයට පෙර දකින්නට ලැබේවා . .
ජය
ෙැරට
ReplyDeleteඔබට දිරි
ReplyDeleteසහෝදරත්වයෙන්,
- Dimithry
මෙවැනි සාහිත්‍යයක් නිර්මාණය වීම අතිශයින් වැදගත්. අපගේන් සුබපැතුම්.
ReplyDeleteප‍්‍රභා සහ බුද්ධික
පරා කියන්නෙ මම හිතින් ලව් කළ වමේ මිනිහෙක්. පරා ගැන මම දැනගෙන ගොඩක් කල්. ගොඩක් ලේඛන වල පරාගෙ ලිපි කියවන කොට මොකක්දෝ සංස්කෘතික බැදීමක් ඒවායෙ තිබුණ.
ReplyDeleteපරාගෙ ගොඩක් අදහස් වලට මට එකග වෙන්න බෑ. ඒ අපි දෙන්න මත ධාරා දෙකක ඉන්න නිසා නෙවෙයි. එකම ඉලක්කයකට පාරවල් දෙකක යන්න හදන දෙන්නෙක් වගෙයි මට හිතෙන්නෙ. ඒත් ඒ පාරවල් හිටි ගමන් එක මත එක වැටෙනව, හිටි ගමන් සමාන්තර වෙනව.
ඒ වෙලාවට මම හිතන්නෙ මෙන්න මෙහෙම. මගෙ අම්ම එක්කවත් තාත්ත එක්ක හිතන පතන විදිහෙන් එකග වෙන්න බැරි වුන මට පරා එක්ක එකග වෙන්න බැරිවීම අමුතු දෙයක් නෙවෙයි කියලයි.
පරා මට අදහස් වලින් උදව් කළ මිනිහෙක්, හිත හොද කුහක නැති වමේ මිනිහෙක්. මම තේරුම් ගත්ත දෙයක් තමයි ධනපති මිනිසුන්ට වඩා වමේ මිනිස්සු කුහකය කියල. ඒත් පරා ඒ මතය වෙනස් කළා.
මට කෙටි කතා හෝ දිග කතා විවේචනයට ලොකු දැනුමක් නෑ. ඒත් මේ මොහොතේ පරාට මම සහෝදරාත්මකව සුභ පතනව.
ශාන්- බුමුතුරුණු
"සින්න වීමට යන ඔබේ රන් ආභරණ ඔබට වැඩි මිළක් ගෙවා බේරා ගන්නෙමු"
ReplyDelete[එහෙම නොවේවා...බුදු සරණයි.....]
පැරා කමක් නැත්නම් පොතේ ගාණ සඳහන් කරනවද?
ReplyDelete