සයිබර් ජාතිවාදියෝ, පොන්නයෝ හා W3Lanka

(2010 නොවැම්බර් 24, W3Lankaඅප ආණ්ඩුවේ කිසි ම හොඳක් දකින්නේ නැති බව කියමින් සමහරු අප සුදු වෑන්වලින් ඉස්සිය යුතු බව හා හිරේ ඇරිය යුතු බව කියති.


ඇත්තෙන් ම අපි ආණ්ඩුවේ විශේෂ හොඳක් ඇති නම් අනිවාර්යයෙන් ම කියන්නෙමු. උදාහරණයක් මෙසේ ය:




සමහරුන්ට ඒ අගය කිරීම් ද තිත්ත ය.


ජනතාව ආණ්ඩුව පත් කරන්නේ හා දුවා දරුවන්ට කන්න දෙන්න දුක සේ හරි හම්බ කරන මුදලින් බදු ගෙවා, ඇමතිලාට හා නිලධාරීන්ට සැප දෙන්නේ හොඳ වැඩ කරන්නට මිස නරක සඳහා නො වේ.


ආණ්ඩුවේ හොඳ වැඩ වර්ණනා කරන්නට ලේක්හවුස්, රූපවාහිනී, අයි.ටී.එන්, ගුවන් විදුලි සංස්ථාව වැනි රජයේ ආයතන රැසක් ද ජනතා බදු මුදලින් හෝ ජනතා බදු මුදලින් ආණ්ඩුව දෙන දැන්වීම්වලින් හෝ නඩත්තු වේ.


එහෙව් එකේ, මේ (කක්කි, ගූ, මිනිසුන් නො කියවන, සමාජ විරෝධී ආදී) විශේෂණ රැසකින් හැදින්වෙන මෙම බ්ලොගය ද ආණ්ඩුව වර්ණනා කිරීම සඳහා වෙන් විය යුතු යයි අපි නො සිතමු. එහෙම කරන්නට ගියොත්, සමහරුන් යෝජනා කරන පරිදි අප සුදු වෑන්වලින් රැගෙන ගියහොත් ආණ්ඩුවට තමන් දිහා බලා ගන්නට මෙවැනි සයිඩ් කණ්ණාඩියක්වත් නැති වනු ඇත.


සයිබර් අවකාශයේ සිටින නිර්නාමිකව තර්ජන නිකුත් කරන බියසුල්ලන් නො දන්නා මෙම අවබෝධය ආණ්ඩුව කරවන ලොක්කන්ට ඇත. අප මාධ්‍ය භාවිතාවේ යෙදෙන්නේ එහි ව්‍යවහාරික දිග පළල හොඳින් දැනගෙන ය. ආණ්ඩු පෙරළන දේශපාලන ව්‍යාපෘතිවලට අප කඩේ නො යන්නේ එහෙයිනි. අපට තිබෙන්නේ ආණ්ඩු පෙරළීමේ හදිසියක් නො ව සමාජවාදය පිළිබඳ මහජන කතිකාවක් ගොඩනැඟීමේ උවමනාවක් පමණි..


එසේ ම අපි වනාහි සියලු ප්‍රශ්නවලට විසඳුම සමාජවාදය බව කියමින් ප්‍රශ්න මගහරින්නෝ ද නො වෙමු. පවත්නා තත්වයන් තුළ යම් ගැටලුවකට විසඳුමක් ලෙස අප දකින යම් දෙයක් වේ ද අපි එය යෝජනා කරන්නෙමු.


අප වනාහි විදේශ රටවල දේශපාලන රැකවරණ ලබා ගැනීමට හෝ රාජ්‍ය නො වන ව්‍යාපෘතිවලින් හෝ යූඇන්පියෙන් මුදල් ගැනීමට මාධ්‍යකරණයේ නො යෙදෙන පිරිසක් බව කවුරුත් දනිති. ‍


අප කමෙන්ටු පාලනය කිරීමෙන් බොහෝ දුරට වළකින්නේ ලාංකීය බ්ලොග් අවකාශයේ සැරිසරන ඔබගේ අදහස් විවෘතව ප්‍රදර්ශනය කිරීමට ඔබට ද අවස්ථාවක් ලබා දෙන්නට ය. එසේම, කාලීන ප්‍රශ්න පිළිබඳ යම් සංවාදයක් ‍ගොඩනැඟීම ද අපේ අරමුණකි. ‍අපගේ පාඨකයන් බොහෝදෙනෙක් ඒ බැව් අවබෝධ කරගෙන කටයුතු කරන බව ප්‍රශංසාත්මකව පැවසිය යුතු ය.


එහෙත්, සිංහල ජාතියේ ගැලවුම්කරුවන් ලෙස පෙනී සිටින කිහිප දෙනෙක් කරන කටයුතු නිසා ඇත්තෙන් ම සිදු වන්නේ සිංහල ජාතිය අවමානයට ලක් වීමයි.


තිස්සමහාරාමයෙන් හමු වූ වළං කටු කැබැල්ලක ඇති අක්ෂර දෙමළ ලෙස හඳුනා ගැනීමෙන් පසු ඒ ඔස්සේ සිදු වන දෙමළ ජාතිවාදී මත ගොඩනැඟීමකට හා ඒ හා සමාන ම වූ සිංහල මත ගොඩනැඟීමකටත්, ඉතිහාසය හා සම්බන්ධ මෙම ගැටලුව පිළිබඳවත් අප විසින් ලියන ලද ලිපිය නො කියවූ එක් සිංහල භූමි පුත්‍රයෙක් දිගින් දිගට ම පළ කළ අදහස් ‍පහත දැක්වේ.


"වලං කට්ටෙන් ඔබ කියන්නේ මේක දෙමලුන්ට අයිති බවයි...


රජය රුපියල් කෝටි 58,300ක් වැයකරල LTTE ත්‍රස්තවාදය නැතිකරාම, ඒක නොකල යුත්තක්...


එත‍කොට මේ හම්බ වුන වෙහෙර විහාර ඔක්‍කෝම හ සියවසට පස්සේ හදපුව වෙන්න ඇති නේද?


වසර 2500 ඉතිහාසයක් අපට තියෙනවා කිව්වොත් ඒක අපි නිර්මාණය කරපු බොරුවක් !! හා හා...


වලං කට්ට හම්බ වුනාම ඒකට දෙමල වේස බල්ලෙක් කෑගැහුවම ඒක ඇත්ත...


ඒ වලං කට්ටෙන්ද තෝ ඉපදුනේ???


ඉතින් W3 පොන්නයා උම්බ ‍වගේ ‍ජාතියක් ජම්මයක් නැති පොන්න දෙමලුන්ට දීල අත හෝද ගන්න කියන එකනේ !!!


කිව්ව විදියට තොගේ අවජාතක කම ඔප්පු වෙන්නේ!!!!"


"මීට පස්සේ W3 කියන්නේ වලං කටු පොන්නයා.."


"මේ ලිපියේ අන්තර්ගතය විදිහට මම නම් ගත්තේ . . .


"අපි තමයි මේ රටේ වැඩිම ඉතිසාහයක් තියෙන නියම අයිතිකාරයෝ"


කිය කියා මරා ගන්නේ නැතුව, ජාති කුළ මල ආගම් බේද පැත්තක දාලා . . . දැන් සිවිල් යුද්ධයකුත් නැති එකේ . . . අපි හැම දෙනාම එකතු වෙලා . . මේ රට අපේ ඊලඟ පරම්පරාවලට සාමයෙන් සහජීවනයෙන් නිදහසින් ජීවත් වෙන්න පුලුවන් ජාතියේ රටක් බවට පත්කරගත යුතුයි කියන පනිවිඩය දෙන්න උත්සාහ කලා කියන එකයි . . ." යි කියා දුකා පැවසූ පසුවත් මෙම නිර්නාමික අදහස් පළ කරන්නා මෙසේ කීවේ ය.


"වලං කටු පොන්නයා... LOL"


"@ දුකා: මේකේ නම


තිස්සමහාරමයේ වළං කට්ටෙන් නැවත මතු වන ඉතිහාස ගැටලුව. ඒ කියන්නේ


"අපි තමයි මේ රටේ වැඩිම ඉතිසාහයක් තියෙන නියම අයිතිකාරයෝ"


කිය කියා මරා ගන්නේ නැතුව, ජාති කුළ මල ආගම් බේද පැත්තක දාලා . . . දැන් සිවිල් යුද්ධයකුත් නැති එකේ . . . අපි හැම දෙනාම එකතු වෙලා . . මේ රට අපේ ඊලඟ පරම්පරාවලට සාමයෙන් සහජීවනයෙන් නිදහසින් ජීවත් වෙන්න පුලුවන් ජාතියේ රටක් බවට පත්කරගත යුතුයි කියන පනිවිඩය දෙන්න උත්සාහ කලා කියන එකයි . . . "


නෙමේ!!! දවල් හීන දකින්න එපා.. නැගිටින්න. anno 1 බලන්න:




ඒ කියන්නේ toilet දමෙලු ඉස්සර වලං හැදුවා කියලා. නියම ජාතියක් උන් ඒ කියන්නේ ලියන්න දේවල් නැතුව වලං කටු වල ලියල.


ආහ්... w3 වැරදුනා... mr. walan katu pons දැන්වත් ‍‍මේ දෙබිඩි ජීවිතය නවත්වනවද? ඉස්සෙල්ලා උම්බ සිංහලට පක්ෂවද පරම පර දෙමලුට පක්ෂවද කියලා කියනවද?"


බුමුතුරුණු බ්ලොග්කරුවා මැදිහත් වී මෙසේ කියුවේ ය: "ඉතිහාසය කියවන විට හෝ අජිත් පැරකුම්ගේ ලියවිලි දකින විට හෝ යමෙකුගේ ඇගෙහි පළු දමන්නේ නම්, බඩ පපුව දන්නේ නම්, හිසේ කැක්කුම හැදෙන්නේ නම් එය රෝගයක් බව කාරුණිකව තේරුම් ගන්න. ඊට කදිම ප්‍රතිකාර පවතී. ප්‍රතිකාර නොකර කහබිලියා ගෑ වුණ එකාසේ දැගලීමෙන් තමන්ගේ රෙද්ද කඩා වැටෙන බව ද කාරුණිකව තේරුම් ගන්න.


ඉතිහාසය හෝ අජිත් පැරකුම් හෝ ඉවසීමට නොහැකිව ප්‍රසිද්ධ කරන මේ ආක්‍රෝධ පරිභවයන් සිංහල කියවිය හැක අන් ජාතීන් කියවා තේරුම් ගනු ඇත්තේ සමස්ත සිංහලයන්ම මිලේඡයන් පිරිසක් ලෙසිනි.


එවිට සිංහල ජාතියම ඉතිහාස ගත වනු ඇත්තේ තිරිසනුන් පිරිසක් ලෙසිනි.


1978 ආර්ථික පාදඩකරණය නිසා ඇති වූ නපුංසක සමාජ කොටසක් තම වර්ගවාදී මතය පොදු සමාජ මතය බවට පෙරලීමට උත්සාහ ගනිති. එහෙත් සිදුවන්නේ සමාජයක් ලෙසත් ජාතියක් ලෙසත් අපිට ඊට වන්දි ගෙවීමට සිදුවීමයි."


ඉන් අනතුරුව ද ඉහත කී කමෙන්ටුකරුවා සිය කාර්යය නැවැතුවූයේ නැත. "හරි හරි පැරායි ශානුයි තොපි දෙන්න හිතාගෙන ඉන්නෙ ප්‍රභාකරන්ට රට ලියල දුන්න නම් තොපිට කහඹිලිය ගා ගන්නෙ නැතුව ඉන්ඩ පුළුවන් කියලනෙ. අනේ අවජාතකයිනේ තොපි නොදන්න දේ තමයි උඹල ඔය ඔළුව උඩ තියාගෙන ඉන්න ප්‍රභාකරන් ආව නං තොපි දෙන්නට කරන දේ. තොපි දෙන්නව එහෙනං එක ලයිට් කණුවෙ බැඳල ගේම් එක දීල. තොපි වගේ අවජාතකයො බණ කියන්න එන්නෙ අපිට විතරයි. ඇයි තොපි අර ටැමිල් නෙට් එකේ ලියපු එකාට ගිහින් ඔය බණ කියන්නෙ නැත්තෙ. ඌ නෙවෙයිද මේ ගැටුම පටන් ගන්නෙ? තොපි වගේ අවජාතකයින් හින්ද තමයි සිංහල ජාතිය අද බලු වෙලා තියෙන්නෙ. දැන්වත් ඔය පරගැතියාව අත ඇරල නැඟිටපියව්. නැත්නම් තොපෙ දරුවො කවද හරි තොපේ මිනී වලවල් වලට කෙළ ගහයි යකුණේ."


මෙබඳු නර්මාලාප දිගින් දිගට ම නැවත පළ කිරීම තේරුමක් නැති ක්‍රියාවකි.


අවසාන වශයෙන් මෙය සඳහන් කළ යුතු ය.


අපි සිංහලයෝ ය. එහෙත් සිංහල ජාතික ආධිපත්‍යවාදීහු හෝ වර්ගෝත්තමවාදීහු නො වෙමු. අප සිංහල අනන්‍යතාව සලකන්නේ වඩා පුළුල් ලාංකික අනන්‍යතාවකට දෙවෙනි‍කොටයි.


සිංහලයාට දියුණු ජාතියක් බවට පත් විය හැක්කේ ලාංකික ජාතියක් ගොඩනැඟීමෙන් පමණි.


අපි අන්තර්ජාලයේ සිංහල භාවිතය ප්‍රචලිත කරන්නට අපට හැකි දායකත්වයක් සැපයුවේ ද මේ දේශපාලන අභිලාෂයෙන් ම ය.


ඔබ මෙහි ලියන සියලු දේ සිංහල ඊ අන්තර්ගතයන් බවට පත් වන නිසා ජාතියට ඔබ කියන තරම් ආදරේ නම් අඩු තරමේ ශිෂිට බසක් භාවිතා කරන්න.


අප දකින තවත් සුවිශේෂ කරුණක් කෙරෙහි ද අවධානය යොමු කරන්නට කැමැත්තෙමු. එනම්, බොහෝ සිංහල ජාතිවාදීන් සෙස්සන්ට බැනීම පිණිස 'පොන්නයා' යන වචනය භාවිතා කිරීමයි.


පොන්නයා යනුවෙන් සාමාන්‍යයෙන් අපහාසාත්මකව හැඳින්වෙන්නේ පිරිමි ශරීරයක් හා ස්ත්‍රී ලිංගික මනෝභාවයන් ඇති අයයි. එසේ ම, සිංහල සමාජයේදී පිරිමි සමලිංගිකයන් හැඳින්වීමට ද බොහෝ විට මේ පදය යෙදේ. ජාතිවාදීන් ජාතිවාදයට විරුද්ධ පුද්ගලයන්ට බැන වැදීම සඳහා නිතර මෙම වදන භාවිතා කරන්නේ ඇයි?


අප දකින්නේ මෙහි කිසියම් මනෝ ලිංගික ගැටලුවක් ඇති බවයි. අනෙකා පොන්නයකු ලෙස අවධාරණය කරන්නා ඇත්තෙන් ම බලාපොරොත්තු වන්නේ සිය පිරිමිකම හුවා දැක්වීමටයි. පිරිමිකම විශේෂයෙන් හුවා දැක්වීමට අවහ්‍ය වන්නේ පෞරුෂ ගැටලු ඇති අයටයි.


පෞරුෂය යන වචනය ම personality යන ඉංග්‍රීසි වදනේ පුරුෂෝත්තමවාදී වැරදි පරිවර්තනයකි.


ජාතිවාදය බරපතල පෞරුෂ ගැටලුවකි.


ප.ලි: කරුණාකර මෙහි කමෙන්ට් හෙවත් අදහස් පළ කරන අය අයි.පී ඇඩ්‍රස් කියා දෙයක් ඇති බව ද කරුණාවෙන් සලකන්න.


කිසිවකුට මරණ තර්ජන කිරීම ලංකාවේ නීතිය අනුව දඬුවම් ලැබිය හැකි වරදකි.


තර්ජන කර අදහස් දැක්වූ මහත්වරුන් තමන් ම තමන්ගේ කමෙන්ට් මකා ගන්නවා නම් අපි කැමති ය.




Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. ඔබේ අදහස් වලට බොහෝ සේ එකග වෙමි. නමුත් කරුණු දෙකක් කිව යුතුය.
    1. මෙය සින්හල අන්තවාදීන්ට පමණක් අදාල කාරණයක් නොවේ. දෙමළ අන්තවාදීන්ටද පොදුය. පසු ගිය යුද සමයේ දෙමළ ඩයස්පෝරාව විසින් පවත්වා ගිය බ්ලොග් තුලට පිවිසුනිනම් ප්‍රතිවිරෝධී අදහස් දක්වන්නන්ට එරෙහිව ඔවුන්ද මෙවැනි ළාමක උපක්‍රම භාවිත කරන බව ඉතා හොදින් දැක ගන්නට තිබුනි. ["පොන්නයා" යන ආම්න්ත්‍රනය වෙනුවට ඔවුන් බොහෝ දුරට භාවිතා කලේ "සමලින්ගිකයා" හෝ "උබේ ලිගුව කුඩාය" වැනි කතාය]

    2. සින්හලුන්ට වේවා දෙමළුන්ට වේවා මෙය බහුතරයකට අදාල නොවන බව මගේ හැගීමයි. ඔබේ ලිපියෙන් "මේන් බලපල්ලා සින්හල ජාතිවාදීන්ගෙ හැටි" වැනි ආකාරයට මෙම භාවිතය සින්හල ජාතිකවාදීන්ට පොදු බව හැගවීමට (generalising) ඔබ උත්සාහ ගෙන ඇති බව පෙනේ.

    අවසන් වශයෙන්, ජාතිය කුමක්වුවත් මෙවන් පහත් තත්වයට වැටෙන්නේ බුද්ධියෙන් හීන වුන් බවත් ඔවුන් තමන් පෙනී සිටින මතය වෙනුවෙන් කරන්නේ අවැඩක්ම බවත් කියමි.

    ReplyDelete
  2. වලංකටු කාඩ් එක හොඳට වැදිල වගේ W3 වලං කටුවා හා හා

    ReplyDelete
  3. මේ රටට මේ අරාජික තත්ත්වය උදාවී ඈත්තේද මේ මහජතාතික වාදී උම්මත්තක අදහස් නිසාය. බ්ලොග් අඩවියක ඈති මතයක් දරන්නට බැරි ඊනියා දේශහිතෝශීන් අන් ජාතියකය කෙසෙනම් සලකනවා ඈද්ද??එය මෙය සබුද්ධිකව කියවන ඕනෑම කෙනෙකුට වැටහෙනු ඈත..
    W3lanka ඔබලාට ජය. මේ උත්සහය විශිෂ්ටයි. ඒ මේ මේ රට වෙන්නුවෙන්ම නිසා.

    ReplyDelete
  4. වලං කට්ටක් ගැන ලිව්වම වලං කඩේට පැන්න ගොනා වගේ පිස්සු නටන්නේ ගොන්නු මිස සිංහලයින් නොවේ. බෞද්ධයින්ද නොවේ.

    ReplyDelete
  5. මෙය කොහෙත්ම ගණන් ගත යුතු දෙයක් නොවේ.යම් ලිපියක් කියවා එකග වීම් හෝ නොවීම් යටතේ සංවාදයක් ගොඩනැගීම, කියවීම හරහා විඥාණය පුලුල් කරගැනීමට උත්සහ කරන්නන් විසින් සිදු කරන දෙයකි.අසභ්‍ය වචන වලින් බැන වදින මරණ තර්ජන එල්ල කරන්නෝ හුදෙක් දුර්වල පෞරුෂ්‍යය සනසා ගැනීමට මුක්කුවක් සොයා යන ගමනේදී එය බිද වැටෙන තැන වියරු වන්නෝ වෙති.එවන් තැන්වල කිසිත් නොවුණා සේ බුද්ධිමය සංවාදය දිගටම ගෙන යාම හොදම ප්‍රතිකර්මයයි.ඊට තදබල ලෙස බාධා වේ නම් එවැනි ප්‍රතිචාර මකා දමා සංවාදය මතු කරන්න.මෙවැනි පෝස්ට් පළ කිරීමෙන් දුර්වල පෞරුෂ්‍යය ඈත්තන්ගේ රෝග සුව කළ නොහැක.ඒ වෙනුවට එවැනි ප්‍රතිචාර වෙත පිළිතුරු දීමට ශ්‍රමය නොයොදා ලිපියේ කරුණු සම්බන්ධයෙන් විවාද/සංවාද ගෙන යාමට මෙයින් පසු අවධානය යොමු කරන ලෙස ඉල්ලමින් පොදු පාඨකයා වෙත පෝස්ට් එකක් පළ කිරීම වඩාත් පලදායි වනු ඇත.

    ReplyDelete
  6. mehema wenne sinhala baudhdhakama redda pallen berena nisa ya. budun wahanse parusha wachana keema pan sila pada pahata athul kara netha. e nisa sinhala bauddhayanta kunuharapen bennata paw pirenne netha.

    ReplyDelete
  7. මෙවැනි විවෘත මත ගැටුමකදි සාක්ෂි සහිතව තම මතය තහවුරු කිරීම වෙනුවට අන් මත දරණ පුද්ගලයන්ට අසභ්‍ය ලෙස බැනවැදීම සහ හාස්‍යට ලක්කිරීම ඉතාමත්ම පහත් මානසික මට්ටමක් ඇති පුද්ගලයින් සිදුකරන්නකි.
    එවැනි පහත් ක්‍රියාවලින් බැහැරව ඔබේ මතය තහවුරු කර අන් මතය තාර්කිකව පරාජය කරන්න. එහිදි කුමන මතය ජය ලබන්නෙදැයි තීරනය කිරීමට පාඨකයාට ඉඩහරින්න....

    ReplyDelete
  8. නොරිදවා සිත් සතන්
    අන් මත වෙත හිස නැමීමත්
    දිය හැකි ප්‍රතිවදන්
    කියන බස විය යුතු යහපත්

    තරවටු කිරීම්ත්
    ගොරවා දෝස කීමත්
    තර්ජන කිරිමත්
    කරයි උදහස් සිත්

    සැකයක් නැත ඉතින්
    අදහස් නැතේ සමවෙත්
    පරහක් නැත ඉතින්
    ලියමු කියවමි පුරුදු ලෙස දත්

    ReplyDelete
  9. මේ නපුංසක සමාජ තීරුව නියෝජනය කරන මේ වර්ගවාදීන්ගේ හඩ ප්‍රබලව මතු වූයේ ජනඝාතක යුද්ධය ක්‍රියාත්මක වූ අවධියේ ය. ඒ කාලයේ අපේ බ්ලොග් අඩවි තර්ජනීය කමෙන්‍ටු වලින් පිරී ගියේය. එහෙත් අපි බිය නොවුනෙමු.

    යුද්ධය අවසන් වී රාජපක්ෂ රෙජීමයේ කන කොක් සුද පෙනීමට පටන් ගත් විට මේ වර්ගවාදීන් කොහේ ගියාදැයි තොරතුරක් නොමැති වුණි.

    දැන් නැවතත් වර්ගවාදී හඩ ඉස්මතු වී තිබේ. යුද්ධය කාලයේ බිය නොවූ අපි දැන් කුමකට බිය වන්නද?

    පශ්චාත් යුද සමයේ දී රාජපක්ෂ රෙජීමයට තවදුරටත් ඊනියා ජාතිකවාදය වලංගු වන්නේ නැත. දැන් රෙජීමය හැල්මේ දුවන්නේ රනිල්ගේ යළි පුබුදමු ශ්‍රී ලංකා ව ක්‍රියාත්මක කිරීමටය. එවිට මේ ජාතිවාදීන්ට අනුගමනය කිරීමට විකල්ප දෙකක් පවතී

    1.විමල්, චම්පික හා අනෙකුත් වර්ගවාදීන් කරන්නාක් මෙන් තමුන්ගේ රෙදි ගලවා තබා රාජපක්ෂගේ රනිල්වාදයට පක්ෂවීම

    2. තවදුරටත් කුඩා කණ්ඩායම් ලෙස හෝ තනි තනිව හෝ වර්ගවාදය වෙනුවෙන් පෙනී සිටීම

    රාජපක්ෂයන්ට විපක්ෂවීමට වඩා පක්ෂවීම යහපත් බව මේ වර්ගවාදීන් ද ඉක්මනින් තේරුම් ගන්නේ නම් යහපතකි.

    ශාන්- බුමුතුරුණු

    ReplyDelete
  10. දැන් ඔය මහත්තයට වෙන කෙනෙක් තමන්ගෙ මතයට විරුද්ධ මතයක් ප්‍රකාශ කිරීමත් මරණීය තර්ජනයක් විදියට පේන්න තරමට ලෙඩේ උත්සන්න වෙලාද?

    මොකද එතකොට හපෝයි මං කියපු බොරු කියල සිය දිවි නසා ගන්න හිතෙනවද?

    ඒ වගේම ඔය මහත්තය දැන් ඔය අයි පී ඇඩ්‍රස් එකතු කරල දෙන්නෙ මොන පොලීසියටද? රජයේ එකටද නැත්නම් අර කාලෙකට ඉස්සර තුණ්ඩු එවපු ඔය මහත්තයත් හොරෙන් සපෝට් එක දෙන ජේ. වී. පී. පොලීසියටද?

    ඔය අයි පී ඇඩ්‍රස් ගැන බලා ගන්න කියන එක ඔය මහත්තය මං කියන දේ විතරයි හරි තොපි කමෙන්ට් දැම්මොත් බලාගෙනයි කියල දාන තගක්ද? හැබෑවට ඔච්චරම බයද අනුන්ගේ අදහස් වලට?

    මහත්තයට යම් අවබෝධයක් තියෙනවද මේ රටේ බ්ලොග් එකක කමෙන්ට් කිරීම සම්බන්ධ නීතිය ගැන? නැත්නම් අර මර්වින් සිල්වා වගේ කටට ආපු දෙයක් කියල දානවද?

    මහත්තය අද උදේ පෙත්ත ගත්ත කියල ෂුවර්ද?

    මහත්තයගේ ඔය ලෙඩේ ජාන වලින් එන එකක්ද?

    ReplyDelete
  11. මේ ලිපියෙන් ඔබ කරන්නේ හරියට ම නොකළ යුතු දේ ම යි.

    Don't feed the trolls.

    ReplyDelete
  12. තම අනන්‍යතාවය හෙලි කරන්නට අකමැති anonymous කාරයාගෙ හැසිරීමෙන් පොන්නයා යන්නෙහි සැබෑ අර්ථය පෙන්වා දී ඇත. අප අභියෝග කරන්නේ ඔහු "පොන්නයකු" නොවේ නම් නාමිකව පිලිතුරු දෙන ලෙසය..

    අජිත් පැරකුම්, ඔබ කලබල විය යුතු නැත. අපි සිංහල යැයි කියන්නට අපිට ලැජ්ජා හිතෙන්නේ මෙවැනි අමනයින් නිසාය.මෙවැනි සයිකොසිකයන් ගේ දෙශපාලනය ඉතිහාසය විසින් විසඳන අයුරු ඉදිරියේ දී බලාගත හැක.!
    Buddhi.

    ReplyDelete
  13. මෙවැනි ප්‍රතිචාර සඳහා නැවත ප්‍රතිචාර දැක්වීම සඳහා ඔබේ කාලය සහ ඉඩ වැය කිරීම අනවශ්‍ය බව මගේ අදහසයි. හාස්‍යයකින් යුතුව ඉවත දැමීම පමනක් සෑහේ. නමුත් මෙම ප්‍රතිචාර වලින් 'පොදු ජන මතය' හෙලිවන බව මගේ හැඟීමයි. එය අප ජීවත් වන සමාජයේ පොදු හරස්කඩකි. ඔවුන්ගේ සාමාන්‍ය දැනුම, භාශා දැනුම මීට වඩා වෙනස් විය හැකිද? මෙය සිංහල බෞද්ධ සුලුතරයක නොව බහුතරයේ ආස්ථානය බවට සැක නැත. ඔවුන් ඇතමෙක් සමහරවිට පරුශ වචන භාවිතා නොකරනු ඇත. නමුත් ආස්ථානය නම් මෙයමයි. විශ්ව විද්‍යාලයේ, සේවා ස්ථානයේ හෝ එදිනෙදා ජීවිතයේදී අප දන්නා අපගේ ඉතිහාසය ප්‍රශ්න කිරීමට සූදානම් කිසිවෙක් ඔබට මුන ගැසී ඇත්ද? අඩුම වශයෙන් ඉතිහාසයේ නොව ආගමික සාහිත්‍යයේ එන ප්‍රාතිහර්යයන් ගැනවත් ප්‍රශ්න අසන අය අප අතර සිටීද? එසේ නම් ඒ ඉතා කලාතුරකිනි.

    ඒ අය වෙනුවෙන් ලියන්න.

    - Dimithry

    ReplyDelete
  14. Writing this kind of comment show up your little knowledge about buddhism.The best thing you can do is not to treadpass unknown territories or shut up your mouth.

    ReplyDelete
  15. හැබෑවටම ඔය වගේ පිස්සු හුටන් ඉන්නෙ සින්හලයන් අතර විතරද? දමිළයින් හෝ අනික් ජාතීන් අතර එවැනි උන් නැද්ද? (මෙයින් සින්හල පිස්සන් සාධාරණීකරනය කිරීමක් නොකරමි )
    තවත් කාරනයක් වන්නේ W3හි දමන කොමෙන්ට් Admin විසින් approve කිරීමකට ලක් කරන්නේ මෙවැනි පිස්සන්ගේ කොමෙන්ට් ඉවත් කර හරවත් සන්වාදයක් සදහා ඉඩ සැලසීමට නොවේද? මට හිතෙන්නේ මෙම approval process එක Admin විසින් පාවිච්චි කරන්නේ පිස්සු ජාතිවාදීන් හෙලිදරවු (expose) කරන අතර පිස්සු සමාජවාදීන්ගේ කොමෙන්ට් වසන් කිරීමට (shield) බවයි.

    ReplyDelete
  16. @ Ano: November 24, 2010 11:08 PM

    How do you know its an unknown territory for me? And I just only mentioned about miracles in religious literature (applied buddhism). Is it not true? Best example is Doramadalawa on ITN. Popularity of the program among public tells us something.

    Your comment implies a sign of dogma.

    - Dimithry

    ReplyDelete
  17. radbud is spot on,

    you are just playing to their hands,

    no need for this, please,

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා