මෙච්චර කල් ඉන්දපු ගස් කෝ? | Where are the trees Sri Lanka planted so far?

(2010 නොවැම්බර් 12, W3Lanka) ජනාධිපතිවරයාගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් නොවැම්බර් 15 වැනි දින උදෑසන 10.07 ට නැගෙනහිර බලා සුබ මොහොතින් ආරම්භ කර විනාඩි 11ක් තුළ පැල එකොළොස් ලක්ෂයක් සිටුවීමේ වැඩසටහනක් සංවිධානය කර තිබේ.


ලංකාවේ කොයි කොයි දේත් මෙන් ම පැළ සිටුවීම ද සිදු වන්නේ ලක්ෂ ගණනිනි. මේ ආකාරයෙන් මහා පරිමාණයෙන් පැළ සිටුවීම ලේඛකයාට මතක අන්දමින් නම් ආරම්භ කළේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනයි. හේ සිය උපන් දිනය යෙදුණ සැප්තැම්බර් 17දා ජාතික රුක් රෝපණ දිනය ලෙස නම් කළේ ය.


දශක ගණනාව්ක් තිස්සේ මෙවැනි රුක් රෝපණ දින, පරිසර දින ආදියේදී කෙතරම් පැළ සංඛ්‍යාවත් සිටුව්න්නට ඇද්ද? ඒත් හැබෑට කෝ ඒ ඉන්දපු පැළ?


ජේ.ආර්ගේ කාලයේ අනුරාධපුරයේ දළයා වී සිටියේ මහින්දසෝම ය. ඒ කාලේ කියැවුණ විහිළු කතාවකට අනුව කියැවුණේ හැම ගහක ම 'අපි මහින්දසෝමට' කියා ද අලුත සිටුවන ලද පැළවල 'අපිත් කවදා හරි මහින්දසෝමට' කියා ලියා තිබුණු බවයි. 


පැළ ඉන්දන එක මහා දෙයක් නො වේ. ඒ බව විනාඩි එකොළහකින් පැළ ලක්ෂ එකොළහක් ඉන්දීමෙන් පෙනේ. අමාරු දෙය වන්නේ ඉන්දූ පැළ ගස් බවට පත් කර ගැනීමයි. ඉන් පසු ගස් රැක ගැනීමයි.


අඩු තරමේ මේ පැළ එකොළොස් ලක්ෂය වෙනුවෙන් හෝ මෙහෙම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නැයි අපි යෝජනා කරමු. එනම් මේ පැළ රැක බලා ගැනීමේ වගකිව යුත්තන් පත් කිරීමයි.


වසරකට පසුව, 2011 නොවැම්බර් 15දා මේ පැළවලින් කීයක් තවමත් යහතින් තිබේ ද යන්න ද අද මෙම පැළ ඉන්දීමට දෙන ප්‍රසිද්ධියෙන් ම කිව යුතු ය. අවුරුදු පතා මෙය කළ හැකි ය.


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. ඉන්දුවයින් පස්සෙ ගහ දෑනගන්න ඔනෑ හෑදෙන්න, හරියට හෑදුනෙ නෑත්තම් එක ගහෙ වෑරෑද්ද.....

    ReplyDelete
  2. දෑන් ඔය උත්සවෙට කීයක් වියදම් ලු ද??

    ReplyDelete
  3. මගේ දියණියට පාසලෙන් දන්වා ඇති ආකාරයට පැළ සිටුවීම සදහා ෝච්චියක් රැගෙන ආ යුතුය. ළමයින් 30ක්වත් සිටින පන්තියකින් පෝචිචි 15ක් වත් ගුරැතුමිය බලාපොරොත්තු වන බව කියා තිබේ. දියණිය කළ විමසීමකදී ගුරැතුමිය කියා ඇත්තේ රැපියල් සියයකවත් වටිනාකමක් සහිත පෝච්චියක් රැගෙන ඒම සුදුසු බවය.

    ReplyDelete
  4. ETHAKOTA MAL POCHCHIYA GANNA SALLI DENNE, MAHINDA MAMA DA?

    ReplyDelete
  5. සෑම ග්‍රාම නිලධාරි වසමකම ග්‍රාම නිලධාරි/සමෘද්ධි/ගොවි නියාමක පැල 25 බැගින් පැල 75 ක් සිටුවීමට චක්‍රලේඛ නිකුත් කොට ඇත.
    එහෙත් මෙය හොඳ වැඩකි. කුමන පදනමකින් හෝ පැලයක් සිටුවීම යහපත්ය. මෙම පැල වලින් සීයට පහක් වත් ආරක්ෂා වේ නම් ඇති නේද?

    ReplyDelete
  6. ගස් කිව්වට ගස් වල වර්ගයක්, උසක් පළලක් කියලා නැහැනේ. සතියක්ට කලින් තවාන් දාපු මිරිස් පැල, දවස් පහ හයකට විතර කලින් හිටවන්න තවාන් දාපු ගොයම් පැලත් ගන්න පුළුවන්. නැත්නම් වී ගෝනි 15ක් විතර කඩලා කුඹුරකට බැහැලා ඉහගන ඉහගන ගියත් රෙකෝඩ් එකක්. දවස් 3 හතරකින් පැල කීයක් කියලද...

    ReplyDelete
  7. Rajjuruwan rawatanna issarath me rate ministers la owa kola...desapalana henchaiyala thaman gatha thanthuru thiyaganna Rajuruwanta mewa pennanawa aluth ideas widihata...meka parana wedak...JR "koranawa" kiaya kiaya kochara wath mewa kora...aluth ekak nemaiy...Wap Manguala...Pela Sitweema Dudly Senanayake ge kaleth kala...JR ge kale api nida gathe negitte Maha Weli Maha Weli Geeya kiya kiya...Indiawatath widuliya denna eda katha kore...Anthimedi UNP eka NUP (Now Useless Party) wena kalama danne ne...Deviyo anna denawa hondata gas hitawanna wessa...Devo Wassathu Padavi Prapthi Kalena Thama...Flood victims lata kanna tikak Dunna nam narakada? Api GEE KIYAMU...NATAMU...Pela Sitawamuuuuu

    ReplyDelete
  8. ඔය එක්කම එල්ලුම් ගහත් ඉන්ඳන්න,ඒක අනාගතයේ මේ ආණ්ඩුවේ ඉන්න පල් හොරුන් වෙනුවෙන්ම උවමනා දෙයක් වෙයි.

    ReplyDelete
  9. @Anonymous
    එල්ලුම් ගහ නම් හිටවලා තියෙන්නෙ. තවම චූටි පැලේ. පොන්සේකා මහත්තයා එලියට එනකොට හරි එලියට ගන්නකොට මේ රට කොරන හොර හැත්ත එල්ලන් පුළුවන් වෙන්න ලොකුවෙලා තියෙයි

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා